Tuesday, October 1, 2013

දාන හිට්ස්.. පළමු උල්ලාසය

පසුගිය දවස්වල ඇවරිගේ මුත්තණුවන්ගේ දානය යෙදී තිබුණු බව හැමෝම දන්නවා ඇති නොවැ.සුපුරුදු පරිදි රාජකාරිය අහවර කරල ලැවිනියාවෙන් කොට්ටාව බසයට ගොඩවුනාට මොක ද පිළියන්දලට ආවම ලංගම ෂටල් සර්විස් එකකට මාරු වෙන්න සිදු වුනා. කොට්ටාව හන්දියට ඇවිත් බෝගහ පේන මානයට වෙ
චෙෆ් ඈවර විතාන ඉන් ඇක්ෂන්
ලා හීතල සුළඟට මුහු වෙන්න සින්දුවක් මුමුණන අතරේ ඇවරිගේ කළුබෙරිය නාද වුනා. අනේ නලින මට ටිපි ටිප් පැකට් එකක් ඕන. තව මගට කන්න මොනවා ගත්තොත් හොඳ වෙයි නේ...?? දඩයක් දඩයක් ලොල්. අනේ ඉතිං නෑනච්චිගේ ආසවනේ කියලා ලාෆ් සුපර් මාර්කට්ටුවට ගොඩ වෙලා හපන්න ජාති ටිකක් ගත්තා.

දැන් අපි දක්ෂිණ අධිවේගී මාර්ගයේ. ඇතුලට දැම්මත් හරි නා කපනා වැස්ස. ඔය වැස්ස විනාඩි විස්සක් තියෙන්නෑ. කීයක් ඔට්ටු ද? මොක ද මුල් විනාඩි දහයෙන් අපි පළවෙනි සමෝච්ච රේඛා කලාපය පහු කරනවා. ඒකටත් වැස්සොත් වැඩේ අවුල්. ළඟදි ඩිග්රිය ගත්තු ජෙයොග්‍රොපා ප්‍රොපා ටෝකක් දුන්නා. මෑන්ස්ට අනුව හයිවේ එකේ එහෙම සමෝච්ච රේඛා කලාප හයක් විතර තියේලු. හූනෝස් කියාගෙන අපිත් දුර ඇදුනා.

හයිවේ එකේ හුවමාරු වලදී ඇත්තටම වාහන හරි මිනිස්සු හරි හුවමාරු වෙනවා කියලා හිතාන මේ හැටට හැටේ පාගල යන වාහනේ ඉදිරි අසුනේ ම හිඳිමින් ‘අනේ ටිකක් ස්ලෝ කරන්න ඒයි.... ඔය ඉස්සරහ හුවමාරුවක් කියලා තිබුණේ.. කියාපු සබරගමුවේ මිණි කැටයක් වගේ ම හයිවේ දෙපස භූ දර්ශන බලමින් සැපට වායුසමීකරණය කළ පැජරෝවේ යද්දි “ෂා මේ පළාත ලස්සනයි වගේ ම දේශගුණේත් හරි සනීපයි නේ.“ කියපු ඔස්තාර් කෙනෙක් ගැනත් කතාවක් වාර්තා වෙලා තිබුණා.     
කොහොමින් කොහොම හරි අපි කුරුදුගහට ළං වුනාය කියමුකෝ. දැන් දානයට අදාළ සාමාන්‍ය වැඩ පිළිවෙළ ගැන කස්ටිය කතිකාවක.
හෙඩ් ඔෆ් ද ෆ්රුට් සැලඩ්

දැන් අපි යද්දි බණ අහවර වෙලා කස්ටිය කකා ඇති. රෑට සින්දු කියලා වල් පල් කතා කර කර හිටියොත් තොපි ඔක්කොම නැගිටිද්දි හෙට දවල් වේවි. ඔන්න ඒ වෙනකොට උදේ කෑමට තිබුණ කැකුළු බතුයි, කිරි හොදියි, කට්ට සම්බෝලෙයි ඉවරයි. ශාන්ති පුංචි අපිට බැන බැන පොල් සම්බෝලයක් හදන් ඇවිත් හැමෝටම අනලා කවාවි. දවල් වුනා ම චූටි මාම ඉස්කෝලෙන් ඩෙස් බංකු ටික ගේන්න කොල්ලන්ව පිටත් කරාවි. ඔය අතරේ පතිරගේ මාම ( ඇවරිගේ පියාණන්) පලතුරු ටික කපන්න හොයාවි. ඉතිරි පළතුරු ටිකෙන් සැලඩ් හදන්න අණ කරාවි. වස්තු පුංචි එන අමුත්තන්ට මේසය හදන්න චූටාට (ඇවරිගේ සහෝදරතුමා) පවරාවි. ආදී වශයෙන් එක් එක් පාත්‍රයන්ගේ ජවනිකා මෙනෙහි කිරීම එහි දී සිදු වුනා. අපේ දිගු දාන ඉතිහාසය තුළ දැන් ඒ ඒ වැඩට විශේෂ ප්‍රාගුන්‍ය ලද පිරිසක් නිර්මාණය වෙලා තියෙන නිසා දැන් හැමෝට ම එය පුරුද්දක් වෙලා. ඇවරිගේ පියාණන් පලතුරු අංශයේ චීෆ් වගේ ම හෙඩ් ඔෆ් ද ෆ්රුට් සැලඩ්. අප්පච්චිගේ පුෂ් එකට අපි හදන පළතුරු සලාදය කවදාමත් අපිට කන්න ඉතුරු වෙන්නේ ම නෑ. එච්චරට ඩිමාන්ඩ්. හැබැයි හදන ආකාරය සියැසින් දැක්කොත් කවුරුත් කටේ තියන්නෙත් නෑ හරිය.
එදා දානයේ මැක්ස් හිට් එක වුනේ රාත්තිරියේ පැවති බයිට් සාදය. අපි සාලයේ පැදුර දාගෙන දහ අටේ කල්ලියේ එකිනෙකාගේ රීරි මාංස උන්ගේ ම ඇඟේ තියා කපා ගැනීමයි මේ තීරයේ සිදු වුනේ. මේ දිනවල අලුත පෙම් පළහිලව් පටන් ගත්තු කෝඩුකාර ආදර අන්දර වගේ ම දැන් ළමයි ඉන්න අයියලා අක්කලාගෙත් කිල්ලෝටගත ප්‍රේම ජවනිකා වේදිකාගත වන අවස්ථාවයි එහි එළඹ තිබුණේ.

සූටාගේ සාටරය
වැඩි අවධානය කෝඩුකාරයන්ට කිව්වනේ. එතැන හිට්ම කතාව මේ දිනවල බොහෝ ජනප්‍රිය ඇවරිගේ සහෝදර පරාණය. හැමෝ ම ආදරේට ඔහුට කියන්නෙ සූටා කියලයි. මේ සූටාගේ සාටරය. 
සූටා මහතා අතිනත ගත දැරිවිය කැලණි වි.විද්‍යාල ශිෂ්‍යාවක්. ඇගේ බරසාර බෑගයත් ඔසවාගෙන කැලණි කන්ද නගිනාකාරය අපේ බාප්පත් පුංචත් සියැසින් දුටු නිසා ඒ ජවනිකාව ජයා ද මෑන්ස් (ජයතිලක බාප්පු) විසින් රඟ දැක්වීමයි මුල් ම කටගැස්ම. “මුං ජිම් ගිහින් ඇඟ හදාගෙන කෙල්ලන්ට බෑග් උස්සනවා. මේ.....න් මෙහෙම යන්නේ. අර බර අඩි තිය තිය ආමස්ට්‍රෝන්ග් හඳේ ගියා වගේ.....“ ජොනතන් ජයා චරිතාංග නළුවෙක් වගේ රඟපාලා පෙන්නද්දි කට්ටිය බඩ අල්ලන් හිනාව.        
අපේ මල්ලා හොඳට ඇඟපත තියෙන හාදයනේ. ඉතිං දවසක් යුනි ගියාම අර නඟාගෙ යාළුවො මරු කතාවක් හදලා අපේ නෑදෑ වෙන ආචාර්ය සමන් මහතාට මෙහෙම රෙකමදාරුවක් දීලා තියෙනවා. “සර්... අර කෙල්ලගේ ගමේ කොල්ලා අද කැම්පස් ආවනේ.... කොණ්ඩේ රැලි කරපු. මේන් මෙහෙම ඇඟ තියෙන (පපුව පුම්බමින්) හයේ හතරේ පොරක්.“ කොහොම හරි ගමේ වැල, ගමේ කපුටන්ට කියලා කතාවක් තියෙන නිසා අපේ මෑන්ස්ටත් කැම්පස් කොල්ලන්ගෙන් තගක් ආවලු. මිනිහා බීච් පාර්ටි එකක් දාලා වැඩේ ෂේප් කරගත්තා කියලයි කියවෙන්නේ.

අර නඟාත් මහ ගෙවල් කිට්ටුව නිසා අපේ මලයා නිතර අම්බලන්ගොඩ එවෙනවා. දැන් ගමේ බස්වල කොන්දො අපේ මල්ලිගේ බුදු බොකවල්ලු. පළවෙනි දවසේ දන්නැති කමට රුපියල් පණහක් දීලා දැන් හැමදාම පණහේ ඉතුරු ඉල්ලන්නැති නිසා මෑන්ස් වී.අයී.පී වෙලාලු. ඕන්න බලපං පුතේ ගමේ අපට නැති සැලකිලිනේ මූට ලැබෙන්නේ කියලා ධර්මසිරි මාමත් මලයාව චොප්ප චෝ.... කරලා දාපි.
එයා ෆේස්බුක් නෑනේ....?

කවදත් නිහඬ චරිතයක් වුන විසංකා තමා මීළඟ කටගැස්ම වුනේ. ඇයම විසින් විදින ලද කරුණු කිහිපයකින් ගොඩ නඟන ලද කතාව මේ මෙහෙමයි. තවමත් අම්මා ලවා හුරතලේට බත් කවා ගනිද්දි අපේ ලොකු අක්කා කීවලු “දැන් ඔහොම කවාගෙන බෑ නංගි, උයලා කවන්නත් කෙනෙක් හොයා ගන්න වෙයි කියලා.“ ඉතිං එයා මට කවනවනේ.... කියලා දැරිවි ගත් කටටම කීවලු. ෂෙරිනි නංගිට මෙහෙම දුස්රාවක් දැම්මම වෙන්න බෑ එයා ෆේස්බුක් නෑනේ.... කියලා කිව්වලු.

 කාටත් බයිට් දාන භාත්කණ්ඩේ හෙවත් පමිද චාටර් වුනේ අවමගුලේ නිල වීඩියෝ සංස්කරණය අතර තුර එස්. එම්. එස් කොටන්න ගිහින්. පොර අදාළ දැරිවිගේ හැටියට පෙන්වන හැම ඡායාරූපයක ම අඩුම තරමේ දෙතුන්දෙනෙක් ඉන්න නිසා, හැමෝ ම හරි කෙනා කවුද කියලා අහනවා. “මේ කෙල්ල තනියම පොටෝවලට  ඉන්න කැමති නෑනේ බං.“ කියලා ජාමේ බේරගත්තාට අවසානයේ ඒ පොටෝ එක ක්රොප් කරලා පෙන්නන්න පොරට සිද්ද වුනා.


ඔය අතරේ හීනියට කහට වඩියක් කැරකුනා. හාල්මැස්සන් ඔළු කැඩීමේ ජාතික ව්‍යාපාරයට සහය පළ කරන හැටියට ඉල්ලා සිටිමින් බින්දු අම්මා (ඇවරිගේ ලොකු නැන්දා) සීන් එකට එන්ටර් වෙන්නේ මේ වෙලාවෙ. කස්ටිය මේ දහ අටට අඩු ඇත්තිගෙන් විනෝද සමයට බාධාවක් වෙයි කියලා මුලින් බර බරයක් දැම්මත් පස්සෙ හරි ආදරයෙන් ඈ එක් කරගත්තා. “අප්පා හාල් මැස්සො අල්ලන්න මට නං බෑ. දැන් නාල ආව විතරයි. බවලතෙක් නාහෙන් අ‍ඬන්න තියා ගත්තා ම ඔයා වගේ ම මුනුත් ඇති වෙන්න ලුණු වතුරෙන් නාල ඉන්නේ රත්තරං මූදෙනේ හිටියේ.... කියලා චමිත අයියා ඒ වැඩේට තමන්ගේ හුවමාරු නෝනවත් හවුල් කරගත්තා.   

1 comment:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....