Wednesday, July 28, 2010

Night of the Knights -

අලුත් පදයක් නේද ගුරා??

කොහොමින් කොහොම හරි කැලණියේ කලා කවය සංවිධානය කළ DJ Night එක ඇඳිරි වැටෙද්දි පටන් ගත්තා. ධර්මාලෝක ශාලාවේ පුටු සියල්ල ම වගේ අයින් කරලා නටන්න පෙරළෙන්න පුළුවන් හැටියට සකස් කරලා තිබුණා. Lighting System එකත් මරු. කඳාන පැත්තේ DJ කෙනෙක් තිතට ගේම දුන්නා. මං නම් එච්චර සංවිධානාත්මක DJ එකක් ගැන හිතුවේ නෑ. තරු හෝටලේක Dancing Floor එකක් තරමට ම අපේ හෝල් එක Rock මුහුණූවරක් ගත්තා. මුලින් මුලින් ඇතුළට ආපු ගෑනු ළමයි නම් නැටුවේ නෑ. හැබැයි පස්සේ කෙල්ලන්ව වාඩි කරවන්න අමාරු වුනා.
නටන්න දන්න නොදන්න සියල්ලන් ම නැටුවා. මං හිතන හැටියට L board ගහගත්ත amateur dancers ලා බොහොත් බොහොත් ඉරුක්කිරාර්හල් තමා. ඒ නැටුම් වලට අපේ ඇස් වලින් ඩොලර් පැන්නා වගේ ම ඩී‍.එච් මාතාවගේ ඇඟත් ගැහෙන්න ගත්තා. එතුමිය සතුට ප්ර කාශ කරන්න යෙදුනේ සියලු ම වීදුරු මහ හඬින් දෙදරවලා. ඒ තරම් ම බේස් වදිනවා. අපි කෝචිචි ගියා, සරුංගල් ඇරියා, හුළං ගැහුවා, කුඩ කරකවලා වඩිගපටුන නැටුවා, රැළි ඇද්දා, සවල් දැම්මා, කපල් ඩාන්ස්, බ්රේරක් ඩාන්ස්, කලවම්, අච්චාරු සියල්ල තිබුණා. සියලු ම රස සහ රස්තියාදුකාරයින් එහි සිටියා. සියලු ම පහන් නිවී ගියා ම ශාලාවේ ඉහළ ඇති පුටු වලින් රතුපාට ලේසර් එළි දැකපු නිසා මං ටිකක් විපරම් කරලා බලන්න, කෙළවරට ගියා. අඩ්ඩඩ්ඩා.... එහේ කස්ටිය ස්ටෙලා... අර ලේසර් වලින් දුම් දානවත් දැකගන්න පුළුවන් වුනා.
මේක free event එකක්. ටිකට් රැ.50/= යි තමා. නමුත් හැමෝට ම එන්න පුළුවං. ඉතිං දැන් කැම්පස් අවුට් වෙලා රස්සාවල් කරන අයියලා පවා අක්කලත් එක්ක ඇවිත් හිටියා. අපි හැමෝට ම චියර් කළා. සමහරුන්ට නම් මේ සියල්ල ‘ගිරිග්ග සමජ්ජ’ වගේ වෙලා. ඔවුන් අයිනක් අල්ලන් බලන් ඉද්දි සංවිධායකයින් ඔවුන්ටත් නැඟිට්ටවලා Dancing Floor එකට දාන්න අමතක කළේ නෑ. මේ මොන දේ වුනත් වැඩේ හරි ම සාමකාමීයි. කිසිදු කාන්තාවකට අනතුරක් හිරිහැරයක් වුනේ නෑ. මොක ද අති මහත් බහුතරය විද්යාලපීඨ උගතුන් නිසා. හැබැයි අපිට ටිකක් නුහුරු අත්දැකීමක් වුනේ “අනේ හැබෑට ම තුන්සිට හැටපස් දවසේ ම දේශන වලට දුවන සයන්ස් එකේ බෝ පැළ වගේ මේ කොල්ලෝ කෙල්ලෝ (අයියලා අක්කලා) පිස්සු කෙළින්න ගියා ම නෝ ලිමිට් ද කියලත් හිතුනා නිසා. කොච්චර නැටුව ද කියනවා නම් එක කොල්ලෙක්ගේ අත පැනලා, ප්රැ)න්සිස් ලේන් එකේ බෝඩිමටත් ගිහින් දැම්මා.
හැබැයි කිව්වත් වගේ නවයහ මාරට වැඩේ නතර කළා. “අන්ති ම විනාඩි දහය නටමුද?......” කියලා කිව්ව ම කස්ටිය හයියෙන් ම කෑගහලා නැටුවා. අන්තිමේ දී දාඩිය ඉහින් කණින් බේරෙනවා. ඩියෝඩ්රදන් නාලා ගියත් මගේ ගඳ මට ම දැනෙන තරමට නටලා. අන්තිමේ වැඩේ ඉවර වුනා ම මං පාරට ආවා....!! කන්ද බහිද්දිත් මං නටනවා වගේ බලද්දි සෙල්ෆ් පැරාමීටරේ තාමත් ඩාන්සින් මෝඩ් එක තමා තියෙනවා. කවුරුත් දකින්න කලියෙන් නෝර්මල් කරගත්තත් කෝටියක් ලැජ්ජාව කකුල් දෙකෙන් බේරෙන්න මාත් ලැජ්ජ ටැක්සියකින් ගෙදර ගියා.

3 comments:

  1. "අපි කෝචිචි ගියා, සරුංගල් ඇරියා, හුළං ගැහුවා, කුඩ කරකවලා වඩිගපටුන නැටුවා, රැළි ඇද්දා, සවල් දැම්මා, කපල් ඩාන්ස්, බ්රේරක් ඩාන්ස්, කලවම්, අච්චාරු සියල්ල තිබුණා."

    ROFL :D

    ReplyDelete
  2. ඔය වගේ ආතල් අපේ අයට තව එන්න ඕනි නැත්නම් හැමදාම දුක් වෙවී ඉන්නව විතරයි අරක නෑ මේක නෑ කියල....

    ReplyDelete
  3. ලිවීමේ හැකියාව නියමයි.

    "හැබැයි පස්සේ කෙල්ලන්ව වාඩි කරවන්න අමාරු වුනා " කියවන කොට මට තඩි හිනහවක් ගියා.

    මට වැඩ තිබ්බත ඉවර වෙනකල් කියවන්න හිතුනා.

    නියමයි.

    මේ නිෂාන්

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....