Wednesday, March 25, 2015

සෙරමනි උන්මාදය....

පහුගිය දවස්වල ඇවරිතුමා සෑහෙන්න බිසී වුනේ කප්පරක් වැඩ රාජකාරී යෙදී තිබුණු හින්දා. කොහොම නමුත් ඒ අල්ල පනල්ලේ තිබුණ ශිෂ්‍ය නායක නිල ලාංජන පැළැන්දීමේ කර්තව්‍යත් අති සාර්ථකව සිදු වුන නිසා ඒ ගැන වචනයක් කොටන්න ඇවරි කම්පනා කළා.

දහම් පාසලේ තවත් වැඩසටහනක් විදියට කෙරෙන ශිෂ්‍ය නායක නිල ලාංජන පැළැන්දීමේ උළෙල සංවිධානය කිරීමේ වගකීම ඇවරි දරන්නේ දැනට අවුරුදු කිහිපයක ඉඳලා. ඒ සඳහා වන නිල ආරාධනා පත්‍රය මුද්‍රණය කිරීමේ පටන් අවසානය දක්වා ම අපේ සැපයුම්කරුවනුත් අවශ්‍ය දායකත්වයන් දක්වන්න දැන් සැදී පැහැදී සිටිනවා. සාමාන්‍යෙයන් ඇවරිගේ සියලුම ඩිසයිනින් වැඩ කරන වාපි ක්‍රියෙෂන්ස් විසින් ආරාධනා පත්‍ර මුද්‍රණයට සූදානම් කළා ම ඇවරිත් ට්‍රැක් එකට වැටෙනවා. මේ වැඩේ ලොකු ම ගේම තියෙන්නේ අවශ්‍ය පරිදි නිල ලාංඡන සාදවා ගැනීම. සාමාන්‍යෙයන් අපි උත්සවේ සියල්ල සංවිධානය කරලා ආරාධනා පත්‍ර ගහලා, බෙදලා, කෑම, පුටු, ලයිටින්, සවුන්ඩ්ස් හැම දේම ඕඩර් කරලා තමා බැජ්ටික හදන්න බාර දෙන්නේ. ඉතිං අවසානයට තදියම සහ බලු බැණුම්.
ගුරුවරුන්ටත් බැජ් එකක් දෙනවලු....

අපේ නිල ලාංජන මේ දක්වා සෑදුවේ කොටුවේ චිත්තප්පලම් මාවතේ ජෝසන්ස් එන්ග්‍රේවින් සමාගම. එහි වයසක අයිතකරු ඇවරිගේ හොඳ ම බොක්කක්. එහි සියලු නිර්මාණ සකසන කළුතර අක්කාත් ඇවරි සෑහෙන්න කාලයක ඉදන් දන්න කියන මිනිස්සු. නමුත් මැතක දී වැඩකදී සෙට්වුන සනත් ශාන්ත සිරිසේන සැපයුම්කරුට මේ කොන්ත්‍රාත්තුව භාර දෙන්න ඇවරි තීරණය කළේ කොළඹ පදිනවට වඩා කිරිබත්ගොඩ නිවාස සංකීරණයට පැදීම ළඟපාත නිසා. සනත් තමයි බොහෝ කාලයක සිට විහාර මහාදේවී බාලිකාව ඇතුළු අවට පාසල් රාශියක ශිෂ්‍ය නායක නිල ලාංජන සාදවන්නේ. අනික ජෝසන්ස් සමාගමට නිල ලාංඡන මත ඩූම් කිරීමේ තාක්ෂණය නොතිබුණ නිසා ඇවරි එකෙන් ම ශාන්තට වැඩේ බාර දුන්නා. අපි වෙනුවෙන් ත්‍යාග ප්‍රදානයට අවශ්‍යය මෙඩල්ස් සෑදීමත් ඔහු විසින් කිරීම මේ කටයුත්තත් ඔහුට ම පන්ගාර්තු වෙන්න හේතුවක් වුනා. පොර බොහොම නිවුණු මනුස්සයා. වැඩේට දක්ෂ කාර්යක්ෂම බුවා. පළමු පියවරේ ඩිසයිනින් භාර ගත්තේ කිරිබත්ගොඩ එකෝ ආයතනයේ අනූෂා නම් කාන්තාව.
මෑන් ද මෑන්....

පස්සේ අනූෂා ඇවරිගේ ප්‍රිමියම් ඩිසයිනර් කෙනෙක් ගානට වැටෙනවා. ඒකත් මතක හිටින අතුරු කතාවක්. ත්‍යාග ප්‍රදානයේ සනත්ට අපි යවපු මෙඩල් ඩිසයින් එකේ පොසිටිව් අවුට් කරන්න එකෝ ආයකනයට යැව්ව ම මොකක්ද මන්දා අවුලක් වෙලා අපිට ආයෙත් ඒ ඩිසයින් එක හදවන්න වෙනවා. ඒකත් ලාස්ට් මිනිට් ජොබ් එකක්. අන්තිමේ දී එතන ඉන්න සියලු ම ඩිසයිනර්ස්ලා වැඩේ බෑ කියලා කර අරිද්දි සීනියර් ම ඩිසයිනර් වුන අනූෂාව හම්බෙන්න කියලා පුංචි ටිප් එකක් දුන්නේ ටානි. මං දෙපාරක් හිතන්නැතිව ඇයව හමුවෙන්න කෙළවරේ ම කවුන්ටරයට ගියේ හැල්මේ. වාඩිවෙන්න කියා මට අසුනක් දුන් ඇය පැය භාගයක් වගේ කෙටි කාලයක් ඇතුළත මට අවශ්‍ය පරිදි ඩිසයින් එක නිම කරලා දුන්නා. එදා මාව ගොඩ දැමීම ගැන සෑහෙන්න ඉස්තූතියක් දීලා ආවට මොකද එදායින් පස්සේ ඇවරි අනූෂා මැඩම් ළඟ ම කස්ටෙක් වුනා. දැන් අපි වවුචර් දාන සීන් මුකුත් නැතිව ඈ ළඟට ගිහින් ක්‍රෙඩිට් වලට වැඩ කරන් එනවා.

කොහොමින් කොහොම හරි කලින් සෙනසුරාදා දවසේ ඇවරිගේ අලුත් ම රස්සාව වන ලෙක්චරින් පෝස්ට් එකේ වැඩ බාර ගනිමින් මංගල දෙසුම පවත්වන්න තිබුණ නිසා එදා ඇවරි ලොකේෂන් එද්දි ටිකක් පරක්කු වුනා. දැන් නලින ඔක්කොම හරි බැජ් ටිකත් හරිනේ...???? පොඩිනම මගෙන් ඇහුව ම තමා මට සනත් භායිට කෝල් කරන්න මතක් වුනේ. එවෙලේ ම මං සනාට ගත්තා. මල්ලි මං මේ සඳුදාට ජනාධිපතිතුමාට දෙන්න තියෙන ප්ලේක් එකක් කරමින් ඉන්නේ. දැන් තව ටිකකින් පකිස්ථාන් එම්බසි එකේ වැඩකට යනවා රෑ කීයට හරි බඩු ටික දාලා දෙන්නම් කියලා පොර කියද්දි මට එලෝ පොල් පෙනුනා. ඇයි වාහෙ හෙට ආරාධිත අමුත්තන් ලවා අහවල් එක පළන්දවන්න ද?? කාරි නෑ සහෝ මං රෑට එන්නම් කියලා හැරෙන තැපෑලෙන් සැපට දුකට සනී, අමිල අයියට කෝල් කරලා අලකලංචිය ගැන විස්තර ඇතිව කිව්වා. හරි මල්ලි අපි රෑට යමු. දැනට ඔතන වැඩ ටික බලාගන්නකෝ..
අමිල අයියා බරට ම වැඩ....

ඔන්න ඉතිං දැන් රාත්තිරි නවයත් වුනා. අමිල අයියත් මමත් කිරිබත්ගොඩ නිවාස සංකීරණයට ගියේ සනාගෙන් බැජ් ටික අරං එන්න. ඒ අතර මඟදි අමිල අයියලගේ ගෙදරට ගොඩ වෙන්න වුනේ ශිෂ්‍ය නායකයන්ගේ සාටක ටික අරගන්න. එම සාටක සියල්ල මසා නිම කළේ අමිල අයියාගේ තාත්තා. දැන් අවුරුදු ගාණක ඉඳන් පෙරේරා මහතා තමා සාටක මැසීමේ කාර්ය සිදු කරන්නේ. අපි හැමෝගෙ ම පුද්ගලික කාර්ය මණ්ඩලවල උපරිම දක්ෂතා තියෙන ආයෙත් කියලා වැඩක් නැති වටිනා කියන මිනිස්සු ඉන්න නිසා හොඳා. අමිල අයියා ගත්තොත් එතුමාගේ අම්මා, තාත්තා, එතුමාගේ ප්‍රිය බිරින්දෑ චමරි අක්කා, එතකොට අමාලි අක්කා, ඒ බැඳපු අයියා වගේ හෙන ලිස්ට් එකක් අමිල අයියගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට අයත් වෙනවා. ඒකෙ ලස්සන ම කතාව මේ හැමෝ ම තම හැකි පමණින් අවශ්‍යය කාර්ය උපරිම අයුරින් කරන්න ඉහළ දායකත්වයක් සැපයීම. උදාහරණයක් හැටියට ආරාධිත දේශනය සඳහා අදාළ සම්පත් පුද්ලයා වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ස්නායු වෛද්‍ය විශේෂඥවරයා සම්බන්ධීකරණය කළේ අමාලි අක්කාගේ සැමියා. ඒ විතරක් නෙමෙයි ඔහුට අවැසි ප්‍රවාහන පහසුකම් සලසා දුන්නෙත් එතුමා. දැන් මේ ඔහුට කිසිත් අදාළ කටයුත්තක් නෙමෙයි. ඔහුගෙ ළමයෙක් අපේ දහම් පාසලේ ඉගෙන ගන්නව කියලත් නෙමෙයි. නමුත් අපි වෙනුවෙන්, බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තමන්ගේ කාලය, ශ්‍රමය ධනය වැය කරන සත්පුරුෂ මිනිස්සු සෑහෙන්න අපේ වටේ ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ උදව් උපකාර නොවෙන්න අපිට මෙච්චර දුර ගමනක් යන්න බැරි වෙනවා.          
අපි සනාව හම්බෙන්න ගියා කියමුකො. අම්මා බුදු වෙන්න ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ බැජ් එක දැක්ක ම මට කඳුළු ආව. අපි කියපු දෙයට සහමුලින් ම වෙනස් දෙයක් තමා සනාබෝයි කරලා තිබුණේ. කරුමෙක මහත.... නරක නාමෙ දැන් මට...... හිතලා කරපු දෙයක් යෑ...? බැනලා වැඩක් වෙනව යෑ....? හත්වලාමෙ වෙච්චි ෙද්ට මක් කරන්න ද?????  

සියලු නිල ලාංඡන....

   
 එතකොට වෙලාව රෑ දහයමාරයි. ටොප් බෝර්ඩ් එකේ දහ දෙනාගේ බැජ් ටික අවුල්. වෙලාවෙ හැටියට කරන්න පුළුවන් මොකක් ද කියලා සාකච්චා කළ අපි ප්ලාස්ටික් කංචුකය හදලා අලවන්න යෝජනා කළා. වෙලාවට අමිල අයියා චිත්‍රකර්මය කරලා තිබුණා. අනික එන්ග්‍රේවින් කලාව ගැන එතුමාට සෑහන්න දැනුමක් තිබුණා. කතාබහ කරලා බැලුවා ම වාත්තු ශිල්පය ඔහුගේ පවුලෙන් ලැබුණ දායාදයක්. ඒ අතීත කතාව අමිල අයියා පෙළගැස්සුවේ මෙහෙම.


මේ මැෂින් වලින් මං පුංචි කාලෙ සෑහෙන්න වැඩ කරලා තියෙනවා. මගේ සීයා තමා කොටහේනෙ නානායක්කාර බාසුන්නැහේ. කළේ පිත්තල එන්ග්‍රේවින්. අම්මගේ පවුලේ නවදෙනයි. දැන් බාප්පලා දෙන්නෙක් කරන්නෙ මේ වැඩ. සනත් දන්නවා ඇති. මේ සබ්ජෙක්ට් එකේ පරණ මිනිස්සු ගොඩක් සීයාගේ මරණෙට ආව. ඔව් මට මතකයි. අපේ තාත්තා සිරිසේන බාසුන්නැහේ, ඔයාගේ සීයාගේ හොඳ යාළුවෝ. සනත් උනන්දුවෙන් කිව්වා. සීයා එන්ග්‍රේව් කරන බ්ලොක් එක හදන්නේ අපේ තාත්තා. අපි බ්ලොක් එක වාත්තු කරලා දෙනවා. සීයා කප්පවනවා. සීයා තමා ලංකාවේ ඉස්සෙල්ලා ම එම්බෝස් සීල් එක කළේ. ආ ඔව් ඔව්. පස්සේ ඒක පී.ජී මාර්ටින්ලා සල්ලි දීලා ගත්තා. අමිල අයියාත් අඩුතැන් සම්පූර්ණ කළා. කොටහේනෙ මහ ගේ ළමයි පස්සේ කාලෙ වික්කා. ඔය මරදානෙ ප්‍රේමදාසලා එහෙම ලෙටර් ප්‍රෙස් කරන්න පටන් ගද්දි සීයලට ගොඩක් වැඩ තිබුණා. නානායක්කාර පවුලේ එන්ග්‍රේවින් ඉතිහාසය හොයාගෙන යද්දි පාන්දර දෙක විතර වුනා. දැන් ෆයිනල් අවුට්පුට් එක අපිට ඕන මට්ටමට ඇවිත්, ඒත් තව හතක ම වැඩ ඉතුරුයි. අපි රෑට කන්න ගත්තු ආප්පත් කාර් එකේ.
අැවරි උදව් දුන්නෙ කපලා... අළවලා.... තමයි



බඩගින්න වැඩි නිසා අපි රෑ එකට විතර ආයෙත් පන්සලට ඇවිත් සහභෝජනය සඳහා සහභාගී වුනා. නැවතත් අපි පාන්දර දෙකට සනාබෝයිගේ වර්ක්ෂොප් එකට ගියා. නිල ලාංජන සියල්ල ලක ලැහැස්ති කරලා පැය කීපයයි නිදා ගන්න ලැබුණේ උදේ හය වෙද්දි නිල ඡායාරූප ශිල්පි සුනංගු අමතනවා... 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....