ඇත්තට ම මෙදා සැරේ සම්බුද්ධත්ව ජයන්ති 2600 තේරෙන්න වැඩක් කරන්න වුනේ නෑ. අයියගෙ වෙඩින් මඟුල ආපු නිසා ඇවරිට වැඩ ටිකක් වැඩි වුනා. හැබැයි ඇවරිට සතුටු වෙන්න පුළුවන් දන්සැල් දෙකකට ම සහභාගී වුනා. ඇවරිගෙ ගමේ මාකොළ වෙසක් කළාපයට වැඩ කරන්න පුළුවන් වුනා. ඒ නිසා සතුටුයි.හරියට ම කතන්දර ටික මතක් කළොත් වෙඩින් මඟුල තිබ්බෙ 16 වැනිදා. පහුවදා තමා වෙසක් පොහොය මං වෙඩිම අහවර කොරලා ආපු ගමන් පන්සලට ගියා. පන්සලේ එදා ප්‍රසිද්ධ හිමිනමකගේ බණක්. දඹුළු ආව එකේ තලගොයිත් මරන් යනව කියල හිතාන ධර්ම ශාලාවට පීපීන්ග් පාරක් දැම්ම. ඇඟිල්ලක් ගහන්න බැරි වෙන්න සූගාල තිහ හතලිහක් බණ අහනවා. ඒ මදිවට දොරකඩ ම මං දන්න කියන භද්‍රාවක් මූණ ඇඹුල් කරගෙන. කොතන වුනත් නැත කුසලෙට බාධා කියලා ඇගෙන් ඉඟියෙන් මොකද කියලා ඇහැව්වා. අංගනාවත් ළඟට ම ඇවිදින් කොඳුරන්න තියා ගත්තා. මොනාද අප්පා මේ බණ???
ඇයි බණ නම් බිණීම හෙවත් කීමනේ මෙයා....දැන් ඔය යස අපූරුවට හාන්දුරුවො වදාළන්නෙ?? වදාළනවා තමා.... ඈ මූණ පුළුටු කරගත්තා.
මේ මොකෑ ඔයා අද කොටට ඇඳලත් නෑනේ??? ඇවරිටත් ඕන්නැති මුරිච්චියක් නෑ කියනවනේ??? කෙහෙල්මල මං කිව්වෙ මේ බණ ගැන??? මං කිව්වෙත් බණ ගැන තමා…… දේශකයාණෝ කොට ඇඳුමට විරුද්ධයි කියලා ඇවරි දන්නවා. බැරි වෙලාවත් මේ ජෙකරමයිට් එකට එළියෙන් ඉන්න කිව්ව ද දන්නෑනේ???
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....