පහුගිය කාලෙ සලාද ලියන්න තරම් ඉස්පාසුවක්
නොතිබුනේ ඔළුව උස්සන්න තරම් වැඩ රාජකාරි අධිකව තිබුන නිසා ආයිබෝං. ඇත්තට ම ඇවරිට
දැන් මේ එකවුන්ට්ස් බර ගාණක සේවාදායක සමූහයා කළමනාකරණය කිරීම ඇතිවෙලා තියෙන්නේ
2014 අවසානයේ දී පටන් ඇවරි තමන්ගේ පුද්ගලික සේවාදායකයන්ට 2015 දී තමන් විසින් සේවා
සම්පාදනය අත්හිටුවන බව කිව්වා. නමුත් බොහෝ දෙනා ඊට අකමැති වුනා. මගෙන් බලාපොරොත්තු
වන තරමට දෙයක් මට කරගන්න බැරි වුනා ම මට හරියට දුක හිතෙනවා. තාමත් මගේ ජනතාව මාව
විශ්වාසනීය සන්නාමයක් හැටියට අධිනිෂ්චය කරගැනීම ඇවරිට ඉවසන්න බැරි තත්ත්වයක්. එහෙම
වුනා ම ඇවරි පොලු තියනවා. එතකොට හිත් රිදෙනවා. මට හිනාවෙන්න බැරි වෙනවා. බැදීම්
පළුදු වෙනවා. පස්සේ ඒ බැදීම් ආපහු ඇති කරගන්න දඩත් එක්ක ගෙවන්න වෙනවා. එය වගේ
කතාන්දර ගොඩක් නිසා ඇවරි 2015 එකම එක සන්නාමයක් පමණක් කළමනාකරණය කිරීමේ වගකීම බාර
ගත්තා. සෙසු බ්රෑන්ඩ්ස් වල කොන්ත්‍රාත්තු කළාට මං හිතන්නේ එක ම දෙයක් ගැන පමණයි.
අනික මං සතුටු වෙන්නේ මං කැමති දේ හොදින් කිරීමෙන් පමණක් නිසා මේ සරල එහෙත්
ස්වයංපෝෂිත රාමුව ඇතුළේ මං ආරක්ෂිතයි. ඒ නිසා මේ සටහන කියවන පිරිස් ඇවරි දැන්
වෙනස්වෙලා ඉස්සර වගේ නෑ කියන චෝදනාව කරනවා නම් හරි කැමතියි. මොකද 2015 පට්ට
ආත්මාර්ථකාමී අවුරුද්දක් කර ගන්න මං කැමති නිසා. දැන් දුවලා දුවලා මට හති වැටිලයි
තියෙන්නේ ලොල්.
ඉතිං යාළු 2015 දුවන එක නවත්තලා ටිකක්
තැම්පත්වෙන්න සිද්ධ වුනා. ඒ ආකාරයෙත් වරදක් නෑ. දැන් වෙලාව ඇති වෙන්න තියෙනවා. 2014ට
වඩා ටිකක් ස්මාර්ට් වෙන්න ඇවරි තීරණය කළේ දැන් නාකි බව තේරෙන නිසා. නෑ ඇත්ත ම කතාව
වෙන එකක්. රේටින්ග්ස් වැඩි බව පහුගිය කාලෙ ඇවරි අනාවරණය කරගත්තා ම වැරදි වෙන්න
තියෙන සම්භාවිතාව අඩු කරගන්න හැකි සෑම පියවරක් ම ගත යුතුයි කියලා මට හිතුනා. අනික
100% ක නිරවද්‍යතාවය කියන ඉලක්කයේ මං ඉන්නවා. මං 100%ක් කරනවා නම් අනෙක් අයට
ජීවිතේ පහසු වෙනවා. සමහර පුංචි පුංචි දේවල් ගැන පවා මං වද වෙද්දි මගේ ඉහළින් ඉන්න
මිනිස්සු මට පිස්සු ද කියලත් ඇහුවා මතකයි. හැබැයි මං නිරන්තර අවධානයෙන් ගේම් එකේ
ඉන්න එක ගැන ඒ අයට සතුටක් තියෙනවා. මේ සියලු විපර්යාස අස්සේ අර තරු ගණින, කෑ ගහන,
පිස්සු කෙළින ඇවරියාත් මතුවෙන්න ඉඩක් නැතුව මා තුළ ම ඉන්නවා.
2015 පළමු කාර්තුවේ ඇවරිගේ හිට් දෙකක්
තිබුණා. එක කාලයක් දැකපු හීනයක් හැබෑ වීම. අපි ලොකු ඉලක්කයකට අමාරු පාරකින් යන්න
තීරණය කළේ 2013 දී අපි කැම්පස් අවුට් වෙන්න කිට්ටුව. 2014 දිත් අමාරු පාරෙ ම යන්න
අපි උත්සාහ කළා. නමුත් 2014 අවසාන කාර්තුවේදී ඊට කෙටි මගක් ඇති බව සොයාගැනීමත්
එක්ක හැම දෙයක් ම කණපිට පෙරළුනා. අපි ඒ අලුත් පාර උත්සහ කළා. හිතුවා වගේම අනතුරක්
නැතිව අපේ ගමනාන්තයට අපි ආව. එහිදී ඇවරි ගැන පූර්ණ විශ්වාසයක් තිබ්බ පිරිසට ස්තුති
කරන්න ඕන. දැන් තියෙන්නේ මේ පාර තව ටිකක් හොදට පාද ගන්න එක. ඒක සුළු දෙයක්. සමහර
ලොකු දොරවලටත් ඇත්තේ පුංචි යතුරු කියලා මගේ තාත්ත කියපු කතාව ගැන සෑහෙන්න හිතුවා ම
අවුරුදු දෙකහමාරක් උත්තරයක් හොයපු ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණා. මගේ අප්පච්චිට මට
වඩා ටිකක් පිස්සු. සමහර විට මේ තර්කයෙ විලෝමය වෙන්නත් බැරි නෑ???
දෙවැන්න යාපන චාරිකාව. බුහහා නෑදෑ හිතමිත්‍රාදීන්
පිරිවරා ගත් අපේ නඩේ 54කගේ අවශ්‍යතා සියල්ල ගළපා ගනිමින් ඒ චාරිකාව ගොඩින් බේරගෙන
නිමා කරන්න පුළුවන් වෙයි කියලා ඇවරි මුලින් හිතුවෙ නෑ. නමුත් මං ගැන මගේ තක්සේරුව
සහ මගේ කණ්ඩායම ගැන තිබුණ විශ්වාසය නිසා ඒ වගේ වැඩකට අතගහන්න තිබුණ බය ඇරිලා ගියා.
දැන් ආර්ය මහා සේනාවගේ නිවාඩු චාරිකා වලට නිර්දේශිත නිල චාරිකා සංවිධායක වන තරමට ම
ඇවරි හිට් වෙලා. කොහොමත් ඉතිහාසය පුරා මං එහෙම වෙන කෙනෙක් නොහිතන අනිත් අය මූට
පිස්සු කියලා බැහැර කරන ගොඩක් මැටි වැඩ කරලා තියෙනවා. එකක් තමා පිළිකුත්තුව
චැලෙන්ජ් එක.
මං ඒ ගැන කියපු මුල් ම දවසේ සුගිත් මට හිනා
වුනා. ඕක කැම්පස් එකට හරියට මොඩල් එකක් නෙමෙයි බං. හරි යකෝ නමුත් අපිට තනියම මෙහෙම
ෆන් එකක් ගන්න යන වියදම සැර නිසාත් ඊට අවසර ගැනීමේ ගැටලු නිසාත් මේක මාර්කට් කරලා
කරන්න ඕන වැඩක්. අනික එන එවුන් සතුටු වෙයි. අනිවා. එහෙම කරුණු කිව්ව ම සුගීත් මාව තේරුම් අරං මාර්කටින් වැඩේට බැස්සා. ගයියා
සම්පූර්ණ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් බාර ගත්තා. රගා ඉවෙන්ට්ස්. අලුතා කැමරා ග්‍රැෆික්ස්.
අන්තිම වෙලාවෙ ඉවෙන්ට් එක ඉවර කළාම ඒ මුහුණුවල තිබුණ හිනාව. උන් කාටවත් ඒ දවස අමතක
වෙන්නෑ. ඒ සියල්ල සාර්ථක වුනේ අපේ කණ්ඩාම් හැගීම නිසා. පිළිකුත්තුව උඩට වතුර
අදින්න අපි පට්ට කට්ටක් කෑවා. උදේ වරුව වැහැලා හයික් එකේදි මුං ලිස්සලා බෙලි කඩා
ගනියි කියලා ප්‍රශ්න ආව. නමුත් අපි ටීම් එක්ක හැටියට ඒ හැම දේම දර ගත්තා.
තව මං කරපු ඒ වගේ පිස්සු හාත වැඩක් තමා දහම්
පාසලේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය නායක මුළුව දිනක චාරිකාවකට අනුරාධපුරේ ගෙනියාම. එදා
මාව බැක් කළේ ජනිත ශ්‍රී චතුරංග. කොල්ලා මගේ ඩෙෆියුටි එච්.පී මල්ලි මට හරි ආසයි මුංව ටිකක් එළියට එකක් යන්න.
උඹ මොකද හිතන්නේ!! එකෙන් ම කරමු අයියා. ඒත් යන්නෙ කොහේද? අපි ගුරු මණ්ඩලය ලවා
අනුරාධපුරේ අනුමත කරගෙන රෑ හත වෙනකම් සියලුම සිද්ධස්ථාන වන්දලා පසුවදා පාන්දර තුනට
බස්එක ගමට ගෙනාව. ආසික් රිස්ක් එක. රූට් පර්මිට් නැති බස් එකේ නුවර වැව ගාවදි
ඇල්ලුව ම රුපියල් පන්සීයක පගාවකුත් දීලා ඩ්‍රයිවර්ට පැයක් නිදාගන්න ඕන කිව්ව ම
කුරුණෑගලදි නවත්තලා කන්න දීලා ඒ අතරේ මාතලීව නිදි කරවලා අමර ගේමක් ගහපු ඒ චාරිකාව
අමතක වෙන්නෑ. මගෙන් පස්සෙ අවුරුද්දෙ මගේ මල්ලි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන කාලෙ
නායක හාමුදුරුවො එක්ක දිවා ගුහාවෙ ට්‍රිප් එකක් ගියපු ශිෂ්‍ය නායකයො කලින් ම
බැහැලා ඒ පහළ ගගේ නාලා ජල්තර දාගත්තත් මතකයි. එදයින් පස්සේ අද වෙනකම් අපේ දහම්
පාසලේ කිසිම දරුවෙක් චාරිකාවක එක්ක ගිහින් නෑ. හේතුව ළමුන්ගේ වගකීම කියන අභියෝගය
භාර ගන්න කෙනෙක් ඉදිරිපත් නොවීම. ඇවරි දත කාලා මේ අවුරුද්දේ සැලසුමට චාරිකාවක්
ඇතුළත් කළා. අනිවා කරවලා තමයි නතර වෙන්නේ.
මේ හැම වෙලාවක ම මං සෑහෙන්න අවධානමක් ගත්තා.
ඒ හැම එකක් ම අපි කළ යුතු දේ යාළු. අපේ ඊළග හිට් දෙක මාර්තු මුල සහ අවසානයේ එනවා.
ඒකත් කළින් නොකළ වැඩක්. අත ගහලා කර තියලා ම බලමු. හැබැයි අපිට කරන්න පුළුවන්
දෙයක්. 2015 නිලලාංජන පැලැදවීම හා වාර්ෂික දානය. දැන් ජීවිතේ ප්‍රොජෙක්ට් එකක්
වෙලා යාළු. එකක් කරලා ඉවර වෙද්දි ඊළග එකට ඉන්වෙස්ට් කරන්න දායකයො පොරකනවා. ඉතිං
අපි බෑ කියලා නතර වෙන්න ද? අලුත් වැඩක් අලුත් ටීම් එකක්. අලුත් හුස්මක්.
ජීවිතේ කියන්නේ අපි ගන්න දේ නෙමෙයි යාළු -
දෙන දේ. අපි ගන්න තරමක් ගන්න ඕන, පුළුවන් තරමක් දෙන්න බලාගෙන. ඉන්න කාලෙ දැනෙන්න
ජීවත් වෙන්න ඕන සර්. අනුන්ට අපිව දැනෙන්න නම් අපි ඒ ජීවිතවලට දෙයක් දෙන්න ඕන. මගේ කාර්යාල රියදුරු තැන කියපු කතාව කල්පනා
කරලා බැලුව ම ඇත්තක්. ඇවරි සතියේ දවස් පහ
පටන් ගන්නෙත් අවසාන කරන්නේත් ඔහුත් සමගින්. ඒකත් ලියන්න වටින චරිතයක්.
අද ඇවරි තමන්ට ලියාගත්තු සලාදයක් තමා
දාන්නෙ. ඉදිරියට පෝස්ට් ටිකක් වැටෙයි. ඉඩ පාඩු ඇති හැටියට ඉතිං හොදේ...
මේ සලාදයත් නියමයි........... ඒත් දිගට ම ලියනවනම් අපි තවත් කැමතියි
ReplyDelete