ඔන්න ඉතිං සිකුරාදා දවසේ කලින් ම ඔපීසියෙන්
පැනල ආපු ඇවරි වේලපහින් ම කොටුව ඉස්ටේසමේ ක යන්න යටට ආවා. සහලෝලා සුදා ගින්දරක්
තිබුණාට ආයිබෝං පේ වෙලා හේම හිටි නිසා ක්‍රීම් කැකරයකින් සැනහෙන්න ඇවරිට සිද්ද
වුනා. කොච්චර ගමනට පේ වුනා ද කිව්වොත් ඇවරි ජාති දෙකේ මේස් දෙකක් තමයි එදා දාගෙන
ගිහින් තිබුණෙත්??? ඒ එන අතරේ දන්න කියන අංගනාවක් කොමර්ෂල් ඒ.ටී.එම් එක ළඟ හිටන්
ඉන්නවා. බැලින්නම් මේ අපේ මිස් එන්. ඩී. බී නොවැ. ඇයත් එක්ක ආලාප සල්ලාප කොරන අතරේ
ජානක මහතාත් අපිට එකතු වුනා. අපි තුන්කට්ටුව ගෙදර ඉඳන් එන මුන්ට වෙලාවට එන්න බැරි
හැටි කියලා නඩේ ඈයින්ට බැණ අඩගහන්න අමතක කළේ නෑ. ඔය අතරේ ඇල් අක්කලා අපිට එකතු
වුනා. නඩේ කස්ටියට කලින් ම වාහනේ ආපු සැහැල්ලු බාගන්න අතරේ බදුලු බලායන රාත්තිරි
තැපැල් දුම්රිය වේදිකාවට ආවා.
ඇවරි තමන්ගේ ටිකට් තිස්එක පෙන්වලා නිදන
මැදිරියේ වෙන් කළ ආසන වලට කස්ටිය යොමු කළා. අතරින් පතර ආසන අටක් වෙනත් පුද්ගලයන්
විසින් වෙන් කරවාගෙන තිබුණ බව ඇවරි දැනගෙන හිටියා. බොහොම යාප්පුවෙන් කතාබහ කරලා
ඔවුන් ඉදිරි ආසන වෙත යොමු කරවීමේ මෙහෙයුම ඇවරි ආරම්භ කළේ ඉන් පසුවයි. එක ජෝඩුවක්
අපේ කස්ටිය එක්ක වසන්න බැරිවෙන බව දැනිලද කොහේද කියපු ගමන් ඉදිරි පෙළ අසුන් වලට
ගියා. තවත් තරුණ පහේ කාන්තාවක් ආසනය වෙනස් කිරීමට අකමැති වූ නිසා ඈ අසල ආසනය නිතරගයෙන්
ම ඇවරිට හිමි වුනා. ඔය අතරේ තමයි කොළඹ විශ්ව විද්‍යාලයේ කොල්ලෝ ගැන්සියක් ඒ
මැදිරියට ගොඩවුනේ. ඔවුන් ඔවුන්ගේ ආසන ඉල්ලා සිටියත් අපි දාගත්ත ඩීල් එක අනුව ඔවුන්
එක් තීරුවකට සීමා කරන්න හැකි වුනා. දැන් මැදිරියේ මැදක සිට අවසානය දක්වා අපේ
රාජ්ජය වෙලා හමාරයි.
සාමාන්‍යෙයන් රාත්තිරි තැපැල් දුම්රියේ නිදන
මැදිරි වෙන් කළ ආසනවල බජව් දාගෙන යන්න අමාරුයි. කලින් ගාණක් ගෙවලා වෙන් කරවා ගෙන
මිනිස්සු යන්නේ නිදාගෙන පහසුවෙන් යන්න මිසක් අපේ ගෝරනාඩු අහගෙන නින්දක් නැතිව යන්න
නෙමෙයිනේ. එහෙම වෙනවනම් මැදිරි භාරකරුට පැමිණිලි කරන්න පුළුවන්. මගීන් පැමිණිලි
කළොත් මොන අයියලා වුනත් නිදන මැදිරියේ සද්ද වහලා ලයිට් නිවාගෙන යන්න ඕන. නෝ කතා -
නෝ සිනා තමයි ඉතිං. මේ තත්ත්වය දන්න නිසා ම අපි මැදිරි භාරකරුව හොදින් තියාගන්න
උත්සාහ කළා. භාත් ගිටාරයක් හා ජෙම්බයක් උස්සන් ආපු නිසා අපේ බජව්ව සැරටම ගියා. අපි
රික්වෙස්ට් ෂෝ ටයිප් එකේ වැඩක් කළ නිසා ජෙම්බෙ ගගහා හූ කිව්වත් කවුරුත් පැමිණිලි
කළේ නෑ. අනික මැදිරියේ ආසන හතළිස් අටෙන් තිස් එකක් ම අපේ වුන නිසා කවුරු මොනවා
කිව්වත් හූ කෙයාර්ස් කියාගෙන අපි සොමියක් දැම්මා. හැබැයි එච්චර ගාණක් වියදම් කරලා
ආසන වෙන්කරවගෙනත්, එක රොත්තට වටවෙලා හිටගෙන සින්දු කියද්දි අයියෝ සල්ලි කියලත්
නොහිතුනා නෙමෙයි.
කෝච්චි බජව්ව නැඟලා ගියා. කැම්පස් සෙට් එක
එකම මැදිරියේ වෙනස් සින්දුවක් කිව්වොත් අපි උන්ට හයියෙන් ඒ සින්දුව ම කිව්වා.
මිනිස්සු කවුළුවලින් අපි දිහා බලාන හිටියා. අපේ පදේට නැටුව කස්ටිය අතරින්
පේරාදෙනිය ඉස්ටේසමේ කැන්ටිමේ තේ හදපු කොල්ලා විශේෂයි. අපි මැදිරියේ නටද්දි පොර
කැන්ටිමට වෙලා නැටුවා. චමිත අයියත් මමත් අවසානය දක්වා ම සින්දු කියාගෙන ආවා. පාන්දර
එකහමාරට විතර මැදිරිපාලක මහත්මාට සමු දීලා හැටන් වලින් නඩේ බැහැගත්තා. “හරි ඔයාලා
කරුණා කරලා එන්නකෝ. මං තමා එදාටත් මේ පෙට්ටියේ වැඩ බලන්නේ.“ පහුවදා රෑ අපිත් එක්ක
කොළඹ එන්න එතුමාට කළ ආරාධනාව සතුටින් බාර ගත්තා.
ගිටාරය හා ජෙම්බෙ හැටන් ඉස්ටේසමේ තියා යාමට
ඇවරි මුල පටන් විධිවිධාන යොදා තිබුණා. ඒ සඳහා සරසවි මිතුරෙක් වුන කසුනා උදව් කළා.
කසුනා දුන්න අංකයකට ඇමතුමක් අරං මං කාරණාව කිව්ව ම “ආ අවුලක් නෑ මල්ලි මගේ නම
කියලා කැම්පස් එකේ යාළුවෙක් කියන්කෝ. වැඩේ කෙරෙයි. අවුලක් වගේ නම් මට කෝල් එකක්
දෙන්න“ මං ජීවිතේටවත් නොදැකපු ඒ නිලධාරියා මහ රෑ ජාම වෙලාවට වුනත් තමුන්ට කෝල්
කරන්න කියලා කියපු එකට ඇවරිට බුදු සැටිස්. රේල්ලුවේ බුවාලා කියන්නේ වහා මිත්‍රවනසුළු
ජාතියක් කියන්නේ කට කහනවට නෙමෙයි. මං කවුද කියලා කියන්නත් කලින් අදාළ නම කිව්ව ම දුම්රිය
ස්ථානාධිපතිතුමා බොහොම කරුණාවෙන් මාව පිළිගෙන ආරක්ෂා ඇති තැනක සංගීත භාණ්ඩ තැන්පත්
කළා.
ලංගම බස්රථ පේලියක් ආවම කස්ටිය ගොඩවුනා.
අපිත් එකකට ගොඩ වුනා. හැබැයි ටිකට් ගන්න ගිහින් වුන වැඩේ තමා මරු. “ඈ යකෝ කෝච්චියේ
තිස් එකක් ආව නම් බස්එකේ දී විසි හතක් වුනේ කොහොමෙයි????“ බොහෝ දෙනා ඇවරිගෙන්
ඇහුවා. බාග ටිකට්වල හුටපටයක් නිසා ඒ වැඩේ වුනත් පස්සෙ අවුල ගණිත ගුරුතුමා අපේ සුපුන්
සර් මැදිහත් වෙලා විසඳුවා. නල්ලතන්නියෙන් බැහැගත්තු ගමන් කස්ටිය තොප්පි ගන්න,
ජර්සි දාගන්න වැඩ වල යෙදුනා. ඒ අතරේ මමත් චමිත අයියාත් උදේ කෑමට පාන් අරගෙන නඩේ
අතරේ බෙදා හැරීම සිදු කළා. කොහොමින් කොහොම හරි පාන්දර හතර හමාර විතර වෙද්දි කරුණාව
පටන් ගත්තා. අපේ පළමු නැවතීම සිදුවුනේ මකර තොරණ ළඟදි.
මකර තොරණ ආසන්නයට කරණාකරපු අපි එහි ඇති
වනජීවී කාර්යාලය ඉදිරියේ ගිමන් හැරියා. එන අතරේ දී ඇවරි නම් කරුණා කරන ගමනුත්
නිදා ගත්තා. කෝච්චියේත් නින්දක් නොතිබුණ නිසා ඇවරි සෑහෙන්න වෙහෙසට පත්වෙලා හිටියෙ.
ඒ නිසා නවතින නවතින තැන නිදාගන්න වුනා. ඒ අතරේ අලි මදිවට හරක් කියන්නා වගේ ඇවරිගේ
නැඟණියනැදෑත් ටිකක් අසනීප ගතියක් පෙන්නුම් කළා. දුර්වල බවක් පෙන්නුම් කළ ඇගේ
සැහැල්ලුව වනජීවී කාර්යාලයේ තබා අවශ්‍යම ඇඳුම් කැඩුම් පමණක් රැගෙන යාමට කටයුතු
සංවිධානය කළේ ඇවරි මල්ලා හෙවත් සූටා විසින්. මේ සමනළ අවඩිය වනජීවී කාර්යාලයෙන් අපේ
කස්ටියට බොහෝ උපකාර ලැබුණා. ඒ අපේ පරිසරවේදිනී නිමල්කා මැතිනිය නිසා බව සඳහන්
කරන්න ඕන.
නිමල්කා අක්කා අපිත් එක්ක සිරිපා කරුණාවට
එක්වුනාට ඇය යම් රාජකාරී ගමනක නිරත වූ බව තමා ඇවරිට වාර්තා වුනේ.හැටන් හමුදා භටයන්
පිරිසක් විසින් කැලේ දී අල්ලා ගන්නා ලද දිවි පැටවකු කැලේට මුදා හරින තුරු රැකබලා
ගැනීමට තැනූ කූඩුව නිරීක්ෂණය කිරීම සඳහාත් හමුදා භටයන් වෙනුවෙන් දිවියන් සංරක්ෂණය
කිරීම පිළිබඳ දේශනයක් පැවැත්වීමටත් ඇයට ආරාධනාවක් ලැබී තිබුණා. ලංකාවේ දිවියන් ගැන
පර්යේෂණ කරන ලද අතළොස්සක් පිරිස් අතුරින් නිමල්කා සංජීවනී අක්කා සෑහෙන තරමේ දිවියන් ගැන අත්දැකීම් ඇති
පර්යේෂිකාවක්. කරුමෙ කියන්නේ මාත් ඒක දන්නෙ පස්සෙ. නැතිනම් තව පෝස්ටුවකට කතා
ගොන්නක් අහගන්න තිබුණා. ඇයි තව අපේ චමිත
අයියා කියන්නේ ලංකාවේ සමල්ලු ගැන ලියැවුණ ගයිඩ් බුක් එකේ සම කර්තෘවරයා. එතකොට පල්ලි
අයියත් ඒ අංශ ගැන ප්‍රාමාණික උගතෙක්. මේ කාරණා හින්දා අපේ කරුණාව පොඩිපහේ ඇකඩමික්
ගතියකුත් ගත් බව කියන්න පුළුවන්. කොහොම වුනත් මේ තුන්කට්ටුවට පින් සිද්ද වෙන්න
වෙනදාට සිරිපා කරුණා කළාට දකින්න නොලැබෙන ලස්සන සමනල විශේෂ සහ කුරුලු විශේෂ
දැක ගැනීමේ අවස්ථාවක් අපිටත් හිමි වුනා.
කරුණාවයි කරුණාවයි !
ReplyDelete