අපේ සම්බන්ධීකරණ නිලධාරීනී හිරන්ති සුදේශිකා මෙයගේ උපන් දිනය පහුගියදා යෙදී තිබුණා. අපි සේරට ම බලු කපුටු දානයක් දීලා සෙත් ශාන්තියක් කරගන්න හිරාට ඕනකමක් තිබුණා. හැබයි ඇවරි සුනඛ රාජට ඒ ඉරිදාවෙ දහම් පාසල්. දන් ගොට්ටක් අපරාදෙ නිසාත් ඇවරිට නොදී දානය සුනඛාංගික නොවන නිසාත් වරුවෙන් හරි දනට වඩින්න කියලා නියම කරල තිබුණා.
ඒත් හිරාලගෙ ගෙදර තියෙන යාගොඩ හද්දා පිටිසර මාර්ගයේ බස් යන්නෙ පැය දෙකකට එකයි. ඇවරි ඉතිං දිවත් දොට්ට දාගෙන කෙළ හළාන යද්දි යාගොඩ පාරෙ යන පතුල පේන ලදරම් බස් කට්ට මංගච්චලා තිබුණා. අන්කල් උතුමාට පින් සිද්ද වෙන්න මං දාන ගෙදර යද්දි එන්නෑ කියපු අරා හේම කලින් ම වැඩලා?? අපේ අලුත් සුකුමාටත් ඇවිත් හිටියා. සෝටකුත් ඇඳන් නිකන් හරියට කැලෑ ජෝන් වගේ ආපු අලුතා කෙටි දුර ධාවකයෙක් ලෙසින් පෙනුනත් කැම්පස් එකටත් එහෙම එන්න තිබුණන නම් හොඳා කියලා මෑන්ස්ට හිතුනලු. “ඇත්තට ම බං අපි කොල්ලො සෝටක් ඇඳලා යුනි ආවොත් කොහොම තියෙයි ද?” අන්න වැඩේ. කොහොම තියෙයි ද කියලා බලන්නත් එක්ක උඹ සෝටක් ඇඳන් වරෙන්. හැබැයි අපේ නම් කියන්න එපා. බකට් එකට කළින් ඉඳන් ම ටී-ෂර්ට් ඇඳලා, කැන්වස් දාලා හිපා වගේ බය නැතුව ආපු අපේ අලුතට ඕකත් කජ්ජක් නොවෙන නිසා අපි කතාව නැවැත්තුවා. බැරි වෙලාවත් මේ යෝදයා සෝටක් ඇඳන් කැම්පස් ආවොත්???
කස්ටිය ම දැන් කෑම මේසේ. චිලී කලින් දා එහේ හිටපු නිසා බලු නොවටින කට්ලිස් වගයක් බැදලා තිබුණා. අනේ අපි නම් ඉතිං දානයක් නිසා කෑවා. නැත්නම් අර චිලී සහ යානි එකමුතු පුඩිම සහ වතුරේ දියකළ සෙට් ජෙලි එක දිවක් තියෙන මෙලෝ ප්රාණියෙක් නොකන බව සහතික කරලා කියතෑකි. මං නම් ගියේ ම දන් ගොට්ට පිළිගන්ගන්න. අපරාදෙ කියන්න බෑ මං එනකම් අපේ බුවාලාට සුදා ගින්දර ඉවසන්න වුනා.
කෑමෙන් පස්සෙ බැඩ්මින්ටන් තරගත් නැගලා ගියා. මුලින් ම තරගයේ ඉදිරියෙන් සිටි ඇවරි පරද්දන්න යානිට පුළුවන් වුනා. අක්කට පැරදුනාට පස්සෙ කෙල්ලෙක්ට පැරදුනා ම යි. ෂික් හේම නවනිංගිරාවක්??? අර යාගොඩ ගම්පහ බුස්එකේ සෙනඟට බලාන ඉද්දි ඇඳිවත පිටින් ම බිම පෙරළීම ගැන නම් අපි මුකුත් ලියන්නෑ. අපි පුංචි වෙල් සංචාරයක් දාන්න ගියා. ඒ වෙල ළඟ නියම සුළං කපොල්ලක් තිබුණා. නාන්න නැති වීම ගැන නම් ඇවරි හිටියෙ එච්චර සතුටින් නෙමෙයි!!! දන්නවනේ ඇවාට කොහේ ගියත් නාන්න ඕන. අපි අර මාලිගාතැන්නෙ ගිහිල්ලා චෛත්‍ය ළඟ තියෙන ලිදෙනුත් නාලා නේ ආවෙ?
වෙපේ හිටිඅම්බරු රැළට පුංචි චැටක් දාගෙන ඉඩදීලා, කල දුටු කල වළ ඉහගන්න දස්ස යානි, අපේ කැම්පස් ගොන් බාන දාලා වරුවක් හාගන්න ප්ලෑනක් දැම්මා. ඒත් එක්ක ම වෙලෙන් මෙහා පැත්තෙ හිටිය ගොන් බානෙ පුංචි වහු පැටියෙක් පාරෙන් එහා පැත්තෙ වෙලේ ඉන්නව දැකලා කට්ටියට ම සත්ව කරුණාවක් පහළ වුන නිසා ප්ලෑන හබක් උනා. නැත්නම් හාලම තමා එන්නෙ.”මේ වෙල මැදින් තමා අපි ඉස්සර ඉක්කෝලෙ යන්නෙ. ඕලු ඇට කකා ගෙදර එන්නෙ. යානි වැලි කෙළියේ සිද්ධි ෆ්ලෑෂ්බෑක් කළා.” අපි එන කොට යාගොඩ මහ වන්නියක් කියන්න සාධක ගණනාවක් ක්ලෝසා එකතු කරලා දුන්නා. අර මුහුදු මාළු කතාවයි, ගංකුකුල් මස් කතාවයි ඒ දෙක. අන්තිමේ දී යාගොඩ වන්නිකරයේ සිට සාමාන්‍ය ලෝකයට ධාවනය වන අවසාන බස් රථයේ නැඟිලා අපි ගෙදේ ආවා.
උඹ කන්නාඩිත් දානවද බං? රැවුලත් වවලද? අරවින්දත් යාලුවෙක්ද? ඉකොන් කරනවද?
ReplyDelete