Sunday, August 3, 2014

කස්ටමර් බලන්නේ ඔහොම ද?

මල් නවකතා එකතුව....
පහුගිය සිකුරාදා කියන්නේ ඇවරිට පට්ට සාටර් දවසක් වුනා. උදේ පාන්දර පුංචි රාජකාරියක් කරගන්න කොළඹට ආපු ඇවරිට කොටුවේ පැය තුනක වේටින් එකක් තිබුණා. මේ පැය තුන ගෙවා ගන්න හැටියක් කම්පනා කළ ඇවරි කාලෙකින් පොතක් කාරිය කියවන්න බැලුවේ නැති නිසා කොටුවේ ගුණසේන සමාගම පැත්තට දූරින්භූත වුනා. ගුණසේන බ්‍රදර්ස් පොත් වලට වගේ ම ලිපිද්‍රව්‍ය සඳහාත් හරි ප්‍රසිද්ධයි. සාමාන්‍යයන් ඇවරි අවුරුද්දකට හරියන්න සටහන් පොත්, ඒ4 කොළ, සී.ආර් එකපාර ගන්නවා. හැබැයි පුරුද්දක් වශයෙන් ඇවරි පොත් සල්ලිවලට ගන්නේ හරිම අඩුවෙන්. ඒකට හේතුව අම්මයි අප්පයි තමා.  බැරිවෙලා හරි පොතක් ගත්තොත් ඒ තෑගි දෙන්න ම තමා. පොත් ගැන කියද්දි අහලා ඇතිනේ පොතයි බිරිඳයි අන්සතු කළොත් නොලැබෙනවාය කියලා කතාවක් තියෙන විත්තිය.



ඒ වගේ ම තමා ඇවරි න්‍යායට අනුව පොතක් මිලට අරං කියවන්න ගියොත් කවදාවත් කියවෙන් නෑ. බොහෝ වෙලාවට නවකතා පොතක වගේ වටිනාකම තියෙන්න කියවන්න ගන්නකම් පමණයි. මගේ එහෙම අරං නොකියවපු පොත් තොග පිටින් ගිය වසර වෙනකම් තිබුණා. ඒවා ගෙනාපු කවර වල සුරක්ෂිත වූ නිසා දූවිලි වැදිලා තිබුණේ නෑ. වහා ම රැපින් පේපර් ගෙනාපු ඇවරි ඔක්කොම පාර්සල් කරලා දුවා දරුවන් අතරේ බෙදා දුන්නා. ඒ අතර හොඳ රුසියන් නවකතා පොත් තිබුණත් මට ඒවා නැවත කියවන්න මූඩ් එකක් තිබුණේ නෑ. අනේ ඒවා ගත්තු දරුවෝ නම් මට ඒවායේ කතාන්දර කියලා දුන්නා. තවත් මං ලෝබකමට තියන් හිටියා නම් අපරාදේ. ඉතිං දැන්නම් මං පොතක් ගත් වහාම කියවලා රැපින් පේපර් වලින් ඔතලා අත්සන් කරලා පිළිවෙලට තියෙනවා. ඕන වුන ගමන් ගත්තා තෑගි දුන්නා. හරි පහසුයි.



ගුණසේන සමාගම ලංකාවේ බොදුණු පොත් වලින් ප්‍රධාන කිහිපයක ම ඒකාධිකාරයක් දරනවා. ඒ පිරුවානා පොත් වහන්සේ හෙවත් මහ පිරිත් පොත, සිතුවම් සහිත ජාතක කතාපොත ආදී ප්‍රධාන බෞද්ධ කෘතීන් වලින්. නමුත් ලංකාවේ වැඩිම බෞද්ධ පොත් ප්‍රමාණයක් ප්‍රකාශනය කර ඇත්තේ සමයවර්ධන සමාගම. මීළඟට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. දයාවංශ ජයකොඩි සමාගමත් යම් මට්ටමක තියෙනවා. ඇවරි උසස් පෙළ අවසන් කළ වහාම මාස හතක කාලයක් මරදාන සමයවර්ධන පොත් සාප්පුවේ පරිගණක අංශයේ වැඩ කළ නිසා මේ දේවල් ගැන දැනකියාගන්න ලැබුණා. ඒ මගේ පළමු රස්සාව. ඒ ජීවිතය හරි නිස්කලංකයි. උදේ හත වෙද්දි මං ගේට්ටුව ළඟ අපේ ගබඩා භාරකරුත් උදේම එනවා. ඉතිං පත්තරේ විස්තරේ එහෙම අහලා තමා වැඩ පටන් ගන්නේ. මට තිබුණේ අලුතින් විකුණන්න එන පොත් බාර්කෝඩ් දීලා සිස්ටම් එකට දාන්න. සිස්ටම් එක කරලා තිබුණේ සරස ආයතනය. මට සීනියර් අයියා කෙනෙක් හිටියා. ඩෙක් එක පිරෙන්න පොත් තිබුණත් අපි දෙන්නා පැය කිහිපයක් තුළ ඒ ටික ෂෙල්වින් වලට යැව්වා. සීසන් එකට නම් හොදි ඕනනෑ. කඳු පිටින් ගෙනත් බාන්නේ. පැය කිහිපයෙන් ට්‍රොලි එනවා. නමුත් වැඩ අඩු කාලෙට ඉතිං රජ මඟුල් තමා. අයියා නම් කියවන්නේ නෑ. නමුත් ඇවරිට නම් කියවන්නැතිව බෑ. මං ආස කරපු සියලු ම පොත් ඒ මාස කිහිපය තුළ මං කියෙව්වා. හැබැයි සමයවර්ධන පාලනාධිකාරිය එයාලගේ සේවකයෝ වැඩ අතරේ පොත් කියවනවාට කැමැත්තක් තිබුණේ නෑ. ආයතනයේ වසය අඩුම සේවකයා වුනු, විශ්ව විද්‍යාල සුදුසුකම් ලද මට ඒ තහංචිය තිබුණේ නෑ.



ඇත්තට ම එහි පොත් විකුණන්න හිටි පිරිසට අවම අධ්‍යාපන සුදුසුකම් තමා තිබුණේ. මං පොර කියලා කියනවා නෙමෙයි. ඒ අයට අහන පොත දෙන්න මිසක් පාරිභොගිකයා එක්ක පොත් තෝරන්න සෙන්ස් එකක් තිබුණේ ම නෑ. ඒ කාලෙ වීරමන් මහත්මා බැලුවේ සමයවර්ධන ප්‍රින්ටර්ස් එක. එතුමාගේ දුව මිස් දිනුෂි තමා බුක්ෂොප් එක ගෙනිච්චේ. සේවකයන් අඩු වෙද්දි අපේ කියුබිකල් එකෙන් එළියට ඇවිත් දෙවන මහලේ පාරිභෝගිකයාට සේවා සපයන්න අපි දෙන්නාට නියම වෙනවා. ඒක මහ හැලි වැඩක්. අපි හැම රාක්කයක ම තියෙන පොත් ගැන දැනගන්න ඕනෑ. නොකියවුවත් අඩුම තරමේ පටුන කියවන්න ඕනෑ. කතුවරයා ගැන ඇහුවොත් එයාගේ සම්මාන ලද පොත්, නව ප්‍රවේශ ගැන දැනගන්න ඕනෑ. ජල්බරි ගොඩයි. හැබැයි මං සති කිහිපයක් ලැඩර් තිය තිය රාක්ක වල නැඟලා පොත් කියව කියව ඒ තට්ටුවේ පොත් ගැන ඉගෙන ගත්තා. මං ස්පෙසිමන් ගද්දි පොත් විස්සක් විතර එකපාර ගන්නවා. අරං සටහන් දාගන්නවා.



දවසක් වීරමන් ලොක්කා එද්දි මං පොත් අට්ටියක් පෙරළගෙන සටහන් දානවා. ලොක්කා මගේ ළඟට ම ඇවිත් මොනාද ලියන්නේ ඇහුවා. සාමාන්‍යෙයන් ආධුනිකයන් තොග සටහන් නොගන්නා නිසා ඔහු මා ගැන සැලකිලිමත් වුනා. මං හිනාවෙලා සටහන් කිව්වම මෑන්ස් අඤ්ඤකොරොස් වුනා. පස්සේ මිස් දිනුෂිට එන්න කියලා මං ගැන රිපෝර්ට් කළා. ඇයත් මට පුංචි සත්තමක් දාලා ලොක්කා ගියාට පස්සේ මාව ගෙන්නලා කතා කරා. මට මෙතනට කැමරා වලින් පේනවා ඔයා පොත් කියවනවා. කැම්පස් යන්න ඉන්න ළමයෙක් නිසා මං මුකුක් කිව්වේ නෑ. ඒත් තාත්තා එද්දි නම් කියවන්න එපා. එයාට තරහා යනවා. ඉතිං මිස් අපි විකුණන පොත් ගැන අපි දැනගන්න ඕන නැද්ද?? එතකොට නේ අපිට හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් වෙන්නෙ. මං තවත් මුකුත් නොකියා එළියට ආවා. දෙවන තට්ටුවේ තිබුණ ඔක්කොම විෂයගත පොත් වැඩිහරියක් ඉංග්‍රීසි. මං බැරි බැරිගාතේ ඒවත් බැලුවා.
අන්තිමට මං හොයාගත්තා අපි ගෙන්වලා තියෙන විෂයගත ඉංග්‍රීසි පොත් වලින් විකිණිලා තියෙන්නේ 20% වගේ ප්‍රමාණයක් බව. මට ඉන්වෙන්ට්‍රිය බලලා කියන්න පුළුවන්කම තිබුණා. අපේ බුවාලා බඩු තියාගෙන නෑ කියලා. අන්න එදා ඒ අය තේරුම් ගත්තා පොත් විකුණන මිනිස්සු පොත් කියවන්න ඕන කියලා. විශේෂයෙන් ම නවකතා අංශයේ අය. අලුත් රචකයෙක් ගැන ඇහුව ම, ඇත්තට එයා මොනවාද ලියපු පොත් කියලා ඇහුවොත් කස්ටාට මල පනින එක අහන්න දෙයක් නෑනේ??



 කස්ටමර් එද්දි සබ්ජෙක්ට් එක ඇහුවම දෙන්න ඕන පොත මං දන්නවා. ඊට වැඩි විස්තර ඕන නම් මේ පොතත්, ඒත් මදිනම් ඒ සම්බන්ධයෙන් අහවලාගේ පශ්චාත් උපාධි නිබන්ධනය ඇසුරෙන් කළ  පොතත් අවසානයේ මේ සියල්ලෙහි මිල පරාසයත් දක්වනවා. සාමාන්‍යයන් ඇවරිගේ අත්දැකීම අනුව නියම විකල්පය තෝරා ගැනීම සිදු වන්නේ අවසාන පාරිභෝගිකයාගේ වයස අනුව. අනේ නෑ පුතා මේ අපේ දුවට සාමාන්‍ය කියවීමට. හා එහෙනම් මේක ඇති. ඒ නිසා මුලින් ම එන්ඩ් කස්ටමර්ගේ වයස අහන එක මං පුරුද්දක් කර ගත්තා. හරියට ඇඳුම් තෝරද්දි ඉණ කීයද අහනවා වගේ. සමහර කාන්තා පාර්ශවය ඒ ගැන කම්පේල්න් කළත් පස්සේ ඔවුන්ට විශාල වෙලාවක් මං ඉතිරි කර දෙන නිසාත් මගේ තෝරාගැනීම් වලින් ඇගේ දුව පුතාගේ පන්තියේ වැඩේ කෙරුණු නිසාත් ඔවුන් නැවත නැවතත් මා සොයා ආව අවස්ථා තිබුණා.
මං අන්තිම කාලේ එන්කෝඩින් නවත්තලා කස්ටමර් බැලුවා. සමහරු මා ළඟට ඇවිත් අහන්නේ පුතා මට හරියන නිව් අරයිවල්ස් මොනා ද කියලයි. ගාන කීය වුනත් උඩින් පල්ලෙන් කියවලා ඒ අය පොත් ගෙනිච්චා. එදා පොත කොහොම ද කියලා මං ඊළඟට ආවම අහනවා. අලුත් පොතක් ආවම ඊට යන කස්ටලා සෙට් එක අනුව රිසව්ඩ් කොපීස් තියන් ඉඳලා ලෝයල්ටි රිවෝර්ඩ් එකක් හැටියට දුන්න වෙලාවලුත් තිබුණා. සමහර වෙලාවට ලෝන්ච් එකෙන් පස්සේ කතුවරයෝ බුක්ෂොප් වලට එනව. බෙස්ට් සෙලින් ඕතර් කෙනෙක් ආවොත් මට කල්ල මරේ. මං ඒ වෙලේට කොපීස් විස්සක විතර ඩේට් දාලා සයින් කරගන්නවා. පස්සේ අපේ නියම කස්ටා ආවාම, ඔයා මේක කියවන්න ම ඕන මිස් මේක සෑහෙන්න ඩිමාන්ඩ්. මේ ඒ ඕතර්ගේ ලේටස්ට් රිලීස් එක. ලෝන්ච් එක තිබුණෙ පෙරේදා. මෙන්න මේ මිස්ගේ රිසර්ව්ඩ් කොපි එක ඕතර්ගේ ඔටෝග්‍රාෆ් එකත් එක්ක ම, කිව්වම ගෑනු පොත් බදාගන්නේ අපිට පින් දීලා. හරියට මාව බදා ගන්න බෑ වගේ. ඉතිං ඒකට දැනගන්න ඕන ඒ අයගේ කැමැත්ත විතරයි. හාර්ඩ් සෙලින් ඕන නෑ. හිතන්න ඔයා කියවන්න කැමතිම පොත අදාළ ලේඛකයාගේ අත්සන සමඟින් ඔයාට මිලට ගන්න අවස්ථාවක් ලැබුණොත්??



මේක තව හොඳයි.....


පොත් කියවීම හැබිට් එකක් වුන කස්ටිය ජරාවල් ඇඟේ ගහනවට කොහෙත් ම කැමති නෑ. අර මාර්ටින් වික්‍රමසිංහ කියනවනේ පොතක් කිවවීම කැමති රටකට චාරිකාවේ යනවා වගේ වැඩක් කියලා. ඉතිං පොත් විකුණන අය පාඨකයො කැමති රටකට උන්ව යනවා මිසක් ඉතියෝපියාවට යවලා හරියන්නෑනේ. අද මට කියන්න ඕන වුන කතාව ලියවුනේ නෑ. අතීත සැමරුමක් ලිව්වා මිසක් ඔබ විජේසූරිය හෝ විදර්ශන හැරුණු කොට ලංකාවේ වෙනත් පොත් සාප්පුවකට ගොඩවෙලා පැය දෙකක් ගත කරලා නැතිවාට කිසිම සැකයක් නෑ. හොඳට කල්පනා කරන්න. හේතුව ඒවායේ පොත් විකුණන අයගේ හැසිරීම නෙමේ ද?

2 comments:

  1. නලින්ගේ බ්ලොග් එක හැමදාම කියෙව්වාට කොමන්ට් කරන්නේ නම් නැති තරම්. ඒත් මේකට මොකුත් නොකියා බෑ.

    මම ලංකාවේ පොත් කඩවලට ගිහින් තියෙන්නේ බොහොම සීමිත වාර ගණනක්. එයිනුත් සමයවර්ධන විශේශයි. මට මතකයි මම ගියේ 2012 ජනවාරි හත වගේ පෝයක් තිබුන දවසක පොත් කඩේ වහන්න ඔන්න මෙන්න තියෙද්දි. එදා ඒ පොත් කඩේ විතරමයි ඇරලා තිබ්බේ මරදානේ.
    මම ගිහින් ඇහුවේ ලංකාවේ ප්‍රසිද්ද ලේඛකයන්ගේ පොත්. එකම වෙළෙඳ සහායිකාවකටවත් ඒ මම කියපු ලියන්නෝ ගැන අවබෝධයක්වත් මට පොත් හොයලා දෙන්නවත් උවමනාවක් තිබුනේ නෑ. එවෙලේ මම හිටියේ මගෙ යාළුවෙක් එක්ක හින්ද අපි දෙන්න අපිට ඕනේ පොත් හොයාගත්තා තනියම. මම ඒ අයට ඇහෙන්නම කීවා එවෙලේ මට දැනුන දේත්. ඒ ගැහැණු ළමයි භූතයෝ වගේ අපිව නොඇහුසුනු ගාණට ගිටියේ. අන්තිමට දොලොස්දාස් ගාණක් පොත් අරගෙනත් ඩිස්කවුන්ට් එකක්වත් දෙන්න කාරුණික වුනේ නෑ. ඒ මදිවට දූවිලි අස්සේ රිංගල මට කැස්සත් ආවා,
    මේ වගේ අවස්ථා හින්දා ලංකාවේ පාඨකයෝ බිහි වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මං මේ කමෙන්ටුව දැක්කෙ පහුවෙලා... කාරණේ ඇත්ත සමයවර්ධන සේවා ගුණාත්මකභාවය අඩුවෙන්න බලපාන සේවා හැසිරීම පරිපාලන දුර්වලතාවයක්. ඒ ගැන ඉදිරියේදි මං ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාවෙ ලොකුම බෞද්ධ පොත් ස්ටොක් එක තියෙන්නේ සමයවර්ධන ලඟ. තණ්හාවට ගොඩගහලා අන්තිමේදි වැඩිම පෙ‍ාත් ප්‍රමාණයක් විනාශ කරන්නෙත් සමයවර්ධන.... ස්තුතියි බ්ලොගය ආවාට...

      Delete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....