
ඒ අපි සිල්ගන්න කාලෙ. දැන් පොෂ් විදියට සිල්ගනිද්දි සියල්ල ස්වයං සේවා වෙලා. හැබැයි මෙදා සැරේ අපි බෝඩ් ලෑල්ලක් නොදා හරි ම කාරුණික විදියට මේම කිව්වා.... දැන් මේ උපාසක උපාසිකාවන් පහළ ධර්මශාලාවෙ සකස් කර තිබෙන හීල් දානය පිළිගැනීම සඳහා පිඟන් කෝප්ප ගෙන පෙළගැසී ගමන් කරන්න... කිව්ව විතරයි පාන් පෝලිම වගේ පෝලිම.. නෑ කලබලයක් නෑ හැමෝට ම දානෙ තියෙනවා. යළිත් කියවුනා. ඒකත් හාය කියමුකෝ දැන් කස්ටිය පෝලිමේ එනවා. අපේ අය දානෙත් බෙදනවා. වැඩේ පිළිවෙලයි.... අලංකාරයි... උත්කෘෂ්ටයි. දැන් බෙදාගෙන අහවර අය වළඳන්න තැන් හොයනවා. මළළසේකරයි.... වළඳන්න ආයෙත් උඩට යන්න ඕන. ප්‍රධාන සංවිධායක තුමන්ලා මේක සිල්ඇත්තන්ට පුංචි පිණ්ඩපාත ට්‍රයල් එකක් කියලා ජාමෙ බේරගත්තා. නෑ ඉතිං බුදුන්ට හැමදාම පිඩුසිඟා වැඩලා වළඳන්න පුළුවන් වුනා නම් සිල් අරං ඇයි අපට බැරි??? සමහරු එහෙමත් කිව්වා. හැමදා ම මේ ඉල්ලංකාවෙ ඉන්න අපිට මේවාත් මොනා ද? දානෙ මදි නම් තමන් ම ඇවිත් බෙදා ගත යුතු වුනා. අපේ සංවිධායකතුමා නම් කීවෙ බුදුන් ලද දෙයින් සතුටු වුනා මිසක් දවසට දෙපාරක් පිණ්ඩපාතෙ ගියේ නෑ කියලයි.
වෙසක් දවසෙ සිල් ඇත්තන්ට දන් පිළිගැන්නුවෙ ඒ හැටියට.පිළිගැන්නුවා කියන්න ම බැරි නිසා සිල්ඇත්තන්ට දන් පිළිගන්න වුනේ ඒ විදියට කියලා ලියන්නම්.හැබැයි තව අවුරුද්දකින් දෙකකින් දවල් දානෙත් බුෆේ දෙන්න පටන් ගනියි ද මන්දා??????
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....