Tuesday, June 8, 2010

ලෝකල් තරු වලට තරු පෙනෙයි!!

ලංකාවේ දේශීය නළුවන්ට අයිෆා අගුණ බවයි සංවිධායකයින් කල්පනා කළේ. සියල්ල මේඩ් ඉන් ඉන්ඩියා වෙද්දි ලෝකල් බාල බඩු දාලා මාර්කට් එක අස්පට් කරගන්න ඔවුන් කැමති වුනේ නෑ. කෝමත් ලංකාවේ තරු කියලා අය නෑ. සමහරු පුද්ගලිකව තමන් තරු කියලා හිතන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව තරුවක් කියන්නේ යම් මට්ටමක්. ඒ තත්ත්වය ආරක්ෂා කරන්න පවත්නා වෙළඳපොළ සාධක අනුව කිසිදු දේශීය කලාකරුවකුට බැහැ. ඒකයි අපේ කිසි ම නළුවෙක් නිළියක් අපිට තරුවක් හැටියට නොපෙනෙන්නේ.

නමුත් වාණිජ වශයෙන් ඉහළ ස්ථාවරයක් අත් කරගෙන සිටින ඉන්දියාවේ තරු අපිට හුඟක් ඈතයි. අපි ඇත්තට ම ඔවුන් දකින්නේ චිත්රඅපට හරහා විතරයි. අපේ නළුබට්ටෝ මෙගා වලත් දිගට හරහට රඟපාලා අපිට ම එපා වෙනව. මේ සියලු කාරණා නිසා බොලිවුඩ් සුපිරි තරුවක් සියැසින් දැක ගන්න එක සමස්ත ලාංකිකයන්ට විශාල අවස්ථාවක්. ඉන් පුද්ගලිකව දේශීය නළුවන් හෙළා දකිනවා නෙමේ. නමුත් නළුකම තවමත් වෘත්තිය මට්ටමකට පිළිගැනීමට ලක්වී නැති ලංකාවේ සුපිරි තරු ගැන කතා කිරීම විහිළුවක්. ඒකයි මං නැවතත් කියන්නේ අපිට තරු නෑ කියලා. ඒ හිඩැස පුරවන්න ඉන්පෝර්ටඩ් බොලිවුඩ් තරු කදිම ආදේශයක්. දැන් ගන්න මාලනී මැඩම්. අද නම් හෙළ සිනමාවේ නිළි රැජින පාර්ලිමේන්තු මන්ත්රීදනී වුනත් දැන් රජගෙදර කුස්සි අම්මා. අද ඈ දේශපාලන චරිතයක් මිස නිළියක් නොවන නිසා පසුපස අසුනක් දීම සාධාරණ නෑ කියලයි මං හිතන්නේ. නමුත් අයිසේ කරුමෙ කියන්නේ මහරජා එක්ක වාඩි වෙන්න තරම් ප්රංබල පුටුවක ඈ නොසිටීම. ඔන්න එහෙම වුනා නම් රජතුමාට අල්ලපු පුටුව ම දෙන්න තිබුණා.

තව සනතා පච ආන්ටිගේ කාලේ ‘රජ ගෙදර පරවියා’ ඒකටත් හරි දැන්. හැබැයි සනතා නම් සිනමන් හෝටලේ ලොබියේ ඉඳලා කවුරුත් තමන් එක්ක කතා නොකළ නිසා පච වෙලා ඇවිත් තිබුණා. ඇයි රවි+ඉන්දර හෙවත් රන්මිණි තැන්නේ අයිතිකාරයා. මිනිහට සම්මාන උළෙලට සහභාගී නොවෙන්න පුද්ගලික හේතු තිබුණලු. ඇත්ත කතාව නම් ඉතිං සිනමා වැඩමුළුවේ ප්රවධාන දේශනය චන්ද්ර න් රත්නම්ගෙන් උදුරගන්න චන්ද්රුන් රත්නම්ගේ ගෙදරට ඩෙටනේටර් දාලා, මෑන්ස්ව හිරේත් යවලා, දන්න වැඩ කිඩ ඔක්කො ම දැම්මත් අන්තිමේ දී බුවාට අදාල දේශනය හිමි නොවීම නිසා ලැජ්ජාවට ම පොර ආවේ නෑ. අන්න ඒකයි මේ පුද්ගලික හේතුව. රවීන්ද්රා අජාසත්ත ඒ තරම් කුපාඩි කමක් කරලා සුදනා වගේ රජගෙදර නළු පාටියට ඇවිත් තව මාධ්ය ට ප්රදකාශත් නිකුත් කරනවා. මං එකෙන් ම ඒ උලමගේ ‘මයින්ඩ් ස්ටාර්’ වර්ජනය කළා. වැදි බණ. පුහ්.... යකාට ගියාවේ. ඔන්න අපේ කුහක නළුවන්ගේ හැටි තව මුන්ට ආරාධනා නොකළයි කියලයි බණින්නේ. අනේ අම්මපා අන්තිම මොහොතේ හරි මුන්ට ආරාධනා පත්රේ ගන්න කියපු එකයි වැරැද්ද. අපි ම නේ මේ නරි ෆෝම් කරලා තියෙන්නේ??

ඇරත් මාලක්කාට, ලොකු මාමගේ පාර්ටියට එන්න හොඳයි. හැබැයි සම්මාන උළෙට එන්න කියද්දි සෞඛ්යක පිරිහිලාලු. අහන්න දෙයක් ද මල්ලි අපේ මාමත් එක්ක හිටිය ම දහදුරාවේ තියෙන මොන ලෙඩේ ද නොහැදෙන්නේ?? දැන්නම් ඈට සෞඛ්ය්ක් ඇත්තෙ ම නෑ තමා. හැබැයි අපරාදේ කියන්න බෑ තාමත් මාමා ඈ කියන දේ නැන්ද කියන දේට වඩා නම් අහනවා. බන්දුල අංකල්ට නැවතත් පත්තරේ මුල් පුටව දෙන්න කිව්ව ම මාමා බල්ලා වගේ පත් කළා මිසක් හ්ම් කිව්වේ නෑ. ඒ වගේ ම ‘මං යන්නෑ, සර්ට ඕන්නම් යන්න කිව්ව ම’ අයියෝ මමත් යන්නෑ කිව්වලු!! No Show of the President @ IFFA නමින් ටයිම්ස් පත්තරේ කතුවැකිය සැකසුනේ අන්න එහෙමයි.

මණ්ඩලේ පැත්තෙන් කිව්වොත් අපිට නම් ලෝකල් වලට වඩා ඕන මළ උලව්වක් ලොකුයි. උඩරට ට්රැුඩිෂනල් කියලා ෂකිරාගේ ට්රැ ක් වලට වන්නම් නටවන අපේ මණ්ඩලයෙන් දේශීය නළු නිළියන්ට කුඩම්මාගේ සැලකිලි ලැබීම අරුමයක් නෙමේ. මට තියෙන ප්රනශ්නය රන්මිණි තැන්න හද හදා ලොකු මාමා කැලෙත් මාරු කරලා කෙහෙම්මල් බොලිවුඩ් සිනමාවක් නංවන්න අත දෙන්නේ අහවල් හේතුවකට ද කියන එකයි. හැබැයි අපේ කබ්බන්ට වැඩ බෑ කියන්න අයිෆා අවස්ථාවක් කරගත්තා වෙන්නත් බැරි නෑ. මාමා මොළෙන්නේ ගහන්නේ?? සිංහල සිනමාවේ මළගම ඉක්මන් කිරීමට අයිෆා දායක වීම සතුටටක්. එතකොට දේශීය නළුවෝ කියලා එවුනුත් නෑ. කාටවත් අසාධාරණයක් වෙන්නෙත් නෑ.

මේ කතා කොහො ම වුනත් දේශීය සිනමාකරුවන් අයිෆා නොපැමිණීම ගැන පිළිගත හැකි තුලනාත්මක විග්රුහයක් කරලා තියෙන්නේ ඩී. බී නිහාල්සිංහ මහතා විසින් පමණයි. නිකන් මනස්ගාත කතා වෙනුවට ඔහු අපූරු කතා රැසක් ටයිම්ස් පත්තරේට ලිපියක් ලියමින් පළ කරලා තිබුණා. දේශීය නළුවන්ට ආසන 15ක් පමණක් වෙන් වූ බව කියන ඔහු ඉන්දීය සිනමාව කොතරම් දියුණු වුවත් අපෙන් ඔවුන්ට ඉගෙනීමට කරුණු ඇති බව කියා තිබුණා. ලෙස්ටර්, පතිරාජ වගේ අධ්යෙක්ෂවරුන්ගේ කෘති වලට විදෙස් සම්මාන හිමි වූ බව දක්වන නිහාල්සිංහ මහතා ඉන්දියාවේ මෙන් නොව අප නිෂ්පාදනය වන සියලු චිත්රනපට පෙන්වීමට කටයුතු කරන බව කියා සිටියා. එහි බොහෝ වැදගත් කරුණු තිබුණා. කාරණා සියල්ල ඇත්ත නමුත් ගන්න අපේ දේ නම් බොලිවුඩ් මොන බම්බුවකට ද? දැන් අපි දාගෙන බොලිවුඩ් බැලුවට ඉන්දියානුවෝ අපේ චිත්රනපටි පොර කකා බලනවාද? අපිට එහේ වෙළඳ පොළක් තියානවාද??

වාසනාවකට වගේ අයිෆා තියන්න පුළුවං එකපාරයි. අපේ සංචාරක මණ්ඩලය මොන බාධාව ආවත් හැම event එකක් ම වාර්ෂිකව තියනවා. හික්කා කොච්චර එපා කීවත් අපි දෙපාරක් කළා. ආයෙ අපි එහෙමයි හරී? අපිට මේකත් තවත් එක් වැඩක් විතරයි. ඉතිං සිරි ලංකා, උඹ ඕවා එච්චර ගණන් ගන්න එපා මතං. අයිෆා ආයෙත් එන්නෑ. හා හා ඉතිං නාඩා හිටපන්..... ඔය වියදම් වුනයි කියන ගාන ඉන්දියාවට පිනට දුන්නයි කියලා හිතපන්. උනුත් තුන්වෙනි ලෝකයේ උඹලා වගේ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුනේ. උන්ට හරි යනවා කියන්නේ උඹටත් හරි ගියා වගේ නේ?? (ඒවා නම් වානා) පුංචි එකාලාගේ බොලිවුඩ් උණ බැස්සනේ!! ඒ මැදෑ සැනසෙන්න. හ්ම්.... ලෝකෙට පරකාසේ රටට මරගාතේ කියන්නේ මේවට තමා. අපිට වුනේ අතින් කාලා හරක් බලන්න වැරදියි ඉඩම බද්දට දීලා මුහුදට නියවන්න. වෙන්නැති. ඕන බම්බුවක්!!

1 comment:

  1. අයිෆ එක වාගෙ දේ වල් තිබුනොත් අපේ අයට තේරෙයි පොලිටිකල් වලට අහුනොවුන සුපිරි කලාකරුවො කියල ජාතියක් ලෝකෙ තව ජීවත් වෙනව කියල...කෝක උනත් එහෙම දැනගැනීම අපේ පොලිටික්කන්ටත්...කලාපාලුවන්ටත් හොඳ අනාගතයක් නෙමෙ ඒ නිසා මේ රජ යටතේ තියන ඔය වාගෙ අවසානම එක වෙයි ඕක.....

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....