දාන හිට්ස් පළමු කොටසින් ඇවරිට සෑහෙන්න ගල් මුල් ප්‍රහාර පැමිණි බව කියන්න
ඉතා ම සතුටුයි. මේ ගල් මුල් සියල්ලත් වැඩියෙ දුර ඈතකින් නොව පවුල තුළින් ම පැමිණීම
ගැන පුද්ගලිකව ම සතුටු වෙනවා. ඒ වගේ ම පුංචලාගෙ කඩේ දී එහි යන එන පිරිස් විසින්
‘ආ... දානෙට ගිහින් ඉව්වලු නේද?‘ ආදී වශයෙන් දුන් ලයිව් කම්ප්ලිමෙන්ට්ස් ටිකක්
එම්බැරසින්ග් වුනත් හොඳයි. ලොකු ම තර්ජන මෙන් ම හොඳ ම ප්‍රතිචාර හිමිවුනේ ඇවරිගේ
ඥාතී පිරිසගෙන්. ඉතින් නොපැහැදුණුවන් පැහැදීම පිණිසත් පැහැදුණුවන්ගේ පැහැදීම වැඩි
කරනු පිණිසත් මෙවර දාන හිට්ස් දෙවන කළාපය ලියා පළ කරන්න ඇවරි තීරණය කළා.
පහුගිය සතියේ අපි නතර කළේ ඇවරිගේ නැන්දණිය පොඩිහිටියන්ගේ කතාවට සම්බන්ධ වීම
සමඟින් කියලා යන්තමට නිච්චියක් ඇවරිට තියෙනවා. හරිහැටි පැහැදිලි කිරීමක් නැතත් ඇයට
නැන්දා නොව බින්දු අම්මා විදියට ඇමතීම ඇවරි කුඩා කල සිට කළ දෙයක්. බින්දු අම්මා
කතාවට සම්බන්ධ වුනත් කතාව ඇදිලා ගියා. අනේ ඉතිං අපේ කස්ටියට සවුක්යක් නැති හින්ද ම
බින්දු අම්මා සම්බන්ධ යාන්ස් කිහිපයකුත් මේ අතතරේ ඇදිලා ආවා. අද මිත්තණියක් වන
සිරිමා අල්විස් වෛද්‍යතුමිය පිළිබඳ මේ යාන්ස් එක සභාගත කළේ චමිත අයියා විසින්.
කොළඹට ඇතුල්වන වාහන පරීක්ෂා කරන දිනයක වාහන පරීක්ෂාවේ හිටි තරුණ හමුදා නිලධාරියා
ඇවරිගේ මාමාව හඳුනාගෙන ආ ඩොක්ටර්ව මට මතකයි කියලා බින්දු අම්මා අසුන්ගෙන සිටි
පැත්තෙ කවුළුවෙන් ඔළුව දාලා ඔහුට කිව්වලු. බින්දු අම්මට ඒක ඇහිලා තියෙන්නේ
‘ඩොක්ටර්ට මාව මතකද?‘ කියලා. ඉතිං ඈ ගත් කටට ම අනේ නෑනේ පුතා? කොයි කාලෙ ද
මගෙන් බෙහෙත් ගත්තේ? බොරැල්ලේ ඉද්දි ද? ආදී වශයෙන් ප්‍රශ්න මාලාවක් තරුණ හමුදා
නිලධාරියාට යොමු කරගෙන ගියාලු. ඔහුට කාරණේ වැටහුණ නිසා ‘ආ මැඩමුත් ඩොක්ටර් කෙනෙක්
ද? මං හිතුවේ සර් විතරයි‘ කියලා කියාගෙන වාහනයට යන්න අවසර දුන්නලු.
තව දවසක් මාමා සිය පවුල සමඟින් අවුටින් පාරක් ගියා ම කස්ටියව බුෆේ එකකට
ගෙනිහින් තියෙනවා. “ආනේ මෙයා හොරා වගේ කලින් ම ඇවිල්ලා අපිට කෑම බෙදවලත් තියලා
කියලා බින්දු අම්මා ආදරෙන් මාමා දිහා බලලා කීවලු. බුෆේ කියන්නේ එහෙමයි කියලා ඈට
වැටහීමක් තිබුණෙ නැතිලු??? මෙහෙම ජෝගි කතාන්දර නිසා ඇයත් අපේ ගානට ම වැටෙන්න වැඩි
වෙලාවක් ගියේ නෑ.
ඊළඟ කතාව මධ්‍යකාලීන ප්‍රේමාපසල්ලාපයක් ගැන අපේ ලොකු අක්කා කියූ කතාවක්. ඇය
අපි දාහත් දෙනාගෙන් ලොකු ම අක්කා. වැඩිමහල් අක්කලා තුන් කට්ටුව ඒ කියන්නේ ලොකු
අක්කා, වැලි අක්කා සහ ඇල් අක්කා හරියට තණ්හා, රතී, රඟා වගේ. වැලීට වැලි අක්කා
කියන්නේ ඔවුන් කාලයක් වැලිමඩ පදිංචි වී සිටි නිසා. ඇල්ට ඒ නම ලැබුණේ ඇය
ඇල්පිටියේ නිසා. මේ තුන්දෙනාට ආදරේ වැඩි වුනාම බේබි කියලත් කතා කෙරෙනවා. ලොකු
බේබි, වැලි බේබි, ඇල්බේබි තුන්දෙනා ම කරන තරමක් කරලා තියෙන්නේ දහදුරා වැඩ. ජංගි
කොටේ පිටින් පස්ස පැත්තට රතු වෙනකම් ඉරටු පාරවල් නොකාපු දවස් නැති තරම් කියලයි
වාර්තා වෙන්නේ. ඕං එකමත්එක කාලෙක මේ තුන්දෙනා තත්කාලීන පෙම්වතුන් එක්ක කිතුල්ගල
ගියාලු. ඒ වැහි දවසේ චාරිකාව අහවර කරලා ඇල්පිටි අක්කා බස්සන්න එද්දි ඇගේ සහෝදර
පරාණය විසකිත බුවා පුබුදු මාවත ළඟ කුඩේකුත් තියාන ඉන්නවලු. ඒ දැක්ක විතරයි ඇල්
අක්කි හරවන්න හරවන්න මල්ලී... කියාගෙන බෙරිහන් දෙන්න තියා ගත්තලු. අනේ ඉතිං යූ
ටර්න් එකක් හේම ගහලා, බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගිහින් වාහනේ නතර කළා ම මේ ඉබ්බි “හා
දැන් මට යතෑකි. හරියට බස් එකෙන් බැහැලා එනවා වගේ නේ...? කියාගෙන යන්න ගියාලු. “ඉතිං
බං කිව්වනම් ටිකක් ඈතින් නවත්තන්න තිබුණනේ. අපේ ගෑනිටත් පිස්සු නේ හැබෑට ම?“ උපුල්
අයියා නොමනාපයෙන් කියද්දි ‘ඇයි මෝඩයෝ ඇල්පිටියෙ බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙ පිටිගල
පාරෙ ද? මේ මොන ගොන් වස්සෙක් ද? කියලා ලොකු අක්කා කියාපි. දැන් තේරෙනවනේ ජෝඩුව එදා
ඉඳන් ම ජාඩියට-මූඩිය කියලා කීව ම කස්ටියට ආයෙත් හිනා.
තව පාරක් ලොකු අක්කාගෙ විසි එක්වැනි උපන් දින සාදයට ආරාධනා ලද උපුල් අයියාට
නොසිතූ විරූ අලකලංචියකට මුහුණ දෙන්න වුනා. ඒ දවස් වල ඇවරි පොඩි වයසේ දී එහේට දැන්
මාධ්‍ය ලෝකෙ බල්ටි ගහන ගොඩක් අය අව
ගියා. ආනන්ද විසාකා කස්ටියනේ. කිංග්ස්ලි අයියා, ගාමින්ද අයියා, විදුර අයියා, රඛිත
අයියා, ප්‍රණීතා අක්කා ආදි බොහෝ දෙනා අක්කලාගේ හොඳ යාළුවෝ. මේ අය සන්නස්ගලගේ සිංහල
පන්ති සගයෝ. ඒ දවස්වල සන්නස්ගල මගේ ගුරුතුමා බංකු පණහක් විතර තියෙන ශාලාවක අක්කලාට
උගන්වනවා ඇවරිට මතකයි. ඒත් හරියට ම සන්නස්ගල මගේ ගුරුතුමා වෙන්නේ ඊට අවුරුදු හතකට
විතර පස්සේ ළමයි දාහකට හමාරකට උගන්වද්දියි. ගෙදර සන්නස්ගල සර්ගෙ ඇති මුල් කාලෙ
සේයා රූ එක්ක මං ඒ ලෙවල් රොටරි පන්තියේ දී හැබැහින් දැක්ක මනුස්සයා මහ ම මහ
නාකියෙක් කියන්න පුළුවන්.
අතීත කාරණා වලින් නැවතත් පුරුදු යාන්ස් එකට. සාදය අතරේ උඩ තට්ටුවට වැඩිහිටි
පිරිසක් සෙට් වෙන්න එද්දි මාමත් ඒ එක්ක ඇවිත් තියෙනවා. බය වුන පාරට එක හාදයෙක් අඹ
ගහෙන් බිමට බහින්න හදලා. අපේ උපුල් අයියා පිස්සු ද අපි දොරෙන් ආවනම් දොරෙන් ම යමු
කියලා පොර ටෝකක් දීලා වැඩිහිටියන් හා කතාවට සෙට් වුනාලු. ආ අංකල් සෙට් වෙන්න වගේ
නේ.. කියලා මාමලත් එකක් හොඳින් කතා කරලා කෑම හේමත් කාල ආයෙත් එන්න පුතා කියලා නිල
ආරාධනාවත් බාරගෙන බොහොම ගවුරව සම්ප්‍රයුක්ත විදියට එදා ගෙදර ගියාලු. බලාන ගියාම
එහෙම නිර්භීත රෝමියෝලත් අපේ පවුලේ ඉඳලා තියෙනවා.
ඒ කතාව අහන් හිටපු වස්තු පුංචි අප්පා ඕව මොනවද මං අයි. සී. යූ ඉද්දි
දෙන්නටයි බලන්න දුන්නේ. ජේ. කුලරත්න (ඇවරිගෙ බාප්පා) තාත්ත එන්න කලින් හැමදාම බලලා
ගිහිල්ලා. තාත්තා මගෙන් අහන්නේ ‘ඈ දරුවො කුලරත්න බාප්පා හැමදාම එනවැයි?‘ ආ වැඩපොල
මේ ළඟ නිසා එනවා ඇති. මං එනකම් ඉන්නෑ නොවැ??? කෑම පැයේ දිනේ එන්නේ තාත්තේ කියනවා ඇරෙන්න
මොකෝ ජේ.කුලරත්නගෙ පුතා එනවැයි කියන්නයැ??
ඇගේ යාන්ස් එකත් මරු. බලාන ගියා ම මේ ඔක්කොම පෝරක හතෙන් පැනලා පොල්පිති
හතක් කඩාපු මාර ජල්තර් කස්ටිය තමා.
මේ මතක සඣ්ඣායනාව අතරේ ඇවරිට පැවරුණු වැඩය වුනේ පිරිකර එතීම. මෙවර පිරිකරට
මදුරු දැල් ලබා දීම නිසා ඒවා එතීම සෑහෙන්න අමාරු වුනා. අපි ඒ වෙහෙසකර කටයුත්තේ
නිග්මන් වෙද්දි චමිත බුවාගේ ගෝත්රික චාරිත්රයක් නිසා යාන්ස් සභාව යුගාන්ත වාතයෙන්
ඇළලී ගියා. අපේ චුමීට ටයිමින් තියලා පැඩීමේ නිසඟ හැකියාවක් ඇති බව කියන්න ඕන.
ඔන්න, ඔන්න කියලා අවසාන තත්පරේට වාතය මුදා හැරියා ම ඉතිං වසලා හමාරයි. අන්තිමේ දී
අපි නිදා ගද්දි පාන්දර තුනට විතර ඇති.
උදේ පාන්දරින් ඇවරිගේ පියතුමා ඇවරිස් අවදි කළේ දාන කළමනා සූදානම් කරන්න
කියාගෙන. එතුමා කලින් කී පරිදි පලතුරු අංශාධිපති නිසා වැඩේට එන්ටර් වෙලා තිබුණා.
මෙදා පලතුරු නොකපා අලුත් ටෙක්නොලොජි එකක් හඳුන්වා දෙන්න ඇවරිගේ පියතුමා ගත්ත
උත්සාහය ගැන බොහෝ දෙනා අගය කළා. අපි සාංගික කළාට හාමුදුරුවන්ට පලතුරු වළඳන්න වෙලා
නෑනේ අන්තිමට ඔක්කොම එක පාර්සලේට දැම්මම චුරු වෙලා කන්නත් බෑ. ඊට හොඳයි පළතුරු
වට්ටියක් ගෙඩි පිටින් ම පූජා කිරීම අර දෙයියන්ට කරනා වගේ. අපි පලතුරු පෙට්ටි පිටින්
ගේන නිසා ඒක අමාරු නෑ කියලා කොළඹින් ම ගෙනියපු වට්ටිවලට පළතුරු අහුරලා කහ පාට
සෙලෝපේන් කොළයකින් ආවරණය කරලා හැන්ඩි පැක් එකක් හැදුවා. පූජ කරන්න වැඩිම තරගයක්
තිබුණේ පිරිකර නෙවෙයි. මේ පලතුරු වට්ටි ටික. කස්ටිය නම් කිව්වෙ අප්පච්චි
කම්මැලිකමට ෂෝර්ට්කට් එකක් හොයා ගෙන කියලයි. හැබැයි මේ වැඩේ අමාරුව දන්නේ ඇවරි
කොලූ ම තමා. මොකෝ සියල්ල පැක් කළේ මා නෙව. ඒත් පුතා මේ ක්‍රමේ වැරදියි. සාංඝික
කරවලා දාන දුන්න ම හාමුදුරුවො ඇති තරම මෙතන දි වළදන්න ඕන. ආයෙ පන්සලට ගෙනිහින්
වළදන්න ගෙනියන එක විනය විරෝධීයි. නමුත් විලාසිතාව මේකනේ. අනික සාංඝික කරපුව වළඳන්න
හොඳනෑ කියලා පුහු මතයකුත් තියනවනේ. කියලා අප්පච්චිම කතාව අහවර කළා.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....