Saturday, August 23, 2014

මට මගේ නොවන මගේ ම උපන් දිනයක් තිබුණා...

නිල ආරාධනා පත්‍රය
විවේකී සති අන්තයේ ඇවරි පසුගිය සති අන්තය ගැන කල්පනා කරමන් සලාදයක් ලියන්න හිතුවා. අර චිලී බුකියේ දාලා තිබුණු කොමෙන්ටුව වගේ මටත් මගේ නොවන මගේ ම උපන්දින සාදයක් තිබුණ බව කියන්න ඕන. ඊට කලින් ඇවරිට ස්වයං චරිතාපදානයක් කරන්න හිතුනා මේ උපන්දින සැමරුම් පිළිබඳව.

උත්පාද, තිථි භංග වශයෙන් වෙනස් වෙමින් පවතින ලෝකයේ වයසට යාම කියන්නේ සමරන්න වටින කරණාවක් නෙමෙයි කියලයි ඇවරිට පුංචි කාලෙ කියලා දීලා තිබුණෙ. නමුත් ඇවරි පුංචි කාලෙ දි උපන්දින සඳහා යම් යම් සැමරුම්, ඒ කිව්වේ නූඩ්ල්ස් පාර්ටි වගේ පැවැත්විලා තියෙනවා. වගේ ම ඇවරි 2007 ඉඳලා සෑම උපන්දිනයකට ම නිල කේක‍් එකක් කපන්න කටයුතු කරලා තියෙනවා. ගියපාර ඇවරිගේ උපන්දින උත්සව දෙකක් පැවැත්වුන නිසා කේක් දෙකක් කපන්නත් සිද්ධ වුනා. තාමත් පුංචි සන්දියේ වගේ ම  ඇවරිගේ කෝඩ්එක හැටියට උපන්දිනය කියන්නේ ඇවරි වෙනුවෙන් ඇවරිගේ යාළුවො සතුටු වෙන අවස්ථාවක්. සාමාන්‍යෙයන් මගේ වටේ ඉන්න මිනිස්සුන්ගෙ සතුට මගේ සතුට. ඇවරි සතුටු වෙන්නේ ඇවරිගේ වටේ ඉන්න අයට මතක හිටින මතකයක් දීමෙන්. මං තාම දන්නෑ අනුන්ගේ හිනාවන් වෙනුවෙන් වැඩ කරන එක මට කොහෙන් ආව එකක් ද කියලා. හැබැයි මට ඉවෙන්ට් එකක් ඔළුවට ආවොත් මොන මඟුල තිබුණත් ඒක කරන්න ම ඕන. අපි කරපු පිළිකුත්තුව අභියෝගය එහෙම එකක්. මගේ දැක්ම තමයි අපිට සම්පත් ඕනවටත් වැඩියෙ තියෙනව නම් අපි ඒව හරියට යොදාගෙන මිනිස්සුන්ව සතුටක් දෙන්න බැරි නම් අපෙන් වැඩක් නෑ කියන එක. ඕවර් කොන්ෆිඩන්ස් නෙමෙයි යාළු, මගේ ගණනය කිරීම් වරදින්නේ හරිම අඩුවෙන්. දැනට ම සෑහෙන්න ඉවෙන්ට්ස් ගොඩදාලා තියෙනවා. තවම කරගන්න බැරි වුන එක ඉවෙන්ට් එකක් තියෙනවා. නමුත් ඒ සප්‍රයිස් එක දෙන්න තරම් වටින කෙනෙක් හම්බුනේ නෑ. අනිවා දැනට මා ළඟ ඒ සන්දර්ශන පිටපත මුළ සිට අගට තියෙනවා. ඒක අන්තර් ජාතික නාටකයක්. ඉතිං ටිකක් කල් ඕනැවෙයි.. ලොල්! මං ඉවෙන්ට්ස් බදා ගන්නේ නෑ. ඒ ඒ අයට පුළුවන් දේ බෙදා දෙනව මිසක්, අන්තිමේ දි වැඩ සියල්ල ලස්සනට වෙලා. හැපී එන්ඩින්ග්ස් දෝරෙ ගලනවා. කවුරු හරි එදා මාර දවසක් කිව්වනම් මට ඒ ඉහටත් උඩින්.
මිස් ජිම් යන ගමන් පොලේ ආව ද?

පුංචි පුංචි වතුර බින්දු එකතු වෙලා මහ ගඟක් හැදෙනවා වගේ ජීවිතේ වටින්නේ පුංචි පුංචි දේවල් කියලා ඇවරිට ඉගැන්නුවේ අප්පච්චි. නමුත් මේ පාර පුංචි වෙනසක් කරන්න ඇවරිට ලොකු වුවමනාවක් තිබුණත් ප්ලෑන වෙනස් කළේ දින සම්බන්ධ ගැටලුවක් වුන නිසා. කඩුවෙල විහාරමහා දේවී ළමා නිවාසයට දානයක් දෙන්න ඇවරිට විශාල ඕනැකමක් තිබුණා. කොලු කාලෙ මුතුහරේ අක්කලා අයියලා එක්ක බස් එකේ නැඟලා ළමා නිවාසෙට ගිහින් ඒ පුංචි උන් එක්ක සෙල්ලම් කරලා. අක්කලා ළමයි වඩාගෙන හුරතල් කරලා, උන්ට බයියං කවලා, ඒ අය එක්ක බත් කාල, අර ඒ අය අපිට පින් දෙමින් කියවන ප්‍රකාශය කියවලා පිස්සුවක් නටපු කාලයක් ඇවරිට තිබුණා. මගේ යාළුවන් හා පවුලේ උදවිය සමඟ එහෙම පික්සු වැඩක් කරන්න මට ඕනකම තිබුණත් දින ප්‍රශ්නයක් නිසා වැඩේ මඟ හැරුනා. ඒක මිනිස්සුන්ට දැනෙන හැපනින් එකක්. ෆීල් වෙන දෙයක්. අති සාර්ථක දැවැන්ත ඉවෙන්ට් එකක්. ලබන අවුරුද්දේ කරන්න මං උත්සාහ කරනවා. ඉවෙන්ට්ස් ගැන කිව්වම මේ අවුරුද්ද අන්තිමේ තවත් පට්ට සතුටක් වපුරන්න මං හිතන් ඉන්නවා. ඒ මගේ දරු පැටවු වෙනුවෙන්. මං කලින් කිව්ව වගේ මේ හැම දෙයක් ම අපිට සත පහක් වැය වෙන්නැතිව සම්පූර්ණ සබඳතා පදනම මත කරන්න පුළුවන් දේවල්. තනි පුද්ගලයෙක් වශයෙන් නාම ගොත්තං නජීරතී නිසා මේ සී. එස්. ආර් ඉවෙන්ට්ස් එක එක කරන්න මං සැලසුම් සකස් කරලා අහවරයි. ඒ සියල්ල මගේ පර් කැපිටා හැපිනස් එක වැඩි කරගන්න කරන පිස්සු වැඩ ආයිබෝං....



මෙදා ඇවරිගේ උපන්දින සැමරුම් නිල උත්සවයත් එහෙම එකක්. හරිම හදිසියේ කෙරුණු දඩි බිඩි කැම්පේන් එකක්. වෙනසක් කරන්න හිතපු ඇවරි උත්සවේ කටු සටහන් ඇන්දේ ගංගාගේ උපන්දින සාදය අහවර වෙලා ගෙදර ආව වෙලාවෙ ඉඳන්. ඇවරි මුලින් ම කළේ ඉවෙන්ට් එක ස්කෙච් කිරීම. මගේ අඩුපාඩු ඇගේ සංස්කරණය යටතේ කැපිලා කෙටිලා, පැහැදිලි චිත්‍රයක් එළියට ආව. මේ චිත්‍රය පෝස්ටර් එකක් නැතිනම් ආරාධනා පත්‍රයක් කරන්න කිව්ව ම ඈ මගෙන් ඇහුවෙ තීම් එක මොකක්ද කියලා??? කස්ටිය දන්නවනේ ඇවරි ඔය ඇඩ්වෙන්චර්ස් වලට පළදින කව්බෝයි හැට් එක. පහුගිය දා නෙප්ලන්ඩ්ස් අස්පස් කරද්දි ඇයට මේ තොප්පියත් හම්බෙලා තිබුණා. අපි කවුබෝයි තීම් එකක් ගත්තොත් කෝම ද? කවුබෝයි? ඈගේ යෝජනාවට මගේ අනුමැතිය ලැබුණ නිසා වැඩේ කවුබෝයි වුනා.


චන්දරේ පැලූ දර කෑල්ලක් අතැතිව 
ඔය අතරෙ මගේ නොවන උපන්දිනයක් වුනේ සතියකට කලින්උපන්දිනය සමරන්න වූ නිසා. ඊටත් ලස්සන කතාවක් තියෙනවා. මෙදා ඇවරිගේ නිල ආරාධිතයින් වුනේ හෙට අනිද්දා මංගල කිංකිණි හැඩවෙන අපේ තොටයා සහ මාෂි යුවල. ඒ දෙන්න ඉවෙන්ට් එකට ගෙන්න ගන්න මං සෑහෙන්න කට්ටක් කාපු බවත් කියන්න ඕන. අන්තිමේ දී කේක් නොකපන බවට තර්ජනය කළ නිසා පැයකට අපි වෙනුවෙන් එන්න මාෂි කැමැත්ත ප්‍රකාශ කිරීම ඇවරිගේ නොමද සතුටට හේතුවුන බව කියන්න ඕන. මං සතියක් කලින් උපන්දිනේ සැමරුවේ මේ යුවල නිසා ම බව සිහිපත් කරන්න ඕන. එදා කපල් එක නැති වුනා නම් ඉවෙන්ට් එකේ කික් එක සියට පණහකින් අඩුවෙන බව මේක කියවන මගේ බැචාලා ඔක්කොම කියාවි.

ඇවරිගේ ජල්තර් ප්ලෑනක පොඩි ෂෙඩියුල් චේන්ජ් එකක් මිස් වුන නිසා එදා ඉරිදා දවසේ මං ළමයින්ට ක්ලාස් එකකුත් දාලා තිබුණා. ඒකත් කැන්සල් කරන්න බැරිකමට ඇවරි පාන්දර නැඟිට්ටා. නැගිටලා උන්ට ටියුට් එකත් ලියලා, පන්සල් ගිහින් ක්ලාස් එකත් කොරා. ඔය අතරේ තමා චන්දරේ අටහමාරට විතර මහ පාන්දර මට කතා කළේ. දැන් මචං අපි දෙන්න එන ගමන්. උඹ බඩු අරං ලෑස්තිවෙලා හිටපන්. මං හා කියලා පැයකුත් ගියා. මුන් දෙන්න ඒත් නෑ. අන්තිමේ දී දෙන්නට කිරිබත්ගොඩ බුදුපිළිම හන්දිය පැටලිලා පැය දෙකක් පරක්කු වෙලා හේම ආව. අපිට තිබුණ ලොකුම වැඩේ දවල්ට උයන්න මඤ්ඤොක්කා ගන්න එක.
ඒකට කියන්නේ චන්දරේගේ පොලේ යාමේ අංකය කියලයි. ඔන්න කිරිබත්ගොඩ බස්ටෑන්ඩ් එක පාස් කරලා අපි වෙළඳ සංකීර්ණය කෙළවරෙන් කාර් එක නවත්තලා බැහැගෙන වටේ කඩ පේලියේ මඤ්ඤොක්කා හෙව්වා. ඒත් හම්බුනේ නෑ. එහෙනම් මගින් තමා ගන්න වෙන්නේ. චන්දරේ ළඟ මනුස්සයෙක්ගෙන් ඇහුව ම පොලේ ඇති මල්ලි බලන්න කිව්වා. ඇයි අයියේ මේකනේ පොල???? නෑනේ මල්ලි පොල තියෙන්නේ බස්ස්ටෑන්ඩ් එක පැත්තේනේ කියලා මෑන්ස් නක්කල් හිනාවක් දැම්මා. ගංගා කවදාවත් අරවින්දව කිරිබත්ගොඩ පොලට යවලා නැති නිසා අපි පැය බාගෙක විතර සාටරයක් කෑවා. එදා ගංගා තොමෝගේ ඇඳුම ගැනත් අපි සටහනක් තියන්න ඕන. කඳු ගඟින බව කිව්ව ම ඩෙක් ෂූස් දාලා හේම තමා මැඩම් ඇවිත් තිබුණෙ. ඒකත් එක්ක පොලට ගියා ම වෙළෙන්දො ඇහුවෙ මැඩම් ජිම් යන ගමන් පොලේ ආවද කියලයි. තව පොඩ්ඩෙන් අපි මඤ්ඤොක්කා අක්කාට ඇන්ටි කියලා තරාදියෙන් කනවා. වෙලාවට ඈට ඒක ඇහුනෙ නෑ. ඔය අතරේ ගයියා එක ඇමතුමෙන් මුට්ටි ප්‍රශ්නය විසඳීම මගේ අස්වැසිල්ලට හේතුවුන බව කියන්න ඕන. නැත්නම් මොකේද දානේ උයන්නේ??? හා මොකේද දානේ උයන්නේ ඔව්??


අපි කළමනා අරං චිලියගේ නිවසට යද්දි චිලියල පිටත් වෙලා. ආයෙත් ජය මාවතේ අතුරු පාරෙන් නුවර පාරට එන්න එද්දි තමයි, ගංගා සෝමාදේවී දිසානායක අංකය වේදිකාගත කෙරෙන්නේ. එතන සෑහෙන්න බෑවුමක් තියෙනවනේ. කොච්චර බෑවුමක් ද කියනවා නම් කාර් එක පල්ලම බහිද්දි පාර පේන්නෑ. චන්දරේ මචං පාර පේන්නෑ වදී ද දන්නෙත් නෑ කියන සුනංගුවෙන් ගංගා ඇහුවෙ එහෙනම් මං බහින්න ද කියලයි??? අපි දෙන්නට ම බකස් ගාලා හිනා ගියා. ගංගා හිතුවේ මේක සෝමාදේවිය වගේ වාහනෙන් බැහැලා සපෝර්ට් එකක් දෙන්න ඕන වෙලාවක් කියලයි. කෝම ද ටිකිරි මොළේ. ගංගා සෝමාදේවිය සමතික්ක්‍රමණය කළේ ඔය විදියට.

කාල වෙලාව ඉක්ම ගිය නිසා අපි චන්දරේ විලාස්වලට චෙකින් වෙලා බඩු ටික දාලා මස්ටික ඇන්ටිට දීලා ගයියලහට ගියා. ඒත් අපිට කලින් ආපු චිලියලා අලුත් කාරෙකෙන් ඇවිත් තිබුනෙ නෑ. කස්ටිය නොදන්නවා වුනාට මේ වැඩේට සෑහෙන්න උනන්දුවෙන් සෙට් වුනේ අපේ අයෙෂ් මැතිනිය. උදේ අටහමාර වෙද්දි ඈ නිවසින් පිටත් වෙලා තිබුණා. අයෙෂ්ට වෙලාව පැන්න ම කාලි ආරෑඪය ෂුවර් එකට ම වෙන බව දන්න නිසා අයෙෂ්ව පික් කිරීමේ වගකීම මං කලින් ම ගයියාට පවරලා තිබුණා. අපරාදේ කියන්න බෑ ගයියා අයේෂව වෙලාවට මිරිස්වත්තෙන් නොගන්න අයෙෂ් මාව බිස්ටේක් දාන්න හොඳට ම ඉඩකඩ තිබුණා. හැබැයි දඬුවම අඩු වුනේ නෑ. මට ගයියලාගේ සෙටියේ කුෂන් පාරවල් හතඅටක් පෙළට වැදුනේ සලංහන්තේ වෙලා යන්න.

ගයියා දර පලන්න උගන්වමින්... ගංගා - “අන්න බලාගන්න අරවින්ද මෙහෙමයි දර පලන්නේ...‘
ඊළඟට ආගිය කතා අහවර කරලා අපි තරුවක් සමඟ වරුවක් වැඩසටහන කළා. තරුයුවල හැටියට චන්දරේ සහ ගංගා යුවල වැඩසටහනට එක්වෙද්දි නිවේදක ඇවරී සහ කැමරාවෙන් අයෙෂ් වැඩේට උපකාර කළා. චන්දරේ සහ ගංගා සැබෑ ජීවිතේ දී කරන වැඩ ගැන තමා ප්‍රෝගෑම් එක ගියේ. වැඩේ දර පැළීම. අපේ උදව්වට ගයියා වැඩේට අවශ්‍ය දේවල් හදලා දුන්නා. අරවින්ද දර පලද්දි මහන්සිවෙන හැටි. කරගැට දැකලා ගංගා දුක්වෙන හැටි ආදී වශයෙන් එක එක විකාර මිනි ඉවෙන්ට් පෝලිමක් එක්ක තරුවක් සමඟ වරුවක් රසවත්ව ගෙවුනා. ඇවරිත් ජොලියට දර පළන්න ගිහින් දිරපු කොටයක් නම් පළා ගත්තා. අන්තිමේදී අපිට මඤ්ඤොක්කා තම්බන්න සෑහෙන්න තරමේ දර එකතුවෙලා තිබුණා.


3 comments:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....