පහුගිය සති අන්තයේ ඇවරිගෙ පිය පාර්ශවයේ ළඟ ම
නෑදෑයෙක්ගෙ මඟුල් තුලාවකට යන්න කටයුතු සිද්ද වුනා. ඇවරි සාමාන්යෙන් මඟුල් ගෙවල්වලට
යැවෙනවා හරි ම අඩුයි. අවශ්‍ය ම පවුලේ මංගල්‍යක් හෝ මිතුරෙකුගේ මංගල්‍යක් හැරුණා ම
පොදුවේ ගෙදරට කෙරෙන මඟුල්වලට යන්න ඇවරිත් ඇවරිගෙ සහෝදර පිට් එක වගේ ම සොහොයුරී නට්
එකත් එච්චර මනාප නෑ. හැබැයි මරණ ගෙවල්වල නම් මං ප්‍රතිපත්තියක් වශයෙන් යනවා.
ඒ පුරුද්ද ඇවරිගේ අප්පච්චිගෙන් ලැබුණ එකක්. මැරුණ මිනිහා අපි ආපු බව දන්නැති වුනාට
ජීවත්වෙලා හිටපු මිනිහෙක්ට අවසාන ගවුරවේ දක්වන එක අපේ යුතුකමක්. අප්පොච්චා කියන්නේ
හේමයි. තව අලුත උපන් දරුවෙක් බලන්නත් ඇවරි සාමාන්යෙන් චාලිත්තරයක් හැටියට යන්න
පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්ද ඇවරිට අම්මාගෙන් ලැබුණ එකක්.
දැන් අලුතින් ජෝඩුවක් විවාහප්රාප්ත වෙද්දි
පොඩි එකෙක් ඉපදුනා ම යන්න බැරියැ කියලා වෙඩි ම රැල්ලෙ යවන්න ඇවරිත් ඇවරිගෙ මලයත්
හරි දස්සයි. හැබැයි එහෙම මිස් කරන මඟුල්වල බබාල බලන්න නම් අනිවා යනවා. එහෙම ගියාම
නිස්කලංකෙ අර කපල් එකත් එක්ක සාමීචි කතා කරලා කොළඹින් පිට නෑ ගෙයක් නම් රැයක් එහෙ
ඉඳලා කාරිය සියළු සංග්‍රහ සත්කාර භුක්ති විඳලා තමා ආපහු එන්නේ. වෙඩිමට ගියාට වඩා
ඒකෙ පොඩි සෙන්ටිමෙන්ටල් ලල් එකක් තියෙනවා. ඒ වෙද්දි වෙඩින් ඇල්බම් එක එහෙමත්
ඇවිල්ලනේ. ඉතිං ඔය වගේ ඇවරි මෙතඩ් එකට රැල්ලෙ යවන්න බැරි වුන මඟුලක් තමා මේක. මනමාලි
වුන මගේ නැන්දාගේ දෝණියැන්දා ම ගෙදරට ඇවිත් ආරාධනා කළ නිසා නොයා ඉන්න හිතුනේ නෑ.
ඇරත් මඟුල් දිනේ මනාලයාගේ කකුල් හෝදන්න ආරාධනා ලැබුණේ ඇවරිට හෝ ඇවරි මලේට. ඒ
කටයුත්තට නළු මල්ලාව පිටත් කළ ඇවරි කබලලයක් නැතිව යන්තම් හෝම් කමිනයට ගියා.
කියන්න බැරි වුනානේ. ඇවරිගේ අප්පොච්චාගේ ගම
බෙන්තර යාත්‍රාමුල්ලේ. බෙන්තර ගඟ පේන සීමාවේ. ඇවරිට මතක පුංචි ම කාලේ හිටන් ම අපි
සීයලාගේ මහ ගෙදර යන්න ආසයි. ඒ ළඟ සේන මාම හොඳ වෙස්මුහුණු නිර්මාණ ශිල්පියෙක්.
ඔහුගේ බිරින්දෑ කාන්ති නැන්දාට සත්තු වත්තක් තිබුණා. දඬුලේන්නු, රිලව්, තාරකා
ඉබ්බො, හාවො, ගිරව්, කිඹුල්ලු දෙන්නෙක්, ඉත්තෑවො, තාරාවො මේ ගෙදර පර්චස් පහළොවක
විතර වත්ත ඇතුලේ ඇති කළා. සේන මාමගේ ඔරුවේ වෙසක්බලන්න බෙන්තර ඟඟ හරහා අලුත්ගම
ටවුමට ගියපු ගමන තමා ඇවරිගේ මුල් ම ඔරු පැදීම. මං මේ ලියන සත්තු වත්ත අර යාන්
මාටෙල්ගෙ ලයිෆ් ඔෆ් පයි වගේ ලොකුවට නොතිබුණත් ඒ දවස්වල බෙන්තර සුද්දන්ට පෙන්නපු
කැටමරන් ටුවර්ස්වල ප්‍රධාන ආකර්ශනයක් වුනා. පහුකාලේ ඔය අහුන්ගල්ල සත්තුවත්තෙ සත්තු
පැනලා ගිහින් කචල් වෙන කාලෙ කිට්ටුව ඒ පුද්ගලික සත්තුවත්තේ සියලු සතුන් ජාතික
සත්වෝද්‍යානයට පවරා ගන්නවා.
ඇවරි ගියේ හෝම්කමිනයට නිසා කස්ටිය සූදානම්
වන අතරේ ගමේ විත්ති බලන්න රවුමක් ගහන්න ඇවරිට හිතුනා. පොඩි එකාගෙ තනි නොතනියට
කියලා ඇවරි මාතාවත් පස්සෙන් ම ආව. බෙන්තර ආවොත් මේ කියපු නැන්දලාගේ ගෙදර වගේ ම
ලොකු තාත්තලාගේ ගෙදර සහ අලුත්ගම ඉස්සේසම ළඟ පාරෙ තියෙන සීනවත්තෙ මාමලාගේ ගෙදර යන්න
අපි අමතක කරන්නෑ. ඊට අමතරව ඇවරි හුඟක් ම කැමති තැන් තුනක් තියෙනවා. එක තමා කලින්
කී සේන මාමලාගේ ගෙදර. අද සත්තු නැතත් ඇවරි පුංචි කාලෙ සෙල්ලම් කරපු ඒ මිදුල,
කිඹුල්ලු ඇති කරපු සිමෙන්ති ටැංකි තාමත් තියෙනවා. එතකොට ඇවරි නාපු තොටුපල, කිරල
කැලේ ගල්තලාව ආයෙත් බලන්න පුළුවන්. දැන් මෝය කට පළල් වෙලා රට ඇතුළට කරදිය ගළන නිසා
ගඟේ වතුර කරිජ්ජට හැරිලා ගමේ මොකෙක්වත් ගඟේ නොනෑවට ඇවරි ගියොත් නම් බැහැලා නානවා.
අයිසේ අර පිළිකුත්තුවේ වළගම්බා නාපු මඩවලේ බැහැපු මට බෙන්තර ගං කොමළිය ඉන්ෆිනිටි
පූල් පරාදයි. මළ ජරාවෙ නානවා කියලා නාන්ති නැන්දා බනින නිසා පනිට්ටුවෙනුත් නාලා
සබන් ගාන්නත් වෙනවලු ඉතිං. මෙදා නම් ඇවරි කොළඹින් නාල ගිය නිසා ගඟට බැහැලා කූල්
එකේ හිටියා.
දෙවැනියට මං කැමති ම තැන තමා ආච්චිත් සීයත්
(ඇවරිගේ අප්පොච්චාගේ දෙමාපියන්) භූමදාන කළ පවුලේ කනත්ත. එතැනත් ජීවිතේට ඇවරිට අමතක
වෙන්නෑ. ආච්චි නැතිවෙලා ටික කාලෙකින් සීය නැතිවුනා. ආච්චිගෙ මරණෙට අම්මයි
අප්පච්චියි කලින් ආපු නිසා මාවයි මල්ලිවයි ලොකු මාමයි, ලොකු නැන්දයි ඉස්කෝලෙන්
වේලපහ අරගෙන අවසාන කටයුතු කරන දවසේ ගමේ ගියා මතකයි. මොර සූරන වැස්සෙ අපි මළගෙදර
යද්දි මිනිය උස්සලා අහවරයි. මල්ලි එතකොට පුංචි ම මුණුපුරා. අපි දෙන්න ආච්චිව බලන්න
ඕනමයි කියල අඬපු නිසා ආපහු පෙට්ටිය අරින්න වැඩිහිටියන්ට සිද්ද වුනා. ආච්චි කියලා
බුලත්විට කාපු, මුහුණ රැලි වැටුණු, මහ සද්දෙන් කතා කරන චරිතයක් ඇවරිගේ මතකයේ
තියෙනවා. සීයව නම් ඇවරිට හොඳට මතකයි. ඉතිං මේ සොහොන් බිම ඇවරිට විශේෂයි. ඔවුන්ගේ
කියලා නම් කෙටූ ස්මාරයක් එහි නොවුනත් හැමදාම බුදුන් වැඳලා ඉදං මේ ඤාතී කියද්දි
ඇවරිට ඉස්සෙල්ලම මතක් වෙන අය අතර මේ දෙන්න ඉන්න බවත් කියන්න ඕන.
අවසාන කැමතිම තැන තමා බෙන්තර වනවාස විහාරය.
ඔය කෝකිල සන්දේශයේ කවියකත් ඒ ගැන කියැවෙනවනේ. ඒ
පන්සල ගමේ උස ම තැන. හරිම නිදහස් ආකාසෙ අල්ලන්න පුළුවන් චෛත්‍ය මළුවක් ඒ
පන්සලේ තියෙනවා. තව සිරිපාදේ අනුරුවක්, දළදා මැදුරක් වගේ ම අර දංගෙඩිගේ දා කොටන්න
ඒ රජිඳා අණ කළා සීන් එක මන්දුම බණ්ඩා ඉස්ටෝරියත් මේ පන්සලේ අඹලා කරලා තියෙනවා. එතන
මල් පූජාවත් හරි අපූරුයි. ඇවරි එක පාරක් ඇවරිගේ නමට බාර ගත්තු වස් පින්කමකට ඉඳලා
තියෙනවා. ඉතිං ගමේ ගියොත් මායි අම්මයි මේ රවුම යනවා. මෙදා ඇවරිව දැක්ක ගමන් කාන්ති
නැන්දා අඳුනගෙන කතා කළා. ඈ නම් ටිකක් වයසට ගිහින්.
ඒ සෙනසුරදාවේ ඇවරිගේ නිවාඩුවට ගත් ට්‍රැවල්
එක බෝරින් වගේ වුනේ ගජේට කවුරුත් නැති වුන නිසා. හැබැයි බේරුවල ඇවරිගේ තාත්තාගේ
දෙවැනි නංගී ඇවාස්ගෙ නැන්දාගේ චමත්කාර දූවරු තුන්දෙනා නිසා පාළුව නැති වුනා. ලොකු අක්කා
ඇවිත් නොසිටියත් බාල අක්කලා දෙන්නාගේ කෝච්චි දෙක ශීඝ්රගාමී වුන නිසා කණට සනීපයි
ඉතිං. මනමාලිව කැන්දන් ගිහින් තිබුණේ පරෙයිගමට. අපි ඒ නිවසට ගිහිල්ලා චාරිත්‍ර
කාරිය අහවර කරලා ඉද්දි ඇවරිගේ නඟා මේ යෝජිත විවාහය ගැන අපූරු ඕපදූපයක් කිව්වා.
ලොකූ, මේ මනමාල අයියා අපේ අක්කට ප්‍රොපෝස් කරලා තියෙන්නේ මීට අවුරුද්දකට කලින් ලු.
ඉතිං උන් අවුරුද්දක්වත් ලව් කරලා නැතිලු ද? බ්ර්ක් නැති කටින් ඇවරි ඇහැව්වා. නෑ
අනේ ඒ වෙලේ අක්කා මනමාලයාට වයස මදියි කියලා බෑ කිව්වලු. හැබෑට? හැබැයි බැලූ බැල්මට
මේ මංගල්ලේ බාල අපරාධයක් වගේ පේනවා තමා. දෙන්නට ම දහ අටට අඩුයි වගේ.
පොඩ්ඩක් ඉන්නවකෝ හලෝ කියනකම්.... ඉතිං
මොකද්ද වසය සම්පූර්ණ වුනා ම දෙන්නා කසාද බැන්දා. ඒකනේ නීතිය. දැන් ඒකනේ ඔයා කියන්න
යන්නේ??? මං ඇගේ කතාව කොටින් හමාර කළා. නෑ අනේ බලන්නකො ඉතිං එහෙම බෑ කියපු කෙනා
මීට මාස පහකට උඩ දී හා කිව්වලු. පස්සේ මාස දෙකක් යද්දි මේ ඔක්කො ම කරලා තියෙන්නේ.
බලන්න ඉතිං එහෙම වෙන්න පුළුවන් ද අනේ? ඇයි බැරි හලෝ. ගෑනු කියන්නේ ප්‍රතිපත්තියක්
ඇති උන් යෑ. “ආලෙ කෙරුවත් දිවට දිව ගා ස්ත්‍රී ජාතිය නෑ විස්වාසේ“ එහෙමයි පොතේ
තියෙන්නේ. නෑ නෑ ඔයා කියන්නේ අනික් පැත්ත. මේක ධන සාදෘශ්‍යක් පෙන්නුම් කරන
අවස්ථාවක්. නංගා දන්න ලොජික් ටික අඹරලා වාදෙට එළඹුනා. ධන රින මාරු වුනාට හලෝ ගම්‍ය
වන යථාර්ථය එකයි නේ...??? යන්නත් ඇයට කේක් බෙදන්න කතා කරපු නිසා මට කණක් ඇහිලා
ඉන්න පුළුවන් වුනා. කෙහෙම්මල උන් දෙන්නට හිතුනා ම බැඳ ගත්තා. බැරි නම් හෙට අනිද්දට
ලිහා ගත්තාවෙ අපිට මොකෝ...??? අනේ අම්මාපල්ල මේ කෙල්ලන්ගේ ඕපාදූපපපපපපපපපපප පුහ්.
කොහොමින් කොහොම හරි වෙඩිම අහවර වෙන්න
කලියෙන් ඇවරි කොළඹ එන්න ඕන වග අම්මාට දැන්නුවා. පහුවදා පොඩි උන්ට අසෝක රජතුමා ගැන
පාඩමට අත්තිඩිය සර්ගෙ ඉතිහාස නෝට් එකත් බලාගන්න තියෙන නිසා රෑට පොඩි කස්ටක් සෙට්
වන බව ඇවරි දැනගෙන හිටිය. ඒ පාරේ හන්දියට ටිකක් දුර පයින් යන්න ඕන. කාපු ගමන ම
පයින් යන්න බැරි වුනාට මේ පිටිසරබද පළාතේ කරුමෙට ත්‍රීවීලරයක්වත් පාරෙ නැති.
ඇහිපිය උස්සගන්න බැරි තමරට රත් වුණ වෙලාවෙ අපි පයින් ගාාටද්දි ඇවරි ඇතුළු පිරිස
පහු කරගෙන ගිහින් නවත්තපු කාරයක් හෝන් කළා. මේ පළාතේ මිනිස්සු අද අලුතින් ම නෑ වුන
නිසා දන්න කවුරුත් වෙන්න බෑ කියලා ඇවරි ගණන් නොගත්තට කාරයෙන් බැහැලා ආපු කෙනාව
දැක්කම අදහගන්න බැරි වුනා. බැලින්නම් අපේ මන්තිරි රගා මේ ගයිඩින් රස්සාවෙ යද්දි
තමන්ගේ නැවතුම්පොළට යන අතර මගදී තමයි අපිව දැකලා තියෙන්නේ. ඊට දවස් දෙකකට කලින්
කතා කරද්දි මේකා නුවරඑළියේ හිටියේ. දැන් මේ මං ඉදිරියේ. අපිව පාරට ඇරළවන්න
ඉදිරිපත් වුන රගා මහතා ආගිය කතා ගොඩක් කතා කළා. ලංකාවට ආවත් හරි මං ඒකව දැක්කේ
අරාගෙ ගෙදර ගියපු දවසේ. මං එද්දිත් රගාට මතක් කළේ මෙහෙම අහම්බෙන් හම්බුනොත් මිසක්
හැබැහින් දකින්න හරි අමාරු නේ දැයි කියලා. කොහොමින් කොහොම හරි මං එදා වාහනෙන්
බැස්සේ තවත් අපේ සෙට් එකේ කුප්‍රකට, හැන්ගෝවර් වගේ මගෝඩි ටුවර් එකකට පාර කපාගෙන
ලොල්.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....