ඇවරිතුමා
තම දිර්ග කාලීන බ්ලොගින් මෞනය බිඳින්න තෝරාගත්තේ 2018 අවසාන මාසය. රටේ වෙන ජින්ජිබිරානා
එක්ක ඇවරිතුමාට විශාල වශයෙන් වැඩ රාජකාරි සෙට් වීමත්, අලුත් කොන්ත්‍රාත්තු අලුත්
මිනිස්සු එක්ක පරණ වෙමින් පැහෙන එතුමාගේ බුද්ධි මණ්ඩලයට වද දීම හැරෙන්නට වෙනත්
වැදගත් යමක් කරන්නට අවස්ථාවක් ලැබුණෙ නෑ.
හැබැයි
අද පාන්දරින් ඇවරිතුමා දැකපු පින්තූරයක් නිසා මෞනය බිඳින්න කාලය හරි කියලා හිතුනා.
පින්තූරෙ විස්තරේ මේමයි.
මේ
ඉන්නේ ප්‍රසාද් අලුත්වත්ත මහතා බව දන්නවා ඇතිනේ. එතුමාගේ මංගල්‍ය වෙනුවෙන් සුබ
පැතීමේ සලාදයක් ලියන්නයි ඇවරි කම්පනා කළේ. ඇත්තටම සැමරුම් බර ගාණක් ඇවරිතුමා
පහුකළා පහුගිය කාලෙ. ඒක නම් සමාව දිය නොහැකි මට්ටමේ වරදක්.
අපේ
කස්ටියගේ ගෙට් එකෙන් පටාන් ගත්තා ම ඇවරිගේ මිතුරියක වූ දිනුකා කත්‍රිආරච්චි
මැතිනියගේ වෙඩිම, ඇමැන්ඩියන්ගේ වෙඩිම, ඩිල්රුක්ෂි පුඩිමගේ වෙඩිම, අරවින්ද
හඳසියපත්ගේ පුත්‍ර රත්නයේ දොරට වැඩුම, ඇවරිගේ චැරිටි නාටක, ගැබිණි මාතා හරසර ප්‍රණාම
ආදී බොහෝ පෝස්ට් ප්‍රමාණයක් මඟ හැරීම ඉතා ම දුක්ඛ දායක තත්ත්වයක්. වැඩ වැඩි
වීමටත් වඩා ඇවරි එක වැඩක් අල්ලගෙන මාස හතරක් විතර හිටිය එක තමා කළේ.
ඒ
මහා දුෂ්කර ප්‍රයාමය වූයේ ඇවරිතුමූ ම වර්ග අඩි තුන්දහස් පන්සීයක් විතර තනිව පොටි
ඇද තීන්ත ගෑම. බොහෝ හෙමින් හෙමින් තනිව පලංචි දමා ගනිමින් ඉතා ම ඉවසීමෙන් ඇවරිතුමා
කරපු ඒ ඩයි ප්‍රොජෙක්ට් එක දැන් අහවරයි. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
කියනවනේ.. ඉතිං අපිත් අලුත් දේවල් කරන්න ඕන. බැහැයි කියලා දෙයක් නෑ. දැන් කොච්චර
පොටි ඇද පේන්ට් කිරීමේ ප්‍රවීණයි ද කිව්වොත් අපි පිට කොන්ත්‍රාත්තු හිටන් බාර ගෙන
කරලා දෙනවා. දාර සයිස් පොටි මික්සර්, හැමර් ඩ්‍රිල්, ස්ප්‍රේ මැෂින් වලින් වැඩ
කරන්න ඇත්තට ම ආසයි. අනික හරිම පහසුයි. අපි පැය දොළහක් පහළොවක් දවසකට වැඩ කළා. සති
අන්තයන්ගේ පමණක්. ඒ දුෂ්කර ව්‍රත සමාදානයන් අතරේ ඇවරිතුමා සුපුරුදු පින්කම්
අටෝරාසියකුත් කරගත් බව කියන්ට ඕනෑ.
ප්‍රස්තුත
කාරණාව අලුතානේ. අලුතාව අවසාන වතාවට දැක්කේ අරාගෙ වෙඩිමෙද කොහේද. ඇවරිට වඩාත්
හොඳින් මතක අලුතාගේ බෝඩිම හෙවත් ග්‍රීන්ලන්තය. දිප්පිටිගොඩ පාරේ මුල්ලකට වෙන්න
බොහොම ප්‍රකට පාලු භූත බංගලාවක් වගේ තිබුණ ඒ බෝඩිම කැම්පස් කාලෙ අපිටත් සෑහෙන්න
සෙවණක් දුන්නා. අලුතා ඒකේ තද රතු පාටයි නිල් පාටයි බිත්ති දෙකක ගාලා ස්ටුඩියෝ
ලුක්ස් එකක් දීලා තිබුණා. මුල් කාලීනව ප්‍රෞඩ බුවනෙක මහතාගේ කවර්ස් රෙකෝඩින් කළේ ඒ
බෝඩිමේ. වින්ඩෝස් වෙනුවට ලිනක්ස් අත්හදා බැලුවේ. ෆේස් බුක් ආගම වුනේ. බ්ලොග්
ලියන්න පටාන් ගත්තේ ඒ කාලෙ 2008/09 වගේ. ඇවරි ආස ම වුනේ අලුතාගේ එඩිටින් වැඩවලට. ඒ
කාලෙ දැනට වඩා ඇවරිතුමා රැඩිකල්. දැන් සෑහෙන්න සීතල වුනාට. පොඩි සිද්ධියක් වුනත්
වෙන විදියකට බලලා ලියන්න පුළුවන්කම තිබුණා. ඒක මහ ගොබ්බ තර්කයක් වෙන්න පුළුවන්.
අපේ අලුතා හිටියේ ඒ තර්කවලට අයිසින් තවරලා මහා දාර්ශනික නැඹුරුවක් ඇති කරන්න. ඉතිං
අපේ ඈයින්ට පැය ගාණක් වාද කරගන්න ඒ ප්ලොට් එක ඇති.
අලූ
කරපු සමහර ආර්ට් වර්ක්ස් ඇවරිතුමා තාමත් ප්‍රවේශම් කරගෙන තියාගෙන ඉන්නවා. අර
ඔක්ෂිජන් මාස්ක් එකක් නහයට දාගත්තු එන්ඩමික්ස් ට්‍රේඩ් මාර්ක් එක. ඩේන්ජර්, ඩූ
නොට් එන්ටර් කියලා ඇවරිගේ කාමරේ උඩ ගහලා තියෙන ආර්ට් වර්ක් එක. අවුල් බස්සා ලෝගෝ
එක, පිළිකුත්තුව චැලෙන්ජ්හි සියලු ආර්ට් වර්ක්ස්, වගේ ම ඇවරිගේ මූණත් තහඩුව දාලා
කරපු පර්සනලයිස්ඩ් ආර්ට් වර්ක්ස් අම්බානක් ඇවරිතුමා ඩිජිටල් හැටියටත්, ප්‍රින්ට්ස්
හැටියටත් සංරක්ෂණය කරලා තියෙනවා. මොකද ඒවායේ කර්තෘතුමාට ඒවායේ සතපහක වටිනාකමක්
නැති බව ඇවරිතුමා ඉන්තේරුවෙන් ම දන්නවා.
ෆොටෝ
මැනිපියුලේෂන් කලාවේත් ප්‍රාමාණික උගතෙක් වන අලුතා මහතා ඇවරිතුමාට පැය ගාණක් බලන්
ඉන්න පුළුවන් ඡායාරූප විශාල ප්‍රමාණයක් කරවලා තියෙනවා. එහෙම එකතුකරගත්තු විශාල ප්‍රමාණයක්
කර්තෘ භාග නැතුව ම ප්‍රින්ට් කරවන්නත් ඇවරි කටයුතු කළේ ඒ මිනිස්සු ගැන මතක තියෙන්න
ඕන නිසා. අටවක කෘ එකේ හැමෝගෙම ඡායාරූප ඇවරිතුමා ළඟ සුරැකිව තියෙනවා. අද මොන
මතවාදයන් දැරුවත් ඒ මිනිස්සු එදා හිතපු විදිය, ඒ අයගේ අදහස් සෑහෙන්න නිර්මාණශීලීයි.
කොටුවෙන් පිට පනින්න ඒ අය සැදී පැහැදී හිටි බව කියන්න ඕන.
මේ
ටික මෙහෙම ලිව්වෙ අලුතා ගැන ප්‍රශස්ති ගයන්න නෙමෙයි. මොකද මේවා පොරට නොවටිනා බව
ඇවරිතුමා අත්දැකීමෙන් දන්නවා. හැබැයි මාව වෙනස් කරපු, සංවාදීමය වශයෙන් අවදි කරපු ඒ
නිර්මාණශීලී තරුණයාගේ ජයමංගල්‍ය වෙනුවෙන් සටහනක් තැබීම, මතක මංපෙත ඔස්සේ යළි
ඇවදීමේ අතීත කාමයක් අවදි කළ නිසා ලියන්න හිතුනා. ඒ දැරිවි සෙව්වන්දිත් අපිට බොහෝ
තැනදි හමුවෙලා තියෙනවා. ඒකේ හොඳ ම කතාව දැන් සෙව් තමා යතුර. ෂී ඉස් ද කෝඩ්
බේබි. ගොඩක් දෙනා සෙව්වන්දිගෙන් හරි අලුතාව හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
නමුත් ඒක විය නොහැක්කක් මිත්‍රවරුනි. මොකද අලුතා තමුන්ගේ රිදම් එකට ලෝකය නටවන
මිනිහෙක් මිසක් ලෝකෙ ගහන පදේට නටන මිනිහෙක් නෙමෙයි. හෙට ඉඳන් අනේ සෙව්වන්දිගෙත්
ෆෝන් ඕෆ් කියලා ඔබ කිව්වොත් ඇවරිතුමාට හිනා යන්නෙ කොහෙන්ද කියලා හිතාගන්න පුළුවන්
නෙව. කොයි හැටි වෙතත් මේ යුවතිපතීන් දෙපළට ඇවරිතුමා සලාදයේ හදපිරි ශුභාශිංසන
පිරිනමනවා.
පහතින්
තියෙන්නේ අලුතාගේ ඇවරිතුමා කැමතිම සහ අකමැතිම දේවල්...
ඔයාලත්
බලලා හරි නම් කමෙන්ට් කරන්න.
* කැමතිම
ඇඳුම - අත්දිග කමිසයක් නවලා අඳිනවට (එතකොට නියම ප්‍රොපා ලුක් එකක් එනවා. කණ්ණාඩි
එක්ක)
* අකමැතිම
ඇඳුම - ලකයක් නැති ටී ෂර්ට් එක. (රස්ති පාට උපරිමයි. ඊටත් වඩා කෙයාලස් ගතිය
වැඩියෙන් පේනවා. හැබැයි ඒ මෑන්ස්ගේ කැමතිම ඇඳුම.)
* පාවහන්
- දාන්නෙම කැන්වස් සපත්තු හැබැයි කොහේ ගැලෙව්වත් ගඳක් එන්නැති එක පුදුමයි. අලුතා
සපත්තු වලට වඩා මේස් ගැන සැලකිලිමත්. ඒක එහෙමයි.
* කොණ්ඩෙ
- දන්න කාලෙක ඉදන් පිළිවෙලට තිබිලා ම නෑ. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.
* කැමතිම
වචන කණ්ඩය - පොර මොනව හරි කියන ගමන්... මේ ඉතිං ඒක නෙමෙයි කියලා කතාව හරවනවා. ඒ
කියන්නේ එයා වැඩේට බහින්නයි හදන්නේ. හැබැයි ඒ වචන ටික එන්නේ පැය ගාණකට පස්සේ....
* කැමතිම
පුරුද්ද - ඩෙඩ්ලයින් වලට වැඩ නොකිරීම සහ කෙටි ක්‍රම සොයා ගැනීම
තව
ගොඩක් තියෙනවා ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කරන්න බැරිව මිසක්. ලොල්
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....