Thursday, March 5, 2015

අප හැර දමා ගිය මියුලැසී...

මේ දවස්වල හඳ දැකලා ඇවරි ටිකක් ජබර් කලන්ත වෙලා හිටියාට මොකද යාළු සතුටක් වගේ ම දුකක් ඇතිවුණ මික්ස් ෆීලින්ග්ස් සහගත සතියක් ගෙවී ගියා කිව්වවොත් හරි. ඇවරිගේ අතිජාත මිතුරියක වන යානි කුමාරිහාමිනේ ලංකාවට සැපත් වීම පසුගිය බදාදාවේ සිද්ධ වුනා. එතුමිය නම් පැමිණෙන බව කලින් තියා කියා තිබුණත් දවස නිශ්චිත නොවූ නිසා ඈවර විතාන බුකියේ දැමූ සංවාද සටහනක් නිසා කුමාරිකාවගේ ලංකා ගමනේ නිල තතුවිති කල්තියා දැනගන්න ලැබුණා. මේ යානි කියන්නේ කැම්පස් යන කාලෙ අපිට වාත වෙච්චි චිලී කියන මාර දූතිකාවගේ වලිගේ. යානියෝ සාමාන්‍ය උපාධිය අවසාන වුන අල්ලපනල්ලේ අරාබියට පියාසර කළා. අවුරුදු දෙකකට විතර පස්සේ දැන් තමා ලංකාවට ගොඩබැස්සේ. ඉතිං ඇගේ පැමිණීම වෙනුවෙන් එළඹෙන සෙනසුරාදාවේ බිග් මැච් වන්දනාවත් කැප කරලා සුහද සාදය සදහා ඇවරි හිත හදාගත්තා.
ඒත් කාලා ඉන්න බැරි සීන් එක වුනේ ඇවරිගේ කාර්යාලයීය මිතුරියක වූ සේරාගේ නික්ම යාම. ඇවරිත් සමග ආයතනය හා සම්බන්ධ වුන සේරාවෝත් සියල්ල හමාර කරලා අරාබිය වෙත පියාසර කරන අටියෙන් ගෙවුන බ්‍රහස්පතින්දාවේ අපෙන් සමුගත්තා. මේ කෙටි සටහන ලියැවෙන්නේ ඇය වෙනුවෙන් ඇවරිගේ පුද්ගලික මතක මංපෙත සදහා. සමහරවිට සේරා තමුන් ගැන ඇවරිතුමා මේ ආකාරයට ලියා ඇති බව දැන ගන්න එකක් නෑ. හැබැයි මට රාජකාරී ජීවිතයේ මුණගැහුණ හොද ම කණ්ඩායම් සාමාජිකාවක වශයෙන් ඇය ගැන ලියා තැබීම මං නාකි වුනා ම කියවන සලාදයක් වෙනුවෙන් වටිනවා.


ඇය බොහෝ ප්‍රචලිත ආයතන රැසක් හා සම්බන්ධව කටයුතු කරලා, අපේ ආයතනය හා සම්බන්ධ වුන කතක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විසේකාරියක්. අවුරුදු විසිපහක ජීවිතය තුළ බොහෝ හැල හැප්පීම්වලට මුහුණ දුන්න ඒ ජීවිතේ මට කාන්තාවෝ ගැන බොහෝ දේ කියලා දුන්නා. ජීවිතේ ඇස්පනාපිට ම වැරදිලා, බලාපොරොත්තු පොඩි පට්ටම් වෙලා, ලෝකය ම එපා වෙලා ඇස්වලින් කදුළු ගලද්දී ඇය ටිෂූ බොක්ස් එකක් පැත්තකින් තියාගෙන කදුළට ඉඩ දුන්නා. ඒ වගේ ම සතුටු වෙලාවලදී දෝරෙ ගලන්න හිනා වුනා. මුළු කාර්යාලය ම ජීවයෙන් පුරවන ඇගේ කටහඩ මල කරදරයක් කියලා අපි හැමෝ ම මූණටමත් කියලා තිබුණා. ඇය අවදානම අරං බොහෝ දේ කළා. ඇන්ඩි අරක හරිද? මේ ඩොකියුමන්ටස් රෙඩි ද? කෝච්චි ටිකට් හරිද? එයාර් ටැක්සි බුක් කළා ද? අයියෝ ප්‍රශ්න වැලක්!!


අපේ ඔපිසියේ කෝමත් ලොකු සීන් නෑ. එහි කල්චර් එක හරි වල්චරස්. අයි මීන් හරි වෙනස්. කස්ටට අපිව නොපෙනෙන නිසා ඩෙනිමයි සෙරෙප්පු දෙකයි අපේ නිල ඇදුම් වෙලා. අපි පස් හය දෙනා ම ඒ ඒ අංශ වලින් දක්ෂයො. පැන්ටෑස්ටික් ෆයි වගේ. ඒ වගේ ම අපේ අපේ පස්සවල් අපි අපි ම බලා ගන්නවා. වැරදි දැක්කා ම අපි අපි ම හදාගෙන කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. මේ සියල්ල කොහොම වුනා ද දන්නෑ. කොච්චර ගහ මරා ගත්තත් අපි පවුලක් හැටියට වැඩ කළා. සාමාන්යෙන් ඇවරි කියන්නේ ක්‍රීඩාවට එච්චර දක්ෂ පොරක් නෙමෙයි කියලා තතු දන්නෝ දනිති නේ. නමුත් ඇවරිගේ ඔපිසියේ ඉන්නේ අනාදිමත් රගර් ක්‍රීඩකයෙක් (සෙන්පීටර්ස් රගර් කැප්ටන්), ජාතික තලයේ හොකී ක්‍රීඩකයෙක් (නැෂනල් ස්කොඩ් ප්ලේයර්), ක්‍රිකට් තරුවක් (ඉන්ග්ලන්ඩ් ක්ලබ් ක්‍රිකටර්) වගේ ජනකාන්ත පොරවල්. ඇත්තට ම යාළු මේ අර ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් එකක් කරපන්, ජොබ් ෂුවර් කියලා කියපු තර්කෙ ඇත්ත බව තේරෙන්නේ දැන්. උඩ කියපු චරිත තුන එක්ක එකට වැඩ කරනවා කියන්නේ හරි ම අමාරු වැඩක්. මොකද කිව්වොත් ඒ අය ක්‍රීඩකයො නිසා. ඒ අයට විනාඩි කිහිපයක් ඇතුළත වැඩ කෙරෙන්න ඕන. මේ කස්ටිය ඔෆිස් එකේ තමන්ගේ සීට් එකේ හිටියත් ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ වගේ තමා. මේ බබා උක්කුන් දාන්න ලෑස්ති වෙන්න එපා... ඔයා ලෑස්ති වෙද්දි අරුන් ගෝල් එක ගහලා ඉවරයි. ලොල්....  


ඉතිං මේ අය සියල්ල හරි කමිටඩ් පොරවල්. සේරයි මමයි එක්ක තවත් හතරක් ඇතුළට ආව. අන්තිමේ දී ඉතුරු වුනේ සේරයි මමයි විතරයි. දැන් ඇයත් යනවා. ඇය බොහෝ අත්හදා බැලීම් කළා. සමහර පිස්සු වැඩ වලට අපි සෑහෙන මුදල් වියදම් කළා. නමුත් ඒකෙන් අපි ඉගෙන ගත්තා. උදාහරණයක් විදියට පාර්ටි ඩෙකෝ. වෙඩින් ඇරෙන්ජ්මන්ට්ස්, මල්ටි සෙන්ටර් හනිමූන්, ලක්ෂරි හොලිඩේස්, වෝටර් ස්පෝර්ට්ස්, එස්කෝර්ට්ස් ආදි වශයෙන් ඇගේ පිස්සු වැඩ බොහෝ තිබුණා. ආහ් කාලයක් ඇය සන් එෆ්.එම් නිවේදිකාවක් ලෙසත් වැඩ කළා. මේ පිස්සු චරිතය අපිට දුන් දේ බොහෝයි. ඇය හොද කන්ටෙන්ට් රයිටර් කෙනෙක්. ඒ වගේ ම ගූගල් ඇනලටික්ස් අපි දෙන්න ම වදෙන් පොරෙන් දැන කියා ගත්තේ අපේ සයිට් එකේ රේටින්, අපිට ම බලා ගන්න. සමහර දේවල් අපි ම ලියලා අපි ම කීවර්ඩ්ස් සෙට් කරලා අපි ම අප්ඩේට් කළා. ඒ අතින් අපේ ඔපීසියේ හොද තමා හැමදේම හැම කෙනා ම ඉගෙනගත යුතුයි කියන මතය.


අනිත් ඔෆිස්වල වගේ අනුන්ගේ කුණු හෝදන්න, ඕපාදූප හොයන්න අපිට වෙලාවක් නෑ. ඒකත් කල්චර් එකේ කොටසක්. ඇවරිට නම් දැන් එහෙම තුන් හාරසීයක් ඉන්න කාර්යාලයක වැඩ කරන්න ම බෑ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ හෙඩ් සෙට් කනේ ගහගෙන සින්දු අහන ගමන්, ආතල් එකේ වැඩ කරන්නනේ. කූල් මචං කූල්.  හැබැයි පාර්ටි දාද්දී අපි නිකම් ඉන්නෙත් නෑ. සේරා තමා අපේ පාර්ටි ස්පෙෂලිස්ට්. අද හැපනින් හික්කා. මවුන්ට් බීච් රේව් එක අනිද්දා. අද ඉලෙවන් ඉන් ද නයිට් ටිල් ටුමෝරෝ ටෙන් පාර්ටි එක. සිකුරාදා අපි හොලිවුඩ් කලම්බු යමු. අයියෝ ආර්. එන් බී දැන් සක්ස් අප්පා.... ආදී වශයෙන් යන්න ඕන කොහෙ ද? හැපනින් මොනා ද? කියලා අපිට දන්වන්නේ සේරා. අපි නයිට් ක්ලබ් පීරලා ඇති. වෙලාවට ස්ටාෆ් එන්ටර්ටේනින් කියලා ක්ලබ් / හොටෙල් බිල් සදහා වෙනම ලෙජර් එකක් තියෙන්නේ.... ඒ වගේමයි කෑම බීමත්. පීසා ගෙන්නන්නෙත් ඇය. ටිප් දෙන්නෙත් ඇය. කෝ ඉතිරි? ටිප් එකට දුන්නා. ආ මාරයි නේ....???


මුල්ම වතාවට ක්ලයන්ට් ප්‍රොෆයිලින් කළේ සේරා. ඇය ඒ අතින් සී.අයි.ඒ එකට එහා. කවුරුහරි කතා කරලා හොලිඩේ එකක් ඉල්ලුවොත් වාසගම ඉල්ලගෙන උගේ අලගිය වැලගිය මුලගිය සියල්ල හොයාගන්න ඇය දක්ෂයි. කෝමත් ෆලයිට් රිසවේෂන් වලට පාස්පෝර්ට් එකේ හැටියට නම ගන්නවනේ. එතනින් එහාට අහවරයි. අරූ ගිය අවුරුද්දේ ගියේ කොහේ ද? කා එක්ක ද? (අපි වෙන තැනකින් කොටේෂන් ගන්නේ පරණ තැන නරක නිසානේ) ෆ්‍රීක්වන්ට් ට්‍රැවලර් ද? (කෙනෙක් කලින් ගියපු තැනකට ආයෙත් යනවා අඩුයි නේ) රස්සාව මොකක්ද? (සියල්ල ඩිපෙන්ඩින් ඔන් බජට් නේහ්) මැරි කළේ කවදද? (හනිමුන් එකට වියදම් කරන්න කවුද ලෝබ වෙන්නේ??) ආදී බොහෝ දේ සමාජ ජාල අඩෙවි හරහා ඇය හොයා ගන්නවා. ඒවා සසදලා තමා කොටේෂන් දෙන්නේ. අනික ක්ලයන්ට්ගේ පැටිකිරිය කියලා කතා කළා ම ඌට නිකම් නෑයෙක් කතා කළා වගේ නිසා අසරණයා අපිත් එක්ක ම එනවා. අන්තිමේ දී බිස්නස් කෙසේ වෙතත් සම්බන්ධකමක් හැදිලා. පස්සේ රැයක් දවාලක් නැතිව වද දෙනවා. හරියට මේ උන්ට කොහේ හරි යන්න තදියම් වුනා ම අපි හෝටල්, ෆ්ලයිට්ස් දාලා ට්‍රාන්සර් හේම කරලා දෙන්න බැදිලා ඉන්නවා වගේ. අනික ඇය අඩුම ඔප්ෂන් එක ගන්න දක්ෂයි. අපිට ඒ ඒ රටවල ෆිසිකල් සැපයුම්කරුවන්ට අමතරව, ඔන්ලයින් බුකින් එක්ජින් හතරක් තියෙනවා. මේ හැම එකක් ම පීරා අඩු ම තැනින් බුකින් එක දා ගන්න ඇය ඇත්තෙ මාර හැකියාවක්.    

වැඩට යන එක කවදාවත් ම එපා වුනේ නෑ යාළු. හැම දවසක් ම අලුත්. අලුත් ටුවර් එකක්. අලුත් ටාස්ක් එකක්. එහෙම වුනේ අපේ ටීම් එක නිසා. සේරා අන්තිමට මට හග් එකක් දෙද්දි සෑහෙන්න දුක හිතුනා. අයියෝ මේ කෙලී හෙට ඉදන් ඔෆිස් එකේ නෑ නේද කියලා. අපි මිනිස්සුන්ට පුරුදු වුනා ම ටිකක් අමාරුයි. ඒත් බලන්න සර් ටික කාලයක් යද්දි එතෙන්ට වෙන කෙනෙක් එයි. සුපුරුදු පරිදි අවසාන කතාව කළේ මගේ රියදුරු තැන. ඔහු කලින් රාත්‍රී එකොළහ මාරට සාරාව නිවසට ඇරළීම භාරව හිටියා. දැන් මට මුල් ම දවසේ සර්ව ගෙදර ගිහින් දාන්න කියද්දි මං බෑ කිව්වා. ඇයි දෙයියනේ මට පුරුදු මිනිස්සුන්ව මග ඇරෙනවනේ... නමුත් දැන් මං හැමදාම සර්ව ඇරලවන්න එනවා. දැන් සර්ට පුරුදු වෙලා. ජීවිතේ කියන්නේ එහෙම වෙනස් වෙන දෙයක්නේ. අපිට ඒකට හුරුවෙන්න ම වෙනවා. අන්තිමේ දී ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා වගේ දෙයක් තමා වුනේ.... 

1 comment:

  1. අැවරි......... හග් දෙද්දි ඔහොමම හිතන්නේ අැයි බං.... ඔ්ක ගන්නමනේ බලාන ඉන්නෙත් අපි

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....