Wednesday, June 23, 2010

කැම්පස් ඊලම හිමි වූ වගයි.!!

කැලණිය විශ්ව විද්‍යාලය තුළ මෙතෙක් කලක් ප්‍රශ්න ඇති වූයේ තොරතුරු තාක්ෂණය නිසාවෙනි. එනම් පුංචි පුංචි යුද්ධ රාශියක් ඇති වූයේ සිසුන් තම මූලික අවශ්‍යතාවක් වූ පරිගණක විද්‍යාගාර ආශ්‍රිත කටයුතු සදහා විද්‍යා පීඨය වෙත යාම නිසාවෙනි. නමුත් දැන් තත්ත්වය සහමුලින් ම වෙනස් වී ඇති බව පෙනෙයි.

නව පරිගණක විද්‍යාගාරයක් විවෘතව ඇති අතර එහි එකවර පරිගණක 100ක් සදහා අවස්ථාව ලබා දිය හැකිය. නමුත් තවමත් නියමිත මෘදෘකාංග සංස්ථාපනය කර නොමැති බැවින් සියලු ම පරිගණක සිසුන් වෙනුවෙන් සේවා සපයන්නේ නැත.

පරිගණක 50 බැගින් අඩංගු වූ ප්‍රධාන ශාලා දෙකකින් මෙම විද්‍යාගාරය සමන්විත වී ඇත. තවද මෙහි එකී පර්ගණක ත්පත් කර ඇත්තේ ද මනා සැලසුමක් යටතේය. එනම් පරිගණක 10 බැගින් මුහුණට මුහුණලා පේළි දෙකක් වශයෙන් යොදා ඇති අතර සියලු ම පරිගණක එල්.සී.ඩී පුළුලු තිර වලින් සමන්විතය. වින්ඩෝස් එක්ස් පී මෙහෙයුම් පද්ධතිය වෙනුවට මෙහි ඇත්තේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියකි. තවද ගිගාබයිට් දෙකක රැම් රිතාවයකින් ද යුතුය. ඩෙල් පරිගණක සියයක් සමග අතරමං වන්නට කැමති ඔබට මෙය කදිම තැනකි.

සාමාන්‍යයෙන් සයස දොළහේ සිට එක දක්වා මෙම පරිගණක විද්‍යාගාරය වසා තබන්න්නේ ආහාර පැය වෙනුවෙනි. ඒ හැරෙන්නට සවස හතර දක්වා විවෘතව පවතී. මෙය සාමාන්‍ය සමාජ විද්‍යාපීඨ ගොඩනැගිලි වලට පරිබාහිරව පිහිටන නිසාත් නව ගොඉනැගිල්ලේ තුන්වන මහලේ පිහිටීම නිසාත් බොහෝ දෙනා පැමිණිනේන්නේ අඩුවෙනි. නමුත් එක්වරක් පැමිණි කල නැවත පැමිණෙන්නන් හේතුවෙන් සාමාන්‍යයෙන් සියලු ම ආසන පිරී යාම සාමාන්‍ය ස්වභාවයයි.

දැනට විද්‍යාපීඨයේ ඇති විද්‍යාගාරයේ වායු සමීකරණයට සාපේක්ෂව ගත්කල මෙහි වායු සමීකරණය අතිවිශිෂ්ට බව කිවහැකිය. පරිගණක 20ක එක් කාමරයක් සදහා සාමාන්‍ය ප5මාණයේ වායු සමීකරණ තුනක් යොදගෙන්නා අතර ඉන් ලබා දෙන සිසිලස හේතුවෙන් සිසුන් ගල් නොවී සිටින්නේ අපහසුවෙනි. ඉදින් යම් හෙයකින් ඔබ නව පරිගණක විද්‍යාගාරය වෙත යන්නට බලාපොරොත්තු වන්නේ නම් ස්වීටරයක් හෝ ජර්සියක් රැගෙන යාමට නිර්දේශ කරමි. දැනට මෙහි කිසිදු ආකාරයකින් ඔබගේ හැදුනුම්පත් පරීක්ෂා නොකරන අතර අවශ්‍ය සෑම විද්‍යාර්ථයෙකු වෙනුවෙන් ම සේවා සම්පාදනය කරන බැවින් විද්‍යාපීඨ මෙන්ම වාණිජ පීඨ විද්‍යාර්ථීන් වෙනුවෙන් ද දැනට අවස්ථාව හිමිව ඇත. වායුසමීකරණ ක්‍රියා නොකරන කල අමතර පවංකා සවිකර ඇති අතර පරිගණක 50ක එක් කාමරයක් සදහා පවන්කා හයක් ක්‍රියාත්මක කරයි. යුනිකෝඩ් තත්ත්වය ද ඉතා යහපත් වන අතර මා මෙම ලිපිය ලියන්නේ ද මෙම විද්‍යාගාරය තුළ සිට බව සැලකුව මනාය. මන්ද යත් ඔබ කැලණියේ අභ්‍යන්තර සිසුවකු වශයෙන් වරක් හෝ මෙහි ආ යුතු බැවින් මෙම කාරණය ඉතා ඉක්මණින් දැනුම් දෙන්නට මට සිත්වූ නිසාවෙනි.

අමතර පහසුකම් පිළිබද කතා කරන විට ප්‍රධාන විද්‍යාගාරයේ මෙන් නොව ඔබගේ මතක පෑන් පෙන් ඩ්‍රයිව්ස් ද කරදරයකින් තොරව සම්බන්ධ කර වැඩ කර ගත හැකිය. නමුත් විද්‍යාපීඨයේ මෙන් ඔබගේ ගමන් මලු තැබීම සදහා මෙතෙක් පහසුකම් සපයා නැත.

කරුණ මෙ නොවේ දැන් ඔබට වෙනම විද්‍යාගාරයක් ලැබී ඇති බැවින් කිසිදු සමාජ විද්‍යා සිසුවකු විද්‍යාපීඨයේ සිටිය යුතු නැත. ඊට නම් මින් පසු ඔබට අවසර ද ලැඛෙනු නැත. මෙම ෆෙඩරල් විසදුම තුළ තවත් එක් ඊලමක් වන්නේ එසේය

9 comments:

  1. විස්ටා වෙනුවට වින්ඩෝස් 7 දාගන්න බැරි නම් xp තිබෙන එක් වඩා හොඳය. මන්ද යත් විස්ටා යනු මහා අජූත මෙහෙයුම් පද්ධතියක් බව තව නොබෝ දිනකින් පැහැදිලි වනු ඇත.

    ReplyDelete
  2. ඔබ සියල්ලට සුභ පැතුම්!ඒ නව පරිගනක විද්‍යාගාරය වෙනුවෙනි!

    මැෂින් 100ක් වෙනුවෙන් විස්ටා CD සහ office CD වෙනුවෙන් ලක්ෂ ගනන් මුදල් ගසා කෑ සියල්ලන්ටද සුභ පැතුම්!

    ඒ රටේ අනාගතය,ඔවුන්ගේ සාක්කුවලට පුරවාගත් බැවිනි!

    ReplyDelete
  3. @ජංජාල චාමර එක නම් ඇත්ත!Hardware වලට වඩා Software වලට සල්ලි වියදම් කරන්න ඇති!Ubuntu/Fedora වගේ FOSS O/S එකක් දැම්ම නම් ඉවරයි! ඉතුරු වෙන සල්ලි වලින් තව පරිඝනක 50 විතර ගන්න තිබුනා!නිකන් සල්ලි අපරාදෙ!

    ReplyDelete
  4. ඕක නෙමෙයි හොඳම ගැහිල්ල.
    අපේ ගණිත අධ්‍යයනාංශයට අලුත් විද්‍යාගාරයක් හැදුවා පරිගණක 50ක විතර. අලුත්ම Core2 Duo පරිගණක. ඒවායේ සිස්ටම් යුනිට් වල Genuine Windows Vista serial ස්ටිකරය අලවලා තියෙනවා. නමුත් දාලා තියෙන්නේ XP හොර කොපියක්.

    කෝමද වැඩේ! බිල දාන්නේ Genuine Vista වලටත් එක්ක. දැන් ඒ විස්ටා සීරියල් ටික පාව්ච්චි කරනවා ඇත්තෙ වෙන කවුරුහරි, ආණ්ඩුවේ මුදලින් :D

    ReplyDelete
  5. අයියා කතා කරලා වැඩක් නෑ. දැනට කැලණියේ පරිගණක විද්‍යාගාර දෙකක් ම ආරක්ෂක අංශය විසින් සීල් තියලයි තියෙන්නේ.... වහලා තිබුණ කාලේ ඇතුළේ බඩු වගයක් ඇස්කොට් කරලලු. දැන් නිකම් කතාව යන්නේ ශිෂ්‍යයන් විසින් කඩාකප්පල්කාරී විදියට හොරකමක් කළා වගේත නමුත් ඒක නම් Day Light Robbery එකක්.නඩුත්හාමුදුරුවන්ගේය - බඩුත් උන්නාන්සේගේ මය ඉදින් කවර කතාද??

    ReplyDelete
  6. සාමාන්‍යයෙන් මෛක්‍රොසොෆ්ට් සමාගමෙන් විශ්ව විද්‍යාල සඳහා නොමිලේ පරිගණක මෙහෙයුම් පද්ධති ලබාදෙනව කියලයි මං නම් අහල තියෙන්නෙ.

    ReplyDelete
  7. @දසුන් අය්යා.

    කතාව නම් එහෙමයි..ඒත් මම දැකලා තියනවා අපේ ලැබ් එකේ තියන සමහර ඒවා පයිරට් කොපි කියලා ඩිටෙක්ට් වෙලා අර කළු පාට තිරය එක්ක තියනවා.

    ලිනක්ස් ගැන කියනවා නම් මම ලිනක්ස් උඩ දුවන එක පරිගනකයක් විතරයි මේ වෙනකොට වි.වි. දැකලා තියෙන්නේ. ඒකත් පුස්තකාලයේ තියන එකක්. නමුත් කවුරුවත් ඒක පාවිච්චි කරන්න කැමති නැ. ඒක නිස හැම වෙලේම ඒක ෆ්‍රී :D

    ReplyDelete
  8. අයියා අළුත් ලැබ් එකේ කම්පියුටර්ස්වල සිංහල යුනිකෝඩ් වැඩ කරනවාද ?

    ReplyDelete
  9. ආහ් යුනිකෝඩ් වැඩ කියලා තියෙනවා නේද :)

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....