Monday, October 24, 2016

සිදුහත් කෝට් නොකෙරූ ප්‍රේම පුරාණය හෙවත් අනාදරයෙන් ගරු කිරීම

එදා පන්තියට ගියාම මට උගන්නන්න තිබුනෙ අභිධර්ම පාඩමක්. අකුසල චෛතසික උන් චෛතසික අහලා තිබුණාට අභිධර්මය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නෑ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ කොටස් උගන්නන්න ම මට වරුවක් ගියා. ඊළඟ පාර අභිධර්මය කියන්නේ මොකක් ද කියලා ඇහුවා ම මගේ ගොන් බාන දන්නෑ කියන්න එපා. විනය, සූත්‍ර, අභිධර්මය කියලා ත්‍රිපිටකයක් තියෙනවාය. විනය කොටස් පහකට පාලි වශයෙන් බෙදා තියෙනවාය, සූත්‍ර දිග, කොට, ආදී වශයෙන් පිටක පහකට බෙදා තියෙනවාය, පරමාර්ථ ධර්ම හතරක් කියලා අභිධර්මය කොටස් හතරකට බෙදා තියෙනවාය කියලා නොදන්න කෙනෙකුට කියලා දෙනන් පුළුවන් වෙන්න ඕන.

ඒ ළමයි හරි පව්. උන්ට බේසික් දන්නෑ. හැබැයි ටික ටික දැනගත්තා ම ආස වෙනවා. අපිත් එක්කත් තර්ක කරනවා. එදා ජරමර අස්සේ බරකරත්ත කියාගෙන අපේ රචනා සෙට් එකත් ප්‍රැක්ටිස් ආව. ඇවරිතුමාට පන්තිය කරන ගමන් ඒ දැරිවියො තුන් දෙනා එක්කත් කතා කරන්න සිද්ධ වුනා. හැමදාමත් වගේ වැඩියෙන් ම වද දෙන ගීත්මා හා හා පුරා කියලා දෙබරෙට ගල් ගහලා පටාන් ගත්තා. මාතෘකාව බෞද්ධ විවාහ ජීවිතය. අනේ පුතේ මේ මාතෘකාව ගැන කියලා දෙන්න නම් මට අත්දැකීම් නෑ. හැබැයි මම ටෙක්ස්ට් එක උගන්නන්නලා තියරි දෙන්නම් ප්‍රැක්ටිස් එක ගැන අම්ම අප්පච්චිගෙන් අහගන්න. සාමාන්‍යෙයන් ඇවරි ගොන් ටයිප් වුනාට ඇවරිගේ ගෝලයෝ ටිකක් මීටරේ තියෙන බුවාලා. උන් මගෙන් ඉගෙනගෙන මට ම කෙළවෙන ප්‍රශ්න ගේන්න හරි දක්ෂයි. 

කෙල්ලගේ රචනාව හොඳයි. දැනට පවතින ආර්ථික, සමාජ දේශපාලන රටාව තුළ කුටුම්භ සංරක්ෂණය, සාමුහිකත්වය, පවුල් ඒකක ඔස්සේ සමාජය ගොඩනැඟීම, අග්ගඤ්ඤ සූත්‍රය, නකුල මාතා-නකුල පිතා, කාන්තා නිදහස, ස්ත්‍රීවාදය, සිඟාලෝවාද සූත්‍රය, විවාහය සහ දික්කසාදය ආදී වශයෙන් බොහෝ පැතිරුණු මාතෘකා ඔස්සේ ලියැවුණු රචනාවෙ අඩුපාඩු නැති තරම්. හැබැයි ඇය වර්තමාන සමාජයේ දික්කසාදය ටිකක් රිදන්න ලියලා තිබුණ එක ගැන ඇවරි එච්චර එකඟ වුනේ නෑ, දරුවො ඒ ටික ටිකක් සැර බාල කරලා ලියමු. කරුණු කාරණා ඇත්ත වුනාට එච්චර රිදෙන්න ගහන්න එපා. ප්‍රශ්නයක් නෑ මම එඩිට් කරලා දෙන්නම් සර්. නමුත් මට පුංචි අවුලක් තියෙනවා. ඔයාට අවුලක් නැති මාතෘකාවක් තියෙනවානම් මයි සෙල්ෆ් විතරක් වෙන්න ඕන. කියන්න. “නෑනේ සර්, මම කවුද කියලා මමත් තාම හොයනවා නේ...” ඇගේ උත්තරෙන් ඇවරිතුමා පුදුම වුනේ නෑ. ඇය කොහොමත් වෙනස් කෙල්ලක්.

“කෙටියෙන් මෙහෙමයි. දැන් විවාහය ගැන කතා කරද්දි ආදරය කියලා වචනයක් තියෙනවානේ සර්. හැමතැනම තියෙන එකක් නේ සර් ආදරය, නමුත් ඒ ගැන බුදු හාමුදුරුවන්ගෙන් මට කෝට් කරන්න දෙයක් නෑනේ සර්..?? මම සිද්ධාර්ථ-යසෝදරා ස්ටෝරියෙනුත් සෑහෙන්න දෙයක් ගත්තා. අර යශෝදරාවතේ එහෙම පට්ට රහට ලියලා තියෙනවා නේ සර්. එත් සාමාන්‍ය ජීවිතේ දී බුදුන් බිරිඳට ආදරේ කරන්න කියලා කොහේවත් කියලා නෑනේ?? මට නිකම් හිතුන දෙයක් විතරයි. උත්තරයක් නැත්නම් අපි හෙමින් හොයාගමු.”

වක්කඩ කැඩුවා වගේ කුමාරිහාමි තමන්ගේ හිතේ හිර කරගෙන හිටි කුතුහලය පිරි ප්‍රශ්නය අහලා දැම්මා. කෙල්ල කොහෙන්ද ප්‍රශ්නය හොයා ගත්තේ? ඇවරි ටිකක් බරපතලව ඇහුවා.  ඇගේ ප්‍රශ්නයේ අන්තිම පාර්ට් එකට ඇවරි  ආස කලා. නෑ මං නිකම් ඇහුවෙ උත්තරයක් නැත්නම් හෙමින් හොයාගනිමු. පුහ්.. මැගේ ලයින් කිරිල්ල.

දරුවෝ උත්තරේ ඔයා ළඟ ම තියෙනවා. හොයලා බලන්න විනාඩි පහළොවක් දෙන්නම්. ඇවරිතුමා පන්තියට සටහන කියවන්න ගියා. “කමෝන් මිස්ටර් පතිරගේ ඉෆ් අයි හැඩ් ඇන් ආන්ස්වර්, වයි වුඩ් අයි ආස්ක් යූ??” ගීතිට ලේසියෙන් තරහ යන්නේ නෑ. හැබැයි තරහ ගියොත් විනාසයි. එහෙම වුනා ම මියුසියස් ගතිය ඉස්මතු වෙනවා. කඩ්ඩෙන් බැනීම තමා ප්‍රතිඵලේ. “ඕකේ කාම් ඩවුන්, ඩිඩ් යූ රිෆර් දිස්?” ඇවරි පෙන්නුවෙ සිඟාලෝවාද සූත්‍රයේ මුල් ම පාඨ දෙක.

එක බිරිඳට ගරු කිරීම දරුවා. දෙක අවමන් නොකිරීම. ගරු කිරීමයි අවමන් නොකිරීමයි කියන්නේ දෙක ම අඩු වැඩි වශයෙන් එක සමානයි. හැබැයි ගරු කිරීම ගැන කියන ගමන් අවමන් නොකිරීම ගැන කියන්නේ ඒක අවධාරණය කිරීමක් නිසා. රෙස්පෙක්ට් කියන එක සාර්ථක යුග දිවියකට අවශ්‍යයි. “සෝ වට් අබවුට් ලව්...??” අයියෝ සුසානෝ ඒක හරි සරලයි නේ. ඔයා ආදරය නොරකන, ඒ කියන්නේ ඔයා තරමක් හෝ වෛර කරන හැබැයි ඔයා ගරු කරන එක චරිතයක් මට කියන්න, මේ මං ඇරෙන්න හරි??”

“හහ් හා යූ මස්ට් බී කිඩින්ග්!! සර් ඔහොම ඇහුවා ම මට මතක් වෙන්නේ අර අඹ ප්‍රශ්නය සහ ඥාතී ප්‍රශ්නය. මේ ගස හැර වෙනත් ගස් තිබේ ද මහරජ..?? එසේය ස්වාමීනී වගේ තමා...!!” ජස්ට් ස්ටික් ටු ද පොයින්ට් ළමයා.

“හරි හරි නෑ.. මගේ වෛරයිකාරයින්ට මං ගරු කරන්නේ මොකට ද? මං ඒ අය එක්ක තරහයි නේ. අයි මීන් හූ කෙයාර්ස්?? මං ගරු කරන්නේ මගේ දෙමාපියන්ට, වැඩිහිටින්ට, ගුරුවරුන්ට ප්ලස් ඊ.සී.ටී විතරයි.”
“ඔහ් රියෙලී?? සෝ දැට්ස් ද ආන්සර්..” සොරි අයි ඩිඩ්න්ට් ගෙට් ඉට්?? ගීති ෆුල් ෆොක්ස් වෙලා ඇහුවා.

 ඇයි දරුවෝ තේරුම්ගන්නැත්තේ? ගරු කරන අයයි ආදරේ කරන අයයි දෙගොල්ලොම ඉන්නේ එක ම කුලකයේ. ඔයා දන්න වෙන් ඩයග්‍රම්ස් වල එකම සෙට් එකේ. ඔයාට කවදාවත් තරහාකාරයෙක්ට ගරු කරන්න බෑ. නිකම් හිතන්න දැන් ඔයා ගරු කරනවාය කියපු දෙමාපියන්ට ආදරේ නැතිවෙන වෙලාවක් ඇවිත් නැද්ද. ඇට්ටරකම් කරපු වෙලාවල් ඇවිත් නැද්ද. අම්මාව හපා කාපු වෙලාවල් නැද්ද? මොකක් ද එතන වුනේ. අම්මා තාත්තා වුනත් ඒ අය ගරුකටයුතු විදියට එතන දී හැසිරුණේ නෑ. එතකොට ඔයාගේ ඒ අයට තිබුණ ආදරේත් නැති වුනා. ඒ නිසා ගරු කිරීමයි ආදරයයි කියන්නේ එකම කතාවක්.


“දැන් ඕක ම තමා අර ජේසු අසල්වැසියාට ප්‍රේම කරන්න කිව්වෙත්. කෙනෙක්ට ගරු කරන්න නම් සෑහෙන්න ආදරක් තියෙන්න ඕන දැරිවි. ඒක තේරුම්ගන්න. මෙතන පද පෙරළියක් කළා නම් උත්තරේ සරලයි.” ඇත්තට ම ඔයා හොද ප්‍රශ්නයක් ඇහුවෙ. දැන් තේරෙනවා ද උත්තරේ. ඒක නම් හරි ඕක රචනාවට ගළපන එකනේ වැඩේ..! ඉට්ස් අප් ටු යූ ඉබ්බි. හැබැයි නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා හේම නෙමෙයි..!! 


යෝගා නැති ඉරිදාව හෙවත් කසාදයෙන් වෙනස් වීම

මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න - කියලා හිතාගෙන ඇවරිතුමා ශනිදා අලුයම් පැයට ටිකක් කලින් සයන තේවාවට සෙන්ටර් වුනා. ඉරිදා ප්‍රමාද වෙලා ඇහැරෙනවා කියන්නේ ඉතිං හොදි ඕන නැති සීන් කෝන් එකක්. දැන් දැන් ඇවරිතුමා යෝග මූමන්ට්ස් ටිකක් උදේට උදේට ප්‍රැක්ටිස් කරන නිසා භෞම මුහුර්තයෙන් බව්වා පාරක් දාගෙන උදේට සූර්ය නමස්කාරය සඳහා වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. කොළ කැඳ කෝප්පයක් බීලා, සරමත් බාගෙට මැදගෙන නැෂනල් එක පටලවන් දහම්පාසල් දුවන අවිවේකී හැපනින් ඉරිදාවේ මොන යෝගා ක්ලාස් ද බොලන්. හැබැයි ජැක්ලීන් දැරිවි අප්ලෝඩ් කරපු වීඩියෝ ටිකක් බලාපු ඇවරිට මහා ප්‍රාචීරය හරියෙන් බෝල් ජොයින්ට් එකක් ගියත් කමක් නෑ කියලා යෝගා - ෂෝගා පාරක් දාගන්න හිතුනා. මයෙ අම්මාපල්ල ඒ කෙලී හලි කියුටුවට කාන්ති කඩා හැලෙන දේහේ රබර් ඉලාස්ටික් වගේ නව නවා කරන අංගර ඉංගර දැක්කාම හැට පැනපු ආච්චිලට වුනත් එහෙම නොහිතෙනවා නම් ඒක බොරුවක්.

කොහොම හරි ඈවරිවිතානෝ දහම් පාසල් මෝර්නින් එසැම්බිලියටත් යන්න සෙට මෝල් වුනා. 2016 අවුරුද්දට ම ඒ ඇවරි උදෑසන වත් පිළිවෙත් සඳහා සහභාගී වූ දෙවන නැත්නම් තුන්වෙනි දවස. මොකදෑ ඉතිං උදේ පාන්දරින් නැඟිටලා නෝනා මාත්තියලට තේ හදලා, ළමයින්ගේ හේමත් වැඩ රාජකාරි ඉෂ්ට සිද්ද කරගෙන නොවැ ඇවරි දහම් පාසල් යන්නේ. ඔයා නම් මාර ගුරා ලොකූ. ළමයි කොහොම ඉගෙනගන්නව ද මන්දා වෙලාවට වැඩ කරන්න. ඇවරිගේ නැඟණි පරානය රන් මැණිකා හැමදාම ඇවරිගේ සන්ඩේ මෝර්නින් සෝ එක ගැන දක්වන්නේ එහෙම ප්‍රතිචාරයක්.

පාරට බැස්ස ම නම් ඇවරිතුමා පියමනින්නේ බොහොම ශාන්ත දාන්ත ගමනින්. සුදු පිරුවට ඇඳගෙන, ඉරිමා උදේ දත් තිස් දෙක ම පෙන්වමින් හිනා වෙවී, මිහිකත සනහ සනහා පා ගමන් යන ඇවරිතුමා දකින බොහෝ දෙනා පෙරළා සිනා වුනත් හැමදාමත් එතුමාගේ ඉදිරියට කවදාවත් ම හිනාවකින් සංග්‍රහ කරලා සතුටු කරන්න බැරි කෙනෙකුත් එනවා. ඇය දහම් පාසල් දරුවෙකුගේ මවක්. හැමදාමත් ප්‍රධාන පාරින් පන්සල දෙසට හැරෙන වංගුවේ දී හෝ ඒ ආසන්නයේ දී ඇවරිතුමාට මේ කාන්තාව හමුවෙනවා. ඇගේ සරදම හරි අපූරුයි. “අදත් පරක්කුයි නේද සර්...” ඇය මගෙන් පිළිතුරක් අපේක්ෂා කරන්නේත් නෑ. ඇවරිතුමා පිළිතුරක් දෙන්න තරම් උත්සහ කරන්නේත් නෑ. හැබැයි මේ කියන දවසේනම් ඇයව මට හමුවුනේ පන්සල උඩදි. එදා කවදාවත් නැතුව පන්සලේ වතාවත් සඳහා ගිය ඇවරිතුමා දැකපු ඒ මාතාව හැමෝට ම ඇහෙන්න මෙහෙම කිව්වා. “අද නම් සෑහෙන්න විශේෂයක් තියෙන දවසක්. නැත්නම් කවදාවත් නලින සර් මේ තරම් උදේ එන්නේ නෑ.” ඇගේ කතාවෙන් වටේ හිටි බොහෝ දෙනා මා දිහා බැලුවා. හැමෝට ම ඇහෙන්න ඇවරිතුමා උත්තර දුන්නේ හැරෙන තැපෑලෙන්. “ඔව්.. සෑහෙන්න විශේෂ දවසක් තමා. ගිය සතියෙ අපි ප්‍රථමස්ථාන දහයක් එක්ක ශාසනාරක්ෂක තරගවලින් මණ්ඩලේ ප්‍රථමස්ථානය දිනා ගත්තා. අද ප්‍රතිඵල දෙන්නයි යන්නේ...” ඒකනේ ම කිව්වේ කියාගෙන ඒ අම්මා ඇවරිතුමා සමීපයට ආවා.

ඇත්තට ම සර් ඇයි උදේට පරක්කු වෙන්නේ? සමාවෙන්න මට එහෙම අහන්න අයිතියක් නෑ. ඒත් සර්ගෙ පන්තියේ ළමයි සර් උදේ ම එනවා නම් හරි කැමතියි. මගේ දරුවත් සර්ගෙ පන්තියේ ඒකයි ඇහුවේ. හ්ම්.. ඒකට නම් කාරණා ගොඩක් තියෙනවා. එක තමා මං සෙනසුරාදා වැඩ ගොඩක් ඉවර කරලා පරක්කු වෙලා නින්දට යන එක. දෙක පාන්දරින් කවුරුත් නැගිට්ටවන්නේ නැති එක. නැගිට්ටාමත් මගේ රෙදි අයන් කරලා වැඩ ඉවර වෙන්න වෙලා යන එක.” අපෝ එච්චර ප්‍රශ්න නම් බැන්දාම හරියයි... “බැන්දාම මේ ටිකවත් කරන එකක් නෑ. දැන් පේන්නේ නැද්ද චන්දිමා ටිචර්.” ඇවරිගේ උත්තරෙන් එහි හිටි හැමෝට ම හිනා ගියා. “චන්දිමා අක්ක අවුරුදු විස්සක් ම ළමයින්ට ඉගැන්නුවා. එයාගේ තරුණ කාලෙම  හිටියෙ ළමයි එක්ක. දැන් මැරි කළාම ඒ අය නාවට කමක් නෑ. පුළුවන් කාලෙ ඇති තරම් ඒ අය අනුන්ගේ ළමයින්ට උගන්නන්න මහන්සි ගත්තා.” ඒන නම්  ඇත්ත. හැබැයි මේ යස්ස පැටව් ටික ආන්බාන් කරන්න ටීචර් හිටියා නම් හොඳයි. පන්සිල් දෙන්න සූදානම් වුන නිසා ඇවරි ධර්මශාලාව පැත්තට ගියා.

ඇවරි වුනත් තාමත් සර්විස් එකේ ඉන්නේ ඒ නිසා. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම්. කිච්චෝ මනුස්ස පටිලාභෝ නිසා ලැබුණු මනුස්ස ආත්මෙන්, සමාවෙන්න ඕන අත්භවයෙන් (බෞද්ධ අපි අනාත්මවාදීන් නේහ්) උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. තව කොච්චර කාලයක් මට මෙහෙම කරන්න පුළුවන් වේද දන්නේ නෑ. ඒ කාලෙ උපරිම දෙයක් කරන්න තමා උත්සාහ කරන්න ඕන. එකෙක් හරි හැදුනොත් ඇති. අපි වැඩ කරන්න ඕන ඒ එකා වෙනුවෙන්.    


එදා රැස්වීමෙදි ජයගත් ළමුන් ඉදිරියට  කැඳවා ඔවුන්ට ආශිර්වාද කිරීමක් සිද්ධ වුනා. එදා සැප්තැම්බර් දාහත් වෙනිදාට යෙදුන අනගාරික ධර්මපාල දිනය වෙනුවෙන් විශේෂ දේශනයක් සංවිධානය කරලා තිබුණා. ගොඩක් කරුණු දැන කියාගන්නත් පුළුවන් වුනා. පුළුවන් තරම් උදේ රැස්වීමට එන්න උත්සහ කරන්න ඕන කියලා ඇවරි හිතා ගත්තා. 

කලර් ලයිට් ට්‍රැෆික් වේටින් හෙවත් හිඟනාලංකාරය

ගොඩ කාලෙකට පස්සේ සලාදයක් ලියන්න ආව ම අදාළ ම නැති මාතෘකාවක් ගැන ලියලා කියලා සසුන් ලැදි පින්වතුන් මල ජම්ප් කරගන්න එපා. මේක කාලයක් තිස්සේ ඇවරිතුමා ලියා පළ කරන්න හිතාපු කතාන්දරයක්. (ඒ තේමා වාදනය නම් පුරුදුයි, පුරුදුයි වගේ ඇවරියෝ....) ගොඩක් දේවල් මං කාලයක් තිස්සේ කරන්න බලාපොරොත්තු වන දේවල් තමා. කොටින් ම ඇවරි කියන්නේ ස්වභාවයෙන් ම අසම්පූර්ණ කතා වස්තුවක්. එහි සමහර එපිසෝඩ් ලියලා අහවර කරන්න බැරි ජීවිත ගණනාවක් ඊට ගැටගැසී තියෙන නිසා. කොටින් ම ඒවා ලියා පළ කළොත් පාත්‍ර වර්ගයා වෙනුවෙන් කර්තෘභාග ගෙවන්න ම මට තව රස්සාවක් හොයා ගන්න සිද්ද වෙනවා. ඒ නිසා වන්නාට යහපත කියලා කොපි රයිට් ඇක්ට් එකෙන් කවර් වෙන ඇවරියාණෝ වත හෙළි කිරීමටයි යන්නේ..

ඕන් පෙන්නන්නයි ආවෙ - පෙන්නන්නයි යන්නේ....! මෙන්න පළවෙනි මෝස්තරේ....!!!

ගාලු පාරේ පානදුර, මොරටුව බස්වල යන අයට මේ වචන ටික ඇහිලා ඇති. මෙහෙම කියන්නේ බස් එකට නැගලා පත්තර කොළ වලින් විවිධ විසිතුරු මෝස්තර කපලා පෙන්වන තරුණයෙක්. පොල්අත්ත, ඉණිමග, මල් පොකුරු  ඔහුගේ නිර්මාණ අතර තියෙනවා. පෙන්නන්නයි ආවෙ - පෙන්නන්නයි යන්නෙ වචන ටික ඔහු ඇදලා පැදලා කියන හැටි හරි අපූරුයි. කතාව මේ විදියට බස් එකේ නැගලා දක්ෂතාවයක් පෙන්වලා ඩමියක් දාලා කීයක් හරි ඉල්ලන අය ගැන නෙමෙයි හිගන්නො ගැන. හිගන සලාදයක් ලියන්න තරම් ඇවරි බංකොළොත් වෙලා ද කියලා කවුරු හරි ඇහුවොත් ඔව් කියන්න පුළුවන්....

දැනට සතියකට විතර ඉහත ඉදන් රෑට ඇවරිතුමා ගෙදර එද්දි මුණගැහෙන කාන්තාවක් කරපින්නාගෙන, දෙමටගොඩ හන්දියේ හිගමන් යදින ජෝඩුව තමා මේ සලාදය ලියන්න ආසන්න නිමිත්ත වුනේ. හිගන්නො කිව්ව ම අපි මේ කතා කරන්නේ වෘත්තිය හිගන්නො ගැන. නැතුව බඩගින්නේ කන්න නැතුව හිගාකන මිනිස්සු නෙමෙයි. මේ දෙන්නාගේ උපක්‍රමය ඉතා සිත්ගන්නා සුළුයි. බොරැල්ල හන්දිය, කනත්ත ඉදිරිපිට, කැලණිතිස්ස බලාගාරය, ඔරුගොඩවත්ත හන්දිය (ලාෆ් සුපිරි වෙළදසැල ඉදිරිපිට) වගේ තැන්වල අනිවා හිගන්නො දකින්න පුළුවන්. නමුත් මේ කරේ තියන් හිගාකෑමේ ස්ටයිල් එක අලුත් ම සීන් එකක්. රතු එළිය පත්තු වෙනකම් හිගන කත ඉන්නේ පාර අයිනේ ඇති රෝද පුටුවේ. රතු දැල්වුන ගමන් පිරිමියා ඇය කරේ තියාගෙන පාරට එනවා. අර ගස් නගින මිනිස්සු වළල්ලක් පාවිච්චි කරනවා වගේ හිගන කාන්තාවගේ බර දරා ගන්න ඔහු පාවිච්චි කරන්නේ දගර ගසන ලද ලේන්සුවක්. මුල් ම වතාවට නම් කෙනෙක් දැක්කොත් කීයක් හරි දෙනවා. හැබැයි හිගන මනුස්සයා රෑ දොළහට කලර් ලයිට් එකේ හම්බුනත් කියන්නේ මෙයාට බත් එකක් ගන්න කීයක් හරි දෙන්න කියලයි.

ඇවරිතුමා ගේ ප්‍රතිපත්ති ප්‍රකාරව ගායකයින්ට නම් සල්ලි දෙනවා. හිගන්නන්ට නම් දෙන්නේ නෑ. මොක ද බොහෝ දෙනාව ඇවරිතුමා දන්නවා වගේ ම මේ බජාර් එකට මල්ලී - අහසත් නෑ... පොළොවත් නැති නිසා ඔවුන් ඇවරිවත් දන්නවා. සාමාන්‍යෙයන් පොත් විකුණන මිනිස්සු, හිගන්නො, පිළිකා රෝගීන්, ආධාර පත්‍ර, චයිනා-මයිනා ඔක්කොම සෙට් වෙන්නේ ඇවරි තුමා වැඩට යන දවල් එකොළහමාරත් දොළහත් අතර ඉරට හැතැප්මට පායන වෙලාවට. ඔවුන්ගේ ඉලක්කය දිනයේ හමුවන අවිනිශ්චිත පාරිභෝගිකයන්ට කඩිනම් අවශ්‍යතාවක් ඇති බවට මවා පාලා තමන්ගේ වෙළදාම කරගන්න. බලන්න මාත්තයා, මට ලයිට් බිල්, වතුර බිල්, කඩකුලී ගෙවන්න නැති නිසා පොත් පහ ම සීයට දෙනවා. කොච්චර සිම්පල් ප්ලෑනක් ද? ඔය විකුණන මිනිස්සු නම් කමක් නෑ කියමුකො. කෑලි ගානට පොත් විකුණන ගොඩක් දෙනා මාලිගාවත්තේ බුවාලා. ඊයෙ ආවෙ නැ නේද? නෑ සර් ඊයේ 138 රූට් එකේ නේ හිටියේ කියලා පොරවල් ම කතාවට සෙට් වෙනවා. හැබැයි මේ අය පොත් විකුණලා සික් එක නැති කරගන්නවා මිසක් දුර බස්වලින් බෑග් අරන් බහින්න, චේන් කඩන් දුවන්න, පොකට් ගහන්න වගේ රොම්පි වැඩ කරන්නේ නෑ වගේ ම බෞද්ධ කොඩි විකුණනවා වගේ චාටර් ගේම් ගහන්නෙත් නෑ.

හැමදාම වැඩට යද්දි ඒ අයත් හැමදාම එනවා. ඉතිං අපි හිනාවුනාම ඒ අය හිනාවෙනවා. කතා කළොත් කතා කරනවා. ඇත්තට ම ඒ මිනිස්සුන්ට මට වඩා සල්ලි තියෙනවා. නැත්තෙ පිළිගැනීමක් විතරයි. සමාජය තුළ හිගන්නන් ලෙස අධිනිෂ්චය වීම නිසා යම් පසුගාමී මානසිකත්වයක් මිසක් සල්ලි බාග අතින් ඒ අය ස්ථාවරයි. දන් අර කොළඹ කොටුවේ සිට මුහුදුබඩ මාර්ගයේ පානදුර දක්වා හිගාකන පිළිස්සුනු ගැහැනිය ජීවත්වෙන්නේ දෙමටගොඩ මහල් නිවාස සංකීරණයේ. ඒ ඔවුන්ගේ ජීවිතය.

ගණිකාවන්ගේ තත්ත්වයත් මීට සමානයි. අපි ගල්කිස්ස හබ් එකේ ඉන්න නිසා නිතර දකිනවා. කවුරුත් ඒ කාන්තාවන් පහත් කොට සලකන්නෑ. මොක ද වීල් අයියලා, වටේ ලොජ් ටික දුවන්නේ ඇගේ කොමිස් මුදල්වලින්. ඉතිං හිගන්නො කියන්නේත් ඒ වගේ. වෙනසක් නෑ. ඒකත් රස්සාවක්. ඇවරිතුමාට නම් මල පනින්නේ කඩු ගිලින එකා හරි ටියුබ් ලයිට් කන එකා හරි නැග්ගොත් තමා. මට ඒ දර්ශන නම් බලන්න ම බෑ. බුවා නැග්ගොත් ඇවරිතුමා ඉදිරි පෙළ අසුනකට මාරු වෙනවා. හැබැයි ඇවරිතුමා බසයේ හිටියොත් ඉදිරි අසුනකට මාරු වෙනකම් බුවා වැඩේ පටන් ගන්නෙ නෑ. ඒකටයි ඩීල් දාගන්නවා කියන්නේ. හැමදාම යන නිසා පොරත් අපිව දන්නවා.

ඉතිං හිගන්නො කියන්නේ බොහොම ගරු කටයුතු පිරිසක්. මොක ද හිගා කෑවට ඒ අයගෙත් ආචාර ධර්ම තියෙනවා. ඒව නම් මේ සලාදෙ නොලියන තරමට හොදා. හි‍ගන්නන් සම්බන්ධ පුද්ගලබද්ධ ප්‍රතිපත්තිත් හරි අපූරුයි. ඇවරිගේ මාතාව ළමයි වඩාගෙන හිගාකන අයට සල්ලි දෙනවා. ඇවරිගේ නැගණි පරාණය ඕනෑම හිගන්නෙකුට හමුවන පළමු අවස්ථාවේ පමණක් සල්ලි දෙනවා. තව දුන්නත් වැඩක් නෑනේ ලොකූ.. ඒ මනුස්සයා එක ම නැතනේ?? ඒ හරිය තේරුම් ගන්න තමුන්ට දන් දෙන්න ම සිද්ද වුන එකනේ වැඩේ. නෑ නෑ ඒක මං අනුග්‍රහ භක්තියෙන් නොව පූජා භක්තියෙන් දුන් දානයක්. සාදු කියන්න පින්වතුනි...! සාදු සාදු සාදු

ඇවරිතුමාගෙ ඩැයිවර් මාතලී තමා අපූරුම කතාව කිව්වේ. දැන් සර් අපි භාණ්ඩ හා සේවා අරගෙන ඒකට මුදල් සරිලන මුදල් දෙනවා. හිගන්නා මොක ද කරන්නේ උගේ දුක අපිට විකුණලා අපේ අනුකම්පාව මුදල් කරගන්නවා. අනුකම්පාවට සේල් එකක් තියෙන්නෙ වැරහැලි ඇදන් ඉද්දි, තුවාලයක් තියෙද්දි කියලා උන් දන්නවා. මං හිගාකෑව නම් දුක කියලා ඉල්ලන්නේ රුපියලක් විතරයි. රුපියලක් දෙන්න කවුද අකමැති වෙන්නේ. තියෙන අය වැඩිපුරත් දෙයි. දැන් බලන්න සමහර වෙලාවට අතේ රුපියල් පහ තියාගෙනත් අපි නොදී ඉන්නවා, අනිත් ඔක්කොම දහය, විස්ස දෙද්දි රුපියලක් දීලා හිගන්නන්ගේ ගණකම බලන්න අකමැති නිසා. හිගමන් ඉල්ලන එකත් ලොකු සීන් දාන කාලයක්නේ මේක. අහවලා මෙච්චර දුන්නා, මෙච්චචර දුන්නා කියනවාට වඩා ඌ බලන්න ඕන යටහත් පහත්ව අපෙන් කීයක් හරි දත ගලවා ගන්නනේ. ඒකට දැන් කාලෙ හිගන්නෝ ඉතිං මුන්ට හරියයි ද සර්...?  


දැන් කියමු බලන්න එහෙම හිගාකාලා හරිගියපු මිනිස්සු ගැන? ඇයි සර් හිඟන මුදලාලියා. බැංකුවේ ප්‍රයෝරිටි කස්ටමර්. ඩේලි රෝලක් දානවනේ සුද්ද ලාභයෙන්. මොකෝ බදු ගහනවා කියලයැ? ඔහු හිනාවෙවී කියනවා. අර දුප්පතුන් නැති ලෝකය කතාවේ වගේ ඇවරි විශ්වාස කරන්නේ නම් මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් හදලා දෙන එන හිඟාකන තැනට වැඩ සිද්ධ කරනවාට වඩා පිනක් වෙනවා. කෝ මේ උසින් බලලා සිකුරුටි ද කම්කරු ද කියලා නියම කරන මඤඤ්ං ඔස්තාර්ලා ඉන්න රටේ සමෘද්ධියත් හොරා කද්දි දුප්පත්කම පිටු දැකීම හීනයක් ම විතරයි. දුගී බවේ විසම චක්කරේ හැමදාම එකම තැන. 

Friday, October 21, 2016

චින්තප්පි නහෝති හෙවත් ළාමක ටින් ටින් කොළු කෙරිට්ටන්ගේ යුධ ජයග්‍රහණය...!!

කාලෙකින් සලාද ලියන්න ඇවරි ෂීනන්ට නොහැකි වුනේ වැඩ වැඩිකමට වඩා ආස කරන වැඩ වැඩි වුන නිසා කියන්න පුළුවන්. ආස කරන වැඩවලින් අති මහත් බහුතරය සමාජ සේවා, කඩේ යාම්, මරාල සහ නොයෙක් පර වැඩ වුනත් ආස කරන පුද්ගලික වැඩත් තියනවා කියලා ඈවර විතාන තේරුම් ගත්තේ මේ ඊයේ පෙරේදා. ඒ එක්ක ම පහුගියේ ටිකේ ඇනුවල් ඉයර් ප්ලෑන් එකේ තිබුණ සමහර කටයුතු වලටත් සහභාගී වෙන්න තිබුණා. දහම් පාසල් තරග ඒ අතර ප්‍රධානයි. 

මේ ගැන ඇවරිතුමා ම පෝස්ට් බර ගාණක් ලියලා තියෙන නිසා අමුතුවෙන් ලියන්න ඕන කරන්නෙත් නෑ. නමුත් තරග වැදීම සහ ලිවීම කියන්නේ ඇවරිතුමා තව තවත් තිරිහන් කරන ක්‍රියාදාමයක් නිසා ඒ වෙනුවෙන් අපි බුද්ධිමය ශ්‍රමය යොදවන්නේ ඉතා ම කැමැත්තෙන්. මෙදා පාර අපි දක්ෂ පුංචි කෙල්ලක් හොයාගත්තා වගේ ම ඇය ඉතිහාසය තරමක් වෙනස් කරන්න සමත් වුනේ ඇවරිතුමාට පුංචි දුකක් ඉතිරි කරමින්. පහුගිය අවුරුදු පහ ඇතුළෙ මුල් ම වතාවට හත්වන ශ්‍රේණියේ ප්‍රථමස්ථානය අපෙන් ගිලිහෙන්නේ බොහොම කණගාටුදායක විදියට හැබැයි මගේ කණ්ඩායමේ දැරිවියො හය දෙනාගෙන් තිදෙනෙක් ම ප්‍රථමස්ථාන දිනා ගැනීමෙන් ඇවරිතුමා තරමක් තෘප්තිමත් වුනා.

ඇවරිතුමාගෙ හොඳම ගෝලිය, හොඳම ආයෝජනය වුන ගීත්මාගේ මේ අවසාන අවුරුද්ද. ඇවරිතුමා සමඟ පුරා අවුරුදු හතරක් විතර ඈ වැඩ කළා. සෑහෙන්න පරිණත ලේඛිකාවක් වන ඈට අමතරව විශ්මිත් ඇවරිතුමාට අවශ්‍ය සහයෝගය දුන්නා.

ඇවරිතුමාව බොහෝ ම පුදුම කළේ සෙනුමිගේ ප්‍රථමස්ථානය. බටු ඇට දෙකක් උස නැති කෙලි පොඩිස්සිය මහ කම්මැලි ආච්චියෙක් කියලා ඇවරි මුල ඉඳන් ම දැනගෙන උන්නා. ඒත් ඒ කම්මැලිකාරිට වැඩක් කරන්න පුළුවන්කම ඇති බව මං දැනගෙන උන්නා.  විසාකාවයි,   මිස් ප්‍රදීපං ගවේසථයි හැරුණා ම වර්ෂා වෙහෙර දෙව් තොමෝ මේ පාර ෆේල්වුනා. ඒ කෙලී කෙහොමත් තරගය සඳහා හොඳ මානසික මට්ටමක හිටියෙ නෑ. ඇවරිතුමා පළපුරුද්දෙන් කිසිම තරගකරුවෙක් අනවශ්‍ය පීඩනයකට ලක් කරන්නේ නෑ. වර්ෂා මැඩම් ඔබතුමී මේ පාර තරග කරන්න අමාරු ම නම් තරග නොකළට කමක් නෑ. අපි නිතරම දිනන්න ඕන නෑ පුතා. ඒත් ඔයා ඉදිරිපත් වෙන එකයි වැදගත් කීවා ම ඇය කැමැත්තෙන් තරගෙට ගියා.

තරග දවසේ ඇවරිස්ට විභාගෙ තිබුණා නේ. නමුත් ඇවරිතුමා පේපරය ලියන්න කලින් උදේ හතට ගිහිල්ලා තමුන්ගේ කණ්ඩායමට කතා කරලා ආවා. පේපරේ නම් කියලා වැඩක් නෑ. චාර්ටඩ් ඉතිං චාර් ම තමා. හවස් අතේ තරග බිමට යද්දි අපේ බොහෝ දෙනා දිනන මානසිකත්වයේ හිටියා.

අපේ අමිලා අක්කාගේ පුංචි පුතා මේ පාර පළමු වතාවට ප්‍රායෝගික දැනුම තරගයට ඉදිරිපත් වුනා. අමිලා පෙරේරා මැතිනිය චැනට ඩී. එස් සේනානායක විද්‍යාලයේ විද්‍යාව උගන්වමින් හත්වන ශ්‍රේණියේ අංශ ප්‍රධාන හැටියට කටයුතු කරනවා. ඇය තමා ඇවරිට මුලින් ම අභිධර්මය ඉගැන්වූයේ එතුමියයි. කාමාවචර සිත් පණස් හතරයි, අකුසල අහිරික කිරිය සිත් වශයෙන් සිත් 89ක් ම ඉගැන්වූවා. එතකොට ඇවරි හය වන ශ්‍රේණියේ. ඒ කාලය වන විට ශ්‍රද්ධාවන්ත බෞද්ධ තරුණියක වූ ඇය මදුරුවෙක්වත් මරන්න එපා කියලා ඇවරිට තදින් අවවාද කළා මතකයි. සාමාන්‍යයෙන් ඇවරිතුමා ශාන්ත දාන්ත, විනීත තීන්ත කූඩුවක් වුනාට  ඒ කාලෙ මදුරුවො නම් මැරුවා. හවස අමාලි අක්කා ගෙදර පන්ති දාපු කාලෙ මදුරුවො වටවෙලා ලේ බිව්වත් මරන්නෙ නැතිව හිටියා. ඒකට ඇවරිගේ මලයා. සිරිපාල මහතා. මදුරුවගේ ලේ ගෙඩිය කියන කොටස මිරිකලා මරන්න තමා ඔහු කැමති. ජාති මස් වැද්දෙක් කියලයි ඇවරි මාතාව පුංචි කාලෙ බැන්නේ.

ඇවරිට පැය විසිහතරෙන් චෛතසික පණස් දෙක කටපාඩම් කෙරෙව්වෙත් අමාලි අක්කා. ඒ කාලෙ ඒ අය ගුරුවරු හැටියට අපිත් එක්ක සෑහෙන්න දිව්වා. ගුරු වෘත්තියේ ඇගේ පළමු පත්වීම අම්පාර පැත්තේ ඉස්කෝලෙකට. නමුත් ඇය කොළඹින් අඩු මිලට ප්‍රශ්න පත්‍ර මිටි ගණන් එහේ පාසල් වලට මුද්‍රණය කරවලා බස් වලින් ම ගෙනෙහින් සෑහෙන්න කැපවීමෙන් දරුවන්ට උගන්වන්න වැඩ කළා. ඇගේ විවාහ මංගල උත්සවයත් ඇවරිට මතකයි. උදේ ඇවරි වරුවක් නිවාඩු දාලා අමිල අයියත්, අපේ චමරි අක්කාත් එක්ක හෝටලයට ගිහින් පෝරුවේ චාරිත්‍ර සඳහා අවශ්‍ය සූදානම් කිරීම් සහ පිච්ච මල් සැරසිලි කළා. කරලා බත්තරමුල්ලෙ මගේ කාර්යාලයට ගියා. ඇවරි මැක්කා වගේ අමාලි මැතිනිය ගැන ලියන්න හිතුවෙ මේ බ්ලොග් එකේ වෙන තැනක ඒ චරිතය ගැන ලියැවෙන එකක් නැති නිසා.

ඇගේ ස්වාමියා ලක් එෆ් එම් හි වැඩ කරන අයියාත් හරි හොඳ මහත්මයා. මුලින් ම ඔහු අපි එක්ක වැඩ කළේ ඉස්කෝලෙ හාමුදුරුවන්ගේ ආදාහනේ වෙලාවෙ. ඒ කාලෙ DSLR කැමරා හැමෝම ළඟ තිබුනෙ නෑ. ඒ අයියා මාර ගතී එකක් අරං ආව. ඔහු හරි සිම්පල් මනුස්සයෙක්. තව අපි දෙන්න එක්ක වැඩක් කළේ පෙරහැර අවසානයේ මනුස්සයෙක්ට හතිය හැදුන වෙලාවෙ. අයියා වහා ඉදිරිපත් වෙලා කාරෙකෙන් ඒ මනුස්සයාව ඉස්පිරිතාලෙ ගිහින් ජීවන්කෝ බචානේ කියා. කවුද කියලාවත් නොදැන ඒ මනුස්සයාව දෝතින් ම අරන් ට්‍රොලියට දැම්මේ දෙපාරක් නොහිතා. අන්න හීරෝ පුතා. පස්සෙ සෙරෙප්පු දෙක ගළවපු තැනක්වත් මතක නැති එක ඩිෆරන්ට් ඉස්ටෝරි ඉතිං...

 මෙදා ප්‍රතිඵල අපි හිතුවාට වඩා සාර්ථක වුනා. දැන් අපේ සීනියර් ප්ලේයර්ස්ලා පැන්ෂන් යන කාලේ. ඉතිං අලුත් ලේ හොයාගෙන අලුතින් ආයුධ රැස් කරන්න වෙන කාලෙ. අලුත් ආයුධ මුවාත් කරන්න අලුත් තාක්ෂණය සහ සෑහෙන්න ඉවසීමක් ඕන. ඒක මැණික් ගරනවා වගේ වැඩක්. අපිට ප්‍රථමස්ථාන දහයක් ම  ලැබුණා. ආයෙ අහන්න දෙකක් නෑ. මණ්ඩලේ කොච්චර කචල් වුනත් තණ්ඩලේලා තමා එක. අර පුංචි එකාත් දෙවැති තැන අරං තිබුණා.

මෙදා තරග බිමේදි ඇවරිතුමාගෙ හිත බොහෝ සෙයින් සසල වුන සිදුවීමක් වුනා. සියඹලාපෙ පැත්තෙ දහම්පාසලක ඇවරිතුමා වගේ කටයුතු සංවිධානය කරන ආදි දහම් දැනුම තරගකරුවෙක් වුන අපේ සහෝදරයෙක් රිය අනතුරකට මුහුණ දීලා කකුලකුත් කපා ඉවත් කර තිබියදී තරග බිමට ඇවිත් තිබුණා. කිහිළි වාරුවෙන් ආපු ඒ සහෝදරයාව දැක්කා ම අවංකව මං මොහොතකට ගොළුවුනා වගේ ම ඇහැට කඳුලු ආව. කොටින් ම මට කතා කරගන්න වචන හොයාගන්න අමාරු වුනා. අයියා කියවුනේ අමාරුවෙන්. නමුත් ඔහු ඒක ගානට නොගෙන හිනා වුනා. මොනවා කරන්න ද මල්ලි හැමදේම මිනිස්සුන්ටනේ වෙන්නෙ. සියල්ල අනිත්‍යයි. ඔහු බොහොම සැහැල්ලුවෙන් කීවා. එදා ඇවරිතුමා ගෙදර ආවෙ බොහෝ කැළඹීමෙන් හැබැයි පස්සෙ සතියකට සැරයක්වත් එතුමා අමතලා සැප දුක විමසන්න ඇවරි පුරුදු වුනා. මිනිස්සුන්ට කරදර ආවාම තමා මල්ලි තේරෙන්නේ අපි කොච්චර ශක්තිමත් ද කියලා. එතුමා මට බොහොම ළෙංගතුකමින් කාරණා වටහා දුන්නා.

තරග ජයග්‍රහණයට පස්සේ ඉරිදාත් හැපනින් කෝටියක් වුනා. ඒ ගැන පස්සේ ලියලා දාන්න හිතාගෙන දැනට නවතින්නම්..!!  

   

Tuesday, August 30, 2016

අපේ සැට් එක පෝස්ට් වෙඩින් - ඩිනර් පාටි අතින් කටින්



පහුගිය දවසක අලව්වේ වලව්කාර රගා මහතාගේ ගෙදරට කඩහපහත් වුනා. හැබැයි අපි නම් එතුමාගෙ ගෙදර ඇත්තො රංගවේදිනී, නාටක විශාරද ජනප්‍රිය නිළි දිනේකා මැතිනියව ඉන් ඇඩ්වාන්ස් දැනුවත් කරලයි ගියේ. නැතිනම් අපිට ම නේ සුදා ගින්දරේ සෝපාකලා වෙන්න වෙන්නේ. රගා මහතා ගැන සලාද කිහිපයක් ම ලියැවිලා තියෙන නිසා අමුතුවෙන් හේතුපාඨ ලියන්න අදහස් කරන්නෙ නෑ. කොටින්ම කිව්වොත් සුකුරුත්තන් මොත්තෙ නතින් පික්සු පීකුදු - මට සෙට්වෙන අපේ ගැන්සියෙ බොක්ක පිරිසිදු බුවෙක් තමා ඇමති රගා. මේ ආතල් ජීවියාව මුලින් ම සෙට්වුනේ අපේ උඩරට කෝච්චි ට්‍රිප් එකෙන්. ?? ජෙනරල් ඩිග්‍රියක්ක කරපු රගා පස්සේ රුසියාවට යාමත් එක්ක අපේ ඇයි හොදැයිකම් මඟ ඇරුණත් ආපහු ආපු ගමන් අපි සෙට්වුනා.
ඇවරිතුමා ඒ දෙපළට රැග පිණිස සූදානම් කළ දස ප්‍රයාමයේ  කොන්දේසි විස්තර කරමින්..
රගා -  අනේ ආයෙ ඕවා කරන්න බෑ බං....!!! :(

රගා ගැන ලියන්න බොහෝ දේ තිබුණත් ඇවරිගේ පුද්ගලික අදහස හෙවත් මෛමතය මුලින් ම සටහන් කරන්න හිතුවා. ආහ් රගාගෙ ගෙදර යන්න ආරාධනාව ලැබුණෙ ජල්බරි සී.එස්ගේ වෙඩින් මඟුලට ගියාම. සී.එස් නම් අවුලක් - අවුලක් වුනොත් සී.එස් නිසා ඒ මඟුලේ ලියන්න බොහෝ දේ තියෙනවා. මොක ද වවුලාගෙ මඟුලේ එල්ලිලා ඉන්න වුනේ අපිට නිසා. ඒ සලාදෙ පස්සෙ ම ලියන්නම් කෝ. දැන් කතාව රගා ගැන. රගා කියන්නේ සාමාන්‍යෙයන් දෙයක් කෙරෙනවා නම් කතා කරන්න ඕන මිනිහෙක්. මං එහෙම කිව්වේ ඔහු හරි සෘජු පුද්ගලයෙක්. මට මතකයි පිළිකුත්තුව චැලෙන්ජ් එකේ දි නලියා බය නැතුව කඹේ වැඩ ටික දාපන් මම බලාගන්නම් කියලා, කොල්ලො කෙල්ලො හතලිස් ගානක් කඹේ යනකම් අත් කැපෙනකම් නැහුනා. අද ඔහොම හිටියට කන්ද මුදුනට වතුර බාල්දි ඇදපු කොල්ලෙක්. හික්ස්. 

හැබැයි ආයිබෝන් මෙතුමාගේ චරිතෙ නම් එච්චර හොඳ නෑ. අර කලින් කිව්වවගේ ඒරොප්පෙට ගියේ ලංකාවෙ අල්ලන්න තියෙන කස්තිරම් සේරෝම අල්ලලා. කොටින් ම ඡන්දෙත් ඉල්ලුවා නෙව හිටන්. මෙතුමා නිසා අපි අලව්වේ පාතලෙටත් සම්බන්ධ වුනා. ඒ රගා මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයට සෘජුව දායක වීමෙන්. හිතන්න මේ ක්සුද්‍ර දේහදාරී ඇවරිතුමා මුළු ගමක් ම සැලෙන්ඩර් වෙන්න ටෝකක් දීලා කවුද ඩෝ දැන් චන්ඩි කියලා ඇහුවා කියන්නේ මොන ලල් එකක්ද? හා දැන් ඒ ඔක්කොම කාගෙ පවර් එකට ද චන්දන බණ්ඩාර ඇමතිතුමාගේ. එතකොට අර වයිපර් සඳුනා ළඳු කැලෑ අස්සේ මේට් එකක් පැද්දේ, ගයියාට රෑ දවල් මාරු වුනේ, කස්ටියක් මහ රෑ ජාමේ අලව්ව බස් ස්ටෑන්ඩ් එකේ ස්ට්‍රොන්ග් වලින් කට හෝදලා කාරිය ඒ ගැම්මට තිත්ත කළුවරේ කිලෝමීටර් ගාණක් කකුල් හතරෙන් අමු කුණුසරුප කියකියා පයින් ම බඩගෑවෙ කාට සීනී කිරලා ද? රගා තුමාට මිසක් වෙන කාටද? තව එතකොට පාරෙ යන ලොරියක් නවත්තලා අනේ බුදු අයියෙ අපි නිදහස් පක්සේ කැපුවත් නිල් බුවාලා කියලා පින්සෙණ්ඩු වෙලා ඒකට නැඟලා විලි ලැජ්ජාවක් නැතිව යූ. එන්. පී එකෙන් ඡන්දෙ ඉල්ලපු රගාගෙ ගේ ගාවින් බැස්සෙ කවුරු නිසාද? ඒ නිසා අලව්ව කියන්නේ ඔයවගේ මහ දහදුරා අත්දැකීම් ලබා දීපු බොහොම ආදරණීය නගරයක්. 

පිටිසර මිතුරාන කියල පෝස්ට් එකකුත් රගා ගැන ලියැවිලා ඇති. තව දවසක් මං ඔෆිස් යද්දි මඟදි මුණගැහිලා අපි කැසරෝල් එකෙන් දවල් කෑමට සෙට් වුනා මතකයි. ඒ නිසා රගා කියන්නේ ක්ලැසික් බුවෙක්. අපිට තනියෙම පැකේජ් හොලිඩේ එකක් කරන්න චැලෙන්ජ් එකක් ආව ම නලියා බය වෙන්න දෙයක් නෑ බං අපි කරමු කියලා වැඩේ පටන් ගන්න මාව තල්ලු කළෙත් රගා. සාමාන්‍යෙයන් මාව රගාට කොච්චර දැනෙනවා ද කිව්වොත් මං දෙයක් කියන්න කලින් බුවා ඒක කියනවා. අපි එහේ ගියේ සෙනසුරාදා. මං සිකුරාදා උදේ රගාට රී කන්ෆර්ම් කරන්න කතා කළා ම පොර මට සිරා උත්තරයක් දුන්නා. ආ වරෙන් වරෙන් මචං. මං මෙසේජ් එකක් දාන්න හිටියේ බිසී ඇති කියලා. ඔය ගෝරිල්ලා වගේ හිටියට හරි සංවේදී, සරල වගේ ම ප්රැක්ටිකල් මිනිහෙක් රගා. ඒ හින්දා ඇවරිතුමා එදත් පොර වෙනුවෙන් හන්ඩ්‍රඩ් පසන්ට් කළා. හෙටත් කරනවා. මොක ද එහෙම ක්ලාසි විනාසකාරී මිත්‍රයො ගොඩක් මට නැති නිසා.   
2011 දී චන්දන සහ දිනේකා පස්වන ප්රේම සැමරුම කැවියේ පොල්වත්ත ක්‍රීඩාංගනය
අරා, සුගී, සී.එස්, ගයියා, සීසර් අයේෂා සහ සත් මෙහි වෙත්
රගාතුමාත් ළඟදී විවාවප්‍රාප්ප වුනා. චී හලෝ ඇවරි ඔයා නම් ඒක නිකම් ලියුවේ අභාවප්‍රාප්ත වුනා වගේ නේහ්. නෑ සාමාන්‍යෙයන් ඒ දෙක ම එකට රයිම් වෙනවා තමයි නමුත් මේ කාරණේදී ඒකෙන් මූට හරි ගියා. ඇතා පිටේ අවිදින් රගාතුමා අතගත්තේ දිනේකා මැතිනියව. එතුමිය එක ම එක පාරක් කැම්පස් ආව. ඒ රගා සහ දිනේකාගේ පස්වන ප්රේම සැමරුම් උත්සවයට 2011 අවුරුද්දේ දී. අපේ කස්ටිය ඒ ඉවෙන්ට් එක ප්ලෑන් කළ හැටි සේයා රූ වල තිබුණා. එදා තමා අපේ අයේෂා මැතිනිය හා හා පුරා කියලා ශ්‍රද්ධා භක්තියෙන් බල්ලෙකුට අයිසින් කැව්වේ. බුකියෙන් හොරාගත් ඒ ඓතිහාසික සේයාරුව පහතින්. පස්සේ හැමදාම අයිසින් කන්න වුන නිසා කැම්පස් එකේ දඩාවතේ ගිය බල්ලන්ට අයේෂා වහ කඳුරු වුනා.  
 
ඒ අයිසින් බල්ලන්ට තමා දිරවන්නේ....
රගාගෙ හෝම් කමිනයට ඇවරිතුමාත් ගයියාත් ගියා. අපි දෙන්නාව ගොඩක් දෙනා අඳුනන් නැති වුනත් එහෙ ඇමතිතුමාත් ශාන්ත බණ්බාරත් අපි දෙන්නා ගාවින් වාඩි වුනා. දෙන්න එකතුවෙලා බාර් එක රොක් කරලා, වී අයි පී සර්විස් එකක් අරන්, මචා වෙනකම් ම නටලා, ඉත්තෑ මස් කාලා, වැඩේ වස්ති වෙලා වරකාපොළ ඔරලෝසු කණුව ළඟ රූටලා යාපනේ බස් එකේ අන්තිම සීට් එකේ ඉඳන් මහ හයියෙන් ප්‍රශ්නයක් කතා කර කර ගෙදර ආපු විනාසකාරී දවසක් වුනා. මට වඩා හොඳට ගයියාට මතක ඇති විස්තරේ. 

රගාගේ වෙඩිමට ආදිපාද තොටමුණට හා සුගී ෂීණන්ට ආරාධනා කළත් යන්නට බැරි වුනා. ඒ නිසා දවසක් ඉල්ලුවා ම නිවාඩු කාලෙ ඉස්කෝලෙ නැති වාසියත් අරන් ගුරුවරු තුන්කට්ටුව වැඩේ සෙනසුරාදාට පන්ගාර්තු කරගත්තා. ඇත්තට ඇවරිට නම් මේ තුන් දෙනා ගැන හරි ඉරිසියාවයි. ඇයි වදේ අපිට කියලා කපේකට තියේ ද මාසයක් නිවාඩු. අනික් මිනිස්සු නිවාඩු යද්දිත් අපි ඔන් කෝල් ඉඳන් ඔක්කොම හරි ද කියලා බලන්න ඕන. ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එකේ අවුල ඒක තමා. 

ඇවරිතුමා ටිකක් කලින් ගිහින් සුගීතුමාගේ ගෙදරට සෙට් වුනා. තේකක් කාරිය බීලා කාලෙකින් පත්තරයක් බලමින් සුගීලාගේ ගෙදර කුරුළු සද්ද ඇහෙන ඉස්තෝප්පුවේ ඇවරිතුමා වාඩි වෙලා හිටියෙ හරි ම ආසාවෙන්. මොක ද මේ දවස්වල ඇවරි පිතාට බදුර්දීන් දිස්ටිය වැහිලා වත්තේ කාලාන්තරයක් සෙවන දුන් වනස්පතීන් කිහිපයක් කපා ලී ඉරීම නිසා අව් කූටකේ කෙලින් ම මිදුලට දැන් එනවා. ඉතිං කලින් සින්දු කී කුරුල්ලො කවුරුත් එන්නේ නෑ. තව කාලයක් යයි ගස් ටිකක් වැවෙන්න. අපි වැස්සට කලින් පටන්ගමු. ඇවරිපිතා සැහැල්ලුවෙන් කීවට වත්තෙ මහ ගස් හතරක් කැපුවා ම මේ තරම් දැනෙනවා නම් මුළු කැලෑවක් එළි කළා ම දැනෙන මූසල හැඟීම කොහොම ද කියලා මට හිතාගන්න පුළුවන් වුනා. අපේ මිදුලේ දැන් රෑට නිල් අහස පේනවා. සාමාන්‍යෙයෙන් අපේ මිදුල කෑලෑවක් වගේ. මිදුලට ඇවරිතුමා පය තියන්නේ රාත්‍රී දොළහෙන් පස්සේ. මං අඩිය තියද්දි හැමදාම නාගීනා ශිවන්යා අඩන සද්දේ නවත්තනවා. ගොඩක් දවස් වලට බතල හාරන්න එන ඉත්තෑවො රංචුව මගේ ටෝච් එළියට පහුබහිනවා. එක පොදියට ගස් වැවිලා හැදුන ඒ අඳුරු ගුප්ත වටපිටාවේ ඒ සත්තුන්ට ආරක්සාව තියෙනවා. දැන් මූකලාන එළි කල දවසේ ඉඳන් ඉත්තෑවො දැක්කේ නෑ. නාස් පුඩු අකුළුවන ලීකුඩු ගඳ එක්ක එන මූසල හිස් හැඟීමට වඩා කෑලි කැපෙන අඳුරේ රැහැයි-මැඩි සංගීතෙන් ඇති කරන බයපක්සපාතී භ්‍රාන්ත තැතිගැන්මට මං හුඟක් ආසා කළා. සුදුරෙදි හොරා, සිවුරු හොරා‍, අවිච්චියා, සැළලිහිණි, ගිරා මයින ගොඩක් කුරුල්ලන්ට සෙවන දුන් අපේ මිදුලේ දැන් බෙහෙතකට කණාමැදිරියෙක් හොයාගන්න නැති හැටි මට ම පුදුමයි. 

ආහ් තව සුගීලගෙ ගෙදර කුරුළු කණුවකුත් තිබුනා. ඒක මං ඉතා ආස කරන නමුත් තාමත් කරගන්න බැරි වුන වැඩක්. දඩෝරියත් එක්ක කුරුළු කණු ගහන්න බෑනේ. නමුත් ආයෙත් විෂ් ලිස්ට් එකට ආසාවක් එකතු වුනා. 

ප්‍රථම ධ්‍යානයට සම වැදීම සහ දෝලා කුමාරිගේ කතාව ඇතුළත් වෙඩින් ට්රීට් ඩිනරය ගැන ඊළඟ පෝස්ටුවෙන් ලියන්නම්. රගා සහ එම මැතිනියට සුබ මංගලම් පතමින් අලව් සවාරිය මුල් ඇපිසෝඩය නිමාවට පත් වෙනවා හේනං...!!


සාදය සඳහා පෙර සූදානම.. අයිසින් වර්කින්ග්
ගයියා බබල් ගර්ග් ගේ ලැප දෙස බලමින් මචං මේන් මේකෙන් බුබුළු එනවා....!!!!

පශ්චාත් අවුරුදු ඇවරියාලංකාරයේ සංක්ෂිප්ත ප්රුකාශනය හෙවත් දින ගෙවෙනා සැටි ඔබ දැන සිටියා....



ජීවිතය යනු ඔබට මඟහැරුණු ප්‍රමාණය නොව ඔබ විසින් අල්ලාගන්නා ලද ප්‍රමාණය යැයි කව්දෝ කෙනෙක් කොහේ හරි කියලා තියෙනවා ඇවරිතුමාට මතකයි. ඒ නිසා ම මඟ හැරුණු දේවල් ගැන හිතලා ඉහිරුණු කිරට අඩන්නේ නැතිව තියෙන හකුර රැකගන්න කියලා හිතාන බ්ලොගයක් ලියන්න. කම්පනා කළා. 
 
ඇත්තට ම පහුගිය කාලෙ බ්ලොග් නොලියෙවෙන්න හේතු ගොඩක් තිබුණා. ඇවරිතුමා තමුන්ගේ දිනපොත වගේ ම වත් පොතත් අප්ඩේට් කරන්නෙ නැත්තෙ විශාල දුර්භික්ෂ අහේනි කාලයක් හෝ ඩෝන්ඩ් කෙයාර් කියලා හිතාගත්තු කාලෙකට විතරයි. ඔය කාරණා දෙකට ම එකපාර මුහුණ දෙන්න සිද්ධ වුන නිසා බ්ලොග් ලියවීම ගොඩක් පමා වුනා. අවංකව කිව්වොත් ඇවරිතුමා අන්තිමට සතුටින් හිටියෙ මැයි මාසෙ විතර. පහුගිය මාස තුන ම බොහොම උපේක්ෂාවෙන් අතීරණයෙන් හිටි මාස තුනක් වුනා. ඒවා වචනින් කියන්න බැරි තරම් දිග දවස් ඇති කාලයන් වුනා. අතීරණය අවසානයේ දී ලැබුණු තීන්දුව එච්චර සුබදායක වුනේ නෑ. අපිට වැරදුනා ම කියන්නත් බෑ. මොක ද හැම කළු වළාවක ම රිදී ඉරක් තියෙනවා වගේ පහුගිය කාලෙ ලැබුණු අලුත් ප්‍රමෝෂන් එක නිසා සතුටක් නැත්තෙමත් නෑ. 

මිනිස්සු උනා ම තමුන් සතුටුවෙන දෙයක් කරන්න ඕන කියලා කතාවක් තියෙනවානේ. ඉතිං මාත් සතුටු වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඇවරිතුමා තමුන්ගේ බුද්ධිමය ශ්‍රමය දන් දීමෙන් ගොඩක් තෘප්තියට පත්වන චරිතයක් නමුත් මූල්‍යමය අතින් ගත්තොත් ඒක කිසිම වටිනාකමක් නැති දෙයක්. වෘත්තිය ජීවිතයේදී නම් අපි අනුන්ගේ මුදල් ඔවුන් වෙනුවෙන් පරිහණය කරමින් ඔවුන්ගේ සිහින හැබෑ කරන්නට වෙහෙසෙන පිරිසක්. සරලව කිව්වොත් හීන වෙළෙන්දන් වන අපිට අනුන්ගේ හනිමුන් එකක් අපිට සෑහෙන්න වැදගත් දෙයක්. අනුන්ගේ නිවාඩුවක් අපිට ගොඩක් වැදගත්. හැබැයි ඇත්තට ම අපි නිවාඩු කවදද කියලා ඇහුවොත් ඒකට උත්තරයක් නෑ. 2016  අවුරුද්දට මේ දක්වා ඇවරිතුමා රාජකාරී නිවාඩු අරන් තියෙන්නේ දෙකයි. එකක් අප්‍රේල් දා හතර. දෙක ගිය සිකුරාදා මගේ දරුවන් වෙනුවෙන් තිබුණ වර්ක් ෂොප් එකක් සහ සවස සී.එස් ගේ වෙඩිමට යන්න ගත්තු නිවාඩුව. පහුගිය අවුරුදු තුනට ම ඇවරිතුමා ඇනුවල් දාලා ම නෑ. 

ගොඩක් අපේ අය අහන්නේ ඔයා කවද්ද නිවාඩු යන්නේ කියලා. අපි ට්‍රැවල් නොකර අනිත් මිනිස්සුන්ව ට්‍රැවල් කරවන එක අපේ වෘත්තිය වෙලා. අපි නොබැඳ අනුන්ගේ වෙඩින් ප්ලෑන් කරනවා. අනුන්ගේ හනිමුන් ඇරෙන්ජ්මන්ට්ස් කරවනවා හරි ම විනෝදජනකයි. හැබැයි අදටත් හනිමූනර්ස්ලා අපිට ම කතා කරන්න හේතු ගොඩක් තියෙනවා. මුල් ම කාරණය අපි අවංකව, ජෙනුයින් සර්විස් එකක් දෙනවා. ඔයා රෑ තුනට හතරට කීයට කතා කළත්, අපි කතා කරනවා. දෙක සම්පූර්ණ කස්ටමයිස්ඩ්, ටේලර්ඩ් සර්විස් එකක් බජට් එකේ හැටියට කරලා දෙන නිසාත් අපේ කලින් වැඩ හොද නිසාත් ඒ අය කතා කරනවා. අපි  තෝරාගත් බොහෝ ම සීමිත පිරිසකට ගුණාත්මක සේවාවක් දෙනවා. ඒ ගැන අවංකව ම ඇවරිතුමාට සතුටුයි. 

ගොඩක් දෙනා පැකේජ් හොලිඩේස් හෝල්සේල් කටෝෆ් ප්‍රයිස් ඇඩ් කරලා කොන්දේසි සහිතයි කියන කාලෙ අපි ඇත්ත කියලා වැඩේ කරලා දෙනවා. විශේෂයෙන් ම මාලදිවයිනේ බුකින්ස් වැඩියි. අනික දැන් ඉන්න තරුණ ප්‍රජාව රුපියලට වඩා ඩොලරයට සන්වේදීයි. පුතා දවසට ඩොලර් කීයක විතර හෝටලයක් ද බලන්නේ? අගෝඩා එකේ මේ ගානට තියෙන එකක්....??? හරි පහසුයි. දැන් ගුවන් ටිකට්පත් වුනත් එහෙමයි. කොහොම නමුත් විශ්වසනීය සේවාවක් කියන එකේ තේරුම මං දැන් දන්නවා. ඇත්තට ම ඔයා කලින් කියපු එක හොඳයි. නැත්නම් අපිත් දන්නේ නෑනේ. අපි මොනාට ම එන්ටයිටල්ඩ් කියලා. කොටින් ම ලංකාවෙ ඉන්නේ හනිමුන් කර්ටසීස් ටිකවත් හරියට අරන් දෙන්න බැරි ටුවර් කන්සල්ටන්ට්ලා. ඒකට අපි. කන්ට්‍රැක්ට් එකේ තියෙනවා නම් වයින් බොට්ල් එකයි, බෙඩ් ඩෙකෝ එකයි, කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකයි, හාෆ් අ මිනිට් කපල් ස්පා එකයි අඩු නැතුව අපි ඉල්ලනවා. වෙලාවකට ඊ මේල් හරහා ගහ මරා ගන්න ඒවත් නැතිව නෙවෙයි. මොනාට ද මේ ඉතිං? අනුන්ගේ හනිමුන් එකක් වෙනුවෙන්....!!!  

ඇත්තට ම දේවල් හරියට ම කරන්න අපි සෑහෙන්න මහන්සිවෙනවා. නමුත් අවසානයේ දී අපේ සේවාදායකයො ම මචං සේරම හොඳට කෙරුණා. තෑන්ක්ස් කියලා අහවර වෙලා පළමු විවාහ සංවත්සරයටත් අපිට ම කතා කරද්දි දැනෙනවා අපි ඒ මිනිස්සු ගෙවපු මුදලට සාධාරණයක් කළා කියලා. අන්න ඒ පන්ච් එක තම අපිට ඊළඟ බුකින් එක කරලා දෙන්න ඕන කියන සිතුවිල්ල ඇති කරන්නේ. නැත්නම් මේක අපේ රස්සාව ම නෙමෙයි නේ. දවස ම ඉන්වොයිස්, එකවුන්ට්ස්, එක්ස්චේන්ජ් රේට්ස්, ටී ටී ට්‍රාන්ස්ෆර්ස් එක්ක හිරවෙලා ඉන්න ෆයිනෑන්ස් මැනේජර් කෙනෙකුට හනිමුන් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙනවා කියන එක හරි අමාරු වැඩක්. නමුත් අපේ සතුට තියෙන්නේ එතන. රාජකාරි අතින් නම් ඇවරිතුමාට තියෙන වැඩ මේ කපේට අහවර කරන්න බෑ. 

හැම සේල් එකකට ම ඉන්වොයිස් එකක් තියෙන්න ඕන. බෑන්ක් රෙකන්සිලේෂන්, කම්පනි ක්‍රෙඩිට් කාර්ඩ්, යුටිලිටි පේමන්ට්ස්, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්, එක්ස්ඡේන්ඩ් රේට්ස්, වැට් පෝස්ටින්, සප්ලයර් පේමන්ට්ස්, කස්ටමර් රෙසිප්ට්ස් ඉවරයක් නෑ. මොක ද මේවා හැමදාම පැටව් ගහන වැඩ. ගිය මාසෙ ටික රිකන්සයිල් කරලා ඉවර වෙද්දි තව මාසෙක ස්ටේට්මන්ට්ස් ඇවිල්ලා. ඇයි තව ඉවෙන්ට්ස් සෙට් වුනා ම. තව එතකොට කම්පනි සී.එස්.ආර් ප්‍රොජෙක්ට්ස්. කාල ඉන්න බැරි පර්චසින්. ඇල්පෙනින්තෙ ඉඳන් ටොයිලට් පේපර් එක දක්වා පර්චසින් කරද්දි එපා වෙනවා. නමුත් ඒක ආතල් වැඩේ. අපේ සැපයුම්කරුවන් බොහෝ දේ උගන්වනවා. මෙහෙම සලකා බැලුවා ම ඉතිං සදාකල් වැඩ. නමුත් ඇවරිතුමා කවදාවත් ටෙන්ෂන් ගන්නෙ නෑ. හරියට වෙලාවට කඩේ වහනවා. කූල් එකේ ඉන්නවා.

 ඔච්චර වැඩ වැඩිනම් උඹට ඇසිස්ටන්ට් කෙනෙක් දෙන්නම්. ඇවරිතුමාගෙ බොස්තුමා හැමදාම කියන්නේ ඔය කතාව. ඉතිං ඉන්ටව් කරනවා. ඔන්න ඉතිං අංගනාවක් ගත්තාය කියමුකෝ. දැන් ට්‍රේනින්. මාස දෙකක් ඇතුළත ඇවරිතුමා ඇසිස්ටන්ට්ව හදලා තමුන්ගේ පොටෝකොපියක් ගානටම ගන්නවා. බොස්තුමා ලංකාවට ආවම තමා අපූරු කතාව. එතකොට ඇවරිතුමා ලොකු වැඩ වලට යන නිසා පොඩි වැඩ ඔක්කොම ඇසිස්ටන්ට් තමා කරන්නේ. ආහ් මේ කෙල්ලව හොඳට හදලා තියෙනවනේ, මෙයාව අපි සේල්ස් ටීම් එකට දාමු. තව කෙල්ලක් හොයා ගන්න බැරුව යැ...?? විශ්වාස කරන්න ආයුබෝන් ඇවරිතුමාට ලැබුණු මානව සම්පත් දෙකක් ම අපේ බොස්තුමා කොල්ලකාල තියෙනවා. ඒක නිසා මං කියලා තියෙන්නේ මට තව කෙල්ලොත් එපා. මම නම් මලාට උන්ව ට්‍රේන් කරන්නෙත් නෑ කියලා. හැබැයි අවංකව කිව්වොත් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්න එකේ හොඳකම කියන්නෙ ඇවරිතුමා එතකොට ටිකක් පිළිවෙලට වැඩ කරනවා. මොක ද හදිසියේවත් ඇසියට මං කරපු දෙයක් හොයා ගන්න පුළුවන් වෙන්න එපැයි. ඉතිං රැකෝර්ඩ් පිළිවෙලට තියලා තියන්න ඕන.  

සාමාන්‍යෙයන් වෙඩිමකට ගියොත් සලාදයක් ලිවිම දැන් පුරුද්දක් වෙලා. මේකත් එහෙම සලාදයක කවර් එකක්. ඒක හෙට අනිවා ලියනනම්. අපි කුණාටුවකින් එළියට ආව විතරයි. දැන් ඉතිං හුළඟ ගෙනියන පැත්තකට යාත්‍රා කරන්නයි තියෙන්නේ. ඒ කොයි පැත්තට වුනත් අදාළ නෑනේ..