Monday, January 17, 2011

ඇවරිගේ සලාදය අවසානයි......

මේ ඇවරිගේ අන්තිම පෝස්ට් එක. තවදුරටත් ඇවරි සලාද නොලියන්න තීරණය කළා. හරියට ම කිව්වොත් අද 18 වැනිදා දහවල් මං ඒ තීරණය ගත්තා.

ආපහු හැරිලා බලද්දි මං ලොකු දුරක් ඇවිත් තියෙනවා. ගොඩක් මිනිස්සු අදුනගන්න මේ බ්ලොග් එක උදව් වුනා. ඒ අය මගේ අදහස් වලට දක්වපු ප්‍රතිචාර මං හුඟක් සතුටින් කියෙව්වා. ඇත්තට ම මං හුඟක් දෙනා හිනැස්සුවා. තව කැම්පස් එක ගැන ඒකෙ වෙන දේවල් ගැන නොදන්න බාහිර පාර්ශවයන්ට අභ්‍යන්තරයේ ගොන්පාට්, සියල්ල සවිස්තරව ඉදිරිපත් කළා.

කොටින් ම කිව්වොත් බ්ලොග් එකෙන් මං හිතුවට වඩා දෙයක් වුනා. ජනප්‍රියත්වයක්, පිළිගැනීමක් අදී ගොඩක් දේ ලැබුණා. මීට කලින් ඉදන් ම ඇවරිට හොඳ යාළුවෙක් විදියට මිනිස්සු අතර ප්‍රතිරූපයක් තිබුණා. බ්ලොග් කෙරුවාව නිසා ඒක පැත්තකින් වැඩිවෙන අතරේ අනිත් පැත්තෙන් අඩුවුනා. මං බොහෝ දෙනා හිනැස්සුවා කියලා කිව්වනේ. ඒත් මං නොකී කතාව තමා මං අඩවපු ප්‍රමාණය. අලුත් ම ඇස්තමේන්තුව අනුව මං සෑහෙන දෙනෙක්ට රිදවලා, අඩවලා තියෙනවා. කවුරුත් ඒක කෙළින් ම නොකිව්වත් සමහරු කිව්වා.

ඒ හිත් ආයිත් හදන්න බැරි බව තේරුණා ම මේ බ්ලොග් කෙරුවාව නවත්තන්න මං තීරණය කළා. මොකද ඒ විදියට අපි දිනලා වැඩක් නැති නිසා. මං හැමදේම කළේ අනුන්ව දිනවන්න. දැන් මං කරපු වැරදි වලට දඩුවම් විඳින්න ඕනනේ???.. ඒකට කල් ගන්න මං බ්ලොග් එක නවත්වනවා

මාව කියවපු හැමෝට ම බුදුසරණයි...

1 comment:

  1. Hard to belive.What is the real reason behind this decision? The reason you have mentioned is rubbish and bullshit.Please do not stop as you have a very good talent for writing. Did your local minister threatned you? Any way please reconsider your decision. Good luck with your education and May mervin bless you.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....