මේ කතාව කෙටුම්පත් කිරීමට මා සැලසුම් කළේ අදින් වසර
ගණනාවකට ඉහත දී වුව ද ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මත එය බොහෝ ප්‍රමාද වූ බව කිව
යුතුය. මා වෙනුවෙන් මෙය ලියන්නට ඇය ඉදිපත් නොවනන්නට මේ කතාව බොහෝ දුරට කාලයේ වැලි
තලාවෙන් වැසී ගොස් සියලු පාත්‍රයන්ගේ මතක සටහන් අතීතයට එක්ව ඒවා ඔවුන්ගේ සිත්
වලින් ද මැකී යනු නොඅනුමානය. ඉඳින් ඒ සියල්ල ලියන්නට මා තුළ දැල්වුණු අපේක්ෂාව
නැවතත් ඉස්මතු වූයේ මිහිදන්ව ගිය ප්‍රාර්ථනා රැසකට පිහාටු ලබා දෙමිනි.
උදෑසන හොඳින් පෑයු ඉරඑළියට පිටුපා ආලින්දයේ දැවමුවා
පුටුවක සුවපහසුවට ඈඳිගත් මට ඇය විසින් පිළිගන්වන ලද කෝපි කෝප්පය කතාව කියන්නට පෙර
නොවූ විරූ ශක්තියක් දෙන ලද්දේ විය. දැන් මා ඉදිරියේ සිටින්නේ මා මේ ලොව වැඩියෙන් ම
විශ්වාසය තබා ඇති කාන්තාවයි. ඉතිං... යනුවෙන් සැහැල්ලු සිනාවක් මුව තවර ගත් ඇය එක
එල්ලේ මා දෙස බලා සිටියා ය. කාන්ති විහිදුවන ඇගේ නිල්වන් නෙත් යුග අතීතයේ එක්
සොඳුරු නිමේෂයකට මා ගෙන ගිය බැවින් ඇගේ බැල්මෙන් අවසඟව ඒ දෙසම නෙතු ඉවත නොළා බලා
සිටියෙමි. හදිසියේ ම නැහැයට ළං කොට ගැසූ අසුරකින් මම පියෙවි සිහියට පැමිණීමි.
“අනිමිස ලෝචන පූජාවට වෙන වෙලාවක් වෙන් කරගන්න
ප්ලීස්...” මවාගත්
කේන්තියකින් ඇය තොල් මතුළාය.
මා මනසට නැඟුණු සිදුවීම් පෙළ ඇයට නොකියා මොහොතක්
නිරුත්තර වූ මට අවස්ථාවක් නොදී ම ඇය කතා කළාය. “මොනවට ද ඔච්චර මා දිහා බලන්නේ...?
ඔයාගේ කතාවේ ඉන්න නිළිය තරම් මං ලස්සන නැති බව ඔයා ම මට කියලා තියෙනවා නේද?.. ” එවර ඇගේ නෝක්කාඩුව මගේ කට ඉස්සර වීමකි.
“නෑ.. මං කල්පනා කළේ මෙච්චර රස කෝපි කෝප්පයක් අන්තිමට බිව්වේ කොහේදි ද කියලා.”
“නිකම් බොරු එපා ඇන්ඩි. ඔච්චර රසට කෝපි හදන්න පුළුවන් එක
ම කෙනා මං බව ඔයා දන්නවා. අනික් කාරණේ ඔයා අන්තිමට මගේ කෝපි කෝප්පයක් බිව්වේ අපේ
ගෙදරදි. පහුගිය සෙනසුරාදා. හරිද?” ඇගේ ස්වරයෙහි යම් අවධානාත්මක බවක් තිබිණි.
“ඔව් දැරිවි ඉතිං?”
“ඔයා තාමත් මේ
වැඩේට ලෑස්ති නෑ කියලයි මං හිතන්නේ. කමක් නෑ අපි පස්සේ වෙලාවක මේ ගැන කතා කරමු.
ඔයා රෙඩි වුනා ම මට කියන්න.”
ඇගේ ආම්පන්න වූ රෙකෝඩරය, දුරකථනය සහ අත්බෑගය එකතු කර
ගැනීමෙහි යුහුසුළු වූ ඇය අවසන මාගේ පුටුවට වත්තම්ව නළල සිප ගිහින් එන්නම් යැයි
තොල් මැතිරුවාය. ආපසු හැරුණු ඇගේ මැණික් කටුව දැඩිව අල්ලා ගතිමි.
“කුමාරිහාමි, පැනලා යන්න ද කල්පනාව” මම ඇසක් ඉඟිමරා ඇසුවෙමි.
“ඒ ගැන සලකා බලන්න තිබුණා. මං හිරකාරියෙක් වුනානම්, මං
කැමැත්තෙන් හිරේට ආපු නිසා ද කොහෙ ද හිරකාරියෙක් කියලා නොහිතෙන එකයි ගැටලුව.”
“ඉතිං මොකක්ද ප්‍රශ්නෙ? මං කැමතියි මේ අතට මාංචු දාන්න.” ඇය දෙස
සෘජුව බලා කීවෙමි.
පිටුපා යන ඇය දෙස මොහොතක් බලා සිටියෙමි. ඇයට ගේට්ටුව
විවර කර දීමට මට කල්පනා වුවත් පුටුවට බැඳ තබන බවක් දැනුනෙන් නැඟී සිටීමට මා අකමැති
විය. මා නොඑනු දුටු ඕ රියදුරු අසුනෙන් බැස ගේටුවට හැරගෙන වාහනය පසුපසට ගත්තා ය.
නැවත ගේට්ටුව වසා මට අතවැනූ ඇය නික්ම ගියාය.
එකඟතාවය කඩ වූ අපගේ පළමු හමුව නිමා වූයේ එලෙසිනි. ඒ
සඳුදාව මට රාජකාරී නිවාඩු දිනයක් වූ නමුත්
මිෂිකාට රාජකාරි කිහිපයක් තිබූ බව ඈ කීවා මතක ය. රූපවාහිනිය පණ ගැන්වූ මම
එහි වූ කාන්තා වැඩසටහන් කිහිපයක් අතර මාරු වෙමින් සිට එය ද ක්‍රියා විරහිත කර කෙටි
නිද්දකට වැටුණෙමි.
මා අවදි වූයේ ලද කෙටි පණිවිඩයකිනි.මේ කතාව කෙටුම්පත් කිරීමට මා සැලසුම් කළේ අදින් වසර

මා අවදි වූයේ ලද කෙටි පණිවිඩයකිනි.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....