Wednesday, March 25, 2015

සෙරමනි උන්මාදය....

පහුගිය දවස්වල ඇවරිතුමා සෑහෙන්න බිසී වුනේ කප්පරක් වැඩ රාජකාරී යෙදී තිබුණු හින්දා. කොහොම නමුත් ඒ අල්ල පනල්ලේ තිබුණ ශිෂ්‍ය නායක නිල ලාංජන පැළැන්දීමේ කර්තව්‍යත් අති සාර්ථකව සිදු වුන නිසා ඒ ගැන වචනයක් කොටන්න ඇවරි කම්පනා කළා.

දහම් පාසලේ තවත් වැඩසටහනක් විදියට කෙරෙන ශිෂ්‍ය නායක නිල ලාංජන පැළැන්දීමේ උළෙල සංවිධානය කිරීමේ වගකීම ඇවරි දරන්නේ දැනට අවුරුදු කිහිපයක ඉඳලා. ඒ සඳහා වන නිල ආරාධනා පත්‍රය මුද්‍රණය කිරීමේ පටන් අවසානය දක්වා ම අපේ සැපයුම්කරුවනුත් අවශ්‍ය දායකත්වයන් දක්වන්න දැන් සැදී පැහැදී සිටිනවා. සාමාන්‍යෙයන් ඇවරිගේ සියලුම ඩිසයිනින් වැඩ කරන වාපි ක්‍රියෙෂන්ස් විසින් ආරාධනා පත්‍ර මුද්‍රණයට සූදානම් කළා ම ඇවරිත් ට්‍රැක් එකට වැටෙනවා. මේ වැඩේ ලොකු ම ගේම තියෙන්නේ අවශ්‍ය පරිදි නිල ලාංඡන සාදවා ගැනීම. සාමාන්‍යෙයන් අපි උත්සවේ සියල්ල සංවිධානය කරලා ආරාධනා පත්‍ර ගහලා, බෙදලා, කෑම, පුටු, ලයිටින්, සවුන්ඩ්ස් හැම දේම ඕඩර් කරලා තමා බැජ්ටික හදන්න බාර දෙන්නේ. ඉතිං අවසානයට තදියම සහ බලු බැණුම්.
ගුරුවරුන්ටත් බැජ් එකක් දෙනවලු....

අපේ නිල ලාංජන මේ දක්වා සෑදුවේ කොටුවේ චිත්තප්පලම් මාවතේ ජෝසන්ස් එන්ග්‍රේවින් සමාගම. එහි වයසක අයිතකරු ඇවරිගේ හොඳ ම බොක්කක්. එහි සියලු නිර්මාණ සකසන කළුතර අක්කාත් ඇවරි සෑහෙන්න කාලයක ඉදන් දන්න කියන මිනිස්සු. නමුත් මැතක දී වැඩකදී සෙට්වුන සනත් ශාන්ත සිරිසේන සැපයුම්කරුට මේ කොන්ත්‍රාත්තුව භාර දෙන්න ඇවරි තීරණය කළේ කොළඹ පදිනවට වඩා කිරිබත්ගොඩ නිවාස සංකීරණයට පැදීම ළඟපාත නිසා. සනත් තමයි බොහෝ කාලයක සිට විහාර මහාදේවී බාලිකාව ඇතුළු අවට පාසල් රාශියක ශිෂ්‍ය නායක නිල ලාංජන සාදවන්නේ. අනික ජෝසන්ස් සමාගමට නිල ලාංඡන මත ඩූම් කිරීමේ තාක්ෂණය නොතිබුණ නිසා ඇවරි එකෙන් ම ශාන්තට වැඩේ බාර දුන්නා. අපි වෙනුවෙන් ත්‍යාග ප්‍රදානයට අවශ්‍යය මෙඩල්ස් සෑදීමත් ඔහු විසින් කිරීම මේ කටයුත්තත් ඔහුට ම පන්ගාර්තු වෙන්න හේතුවක් වුනා. පොර බොහොම නිවුණු මනුස්සයා. වැඩේට දක්ෂ කාර්යක්ෂම බුවා. පළමු පියවරේ ඩිසයිනින් භාර ගත්තේ කිරිබත්ගොඩ එකෝ ආයතනයේ අනූෂා නම් කාන්තාව.
මෑන් ද මෑන්....

පස්සේ අනූෂා ඇවරිගේ ප්‍රිමියම් ඩිසයිනර් කෙනෙක් ගානට වැටෙනවා. ඒකත් මතක හිටින අතුරු කතාවක්. ත්‍යාග ප්‍රදානයේ සනත්ට අපි යවපු මෙඩල් ඩිසයින් එකේ පොසිටිව් අවුට් කරන්න එකෝ ආයකනයට යැව්ව ම මොකක්ද මන්දා අවුලක් වෙලා අපිට ආයෙත් ඒ ඩිසයින් එක හදවන්න වෙනවා. ඒකත් ලාස්ට් මිනිට් ජොබ් එකක්. අන්තිමේ දී එතන ඉන්න සියලු ම ඩිසයිනර්ස්ලා වැඩේ බෑ කියලා කර අරිද්දි සීනියර් ම ඩිසයිනර් වුන අනූෂාව හම්බෙන්න කියලා පුංචි ටිප් එකක් දුන්නේ ටානි. මං දෙපාරක් හිතන්නැතිව ඇයව හමුවෙන්න කෙළවරේ ම කවුන්ටරයට ගියේ හැල්මේ. වාඩිවෙන්න කියා මට අසුනක් දුන් ඇය පැය භාගයක් වගේ කෙටි කාලයක් ඇතුළත මට අවශ්‍ය පරිදි ඩිසයින් එක නිම කරලා දුන්නා. එදා මාව ගොඩ දැමීම ගැන සෑහෙන්න ඉස්තූතියක් දීලා ආවට මොකද එදායින් පස්සේ ඇවරි අනූෂා මැඩම් ළඟ ම කස්ටෙක් වුනා. දැන් අපි වවුචර් දාන සීන් මුකුත් නැතිව ඈ ළඟට ගිහින් ක්‍රෙඩිට් වලට වැඩ කරන් එනවා.

කොහොමින් කොහොම හරි කලින් සෙනසුරාදා දවසේ ඇවරිගේ අලුත් ම රස්සාව වන ලෙක්චරින් පෝස්ට් එකේ වැඩ බාර ගනිමින් මංගල දෙසුම පවත්වන්න තිබුණ නිසා එදා ඇවරි ලොකේෂන් එද්දි ටිකක් පරක්කු වුනා. දැන් නලින ඔක්කොම හරි බැජ් ටිකත් හරිනේ...???? පොඩිනම මගෙන් ඇහුව ම තමා මට සනත් භායිට කෝල් කරන්න මතක් වුනේ. එවෙලේ ම මං සනාට ගත්තා. මල්ලි මං මේ සඳුදාට ජනාධිපතිතුමාට දෙන්න තියෙන ප්ලේක් එකක් කරමින් ඉන්නේ. දැන් තව ටිකකින් පකිස්ථාන් එම්බසි එකේ වැඩකට යනවා රෑ කීයට හරි බඩු ටික දාලා දෙන්නම් කියලා පොර කියද්දි මට එලෝ පොල් පෙනුනා. ඇයි වාහෙ හෙට ආරාධිත අමුත්තන් ලවා අහවල් එක පළන්දවන්න ද?? කාරි නෑ සහෝ මං රෑට එන්නම් කියලා හැරෙන තැපෑලෙන් සැපට දුකට සනී, අමිල අයියට කෝල් කරලා අලකලංචිය ගැන විස්තර ඇතිව කිව්වා. හරි මල්ලි අපි රෑට යමු. දැනට ඔතන වැඩ ටික බලාගන්නකෝ..
අමිල අයියා බරට ම වැඩ....

ඔන්න ඉතිං දැන් රාත්තිරි නවයත් වුනා. අමිල අයියත් මමත් කිරිබත්ගොඩ නිවාස සංකීරණයට ගියේ සනාගෙන් බැජ් ටික අරං එන්න. ඒ අතර මඟදි අමිල අයියලගේ ගෙදරට ගොඩ වෙන්න වුනේ ශිෂ්‍ය නායකයන්ගේ සාටක ටික අරගන්න. එම සාටක සියල්ල මසා නිම කළේ අමිල අයියාගේ තාත්තා. දැන් අවුරුදු ගාණක ඉඳන් පෙරේරා මහතා තමා සාටක මැසීමේ කාර්ය සිදු කරන්නේ. අපි හැමෝගෙ ම පුද්ගලික කාර්ය මණ්ඩලවල උපරිම දක්ෂතා තියෙන ආයෙත් කියලා වැඩක් නැති වටිනා කියන මිනිස්සු ඉන්න නිසා හොඳා. අමිල අයියා ගත්තොත් එතුමාගේ අම්මා, තාත්තා, එතුමාගේ ප්‍රිය බිරින්දෑ චමරි අක්කා, එතකොට අමාලි අක්කා, ඒ බැඳපු අයියා වගේ හෙන ලිස්ට් එකක් අමිල අයියගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට අයත් වෙනවා. ඒකෙ ලස්සන ම කතාව මේ හැමෝ ම තම හැකි පමණින් අවශ්‍යය කාර්ය උපරිම අයුරින් කරන්න ඉහළ දායකත්වයක් සැපයීම. උදාහරණයක් හැටියට ආරාධිත දේශනය සඳහා අදාළ සම්පත් පුද්ලයා වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ස්නායු වෛද්‍ය විශේෂඥවරයා සම්බන්ධීකරණය කළේ අමාලි අක්කාගේ සැමියා. ඒ විතරක් නෙමෙයි ඔහුට අවැසි ප්‍රවාහන පහසුකම් සලසා දුන්නෙත් එතුමා. දැන් මේ ඔහුට කිසිත් අදාළ කටයුත්තක් නෙමෙයි. ඔහුගෙ ළමයෙක් අපේ දහම් පාසලේ ඉගෙන ගන්නව කියලත් නෙමෙයි. නමුත් අපි වෙනුවෙන්, බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තමන්ගේ කාලය, ශ්‍රමය ධනය වැය කරන සත්පුරුෂ මිනිස්සු සෑහෙන්න අපේ වටේ ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ උදව් උපකාර නොවෙන්න අපිට මෙච්චර දුර ගමනක් යන්න බැරි වෙනවා.          
අපි සනාව හම්බෙන්න ගියා කියමුකො. අම්මා බුදු වෙන්න ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ බැජ් එක දැක්ක ම මට කඳුළු ආව. අපි කියපු දෙයට සහමුලින් ම වෙනස් දෙයක් තමා සනාබෝයි කරලා තිබුණේ. කරුමෙක මහත.... නරක නාමෙ දැන් මට...... හිතලා කරපු දෙයක් යෑ...? බැනලා වැඩක් වෙනව යෑ....? හත්වලාමෙ වෙච්චි ෙද්ට මක් කරන්න ද?????  

සියලු නිල ලාංඡන....

   
 එතකොට වෙලාව රෑ දහයමාරයි. ටොප් බෝර්ඩ් එකේ දහ දෙනාගේ බැජ් ටික අවුල්. වෙලාවෙ හැටියට කරන්න පුළුවන් මොකක් ද කියලා සාකච්චා කළ අපි ප්ලාස්ටික් කංචුකය හදලා අලවන්න යෝජනා කළා. වෙලාවට අමිල අයියා චිත්‍රකර්මය කරලා තිබුණා. අනික එන්ග්‍රේවින් කලාව ගැන එතුමාට සෑහන්න දැනුමක් තිබුණා. කතාබහ කරලා බැලුවා ම වාත්තු ශිල්පය ඔහුගේ පවුලෙන් ලැබුණ දායාදයක්. ඒ අතීත කතාව අමිල අයියා පෙළගැස්සුවේ මෙහෙම.


මේ මැෂින් වලින් මං පුංචි කාලෙ සෑහෙන්න වැඩ කරලා තියෙනවා. මගේ සීයා තමා කොටහේනෙ නානායක්කාර බාසුන්නැහේ. කළේ පිත්තල එන්ග්‍රේවින්. අම්මගේ පවුලේ නවදෙනයි. දැන් බාප්පලා දෙන්නෙක් කරන්නෙ මේ වැඩ. සනත් දන්නවා ඇති. මේ සබ්ජෙක්ට් එකේ පරණ මිනිස්සු ගොඩක් සීයාගේ මරණෙට ආව. ඔව් මට මතකයි. අපේ තාත්තා සිරිසේන බාසුන්නැහේ, ඔයාගේ සීයාගේ හොඳ යාළුවෝ. සනත් උනන්දුවෙන් කිව්වා. සීයා එන්ග්‍රේව් කරන බ්ලොක් එක හදන්නේ අපේ තාත්තා. අපි බ්ලොක් එක වාත්තු කරලා දෙනවා. සීයා කප්පවනවා. සීයා තමා ලංකාවේ ඉස්සෙල්ලා ම එම්බෝස් සීල් එක කළේ. ආ ඔව් ඔව්. පස්සේ ඒක පී.ජී මාර්ටින්ලා සල්ලි දීලා ගත්තා. අමිල අයියාත් අඩුතැන් සම්පූර්ණ කළා. කොටහේනෙ මහ ගේ ළමයි පස්සේ කාලෙ වික්කා. ඔය මරදානෙ ප්‍රේමදාසලා එහෙම ලෙටර් ප්‍රෙස් කරන්න පටන් ගද්දි සීයලට ගොඩක් වැඩ තිබුණා. නානායක්කාර පවුලේ එන්ග්‍රේවින් ඉතිහාසය හොයාගෙන යද්දි පාන්දර දෙක විතර වුනා. දැන් ෆයිනල් අවුට්පුට් එක අපිට ඕන මට්ටමට ඇවිත්, ඒත් තව හතක ම වැඩ ඉතුරුයි. අපි රෑට කන්න ගත්තු ආප්පත් කාර් එකේ.
අැවරි උදව් දුන්නෙ කපලා... අළවලා.... තමයි



බඩගින්න වැඩි නිසා අපි රෑ එකට විතර ආයෙත් පන්සලට ඇවිත් සහභෝජනය සඳහා සහභාගී වුනා. නැවතත් අපි පාන්දර දෙකට සනාබෝයිගේ වර්ක්ෂොප් එකට ගියා. නිල ලාංජන සියල්ල ලක ලැහැස්ති කරලා පැය කීපයයි නිදා ගන්න ලැබුණේ උදේ හය වෙද්දි නිල ඡායාරූප ශිල්පි සුනංගු අමතනවා... 

Thursday, March 5, 2015

අප හැර දමා ගිය මියුලැසී...

මේ දවස්වල හඳ දැකලා ඇවරි ටිකක් ජබර් කලන්ත වෙලා හිටියාට මොකද යාළු සතුටක් වගේ ම දුකක් ඇතිවුණ මික්ස් ෆීලින්ග්ස් සහගත සතියක් ගෙවී ගියා කිව්වවොත් හරි. ඇවරිගේ අතිජාත මිතුරියක වන යානි කුමාරිහාමිනේ ලංකාවට සැපත් වීම පසුගිය බදාදාවේ සිද්ධ වුනා. එතුමිය නම් පැමිණෙන බව කලින් තියා කියා තිබුණත් දවස නිශ්චිත නොවූ නිසා ඈවර විතාන බුකියේ දැමූ සංවාද සටහනක් නිසා කුමාරිකාවගේ ලංකා ගමනේ නිල තතුවිති කල්තියා දැනගන්න ලැබුණා. මේ යානි කියන්නේ කැම්පස් යන කාලෙ අපිට වාත වෙච්චි චිලී කියන මාර දූතිකාවගේ වලිගේ. යානියෝ සාමාන්‍ය උපාධිය අවසාන වුන අල්ලපනල්ලේ අරාබියට පියාසර කළා. අවුරුදු දෙකකට විතර පස්සේ දැන් තමා ලංකාවට ගොඩබැස්සේ. ඉතිං ඇගේ පැමිණීම වෙනුවෙන් එළඹෙන සෙනසුරාදාවේ බිග් මැච් වන්දනාවත් කැප කරලා සුහද සාදය සදහා ඇවරි හිත හදාගත්තා.
ඒත් කාලා ඉන්න බැරි සීන් එක වුනේ ඇවරිගේ කාර්යාලයීය මිතුරියක වූ සේරාගේ නික්ම යාම. ඇවරිත් සමග ආයතනය හා සම්බන්ධ වුන සේරාවෝත් සියල්ල හමාර කරලා අරාබිය වෙත පියාසර කරන අටියෙන් ගෙවුන බ්‍රහස්පතින්දාවේ අපෙන් සමුගත්තා. මේ කෙටි සටහන ලියැවෙන්නේ ඇය වෙනුවෙන් ඇවරිගේ පුද්ගලික මතක මංපෙත සදහා. සමහරවිට සේරා තමුන් ගැන ඇවරිතුමා මේ ආකාරයට ලියා ඇති බව දැන ගන්න එකක් නෑ. හැබැයි මට රාජකාරී ජීවිතයේ මුණගැහුණ හොද ම කණ්ඩායම් සාමාජිකාවක වශයෙන් ඇය ගැන ලියා තැබීම මං නාකි වුනා ම කියවන සලාදයක් වෙනුවෙන් වටිනවා.


ඇය බොහෝ ප්‍රචලිත ආයතන රැසක් හා සම්බන්ධව කටයුතු කරලා, අපේ ආයතනය හා සම්බන්ධ වුන කතක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විසේකාරියක්. අවුරුදු විසිපහක ජීවිතය තුළ බොහෝ හැල හැප්පීම්වලට මුහුණ දුන්න ඒ ජීවිතේ මට කාන්තාවෝ ගැන බොහෝ දේ කියලා දුන්නා. ජීවිතේ ඇස්පනාපිට ම වැරදිලා, බලාපොරොත්තු පොඩි පට්ටම් වෙලා, ලෝකය ම එපා වෙලා ඇස්වලින් කදුළු ගලද්දී ඇය ටිෂූ බොක්ස් එකක් පැත්තකින් තියාගෙන කදුළට ඉඩ දුන්නා. ඒ වගේ ම සතුටු වෙලාවලදී දෝරෙ ගලන්න හිනා වුනා. මුළු කාර්යාලය ම ජීවයෙන් පුරවන ඇගේ කටහඩ මල කරදරයක් කියලා අපි හැමෝ ම මූණටමත් කියලා තිබුණා. ඇය අවදානම අරං බොහෝ දේ කළා. ඇන්ඩි අරක හරිද? මේ ඩොකියුමන්ටස් රෙඩි ද? කෝච්චි ටිකට් හරිද? එයාර් ටැක්සි බුක් කළා ද? අයියෝ ප්‍රශ්න වැලක්!!


අපේ ඔපිසියේ කෝමත් ලොකු සීන් නෑ. එහි කල්චර් එක හරි වල්චරස්. අයි මීන් හරි වෙනස්. කස්ටට අපිව නොපෙනෙන නිසා ඩෙනිමයි සෙරෙප්පු දෙකයි අපේ නිල ඇදුම් වෙලා. අපි පස් හය දෙනා ම ඒ ඒ අංශ වලින් දක්ෂයො. පැන්ටෑස්ටික් ෆයි වගේ. ඒ වගේ ම අපේ අපේ පස්සවල් අපි අපි ම බලා ගන්නවා. වැරදි දැක්කා ම අපි අපි ම හදාගෙන කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. මේ සියල්ල කොහොම වුනා ද දන්නෑ. කොච්චර ගහ මරා ගත්තත් අපි පවුලක් හැටියට වැඩ කළා. සාමාන්යෙන් ඇවරි කියන්නේ ක්‍රීඩාවට එච්චර දක්ෂ පොරක් නෙමෙයි කියලා තතු දන්නෝ දනිති නේ. නමුත් ඇවරිගේ ඔපිසියේ ඉන්නේ අනාදිමත් රගර් ක්‍රීඩකයෙක් (සෙන්පීටර්ස් රගර් කැප්ටන්), ජාතික තලයේ හොකී ක්‍රීඩකයෙක් (නැෂනල් ස්කොඩ් ප්ලේයර්), ක්‍රිකට් තරුවක් (ඉන්ග්ලන්ඩ් ක්ලබ් ක්‍රිකටර්) වගේ ජනකාන්ත පොරවල්. ඇත්තට ම යාළු මේ අර ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් එකක් කරපන්, ජොබ් ෂුවර් කියලා කියපු තර්කෙ ඇත්ත බව තේරෙන්නේ දැන්. උඩ කියපු චරිත තුන එක්ක එකට වැඩ කරනවා කියන්නේ හරි ම අමාරු වැඩක්. මොකද කිව්වොත් ඒ අය ක්‍රීඩකයො නිසා. ඒ අයට විනාඩි කිහිපයක් ඇතුළත වැඩ කෙරෙන්න ඕන. මේ කස්ටිය ඔෆිස් එකේ තමන්ගේ සීට් එකේ හිටියත් ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ වගේ තමා. මේ බබා උක්කුන් දාන්න ලෑස්ති වෙන්න එපා... ඔයා ලෑස්ති වෙද්දි අරුන් ගෝල් එක ගහලා ඉවරයි. ලොල්....  


ඉතිං මේ අය සියල්ල හරි කමිටඩ් පොරවල්. සේරයි මමයි එක්ක තවත් හතරක් ඇතුළට ආව. අන්තිමේ දී ඉතුරු වුනේ සේරයි මමයි විතරයි. දැන් ඇයත් යනවා. ඇය බොහෝ අත්හදා බැලීම් කළා. සමහර පිස්සු වැඩ වලට අපි සෑහෙන මුදල් වියදම් කළා. නමුත් ඒකෙන් අපි ඉගෙන ගත්තා. උදාහරණයක් විදියට පාර්ටි ඩෙකෝ. වෙඩින් ඇරෙන්ජ්මන්ට්ස්, මල්ටි සෙන්ටර් හනිමූන්, ලක්ෂරි හොලිඩේස්, වෝටර් ස්පෝර්ට්ස්, එස්කෝර්ට්ස් ආදි වශයෙන් ඇගේ පිස්සු වැඩ බොහෝ තිබුණා. ආහ් කාලයක් ඇය සන් එෆ්.එම් නිවේදිකාවක් ලෙසත් වැඩ කළා. මේ පිස්සු චරිතය අපිට දුන් දේ බොහෝයි. ඇය හොද කන්ටෙන්ට් රයිටර් කෙනෙක්. ඒ වගේ ම ගූගල් ඇනලටික්ස් අපි දෙන්න ම වදෙන් පොරෙන් දැන කියා ගත්තේ අපේ සයිට් එකේ රේටින්, අපිට ම බලා ගන්න. සමහර දේවල් අපි ම ලියලා අපි ම කීවර්ඩ්ස් සෙට් කරලා අපි ම අප්ඩේට් කළා. ඒ අතින් අපේ ඔපීසියේ හොද තමා හැමදේම හැම කෙනා ම ඉගෙනගත යුතුයි කියන මතය.


අනිත් ඔෆිස්වල වගේ අනුන්ගේ කුණු හෝදන්න, ඕපාදූප හොයන්න අපිට වෙලාවක් නෑ. ඒකත් කල්චර් එකේ කොටසක්. ඇවරිට නම් දැන් එහෙම තුන් හාරසීයක් ඉන්න කාර්යාලයක වැඩ කරන්න ම බෑ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ හෙඩ් සෙට් කනේ ගහගෙන සින්දු අහන ගමන්, ආතල් එකේ වැඩ කරන්නනේ. කූල් මචං කූල්.  හැබැයි පාර්ටි දාද්දී අපි නිකම් ඉන්නෙත් නෑ. සේරා තමා අපේ පාර්ටි ස්පෙෂලිස්ට්. අද හැපනින් හික්කා. මවුන්ට් බීච් රේව් එක අනිද්දා. අද ඉලෙවන් ඉන් ද නයිට් ටිල් ටුමෝරෝ ටෙන් පාර්ටි එක. සිකුරාදා අපි හොලිවුඩ් කලම්බු යමු. අයියෝ ආර්. එන් බී දැන් සක්ස් අප්පා.... ආදී වශයෙන් යන්න ඕන කොහෙ ද? හැපනින් මොනා ද? කියලා අපිට දන්වන්නේ සේරා. අපි නයිට් ක්ලබ් පීරලා ඇති. වෙලාවට ස්ටාෆ් එන්ටර්ටේනින් කියලා ක්ලබ් / හොටෙල් බිල් සදහා වෙනම ලෙජර් එකක් තියෙන්නේ.... ඒ වගේමයි කෑම බීමත්. පීසා ගෙන්නන්නෙත් ඇය. ටිප් දෙන්නෙත් ඇය. කෝ ඉතිරි? ටිප් එකට දුන්නා. ආ මාරයි නේ....???


මුල්ම වතාවට ක්ලයන්ට් ප්‍රොෆයිලින් කළේ සේරා. ඇය ඒ අතින් සී.අයි.ඒ එකට එහා. කවුරුහරි කතා කරලා හොලිඩේ එකක් ඉල්ලුවොත් වාසගම ඉල්ලගෙන උගේ අලගිය වැලගිය මුලගිය සියල්ල හොයාගන්න ඇය දක්ෂයි. කෝමත් ෆලයිට් රිසවේෂන් වලට පාස්පෝර්ට් එකේ හැටියට නම ගන්නවනේ. එතනින් එහාට අහවරයි. අරූ ගිය අවුරුද්දේ ගියේ කොහේ ද? කා එක්ක ද? (අපි වෙන තැනකින් කොටේෂන් ගන්නේ පරණ තැන නරක නිසානේ) ෆ්‍රීක්වන්ට් ට්‍රැවලර් ද? (කෙනෙක් කලින් ගියපු තැනකට ආයෙත් යනවා අඩුයි නේ) රස්සාව මොකක්ද? (සියල්ල ඩිපෙන්ඩින් ඔන් බජට් නේහ්) මැරි කළේ කවදද? (හනිමුන් එකට වියදම් කරන්න කවුද ලෝබ වෙන්නේ??) ආදී බොහෝ දේ සමාජ ජාල අඩෙවි හරහා ඇය හොයා ගන්නවා. ඒවා සසදලා තමා කොටේෂන් දෙන්නේ. අනික ක්ලයන්ට්ගේ පැටිකිරිය කියලා කතා කළා ම ඌට නිකම් නෑයෙක් කතා කළා වගේ නිසා අසරණයා අපිත් එක්ක ම එනවා. අන්තිමේ දී බිස්නස් කෙසේ වෙතත් සම්බන්ධකමක් හැදිලා. පස්සේ රැයක් දවාලක් නැතිව වද දෙනවා. හරියට මේ උන්ට කොහේ හරි යන්න තදියම් වුනා ම අපි හෝටල්, ෆ්ලයිට්ස් දාලා ට්‍රාන්සර් හේම කරලා දෙන්න බැදිලා ඉන්නවා වගේ. අනික ඇය අඩුම ඔප්ෂන් එක ගන්න දක්ෂයි. අපිට ඒ ඒ රටවල ෆිසිකල් සැපයුම්කරුවන්ට අමතරව, ඔන්ලයින් බුකින් එක්ජින් හතරක් තියෙනවා. මේ හැම එකක් ම පීරා අඩු ම තැනින් බුකින් එක දා ගන්න ඇය ඇත්තෙ මාර හැකියාවක්.    

වැඩට යන එක කවදාවත් ම එපා වුනේ නෑ යාළු. හැම දවසක් ම අලුත්. අලුත් ටුවර් එකක්. අලුත් ටාස්ක් එකක්. එහෙම වුනේ අපේ ටීම් එක නිසා. සේරා අන්තිමට මට හග් එකක් දෙද්දි සෑහෙන්න දුක හිතුනා. අයියෝ මේ කෙලී හෙට ඉදන් ඔෆිස් එකේ නෑ නේද කියලා. අපි මිනිස්සුන්ට පුරුදු වුනා ම ටිකක් අමාරුයි. ඒත් බලන්න සර් ටික කාලයක් යද්දි එතෙන්ට වෙන කෙනෙක් එයි. සුපුරුදු පරිදි අවසාන කතාව කළේ මගේ රියදුරු තැන. ඔහු කලින් රාත්‍රී එකොළහ මාරට සාරාව නිවසට ඇරළීම භාරව හිටියා. දැන් මට මුල් ම දවසේ සර්ව ගෙදර ගිහින් දාන්න කියද්දි මං බෑ කිව්වා. ඇයි දෙයියනේ මට පුරුදු මිනිස්සුන්ව මග ඇරෙනවනේ... නමුත් දැන් මං හැමදාම සර්ව ඇරලවන්න එනවා. දැන් සර්ට පුරුදු වෙලා. ජීවිතේ කියන්නේ එහෙම වෙනස් වෙන දෙයක්නේ. අපිට ඒකට හුරුවෙන්න ම වෙනවා. අන්තිමේ දී ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා වගේ දෙයක් තමා වුනේ.... 

Sunday, March 1, 2015

දාන මාන දෙක - අෂ්ට පරිෂ්කාරක ලිහලා බලමු ද?

රැස්වීම තිබුණෙ මාර්තු මාසෙ අපි අලුතින් ම ලෝන්ච් කරන වාර්ෂික වැඩසටහන ප්‍රදර්ශන දානය සදහා අවශ්‍ය කලමනා සකසා ගන්න. සාමාන්‍යෙයන් ගෙවල්වල දාන දෙද්දි දුවා දරුවන් සම්බන්ධ වෙනවා අඩුනේ. තව ටික කාලයක් යද්දි ඔය කේටරින් කරන තැන්වලින් අර මල් ශාලාවල ඉන්න අවමංගල අධ්‍යක්ෂකවරු වගේ සාංඝික දාන අධ්‍යක්ෂකවරු පත් කරාවි. ඇයි මෙතන වෙන්නෙ මොකක්ද කියලා කවුරුත් දන්නෑනේ.... දානය හා සම්බන්ධ චාලිත්තර මොනවාද?, සංඝගත දක්ෂිණාව කියන්නේ මොකක්ද? දන් දීමේ අනුසස් මොනවාද? ධාතු කරඩුව වඩම්මන්නේ ඇයි?? ආදී වශයෙන් දානය හා සම්බන්ධ දරුවන් නොදන්නා සියල්ල ප්‍රායෝගිකව ඔවුන්ට කියා දිය යුතු බවට තර්කයක් ගොඩනැගී තිබුණා. අනික් අතට පොඩි හාමුදුරුවන්ටත් පොඩ්ඩන්ට මේ දේ කියා දෙන්න ඕන ය කියන සිතුවිල්ල තදින් තිබුනා. දෙමාපිය රැස්වීමේදීත් හාමුදුරුවො කිව්වේ මේ යන විදියට ගියොත් දැන් හැදෙන පුංචි දරුවො මේ දෙමාපියන් මිය ගිය පසු පින් අනුමෝදන් කරන්නැතිවෙයි කියලයි.


මේ පිළිබද ගුරුමණ්ඩල රැස්වීම් වලදී තර්ක ප්‍රතිතර්ක රාශියක් ආව. අපි දෙපිල බෙදිලා වාද කළා. මොන පන්තිද දානයට සම්බන්ධ කරගන්නේ. හාමුදුරුවන් වහන්සේලා කීයකට ආරාධනා කරනවාද කියලා ආදි වශයෙන්. දැන් හාමුදුරුවන්ට දානෙ දීලා ළමයින්ටත් බත් කටක් තන්න අවස්ථාව දෙනවා ද? එතකොට ඒකට දෙමාපියනුත් එකතු වුනා ම දාහකට හමාරකට අපිට දානෙ හදවන්න පුළුවන් ද? ආදී වශයෙන් මරාගෙන මැරෙන තර්ක ආව. විවාදය යන අතරේ අපේ චමරි අක්කා මගේ ජංගමයාට එසමක් මගින් කිව්වේ ඔය දානේ නම් දෙන්න වෙන්නෑ මල්ලි කියලයි. මං ඈ දිහා බලලා හිනා වුනා. ඇත්තට ම අපි යෝජනා කළ දේ බරපතල වුන නිසා සරල වැඩක් කරමු කියලා කවුරුත් කතා වුනා.


පොඩි හාමුදුරුවන් එහි දී අපූරු කතා කීපයක් ම කිව්වා. දැන් බලන්න ඔය දානවලට තියෙන වම්බටු මෝජුව, තෙල් හැන්දෙන් එකයි. අනෙක මේ ව්‍යාංන දහ පහළොව හාමුදුරුගොල්ල වළදන්නෑ. අපි කැමති වැඩියෙ හම්බ නොවන දේවල් වළදන්න. දැන් හැමෝ ම ලෙඩ්ඩු නොවැ. අනික ගන්නකො ඔය කැවිලි පිගාන. දැන් ඔය කැවිලි පිගානක් බැලුව ම තේරෙනවා ඒ වෙනුවෙන් රුපියන් පන්සීයකවත් වියදමක් යන්නැති කියලා. දැන් මොකෝ අපි වළදනවා කියලා ද? අර බොරුවට පිගන් වල දාලා අන්තිමට ෂොපින් බෑග්වල දාලා පන්සලට ගේනවා. දැන් ඉරිදා හවසට අපි දාන අහවර කරලා එද්දි මං ගෙනත් ඔය ඇත්තන්ට දෙන්නේ ඒ කැවිලි පාර්සල් නොවැ. කවුරු හරි කනව නම් ඉතිං එකක් නේ. පුස් කාලා වීසි කරනවට වඩා. ඒ නිසා ඔය හැලප, වැලිතලප, තල කැරැල්ලක් වගේ කැවිලි කිහිපයක් තිබුණා ම ඇති. ව්‍යාංජන වලට කිරි කොස්, නීරමුල්ලිය කොළ, තෙබු කොළ මැල්ලුම්, කොහිල අල ආදී වශයෙන් පොඩි හාමුදුරුවො රජරට ගොයියො රතු හාලට කන මෙනු එකක් කියාගෙන ගියා. කොහොමත් අපි වෙජි දානයක් දෙන්න තමා ප්ලෑන් කළේ.


පිරිකර සදහා හිමි නමකට අවැසි සියල්ල දෙන්නත් ඒ ඒ වෙලාවට ඒ ඒ පිරිකර පූජාකිරීමේ ආනිසංස කියා දෙන්නත් සැලසුමක් අපේ තිබුණා. ඒ ගැනත් පොඩිනම අපූරු කතා කිහිපයක් කිව්වා. දැන් බලන්න මේ මං පොරවන සිවුර තායි කපු සිවුරක්. ඔය ඇත්තො ඇදුම් අදිනවා වගේ ම අපිත් මේ සිවුරු දරන්නේ සැහැල්ලුවටනේ. දැන් අටපිරිකර සමග එන සිවුරු අදින්න අමාරුයි. ඒවා ලිහලා බැලුවොත් පෙනේවි නියම ප්‍රමිතියෙන් තොර බව. පාත්තර මලකඩකාල. සිවුරු කාලයක් පාවිච්චි කරන්න අමාරුයි. දහදිය දානව වැඩියි. ඉතිං හොද සිවුරක් දෙදහස් පන්සියයක් විතර වෙනවා. නමුත් ඒ ගාන වියදම් කරලා දුන්නත් දායක භවතුන් රැවටෙන අවස්ථා වැඩියි. ඒ නිසා සිවුරු සියල්ල අපි විශ්වාසවන්ත තැනකින් පරීක්ෂා කරලා ගන්න ඕන. තව බලන්න අපි නොහිතුවාට දැන් කාලේ ෂේවින් ක්‍රීම් හාමුදුරුවන්ටත් හරි වැදගත්. ඉතිං උන්වහන්සේගේ අනුශාසනා සියල්ල අනුව අපි පිරිකර පැකේජයක් දෙන්න ලක ලෑස්ති වුනා. සිවුර, දත් බුරුසුව, දත් බෙහෙත්, රේසර්, ෂේවින් ක්‍රීම්, කුඩය, සබන් සහ සෙරෙප්පු මේ පිරිෂ්කාර එකතුවට ඇතුළත් වුනා. මීට අමතර මව්පියන්ට තම දරුවන් ලවා හැකි පරිද්දෙන් පිරිකර පූජා කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

අවසාන තර්කය වුනේ දානය සදහා මේ ගැන දැනුමක් තේරුමක් ඇති හතෙන් ඉහළ දුවා දරුවන් සම්බන්ධ කරගනිමු කියලයි. හාමුදුරුවන් වහන්සේලා විස්සකට සීමා වෙන්න අපිට සිදු වුනේ මේ නියාමන ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අවැසි වූ නිසා. හාමුදුරුවරු හැර දරුවන් හෝ ගුරුමණ්ඩලය යන කිසිදු පාර්ශවයකට කෑම නොදෙන්න අපි තීරණය කළේ එය දෙමාපියන් වෙත අනවශ්‍ය බරක් පටවනු ඇතැයි විශ්වාසයෙන්. ඒ ඇත්තෝ හැමදාම වෙසක් හීල් දානෙත් උපයා සපයා දෙන එකේ මේ වෙනුවෙන් කරදර කරන්න ඕන නෑ කියලා පොඩිහාමුදුරවන් කිව්වා.


දානං දදංතු සද්ධාය...
කොහොම හරි විසිනමකට දානය සදහා දානෝපකරණ භාරගැනීම විනාඩි විස්සක් ඇතුලේ අහවර වුනා. ඇයි යාළු දැන් දානෙට ම ඕන අල කිලෝ දෙකයි ඉතිං භාරගන්නේ එක්කෙනයි වැඩේ ඉවරයි. කිරිකොස් එක්කෙනයි. ඉවරයි. දැන් අන්තිමට බහුතරයක් අම්මලා තාත්තාලාට භාර ගන්න දෙයක් නෑ. වෙන්දේසිය කම්මුතුයි. පිරිකර භාර ගැනීම ඊට එහා. සිවුරු විස්සර පණස් දෙනෙක් නම් දීලා. කවුරුත් තනිව සිවුරු පූජාකරන්නයි කැමැත්ත. ඇවරිටත් තදින් සිවුරක් දෙන්න ඕන කම තිබුණා. ඒත් මං යද්දි වැඩේ ක්ලෝස්. ඇවරිගේ පියා නම් සියක් නමේ දානෙ දි බිරින්දෑටත් එක්ක සිවුරු පිරිකර දෙකක් හැමදාම බාරගන්නවා. මටත් සිවුරක් දන් දෙන්න තද ආසාවක් තිබුණා. අප්පමාදෝ අමතපදං. කුඩ දහයක් අම්මා කෙනෙක් බාර ගත්තා. තව කෙනෙක් පන්දාහක සෙරෙප්පු. තව තාත්තෙක් ඇති තරම් කෙසෙල්. කෝලිකුට්ටු කැන් කීයද ඕන? කියන්න දෙන්නම්.


අන්තිමේ දී ඇයි අපි ළමයින්ට කෑම නොදෙන්නේ??? එක මාළුවක් එක්ක හරි දෙමු. මේක කරන්න පුළුවන්. අපි පන්ති මට්ටමින් කරවමු. අපේ ළමයින්ටනේ.... අනික ගුරු මණ්ඩලයට බත් කටක් නොදී පුළුවන් ද? අම්මලා තාත්තලා ම තර්කයක් ගෙනාවා. අපිට තිබුණෙ ළමුන් සදහා මෙනුවක් සැකසීම පමණයි. කාරණාව බුදු වෙනවා ලකුණු පෙනේ කියන්නේ ඕකට තමා පුතා....


හවස ගුරු රැස්වීමට කලින් මං සියලු ම දේවල් ඇනලයිස් කරලා මදිපාඩු බැලුවා. මුදල් වලින් දසදහසක් ඇවිත් තිබුණා. පිරිකර සහ ව්‍යාංජන සියල්ල හරි. දැන් තියෙන්නේ ළමුන්ට කෑම දීමට අදාළ ගැටලු සදහා පිළියම් යෙදීම.


ආහ් අර මං කතා කරපු තාත්තලා මාව වට කරගෙන තමුන් භාර ගත්තු දේවල් ගැන කතා කළා. එක තාත්තෙක් මාතර පැත්තේ මඤ්ඤොක්කා කොළ කොටලා හදන ගුණදායී සම්බෝලයක් සියලු හාමුදුරුවන් වෙනුවෙන් පිළියෙළ කරන්නත් ප්‍රවාහන පහසුකම් සපයා දෙන්නත් භාර ගෙන තිබුණා. අපිට ආසන ගෙන්වන්න ලොරි ලැබුණා. ඉල්ලන පරක්කුව විතරයි ගොඩක් දේවල් ලැබුණා. ඒ දෙමාපියන්ගේ උනන්දුව මාරයි. ඕගොල්ලො අපේ දරුවො වෙනුවෙන් මෙච්චර මහන්සිවෙන එකේ අපිට මේ දේවල් දෙන එක මොකද්ද සර්...??? ඒක මාර ම ටචින් කමෙන්ට් එකක්. දැන් අපි සියලු දෙනා එතෙන්ට ගෙනත් තියෙනවා. ඉල්ලන්න දේවල් එවෙලෙම දෙන්න අපේ දෙමාපියන් සැදී පැහැදී ඉන්නේ ඒකෙන් ප්‍රතිඵල තියෙන බව දැනගෙන. වත් කළ දිය නෙරළු තුරු මුලට පියකරු - දෙත් මුදුනෙන් ම පල රස රැගෙන අමයුරු වගේ. වැඩියෙ ඕන නෑ. අපේ තෑගි ප්‍රදානෙට එක ෆෝන් කෝල් එකක් දුන්න ම දක්වන දායකත්වය දැක්ක ම පුදුම හිතෙනවා.    



අවසාන වශයෙන් බොහෝ දෙමාපියන් අපි ගැන පැහැදීමෙන් කතා කළා. මට දුක මගේ පන්තියට දවස ම ගොඩවෙන්න වෙලාවක් ලැබුණෙ නැති එක ගැන විතරයි. නමුත් එදා දවසේ මං පුදුම සතුටක් වින්දේ. අපේ අලුත් ම ව්‍යාපෘතිය හිට් එකක් වුනේ අන්න එහෙම. මුල් ම අදියරේ අපි අතිශය සාර්ථකයි. දානෙ කෙරෙන දවසට අපිට තවත් සතුටු වෙන්න පුළුවන් වෙයි. හැමදාමත් කියනවා වගේ... ඔද තෙද ඇති අපේ ශක්තිය - ඔබ සදහාමයි. ඔව් අද වගේ ම හෙටත් අපි හරිම ජාතියි.....!!!! 

දාන මාන පෝස්ටුව - හෙලෝ ඔබතුමා මේ ගැන දැනුවත් ද?

ගෙවුන වීක් එන්ඩ් එක සෑහෙන්න හැපනින් ලල් එකක් දුන්නා. සිකුරාදා රාත්‍රී අටට විතර ඇවරිගේ ලොකු අක්කා කතා කරලා සෙනසුරාදා පාන්දර පහට දේව පූජාව සදහා ඇවරිතුමාගේ පැමිණීම අනිවාර්ය බවට දැනුම් දුන්නා. ඇවරිගේ ලොකු අම්මා කලාභූෂණ රෝහිණී කැටිපෙආරච්චි මැතිනියත් සෙනසුරාදා ඇය විසින් දිනා ගන්නා ලද සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයක් සදහා පැමිණෙන ලෙස නිල ආරාධනාවක් කළා. ඔය රාජකාරි දෙක  ම අතරේ සෙනසුරාදා ඇවරි ඩේටින් පාරක් සහ ලන්ච් එකක් දමාගෙන හිටියේ.

සාමාන්‍යෙයන් ඇවරි ෆස්ට් කම් - ෆස්ට් සර්ව්ඩ් තමා. නමුත් ටොප් අර්ජන්ට් කියලා සීල් කරලා එන වැඩට  ප්‍රෙයෝරිටි දෙන්න නිතර සිදුවන නිසා ෂෙඩියුල් චේන්ජස් ඇති තරම්. ඒ නිසා කොච්චර කල් තියා යොදන  ඇඩ්වාන්ස්ඩ් බුකින්ස් වුනත් ටිකක් එහාට මෙහාට වෙනවා. අන්න ඒ වෙලාවට ත්‍රිෂුල ගත්තු කාලි ඇවටර් කීපයක් මා වටා බ්‍රමණය වන බවත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ....
දෙන්නන්ට දෙන්න - නොදෙන්නන්ට නොදෙන්න
දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙපිරිසට ම දෙන්න....

සිකුරාදා සාමාන්‍යෙයන් ඇවරි ගෙදර එද්දි ටිකක් පරක්කු වෙනවා. ෆ්‍රයිඩේනේහ් ඉතිං..... (යූ නෝ වට් අයි මීන් රයිට්..!!) එදා ටිකක් වැඩියෙන් පරක්කු වුනා. ඒ කිව්වේ පාන්දර දෙකයි. සයන තේවාව පැය තුනක් වගේ අඩු කාලයකට සීමා වුනේ ලොකු අක්කා දේව පූජාව සදහා එන්නැයි ඇමතුමක් දුන්න නිසා. හීනෙන් වගේ ඇදුමක් දාගත් ඇවරි මග බැස කොන්ක්‍රීට් පාර දිගේ අල්විස් විලා වෙත ආව. දේව පුජාවේ මුරුතැන් බත් සෑදීම සදහා සම්බන්ධ වෙන්නේ පිරිමි පාර්ශවය පමණයි. ඇවරි දැන් කිහිප වතාවක් මේ කටයුත්තට සම්බන්ධ වෙලා තියෙන නිසා පූජාව පැවැත්වෙන දිනයන්හි පාන්දර ඇවරිතුමාට ඊට ආරාධනා ලැබෙනවා. පළමුව කෙරෙන්නේ මුංඇට සහ බත් ලිප තබා තම්බා ගැනීම. මීළගට ඊට රටඉදි, කජු, හකුරු, කිරි, ගිතෙල්, ආදී බොහෝ දේ එක් කරනු ලබනවා. මුලින් මුලින් සෑහෙන්න ලේසි ගේමක් වුනාට අවසාන හරියෙ දි පත්තෙන් හැදිගාන්න අමාරු වන තරමට මුරුතැන් බත හයිවෙනවා. අඩිය අල්ලන්නට නොදී දිගට ම හැදිගැම කරන්න ඕන. ඉතිං එදාත් ඇවරි සුපුරුදු පරිදි මුරුතැන් බත හදලා, බාලා එහෙම ගෙදර ඇවිත් ලොකු අම්මාගේ උත්සවයට යන්න ගියා. එතනත් මගේ සුළු රංගය අහවර කරලා නැවතත් ගෙදර ඇවිත් ට්කක් නිදාගෙන ඇවරිතුමා අප්පච්චිත් එක්ක ආලාප සල්ලාපයේ යෙදුනා.

හවස ඇවරිට තමුන්ගේ ළමුන්ගේ දෙමව්පියන්ට කතා කළ යුතු බවට අදහසක් ආවා. පහුවදා දානය සම්බන්ධයෙන් පැවැත්වෙන දෙමාපිය රැස්වීම පිළිබද පණිවිඩය ළමුන් විසින් මව්පියන්ට ලබා දුන් බවට තහවුරු කරගන්නත්, ඒ දෙමාපියන් ගැන අවබෝධයක් ලබා ගන්නත්, කොටින් ම පී.ආර් සදහාත් කෙටි කාලයක් තුළ සියලු දෙමාපියන් අමතන්න ඇවරිතුමාට අවශ්‍ය වුනා. මේ ලෝකෝත්තර පැටව් ටික මට දීලා තියෙන කන්ටැක් නම්බර්ස් හරිද දන්නෙත් නෑනේ. හෙලෝ බ්ලාබ්ලාබ්ලා මහතා / මහත්මිය, මේ කතාකරන්නේ බ්ලාබ්ලාබ්ලා පුතාගේ දහම් පාසලෙන්. හෙට දෙමාපිය රැස්වීමක් තියෙනවා ඒ ගැන ඔබතුමිය දැනුවත් වුනා ද???... ආදී වශයෙන් පටන් ගත් කතාබහ විනාඩියක් තුළ අහවර කරන්න ඇවරි උත්සහයක් ගත්තා. අපි ළග ඇති තොරතුර අනුව ඒ දෙමාපියන්ගේ නමින් ම කතා කළාම අර තිස්ස... තිස්ස.... කිව්ව වගේ වැඩක් තමා වුනේ.


කිසිදු දෙමාපියෙක් තමාගේ පුතාගේ දහම්පාසලෙන් තමන්ට ඇමතුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුනේ නෑ. තමන්ගේ වාසගමින් මෙච්චර වෘත්තිය මට්ටමින් කතාකරන්නේ කවුද කියලා බොහෝ තාත්තලා මඤ්ඤං වුනා. මට ඕන කළේ පියවරුන් විශේෂයෙන් ගෙන්වා ගන්න. බොහෝ දෙනා හරි උනන්දුවෙන් ටෙලිකොන් එකට උත්තර දුන්නා. සමහර තැන්වල දි මං දරුවාගේ අම්මාගේ නමට ඇමතුම ඉල්ලා සිටියාම අම්මා මෙන්න... සර් කතා කරනවා කියලත් කියවුනා. මං පුදුම කරවමින් ඒ සියලු දෙමාපියන් රැස්වීමට ආව. හොදම පැමිණීම මගේ පන්තියේ. ආව විතරක් නෙමෙයි යාළු ආපු පිරිස හරි අපූරු වැඩකුත් කළා. 

ගෝනි බිල්ලන්ගේ ළමා බිල්ල

මේ කතාව ඇවරිට ලියන්න හිතුනේ අහම්බයකින් දැනගත්තු කරුණු ටිකක් නිසා. කාල ඉන්න බැරි සීන් එක මගේ ඇස් දෙකින් ම දැකපු නිසාත්, තිබුණු පශ්චාත් භාගයේ අමාරුවට ඒ ගැන තවත් කරුණු හොයාගත්තු නිසාත් ලියලා දාන්න හිතුවා.


මේ ලිපිය අර අර මං මුලින් ලියපු අවජාතක බිළිදු උපතක සැගවුණු අන්දරය කියන පෝස්ටුව හා බැදේ හොදේ. ලින්ක් එක මෙතනින්. අතීත කතාව... එදා අපි මෙලොවට ගෙනාපු පුතු පැටියා දැන් වෙනත් මව්පිය දෙපළකගේ උණුහුම මැද සුවෙන් ඉන්නවා. ඒ ගැන අපි දෙන්නා පහුගිය කාලෙ කෝපි කෝප්පයක් තොල ගාද්දි ඇති වෙච්චි කතාවක දී මට මල පැනලා ඩෝන්ට් අන්ඩර්එස්ටිමේට් ද පවර් ඔෆ් ද කොමන් මෑන්! කියාගෙන පොඩි ටෙලි නාටකයක් දැම්මත් මතකයි. ඒකත් පට්ට මිෂන් එක යාළු. ආ.. ඉන් පස්සේත් ඇවරිට ඩිලිවරි එකක් බලන්න තවත් අවස්ථාවක් ලැබුණා. ඒත් ප්‍රතිඵලය එකයි. සුපුරුදු පරිදි කොරිඩෝ සක්මන. ඒ විෂය ගැන මං ටිකක් පුරුදු වෙන්න ඕනෑ බංස්. කොහොද ලේ දකිනවට බයේ බයෝ නොකරපු මං අමුවෙන් ම ඩිලිවරි එකක් බලා ඉදියි කියලා හිතන්න පුළුවන් ද? ඒවා හදේ තමා ඉතිං!!!! ඇත්තට??? හැබැයි එදාට මා ළග නොහිටියොත්?? ඒවත් හදේ තමා හොදේ මහත්තයෝ..!!! කාලා වරෙන්කෝ. ලව් කරන තරම් ලේසි නෑ, පොරොන්දු ඉෂ්ට කරන එක ඕං.


මේ වෙස් මාරුවට කාලයයි....
සරි සරි... කදෙයි සොල්ලුංගෝවෙන් අන්නා... එදා මං පිකප් එකකට එයාර්පෝර්ට් ගියපු දවසක්. වී.අයි.පී කපල් හනිමුන් එකක මීට් ඇන්ඩ් ග්‍රීට් ට්‍රීට් දෙන්න මට පර්සනලි එන්න කියපු නිසා ඇවරි ෂෝෆර් එක්ක ඕකිඩ් ගාලන්ඩ්ස් අරං ඇතුලට ගියා. වෙල්කම් කරලා, ඩ්‍රයිවර්ට බ්‍රීෆ් කරලා උදේ හතට විතර වෙහිකල් එක රිලීස් කරලා මං කටුනායක ස්ටෑන්ඩ් එක පැත්තට කන්න මුකුත් හොයාගෙන ගියා. සාමාන්‍යෙයන් පිටින් නොකන ඇවරි එයාර්පෝර්ට් ගියොත් කටුනායක ස්ටෑන්ඩ් එක ගාවින් ‍තෝසෙ පාරක් දානවා. පුරුදු තැන නේ ආයිබෝං. මාත් ගියා. කෑවා. ගෙව්වා. දැන් ආපිට එන්න. එතන ට්‍රීවීල් බුවාලත් ඇවරි ටිකක් දන්නවා. මොකද හැමදාම මේ පිරිස මට හයිවේ එක්ස්ප්‍රස් එකට ට්‍රාන්සර් එක දෙන නිසා.


පාර්ක් එකේ තිබුණ දන්න අදුනන බුවකුගෙන් යනවාද කියලා ඇහුවා ම පොර මූණ ඇඹුල් කරගෙන දැන් ම යන්න බැරි වෙයි සර් කිව්වා. ඒ ආකාරය මට ටිකක් හරහට දැනුන නිසා ඇයි වීල් එක කැඩිල ද යාළු කියලා මං ඇහුවා. දැන් මගේ ඩ්‍රයිවර්ට යාළු කියලා ම මට දැන් හැමෝට ම යාළු කියවෙනවා. තරුණ පහේ වීල්බුවා අද පොඩි ඇපොයිමන්ට් එකක් තියෙනවා ලොක්කා කියලා වීල් එකේ හිටි හිජාබ් එක් දාපු තරුණියක් පෙන්නුවා. මුලින් අමුත්තක් නොපෙනුනාට ඇගේ පසෙකින් සීට් එක උඩ දරුවෙක් තබා ඇති බව මට පෙනුනා.


මොකෝ සීන් එක? බර බරයක් නෑනේ?? මං හිනාවක් දාලා විල්බුවාගෙන් ඇහුවා. දැන් මට උන්ගේ බාසාවත් ඒ තරම්  ම පත්තියන් වෙලා. හෑක හැක. නෑ ලොක්කා පොඩි ලෝකල් ඩීල් එකක්. වෙන වාහනයකුත් නැති එකේ තව විනාඩි දහයක් ඉන්න මං ඇම්මට ගිහින් දාන්නම්. මාත් හරි අවුලක් නෑ කිව්වා. ඒ එක්ක ම ආපු කළු වීදුරු තිබුණු කේ.ඩී.එච් වෑන් රථයට අර කාන්තාව දරුවත් එක්ක නැගුනා. එහි රියදුරුට යමක් කියා මා වෙත හැරුණු ජිල්බුවා වීල්මෑන් හරි සර් යන් කියාගෙන මණ්ඩිය හරවලා ගත්තා. 


දැන් මගේ බස්එක අල්ලන්න ජෙට් එක කැනඩා මිත්‍රත්ව පාරේ. යන්තම් මාසෙ ගොඩ සර්. හැබැයි පොඩි එකාට නම් මොනා වෙයිද දන්නෑ. ඔහොම පටන්ගෙන විනාඩි තුනක් ඇතුළෙ දි මහා ළමා ජාවාරම ගැන තොරතුරු සියල්ල විල්බුවා හෙළිකළා.


හිජාබය හැදිකත ළමයා විකුණන අදහසින් ලංකාවට ආ අරාබි රටක ළාබාල කෙල්ලක්. උදේ ෆ්ලයිට් එකේ ආව. දරුවා වික්කා. කීයක් හරි අරං. හවස ෆ්ලයිට් එකේ ගියා. මං දැන් මේ මාතලී කියන දේ අයා ගත් මුවින් යුතුව අසාගෙන සිටිනවා. කොහොමින් කොහොම හරි හයිවේ එක්ප්‍රසයකට අපි ආව. අදින්න තව වෙලා තියෙන නිසා  මේ අලුත් ඕපාදූපය ගැන තොරතුරු විමසන්න ඇවරි තත්පර වුනා. මේක දැන් අලුත් දෙයක් නෙමෙයි සර්. සාමාන්‍යෙයන් මාසෙට ඔය වගේ අම්මලා තුන් හතරදෙනෙක්වත් එනවා. අපි වගේ බ්‍රෝකර්ලා හරහා ළමයව විකුණලා කීයක් හරි අරං යාම තමයි වෙන්නේ. එතකොට කාට ද ඔය ළමයි විකුණන්නේ?


ඒක ඉතිං ළමයාගේ වාසනාව තමයි. අපිට තියෙන්නේ වැඩේ සෙට් කරලා කොමිස් එක ගන්න එක විතරනේ. ඊසි මනී නේහ්. අනික එන හැමෝ ම එන්නේ ළමයාව කොහොම හරි දීලා යන්න. අන්න සර්ගේ බස් එක අදින්න යන්නේ. හරි යාළු එහෙනම් අපි ගියා.


හිස් අසුනක වාඩි වෙලා ජනේලෙන් එපිට බලපු මට හීන් දාඩිය දාන්න ගත්තේ තවත් දරුවෙක් හා හිජාබ් ඇදි කතක් දැකලා. මෙහෙම දෙයක් ඇත්තට ම වෙනව ද කියලා තවත් හොයලා බලන්න පළගතුරේ මගේ හිතවත් කීප දෙනෙක්ටත් කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිත මාෆියාවටත් ඇවරිගේ ලයිෆ්ටයිම් ප්‍රෙන්තා නයිනමඩම ගෝඩ් ෆාදර් (අර හොර කසිප්පු පෙරන්වා බලන්න ගිහින් ඇවරිත් එක්ක ගේම දාගෙන පස්සේ ෂේප් වුන මස්සිනා) වගේ බොහෝ දෙනාගෙන් රෙෆරන්ස් ගත්තා. ඔහුන් හැමෝ ම තහවුරු කළේ අරාබි කතුන් විසින් ලංකාවට පැමිණ දරුවන් විකිණීම ව්‍යාපාරික මට්ටමින් සිදු වන බවයි. 


දැන් ඇවරිට ඕන මේ දරුවන් මිලට ගන්නා පුද්ගලයන් විසින් මේ දරුවන් සම්බන්ධයෙන් කුමක් කරන්නේ ද යන්න දැන ගැනීම. ඒක සෑහෙන්න ඇඩ්වෙන්චරස් කතාවක් වෙන බවට දැනටමත් ඉව වැටිලයි තියෙන්නේ. නමුත් මං ආසයි එහෙම හෝඩුවාවල් පස්සේ යන්න. යෙහ් යෙහ්හ අයි ඇම් ද සීකර්.... හේ හේ අපි බලමු මොකද වෙන්නේ කියලා. සමහර වෙලාවට අපි අවැදගත් කියලා නොසලකාහරින පුංචි දෙයක් ඇතුළේ ලොකු කතාවක් තියෙන්න පුළුවන් යාළු. සාමාන්‍යෙයන් ඇවරි දන්න මගේ රාජ්‍ය ඇතුළෙ කතා කරලා, කෑ ගහලා, අඩපාලා හිටියට පිටදී මං පට්ට නිශ්ශබ්ද චරිතයක්. හැබැයි මට දෙයක් හරහට ෆීල් වුනොත් එවෙලේ ම ඒ ගැන හගිස්සන්න පුරුද්දක් වෙලා තියෙනවා. බොහෝ විට එතනින් අලුත් පාරවල් ඇරෙනවා. සමහර පාරවල් දිගට යනවා. සමහර පාරවල් පොඩි දුරකින් වැහෙනවා. කොහොම නමුත් යාළු පුංචි පුංචි දේවල් නොසලකාහරින්න එපා. අනික දෙයක් අමාරුවෙද්දි මගේ හිතේ අඩහදයා දෙන වෝර්නින් එකත් අපූරුයි, කමෝන් නලියා බෑ කියලා බෑනේ.... අනික ඔයා නොකළොත් කවුද කරන්නේ? හා කියන්න. අන්න ඒ මොහොතේ ඉදන් මං ආයෙත් ගේමට එන්ටර් වෙනවා.



කොහොම නමුත් ගෝනි බිල්ලන්ගේ ළමා බිල්ල ගැන ඇති සැගවුන කතාව ඉක්මණින් සොයාගන්න වෙනවා. අර කිව්වත් වගේ මං නොකළොත් කවුද කරන්නේ...???  

Saturday, February 28, 2015

ඒ.සී.බී.ටී වන්දනාව - විත් ඩී.ජේ ඇවා ඇන්ඩ් පැස්බරා

ඇත්තටම මේ ලෝගෝ එක දැක්ක ම මං දැන් ටිකක් බය වෙනවා...
අනුන්ගේ මරාල ඇවරිතුමාගේ ශීර්ෂ මණ්ඩලයට ප්‍රාදූර්භූත වීම කියන්නේ ඒ හැටි අරුමැක්කක් නෙමෙයි නොවැ. අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසීය තුනක් අන්තරා ආදී කොටගෙන ඇති සියලු කැක්කුන් සදහා නස්නාලේපයක් හැටියට ඇවරි පාවිච්චි කරන පිරිස, ඒ කියන්නේ මගේ ඉමීඩියට් ක්ලයන්ටේලය පහුගිය කාලය පුරාවට ටිකක් විතර වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යෙයන් ගෙවන මිලට වැඩිය වඩින, විශ්වසනීය සන්නාමයක් හැටියට සියලු දෙනා වෙනුවෙන් විනාඩි පහක් හරි වියදම් කරන්න ඇවරි දැන් පුරුද්දක් කරගෙන තියෙනවා. සමහර පිටපත්වල ඇවරිතුමාට ඇත්තේ විනාඩි දෙක තුනක සුළු රංගයක් පමණයි. ජාම වෙලාවට ගෙදර ඇවිත් ප්‍රේම සජ්ජායනාවත් පවත්වලා අරුණට එළඹෙන අලුත් දවසේ ෂට් ඩවුන් වුනාම අනිත් මිනිස්සු දවස පටන් ගන්න වෙලාවට නැවත අවදි වීම කියන්නේ කුල්ලම් කුල්ලම් වැඩක්.


නමුත් මගේ පුද්ගලික ලේකම්වරියන් දෙදෙනා ම ඒ වැඩේ අපූරුවට කරලා ඇති. ඒ ඩබල මට ඇණ දෙන වැඩ නම් තිතට ම කරනවා. තකට තක. ලේකම් අංක එක - ඇවරි මාතාව, දවසට දෙවරක් ඇවරිතුමාව නිල වශයෙන් අවදිකරනවා. ඉන් පළමුවැන්න පාන්දර පහට තේ කෝප්පය අතට දෙන අවස්ථාව. මං කීයට නිදා ගත්තත් පහට ඇහැරවලා තේ එක බොන්න දීලා වචනයක් හරි මා එක්ක කතා කරන එතුමිය, නැවතත් කාර්යාලයට ගිහිල්ලා උදේ අටහමාරට දෙවන අවදි කිරීම සදහා ඇමතුම දෙනවා. ඒ වෙද්දි ලේකම් අංක දෙක ඇවරිතුමාගේ දවස සුඛිත මුදිත කිරීමේ මහා පුන්‍යෝත්සවයට දායකත්වය ලබා දීලා. දැන් වැඩට යනවා කියන්නේ ම ඇබ්බැහියක් යාළු. සාමාන්‍යෙයන් සතියේ දවස් පහේ වැඩට යන ගමන් කරන්න වැඩ මාලාවක් ලේකම්වරියන් දෙදෙනා හරහා ඇවරිට ලැබෙනවා. ඒවත් පිළිවෙලට කරලා හරි දාගෙන රාජකාරියට යනවා කියන්නේ බාධක දිවීමට එහා වැඩක්. අපරාදේ කියන්න බෑ ඒකෙත් යම් රහක් තියෙනවා.      


කාලෙකට කලින් ඇවරිට ආපු කොන්ත්‍රාත්තුවක් තමා මේ අංගනාවක් ඒ.සී.බී.ටී එකට එක්කගෙන යාමේ කර්තව්‍ය. මේ කුල කුමරිය වැස්සකටවත් බස් එකේ ගිහින් නැතිලු. කෝච්චියේ යන එන එක ලේසි වුනත් කොල්ලුපිටියෙන් බහින්න ඈ දන්නැතිලු. ඔක්කොට ම වඩා දැන් කොළඹ - ගාලු පාර වන්වේ නිසා ඇයට මග හොයා ගන්න බැරිලු. මරු කෙනාගෙන්නේ පාර අහලා තියෙන්නේ. ඔයාත් මේ පාරක් ඇති නැති ගානට ඉන්න එකේ තව ගෑනු ළමයින්ට පාර පෙන්නන්න ඔයාට මොළේ අමාරුව ද? ලේකම් දෙක උදැල්ලක් දැම්මේ මේ දැරිවි කවුද කියලවත් නොදැන. ප්ලාස්ටරයක් දාන්න වෙයිද??? අන්න අන්න.. රුසියාවට වඩා ලොකුයි - ඊරිසියාව නංගී... කියලා පණ්ඩිත වාක්‍යක් අමුණ ගත්තාට ඇගේ නේත්‍ර යුග්මයෙන් පිටවුණ කෝපාග්නිය හමුවේ ඇවරි මොහොතකට සයිලන්සර් වුනා. අනේ මේ අවුරුදු විසි හතක පොඩි කෙල්ලක් බේබි. ඔයා මගේ කඩ්ලි පුඩින් පයි නේ. මං මේ ට්‍රාන්සර් එක කරලා දෙන්නම්. කියලා අවුලක් නැතිව අනුමැතියක් ලබා ගත්තා. ඒ වගේ වෙලාවට කියවෙන වෙඩරු වගේ මෙළෙක් ලව් ටෝක්ස් මං ම කිව්වද කියලත් පුදුමයි???

ඔන්න ඉතිං ඒ කියපු දවසේ ඇවරිතුමා රාජකාරිය සදහා නියමිත වෙලාවට වාර්තා කළා. කුල කුමරිය පියාණන් සමග නිල රථයේ පැමිණි නිසා අපි 154කට මාරු වන අදහසින් මවුන්ට්මේරි බස් නැවතුම්පොලෙන් බැහැලා ඇගේ පියාණන්ට සමුදුන්නා. ඒ ශනිදාවේ සෑහෙන්න සෙනගක් සිටි නිසා මගේ සේවාදායිකාව බසයෙන් යාමට අකමැත්ත පළ කළා. හරි හරි මැතිනිය ප්‍රොබ්ලම් ක්‍යා හේයි??? ලෙට්ස් ගෙට් ඔන් ද ට්‍රේන් බේබි!! ඇවරිතුමා අභීත සිංහනාදයක් පාලා පාර පැනලා 154ක නැගලා මවුන්ට්මේරි සිට දෙමටගොඩ දක්වා ටිකට දෙකක් ගත්තා. ඔන්න බලන්න මේ පැත්තට යන්න සෙනග නෑ. ඔබතුමියට වාඩිවෙලා යන්න පුළුවන්. සතුටුයි...??? අහන්න දෙයක් නෑ ඇවරිතුමාගේ විචක්ෂණ ඤාණ පරිමණ්ඩලය ගැන උපරිම වශයෙන් සතුටට පත් වූ ඕ තොමෝ මන්දහාසයක් පෑවා. අපි කොහොම හරි දුම්රියපොළටත් ආවය කියමුකෝ. ඒ වෙනකොටත් දෙමටගොඩ ටිකට් දෙන්නේ පළමු වේදිකාව පැත්තේන්. නමුත් ඇවරිට මතක තිබුණේ අනික් වේදිකාවෙන් කියල. ඒ පැත්තේ ටිකට් කවුන්ටරය වහලා. ඒකනේ මං කිව්වෙ එහා පැත්තේ ටිකට් කවුන්ටර් එක කියලා.


නෝක්කාඩු කියාගත් අංගනාව මූණත් පුළුටු කරගෙන අර කිළුටු සහගත නිදාගත් හිගන්නන් අතරින් අපිරිසිදු මගී පාලම තරණය කරමින් මෙහා වේදිකාවට ආව. අපි කොල්ලුපිටියට ම ටිකට් ගන්න හිතුවත් මුහුදුබඩ මාර්ගයේ මීළග දුම්රියට පැයක විරාමයක් තිබූ නිසා කොටුවට පමණක් ටිකට් ගත්තා. නමුත් කොටුවට යන්නත් විනාඩි පහළොවක් බලා බන්න වුනා. ඇවරි තනියම හිටිය නම් අනිවා පයින් ගිහින්. කොහේ ද මේ සියුමැලි කොමළගනට පාද යාත්‍රාවත් අරහං නොවැ.  


අන්තිමේදී පුල බුලා  බලා සිටි යකඩ යකා දුම් දමාගෙන වේදිකාප්‍රාප්ත වුනා. අතුරු සිදුරු නැතිව පිරීගිය දුම්රිය මැදිරි දුටු එතුමිය ක්ලාන්ත වෙන්න ආසන්න වූ නිසා ඇවරිට ඈ වත්තම් කරගන්නටත් සිදු වුනා. අම්මෝ ලංකාවෙ මිනිස්සු මෙච්චර කෝච්චියේ යනව ද? අංගනාව විස්සෝප වුනා. ඒ මොහොතකට පමණයි. ඊළග නිමේෂයේදී කෙස්ස කඩාගෙන දුම්වල වරම අතින් අරං ඇවරි වෙත කඩාපිනූ ඇය මොන අහවල් මගුලට මිනිහෝ කෝච්චියේ යමුය කිව්වේ...???? කියාගෙන අර මිනිස්සු මැද්දේ ඇවරිතුමාව නව නිංගිරාවට පත්කොළා නොවැ ආයිබෝං. මට වුනේ වදින්න ගිය දේවාලේ කපුවට දුම්මල ගහන්න වුනා වගේ වැඩක්... ලොල්.


ඉවසපන් පපුව. ඉවසපන් ඇයි බුදුන්ටන් චිංචි ගල් ගැහුවලු???? හෑ ඔය අතරතුරේ බොහෝ දෙනා බැසගියෙන් යම් ඉඩක් ආව. දැන් කමක් නෑ ඉතිං. යමු. ඇය ම ඉස්සර වුනා. කොටුවෙන් බැහැලා අපි තවත් පැයකින් විතර ඒ.සී.බී.ටී ආව. ආපු කාරිය හමාර කරගෙන අපි එළියට ආවම අංගනාව ඈ කැටුව පැමිණීම ගැන ඇවරිට මුව නොසෑහෙන්න ස්තුති කරලා කළ උපකාරය වෙනුවෙන් ටිකිරි මාරි පැකට් එකක් තෑගි වශයෙන් දෙන බවත් කීවා. (තාමත් ඒක ලැබුණෙ නම් නෑ හැබැයි) ඕවා මොනා ද හලේ. අපි ඉතිං අවංක හදවත් - කෙට්ටු කකුල්, ඔළුව ජපන් - කද ජර්මන් හිත හොද කොල්ලොනේ අයියෝ කිව්වට මොක ද ඇගේ ඊළග කතාවෙන් ඇවරි ටිකක් තක්කු මුක්කු වෙලා ගියා.


හරි හරි ඒවා වැඩක් නෑ. ආපහු යන පාර මං කියන්නම් හරි. අපි කොටුවට බස් එකේ ගිහින් කෝච්චියක් තිබුණොත් යමු.... ඇයි කොල්ලුපිටියෙන් කෝච්චියක් ගන්න පුළුවන්නේ?? ඉන්න මං 1919 ගන්නම්. අනේ මේ මට තව පැය ගාණක් තපින්න බෑ. මරු මාර්ගෝපදේශකයා. තව සුද්දන්වයි දක්කන්නේ. ඇගේ ඇණුම්පදයට රතුවුන මුහුණෙන් අපි ආපහු හැරුණා. ඇවරිගේ ඒ.සී.බී.ටී රයිඩ් එක අහවර වුනේ ඒ ආකාරයට.



කාර්යාලයේ සමස්ත ප්‍රවාහන අංශය ම හසුරුවන්නේ ඇවරි. සිතියම් දුර තිතට කියන්න පුළුවන් වුනාට ඇවරිගේ ලොකේෂන් සර්විස් පට්ට අවුල්. ඒ ගැන මතක හිටින කතාව කළේ ඇවරිගේ කාර්යාලයේ මිතුරියක වන සේරා. ආහ් ලංකාවෙ ඕන පාරක්, ඕන දුරක් ගැන ඇන්ඩෘගෙන් අහන්න. හැබැයි යන්න ගතවෙන පැය ගාණ අහන්න නම් එපා. තවත් දෙයක් තැනකට යද්දි පහුවුනා ද කියලා අඩුම තුන් පාරක්වක් ඇන්ඩිගෙන් අහලා රී කන්ෆර්ම් කරගන්න. නැත්නම් එතන පහුවෙලාත් විනාඩි පහළොවක් විතර ගියාට පස්සේ කියන්නේ. මේ කතාව ඇය කළේ කොළඹ පිහනුම් සමාජයේ කොක්ටේල් පාර්ටියකදී. කතාව ඇත්ත ඇන්ඩෘෘ පතිරගේ ඉස්සර ට්‍රාන්ස්පෝර්ට් ඇරෙන්ජ් කරද්දි හතරවරම් කෙළලා තියෙනවා. දැන් තත්ත්වය වෙනස් අද ඇන්ඩි ට්‍රාන්ස්පෝර්ට් ඔන්ලි බුකින්ස් වලින් පවුම් තුන්සීයත් දෙසීයත් අතර ලාබ පෙන්නවා. කාලය මැව් වෙනසක අරුමේ යාළු. වැරදි කරලා ඉගෙන ගන්න. හැබැයි එක ම වැරැද්ද ආයෙත් කරලා කාලෙ නාස්ති කරගන්න එපා. අලුත් වැරැද්දක් කරන්න පොඩි හරි ට්‍රයි එකක් දෙන්න. වෙනසක් දැනේවි.....!!!   

Sunday, February 22, 2015

අපි අලුත් හුස්මක් ගමුද?

පහුගිය කාලෙ සලාද ලියන්න තරම් ඉස්පාසුවක් නොතිබුනේ ඔළුව උස්සන්න තරම් වැඩ රාජකාරි අධිකව තිබුන නිසා ආයිබෝං. ඇත්තට ම ඇවරිට දැන් මේ එකවුන්ට්ස් බර ගාණක සේවාදායක සමූහයා කළමනාකරණය කිරීම ඇතිවෙලා තියෙන්නේ 2014 අවසානයේ දී පටන් ඇවරි තමන්ගේ පුද්ගලික සේවාදායකයන්ට 2015 දී තමන් විසින් සේවා සම්පාදනය අත්හිටුවන බව කිව්වා. නමුත් බොහෝ දෙනා ඊට අකමැති වුනා. මගෙන් බලාපොරොත්තු වන තරමට දෙයක් මට කරගන්න බැරි වුනා ම මට හරියට දුක හිතෙනවා. තාමත් මගේ ජනතාව මාව විශ්වාසනීය සන්නාමයක් හැටියට අධිනිෂ්චය කරගැනීම ඇවරිට ඉවසන්න බැරි තත්ත්වයක්. එහෙම වුනා ම ඇවරි පොලු තියනවා. එතකොට හිත් රිදෙනවා. මට හිනාවෙන්න බැරි වෙනවා. බැදීම් පළුදු වෙනවා. පස්සේ ඒ බැදීම් ආපහු ඇති කරගන්න දඩත් එක්ක ගෙවන්න වෙනවා. එය වගේ කතාන්දර ගොඩක් නිසා ඇවරි 2015 එකම එක සන්නාමයක් පමණක් කළමනාකරණය කිරීමේ වගකීම බාර ගත්තා. සෙසු බ්රෑන්ඩ්ස් වල කොන්ත්‍රාත්තු කළාට මං හිතන්නේ එක ම දෙයක් ගැන පමණයි. අනික මං සතුටු වෙන්නේ මං කැමති දේ හොදින් කිරීමෙන් පමණක් නිසා මේ සරල එහෙත් ස්වයංපෝෂිත රාමුව ඇතුළේ මං ආරක්ෂිතයි. ඒ නිසා මේ සටහන කියවන පිරිස් ඇවරි දැන් වෙනස්වෙලා ඉස්සර වගේ නෑ කියන චෝදනාව කරනවා නම් හරි කැමතියි. මොකද 2015 පට්ට ආත්මාර්ථකාමී අවුරුද්දක් කර ගන්න මං කැමති නිසා. දැන් දුවලා දුවලා මට හති වැටිලයි තියෙන්නේ ලොල්.

ඉතිං යාළු 2015 දුවන එක නවත්තලා ටිකක් තැම්පත්වෙන්න සිද්ධ වුනා. ඒ ආකාරයෙත් වරදක් නෑ. දැන් වෙලාව ඇති වෙන්න තියෙනවා. 2014ට වඩා ටිකක් ස්මාර්ට් වෙන්න ඇවරි තීරණය කළේ දැන් නාකි බව තේරෙන නිසා. නෑ ඇත්ත ම කතාව වෙන එකක්. රේටින්ග්ස් වැඩි බව පහුගිය කාලෙ ඇවරි අනාවරණය කරගත්තා ම වැරදි වෙන්න තියෙන සම්භාවිතාව අඩු කරගන්න හැකි සෑම පියවරක් ම ගත යුතුයි කියලා මට හිතුනා. අනික 100% ක නිරවද්‍යතාවය කියන ඉලක්කයේ මං ඉන්නවා. මං 100%ක් කරනවා නම් අනෙක් අයට ජීවිතේ පහසු වෙනවා. සමහර පුංචි පුංචි දේවල් ගැන පවා මං වද වෙද්දි මගේ ඉහළින් ඉන්න මිනිස්සු මට පිස්සු ද කියලත් ඇහුවා මතකයි. හැබැයි මං නිරන්තර අවධානයෙන් ගේම් එකේ ඉන්න එක ගැන ඒ අයට සතුටක් තියෙනවා. මේ සියලු විපර්යාස අස්සේ අර තරු ගණින, කෑ ගහන, පිස්සු කෙළින ඇවරියාත් මතුවෙන්න ඉඩක් නැතුව මා තුළ ම ඉන්නවා.

2015 පළමු කාර්තුවේ ඇවරිගේ හිට් දෙකක් තිබුණා. එක කාලයක් දැකපු හීනයක් හැබෑ වීම. අපි ලොකු ඉලක්කයකට අමාරු පාරකින් යන්න තීරණය කළේ 2013 දී අපි කැම්පස් අවුට් වෙන්න කිට්ටුව. 2014 දිත් අමාරු පාරෙ ම යන්න අපි උත්සාහ කළා. නමුත් 2014 අවසාන කාර්තුවේදී ඊට කෙටි මගක් ඇති බව සොයාගැනීමත් එක්ක හැම දෙයක් ම කණපිට පෙරළුනා. අපි ඒ අලුත් පාර උත්සහ කළා. හිතුවා වගේම අනතුරක් නැතිව අපේ ගමනාන්තයට අපි ආව. එහිදී ඇවරි ගැන පූර්ණ විශ්වාසයක් තිබ්බ පිරිසට ස්තුති කරන්න ඕන. දැන් තියෙන්නේ මේ පාර තව ටිකක් හොදට පාද ගන්න එක. ඒක සුළු දෙයක්. සමහර ලොකු දොරවලටත් ඇත්තේ පුංචි යතුරු කියලා මගේ තාත්ත කියපු කතාව ගැන සෑහෙන්න හිතුවා ම අවුරුදු දෙකහමාරක් උත්තරයක් හොයපු ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණා. මගේ අප්පච්චිට මට වඩා ටිකක් පිස්සු. සමහර විට මේ තර්කයෙ විලෝමය වෙන්නත් බැරි නෑ???

දෙවැන්න යාපන චාරිකාව. බුහහා නෑදෑ හිතමිත්‍රාදීන් පිරිවරා ගත් අපේ නඩේ 54කගේ අවශ්‍යතා සියල්ල ගළපා ගනිමින් ඒ චාරිකාව ගොඩින් බේරගෙන නිමා කරන්න පුළුවන් වෙයි කියලා ඇවරි මුලින් හිතුවෙ නෑ. නමුත් මං ගැන මගේ තක්සේරුව සහ මගේ කණ්ඩායම ගැන තිබුණ විශ්වාසය නිසා ඒ වගේ වැඩකට අතගහන්න තිබුණ බය ඇරිලා ගියා. දැන් ආර්ය මහා සේනාවගේ නිවාඩු චාරිකා වලට නිර්දේශිත නිල චාරිකා සංවිධායක වන තරමට ම ඇවරි හිට් වෙලා. කොහොමත් ඉතිහාසය පුරා මං එහෙම වෙන කෙනෙක් නොහිතන අනිත් අය මූට පිස්සු කියලා බැහැර කරන ගොඩක් මැටි වැඩ කරලා තියෙනවා. එකක් තමා පිළිකුත්තුව චැලෙන්ජ් එක.

මං ඒ ගැන කියපු මුල් ම දවසේ සුගිත් මට හිනා වුනා. ඕක කැම්පස් එකට හරියට මොඩල් එකක් නෙමෙයි බං. හරි යකෝ නමුත් අපිට තනියම මෙහෙම ෆන් එකක් ගන්න යන වියදම සැර නිසාත් ඊට අවසර ගැනීමේ ගැටලු නිසාත් මේක මාර්කට් කරලා කරන්න ඕන වැඩක්. අනික එන එවුන් සතුටු වෙයි. අනිවා. එහෙම කරුණු කිව්ව ම සුගීත්  මාව තේරුම් අරං මාර්කටින් වැඩේට බැස්සා. ගයියා සම්පූර්ණ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් බාර ගත්තා. රගා ඉවෙන්ට්ස්. අලුතා කැමරා ග්‍රැෆික්ස්. අන්තිම වෙලාවෙ ඉවෙන්ට් එක ඉවර කළාම ඒ මුහුණුවල තිබුණ හිනාව. උන් කාටවත් ඒ දවස අමතක වෙන්නෑ. ඒ සියල්ල සාර්ථක වුනේ අපේ කණ්ඩාම් හැගීම නිසා. පිළිකුත්තුව උඩට වතුර අදින්න අපි පට්ට කට්ටක් කෑවා. උදේ වරුව වැහැලා හයික් එකේදි මුං ලිස්සලා බෙලි කඩා ගනියි කියලා ප්‍රශ්න ආව. නමුත් අපි ටීම් එක්ක හැටියට ඒ හැම දේම දර ගත්තා. 
තව මං කරපු ඒ වගේ පිස්සු හාත වැඩක් තමා දහම් පාසලේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය නායක මුළුව දිනක චාරිකාවකට අනුරාධපුරේ ගෙනියාම. එදා මාව බැක් කළේ ජනිත ශ්‍රී චතුරංග. කොල්ලා මගේ ඩෙෆියුටි එච්.පී  මල්ලි මට හරි ආසයි මුංව ටිකක් එළියට එකක් යන්න. උඹ මොකද හිතන්නේ!! එකෙන් ම කරමු අයියා. ඒත් යන්නෙ කොහේද? අපි ගුරු මණ්ඩලය ලවා අනුරාධපුරේ අනුමත කරගෙන රෑ හත වෙනකම් සියලුම සිද්ධස්ථාන වන්දලා පසුවදා පාන්දර තුනට බස්එක ගමට ගෙනාව. ආසික් රිස්ක් එක. රූට් පර්මිට් නැති බස් එකේ නුවර වැව ගාවදි ඇල්ලුව ම රුපියල් පන්සීයක පගාවකුත් දීලා ඩ්‍රයිවර්ට පැයක් නිදාගන්න ඕන කිව්ව ම කුරුණෑගලදි නවත්තලා කන්න දීලා ඒ අතරේ මාතලීව නිදි කරවලා අමර ගේමක් ගහපු ඒ චාරිකාව අමතක වෙන්නෑ. මගෙන් පස්සෙ අවුරුද්දෙ මගේ මල්ලි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන කාලෙ නායක හාමුදුරුවො එක්ක දිවා ගුහාවෙ ට්‍රිප් එකක් ගියපු ශිෂ්‍ය නායකයො කලින් ම බැහැලා ඒ පහළ ගගේ නාලා ජල්තර දාගත්තත් මතකයි. එදයින් පස්සේ අද වෙනකම් අපේ දහම් පාසලේ කිසිම දරුවෙක් චාරිකාවක එක්ක ගිහින් නෑ. හේතුව ළමුන්ගේ වගකීම කියන අභියෝගය භාර ගන්න කෙනෙක් ඉදිරිපත් නොවීම. ඇවරි දත කාලා මේ අවුරුද්දේ සැලසුමට චාරිකාවක් ඇතුළත් කළා. අනිවා කරවලා තමයි නතර වෙන්නේ.

මේ හැම වෙලාවක ම මං සෑහෙන්න අවධානමක් ගත්තා. ඒ හැම එකක් ම අපි කළ යුතු දේ යාළු. අපේ ඊළග හිට් දෙක මාර්තු මුල සහ අවසානයේ එනවා. ඒකත් කළින් නොකළ වැඩක්. අත ගහලා කර තියලා ම බලමු. හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක්. 2015 නිලලාංජන පැලැදවීම හා වාර්ෂික දානය. දැන් ජීවිතේ ප්‍රොජෙක්ට් එකක් වෙලා යාළු. එකක් කරලා ඉවර වෙද්දි ඊළග එකට ඉන්වෙස්ට් කරන්න දායකයො පොරකනවා. ඉතිං අපි බෑ කියලා නතර වෙන්න ද? අලුත් වැඩක් අලුත් ටීම් එකක්. අලුත් හුස්මක්.   

ජීවිතේ කියන්නේ අපි ගන්න දේ නෙමෙයි යාළු - දෙන දේ. අපි ගන්න තරමක් ගන්න ඕන, පුළුවන් තරමක් දෙන්න බලාගෙන. ඉන්න කාලෙ දැනෙන්න ජීවත් වෙන්න ඕන සර්. අනුන්ට අපිව දැනෙන්න නම් අපි ඒ ජීවිතවලට දෙයක් දෙන්න ඕන.  මගේ කාර්යාල රියදුරු තැන කියපු කතාව කල්පනා කරලා බැලුව ම  ඇත්තක්. ඇවරි සතියේ දවස් පහ පටන් ගන්නෙත් අවසාන කරන්නේත් ඔහුත් සමගින්. ඒකත් ලියන්න වටින චරිතයක්.

Sunday, January 4, 2015

2014 පසුවිපරම හෙවත් සංස්කරණය නොකළ පාපොච්චාරණය

2015 අවුරුද්ද ලැබුවත් හරි ඇවරිට හරි හමන් සලාද කාරියක් කොටා ගන්න කාල වේලාවක් නැතිවුනා. ඉතිං ඉඩ අවසර ලැබුණු වෙලාවෙ ලැබුවා වූ 2015 අවුරුද්ද සලාද කියවන ඔබ හැම ඇතුළු සෑම දෙනාගේ ම සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවායි කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරන්න කැමතියි.

2013ට වඩා 2014 දී ඇවරිගේ ජීවිතේ පහසු වුනා කිව්වොත් හරි. නමුත් 2014 දී ඇවරි සෑහෙන්න කම්මැලි වුනා. ඇවරි කරපු පසු විපරමේ හැටියට 2014 ඇබ්බැහි වුන අවුරුද්දක් මිසක් අලුත් අවුරුද්දක් වෙලා නෑ. අවංකව කිව්වොත් දැන් ඇවරිගේ ජීවිතේ එක ම ඇබ්බැහියක්. ජනවාරි මෙහෙයි.. පෙබරවාරි මේ මේ ව්‍යාපෘති, මාර්තු එහෙමයි... අප්‍රේල්.. අරහම... මැයි වාර්ෂික අහවල් එක... ජුනි පූර්ව සූදානම ආදී වශයෙන් මුළු අවුරුද්ද ම නිශ්චිත ෂෙඩියුලයක වැඩ කරන්න වෙලා. වත්කම්, සල්ලි, භද්‍රාවන්, හැපනින්, අත්දැකීම්, සම්බන්ධතා ඔය අතරේ ගැලපිලා, ගැවසිලා පොඩි අලංකාර මෝස්තරයක් මැව්වට ජීවිතේ කියලා කියන්නේ ඒ ටිකට ද කියලා හිතෙන තරමට ව්‍යාකූලතාවයක් ඇති වෙලා. පහුගිය දවස් ටිකේ දිග වැකේෂන් එකක ඉද්දි තමා මේවා කල්පනා වුනේ ආයුබෝන්. 2014 අවුරුද්ද අහවර කරද්දි ඇවරි දීර්ඝ නිවාඩුවකට ගියා. ඒකේදි තමා මේ හැල්මේ දුවන දිවිල්ල නවත්තලා හති අරිමින් හවුලේ කල්පනා කරන්න වෙලාවක් හම්බුනේ. නැත්නම් කොහේද අනුන්ගේ ප්‍රශ්න ගැන කල්පනා කරලා ඒවට පිළියම් යෙදීම මිසක්.

මීට අවුරුදු දෙකකට විතර කලින් මහන්සිවෙලා හම්බකරලා කවදාහරි මෙහෙම කරනවා කියලා හිතාගත්තු චින්න චින ආසාවල් 2014 දී ඕනවටත් වඩා හොඳින් ඉෂ්ට සිද්ද වුනා විතරක් නෙමෙයි ඒවා සතිපතා සිද්ධ වෙන සාමාන්‍ය දේවල් තරම් වුනා. එතකොටත් අගයක් නැති වෙනවනේ ආයිබෝන්....!! නියම විදියට නම් කන්ද නගින්න නගින්න තවත් ඉහළට යන්න ආසාව වැඩි වෙන්න ඕනනේ. හැබැයි ඊට සමාන්තරව රාජකාරි අඩු වුනා ම, අභියෝග අඩු වුනා ම වේගය අඩු වෙනවා. ඇවරිට ඉක්මන් ගමනක් ඕන වුනේ නැතත්, කම්මැලිකම නැති කරගන්න අලුත් අභියෝග ටිකක් 2015 දී එකතු කරගෙන තියෙනවා. ඒවා මත්තෙම නැහෙද්දි 2015ත් ඉවර වෙයි මයෙ හිතේ.

පර්ෆෙක්ට්ෂනිස්ට් කෙනෙක් වෙන එක සෑහෙන්න අමාරු වැඩක්. නමුත් වෘත්තියවේදීත්වයත් එක්ක 100%ක නිරවද්‍යතාවක්, විශ්වසනීයත්වයක් සෑම කටයුත්තකදී ම ඇතිකරගත යුතුයි කියන මතයේ ඇවරි ඉන්නවා. මං පුද්ගලිකව 100%ක් දෙනවා නම් අනෙක් කෙනාගේ ජීවිතේ පහසු වෙනවා. ඇවරේජ් ඕනම දෙයක් ඕවර් 80% ගොඩ දාගන්න පුළුවන්කම ඇවරිට තියෙද්දිත් ඉතිරි 20% මිස් වෙන්නේ කරුමෙට කරගන්න නොසලකාහැරීම්වලින් කියලා මට ම අවබෝධ වෙද්දි මගේ ම මාළු කන්න හිතුන වාර අනන්තයි. ඒ 20% හිතේ ලොකු බරක් ඇති කරන අතරේ මං තාමත් ෆේල් කියන පසුගාමී මානසිකත්වය ඇති කරන නිසා හිතේ සතුට හේදිලා යනවා. හැබැයි රජෝ 100% සක්සස් ස්ටෝරීස් වලදි ඒ සතුට මට මාර වටිනවා. 2015 දී ඇවරි පුද්ගලිකව උත්සහ ගන්නේ සාර්ථකත්වයේ අඛණ්ඩතාවය පවත්වාගන්න. අවධානයෙන් කැපවුනොත් ඒක එච්චර අමාරු දෙයක් නොවන බව ඇවරි දන්නවා.

2014 පට්ට ම ආත්මාර්ථකාමී අවුරුද්දක්. ඇවරි සී.එස්. ආර් වලින් 60%ක් ම කප්පාදු කරපු මහ වසල අවුරුද්දක් ඒ. මං දැන දැන ම කප්පාදු කරද්දි ඒ වැඩේ වැරදියි කියලා හිතේ හැංගුණ අඩහඳයා කෑ ගහද්දිත් වෙනස් වෙන්න මට ඕනකමක් තිබුණෙ නෑ. නමුත් අවසාන විග්‍රහයේදී හැමදේම ගාණට ප්‍රතිප්තිය බොහෝ දෙනා නිහඬව පිළිගැනීම නිසා වෙන ම මිඩ් රේන්ජ් සන්නාමයක් හැටියට ඇවරි ගොඩනැඟිලා තිබීම ගැන සතුටුයි. ප්‍රතිලාභ න්‍යාය යටතේ මගේ ආත්මාර්ථකාමීකම ඕ.. එයාට වැඩනේ.. හරි බිසී.. කිසි දේකට වෙලාවක් නෑනේ.. ආදී ආටෝප ප්‍රකාශ වලින් හිතෛෂී දායක කාරකාදීන් විසින් ම සාමාන්‍යකරණය කරලා වරදසහගත හෘද සාක්ෂියෙන් මා නිදොස් කොට නිදහස් කරන්න උත්සාහ කළාට මං මහ මුස්පේත්තු කාලකණ්ණියෙක් කියලා දැනගෙන හිටියා. 2015 දී ඒ තත්ත්වය වෙනස් වෙන එකක් නෑ..... නමුත් වැඩ රැල්ලේ යවන්න කලින් මං කිහිප සැරයක් හිතන්න පුරුදු වේවි.

පවුල, මිතුරන් සහ සැපයුම්කරුවන් - 2014 ඇවරිට ෆැමිලි ෆස්ට් වුනා. සැලකිය යුතු මට්ටමක නිදහසේ ගෙවී ගිය අවුරුද්දක් වූ නිසා වසර පුරා පවුලේ උදවිය හෙවත් ඇවරිගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සහයෝගය, සහභාගීත්වය අඩුපාඩුවක් නැතිව ම ලැබුණා. ඇත්තට ම මගේ පර්සනල් ස්ටාෆ් එක මගේ සදිසි උපකාරකය. ඒ අයගේ දක්ෂතාවයන් හොඳින් ගළපා ගත්තොත් ඕන ම වැඩක් ගොඩදාන්න පුළුවන්කමක් තියෙනවා. අනික මොන තරමේ ජල්තරකාරී වාතාවරණයක වුනත්, ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කරලා පිළිතුරක් ලබා ගැනීමේ අවස්ථාව මේ පුද්ගලික කාර්ය මණ්ඩලය වෙතින් ලැබිලා තියෙනවා. මොනවගේ බහුබූතයක් කිව්වත් ඒ හතර දෙනා අපහාස කරන්නෑ. ඔයාට මෙහෙම කරන්න පුළුවන්.... ඔයා ඉන්න, මේ වැඩේ මං කරන්නම්.... හරි ඒ ටික මගෙන්... ආදී වශයෙන් කලෙක්ටිව් ඩිෂිෂන්ස් ලබාදෙමින් 2014 පුරාවට ඇවරිව ගොඩ දාපු අම්මා තාත්තා.. නංගී මල්ලී සතර දෙනාටත් නිදුක් නිරෝගී... වාසනාවන්ත අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.

මිත්තරයො ගැන කිව්වොත් 2014 තුන් වන කාර්තුවේ සිට ඇවරි සෑහෙන්න සිලෙක්ටිව් මිතුරන් පිරිසක් තමා ආශ්‍රය කළේ. ඒකට හේතුවුනේ කලින් කිව්වවගේ මගේ ආත්මාර්ථකාමීකම ම තමා. බැහැ කියන්න බැරි කමට තම්බිගෙ දොඩම්ගොඩ වගේ රොත්තට බදාගෙන කනෝ කනෝ කියල කෑගහනවට වඩා ටික දෙනෙක් ඇතුළට ම අරන් එක ම හැන්දෙන් මදි නොකියන්න බෙදිල්ල හොඳයි කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ඇවරි පතිරගේ විසින් එළඹෙන්නේ 2014 අගෝස්තුවෙන් පස්සේ. එහෙම ඇතුළට ආපු කස්ටියත් එක්ක ජීවිතේ විඳීම සෑහෙන්න පහසු වුනා විතරක් නෙමෙයි, ඒ අයගෙන් සමහරු ඇවරිට මිලියන් ඩොලර් වටිනා අවස්ථාවන් රැසක් උදාකරලා දෙන්න තරම් කෘතවේදී වුන බවත් කියන්න ඕන. දැන් ජනවාරි මුල ඉවැලියුවේට් කරලා බැලුවා ම ඒ අය බහුතරය යුතු මතුවැඩ ම තෙපලන, බිතුසිතුවම් මෙන් පිටු නොපාන, වසර පුරා ම හැපනින් වරුසා වස්සන ඉන්ඩල්ජින්ග් බ්රෑන්ඩ්ස් කියලා ඇවරි තහවුරු කරගෙන තියෙනවා. ඒ නිසා සෙනෙහසේ සහෝදරත්වයට සුබ අලුත් අවුරුද්දක් වගේ ම 2015 දී උපරිම පිස්සුවක් නටන්න අවස්ථාව සැලසේවා යි ප්‍රාර්ථනා කරනවා.

අවසානයට සැපයුම්කරුවන්, දෙයක් හරියන්න නම් නියම තැනට නියම සැපයුම්කරුවන් පත් කරගත යුතුයි යන්න තර්කයක් වශයෙන් ඇවරි විශ්වාස කරනවා. වෘත්තිමය පැත්තෙන් මං 2013 ඉඳන් හොයපු විශ්වාසවන්ත සැපයුම්කරුවන් 2014 දී මුණගැසීම නිසා 2015 සෑහෙන්න තරමේ ස්ථාවර අවුරුද්දක් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. තව සුළු සුළු ක්ෂේත්‍රයන්ට සැපයුම්කරුවන්ගේ හිඟයක් වෙතත් ඒවා එකලාසයක් කරගන්න පුළුවන්. පුද්ගලික සැපයුම්කරුවන්ගේ තත්ත්වය ඉතා සංකීරණයි. අවශ්‍යතා මත පදනම් වූ සැපයුම්කරුවන් විශාල පිරිසක් හිටියත් අවශ්‍යතා සපුරා ගන්න වාර්ෂිකව ඔවුන් වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට සිදු වී තිබීම නිසා සියල්ල එක ම වහලක් යටින් ලබා ගැනීමටත්, එක ම සැපයුම්කරුවෙක් වෙනුවෙන් ආයෝජනය කර, දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලාබා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් 2015 ට යෝජනා කරලා තියෙනවා. කිසිත් නැවත බලාපොරොත්තු නොවන මගේ හොඳ ම සැපයුම්කාරිය දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකට අකමැති නිසා ඇය සම්බන්ධ ස්ථාවරය කඩිනමින් දැනුම් දෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. පැත්තකින් ඇය සෑහෙන්න ඉතිරියක්, නමුත් වටිනා කාලය කා දැමීමක්..... ලොල්. කොහොම වෙතත් අතඅරින්න බැරි තරමට ප්‍රිමියම් ඉන්ඩල්සන්ස් ගතියක් ඇගේ තියෙනවා. අර ඇය හැමදාමත් කියනවා වගේ දෑතින් අල්ලා.... ඔහේ යන්න පියඹා.... කිව්වට 2015ට ඒවා ඔට්ටු නැතිවෙයි ඇවරි හොඳේ...????

තවත් ලිව්වොත් අවුරුදු සලාදය නත්තල් වෙනකම් ඇදෙනවා. 2014 සෑහෙන්න හොඳ අවුරුද්දක්. 2014 දී මං සෑහෙන්න දේවල් ජීවිතේට ඉගෙනගත්තා. අලුත් අත්දැකීම් ලැබුවා. දුක් වුනා. ඇඬුවා. චොර ම වෙලා ගියා.. නමුත් මැද දි සෑහෙන්න ශක්තිමත් වුනා. කාටවත් ආයෙත් රිද්දන්න බැරි තරමට ම. සෑහෙන්න දඩබ්බර වුනා. ඔව්. මං දැනුවත්ව මට හරි දේ කළා. සරලව 2014 දී ම මාව වෙනස් කරගන්න ඕන වුනා. මගේ කාමරයේ එල්ලපු සඳමිතුරිය දුන්න උපන්දින තෑග්ගක පිටිපස්සේ ඇගේ මුතුඅත් අකුරින් ලියැවුණු තොමස් ජේ. වෝට්සන්ගේ අපූරු අදහසකින් සලාදය අහවර කරනවා. මේ ළඟ දි මකුළු දැල් කඩන්න ඒ පින්තූරෙ ගැළෙව්වා මයි මං ඇගේ පණ්ඩිත වාක්‍ය දැක්කේ...

අවදානමට මුහුණ දෙන නිදහස් චින්තකයන් ගිය මඟ යන්න. ඔබගේ අදහස් මතභේදයන්ට, තර්ක විතර්කවල අවදානමට විවෘත කරන්න. ඔබගේ සිතට නැඟෙන අදහස් ගැන එළිපිට කතා කරන්න.
“ඔල්මාදකාරයා“ යන ලේබලය වැදීම ගැන ඇතිවන බියට වඩා හැම දේට ම එකඟවනවා යන ලේබලයට බිය වන්න. ඔබ  වැදගත් යැයි විශ්වාස කරන අදහස් පිළිබඳව ඕනෑම තත්ත්වයක් යටතේ නැඟීසිට ඒ පිළිබඳව ඔබගේ හඬ අවදි කරන්න.


මං ගැන හොඳින් ම බලා ඉඳලා මීට අවුරුදු හතරකට කලින් සඳමිතුරිය කියූ දෙය ඇත්තක් කියලා මට තේරුම් යන්නේ අද. පේනවනේ කැලැන්ඩරේ අවුරුදු වෙනස් වුනාට මිනිස්සුන් තමුන්ව වෙනස් කරගන්න දවස් 365ක් මදි විත්තිය....