Monday, July 12, 2010
අපි මේ ඇඳුම් ගන්න ආවා.....
පහුගිය සති අන්තයේ අත්යගවශ්ය කටයුත්තකට කන්යාඝවක් සමඟ shopping කරන්න මට සිද්ද වුනා. ඇත්තට ම ගෑනු ළමයි එක්ක මොක කළත් සාප්පු සවාරි යන එක නම් ලේසි පාසු වැඩක් නෙමේ. මං එහෙම කියන්නේ ෂොපින් ගියා ම සාක්කුවට තට්ටු වෙන නිසාමත් නෙමේ... බැලුවහ ම ඒවා මේ සුළු සහ අනිවාර්ය අලාභහානි විතරයි. ඊටත් වඩා මේ වැඩෙන් නාස්ති වෙන කාලය, කිරිබත්ගොඩ පුරා රෙදිකඩවල තට්ටු ගණන් නැඟලා හදා ගන්න හන්දිපත් රුදාව, ඇඳුම් හැටහුටාමාරක් එකපාර උස්සන් තැනින් තැන යාමේ අපහසුව වගේ කාරණා ගොඩක් නිසා මට නම් මේ වැඩේ තිත්ත වෙනවා. නමුත් අත්ය වශ්යා සේවාවක් හැටියට නම් කළොත් කර අරින්නේ කොහොම ද?
හැබැයි මං ළඟ නම් මේකට පුංචි සූස්තරයක් තියෙනවා. ඔය ගෑනු ඇඳුම් ගන්න යන් කිව්වා ම මං වගේ බුද්ධිමත් පිරිමි හරි සරලව ප්රංශ්නය විසඳන්නේ පුංචි සටකපටකමකින්. මේක පිය උරුමයෙන් මා ලද දායාදයක්. පාරම්පරික දැනුමක්. අපේ අප්පච්චි මට ඒ shopping tip එක ලබා දීලා වැඩි කාලයක් නෑ. “පුතා, ඉස්සර අම්මට සාරි ගන්න ඕන වුනා ම අපි වැඩ ඇරිලා කොටුවේ main street එකේ හැම කඩයකට ම යනවා. හැබැයි යන්න ඉස්සර මං සාරි හොඳ සහ මගේ ගානට ගන්න පුළුවන් කඩයක් හොයා ගෙන තමයි යන්නේ. ආයෙත් මොන කතා කිවුවත් මුලින් ම යන්නේ මං දන්න සහ මං කැමති තැනට. පස්සේ එදා දවසේ මුළු හවස් කාලය ම යකාට ගියාවේ කියලා එයා යමුයි කියන ඕනෑ ම කඩයකට මාත් යනවා. අර කතාවටත් කියනවනේ first impression has to be good කියලා. අනේ දෙයියන්ගේ පිහිටෙන් අර මුලින් බලපු තැන තරම් වෙන කොහේවත් තියෙන සාරියක් අපේ නෝනාට අල්ලනේනේ නෑ. (‘දැක්ක ගමන් සිත බැඳුනා වගේ’ කියලා වැඩක් නෑ!! අපොයි එහෙම වෙලා මං කන පරිප්පුව අඩු ම තරමේ පුතාවත් දන්නවනේ??) මං ඉතිං කළින් ම ඇසක් ඉඟිමරා සේවක මහතුන්ට මං අන්තිමට මෙතෙන්ට ම එන බව දන්වනවා. තවත් ඩිස්කවුන්ට් එකක් එක්ක සාරිය අරන් යන්න පුළුවන්.”
අපේ අප්පච්චිගේ old theory එක තාමත් වැඩ කරනවා. සැකයක් නෑ පුතා. ගෑනු එහෙම ම තමා. මේක දේශ සිමා ඉක්මවන්නාවූ ගෑනු සංස්කෘතියේ ආත්මීය ලක්ෂණයක්. අපේ පපා බරපතල වදන් වලින් විස්තීරණ අදහස තේරුම් කරලා දුන්නා. මේ සාරි ගැන කිව්වමයි මතක් වුනේ පිටකොටුව, කොල්ලුපිටියෙන් ඔබ කාට හරි සාරියක් අරන් දෙන්න යනවා නම් දන්න දෙමළෙන් ටිකක් කතා කරලා කියන price එකෙන් භාගයක් අඩු කරලා බය නැතුව ඉල්ලන්න. දෙමළ විවාහයන් ගන්න කූරෙයි සාරියක් වුනත් cut price වලට ගන්න පුළුවන්. මොක ද මේක සාර්ථක වෙළඳාමක් ඔවුන් මිළ නියම කරන්නේ එකට එකක් ලාබ තියලා. ගන්න එකා කීය වුනත් ගෙනියන බව දන්නවා. දන්න එකා කීය වුනත් කේවල් කරන බවත් දන්නවා. දන්න කියන මිනිහෙක් ‘නෝ පොලී - මෝර් ජොලී වුනත් අබාන්ස් එකෙන් බඩුවක් ගන්නේ නැත්තේ මේ පාරිභෝගික බුද්ධිය කියන කාරණේ නිසා.
කතාව කියන්න බැරි වුනානේ??? මාත් ඉතිං තිලකවර්ධනේට මුලින් ම ගියා. පස්සේ පිළිවෙළින් අනූෂා, ගැමා, නිමාලි, ඔසාකා බ්ලා බ්ලාලා හැම මඟුලට ම ගියා. අඩ්ඩඩ්ඩා.......... යන හැම කඩේ ම කැම්පස් එකේ නංගිලා ඇඳුම් තෝරනවා. මාත් ඉතිං අර පිස්සු වහන්තරාවට ඇඳුමක් තෝරගන්න කියලා නංගිලා තෝරන්නේ මොනාද බලන්න ගියා. මෙන්න බොලේ මුං ඔක්කො ම සාරි තෝරනවා. දන්න කියන අය කතාකළා. “අපි මේ සෝෂල් එකට සාරි ගන්න ආව අයියේ....” හැබෑද? කාරි නෑ. දැන් මොනා ද තෝර ගත්තේ. නයිට් function එකක් නිසා ටිකක් focus වෙන්න අඳින්න. මං ඉතිං ප්රිවීණ රූපලාවන්යො ශිල්පියාගේ භූමිකාව තෝර ගත්තා. හැබැයි ඉතිං මෙහෙ ම පැණි හැලුවට හරියන්න, ගෙදර එනකම් ම ඒ හිටිය කෙල්ලන් ගැන දීර්ඝ විස්තර කථනයක් කරන්න සිද්ධ වුනා කියලත් මතක් කරන්න ඕන.
Subscribe to:
Post Comments (Atom)
හෆොයි...ගෑණු එක්ක Shoppin යැම ගැන නම් කතා කොරන්න එපා..:D...
ReplyDeleteAgreed !
ReplyDeleteHikz.... Baduma thamai.....!! Mamath ithin Kiribathgoda oya katta kanawanee.....!! :)
ReplyDelete