පහුගිය දවස්වල සලාදයක් දාන්න බැරි වුනේ කර මුලට ම හිර වෙන්න වැඩ තිබුණ නිසා ආයුබෝවන්. මං සාමාන්යදයෙන් busy වෙන්න කැමති මිනිහෙක් නමුත් මේ academic වැඩ වලින් busy වුනා ම කෙළින් ඉන්න ටිකක් අමාරුයි. ගිය සති කිහිපය තුළ මා කැමති ම uni functions වලින් එකක් වුනේ Rotary Club එකේ Food Court එක. හැමදා ම bookmarks විකුණලා, ටිකට් ගහලා, කොටු කපලා සල්ලි හොයනවා වෙනුවට හැමදාමත් හාමතේ ඉන්න අපේ කස්ටියගේ කුස පුරවලා ගතමන්ට් එකක් හොයා ගන්න එක පිනක් කියලයි එහි ප්රාකාශිකාවක් කිව්වේ. ඒක නම් එහෙම තමා. මේ කටයුත්තට කොච්චර ප්රනතිචාර ලැබුණ ද කියනවා නම් දවල්ට කාලා මං හිමකිරමක් කන්න යද්දි “තව ටිකකින් එන්න” කිව්වා. අනේ ඒ වෙද්දිත් කෑම ඉවර වෙලාලු.
උණු බල්ලන්, පොරි වගේ කෑම නැඟලා ගියා. තව කොළොස්ට්රෝතල් වැඩි කරන්න සුකුරුත්තන් කෑම ගොඩක් තිබුණා. එතන සංගීතෙත් කෑම වගේ ම රසවත්. තවත් කාරණයක් වුනේ අසල තිබූ අඹ ගහ ආධාරයෙන් ඔවුන් ඉදිරිපත් කළ Mango Challenge එක. අඹ ගහේ අත්තක එල්ලන ලද පුවරුවකට ඉල්ලක්කයට විදීමට සූදානම් කරලා තිබුණා. සුළඟට මේ dart board එක පැද්දෙන නිසා අභියෝගය ටිකක් බැරෑරැම්. නමුත් අපේ දක්ෂයින් ඊට සාර්ථකව මුහුණ දුන්නා. තව උස අත්තකට වළලු දැමීමත් අභියෝගයක්. එක බුවෙක් වළලු දාන්න කෙල්ලක්ව පෙළඹුවේ හරි අපූරු විදියට. ඇගේ පෙම්වතා ඉලක්කයට විදලා ජය ගත්තා. “ආ.... දැන් අයියා විද්දා, අක්කා වළල්ල දාන්න....”
Monday, July 12, 2010
අද දවල් කෑම අපෙන්

Wednesday, June 30, 2010
කෙම්මුර නිවාඩුව..

අද අපි කැම්පස් එකේ සංකේත පන්ති වර්ජනයක නිරත වුනා. අනේ මේ කිසිවක් ගැන නොදැන අද උදේ කැම්පස් ආපු අපේ කස්ටිය නම් ඉතිං සුපුරුදු පරිදි කොටු පැනීම සදහා මේ නිවාඩුවත් යොදා ගත්තා.පට්ට වැඩේ. අද ඒ අතින් අපිට පඩි සහිත වැඩ රහිත නිල නිවාඩුවක්. උදේ ම ආපු උන්ගෙන් සමහරක් වාරණ රජමහා විහාරයට ගියා. තවත් සමහරු මාළිගාතැන්නට ගියා, කට්ටියක් ගම්පහ මල්වත්තට යද්දි තවත් සමහරු පුරුදු අවලම් මධ්‍යස්ථාන සොයා ගියා. හැබැයි කවුරුත් ම දේශන ශාලා වෙත බඩගාන්න තරම් නිර්භීත වුනේ නෑ. මොකද පළමු සහ දෙවන වසර වල සියල්ලන්ට ම දේශන නොනිල වශයෙන තහනම් කර තිබුනා. හැබැයි තෙවන වසරවල සිසුන් නම් තම මනාපයේ හැටියට දේශන වලට සහභාගී වුනා.
ඇත්තට ම දේශන නැද්ද කියලා බලන්න අපිත් වටයක් දෙකක් කැරකිලා හේම බැලුවා.කාරණේ ඇත්ත. දේශන පැවැත්වෙන්නේ උත්තම උත්තමාවියන්ට පමණයි. නමුත් ලබා ගත් නිවාඩුවෙන් සමහරු නම් උපරිම ප්රයෝජන ගත්තා. ඒත් ඇත්තට ම අද නිවාඩු උනේ කොහොම ද?
සිද්ධිය සරලව මෙහෙමයි. සාමාන්‍ය කොළයක ලියලා තිබුණ මේ දැන්වීමත් විශාල කටවුට් එකකකුත් මගින් සමස්ථ කලා පීඨය ම දිනකට අකර්මන්‍ය කලා කිව්වොත් හරි. ඒ අතින් ආචාර්යවරු උගන්වන්න සූදානමින් හිටියත් ශිෂ්‍යයින් දේශන සදහා සහභාගී නොවූ නිසා ඔවුන් ද රිසි සේ අලස සුව වින්දනය කළා. මෙම සංකේත වර්ජනය කළේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව. නමුත් වර්ජනය සාර්ථකයි කියලා කියන්න නම් බෑ. ඒක යථා කාලයේ තථා අයුරින් සිද්ධ වුනා ම බලමු. ඒත් බහුතරයක් දෙනා කිව්වෙ යුනියන් එකේ පිස්සු වැඩ කියලයි....
Sunday, June 27, 2010
නොනිමි වන්දනාව...
යන්තම් ඉවරයි කියලා හිතාගෙන තව ටික දුරක් යද්දි ඈතින් තවත් දන්සැල් කොඩියක් වැනෙනවා... දුරට ම කෝප්ප දැක්ක නිසා බත් නොවන බව දැනගෙන මාත් ආවා. වැඩිම උනොත් බීම එකක් බොන්න වෙයිනේ... එච්චරයි. නමුත් වැඩේ ජෝන් බාස්ට ගියේ ඒ සමනල කුෂන් එකේ සව් දන්සැල නිසා... සව් නම් රහයි නමුත් දැන් නම් මගේ බඩ ඩ්රැනනේජ් වලක් වී ගෙන එන බව තේරුණ නිසා හෙමින් ආපු බස් එකක එල්ලුනා. 230 මාර්ග අංකයේ අංකයේ කැලණිය බසයකටයි මං ගොඩවුනේ. වෙනදා සද්ද දාන කොන්දා මල්ලි, අද වගේ වගක් නැතුව ඩ්රකයිවර් බාප්පා ළඟ යන නිසා සල්ලි දෙන්නෙ කාට දැයි මට අවුලක්. නෑ ඉතිං මේ පුන් පෝය දවසේ ඉබ්බට යන්න බෑනේ??
“ඇයි පුතා ඉස්සරහ ගහලා තියෙන්නේ, දැක්කේ නැද්ද??? අද පෝය දවසේ කැලණි බස් වල සල්ලි ගන්නේ නෑනේ. පුතාට සල්ලි දෙන්න ම ඕන නම් කැලණියට ගිහින් හිඟන්නෙක්ට දෙන්න!!” අන්කල් කෙනෙක් එටිසලාට් වෙන්න මඩක් ගැහුවා. ලැජ්ජාව දෝතින් අරං අර ඇන්ටි දුන්න බත් පතත් කිහිලි ගන්නගෙන මාකොළින් බහින්න අන්තිම පඩියට බැස්සම බස් එක අයිනට කරලා නතර කළා. ඒ එක්කම නැග්ගේ කොමඩු පිඟානක් අතින් ගත්ත තරුණයෙක්. කොමඩු කොමඩූ..... කියමින් කොමඩු බෙදූ ඔහුගේ කොමඩු සංග්රාහයෙන් පසු අතුරු ආන්තරාවක් නැතිව මාකොළට සැපත් වුනත් ගෙදර යන්න පෙර, මගේ උදර රාජයා දුර ගමනක් යාමට සුහද ආරාධනයක් කළ නිසා බාප්පාගේ කඩයට ගොඩ වැදෙන්න සිද්ධ වුනා. කතා නොකර ම පැය භාගයක් කොමඩය මත දන්සැල් දුන් අයට ස්තුති කතාවක් හද පිරි බැතියෙව් මිමිණුවා. ඇත්තට ම ඉතිං මගේ බඩජාරි කමට ඒ අහිංසකයො මක්ක කොරන්න ද?? එළියට එද්දි පුංචි අම්මා පන්සලින් ඇමතුමක් දුන් බවත් ඉක්මණින් එහි යන ලෙසත් කිව්වා. “හවසට මෙතන දන්සැලටත් එන්න උදව් කරන්න” ඒකටත් හා කිව්වා මතකයි....
හෑ... හප්පේ දැන් ඉතිං යමන්කෝ... කල්ක ඇබින්දක්වත් බොන්න කලින් ම ඒ සැණින් ක්රිතයාත්මක කළ ජංගමයාට පන්සලින් ඇමතුමක් “හාමුදුරුවනේ මේ දැන් එනවා. අවසර” නමුත් එළියට බහින කොට ම මාකොළ බත් දන්සැල දැකලා මගේ ආමාශය නැවතත් කණු කුණු ගාන්න ගත්තා. එන පොට හොඳ නැති නිසා කවුරුත් දකින්න කලින් ම පන්සල් මාවතට වැටුණා. යද්දි කාණ්ඩෙ බැති ගීයට ගජරාමෙට වැඩ. එහි සංවිධාන කටයුතු වෙනුවෙන් සහය දුන් මම ඒ සියල්ල නිම කර ඇඳුමක් දමන් එන්නම් කියලා පන්සලින් ඇවිත් නා ගත්තා. කඩි මුඩියේ ඇඳුමක් දමා ගෙන බැති ගීයට ගිය මට සිදු වුනේ සංග්රිහ කමිටුව මෙහෙයවන්න. අපි බීම එකක් හැදුවා. නමුත් බොන මිනිස්සු ගැන දුක හිතෙන නිසා මං නම් කටේ වත් තිබ්බේ නෑ.... ඒ වැඩ හමාර කරලා දන්සැලටත් එන බව පොරොන්දු වූ නිසා එහි ගියා.
සඳ මෝල් වෙනවා. අපේ බාප්පලා, මාමලා. අප්පච්චිලා එක්ක හරි හරියට මල්ලාත් කෑම බෙදනවා. බාප්පා පෝලිම් නවත්වනවා. එහි බත්, කරවල, අඹ මාළුව, පරිප්පු, සලාද, පපඩම් තිබුණා. සලාදය මල්ලි බෙදනකොට කරවල බෙදීම භාර වුනේ අප්පච්චිට. ඒක හරිම සකසුරුවමින් කරන්න ඕන වැඩක්. අප්පච්චි ලෝභ නැතත් සකසුරුවම් නිසා පැය ගාණක් යනකම් කරවල වල අහේනියක් තිබුණේ නෑ. නමුත් සලාදය නම් රෑ දහය වෙද්දි ඉවරයි. අන්තිමට මං බෙදුවේ පරිප්පු. පුරුද්ද වැඩේට අමතර සුදුසුකමක් වුනා. අපේ සරසවියේ මංගල ඉලංගසිංහ ආචාර්යතුමාත් දන්සැලට සිය පවුල සමඟ පැමිණ සිටියා.
මේ සියල්ල සංවිධානය කළේ මාකොළ ජිල්ලා නම් තරුණ මහතෙක්. සියලු දන්සැල ඔහුගේ ධනයෙන් හා සීමිත දානපතීන්ගේ ආධාරයෙන්. කතා කළයුත්තේ මේ ජිල්ලා අන්කල් බෞද්ධයෙක් නොවීමයි. ඔවුන් අපේ පුංචිගේ කඩේට අසල්වැසි කඩයේ හිමිකරුවන්. කිතුණුවන් වුනත් ඔවුන් දන්සැල හරි අපූරුවට පැවැත්වූවා. අපි 12.30 විතර වෙනකම් කෑම දුන්නා. අන්තිමට දන්සැල නිමා කරලත් තියෙන හැටියට කන්න කැමැති පිරිසට එන්න කියලා කෑම දුන්නා. අප්පච්චි වෙනදා මේ වැඩ වලදි ඉක්මණින් ගෙදර යන්න කැමති වුනත් මේ දන්සැල නිමා වෙනකම් ම වගේ හිටියා. යන්කෝ.. කියලා මල්ලි කිව්ව ම කොහොමත් දැන් ගිහින් නිදාගන්න එකනේ කියලා ෂේප් වුනා.
පහුවෙනිදා බුද්ධාගමේ හැටියට බණක් කිව්වා. නමුත් දන්සැලට ගෙනා කෑම වැඩි වෙලා. හාල් මුට්ට, පරිප්පු, කරවල ඉතිරි වුන නිසා ඒවා වියළි සලාක හැටියට දෙන්න කතා වුනා. අන්තිමේදී ඒකටත් විශාල සෙනඟක් මාකොළ එකතු වෙලා හිටියා. මගේ හරි අපූරු පොසොන් සැමරුම් මේ විදියට නිමා වුනත් මෙදා පොසොන් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් ම බොදු කිතුණු එකමුතුවෙන් සංවිධානය වූ පොසොන් සැමරුම් වල අමුතුම කලාවක්, හැඩයක් සහ අලුත් බවක් තිබුණා. ඒකට මං හරි කැමතියි ;)
එන්න.... එන්න අපෙනුත් බත් කන්න
“අප්පා....මේ පාර මාද දන්සැල් තොගයක් නේ????” තැන තැන කතා වෙනවා මාත් අහගෙන. ඇත්තට ම පොසොන් එකය වඩා දන්සැල් වැඩි වෙලා ද අපේ ගමේ නම් එහෙමයි. පොසොන් නිවාඩුවට ගමේ යන්න යොදා ගෙන හිටියත් අන්තිම මොහොතේ ගමන අවලංගු කරන්න අපේ ප්රමවහන අධිකාරිය තීරණය කළ නිසා පොසොන් සමරන්න ගෙදර ඉන්න පුළුවන් වුනා. නමුත් එදා මං ගෙදර හිටියේ නා ගන්න ආපු ටිකට විතරයි. පොසොන් දා උදේ ම රාගමට යන්න වුනා. අතර මඟ දෙල්පේ හන්දිය හරියේ දී දවසේ පළමු දන්සැල මඤ්ඤොක්කා දන්සැලක් වැන්දා. එතනින් ම සව් දන්සැලක් වැඳ ගත්තා. උදේ කෑම ෂේප්. ඒ ගියේ අපේ ඥාතී නිවසකට එහි ගිය කාරිය කරගෙන නැවත එද්දි බත් කන්න වෙලාව ඇවිත්...
නුවර පාරේ අතර මඟ දන්සැල් කිහිපයක් තිබුණත් අපේ රියදුරු මස්සිනා කිරිබත්ගොඩින් දන්සැලක් වඳිමු කිව්ව නිසා අපිත් ඉවගෙන ආවා. තාමත් දොළහයි කාලයි. කන්න ඕනකමක් තිබුණා ම නොවෙයි. නමුත් අන්තිමේ දී කිරිබත්ගොඩ එක ම දන්සැලක් වත් නෑ.....!!! වෙන්න බෑනේ. යකෝ දුටුගැමුණු උන්නාසේ පස් දවසක් ම ස්ටෑන්ඩ් එකේ මහදන් දුන්නු හැටියට එකක් වත් තියෙන්න එපෑයැ. නමුත් කාරණේ ඇත්ත. තිබුණ එක ම දන්සැලත් අනූෂා මේමා සාප්පුවට නුදුරින් තිබුණත් ඒකත් රෑට. කාරි නෑ ගෙදර ගිහි න් ම කනවා කියලා හිතාගෙන ගෙදර යන්න හදද්දී අප්පුච්චා ඇමතුමක් දුන්නා. “පුතා තැඹිලිගස්මුල්ලේ දන්සැලේ අපි දැන් ඉන්නේ. ඔයාලත් මඟ නම් කාලා ම එන්න නැත්නම් දැන්ම ආවොත් අපි එක්ක කතෑකි!!” ඒ කියන්නේ ගෙදර ගියත් දවල්ට කෑම නෑ කියන එකනේ?? අපිත් තැඹිලිගස් මුල්ලට ම ආවා. ඒ අප්පච්චිගේ ගජයෙක්ගේ තැනක්. දුල්ෂාන් ෆැෂන් ආයතනයේ දන්සැලට කලින් හමුවුනේ බොදු කිතුනු එකමුතුව පවත්වන බත් දන්සැලක්. මගේ පාසල් ප්රේැමයක් එහි සිටි නිසා ඒ දන්සැලින් පළමුව කන්න මට හිතුනා. ඇය භක්තිමත් කිතුණියක්.
මචාට වදනක් දාලා ඒ දන්සැලට ගියපු මට ඈ උපරිම අන්දමින් සංග්ර්හ සත්කාර කළා. ඔය වෙලාවේ තවත් හෝල්ට් එකක් දුරින් ඉන්න ගෙදර උදවිය ගැන මතක් වෙච්චි නිසා ඇමතුමක් දුන්නා. “මල්ලා, ඉක්මණට වරෙන්. මෙන්න අක්කා බෙදාගෙනත් ඉන්නවා.” දැන් නම් ඉතිං යන්න ම ඕන. මං පාසල් ප්රේටමයට සමුදුන්නා. එහි සිටි බොහෝ දෙනා එසේ මයි. නමුත් කන්න ආපු බහුතරය සි.බු ඒ අතින් ඒ අය නත්තලට වඩා පොසොන් එකට දන් දෙනවා.
දැන් දන්සැල අංක දෙක. මං යද්දි ගේට්ටුවට ම අංගාරක්ෂකයෙක් හිටි නිසා ලෝර්ඩ් වගේ මං ගියා. අප්පා කස්ටිය පෝලිමේ... මේ දන්සැල හැමදාම නියම තත්ත්වය ආරක්ෂා කරමින් දෙන ග්රෑගන්ඩ් දන්සැලක් තවත් පේන දුරින් මං කිව්ව කිතුණු දන්සැල තිබුණත් වැඩි පිරිසක් හිටියේ මෙහෙන් කන්න බලාගෙන. ඇත්තට ම හරිම නිදහස් කන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි තරම් නමුත් ඔබට හිමිවන්නේ විනාඩි තිස්පහක පමණ කාලයක් පමණයි. පලතුරු, අයික්රීමම්, වැනි විවධ ආහාර එහි ඇති පදම් මං නම් පමණ දැන කාලා එළියට ආවා. අපි හෙමින් ගෙදර එන්න එන කොට දන්න කියන බුවෙක් පාරේ කොඩියක් වනනවා. අප්පට සිරි ඊළඟ හන්දිය ගල්පොත්ත හන්දියෙත් මහා බත් එකක්. “දැන් නම් කන් බෑ බොස්.... මේ කාලා එන ගමන්” කමක් නෑ අය්යා බැහැලා එන්ඩකෝ.... බලවත් පෙරැත්තය නිසා මට බහින්න ම වුනා. අන්තිමට කටක් දෙකක් කාලා මං යන්නම් කියලා පාරට බැස්සා.
කාලා වරෙන්කෝ දැන් මචාත්, ගියා බසුත් ෂුවර් නැති නිසා පයින්ම තවත් හෝල්ට් හතරක් විතර පදිනවා කියලා හිතාගෙන ඉස්සරහට එද්දි තවත් බත් දන්සැලක්. “ආනේ.... පුතා එන්න එන්න. අපෙනුත් කටක් කන්න” මේ දන්සැල තිබුණේ දිමුතු ලී මෝලට නුදුරින් පිහිටි ඉන්ධන පිරවුම්හලේ. මට නම් දැන් ඉස්මුරුත්තාවටත් එනවා. නමුත් නොකෑවොත් ඒ මිනිස්සුන්ට මදි කමක් නිසා කෑවා. “ආ.. මෙන්න ගෙදරටත් ගෙනියන්න..” න් නෑ.... ඇන්ටි මම... “කමක් නෑ පුතා ගෙනියන්න. හිත සතුටින් දෙන දේනේ...” ම්හ්....

බාගෙට පෑයූ පොසොන් පුරහඳ
වෙසක් නිම වෙලා මේ උදා වුනේ පොසොන් සමයයි. වෙසක් එකට තෙමඟුල සිහිකරන්න අපි උත්කර්ශවත් අන්දමින් කැම්පස් වහගත්ත නිසා නියමාකාරයෙන් විශ්ව විද්යාසලය තුළ වෙසක් සමරන්න අපිට බැරි වුනා. සාමාන්ය්යෙන් වෙසක් උත්සවේට කොහේ වුනත් ලංකාවේ බෞද්ධ ජනතාව අඩු තරමින් බල්බ් වැලක්වත් දමන්න අමතක කරන්නේ නෑ. ඒක සිරිතක්. තවත් කිව්වොත් කඨින පෙරහැර කාලෙට පෙරහැර යන මාවත් ආලෝකවත් කරන්න කියලා පන්සල නොකිව්වත් මිනිස්සු කැමැත්තෙන්ම ඒක කරනවා. ඒත් වෙසක් දවසේත් අපේ විශ්ව විද්යායලය තිබුනේ ගරාන්ත කලුවරේ.... ඔච්චර කියන පාලි හා බෞද්ධ අධ්යේයන අංශයේවත් කූඩුවක් තිබුණේ නෑ. නමුත් නිල වශයෙන් කැම්පස් වසා තිබූ නිසාත් සිසුන් ගමේ සිටි නිසාත් එසේ වූ බව කියමින් සමාවක් දෙන්න පුළුවන්. මගේ මතකය අනුව මෙවර හොඳින් ම වෙසක් සමරනු ලැබුවේ කොළඹ සරසවි සිසුන් විසින්. වීදී නාටක, කූඩු ප්රවදර්ශන මෙන්ම ශ්රලවණාගාරයේ නිමකර තිබූ UCSC යේ ඉලෙක්ට්රො නික් තොරණ හරි අපූරුයි.
පොසොන් උදාවත් සමඟ ම වෙසක් එකටත් හරියන්න පොසොන් සමරන්න අපේ කස්ටියටත් කල්පනා උනා. ලහි ලහියේ පොසොන් වැඩසටහනක් ක්රි්යාත්මක කළා. ඒක අපිටත් ටිකක් අමුතු අත්දැකීමක් වුනේ කවදාවත් පොසොන් සමරපු නැති විදියට අපේ කස්ටිය වැඩ කළ නිසා. මෙහිදී ජය පිරිත් දේශනයක්, ආලෝක පූජාවක් වගේ කටයුතු සංවිධානය කර තිබුණා. සිසු විරු දිනය විසි වනදාට යෙදී තිබුණ නිසා අපේ කාණ්ඩෙගේ මූඩ් පින් කරන්න තරම් තත්ත්වයක තිබුණේ නෑ. නමුත් ඊටත් හරියන්න විද්යා පීඨය විසින් සැලසුම් සහගත පොසොන් කලාපයක් ප්රතකාශ කර තිබුණා. නමුත් මේ සියල්ලේ අවසානයේ දී පොසොන් සිරියක් ගෙන තිබුණේ එකී විද්යා පීඨය පමණයි!!
අනිත් සියලු පීඨයන්හි මූසිල පාළුව ඒ ආකාරයෙන් ම රජකළා. අවම වශයෙන් වෙනම ගොඩනැඟිලි වන පුස්තකාලය වැනි ස්ථාන හෝ පොසොන් සිරියක් නොගැනීම තුළ මහ මුඩු ම කාලකණ්ණි ගතියක් පරිසරය ම වෙලා ගත්තා. හැබැයි අපි මග දිගට ම බෞද්ධ කොඩි දාලා බුදු පිළිමය ළඟත් සරසලා යන්තම් ජාමේ බේර ගත්තා. මේ නිසයි මෙදා පොසොන් සඳ කැලණිය විශ්ව විද්යාඩලයට බාගෙට පෑයූ බව මං කියන්නේ.... ඔබ එහි ගියා නම්, සරසවිය මැදින් දිවෙන පාරෙන් එක් පැත්තක විශාල වශයෙන් කූඩු සහ වෙසක් සැරසිලි දකින්න ලැබෙද්දී පාරෙන් අනිත් පැත්තේ ගොඩනැඟිලි තමන්ගේ නිරුවත නොවළහා හෙළිකරමින් පිසාච වේශයෙන් නැඟී සිටිනු දකිනු නොඅනුමානයි. මේ ගොඩනැඟිලි එහි අධ්යවයනය කරනවුන්ගේ දුප්පත් ආධ්යා ත්මයන් ද තතු සැටියෙන් හෙළි කරන බව කාටත් රහසක් නෙමෙයි....!!
වැඩි පිරිසකට නරඹන්නට අවස්ථාව නැති වූ, ඒ නමුත් සැලකිය යුතු උත්කරෂයකින්න් පැවැති සරසවි පොසොන් සැමරුම් සටහන ලියන්නයි මගේ සූදානම. දන්සැල් එහි මූලික අංගයක් වුනා. 22වන දින භික්ෂු සංගමයේ ඔසු පැන් දන්සැලක් පැවති අතර 23 දින සිසිල් පැන් දන්සලක් තිබුණා. කෝඩියල් පිරිනමන ලද එහි කෝප්ප දෙකක් ම බීලා දෙවන කෝප්පය තියද්දී ම සංවිධායක භික්ෂු නමක් තවත් එකක් අතේ තිබ්බා. අපි හැමදාට භික්ෂූන්ට දන් දෙනවා මිසක් භික්ෂූන් අපිට ගිලන්පස පිළිගන්වන්නේ නෑනේ?? අනේ ඉතිං, අපේ හාමුදුරුවනේ බෑ කියන්නේ කෝමෙයි කියලා තුන්වෙනි එකත් බීලා හනික සුනංගු නොවී වහංගු වුනේ තවත් හිටියොත් තවත් බොන්න වෙන නිසා. හැබැයි මේ දන්සැල සුපිරියට ම දුන්නා. අපේ තුන්වැනි දන්සැල තිබුණේ විද්යාත පීඨය ඉදිරියේ 24 වැනිදා සවස හතරට පටන් ගත් මෙය රෑ වන තෙක් ම දුන්නා. කස්ටිය සුප් හදපු හැටිත් කියන්න වටින වැඩේ. @$$%^^ සුප් එකේ එළවලු හේම වෙනම හැඳි වලින් තමා කෝප්ප වලට දාන්න වුනේ. ඒ වැඩේ කොච්චර සාර්ථක වුනා ද කිව්වොත් බීපු අපිට වඩා පිළිගන්වන්න යොදා ගත්ත මේසය එලවලු විශාල ප්රැමාණයකට වග කියා තිබුණා.
විද්යා පීඨ වෙසක් කලාපයට බැති ගී සරණියක්, කූඩු තරගයක් සුප් දන්සැලට අමතරව එකතු වී තිබුණා. බැති ගී සරණියට එක් සමාජ විද්යාක සිසුවියක් එක්වී සිටියා. සීමා මායිම් බිඳලමින් විද්යාත පීඨය සහ සන්ධාන ගත වූ ඇය රසායන විද්යාමර්ථියකුගේ බිරිඳක්. ශිෂ්යි ශිෂ්යාසවන් පණහක් පමණ එක් වී සිටි එහි ප්රසසිද්ධ බැති ගී දහයක් ගායනා කළා. “අනේ ඉතිං කී දෙකෙන්ගේ බාරියාවො ද?? නේ බං.... අපේ බුවෙක් හූල්ලන්න වුනා. ‘බුදු හාමුදුරුවො අපිත් දකින්නැති, දුර පෙනෙන තැනිතලා, මෙත්මල් පිබිදේවා, සිළුමිණි සෑය’ ඉන් කිහිපයක්. එක ම කතාව කළේ පීඨාධිපති නලින් ද සිල්වා. එතුමා සිංහල බෞද්ධ ජන සංගීතය ගැන කියා දුන්නා.
පසුව පැවති කූඩු ප්රතදර්ශනයත් වඩාත් සාර්ථකව පැවතියා. සියලු ම කූඩු 12ක් එහි ඇතුළත්. විශ්ව විද්යාේල ලාංඡනය ඉහළින් ම යෙදූ තරමක කූඩුවක්, උස නෙළුම් මල් සහිත කූඩුවක්, සුළඟින් කැරකෙන පැටව් කූඩුවක් මෙන්ම විද්යා්පීඨ පොකුණ, සහ ක්රීමඩාගාරය යන ස්ථාන වල ඇතුළත් කූඩු ද සියල්ලන්ගේ ම ආකර්ශනය දිනා ගත්තා. මේවා බොහෝමයක් කණ්ඩායම් මගින් කළ නිර්මාණ. ඔවුන්ගේ කැරකෙන කූඩුවේ වැඩ නම් ඒ වන විටත් නිම වී තිබුණේ නෑ.... තමන්ගේ කූඩුව ළඟ සිට ඡායාරූප ගන්නට ඔවුන් තුළ තිබුණේ තරගයක්. හැමදා ම එල්ලෙන විද්යාබපීඨ බල්බ් වැල එදාත් අල බැම්ම හෙළි කළා.
අවසානයේ රෑ වෙන්න කළියෙන් ම මටත් ගෙදර එන්න වුනේ පන්සලෙන් ඇමතුමක් ආ නිසා. ඔවුන් එදා ගත් පොසොන් අත්දැකීම අපිට විඳගන්න පුළුවන් වුනත් සක්රිනයව දායක වෙන්න බැරි වූ නිසා මට පුංචි දුකක් ඇති වුනා. නමුත් මටත් සුප් බෙදාදීමේ අභිමානවත් අවස්ථාවට දායක වෙන්න පුළුවන් වීම ගැන මං සතුටු වෙනවා...

Wednesday, June 23, 2010
දවසේ ආදරය
දැන් නම් යුනියේ රැග් සීසන් ඉවර වෙලා ලස්සන ලස්සන නංගිලා එහෙම එළියට පහළියට බහින කාලේ.... ගමේ වැල ගමේ කපුටන්ටයි කිව්වවත් ස්ථිර කොකු ඉන්න අයියලත් නංගිලට ඇල්ම බැල්ම දමමින් අනඟ රැඟුම් පානවා මේ දවස් වල නම් හරි සුලභ දසුනක්. සාධු සාධු මල් පිපියන්!! කිව්වලු. ඔන්න ඉතිං අපේ දන්න කියන මිත්ත රයෙකුටත් මේ පාරවත් කැම්පස් එකෙන් ම ගොඩ යන්න හිතිලා. මෑන්ස් මුලින් ම වැඩේට බැහැලා තියෙන්නේ ගහගෙන වහගන්නත් ඉස්සර. කුරුණෑගල පැත්තේ කොරියන් කරන නංගි කෙනෙක්ට සටහන් ටිකක් එහෙම දීලා අයියා ඉතිං ප්ර්ථමයෙන් පන්දුවට පහර දීලා තියෙනවා. අයියාගේ පිති හරඹය නුහුරට බව තේරුම් ගත්ත නඟාත් ආරක්ෂාකාරීව දඟ(ර) පන්දු හදවතේ කඩුල්ලෙන් එපිටට දමමින් නිපන්දු බවට පත් කරගන්න උපරිම උත්සහ අරං තියෙනවා. පස්සේ කතාවෙන් වැඩේ ජල්තර වුනා ම අපේ මෑන්ස් කෙටි පණිවිඩ මගින් සම්බන්ධතා පවත්වන්න ගත්තා.
කෙල්ලත් නිකා හිටියේ නෑ. කැම්පසුත් වහලා නිසා අපේ මැස්ටාට ටෙක්ස්ට් කරලා තියෙනවා. නිකම් මේ දුක සැප අහලා.... ‘ඉතිං කෝමද? ඔහාට වහිනවද??’ වගේ වල්පල් හසුන්.... නමුත් අද “කෙටිපණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී???” කියලා කෙනෙක් අහනවා!! ඔබ හිතන්නේ මෙහෙම අහන්න ඇත්තේ කවුරු කියලද?? ෂුවර් එකට කෙල්ල කැමති නෑ කියන්න ඇති?? එහෙම වුනා නම් එකක්.
කාලය ගෙවිලා යද්දි මුලින් කතා කරන්න බෑ කියපු කොරියන් කන්යා ව අපේ නරියට කොල් කරන්නත් පටන් ගෙන. දැන් ඉතිං මොබිටෙල්ලගේ කල්ල මරේ. ඔය අතරේ තමන්ගේ හිතේ තිබුණ අදහස පුරුෂ ධෛරිය අරං කියලා දැම්මලු. ඒත් කෙල්ල කිව්වේ “ඒ ගැන දැන් ම කියන්න බෑ. අපි කැම්පස් පටන් ගත්තට පස්සේ කතා කරමු කියලා විතරලු” පස්සේ කැම්පස් පටන් ගත්තම දෙන්න මුණ ගැහිලා. “නෑ මචං, ඒකිගේ ලයින් එකෙන් තේරෙනවා මට කැමතියි වගේ. දැන් මේ පොඩි රංගනයක් කරන්නේ.....” කියලා බුවා ෆුල් ත්රිගලෙන් හිටියා මතකයි. අන්තිමට පස්මහ බැලුම් බලලා, අපේ බුවා නිකමට වගේ කෙල්ලට මෙහෙම කිව්වලු. “ඔයා අර මං කියපු කතාවට මොකද කියනේනේ?” ආ...... මං අම්මටත් කිව්වා. ඒත් වයස තමයි ප්ර ශ්නේ. මං නම් ඉතිං........ (මෑන්ස් අපේ වසරේ වුනාට අවුරුද්දක් වැඩිමල්)
ඒ කතාව අහපුවාම සාමාන්යනයෙන් ඌ සතුටු වෙන්න එපැයි. නමුත් උනේ අනිත් පැත්ත. හවස් වරුවේ දේශන වලටවත් ඉන්නේ නැතිව මෑන්ස් කළින්ම චමරියට ගිහින් දහ අතේ කල්පනා කරලා. පස්සේ උදේ ඇවිත් කෙල්ලට කියලා ඌ ගැන තියෙන අදහස අත් ඇර ගන්න කියලා. දවල් කෑමට අපි සෙට් වුනා ම පොර සොම්නසින් කියනවා. “අඩා.... මං වෙන්නැති මචං පෙරුම් පුරලා කෙල්ල හා කිව්ව ම බෑ පහුවදා ම බෑ කියපු එක ම කොල්ලා....” හ්ම්.... මට උඹ ගැන ආඩම්බරයි පුතා.... තිත්ත කසාය රස කරමින් බොන අපේ එකෙක් කිව්වා.
ඇත්තටම මොකද බං වුනේ??..... “නෑ බං ඒකිට ගෙයක් අතුගාන්න බෑ...... කෑමක් උයන්න බෑ..... මෙලෝ කමකට නෑ. ඉතිං එහෙම බෑනේ බං. මං මේ හෙට අනිද්දා පාර්ලිමේන්තුවට යන්න ඉන්න එකා. මොකෝ කවදහරි ඒකිත් ඇමති ආර්යාවනේ??. හරි දැන් උඹ කොහොමද ඒ කෙල්ලට උයන්න බැරි බව දන්නේ?.. කතා කරද්දි මං වචනයක් දාලා අහගත්තා. දැන් ඒකද එකත්...
ඒත් මචං උඹට ගෙදරින් කතා කරපු කටයුත්තක් තියෙනවනේ??? ඔව් බං.. ඒකිව තමා බඳින්නේ දැන් මේ කෙහුරිට කැමතියි කිව්වේ මොන ඇන්නෑවකට ද? ඒ කැම්පස් එකේ කොක්ක කර ගන්නේ, ඒත් එහෙම කෙල්ලොත් එක්ක හිටියොත් මගේ ඔළුව කචල් වෙලයි නවතින්නේ.. අනේ විහිලුවටවත් මේ කැම්පස් එකෙන් තව කොකු නම් එපා.....!!
අපේ මිත්තපරයා පහුගිය දේවල් මතක් වෙලා ද කොහෙ ද කෑමත් අහවර කරලා නැඟී සිටියා. දැක්කනේ ගෑනු ළමයි බැරි උනත් උයන්න පුළුවන් කියන එක ඇඟට ගුණයි. මොකෝ බැන්දට පස්සේ උයන්න බෑ කියලා ලිහන්න යැයි?? හැබැයි මේ වගේ අන්ඩපාල කොල්ලෝ පුංචි උපායකින් පරීක්ෂා කරලා බැලුවොත් තමා වැඩේ. මං නම් හිතන්නේ අපේ මිත්ත්රයා කළින් ම වල්ගේ පාග ගත්තා...... කාරි නෑ. ගිය හකුරට නාඩන්නේ කියනවනේ!!

කැම්පස් ඊලම හිමි වූ වගයි.!!
කැලණිය විශ්ව විද්‍යාලය තුළ මෙතෙක් කලක් ප්‍රශ්න ඇති වූයේ තොරතුරු තාක්ෂණය නිසාවෙනි. එනම් පුංචි පුංචි යුද්ධ රාශියක් ඇති වූයේ සිසුන් තම මූලික අවශ්‍යතාවක් වූ පරිගණක විද්‍යාගාර ආශ්‍රිත කටයුතු සදහා විද්‍යා පීඨය වෙත යාම නිසාවෙනි. නමුත් දැන් තත්ත්වය සහමුලින් ම වෙනස් වී ඇති බව පෙනෙයි.
නව පරිගණක විද්‍යාගාරයක් විවෘතව ඇති අතර එහි එකවර පරිගණක 100ක් සදහා අවස්ථාව ලබා දිය හැකිය. නමුත් තවමත් නියමිත මෘදෘකාංග සංස්ථාපනය කර නොමැති බැවින් සියලු ම පරිගණක සිසුන් වෙනුවෙන් සේවා සපයන්නේ නැත.
පරිගණක 50 බැගින් අඩංගු වූ ප්‍රධාන ශාලා දෙකකින් මෙම විද්‍යාගාරය සමන්විත වී ඇත. තවද මෙහි එකී පර්ගණක ත්පත් කර ඇත්තේ ද මනා සැලසුමක් යටතේය. එනම් පරිගණක 10 බැගින් මුහුණට මුහුණලා පේළි දෙකක් වශයෙන් යොදා ඇති අතර සියලු ම පරිගණක එල්.සී.ඩී පුළුලු තිර වලින් සමන්විතය. වින්ඩෝස් එක්ස් පී මෙහෙයුම් පද්ධතිය වෙනුවට මෙහි ඇත්තේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියකි. තවද ගිගාබයිට් දෙකක රැම් රිතාවයකින් ද යුතුය. ඩෙල් පරිගණක සියයක් සමග අතරමං වන්නට කැමති ඔබට මෙය කදිම තැනකි.
සාමාන්‍යයෙන් සයස දොළහේ සිට එක දක්වා මෙම පරිගණක විද්‍යාගාරය වසා තබන්න්නේ ආහාර පැය වෙනුවෙනි. ඒ හැරෙන්නට සවස හතර දක්වා විවෘතව පවතී. මෙය සාමාන්‍ය සමාජ විද්‍යාපීඨ ගොඩනැගිලි වලට පරිබාහිරව පිහිටන නිසාත් නව ගොඉනැගිල්ලේ තුන්වන මහලේ පිහිටීම නිසාත් බොහෝ දෙනා පැමිණිනේන්නේ අඩුවෙනි. නමුත් එක්වරක් පැමිණි කල නැවත පැමිණෙන්නන් හේතුවෙන් සාමාන්‍යයෙන් සියලු ම ආසන පිරී යාම සාමාන්‍ය ස්වභාවයයි.
දැනට විද්‍යාපීඨයේ ඇති විද්‍යාගාරයේ වායු සමීකරණයට සාපේක්ෂව ගත්කල මෙහි වායු සමීකරණය අතිවිශිෂ්ට බව කිවහැකිය. පරිගණක 20ක එක් කාමරයක් සදහා සාමාන්‍ය ප5මාණයේ වායු සමීකරණ තුනක් යොදගෙන්නා අතර ඉන් ලබා දෙන සිසිලස හේතුවෙන් සිසුන් ගල් නොවී සිටින්නේ අපහසුවෙනි. ඉදින් යම් හෙයකින් ඔබ නව පරිගණක විද්‍යාගාරය වෙත යන්නට බලාපොරොත්තු වන්නේ නම් ස්වීටරයක් හෝ ජර්සියක් රැගෙන යාමට නිර්දේශ කරමි. දැනට මෙහි කිසිදු ආකාරයකින් ඔබගේ හැදුනුම්පත් පරීක්ෂා නොකරන අතර අවශ්‍ය සෑම විද්‍යාර්ථයෙකු වෙනුවෙන් ම සේවා සම්පාදනය කරන බැවින් විද්‍යාපීඨ මෙන්ම වාණිජ පීඨ විද්‍යාර්ථීන් වෙනුවෙන් ද දැනට අවස්ථාව හිමිව ඇත. වායුසමීකරණ ක්‍රියා නොකරන කල අමතර පවංකා සවිකර ඇති අතර පරිගණක 50ක එක් කාමරයක් සදහා පවන්කා හයක් ක්‍රියාත්මක කරයි. යුනිකෝඩ් තත්ත්වය ද ඉතා යහපත් වන අතර මා මෙම ලිපිය ලියන්නේ ද මෙම විද්‍යාගාරය තුළ සිට බව සැලකුව මනාය. මන්ද යත් ඔබ කැලණියේ අභ්‍යන්තර සිසුවකු වශයෙන් වරක් හෝ මෙහි ආ යුතු බැවින් මෙම කාරණය ඉතා ඉක්මණින් දැනුම් දෙන්නට මට සිත්වූ නිසාවෙනි.
අමතර පහසුකම් පිළිබද කතා කරන විට ප්‍රධාන විද්‍යාගාරයේ මෙන් නොව ඔබගේ මතක පෑන් පෙන් ඩ්‍රයිව්ස් ද කරදරයකින් තොරව සම්බන්ධ කර වැඩ කර ගත හැකිය. නමුත් විද්‍යාපීඨයේ මෙන් ඔබගේ ගමන් මලු තැබීම සදහා මෙතෙක් පහසුකම් සපයා නැත.
කරුණ මෙ නොවේ දැන් ඔබට වෙනම විද්‍යාගාරයක් ලැබී ඇති බැවින් කිසිදු සමාජ විද්‍යා සිසුවකු විද්‍යාපීඨයේ සිටිය යුතු නැත. ඊට නම් මින් පසු ඔබට අවසර ද ලැඛෙනු නැත. මෙම ෆෙඩරල් විසදුම තුළ තවත් එක් ඊලමක් වන්නේ එසේය

Friday, June 18, 2010
පැනෝරාමා Inside Story
පැනෝරාමා බලන්නට අපි අලුතාගේ මිත්තරා ඩීන් සහ තවත් අය එනකම් චාටරේ කාලා යන්න පිටත් වුනානේ. විවිධාකාර ගමන් මාර්ග ගැන තවත් සාකච්චා රාශියක් පවත්වලා අපි අන්තිමට කලා භවනට ආවා. එදා කන්ටේනරයක් පාළම උඩ පෙරළිලා දැන් යට තියෙන කන්ටේනර් පෙට්ටියෙන් ට්රේ ලරය උඩ තියෙන කන්ටේනරයට බඩු පටවනවා. “ඇයි මචං අර උඩ තියෙන එකෙන් යට එකට පටවන්නේ???” අපේ ප්රෞමඩ අහනවා. මෑන්ස්ට කොහොමත් පේන්නේ upside down යකෝ උඩ එකෙන් යට එකට නෙමේ යට එකෙන් උඩ එකට..... යට තියෙන්නේ accident වුන එක ගොඥා... ළඟපාත, කාරණේ පැහැදිලි කළා.
අන්තිමට විවෘත කරලා හැට පැයකින් පස්සේ අපිත් ගියා. ඩලස් අන්කල් එතකොටත් ප්රනදර්ශනේ බලනවා. තව බොහෝ අය එහි සිටියා. හැබැයි අපිට නියම කතාව හොයා ගන්න පුළුවන් වුනේ ඊට පහුවෙනිදා සෙනසුරාදා එතුමා හමුවුනාට පස්සේ. එදා අපිට ප්රනදර්ශනේ බලන්න යන්න ඕනකමක් තිබුණේ නෑ. නමුත් මාත් කොළඹ රස්තියක් දාපු නිසාත් අයිමැටේ කට්ටියත් කොළඹ සිටි නිසාත් අපි සෙට් වෙලා ප්රතදර්ශනේට ගියා.
“ඉතිං කොහොම ද ?” බොහොම සැහැල්ලු විදියට කතාව පටන් ගත්ත එතුමා පරි දර්ශන හෙවත් පැනෝරාමා ඡායාරූප තාක්ෂණය ගැන පහදා දුන්නා. සාමාන්යය විදියට ගන්න ඡායාරූප ෆොටෝෂොප් වලින් එඩිට් කළ හැටි, එහිදී මතුවන අභියෝග, ගත්ත මෙවලම් ගැන එහෙම අපූරුවට කියා දුන්නා. “මේක මැජික් එකක් නෙමෙයි” ඔහු හිනා වෙවී කිව්වා. ඒත් පියවි ඇසින් එක ම තලයක බලන්න බැරි සියල්ල මේ විදියට දැකීම අපිට නම් විශාල මැජික් එකක් තමා. තමන් සාර්ථක තැන් වගේ ම අසාර්ථක වුන තැන් පවා ශිෂ්ය.න්ට පෙන්වන්න තරම් ඔහු කාරුණික වුනා. පොළොන්නරුව හා දළදා මාළිගය වැනි ඡායාරූප වල සංස්කරණ දුෂ්කරතා මතුවූ ස්ථාන දක්වලා තාමත් ඒවා තියෙනවා කිව්වත් තේනුවර මහතා විසින් ම පෙන්වා දෙනකම් අපිට ඒවා අඳුන ගන්න බැරි වුනා. මං නම් මීට කළින් කිසිම වෘත්තිකයෙක් ඒ ආකාරයට කටයුතු කරනවා දැකලා නෑ. තමන් දෙයක් කරලා පොර වෙනවා මිසක් එය කළේ මෙහෙමයි කියලා අනිත් අයටත් අත්හදා බලන්න යැයි කියන්න තරම් නිහතමානී මිනිස්සු හරි අඩුයි.
මේ සෑම සේයා රුවකට ම අපූරු කතාවක් වගේ ම නිල අනුග්රානහකයෙකුත් ඉන්නවා. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා “මං ඡන්දෙ ඉවර වෙලා තමයි මේ වැඩේට බැස්සේ. මගේ වගකීමක් විදියට සලකලා සන්ධාන අපේක්ෂකයකුගේ නිල ඡායාරූප ශිල්පියා විදියට කටයුතු කළා. මාස ගණනක් මගේ ආයතනය Photo Company වහගෙන අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කළා. සමහරු මට කිව්වා ඔන්න කඩේ යනවා කියලා, නමුත් ඒ මගේ මතවාදය. ඉන් මං ලක්ෂ එකහමාරක් විතර උපයා ගත්තා. හැබැයි මේ වෙද්දි winning photographer කියලා නමක් හදාගන්න මට පුළුවන් වෙලා තියෙනවා. මොක ද මං ෆොටෝ ගහන්න තෝරා ගත්තොත් මේ වෙනකම් අපේක්ෂකයා දිනන නිසා.” මං කලිනුත් කිව්වනේ ඔහු වෘත්තිය ගෞරවය ඉහළින් සලකන්නෙක් කියලා!!
“මුලින් මං වෑන් එකේ ගියා. ඒක කරදරයි. මොක ද නවත්වන්න කියද්දි සීන් එක පහුවෙලා. ඊළඟට කාර් එකේ ෆොටෝ ගන්න ගියා. නමුත් මට වටපිට බලන්න බෑ. එළවන්න එපැයි! පස්සේ මං බයිසිකලේ ම ගියා. අර ඉසුරුමුණිය වගේ ඡායාරූප ගන්න ලේසි වුනා. ඒ විහාරගෙයි ටයිල් අල්ලලා තිබුණ නිසා. අපේ සමහර ඡායාරූප ශිල්පියොත් ෆොටෝ ගන්නේ ටයිල් ක්රපමේට. ටයිල් පහක් එහායින් ලයිට් තියලා, මනමාලි මැද හිටවලා ෆෝකස් කරනවා. ටයිල් නැති හෝල් එකක් නම් මිනිහා අමාරුවේ. නමුත් පොළොන්නරුවේ දී ඉරක් ඇඳන් හිතේ මිම්මෙන් ගන්න වුනා. ඔය කුරුණෑගල ඇතුගල ගනිද්දි දවල් දොළහයි. නමුත් අවුලක් ම නෑනේ නේද?”
මේ විදියට මේ දුෂ්කර ව්යාවයාමය පිළිබඳ අපූරු කතන්දර රැසක් කී ඔහු ඇතැම් සේයා රෑ සඳහා නැවතත් එහි යාමට වූ බවත් කිව්වා. අම්පාරෙන් පටන් ගත්ත ගමන කොළඹින් සාර්ථකව අවසන් කළ ෆොටෝ මස්තාන් කෙනෙක් ගැන ලියැවෙන මගේ සටහන නවත්වනවා. හොඳ අත්දැකීම් ගණනාවක් ප්රවදර්ශනයෙන් ලැබුණා. තවත් පුංචි කතාවක් තියෙනවා අපේ ෆැකල්ටියේ සර් කෙනෙකුත් කුරුවිට ඡායාරූපය දැකලා තුටු පහටු වුනා. එය මීට කළින් ෆේස් බුක් හි තේනුවර මහතා විසින් දැමූ සේයාරුවක්. “ඒ ෆොටෝ එකේ අතු දෙකක් තිබුණා. මං එදා comment කරලා ඒ අතු දෙක අස් කරන්න ඉන් අවහිර බවත් ඇස ඊට ඇදී යන බවත් කිව්වා. මට සතුටුයි අද එකක් අයින් කරලා. දැන් අපේ අවධානය කෙළින් ම භූ දර්ශනය වෙත යොමු වෙනවා.” සමහර විට මේ සිද්දිය අපේ ප්රිධාන චරිතයට මතකත් ඇති.

පැනෝරාමා

පැනෝරාමා, ඉන්ද්රිනාථ තේනුවර මහතාගේ තෙවන සේයාරූ දැක්ම පසුගිය දා කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වුනා. පට්ට වැඩේ. මං ඔහුව දන්නේ ඔහු ලියූ මඟුල් ගෙදර චාරිත්රත පොතේ කතුතුමා හැටියට. පස්සේ දවසක A to Z Photoshop නම් පොත අතට අහුවුනේ මහජන පුස්තකාලෙ දී. මං දන්න ඡායාරූප ගැනිල්ලක් නෑ. හැබැයි ඒ පොතේ පෙරවදන හරි ම රසවත් ‘පිං පෙත් සටහන’ කියලා නම් කරපු ඒ පෙරවදනේ මුල් ජේදය මෙසේ දැක්වෙනවා.
“අප ජීවත් වන්නේ ශ්රීඒ ලංකාවේ ය. මේ ශ්රීා ලංකාවේ නොයෙක් ආකාරයේ, නොයෙක් මට්ටමේ, විවිධ තරාතිරම්වල මිනිස්සු ජීවත් වෙති. මේ මිනිස්සු ජීවත් වීම සඳහා විවිධ රැකියාවන්හි යෙදෙති. විවිධ තනතුරු දරති. මේ බව දන්නා තවත් කොට්ටාසයක් මේ පොදු අරමුණ ම තමන්ගේ ජීවිකාව බවට පරිවර්තනය කොට ගනිති. මේ නිසා ම විවිධ කාල වකවානු වල විවිධ රැලි ලංකාව පුරා හමා යනු දැකිය හැකිය. මේ රැලි මුහුදේ රැලි තරම් සුන්දරද, රළු ද නොවේ. එහෙත් විටෙක එය කාන්තාර හරහා හමා යන වැලි කුණාටු තරම් භයංකර යැයි සිතෙන තරම් ය. මුහුදු රැල්ලට සේදෙන්නේ වැල්ල පමණය. භයානකව හමන මේ අලුත් රැලි බොහෝ විට මිනිස් චිත්ත සන්තානයේ ඇති අති සියුම් චිත්ත සංවේදනා ද ඒවා ප්රයකම්පනය වීමෙන් ඇතිවන්නාවූ නවත ම පරිකල්පනාවන්ගෙන් පරිපෝෂිත වූ නිර්මාණ ද සදාකාලිකව ම වැලි තලා යට සඟවා තබන්නට තරම් සැහැසි වෙයි. ”
- ඉන්ද්රනනාථ තේනුවර, පෙරවදන A to Z Photoshop –
මේ විදියට ලංකාවේ රැලි ගැන හරි අපූරු විස්තරයක් කරන කතුතුමා රැකෝඩ් බාර් රැල්ල, ඡායාරූප ශාලා - පොත්කඩ -ෆාමසි රැල්ල, පොටරි පේන්ට් රැල්ල, චීන හෝටල රැල්ල, කොමිනිකේෂන් රැල්ල, සහ අවසාන වශයෙන් පරිගණක ආශ්රිසත ව්යා,පාර හෙවත් කොම්පියුටර් කෝර්ස් රැල්ල ආදී ලංකා ඉතිහාසය තුළ වානිජ වශයෙන් බලපවත්නා ලද සියලු රැලි සම්බන්ධයෙන් කෙටි විග්රකහයක් සිදුකරයි. එදා කියවූ පෙරවදන මට නැවත කියවන්නට සිදුවන්නේ ජනසන්නිවේදන නිබන්ධනයකට අදාලව ‘ජනප්රිකය සංස්කෘතික ප්රිවණතා’ නමින් කළ අධ්යනයන කටයුත්තකටය. නොදැනුවත්ව හෝ දැනුවත්ව එදා ප්රකකට ඡායාරෑප ශිල්පියා අතින් ලියැවී ඇත්තේ ලංකාවේ ජනප්රියය සංස්කෘතියේ සමකාලීන නියෝජනයන්ගේ විවිධාකාර මුහුණුවරය.
එනමුත් ඔහුගේ මූලික අධ්යාසෂය එය නොවීය. ඉහත කී විවිධ රැලි මගින් සමාජ අවශ්යතතාවයට වඩා සැපයුමක් නිර්මාණය කිරීමට යාමෙන් බොහෝ රැලි නිමා වූ බව ඔහු කියයි. නිදසුන් ලෙස මනාලියන්ට වඩා හැඩලන්වන්නන් සිටීම දැක්වේ. මිල කඩා වැටීම හමුවේ උක්ත රැලි ආශ්රි ත සේවාවන් තරගයට මුහුණ පෑමෙන් ඒවායේ වෘත්තිමය පිළිගැනීම නැති වීමේ ප්රඩතිඵල ලෙස අඩු මිලට සේවා සැපයීමෙන් ගෞරවනීය කලාව තුට්ටු දෙකට විකුණා දමන බව ද කියයි. තම වෘත්තිය වන ඡායාරෑප කලාව ද එවන් අභාග්ය් සම්පන්න ඉරණමක් අත් කරගෙන ඇති අතර ඩිජිටල් ඡායාරූප සංස්කාරකවරු මගින් මුද්ර ණය කිරීම ඡායාරෑප රසායනාගාරයට භාර දුන් විට අමු අමුවේ ම කොල්ල කන බව ද කියා සිටී. එහි යම් සත්යයතාවයක් නැතුවා ම නොවේ. නමුත් අභීතව තම වෘත්තියේ වුව ද අසාධාරණ අකටයුතුකම් දැක්වීමට තරම් ඔහු දැක්වූ නිර්භීතභාවය අගය කරමි.
එතැන් පටන් ඉන්ද්රානාථ තේනුවර යනු කවුරුදැයි විමසන්නට මා පෙළඹෙන්නේ ඔහුගේ රචනාවන් නිසාවෙනි. ආධුනික කැමරාකරුවකුට නම් ඔහුගෙන් සොරාගත යුතු ශිල්ප ඥානය බොහෝ වුව ද මා එවැන්නෙක් නොවන නිසා සද්භාවයෙන් ඔහුගෙන් සොරා ගත්තේ වචන පමණකි. ඉනිදු ‘පුරප්පට්ටුව’ යන වදන මා විසින් නියමාකාරයෙන් ම සොරා ගත් වදනකි. About me යන්න ඔහු විසින් විස්තර කරන්නේ පුරප්පට්ටුව යන ශීර්ෂය යටතේ ය.
යමක් පිළිබඳ ගවේශනය කර ලියන්නට ඔහු රුසියෙකි. පළමු පොත වන මඟුල් ගෙදර සිරිත් විරිත් ඒ බව මනාව පසක් කරයි. තේනුවර මහතා එහි ද අවසානයේ සංකර, විකාරූපී, වාණිජවාදී චාරිත්රව මහ ඉහළින් ගරු කිරීමේ පරාභව චින්තනය මුළිනුපුටා දැමීමට කාලය එළඹ ඇති බවත් සරණ මංගල්ය හරහා ‘අපේ කම’ විඳීමට අවස්ථාවක් සලසා දිය යුතු බවත් ලියයි. නමුත් දැනටත් විදේශගතව සිට විවාහය සඳහා මෙහි පැමිණෙන තරුණ මනාල භවතුන් පැරණි චාරිත්රි එලෙස ම ඉටු කිරීමේ යුහුසුළු වනු දැකිය හැකිය. මා එසේ කියන්නේ එවැනි අතිශය සංවිධානාත්මක ප්ර්දර්ශනාත්මක මංගල්යේක් සඳහා සහභාගී වී ඇති හෙයිනි. මේ සියල් සිරිත් ඉටු කිරීමට හතර වරිගයේ නෑයින් විශාල ප්රලමාණයක් අවශ්යයයය. විශේෂයෙන් ම මාමාවරුන් සහ මස්සිනාවරුන්ට ඇති රාජකාරී බොහෝය.
කාරණාව එය නොවේ. තෙල් වලං ලිප තැබීම, කඩුලු බුලත් දීම, කඩුලු තහංචි කැඩීම ආදී වැළළී ගිය සිරිත් රැසක් ඒ මංගල්යහයේ දී දුටු නිසා මා එහි සංවිධායක මා මිතුරන්ගෙන් ඒ පිළිබඳ විමසූවිට පැරණි පත පොත කියවාගත් දැනුමෙන් සියල්ල සංවිධානය කළ බවත්, සියල්ලන්ට මංගල්යනට කලියෙන් තමන් කළ යුතු රාජකාරී කියා දුන් හෙයින් අවුලකින් තොරව කටයුතු සංවිධානය වූ බව මිතුරා කීය. තොරතුරු ලබා ගත් පොත පත විමසූ විට ඉන්ද්රලනාථ මහතාගේ මඟුල් ගෙදර චාරිත්රා පොත ද කියැවිණි. ඔහු ලියා පළ කළ පොත අතීතය යළි ප්රසතිනිර්මාණය කිරීමට යොදා ගත් බව එහි කතුවරයා නොදන්නවා ඇත. නමුත් එය එසේ විය. ඡායාරූප ශිල්පියකු නොවිනි නම් ගවේෂණාත්මක රචකයකු වනු ඇතැයි මා සිතන්නේ එනිසා ය.
Subscribe to:
Posts (Atom)