Wednesday, July 28, 2010

සුසන්ත බණ්ඩාර මාරා දැමුවාද?

සුසන්ත බණ්ඩාර මාරා දැමුවාද? පිස්සු කතා. ඔව් නේ ලොක්කා. ඔව් මරා දැම්මා... නැතුව මෑන්ස්ට පිස්සුයැ මැරෙන්න. හැබැයි කව්ද කියලා නම් අහන්න එපා..... එතන කොස්සක් තියෙනවා. කොස්සක් නෙමේ බිබික්කමක් තිබුණත් දැන් වටිනා කියන තරුණ ජීවිතයක් විනාශ වෙලා අවසානයි. මල්ලි මේ දැන් සුසන්ත බණ්ඩාර නෙමේ. සුසන්ත සහෝදරයා. නෑ නෑ.... මළත් මිනිහට ගරු කරන්න ඕනෑ. අනික දැන් පොර මේ උපාධි නාමයට හොඳට ම සුදුසුයි. මොකටද? “සුසන්ත සිසු විරුවා” හැබෑට????
ඇයි මල්ලී.... ඔය යුද්දෙදි සාමාන්යා සෙබළා මළාට පස්සේ කෝප්‍රල් කෙනෙක් කරලා තරුවක් ගහනවා වගේ, ලාංකේය ශිෂ්යද ව්යානපාරෙත් මළාට පස්සේ විරුවෙක් වෙනවා. හැබැයි ඉතිං අර රජය වන්දි දෙනවා වගේ ගොන් පාට් නම් අපි දාන්නේ නෑ. පාර්ටිය උනත් රිම් එකේ නේ යන්නේ..... මල්ලිලා දන්නවනේ? වැඩිම උනොත් මළ ගෙදරට හොඳ තොරණක් ගහලා දේවි. එච්චරයි. අර පේරාදෙණියේ පිකට් එක වෙලාවෙදි තේ බොන්න ගිහින් හිටපු එකා පොලිසිය තියපු වෙඩි පාරින් මළාම සිසු විරුවා වුනා නම් සුසන්තට සිසු විරැවා කියන එක වැරදි නෑ.....
සියලු කලබල මැද මහින්ද අන්කල් අරලිය ගහ මන්දිරේ ඉස්සරහා සාටකේ එළාගෙන “පිනට යමා...ක්” කිය කිය හිඟාකනවා. අනේ ඉතිං කොහොම හිටපු උත්තමයෙක් ද? අන්තිමේ නෑයයි, වේයයි, මීයයි නිසා බලු නොවටින ගාන්ට වැටුණා. ගාලු පාරේ මේ හරියෙන් පයින් යන්නේ මැද පන්තියේ අය තමා. තියෙන උන් සැප කාර් වල යන්නේ වගේ වගක් නැතිව. අන්තිමේ මගේ ම පාමුල දණින් වැටී මම- කියම් මගේ දුක මට ම හඩා කියල හිටන් අඳෝනාව පටන් ගත්තා. මෝල තදවෙලා කියලා දැනගත්ත ශිවන්තියත් එතෙන්ට ආව ම පහත් තැනින් යයි ගලා ජලේ නිසා ඇරියස් සියල්ල ඈ පිටින් ගියා. අනේ ඉතිං ඇති කාලේ මල පැනලා පිඟන් පිටින් පොළවේ ගහන එක පාර මැද්දේ දෙස් දෙවොල් තියනවාට වඩා සැපතයි කියලා ශිවන්තියට තේරුණේ එදා. “ මෙහෙන් අනාචාර්යවරු පඩි වැඩි කරන්නලු. අර ඇස්.බී සියාතු කටට ආපු පළියට කෙළලා දැම්මට කොහේ තියෙන සල්ලියක් ද? තවත් පැත්තකින් මගමරුවෝ ගාස්තු වැඩි කරන්න දත කනවා. යකෝ මේක මාර කෙළියක්නේ?? අනේ ශිරෝ, දැන් නම් මං මෙසිරිලකේ විධායක අගමැති... විද්දා විද්දා... වෙන්ඩ විධායක අගමැති දැනට බලු නොවටින ජනපති ලංකාවේ අංක එකේ හිඟන්නා කියලා ප්ර සිද්ධ ප්ර කාශයක් නිකුත් කරනවා. මේක මහා ම හිඟන කාක දූවක්නේ? අනේ හැබෑට අපේ අප්පට ඇමරිකාවේ පාර්ලිමේන්තුවට රිංග ගන්න බැරිවුනානේ.... සිඟන රාජ් මැරිච්ච පපීටත් සාප කර කර නාහෙන් ගළන හොටු ශිවන්තියගේ චීත්තෙන් පිහ ගත්තා.
අන්තිමේ දී මඟමරුවෝ ගැන අනුකම්පා කරලා බද්ද අඩුකරන් තමන්ගේ ම පතට කෙළවගන්න අපේ මහ හිඟන්නට සිද්ධ වුනේ දෛවයේ කුරිරු සරදමක් හැටියට. හැබැයි එතුමා ලෙචාලා ගැන නම් පැත්වත් බැලුවේ නෑ.... හැමදා ම ඉතිං කඩේ ගියපු උගත්තුනේ. මොකෝ ඔය පුරුදු වෙන්න යනවයැ? ඔහො ම තවත් ටිකක් ගියාවේ. එක අතකට දැන් ඉතිං උන් ඕන නෑනේ. පිස්සු ආචාර්යවරු. ඔය කැලණියේ ම එකෙක් මට කියනවා සෑර් අ‍නිවාර්යෙන් 90%ක් අරං දිනනවා සිකුරුයි කියලා. මං නිකමට වගේ ඇහුවා “ඈ ඕයි තමුසෙ හිතන්නේ මේ රටේ එවුන්ට පිස්සු කියල ද නැත්නම් වෙන අපේක්ෂකයෝ නැද්ද?” කියලා. මේ වගේ අඳබාල හැතිකරයක් තමා ඔය ආචාර්යවරු කියන්නේ. ඉස්සරහට මට රෙදි නැතුව කඩේ යවා ගන්න කාව හරි ඕන වුනොත් අපි ඒ අයගේ පඩි වැඩි කරන්න බලමු. අනික ඔය නාකි හමාලට වඩා මට දැන් වටින්නේ අන්තරේ තරුණ කොල්ලෝ ටික. මගේ කල්ක්රි යාවේ හැටියට උන් ආයෙත් භීෂණයක් වුනත් කරන්න බැරි නෑ. මේ නිසා උන්ව ෂේප් කරගන්න ඕනා. කෝ මං මේ ඒකට දාපු එකා මට ම කොකා පෙන්නවනේ??
ලෙචාලට යකාට පලයං කිව්වත් ශිෂ්යින්ව අන්දගන්න වෙන ගේමක් ගහපු මහරජා සුසන්ත බණ්ඩාර වෙනුවෙන් ජනාධිපති විශේෂ වාර්තාවක් කැඳවා හිටියා. කාරි නෑ කාරි නෑ... ඒවට සල්ලි යන්නේ නෑනේ?? දැන් කොල්ලෝ ටික සැටිස්. අයි.ජී.පී ට කියන්න හදන උලව් වාර්තාවක් අපිට වාසිවෙන්න ඉක්මණට හදන්න කියලා. මහ එකා යෝධයට කිව්වා. ඇත්තට ම දැන් අන්තරේ කාණ්ඩෙට සැටිස්. කට්ටිය වෙනදා ගහන පාට දෙකේ සෝක ප්රිකාශ මරණ දැන්වීම් වෙනුවට සුසන්ත විරුවාගේ රූපයක් හේම දාලා පට්ට පෝස්ටරයක් ගහලා අලවලා තිබුණා. දැන් නේ දන්නේ. ඒකත් රජ ගෙදරින් ප්රිරන්ටි කරවලා තියෙන්නේ. අපේ මර්වින් මාමමයි කිරිබත්ගොඩින් ප්රිැන්ට් කෙරෙව්වේ. බිබිළි නගින බෙළිකටු???
මොනවා කළත් ඉතිං පේන්න හරි අපිටත් මොනවා හරි කරන්න ඕනැයි කියලා අන්තරේ කට්ටිය කිව්වා. කෙළින් ම කියන් බැරි නිසා පා මඩින ගමන් යෝජනාව දැම්ම ම ලොක්කත් කැමති වුනාලු. මේ නිසා සාමකාමී උද්ඝෝෂණයක් කරන්න පොට්ට චාන්ස් එකක් පෑදුනා. “අපි යන්නේ කොයි පාරේ??..... ” කියනවා විතරයි මට නම් ඇහුණේ. අයිසේ උන් ගියත් අපි ගියත් යන්නේ කොළඹ නුවර ඒ1 එකේ තමයි. මේක අඹේපුස්සෙන් ඒ6 කුරුණෑගලට යනවා, නුවරින් කෙළින් ම ගියොත් ඒ9 යාපනේ තමා. කොහොම පාරක් ද කිව්වොත් තාර පාරක්. මුළු උද්ඝෝෂණයෙන් ම මට ඇහුණේ එච්චරයි. අපි කළිනුත් නිදහස් අධ්යාකපනේට එකක් කළ නිසා දැන් යම් මේ පිළිබඳ යම් ප්ර වීණතාවක් උසුළනවා.
හැබැයි සඳුදා උදේ තෙල් බැම්මේ ලියලා තිබුණේ නම් මෙහෙමයි. “JVP ය සහ අන්තරය එකතුව මරා දැමූ ශිෂ්යියාගේ අභාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව!!” රටේ කෙසේ වෙතත් යුනියේ නම් democracy උපරිමයි. පස්සේ දවල් වෙද්දි මේ පාඨය පිරිසක් විසින් මකා දමා තිබුණා. දැන් තෙල් බැම්මේ අලු පාටින් මේ වැකිය වහපු ලැකර් පාර දකින්න පුළුවං. පිකට් එක සූදානම් කළේත් එ‍ේතන ඉඳන්. අනේ සකෝ බලලෝ ම තමා!!

5 comments:

  1. ඇවරි මලේ. පෝස්ට් එකනම් උපරිමයි. මට දැන්නෙ තේරුනේ තෙල් බැම්මෙ කතන්දරේ.

    ReplyDelete
  2. මට මතක විදිහට වෛද්‍ය ශිෂ්‍යයො ඉන්ජිනේරු ශිෂ්‍යයො අන්තරේහිටපු අන්තරේ ජනතා විමික්ති පෙරමුනට අයිති නොවුන කාලෙ හිටපු මැරුන අයනම් මාරම වීරයො තමා.....දැන් වාගෙ නෙමෙ ඉස්සර අන්තරේ තනතුරු ගන්නව කියන්නෙ මරනයට අතවනන සීන් එකක් උන කාලෙත් කැපවීම්ව්න් අන්තරේ ශිෂ්‍යයන් වෙනුවෙන් කේන්ද්‍රගත කරපු ඒ විරුවො මේ දැන් ඉන්න පඟරනැට්ටො වර්ගයට දමන්න එපා....

    ReplyDelete
  3. ඔය විදිහටම කොළබ කැම්පස් එක ගාව ලියල තිබ්බ ඒවා ටිකකුත් මකල තිබුනා ඒත් හැමොම දන්නවා මොකක්ද ලියල තිබ්බේ කියලා

    ReplyDelete
  4. අනේ අපොයි අන්තරේ.. අපි යන්නේ කොයි පාරේ.. එතකොට මැරිච්ච ‍එකා ගැන කතාවක් නෑ.. අනේ මුන් වගේ හැත්තක්.. අර ඇස් බී උන්නැහේ ගේ පඩි වැඩිකිරිල්ලත් නරක නෑ නේද?

    ReplyDelete
  5. මමත් පොද්දෙක්. නමුත් හිරි වැටෙන කථාවක් අපේ තදම පොද්දියක් කිව්වා.

    "එක අතකට මැරිච්ච එක හොදයි. මාස 4කට වත් එක්කෙනෙක් මැරුනොත් අපේ උන්ට ​කරන්න දෙයක් තියෙනවා"

    මේ මොන විකාරයක්ද?

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....