Monday, July 12, 2010

Studio 33 000

මේ කතාව කියන්න යන්නේ අපේ අයිමැට්ටන්ගේ තවත් අන්තර් ජාතික මගඩියක් ගැනයි. අපේ අයි මැට් සනුහරේ ගැන මං කලින් කියලා තියෙන නිසා දැන් කියන්න කැමැත්තක් නෑ. අනිත් අතට නම් ගම් පළ කළා ම වගපල අහන්න වෙන නිසාත් උන් ගැන නොදන්න තරමට හොඳා. හැබැයි මේ අයිමැට් කියන්නේ කැලණියේ Image Art අධ්‍යයන අංශයේ කෙටි යෙදුම බව කියන්න ඕන. මුන් කරන්නේ ම තිස්තුන්දාහ වැදිලා ෂුම්බලකටානා වෙලා යන වැඩ.
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියනවනේ?? අපේ අයිමැටේත් මේ ජාතියේ කට්ටිය පිරිලා. එක පාරක් මේ බුවාලා Field Trip එකට සල්ලි නෑ කියලා. Studio එකක් කරලා ආරංචියේ හැටියට 40 000ක පමණ ශුද්ධ ලාභයක් ලැබුවා. කැමති අයත් එක්ක කැමති ඡායාරූප ගැනීමට අවකාශ සලසමින් මතකයන්, සැමරුම් වෙනුවෙන් මිල නියම කිරීමයි ඒකේ අරමුණ වුනේ. අන්තිමට මේක සාර්ථක ව්‍යාපාරයක් වුනා. මෙහේ ගොඩගිය හුඟක් අය පෙම්වතුන් සමඟ ඡායාරූප ගත්ත ම ඔවුන්ට විශාල ලාභ අත්වුනා. ඒකෙන් පස්සේ මොක ද වුනේ අපේ පරිපාලනයත් අර Field Trip එකට ලක්ෂයකට ආසන්න මුදලක් ලබා දුන්නා. දැන් උන්ට කල්ල මරේ. ඒ විදියට ලබපු නිල ආධාරයි, අහිංසක කෙල්ලන්ගෙන්, කොල්ලන්ගෙන් සූරා කාපුවයි අරං ගිහින් කස්ටිය අම්පාර පැත්තේ ෆොටෝ ගන්න ගියා.
කාරි නෑ කියමුකෝ. හැබැයි ඔබ දන්නෙ නැති වුනාට විද්‍යාපීඨයට පස්සේ විශ්ව විද්‍යාල පරිපාලනය වැඩිම මිලක් වැය කරන්නේ මේ අයිමැට් ඩිපාමන්ට් එක වෙනුවෙන්. ප්‍රැක්ටිකල් එකකට හැම ළමයෙකුට ම විශ්ව විද්‍යාලය මගින් වර්ණ සේයා පට සැපයීම කියන්නේ සුළුපටු මුදලක් නෙමේ. මේ මෑතකදී විහාර මහා දේවි විද්‍යාලයේ තිබුණු ප්‍රදර්ශනයටත් ඡායාරූප සංගමය මගින් Studio එකක් දම්මවලා සල්ලි ගරන්න අයිමැට් මාතාව කටයුතු යොදා තිබුණා. අනේ ඉතිං දුප්පත් පෙප්සි බාලිකාව එහෙම හරි දියුණු වෙයිනේ කියලා හිත හදා ගන්න පුළුවං කියමුකෝ?? දැන් ‘සංජනනී මාධ්‍ය උළෙල’ වෙනුවෙන් නැවතත් Studio පුරාවෘත්තය කළ එළි බැහැලා. මේ පාර අපේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය කළ ඉල්ලීමක් මත තමා මේක කෙරෙන්නේ... ඔවුන්ගේ නිල ප්‍රචාරණයන්ගේ “වෙඩින් ෆොටෝ එක කලින් ගමු ද?” වගේ පාඨ ඇතුළත් වෙලා තිබුණා. කාරි නෑ. මේ නව පළමු වසර සිසුන් සහ ප්‍රථම වසරේ අලුතින් ගොඩ ගිය ජෝඩු ඔවුන්ගේ නව ඉලක්ක වෙළඳපොළ වන බවයි IMAT Studio හි ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේ...!! යුනියට ගිය කළක් කිව්වලු. හැබැයි රජෝ කෙසේ වෙතත් මේ ෆොටෝ ගැහිල්ල පිළිබඳ අභ්‍යන්තර විගණන වාර්තාවක් කැඳවන්න අපේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය ක්‍රියා නොකළොත් උන් ලෝක අමාරුවක වැටෙන බවයි මගේ නම් හැඟීම.
තරුණ විද්‍යාර්ථීනි, මොහොතක් සිතන්න! අයිමැටේ මෙවැනි උදර පෝෂණ වැඩසටහන් සඳහා සහභාගී වීමෙන් ඔබගේ වටිනා ධනය විනාශ කර නොගන්න. මේ ඔවදන ඇවරියාගෙන්...
(ඔව් ඉතිං මාත් මෙහෙම කිව්වට මාත් ෆොටෝ එකක් ඔය IMAT Studio එකෙන් ගන්න ඉඩ තියෙනවා. මොක ද එදා ෆොටෝ ගද්දි ඒ ඡායාරූපයට පෙනී හිටියෙත් මං ම වුනාට දකුණු පැත්තෙන් දැන් ඉන්නේ වෙන කෙනෙක් නිසා. අනික මේ වැඩ වලින් ඔය කාරණා කටයුතු ඉක්මන් වෙන්නේ නැතෑ. මේ ෆොටෝ එක බැරි වීමකින් ගෙදර මිනිස්සු දැකලා, කොල්ල ගැන හොයන්න අරං........ ඒ වගේ. අනිත් අතට කොල්ලනේ මට වගේ මුං ඊළඟ පාර IMAT Studio එක දාද්දි කොක්ක මාරු වෙලා තිබුණොත්??? අන්න ඒක නිසා එදා ගන්න ඡායාරූපය හරි වටිනවා. ඔබත් 13,14,15 ජිම් ඇවිත් IMAT Studio එකෙන් ෆොටෝ එකක් ගන්න.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. oya kiyana katha kese unath hoda marktng paarak deela ethana hari hariyata wada kaleth mee awarima tamai.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....