Monday, October 21, 2013

අවජාතක බිළිඳු උපතක සැඟවුන අන්දරය හෙවත් සුජාත පුතණුගේ කතාව

පහුගිය සිකුරාදා දවස උදේ නවයට විතර ඇවරිගේ ජංගමයට බොහෝ ම පරණ කාලෙ මිතුරු විසාකාවක් ඇමතුමක් දුන්නා. ඉන් ඈ ආරාධනා කළේ පහුවදා රාජගිරිය මැක්ඩොනල්ඩයට එන්න කියලයි. ආගිය කතා කතා කරන අතරේ ඇවරි කාරණාව ඇහුවට නිසි පිළිතුරක් හම්බුනේ නෑ. මේ දැරිවි විවාහප්ප්‍රාප්ත වෙන්න යන බව ඇවරිට ආරංචි වෙලා තිබුණට ආරාධනා පත්තර දෙන්න රාජගිරියට එන්න කියන සිරිතක් නැති නිසා මේ කුමන්ත්‍රණය ගැන ඇවරි ටිකක් කල්පනා කළා. වැට උඩ උත්තරයක් දීලා ජාමේ බේරගත්තට මොක ද සෙනසුරාදා උදේ අටට විතර ඇවරිස්ගෙ ජංගමය නාද වුනා. මචං උඹ සෙට් වෙනව නේ? එකොළහට වරෙන්.. අම්මට සිරි බලපුවහ ම ඒ දන්න කියන නීතිඥ මහතෙක්. තවත් නම් වත් මතක නැති යාළුවො හතර දෙනෙක් උන් ම අඳුන්වල දීලා කතා කළා. මේ මොන අටමගුලක් ද අප්පා. හැබැයි පරණ ම බොක්කවල් ටිකක් සෙට් වෙන හින්දා ගිහින් බලන්නත් හිතෙනවා. ඇවරි ටිකක් පිළිවෙලට ඇඳලා කරලා කියපු තැනට ගියා. එතන ඇවරිගේ පන්ති සගයන් එකොළහක් හිටියා. ඇවාත් එක්ක දොළහයි. මමත් පාර්ටියට සෙට් වුනා.

අපි හැමෝ ම සම්බන්ධ කරපු විසාකාව කතාව ආරම්භ කළේ ඇගේ අනාගත සැමියා හඳුන්වා දෙමින්. ආයෙ අමුතුවෙන් අඳුනගන්න දෙයක් තිබ්බෙ නෑ. ඌ ඒ දවස්වල ඉඳන් අපි දන්න රාජකීය ඇම්බැට්ටෙක්. දැන් වරලත් ගිණුම්කරුවෙක්. ඉතිං මේකයි කතාව. ඔයාලට මතක ඇතිනේ අර මාත් එක්ක හිටපු ගෑනු ළමයා. නටාෂා. එයාට තෝමියන් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. කොහොමින් කොහොම හරි අනුෂ් නිසා නටාෂා ප්‍රෙග්නන්ට් වුනා. අනුෂ් ප්‍රශ්නෙ සෙට්ල් කරන්න හැදුවට නටාෂා දරුව නැති කරගන්න කැමති වුනේ නෑ. එයා තනියම දරුවා හදාගන්න තීරණේ කළා. ඒ අතරේ අනුෂ් ඔසී ගියා. දැන් නටාෂාව ඩිලිවරි එකට ඇඩ්මිට් කරලා තියෙන්නෙ. අපිට පුංචි ප්‍රශ්නෙකට තියෙන්නේ සල්ලි ටිකක් මදි කම විතරයි. ඇය කතාව කොටින් හමාර කරා ම හිටපු ගැහැණු පිරිමි අදහස් දක්වන්න ගත්තා.

මං කොච්චර කිව්ව ද ඔය කෙල්ලට ඌට විස්වාස කරන්න එපා කියලා. ඇගේ ට්‍රයි එකක් හේම කිව්වා. යකෝ අනුෂ් මේම කරයි කියලා හිතුවෙ කවුද? අපි ඌව ගෙන්නලා බන්දලා දෙමු. ඌ ළමයාගේ තාත්තා කියලා ෂුවර් මද? දැන් ගෙවල් වලින් දන්නව ද? ඕකේ කීයක් ඕනැද? ආදී වශයෙන් කතාන්දර ගොඩක්. නමුත් පසුව කළ පැහැදිලි කිරීම් වලදී අනුෂ් සැත්කමට යම් මුදලක් එවා තිබුණා. දරුවා හදා ගන්න ඇය ගත් මුරණ්ඩු තීරණේ නිසා අනුෂ් කාරණාවෙන් ඉවත් වූ බව තමයි අවසාන විග්‍රහය වුනේ. ඒ අතරේ අපේ සමහර කාන්තාවෝ අර විසාකාවියට දොස් කිව්වේ සැර වැඩි කරලා.

ඔයා මාරයිනේ අනේ, අපි ඔක්කොට ම එන්න කියලා මෙහෙම මරාලයක් සෙට් කරන්න. මේ තැන තැන ගිහින් හදාගත්තු ළමයින්ට අපි වියදම් කරන්න ඕන ද? අනික එයා ළමයා හදා ගන්න තීරණේ කළා නම් ඒක එයාගෙ වැඩක් නේ. දිස් ඊස් නන් ඔෆ් අවර් බිස්නස්. ලෙට්ස් ලීව් හනී. කතක් සාදය හමාර කරන්න නැඟිට්ටා. ඇය අපේ මිතුරු විසාකාව දෙස හෙළුවේ දැවී අළුවී යන බැල්මක්. ඒ වචන වලට ඇයට හැඬුම් ආවා. එක්කෝ උඹ පිරිමි අපිට විතරක් එන්න කියන්න ඕන. පාර්ටියක් කියපු නිසා එක්කන් ආවෙ. සොරි මචං.

යාළුවා තම නෝනගේ වැරදි ක්‍රියා කලාපය ගැන පසුතැවුනා. එතන වෙන්න ගිය මහා ගෝරියක් සමථයට පත්වුනේ අපේ ඩොක් සන් හා ඩොකී සනී ආපු නිසා. උඹලා ඇයි බං පරක්කු වුනේ??? කොහේ ද මෙයාට අදත් ක්ලිනික් එකක් නේ බං. තොපි එනවා කියපු නිසා ආව. නටාෂව බැලුව ද? නිකම්වත් එන්න එපා යාළුවෙක් අමාරුවේ වැටුනම. අපරාදෙ කියන්න බෑ ඌ ඩොකා වුනාට කට නම් එහෙමමයි.     

ඩොකා මහ බරපතල වෛද්‍ය කතාවක් කළේ අපූරු විදියට. හරි අපි මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගත යුතුයි. මං මෙතන ඉන්න සමහර නෝනලා දන්නේ නෑ. නමුත් මෙහි ඉන්න මගේ යාළුවො අඳුනනවා. දන්නව ද ලංකාවෙ දවසකට නීති විරෝධී ගබ්සා දාහක් විතර වෙනවා. ඒ අතින් නටාෂා නියම කෙල්ලක්. එයා දරුවව තනියම හදන්න තීරණේ කරනවා. මෙතන ඉන්න ඔයාල කිසිම කෙනෙක් එහෙම තීරණයක් ගන්න එකක් නෑ. විශේෂයෙන් ම තාත්තෙක් නැති දරුවෙක් හදන්න. කස්ටිය ටිකක් සංසුන් වුනා ම ඔහු කතා කිරීමේ අවස්ථාව ප්‍රිය බිරියට ලබා දුන්නා.

මෙතන ලොකුවට කතා කරන්න දෙයක් නෑ. ඒ දරුවා අනිද්දා ඉපදෙනවා. දැන් අපි කොහොමත් දරුවා නැති කරන්න වෙලා වැඩියි. අනික අම්මවත් බේර ගන්න ඕන. මේක ලොකු පිනක්. අපි දැනට ම චාජර්ස් වලට ඩිස්කවුන්ට් එකක් අරං තියෙන්නෙ. මෙතන ඉන්න යාළුවො ටික පන්දාහ ගානෙ දුන්නත් ඒ මුදල ප්‍රමාණවත්.

මේ අතරේ අපිට කෑම බීම ලැබුණා. ඊට ගෙවීම් කරලා තිබුණෙත් විසාකාවමයි. ඊළඟට කතාවාරය අපේ නීතිඥතුමාට. මේ දරුවාව නටාෂාට හදා ගන්න පුළුවන්කමක් නැති නිසා අපි ඉක්මණට භාරකාරත්වය ගන්න කැමති ජෝඩුවක් හොයාගන්න ඕන. ඊළඟට ළමා හා කාන්තා කාර්යාංශය යටතේ නෛතිකව දරුවා ඒ යුවළට භාර දෙන්න ඕන. ලොකුම දේ ජෝඩුවක් හොයා ගන්න එක. දන්නවනේ දැන් කාලෙ. බොරුවට ළමයා අරං පස්සේ විකුණන්න බැරිත් නෑ. ඉතිං කවදා හරි තාත්තා අයිතිවාසිකම් කිව්වොත්? නෑ තාත්තා ඉදිරිපත් වෙන්නෑ. ඒ ගැන ඩොකියුමන්ට් එවලා ඉවරයි.


හරි හරි මචංලා අපි කාල ඉමුද? කතාව මිසක් කෑමක් නැති නිසා අපේ ඩයලොගා ඇහුවා. මේ පුංචි එකා මාර ලක් කාරයෙක් තමා නේ. බලපංකෝ ඌට බාප්පලා හයතුක් පුංචිලා අටකුත් දැන්ට ම ඉන්නවා ලොල්. ඇති යන්තම් මේ පලහිලව්ව නිසා උඹලව සෙට් වුනා. නැත්නම් කොහේ අල්ලන්න ද? ඒකට මේන් තව අම්මලා වෙන්න කතාව. ඒත් දරුවෙක්ගෙ වටිනාකම දන්නෑ. ඒ හින්ට් එක අර කලින් ගෝරි දාපු කන්‍යාවට. ඒවා ඉවරයි මචං උඹ තව ගෑනුන්ට එහානේ. එහෙම කිව්වේ විසාකාවගේ සැමියා. ආගිය කතාවන් පිරුණු ඒ පැය තුන හරි අපූරුවට ගියා. දියවන්නාව අවට විහිළු තහළු කරමින් කල් මරපු අපි රාජගිරියට ඇවිල්ලා ඒ වෙලේ ම ඒ.ටී.එම් වලින් සල්ලි ඇදලා ෂෙයාර් එක දීලා වැඩේ අහවර කළා. ඉන් පස්සේ දේවි බාලිකාව ළඟින් අම්මටයි බබාටයි සුකුරුත්තන් අරං තිබුණ කාර් තුනේ පැක් වෙලා  කෙළින්ම ගියේ ලංකා හොස්පිටලයට. 

3 comments:

  1. ඒ මිෂන් එක තමයි ඇවරිගේ කොලු ජීවිතේ කරපු භයානකම මිෂන් එක. යම් මුදලක් වියදම් කිරීමටත් වඩා දරුවෙක්ගේ උපතකට දායක වීම කියන්නේ හරි අපූරු අත්දැකීමක් වුනා. අපි කරපු දේට සැලකීමක් හැටියට සියලු දෙනාට සැත්කම නැරඹීමට අවස්ථාව හිමි වුනත් ඇවරි අමාරු වෙලාවල කොරිඩෝවෙ හිටි බව කියන්න ඕන. මුලින් අර විදියට ගෝරි දාගෙන කතා කරපු අපේ භද්රාලවන් පසුව දරුවට පණ ඇරලා ආදරේ කරන්න ගත්තා.
    කතාව හොදින් හමාර වුනත් ඇවරිට දිරවගන්න බැරි වුන අපුලක් තියන නිසා මේ පසුවදනත් එකතු කරන්න හිතුනා. මෙච්චර මේ ප්රිශ්නය සංකීරණ වෙන්න මුං අංරක්ෂා නොවීම වරදක්. ඒකත් වුනා කියමුකෝ. එත් ප්රුශ්නය සෙට්ල් කිරීම කියන්නේ දරුවා නැති කිරීම ද? හදිසියේවත් දරුවා නැති කරගත්තා නම්???? ඒ ජීවිතේ. අනියම් මිනිස් ඝාතනයක්? වාසනාවට හේම වුනේ නෑ... ඒත් සාමාන්යව භාවිතයේ දී පවතින සංඛ්යාම ලේඛන? මගේ මිත්රන ඩොක්ස් කියපුවා අහලා මට ක්ලාන්ත නොවුනේ කවුරු හරි වතුර වීදුරුවක් දුන්න නිසා. යකෝ ධර්ම ද්වීපයේ තත්ත්වය මෙච්චර දරුණු ද?
    හැම දරුවෙක් ම නටාෂාගේ දරුවා තරම් වාසනාවන්ත නැති බව ඇවරි දන්නවා. ඒ වැඩේ එච්චර ලේසි වුනේ අපේ විසාකාව සියල්ල ඉවසමින් මුල පටන් ක්රියාත්මක වුන නිසා. ඇයට පුළුල් දැක්මක් තිබුණ නිසාත් ඇය වාසනාවන්ත සැමියෙක් ලද නිසාත් තත්ත්වය ගොඩක් හොඳ වුනා. යම් හෙයකින් ඇයට මුදල් හෝ පිරිස් බලය ගැටලුවක් නොවිනි නම් ඈ අපිට කරදර නොකරන්නත් ඉඩ තිබුණා. යාළුවෝ ඉදිරිපත් වුනේ දරුවාගේ භාරකාරත්වයට. ඊට නටාෂාගේ පවුල හෝ නෑදෑයින් පැමිණියේ නම් ඇගේ අනාගතයට එය තර්ජනයක් විය හැකිව තිබුණා. නමුත් අපි යාළුවෙක් දරුවා හදා ගන්න ගත්ත ම වැඩේ ෂේප් වෙයි කියලා විසාකාව කල්පනා කළා. ඇය නියම මිතුරියක්. අපි හැමෝ ම ඈට ස්තුති කළා. පිටින් බැලුව ම මේ කාරණාවේ ඇති දේකුත් නෑ. අපේ යාළුවෝ සෙට් වෙලා තමන්ට පුළුවන් උපරිමෙන් කරලා ගේම ගොඩ දැම්මා. ගොඩක් දෙනා අවංකව වැඩේට සෙට් වුනා.
    අනුෂ්ටත් කවුරුත් වැරැද්දක් කිව්වෙ නෑ. අනුෂ්ට දරුවා නැති කිරීමට මෙහා විකල්පය වුනේ විවාහ වීම. ඒත් ඒ හදිසියේ දරුවෙක් අනුෂ්ට ඕන වුනේ නැතිලු. කාරි නෑ අපි ඌට උගෙ පුතාගේ පින්තූරයක් ස්කයිප් හරහා පෙන්නුවා. මොනව වුනත් ළමයගේ තාත්තානේ. එදා හරි සංවේදී අවස්ථාවක් වුනා. මේ තත්ත්වය එකිනෙකා එක එක විදිහට විග්රුහ කරන්න පුළුවන්. ඒත් මෙළොවට එන්න වාසනාව තිබුණ මනුස්ස ජීවිතයකට ඊට අවකාශ සැලසීමේ කටයුත්ත විතරයි අපි කළේ. මේ දරුවා අනාගතයක් ගොඩනාඟාවි. ඔහුගේ උප්පත්ති කතාව ලියා තැබීම මෙයින් අහවරයි.

    ReplyDelete
  2. මේ වියමන අස්සේ තිබෙන යථාර්ථය සහ ඒ යථාර්තය උඩ තිබෙන තක්කඩිකම අපූරැවට පේනවා. නමුත් ඒ තක්කඩිකම් ඉරාගෙන මතු උනු මනුස්ස කමත් තිබෙනවා. හොද ලියවිල්ලක්. නමුත් ‘අවජාතක‘ කියන වචනය ලියද්දී තව පාරක් හිතුවා නම් හොදයි.

    ReplyDelete
  3. A brave woman, real friends and good humans most of all courage to stand against conventional thinking pattern. This is the kind of courage lack in these days. A salute for all.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....