Friday, January 14, 2011

මාවතේ අපි....

කාලෙකින් රෑ වෙලා ගෙදර යන්න වැඩක් වැටු‍ණේ නැති නිසා හරිම අපතට් මාසයක් කියලා හිතුනත් පහුගිය සතියේ ඒ අදහස වෙනස් වුනා. එදා අල පැදුර සංවිධානය කරලා තිබුණ නිසා බොහෝ පිරිසක් ඊට සහභාගී වී තිබුණා. මං හිතන හැටියට මේ අවුරුද්ද මුලින් ම සංවිධානය වූ කටයුත්ත එයයි. ඒක බොහෝ සාර්ථක වන අතරේ සුපුරුදු පරිදි පළමු වසරට උත්තේජන සැපයීමේ අරමුණින් සංවිධානය කරලා තිබුණ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාස නමින් දේශනයක් උදුල් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුනා.

ඒකත් අපූරු වැඩක් අපි අහපු දේම අලුත් කණකට ප්‍රතිවාදනය කිරීමක් තමයි වුනේ. හෝද හෝද මඩේ දැම්මා. ආයෙ හෝදලා මඩේ දැම්මා. වැස්සෙ නැති නිසා වැඩේ හොඳට ගියා කියන්න පුළුවන්. එහි සුවිශේෂී කටයුත්ත වුනේ ඊට ශිෂ්‍ය සහයෝගීතා පදනම විසින් පවත්වන ලද පිළිතුරු දේශනයත් පසුවදා ම අසන්නට ලැබීම. කිසිදු කලබලයකින් භේදයකින් තොරව ප්‍රධාන කඳවුරු දෙක ම එකම විශ්ව විද්‍යාලය තුළ තම තමන් විශ්වාස කරන මතවාදය බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව සමාජගත කළා. ඇත්තට ම ඒ සම්බන්ධයෙන් පහුවදා (13) බොහෝ දෙනා කතා කළ බව කිවයුතුයි. ආ... ප්‍රජාතතන්ත්‍රවාදය කියද්දි මතක් වුනේ. ඇවරිට නම් ඒක නිසා පහුගිය දවසක හරි වැඩක් වුනා. ඇවරි සාමාන්‍යයෙන් ඒකාධිපතියෙක් නොවුනත් සංස්කරණයකින් තොරව ම සියල්ල පළ කිරීම් සිදු කරනවා. කොහොමත් ඇවරිත් එක්ක කාටවත් ඇරියස් නැති නිසා ඒ ගැන කවුරුත් වැඩියෙ හිතන්නෑ.

ඒත් පහුගිය සතියේ මං දාපු පෝස්ට් එකක් වහා ම ඉවත් කරගන්න මට සිද්ධ වුනා විතරක් නෙමෙයි. ඒ වෙනුවෙන් අධිචෝදනා සහිත අපහාස නඩුවකට චූදියෙක් වෙන්නත් සිද්ධ වුනා. ඕව මොනා ද නැට්ට පිටින් අලි මැරෙන්නෙ කියලා හිත හදා ගන්න හිතුවත් දැන් සතියක් පුරා මාව රිමාන්ඩ් භාරයේ තබා ගන්න ඇයට හැකි වෙලා. පේන හැටියට ඉතිරි අවුරුදු දෙක ම යකඩ කූරු ගණන් කරන්නයි වෙන්නෙ. කොහොම නමුත් අලුත් අවුරුදු පෝස්ට් එකේ දාපු අධි තක්සේරු ගත වාක්‍ය ඛණ්ඩයක් ඇවරි නිහතමානීව ඉල්ලා අස්කර ගන්නවා. එදා මං කිව්වා මොන දේ වුනත් මාත් එක්ක කිසිම කුමාරිකාවක් තරහා වෙන්නෑ කියලා. ඒත් දැන් එහෙම කරන්න පුළුවන් කුමාරිකාවොත් ඉන්නවා.

තවත් කිවුවොත් පසුගියදා පැවති ගුරු ගීතය සාකච්ඡා වටය ද සාර්ථකව නිමා වුනා. ඒ වැඩ සාමාන්‍යයෙන් කලා පීඨය විසින් සංවිධානය කළ යුතු වුනත් වාණිජ විද්‍යාවේදීන් විසින් සංස්කෘතික මධ්‍යස්ථානයේ (වලේ) දී ඒ කටයුත්ත සංවිධානය කරලා තිබුණා. එදා එහි පණහක පමණ පිරිසක් තමන් රසවිඳි දුයිෂෙන් සහ අල්තීනායි ගැන කතා කරන්න රැස් වී හිටියා. සිංහල අධ්‍යයනාංශාධිපති ජිනදාස දනන්සූරිය මහතා තමයි එහි ප්‍රධාන දේශනය පැවැත්වුනේ. හැබැයි ඉතිං ගුරා‍ත් බිම ගෝලයොත් බිම. වෙනස් අත්දැකීමක් විඳගන්න ඒ දෙපැයේ දී අවස්ථාවක් ලැබුණා. බලන්න ඉතිං සමහරු දුයිෂෙන් ගැන හිතන් ඉඳලා තියෙන දේවල්??? විශේෂයෙන් ම කෙල්ලො???

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....