Saturday, August 23, 2014

මට මගේ නොවන මගේ ම උපන් දිනයක් තිබුණා...

නිල ආරාධනා පත්‍රය
විවේකී සති අන්තයේ ඇවරි පසුගිය සති අන්තය ගැන කල්පනා කරමන් සලාදයක් ලියන්න හිතුවා. අර චිලී බුකියේ දාලා තිබුණු කොමෙන්ටුව වගේ මටත් මගේ නොවන මගේ ම උපන්දින සාදයක් තිබුණ බව කියන්න ඕන. ඊට කලින් ඇවරිට ස්වයං චරිතාපදානයක් කරන්න හිතුනා මේ උපන්දින සැමරුම් පිළිබඳව.

උත්පාද, තිථි භංග වශයෙන් වෙනස් වෙමින් පවතින ලෝකයේ වයසට යාම කියන්නේ සමරන්න වටින කරණාවක් නෙමෙයි කියලයි ඇවරිට පුංචි කාලෙ කියලා දීලා තිබුණෙ. නමුත් ඇවරි පුංචි කාලෙ දි උපන්දින සඳහා යම් යම් සැමරුම්, ඒ කිව්වේ නූඩ්ල්ස් පාර්ටි වගේ පැවැත්විලා තියෙනවා. වගේ ම ඇවරි 2007 ඉඳලා සෑම උපන්දිනයකට ම නිල කේක‍් එකක් කපන්න කටයුතු කරලා තියෙනවා. ගියපාර ඇවරිගේ උපන්දින උත්සව දෙකක් පැවැත්වුන නිසා කේක් දෙකක් කපන්නත් සිද්ධ වුනා. තාමත් පුංචි සන්දියේ වගේ ම  ඇවරිගේ කෝඩ්එක හැටියට උපන්දිනය කියන්නේ ඇවරි වෙනුවෙන් ඇවරිගේ යාළුවො සතුටු වෙන අවස්ථාවක්. සාමාන්‍යෙයන් මගේ වටේ ඉන්න මිනිස්සුන්ගෙ සතුට මගේ සතුට. ඇවරි සතුටු වෙන්නේ ඇවරිගේ වටේ ඉන්න අයට මතක හිටින මතකයක් දීමෙන්. මං තාම දන්නෑ අනුන්ගේ හිනාවන් වෙනුවෙන් වැඩ කරන එක මට කොහෙන් ආව එකක් ද කියලා. හැබැයි මට ඉවෙන්ට් එකක් ඔළුවට ආවොත් මොන මඟුල තිබුණත් ඒක කරන්න ම ඕන. අපි කරපු පිළිකුත්තුව අභියෝගය එහෙම එකක්. මගේ දැක්ම තමයි අපිට සම්පත් ඕනවටත් වැඩියෙ තියෙනව නම් අපි ඒව හරියට යොදාගෙන මිනිස්සුන්ව සතුටක් දෙන්න බැරි නම් අපෙන් වැඩක් නෑ කියන එක. ඕවර් කොන්ෆිඩන්ස් නෙමෙයි යාළු, මගේ ගණනය කිරීම් වරදින්නේ හරිම අඩුවෙන්. දැනට ම සෑහෙන්න ඉවෙන්ට්ස් ගොඩදාලා තියෙනවා. තවම කරගන්න බැරි වුන එක ඉවෙන්ට් එකක් තියෙනවා. නමුත් ඒ සප්‍රයිස් එක දෙන්න තරම් වටින කෙනෙක් හම්බුනේ නෑ. අනිවා දැනට මා ළඟ ඒ සන්දර්ශන පිටපත මුළ සිට අගට තියෙනවා. ඒක අන්තර් ජාතික නාටකයක්. ඉතිං ටිකක් කල් ඕනැවෙයි.. ලොල්! මං ඉවෙන්ට්ස් බදා ගන්නේ නෑ. ඒ ඒ අයට පුළුවන් දේ බෙදා දෙනව මිසක්, අන්තිමේ දි වැඩ සියල්ල ලස්සනට වෙලා. හැපී එන්ඩින්ග්ස් දෝරෙ ගලනවා. කවුරු හරි එදා මාර දවසක් කිව්වනම් මට ඒ ඉහටත් උඩින්.
මිස් ජිම් යන ගමන් පොලේ ආව ද?

පුංචි පුංචි වතුර බින්දු එකතු වෙලා මහ ගඟක් හැදෙනවා වගේ ජීවිතේ වටින්නේ පුංචි පුංචි දේවල් කියලා ඇවරිට ඉගැන්නුවේ අප්පච්චි. නමුත් මේ පාර පුංචි වෙනසක් කරන්න ඇවරිට ලොකු වුවමනාවක් තිබුණත් ප්ලෑන වෙනස් කළේ දින සම්බන්ධ ගැටලුවක් වුන නිසා. කඩුවෙල විහාරමහා දේවී ළමා නිවාසයට දානයක් දෙන්න ඇවරිට විශාල ඕනැකමක් තිබුණා. කොලු කාලෙ මුතුහරේ අක්කලා අයියලා එක්ක බස් එකේ නැඟලා ළමා නිවාසෙට ගිහින් ඒ පුංචි උන් එක්ක සෙල්ලම් කරලා. අක්කලා ළමයි වඩාගෙන හුරතල් කරලා, උන්ට බයියං කවලා, ඒ අය එක්ක බත් කාල, අර ඒ අය අපිට පින් දෙමින් කියවන ප්‍රකාශය කියවලා පිස්සුවක් නටපු කාලයක් ඇවරිට තිබුණා. මගේ යාළුවන් හා පවුලේ උදවිය සමඟ එහෙම පික්සු වැඩක් කරන්න මට ඕනකම තිබුණත් දින ප්‍රශ්නයක් නිසා වැඩේ මඟ හැරුනා. ඒක මිනිස්සුන්ට දැනෙන හැපනින් එකක්. ෆීල් වෙන දෙයක්. අති සාර්ථක දැවැන්ත ඉවෙන්ට් එකක්. ලබන අවුරුද්දේ කරන්න මං උත්සාහ කරනවා. ඉවෙන්ට්ස් ගැන කිව්වම මේ අවුරුද්ද අන්තිමේ තවත් පට්ට සතුටක් වපුරන්න මං හිතන් ඉන්නවා. ඒ මගේ දරු පැටවු වෙනුවෙන්. මං කලින් කිව්ව වගේ මේ හැම දෙයක් ම අපිට සත පහක් වැය වෙන්නැතිව සම්පූර්ණ සබඳතා පදනම මත කරන්න පුළුවන් දේවල්. තනි පුද්ගලයෙක් වශයෙන් නාම ගොත්තං නජීරතී නිසා මේ සී. එස්. ආර් ඉවෙන්ට්ස් එක එක කරන්න මං සැලසුම් සකස් කරලා අහවරයි. ඒ සියල්ල මගේ පර් කැපිටා හැපිනස් එක වැඩි කරගන්න කරන පිස්සු වැඩ ආයිබෝං....



මෙදා ඇවරිගේ උපන්දින සැමරුම් නිල උත්සවයත් එහෙම එකක්. හරිම හදිසියේ කෙරුණු දඩි බිඩි කැම්පේන් එකක්. වෙනසක් කරන්න හිතපු ඇවරි උත්සවේ කටු සටහන් ඇන්දේ ගංගාගේ උපන්දින සාදය අහවර වෙලා ගෙදර ආව වෙලාවෙ ඉඳන්. ඇවරි මුලින් ම කළේ ඉවෙන්ට් එක ස්කෙච් කිරීම. මගේ අඩුපාඩු ඇගේ සංස්කරණය යටතේ කැපිලා කෙටිලා, පැහැදිලි චිත්‍රයක් එළියට ආව. මේ චිත්‍රය පෝස්ටර් එකක් නැතිනම් ආරාධනා පත්‍රයක් කරන්න කිව්ව ම ඈ මගෙන් ඇහුවෙ තීම් එක මොකක්ද කියලා??? කස්ටිය දන්නවනේ ඇවරි ඔය ඇඩ්වෙන්චර්ස් වලට පළදින කව්බෝයි හැට් එක. පහුගිය දා නෙප්ලන්ඩ්ස් අස්පස් කරද්දි ඇයට මේ තොප්පියත් හම්බෙලා තිබුණා. අපි කවුබෝයි තීම් එකක් ගත්තොත් කෝම ද? කවුබෝයි? ඈගේ යෝජනාවට මගේ අනුමැතිය ලැබුණ නිසා වැඩේ කවුබෝයි වුනා.


චන්දරේ පැලූ දර කෑල්ලක් අතැතිව 
ඔය අතරෙ මගේ නොවන උපන්දිනයක් වුනේ සතියකට කලින්උපන්දිනය සමරන්න වූ නිසා. ඊටත් ලස්සන කතාවක් තියෙනවා. මෙදා ඇවරිගේ නිල ආරාධිතයින් වුනේ හෙට අනිද්දා මංගල කිංකිණි හැඩවෙන අපේ තොටයා සහ මාෂි යුවල. ඒ දෙන්න ඉවෙන්ට් එකට ගෙන්න ගන්න මං සෑහෙන්න කට්ටක් කාපු බවත් කියන්න ඕන. අන්තිමේ දී කේක් නොකපන බවට තර්ජනය කළ නිසා පැයකට අපි වෙනුවෙන් එන්න මාෂි කැමැත්ත ප්‍රකාශ කිරීම ඇවරිගේ නොමද සතුටට හේතුවුන බව කියන්න ඕන. මං සතියක් කලින් උපන්දිනේ සැමරුවේ මේ යුවල නිසා ම බව සිහිපත් කරන්න ඕන. එදා කපල් එක නැති වුනා නම් ඉවෙන්ට් එකේ කික් එක සියට පණහකින් අඩුවෙන බව මේක කියවන මගේ බැචාලා ඔක්කොම කියාවි.

ඇවරිගේ ජල්තර් ප්ලෑනක පොඩි ෂෙඩියුල් චේන්ජ් එකක් මිස් වුන නිසා එදා ඉරිදා දවසේ මං ළමයින්ට ක්ලාස් එකකුත් දාලා තිබුණා. ඒකත් කැන්සල් කරන්න බැරිකමට ඇවරි පාන්දර නැඟිට්ටා. නැගිටලා උන්ට ටියුට් එකත් ලියලා, පන්සල් ගිහින් ක්ලාස් එකත් කොරා. ඔය අතරේ තමා චන්දරේ අටහමාරට විතර මහ පාන්දර මට කතා කළේ. දැන් මචං අපි දෙන්න එන ගමන්. උඹ බඩු අරං ලෑස්තිවෙලා හිටපන්. මං හා කියලා පැයකුත් ගියා. මුන් දෙන්න ඒත් නෑ. අන්තිමේ දී දෙන්නට කිරිබත්ගොඩ බුදුපිළිම හන්දිය පැටලිලා පැය දෙකක් පරක්කු වෙලා හේම ආව. අපිට තිබුණ ලොකුම වැඩේ දවල්ට උයන්න මඤ්ඤොක්කා ගන්න එක.
ඒකට කියන්නේ චන්දරේගේ පොලේ යාමේ අංකය කියලයි. ඔන්න කිරිබත්ගොඩ බස්ටෑන්ඩ් එක පාස් කරලා අපි වෙළඳ සංකීර්ණය කෙළවරෙන් කාර් එක නවත්තලා බැහැගෙන වටේ කඩ පේලියේ මඤ්ඤොක්කා හෙව්වා. ඒත් හම්බුනේ නෑ. එහෙනම් මගින් තමා ගන්න වෙන්නේ. චන්දරේ ළඟ මනුස්සයෙක්ගෙන් ඇහුව ම පොලේ ඇති මල්ලි බලන්න කිව්වා. ඇයි අයියේ මේකනේ පොල???? නෑනේ මල්ලි පොල තියෙන්නේ බස්ස්ටෑන්ඩ් එක පැත්තේනේ කියලා මෑන්ස් නක්කල් හිනාවක් දැම්මා. ගංගා කවදාවත් අරවින්දව කිරිබත්ගොඩ පොලට යවලා නැති නිසා අපි පැය බාගෙක විතර සාටරයක් කෑවා. එදා ගංගා තොමෝගේ ඇඳුම ගැනත් අපි සටහනක් තියන්න ඕන. කඳු ගඟින බව කිව්ව ම ඩෙක් ෂූස් දාලා හේම තමා මැඩම් ඇවිත් තිබුණෙ. ඒකත් එක්ක පොලට ගියා ම වෙළෙන්දො ඇහුවෙ මැඩම් ජිම් යන ගමන් පොලේ ආවද කියලයි. තව පොඩ්ඩෙන් අපි මඤ්ඤොක්කා අක්කාට ඇන්ටි කියලා තරාදියෙන් කනවා. වෙලාවට ඈට ඒක ඇහුනෙ නෑ. ඔය අතරේ ගයියා එක ඇමතුමෙන් මුට්ටි ප්‍රශ්නය විසඳීම මගේ අස්වැසිල්ලට හේතුවුන බව කියන්න ඕන. නැත්නම් මොකේද දානේ උයන්නේ??? හා මොකේද දානේ උයන්නේ ඔව්??


අපි කළමනා අරං චිලියගේ නිවසට යද්දි චිලියල පිටත් වෙලා. ආයෙත් ජය මාවතේ අතුරු පාරෙන් නුවර පාරට එන්න එද්දි තමයි, ගංගා සෝමාදේවී දිසානායක අංකය වේදිකාගත කෙරෙන්නේ. එතන සෑහෙන්න බෑවුමක් තියෙනවනේ. කොච්චර බෑවුමක් ද කියනවා නම් කාර් එක පල්ලම බහිද්දි පාර පේන්නෑ. චන්දරේ මචං පාර පේන්නෑ වදී ද දන්නෙත් නෑ කියන සුනංගුවෙන් ගංගා ඇහුවෙ එහෙනම් මං බහින්න ද කියලයි??? අපි දෙන්නට ම බකස් ගාලා හිනා ගියා. ගංගා හිතුවේ මේක සෝමාදේවිය වගේ වාහනෙන් බැහැලා සපෝර්ට් එකක් දෙන්න ඕන වෙලාවක් කියලයි. කෝම ද ටිකිරි මොළේ. ගංගා සෝමාදේවිය සමතික්ක්‍රමණය කළේ ඔය විදියට.

කාල වෙලාව ඉක්ම ගිය නිසා අපි චන්දරේ විලාස්වලට චෙකින් වෙලා බඩු ටික දාලා මස්ටික ඇන්ටිට දීලා ගයියලහට ගියා. ඒත් අපිට කලින් ආපු චිලියලා අලුත් කාරෙකෙන් ඇවිත් තිබුනෙ නෑ. කස්ටිය නොදන්නවා වුනාට මේ වැඩේට සෑහෙන්න උනන්දුවෙන් සෙට් වුනේ අපේ අයෙෂ් මැතිනිය. උදේ අටහමාර වෙද්දි ඈ නිවසින් පිටත් වෙලා තිබුණා. අයෙෂ්ට වෙලාව පැන්න ම කාලි ආරෑඪය ෂුවර් එකට ම වෙන බව දන්න නිසා අයෙෂ්ව පික් කිරීමේ වගකීම මං කලින් ම ගයියාට පවරලා තිබුණා. අපරාදේ කියන්න බෑ ගයියා අයේෂව වෙලාවට මිරිස්වත්තෙන් නොගන්න අයෙෂ් මාව බිස්ටේක් දාන්න හොඳට ම ඉඩකඩ තිබුණා. හැබැයි දඬුවම අඩු වුනේ නෑ. මට ගයියලාගේ සෙටියේ කුෂන් පාරවල් හතඅටක් පෙළට වැදුනේ සලංහන්තේ වෙලා යන්න.

ගයියා දර පලන්න උගන්වමින්... ගංගා - “අන්න බලාගන්න අරවින්ද මෙහෙමයි දර පලන්නේ...‘
ඊළඟට ආගිය කතා අහවර කරලා අපි තරුවක් සමඟ වරුවක් වැඩසටහන කළා. තරුයුවල හැටියට චන්දරේ සහ ගංගා යුවල වැඩසටහනට එක්වෙද්දි නිවේදක ඇවරී සහ කැමරාවෙන් අයෙෂ් වැඩේට උපකාර කළා. චන්දරේ සහ ගංගා සැබෑ ජීවිතේ දී කරන වැඩ ගැන තමා ප්‍රෝගෑම් එක ගියේ. වැඩේ දර පැළීම. අපේ උදව්වට ගයියා වැඩේට අවශ්‍ය දේවල් හදලා දුන්නා. අරවින්ද දර පලද්දි මහන්සිවෙන හැටි. කරගැට දැකලා ගංගා දුක්වෙන හැටි ආදී වශයෙන් එක එක විකාර මිනි ඉවෙන්ට් පෝලිමක් එක්ක තරුවක් සමඟ වරුවක් රසවත්ව ගෙවුනා. ඇවරිත් ජොලියට දර පළන්න ගිහින් දිරපු කොටයක් නම් පළා ගත්තා. අන්තිමේදී අපිට මඤ්ඤොක්කා තම්බන්න සෑහෙන්න තරමේ දර එකතුවෙලා තිබුණා.


Monday, August 4, 2014

ලේට් ඩිලිවර්ඩ් බර්ත්ඩේ කේක්....

ලේට් ඩිලිවර්ඩ් බර්ත්ඩේ කේක්....
ගෙවුනු ඉරිදාවේ ඇවරිට සතුටක් වගේ ම දුකක් ගෙනාවා. එදා අපේ දහම් පාසලේ නිවාඩු දෙන දවස. ලබන ඉරිදා ඉඳලා ටිකක් නිදාගන්න පුළුවන් කියලා ඇවරිට අප්රමාණ ප්රීති චිත්තයක් පහළ වුනත් අයියෝ පොඩි උන්ගේ මූණූ මාසෙකට දකින්න බැරිවෙනවා නේද කියලා විස්සෝපයකුත් ඒ සමානව ඇති වුනා.  නිවාඩු දුන් දවසේ කථිකාචාර්ය ජයලාල් රෝහණ මහතාගේ ආරාධිත දෙසුමක් සංවිධානය වෙලා තිබුණා. එතුමා ළමයින්ට දැනෙන විදියට සමකාලීන මාධ්‍ය අවභාවිතාව ගැන තොරතුරු ඉදිරිපත් කළා. ඔහු නිතරම කිව්වේ අසූචි දැකලා චී... කියන අපි නාට්‍ය බලමින් බලුබෙටි අයිසින් කරලා කනවයි කියලා. තවත් හිතන්න වටින කතාන්දර රාශීයක් ඔහු කිව්වා.
උපන්දිනකාරිය මවිත වෙමින්...

දෙසුම අහවර වුනාම මං අපේ පන්ති දෙක බෝ මළුවට ගත්තා. අපි කළේ කවි පාඩමක්. ඒක අහවර වෙලා ඇවරි රචනා ටීම් එකත් එක්ක කතා කරන්න පහළ බණ මඩුවට ආව. කාලෙකින් තමා ඇවරි ඒ බණ මඩුවෙ වාඩි වුනේ. එතනදිත් ඇවරිස්ට මෙහෙම සිතුවිල්ලක් ආව. අනේ ඉතිං දෙයියනේ කියලා අපි ගමේ පන්සලේ මෙයාකාර විසාල බණ මඩුවක වාඩි වෙලා හිටියට ආයුබෝං පහුගිය කාලෙ ඇවරි ගිය පන්සලක් පර්චස් දහයෙ පහළොවේ කෑල්ලක ඉදි කරලා බුදු පිළිම ඇති ටයිල් කාමර වල වැඳුම් පිදුම් කරනවා දැක්කා. කොළඹට නුදුරු ඒ පන්සලේ දී මට නම් අර පන්සලකට ආවා ය කියන හැඟීම ඇතිවුනේ නෑ. මං අපේ ළමයින්ට කිව්වේ තොපිට මේවා වටිනාකමක් නෑ කියලයි.


ම‍ගේ කණ්ඩායම දැන් සම්පූර්ණයි. කොල්ලො දෙකයි. කෙල්ලො හතරයි. ඒ සෙට් එකත් එක්ක ගෙවෙන හැම විනාඩියක් ම අපූරුයි. උන් තර්ක කරගන්න හැටි  , නොදන්න දේවල් ගැන එකිනෙකා දැනුවත් වන හැටි මං බලන් හිටියා. ඉතිං තරඟ සඳහා පුහුණු වීමයි දැන් තියෙන්නේ‍‍‍‍‍‍. උදේ කෑමත් නොගත් ඇවරිට දැන් නම් ෆට්ට බඩගිනියි‍.

ඊළඟට දවසේ අමාරුම කාරිය තියෙන නිසා මං කුස පුරා කෑව.  අද අපේ ගංගාස්ට සප්‍රයිස් පාර්ටියක් ලෑස්ති කිරීමේ ඕනෑකම අපි හැමෝට ම තිබුණා. සිකුරාදා උදේ ම ඇවරිට ඇමතුමක් ගත්තු රුචිර අයියා , සාදය සඳහා තම නිවස ලබා දිය හැකි බව කීවා ම අපිට වැඩේ පහසු වුනා. එදා සවස් අතේ ගයියලාගේ නිවසට යන්නත් කස්ටිය සාකච්ඡා කොරගෙන තිබුණා. 

අභියෝගය වුනේ ගංගා මැතිනිය නිවස වෙත කැඳවාගෙන පැමිණීම. මොකද අපි කතා කරලා චිලීලාගේ ගෙදර එන්න කිව්ව ම හරි ඉතිං මං කිරිල්ලවලින් නඟින්නම් කිව්වොත් වැඩසටහන එතන ම හබක් නිසා අපිට ටිකක් හිතන්න සිද්ධ වුනා. අවසානයේ වැඩේ බාර වුනේ අපේ චන්දරේට‍. චන්දරේ රටේ තියෙන බොරු ගොඩාක් කියලා ගංගාස්ව චිලීගේ නිවසට කැඳවාගෙන ඇවිත් තිබුණා. ඒ එන අතරමඟ අපේ සිඟිති උපන්දින කුමාරිගේ හපන්කම් ගැනත් මේ ආකාරයට වාර්තා වුනා. ඔය ඉතිං හැමෝ ම හිතා ඉන්න ආකාරයට චිලී පලතුරු කාරිය කාල සුදට, ලස්සනට ඉන්න හින්දා ගංගට චිලී වෙනුවෙන් පලතුරු ටිකක් අරගන්න ඕන වුනාලු. ඒත් පුරස්නේ අතේ සල්ලි තිබිලා නෑ. ගං ගොඩේ පලතුරු කඩේට තකහනියේ ගොඩවුනු මේ ඉස්කෝලෙ හාමිනේ අංකල් කාර්ඩ් එකෙන් ගෙවන්න බැරිද කියලා අහපුවා ම කඩේ මනුස්සයාට හයියෙන් හිනා ගියාලු. මුකුත් හිතන්න එපා අංකල් මෙයාට ටිකක් වයර්, කියාගෙන හතර විළි ලැජ්ජාව අත් දෙකෙන් ම ඇදගෙන එතනින් වාෂ්ප වුනා කියලයි චන්දරේ අපිට කිව්වේ.

best ever captured :)
උපන් දින කේක්එක රැගෙන ඒමට භාර වුනේ ඇවරිට. මං අලුත් විකල්පය හැටියට කීල්ස් සුපර් එකෙන් කේක් එකක් තේරුවා. ඉටිපන්දම් කාරිය ගත්තු මට ලස්සන කන්‍යාවක් දාපු සති අන්ත ප්‍රවර්ධන වැඩසටහනක් නිසා නෙක්සස් කාර්ඩ් එකක් නොගෙන ඉන්න බැරිවුනා. අවුරුදු තුනක කීල්ස් දීගයකට මං පැටලුනේ ඇගේ ඉනාවට මයි කියලා ෂුවර්. කාරි නෑ ඒක විතරයි අඩුවකට තිබුණේ. ආර්පිකෝ ප්‍රීවිලේජ්, කාර්ගිලිස් ස්ටාර් පොයින්ට්ස් ඔක්කොට ම එන්රෝල් වෙලා හෙට උදේ ඉඳන් අහවල් ‍එක ලාබයි ගගා මෙසේජ් එද්දි කළ ගොන්කම් ගැන හිත හදාගනිය.



අනේ ඉතිං මතුමා කඩවත පොලීසිය හරියට සෙන්ටර් වෙද්දි චිලී රින්ග් කරලා ගංගයි - අරායි ආපු බව කිව්වා. කියලා විතරක් නිකම් හිටියේ නෑ මට ජාතිය අමතා ‍හරබර දෙසුමකුත් කාරිය කොළා. රුචිර අයියයි මමයි, ඉක්මණට ඉටිපන්දම් ගහලා, කේක් එක හැඩ කළා. පෙට්ටිය පඩිපෙලේ දාලා දැන් හැදුව කේක් එකක් වගේ පොඩි ඇඩ් එකක් දාගෙන ම මං දොරෙන් ඇතුල් වුනා. ඒකෙත් පුංචි ගතියක් තිබුණා. මං ඩිලිවරි වැඩකට ප්‍රමාද වුනාමයි මයෙ හිතේ. අපි ආගිය කතා, සාමීචි පවත්වන අතරතු‍රේ චිලී කොමඩු ජූස් එකක් හැදුවා. කියලා වැඩක් නෑ. ඒ දෙන්නට පොඩියට ජූස් බාර් එකක් පටන් ගත්තා නම් සෑහෙන්න ආදායමක් ගන්න තිබුණා.  (ඔක්කොම ඉතිං මැජික් බුලට් එකට පින් සිද්ධ වෙන්න කියලත් ලියන්න ඕන)


අපි කස්ටිය සෑහෙන වෙලා ටොප් යාන්ස් පෙළගැස්සුවා. සී.එස්ගේ අලකලංචි කතා, ප්‍රෞඩගේ සීරියස් කතා, අස්පට් ජොකියන්ගේ අපතට් කතා, ආදී වට්ටෝරු කතාන්දර කියලා අපි අපිට ම හිනාවුනා. කාලය ඉක්ම ගියෙන් ගයියලාගේ ගෙදර යන්න අපි නඩේ එළියට බැස්සා. 

වයන්න සිතාරෙ වයන්න ඔබේ.. ඕකේ එක කම්බියක්වත් නෑ...
නමුත් කෝමද චන්දරේ ශංකර්ගේ භාව ලීලාව...? 
ඒ වෙලේ ගයියාත් වීදි සංචාරයක ගිහින් ගෙදර එමින් සිටියේ. බැලුම්මහර ෂෙඩ් එකේ දී ගයියාව අපිට හම්බවුනා. එතුමා අපට කලින් පිටත් වුනා. අපි තාත්තාගේ මරණින් පස්සේ ගයියලගේ ගෙදර ගියපු මුල් ම වතාව. අංකල් නැති අඩුව අපටත් සෑහෙන්න දැනුනා. ඒ ඒ අය එක්ක ඉදිරි කටයුතු ගැන කතා කරමින් ඉද්දි වැස්සකුත් කඩා හැලෙන්න වුනා. ගයියාට ව‍ගේ ම තාරක මල්ලාටත් කරන්න සෑහෙන්න වැඩ තිබුණා. තාරක නම් අංකල්ගේ කපාපු පලුව. ඔහු මට නවීන බෝග වගාව ගැන වටිනා දේශනයක් කළා. මං ආයෙත් සාමාන්‍ය පෙළ කෘෂිකර්ම පන්තියට ගියා. ටීචර් ලස්සන නිසා ඇවරි තෝරගත්තු තවත් විෂයක් තමා කෘෂිකර්මය‍.  හැබැයි මුකුත් ‍ පාඩම් නොකළත් ඒ සාමාර්ථයක් තිබුණා. ට්‍රිපල් සුපර් පොස්පේට්, මියු‍රියේට් ඔෆ් පොටෑෂ්, ‍ආදිය නියම අනුපාතයට කළවම් කර බුලත් පැළ සඳහා යොදා ගන්නා හැටි ඔහු පැහැදිලි කළා. මේ ගැන සෑහෙන තොරතුරු නෙට් එකේ තියෙනවා‍ මං කියෙව්වා. හැබැයි ඒ පෝර අනුපාත තාත්තා කොහෙන් හරි හොයාගෙන හරියට ම දාලා තිබුණා‍. අපි නිවස පිටුපස මඩුව නැවත ඉදිකිරීම ගැනත් සාකච්ඡා කළා. නව තාක්ෂණය අත්හදා බලන්න කුතුහලයක් ඇති මේ තරුණ ගොයි මහතා එක්ක ගෙවුන පැය ඉතා රසවත් එකක් වුනා.


කතාබහ හමාර කරලා , අපි එන්න පිටත් වුනා. ඉස්සෙල්ලා ම බහින්න හිටයේ චන්දරේ‍. අපි චන්දරේ‍ගේ නව නිවස, චන්දරේ විලාස්හි කෙටි වේලාවක් ගත කරන්න හිතුවේ චිලී සහ රුචිර අයියා එහි මින් පෙර පැමිණ නොතිබුණ නිසා. ගංගා ආපු ආරංචියට අරවින්දගේ අම්මාත් අපිට එකතු වුනා. සාලේ හතරපස් පළකින් වාඩි වුන අපේ අවධාන‍යට යොමු වුනේ පැත්තක ගොඩගසා තිබුණ සංගීත භාණ්ඩ දිහාවට. රුචිර අයියා නිකමට වගේ ෆුට් බැලෝ සර්පිනාව ගහලා බැලුවා. ආහ්.. ඒක වාදනය කළ හැකියි. ඔය ආකාරයට අපි සිතාරය, ඩොල්කිය, ජපන් මැන්ඩලිනය, වයලීනය, උඩැක්කිය ආදී සංගීත භාණ්ඩ බොහොමයක් පරීක්ෂා කළා‍. චන්දරේ ශංකර් සිතාර් ගහන භාව ලීලාව අපි කවුරුත් කතා වුනා.
මේක චන්දරේගේ බජව් දාන කාමරේ.....


ඇන්ටි ආපු නිසා අපිට ගේ වටේ ටුවර් එකක් ලැබුණා. මුලින් ම ගියේ අරා‍ගේ කාමරයට.  එය සෑහෙන්න පිළිවෙල‍ට තිබුණා. මං ඒ කාමරේ ඒ තරම් පිළිවෙලට දැක්කමයි. ඊළඟට අපිට කුස්සියට යන්න ආරාධනාවක් ලැබුණා. මට සිහිවුනේ අපි කැමරා කාරිය අරගෙන කොටි බංකර් බලන්න ගිය විදිය. ගංගාට තමා මේවා ඉතිං පිළිවෙලක් කරලා ගන්න වෙන්නේ කස්ටිය කතා වුනා. අවසානෙට සංගීතය ගැන තව කතා කරපු අපි අරාල‍ගේ නිවසේ ළඟදීම පැදුරු පාර්ටියක් දාන්න යෝජනාවක් ගෙනාවා. මේ තියෙන සංගීත භාණ්ඩ වල ප්‍රයෝජනයක් තියෙන්නත් එපෑයැ???


මෙන්න සෘති පෙට්ටිය...
ඔය අතරේ සීන් එකට එන්ටර් වුන චන්දරේගේ මලයා ප්‍රබාගෙන් චිලී මැතිනිය නොසෑහෙන්න බයිට් වුන බවත් කිව යුතුයි. ප්‍රබා කොලූ අන්තර්ජාලය පදනම් කරගත් අංක එකේ ස්මග්ලර් කෙනෙක් හැටියට තමා චන්දරේ විසින් අපිට හඳුන්වා දීලා තියෙන්නේ. මේ දිනවල කොලුවා උසස් පෙළ විභාගයට ලක ලෑස්ති වෙනවා. අර කියලා තිබුණේ විභාගෙන් පස්සේ ඇහැරවන්න ය කියලා. ඉතිං අපි හිතුවා දැන් මල්ලි නිදි ඇති කියලා. මෑන්ස් දාපු ස්ටේටස් එකක් ගැන සඳහන් කරලා චිලී කොල්ලට හින්ට් එකක් ගැහුවා. මල්ලි සයන්ස් නේ කරන්නේ. නෑ අක්කේ මැත්ස්. ආ හයර් මැත්ස් ද? නෑ අක්කා මැත්ස් කොටස් දෙකයි නේ. පියෝ ඇප්ලයිඩ් කියලා. කොල්ලා සෑහෙන්න සීරියස් විස්තරයක් කළා. කලා කරපු අපේ චිලී අඩුම තරමේ මැත කරපු එකෙක් ගැන අහලවත් නෑ කියලයි අපිට වැටහුනේ. ප්‍රබා කොලූගේ නක්කල් හිනාවට චිලී පුපුර පුපුර හිටියා. අපි ඉතිං අර නෝ ටර්න් ඔන්ලි රිවර්ස් පාරේ ගිහින් ගංගාවයි මහ මුහුදයි ගෙදරට බාර දුන්නා.

පොල්ලතු බත් ක‍ඩෙන් පරාටා පාරක් දාගෙන චිලීත් අයියාත් මාව ගේ ළඟින් හලාල ගෙදර ගියා. ඒ අපේ වන් වන් සීරෝ හි අවසාන චාරිකාව බවත් ලියා තියන්න ඕනෑ‍.   



චිලී ගංගාට මේ කුස්සියේ ගැළපේ ද? යන්න පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක යෙදෙමින්..

Sunday, August 3, 2014

කස්ටමර් බලන්නේ ඔහොම ද?

මල් නවකතා එකතුව....
පහුගිය සිකුරාදා කියන්නේ ඇවරිට පට්ට සාටර් දවසක් වුනා. උදේ පාන්දර පුංචි රාජකාරියක් කරගන්න කොළඹට ආපු ඇවරිට කොටුවේ පැය තුනක වේටින් එකක් තිබුණා. මේ පැය තුන ගෙවා ගන්න හැටියක් කම්පනා කළ ඇවරි කාලෙකින් පොතක් කාරිය කියවන්න බැලුවේ නැති නිසා කොටුවේ ගුණසේන සමාගම පැත්තට දූරින්භූත වුනා. ගුණසේන බ්‍රදර්ස් පොත් වලට වගේ ම ලිපිද්‍රව්‍ය සඳහාත් හරි ප්‍රසිද්ධයි. සාමාන්‍යයන් ඇවරි අවුරුද්දකට හරියන්න සටහන් පොත්, ඒ4 කොළ, සී.ආර් එකපාර ගන්නවා. හැබැයි පුරුද්දක් වශයෙන් ඇවරි පොත් සල්ලිවලට ගන්නේ හරිම අඩුවෙන්. ඒකට හේතුව අම්මයි අප්පයි තමා.  බැරිවෙලා හරි පොතක් ගත්තොත් ඒ තෑගි දෙන්න ම තමා. පොත් ගැන කියද්දි අහලා ඇතිනේ පොතයි බිරිඳයි අන්සතු කළොත් නොලැබෙනවාය කියලා කතාවක් තියෙන විත්තිය.



ඒ වගේ ම තමා ඇවරි න්‍යායට අනුව පොතක් මිලට අරං කියවන්න ගියොත් කවදාවත් කියවෙන් නෑ. බොහෝ වෙලාවට නවකතා පොතක වගේ වටිනාකම තියෙන්න කියවන්න ගන්නකම් පමණයි. මගේ එහෙම අරං නොකියවපු පොත් තොග පිටින් ගිය වසර වෙනකම් තිබුණා. ඒවා ගෙනාපු කවර වල සුරක්ෂිත වූ නිසා දූවිලි වැදිලා තිබුණේ නෑ. වහා ම රැපින් පේපර් ගෙනාපු ඇවරි ඔක්කොම පාර්සල් කරලා දුවා දරුවන් අතරේ බෙදා දුන්නා. ඒ අතර හොඳ රුසියන් නවකතා පොත් තිබුණත් මට ඒවා නැවත කියවන්න මූඩ් එකක් තිබුණේ නෑ. අනේ ඒවා ගත්තු දරුවෝ නම් මට ඒවායේ කතාන්දර කියලා දුන්නා. තවත් මං ලෝබකමට තියන් හිටියා නම් අපරාදේ. ඉතිං දැන්නම් මං පොතක් ගත් වහාම කියවලා රැපින් පේපර් වලින් ඔතලා අත්සන් කරලා පිළිවෙලට තියෙනවා. ඕන වුන ගමන් ගත්තා තෑගි දුන්නා. හරි පහසුයි.



ගුණසේන සමාගම ලංකාවේ බොදුණු පොත් වලින් ප්‍රධාන කිහිපයක ම ඒකාධිකාරයක් දරනවා. ඒ පිරුවානා පොත් වහන්සේ හෙවත් මහ පිරිත් පොත, සිතුවම් සහිත ජාතක කතාපොත ආදී ප්‍රධාන බෞද්ධ කෘතීන් වලින්. නමුත් ලංකාවේ වැඩිම බෞද්ධ පොත් ප්‍රමාණයක් ප්‍රකාශනය කර ඇත්තේ සමයවර්ධන සමාගම. මීළඟට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. දයාවංශ ජයකොඩි සමාගමත් යම් මට්ටමක තියෙනවා. ඇවරි උසස් පෙළ අවසන් කළ වහාම මාස හතක කාලයක් මරදාන සමයවර්ධන පොත් සාප්පුවේ පරිගණක අංශයේ වැඩ කළ නිසා මේ දේවල් ගැන දැනකියාගන්න ලැබුණා. ඒ මගේ පළමු රස්සාව. ඒ ජීවිතය හරි නිස්කලංකයි. උදේ හත වෙද්දි මං ගේට්ටුව ළඟ අපේ ගබඩා භාරකරුත් උදේම එනවා. ඉතිං පත්තරේ විස්තරේ එහෙම අහලා තමා වැඩ පටන් ගන්නේ. මට තිබුණේ අලුතින් විකුණන්න එන පොත් බාර්කෝඩ් දීලා සිස්ටම් එකට දාන්න. සිස්ටම් එක කරලා තිබුණේ සරස ආයතනය. මට සීනියර් අයියා කෙනෙක් හිටියා. ඩෙක් එක පිරෙන්න පොත් තිබුණත් අපි දෙන්නා පැය කිහිපයක් තුළ ඒ ටික ෂෙල්වින් වලට යැව්වා. සීසන් එකට නම් හොදි ඕනනෑ. කඳු පිටින් ගෙනත් බාන්නේ. පැය කිහිපයෙන් ට්‍රොලි එනවා. නමුත් වැඩ අඩු කාලෙට ඉතිං රජ මඟුල් තමා. අයියා නම් කියවන්නේ නෑ. නමුත් ඇවරිට නම් කියවන්නැතිව බෑ. මං ආස කරපු සියලු ම පොත් ඒ මාස කිහිපය තුළ මං කියෙව්වා. හැබැයි සමයවර්ධන පාලනාධිකාරිය එයාලගේ සේවකයෝ වැඩ අතරේ පොත් කියවනවාට කැමැත්තක් තිබුණේ නෑ. ආයතනයේ වසය අඩුම සේවකයා වුනු, විශ්ව විද්‍යාල සුදුසුකම් ලද මට ඒ තහංචිය තිබුණේ නෑ.



ඇත්තට ම එහි පොත් විකුණන්න හිටි පිරිසට අවම අධ්‍යාපන සුදුසුකම් තමා තිබුණේ. මං පොර කියලා කියනවා නෙමෙයි. ඒ අයට අහන පොත දෙන්න මිසක් පාරිභොගිකයා එක්ක පොත් තෝරන්න සෙන්ස් එකක් තිබුණේ ම නෑ. ඒ කාලෙ වීරමන් මහත්මා බැලුවේ සමයවර්ධන ප්‍රින්ටර්ස් එක. එතුමාගේ දුව මිස් දිනුෂි තමා බුක්ෂොප් එක ගෙනිච්චේ. සේවකයන් අඩු වෙද්දි අපේ කියුබිකල් එකෙන් එළියට ඇවිත් දෙවන මහලේ පාරිභෝගිකයාට සේවා සපයන්න අපි දෙන්නාට නියම වෙනවා. ඒක මහ හැලි වැඩක්. අපි හැම රාක්කයක ම තියෙන පොත් ගැන දැනගන්න ඕනෑ. නොකියවුවත් අඩුම තරමේ පටුන කියවන්න ඕනෑ. කතුවරයා ගැන ඇහුවොත් එයාගේ සම්මාන ලද පොත්, නව ප්‍රවේශ ගැන දැනගන්න ඕනෑ. ජල්බරි ගොඩයි. හැබැයි මං සති කිහිපයක් ලැඩර් තිය තිය රාක්ක වල නැඟලා පොත් කියව කියව ඒ තට්ටුවේ පොත් ගැන ඉගෙන ගත්තා. මං ස්පෙසිමන් ගද්දි පොත් විස්සක් විතර එකපාර ගන්නවා. අරං සටහන් දාගන්නවා.



දවසක් වීරමන් ලොක්කා එද්දි මං පොත් අට්ටියක් පෙරළගෙන සටහන් දානවා. ලොක්කා මගේ ළඟට ම ඇවිත් මොනාද ලියන්නේ ඇහුවා. සාමාන්‍යෙයන් ආධුනිකයන් තොග සටහන් නොගන්නා නිසා ඔහු මා ගැන සැලකිලිමත් වුනා. මං හිනාවෙලා සටහන් කිව්වම මෑන්ස් අඤ්ඤකොරොස් වුනා. පස්සේ මිස් දිනුෂිට එන්න කියලා මං ගැන රිපෝර්ට් කළා. ඇයත් මට පුංචි සත්තමක් දාලා ලොක්කා ගියාට පස්සේ මාව ගෙන්නලා කතා කරා. මට මෙතනට කැමරා වලින් පේනවා ඔයා පොත් කියවනවා. කැම්පස් යන්න ඉන්න ළමයෙක් නිසා මං මුකුක් කිව්වේ නෑ. ඒත් තාත්තා එද්දි නම් කියවන්න එපා. එයාට තරහා යනවා. ඉතිං මිස් අපි විකුණන පොත් ගැන අපි දැනගන්න ඕන නැද්ද?? එතකොට නේ අපිට හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් වෙන්නෙ. මං තවත් මුකුත් නොකියා එළියට ආවා. දෙවන තට්ටුවේ තිබුණ ඔක්කොම විෂයගත පොත් වැඩිහරියක් ඉංග්‍රීසි. මං බැරි බැරිගාතේ ඒවත් බැලුවා.
අන්තිමට මං හොයාගත්තා අපි ගෙන්වලා තියෙන විෂයගත ඉංග්‍රීසි පොත් වලින් විකිණිලා තියෙන්නේ 20% වගේ ප්‍රමාණයක් බව. මට ඉන්වෙන්ට්‍රිය බලලා කියන්න පුළුවන්කම තිබුණා. අපේ බුවාලා බඩු තියාගෙන නෑ කියලා. අන්න එදා ඒ අය තේරුම් ගත්තා පොත් විකුණන මිනිස්සු පොත් කියවන්න ඕන කියලා. විශේෂයෙන් ම නවකතා අංශයේ අය. අලුත් රචකයෙක් ගැන ඇහුව ම, ඇත්තට එයා මොනවාද ලියපු පොත් කියලා ඇහුවොත් කස්ටාට මල පනින එක අහන්න දෙයක් නෑනේ??



 කස්ටමර් එද්දි සබ්ජෙක්ට් එක ඇහුවම දෙන්න ඕන පොත මං දන්නවා. ඊට වැඩි විස්තර ඕන නම් මේ පොතත්, ඒත් මදිනම් ඒ සම්බන්ධයෙන් අහවලාගේ පශ්චාත් උපාධි නිබන්ධනය ඇසුරෙන් කළ  පොතත් අවසානයේ මේ සියල්ලෙහි මිල පරාසයත් දක්වනවා. සාමාන්‍යයන් ඇවරිගේ අත්දැකීම අනුව නියම විකල්පය තෝරා ගැනීම සිදු වන්නේ අවසාන පාරිභෝගිකයාගේ වයස අනුව. අනේ නෑ පුතා මේ අපේ දුවට සාමාන්‍ය කියවීමට. හා එහෙනම් මේක ඇති. ඒ නිසා මුලින් ම එන්ඩ් කස්ටමර්ගේ වයස අහන එක මං පුරුද්දක් කර ගත්තා. හරියට ඇඳුම් තෝරද්දි ඉණ කීයද අහනවා වගේ. සමහර කාන්තා පාර්ශවය ඒ ගැන කම්පේල්න් කළත් පස්සේ ඔවුන්ට විශාල වෙලාවක් මං ඉතිරි කර දෙන නිසාත් මගේ තෝරාගැනීම් වලින් ඇගේ දුව පුතාගේ පන්තියේ වැඩේ කෙරුණු නිසාත් ඔවුන් නැවත නැවතත් මා සොයා ආව අවස්ථා තිබුණා.
මං අන්තිම කාලේ එන්කෝඩින් නවත්තලා කස්ටමර් බැලුවා. සමහරු මා ළඟට ඇවිත් අහන්නේ පුතා මට හරියන නිව් අරයිවල්ස් මොනා ද කියලයි. ගාන කීය වුනත් උඩින් පල්ලෙන් කියවලා ඒ අය පොත් ගෙනිච්චා. එදා පොත කොහොම ද කියලා මං ඊළඟට ආවම අහනවා. අලුත් පොතක් ආවම ඊට යන කස්ටලා සෙට් එක අනුව රිසව්ඩ් කොපීස් තියන් ඉඳලා ලෝයල්ටි රිවෝර්ඩ් එකක් හැටියට දුන්න වෙලාවලුත් තිබුණා. සමහර වෙලාවට ලෝන්ච් එකෙන් පස්සේ කතුවරයෝ බුක්ෂොප් වලට එනව. බෙස්ට් සෙලින් ඕතර් කෙනෙක් ආවොත් මට කල්ල මරේ. මං ඒ වෙලේට කොපීස් විස්සක විතර ඩේට් දාලා සයින් කරගන්නවා. පස්සේ අපේ නියම කස්ටා ආවාම, ඔයා මේක කියවන්න ම ඕන මිස් මේක සෑහෙන්න ඩිමාන්ඩ්. මේ ඒ ඕතර්ගේ ලේටස්ට් රිලීස් එක. ලෝන්ච් එක තිබුණෙ පෙරේදා. මෙන්න මේ මිස්ගේ රිසර්ව්ඩ් කොපි එක ඕතර්ගේ ඔටෝග්‍රාෆ් එකත් එක්ක ම, කිව්වම ගෑනු පොත් බදාගන්නේ අපිට පින් දීලා. හරියට මාව බදා ගන්න බෑ වගේ. ඉතිං ඒකට දැනගන්න ඕන ඒ අයගේ කැමැත්ත විතරයි. හාර්ඩ් සෙලින් ඕන නෑ. හිතන්න ඔයා කියවන්න කැමතිම පොත අදාළ ලේඛකයාගේ අත්සන සමඟින් ඔයාට මිලට ගන්න අවස්ථාවක් ලැබුණොත්??



මේක තව හොඳයි.....


පොත් කියවීම හැබිට් එකක් වුන කස්ටිය ජරාවල් ඇඟේ ගහනවට කොහෙත් ම කැමති නෑ. අර මාර්ටින් වික්‍රමසිංහ කියනවනේ පොතක් කිවවීම කැමති රටකට චාරිකාවේ යනවා වගේ වැඩක් කියලා. ඉතිං පොත් විකුණන අය පාඨකයො කැමති රටකට උන්ව යනවා මිසක් ඉතියෝපියාවට යවලා හරියන්නෑනේ. අද මට කියන්න ඕන වුන කතාව ලියවුනේ නෑ. අතීත සැමරුමක් ලිව්වා මිසක් ඔබ විජේසූරිය හෝ විදර්ශන හැරුණු කොට ලංකාවේ වෙනත් පොත් සාප්පුවකට ගොඩවෙලා පැය දෙකක් ගත කරලා නැතිවාට කිසිම සැකයක් නෑ. හොඳට කල්පනා කරන්න. හේතුව ඒවායේ පොත් විකුණන අයගේ හැසිරීම නෙමේ ද?

Tuesday, July 29, 2014

කුමට ලී මම් ලව් ලෙටර්ස්.....????

දිල්රුක්, ක්‍රීස්, බියට්‍රිස්
කුමට ලී මම් ලව් ලෙටර්ස්
සඳවත් වේය මාගේ බරී පෙම්
සිටින්නේ මහනූර් ගම් පියස් මැද්...

පහුගිය ඉරිදා මගේ කාමරයට ආපු අමුත්තියක් එය අස්පස් කිරීමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණා. ඔය මොන බයිලා කතාන්දර දෙසා බෑවත් ආයුබෝන් දස පුන්‍ය ක්රියා වලින් වත් පිළිවෙත් පිරීම ඇවරිට සෑහෙන්න අමාරු කාරියක්. කඩ නොකර පුරන පිළිවෙත් ඒ තරම් දුර්ලභාය තමයි.

සුපුරුදු පරිදි දහම් පාසල් අවසන් කරලා ගෙදර එද්දි ‘ආ කවිකාරයා ඕන්න අපි නෙප්ලන්ඩ්ස් පිළිවෙලක් කළා‍‘ යනුවෙන් ඈ පුද්ගලික වෙළඳ දැන්වීමක් විකාශය කළා. කොහොම නමුත් ඒ සත්කාරයට ඇවරි මුව නොසෑහෙන්න ස්තුති කළ ඇවරි ඇඳුමක් කාරිය මාරු කොරගන්න යද්දි මගේ කාරමය මගේ නොවන තරමට පිළිවෙලට තියෙනවා. කාමර අස්කරන්න බැරිවට සරුංලුත් ඇරින්න වෙලා තියෙනවා නේ?? ඒ හතර බීර කතාව තේරීමේ තත්පර වුන ඇවරිට සිරාවට හිනා ගියා.

සාමාන්‍යෙයන් සරුංගල් අරින්නේ ඇවරිගේ උපන්දින මාසයට. ඇවරි පුංචිම කාලෙ අයියලා එක්ක ලොකු මොනරෙක් හදලා නිවාඩු කාලෙ සති ගණනාවක් උඩ යවපු බව මතකයි. ඉන් පස්සෙ ජාතික සරුංගල් සැණකෙළියට දෙපාරක් ගියා ඇරුණ ම කැම්පස් ගිය දවසක චිලීයි, රුචිර අයියලා අපි කස්ටිය ගෝල්ෆේස් පිට්ටනියේ ඇතිවෙන්න සරුංගලයක් යැව්වා කියලා මතකයක් තියෙනවා. එදා අපේ සරුංගලය කඩාගෙන ගිහින් චිලී ඇස් රතු කරගත්ත ම කස්ටිය ගිහින් ගෝල්ෆේස් හෝටලේ අරලිය ගහකින් සරුංගලය බාගෙන අරං ආව මතක ඇති. ගිය සීසන් එකේ ඇවරිලාගේ ගෙදර පොල් ගහකට ආ සරුංගලයක් ඒ සමඟ ඇවිත් පැය ගාණක් මිදුලේ හිටි කොල්ලන් ටික ගල් මාට්ටු දාලා සරුංගලේ බා ගන්න බැරව අනේ අංකල් අරං දෙන්න කියලා කණිපින්දම් ගහද්දි, වහළට නැඟලා කෙක්කෙන් අරං දුන්නා මතකයි. ඉතිං ජීවිත කාලෙට ම සරුංගල් පටලැවිලි එච්චරයි. මං සරුංගල් කාපර් කෙනෙක් නෙමෙයි කියලා ඒ ආකාරයට පැහැදිලි කළත් කස්ටිය කොකන් පාන්නේ වෙන ජල්බිරියකට කියලා සෙන්ටර් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.


අපි කිව්වේ 2006 තමුන් මේ කාන්තා අපි ගැන සඳහන් කරලා අවකාශෙට යවපු සරුංගලයක් ගැන කියලා මගේ පරණ දිනපොතක් සබාව මැද ඇදලා ගත්තේ නැතෑ ලොල්. අනුන්ගේ දිනපොත් කියවන එක නරක ම පුරුද්දක් මං විරෝධය පෑවෙ එසැණින්. ඒත් මේක මේ කෙටි සටහන් ලියපු එකක් නිසයි බැලුවා. ඇත්ත ද? හා ලියලා තිබුනෙ කෙටිසටහන් කියලා හොයාගත්තේ කියවලා නෙමෙයි වෙන්නැති??? මම රීඩ් කළේ නෑ හලෝ ස්කෑන් කළා විතරයි. මේ දැනුයි රීඩ් කරන්න යන්නේ. රෙලවන්ස් ලෙවල් එක වැඩි නිසා. ඊළඟට ඉතිං දිනපොත මා සතු කරගන්න ගේ වටා මැරතන් තමා.


අවසානයට මගේ දිනපොත මට හම්බුනා. ඒක ඒ ලෙවල් පන්තියේ දී මං ඉතිහාසය කෙටි සටහන් ලියන්න පාවිච්චි කරපු දිනපොතක්. අතරින් පතර මගේ නොවන පොඩි පොඩි ප්‍රේම ජවනිකා වල කෙටි පටුන් ලියැවිලා තිබුණත් අදත් ඒ කෙටිසටහනෙන් සම්පූර්ණ පාඩම මතක් කරගන්න පුළුවන්. වෙලාවට ඒ දිනපොත හම්බුනේ. වෙන එකක් ලැබුණා නම් කපෝති.  ඒ දිනපොතේ ප්ලාස්ටික් කවරයේ හතරට නවා ඔබ්බවා තිබුණු පෙම් හසුන ගැන ඇහුවට මුලින් නිවැරදි තොරතුරක් ලැබුණෙ නෑ. ඒ ලියුම මේ ඩයරියේ තිබුන බව ඇවරිට ටක්කෙට ම මතකයි.  ආයෙත් ලැබෙන්නේ ම නෑ කිව්ව ම නම් ඇවර ගොඩක් දුක් වුනා. ඒ මං ලියලා මට ලොජික් ක්ලාස් එකේ දි දෙන්න බැරි වුන ලව් ලෙටර් එකක්. ඇත්තට ම මගේ පෙම් හසුන් කලාව ගැන තිබුණු එක ම සාක්ෂිය ඒක. මොකද අනිත් ඔක්කො ම දීපු දීපු අය ළඟනේ. 2007 මාර්තු මාසෙට දිනගත වූ ලිපිය. මට එහි ගොඩක් ඡේද කටපාඩම් වුනත් ඒ ලිපිය ලබා ගැනීමේ අවශ්‍යතාවය මතු වුනා.


ඒකත් වුනේ හරි විදියකට මං කවි රසාස්වාදයක් කරවද්දි නිසදැස් වගයක් තෝරගත්තා. ඒ අතර නිශ්ශබ්දතාවයත් තිබුණා. දැන් ඕක ළමයින්ට උගන්නද්දි පෙම් හසුන් ගැන කතාව ඇදිලා ආව. කිව්වම විශ්වාස කරන්න අයියෝ පෙම් හසුනක් ලියලා තිබුණේ කොල්ලො දෙන්නයි. ඒත් අන්තර්ගතයෙ ගත යුත්තක් නෑ. හැබැයි කෙල්ලො කොල්ලො බහුතරය වැරදීමකින් හරි විරුද්ධ පාර්ශවයට අයි ලව් යූ කියලා ටෙක්ස්ට් එකක් නම් කොටලා තිබුනා. එහෙම ටෙක්ස්ට් එකක් යවන්නත් අවස්ථාවක් නොලද පිරිස හිටියෙ හය දෙනයි. ඊළඟ දවසේ මට මං ලියපු පෙම් හසුනක් කියවන්න වුනා. ප්‍රතිචාර උපරිමයි. සර් මාර උපමා කන්දක් නේ තියෙන්නේ? මේ වැඩේ කලාවට කරන්න සෑහෙන්න කියවන්න ඕන නේ?


ඇත්ත පුතා, ඒත් ආයේ ආයෙ කියවද්දි මතක අලුත් වෙනවා මිසක් එපා වෙන්නේ නෑ නේද? ඉතිං එහෙම ලියන්න පුරුදු වෙන්න. කවි කෑලි දාලා, සින්දු අමුණලා, රහට ලියන්න. අන්න දැන් මා ළඟ අංකුර කවියො රචකයො එමට. එදා මං ලියපු පෙම් හසුන් වලට වඩා අද ලියන අයගෙ උපමා යාවත් කාලීන වෙලා. හැබැයි උන් පරිකල්පිත ලෝකෙක ඉඳන් ලැබෙන කෙනා හඳේ තියෙන තරමට ලියනවා. මට ඒ ගැන සතුටුයි. දැන් මුන්ට බරට දැනෙන්න ලියන්න උගන්නන්න ඕන. නැත්නම් සීනී බෝල කතා ම ලියලා හාල් වෙලා යන්න පුළුවන්.


කොහොම නමුත් සතුටයි සතුටයි මේ බෝවෙන්නේ නිසා අවුලක් ම නෑ. ඇයි වදේ මුන්ට ප්‍රායෝගික ලේඛන කියලා, අත්පත්‍රිකා, ආරාධනා පත්‍ර, සාරාංශ, රචනා, පුවත්පත් ලිපි, සඟරා ලිපි හැම බම්බුවක් ම පුළුවන් වෙලා ලව් ලෙටර් එකක් ලියා ගන්න බැරි නම් වැඩක් නෑනේ කොටින් ම.       

Sunday, July 27, 2014

යුග පුරුෂයකුගේ නික්ම යාම

ගණ අඳුරෙහි මැණිකක් සොයන ලෙද
තාත්තාගේ සිරුරෙහි හුස්ම කළඳක්
කොහේ හෝ සැඟ වී ඇත්දැයි
සොයාබලන තුරු දොස්තර
බියපත් වූ නෙත් දල්වා
බලා සිටිමු නිහඩව අපි
- විමල් දිසානායක

පහුගිය කාලෙ ඇවරිගේ හිත සසල කරපු ප්‍රධාන සිදුවීමක් වුනේ ගයියාගේ පියාගේ මරණය. පිළිකාවක් සමඟ මාස දෙකක් පමණ කාලයක් සටන් කළ තාත්තා පසුගිය දා සදහටම දෙනෙත් පියාගත්තත් එතුමාගේ මරණය ඇතුළේ අපිට මතක් කරන්න කාරණා රාශියක් ඇති නිසා මේ විශේෂ පෝස්ටුව ලියන්න තීරණය කළා.

විශ්‍රාමික ගුරු මහතකු වූ එතුමා මගේ පියාණන්ගේ වයසේ මයි. බොහොම නිවුණු, චරිත ලක්ෂණ පෙන්නුම් කළ ඔහු ඇවරිට අමතක නොවන චරිතයක් වුනා. පරිණත චරිතයක තියෙන්න ඕන බ්රෑන්ඩඩ් කොලිටීස් ඒ තාත්තා ළඟ අඩු නැතිව තිබුණා. මං තරුණයෙක් විදියට අද මගේ තාත්තා ඇතුළු මේ තලතුනා චරිත වලින් සෑහෙන ඉගෙන ගන්න උත්සාහයක් දෙනවා. තමන්ට පිළිකාවක් කියලා දැනගත් වෙලේ එතුමා කතාකරපු හැටි,වැඩ කරපු හැටි මාර ගැඹුරක් තිබුණා. මට මතකයි එතුමාගේ සී.ටී ස්කෑන් පරීක්ෂණයට අපි ඔක්කොම සහභාගී වුනා. එදා අපි කට්ටිය වට කරන් කතාකරමින් බොහොම සැහැල්ලුවෙන් ඔහු ඊට මුහුණ දුන්නා. අපිට බත් කලා යන්න කියලා බල කරපු හැටි තාමත් මතකයි. අමුත්තන්ට සංග්‍රහ කළ යුතුයි කියන මතයේ ඔහු තදින් හිටියා.


එතුමා අංක එකේ බුලත් ගොවියෙක්. මං ගයියලගේ ගෙදර ගියා ම තාත්තා ඒ ගැන කතාකරනවා අහගෙන. මං දන්නෑ මට ඒ වගේ පිළිවෙලක් ඇති වයස්ගත ජීවිතයකට මාර ආසාවක් තියෙනවා. ඒ මිනිස්සු මේ ලෝකෙට ඇවිත් තමන්ගේ යුතුකම මනාව ඉෂ්ට කළා. මං ලියන්න ගත්තාට තාත්තා ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. හැබැයි මගේ කියවිමේ හැටියට ගයියාත් පුතෙක් විදියට තමන්ගේ යුතුකම් කොටස අකුරට ම ඉෂ්ට කළා. රුචිර අයියා ඇතුළු අපේ කට්ටිය වගේ ම ගයියලාගේ අසල්වැසි ගමේ කට්ටියත් ඊට නොසෑහෙන්න උදව් උපකාර කළා. වසු පැටියෙක් නිදහස් කිරීම වගේ පින් වැඩෙන වැඩත් රාශියක් කළා. ඉතිං අපිට සතුටු වෙන්න පුළුවන්.


නියම චරිතයක අවසාන කාලෙ හරි ඇසුරු කරන්න ලැබීම ගැන මට සතුටුයි. ඔවුන් නියම වීරයෝ. නැති අඩුව තව දාහකින් පිරිමහන්න බෑ. ඒක මට වඩා ගයියාට හොඳින් දැනෙනවා ඇති. ගමට දැනෙනවා ඇති. ටිකක් හිතන්න මුළු ගමක් මෙහෙම හොඳයි කියලා කියන්න තරම් වටිනා කියන ජීවිතයක් එතුමා කොහොම හදාගන්න ඇති ද? ඒ තාත්තා ආයෙත් නාවත් ඒ තාත්තගේ ගුණ ඇවරිට නම් මැරෙනකම් මතක තියේවි. මාව තාමත් පුදුම කරවන්නේ හරි සරලව ජීවිතේ තේරුම් ගෙන ජීවත්වුන මේ පරම්පරාවෙ ඇත්තන්ගේ ජීවන දෘෂ්ටිය. ඔවුන් එක්ක අපි කොහෙද ඉන්නේ......???


මං දකින දේ තමා ඒ චරිත වල කිසිදාක වෙනස් නොවන පිළිවෙලක් තිබුණා. වෙලාවට නැඟිට්ටා. නෝනා හදපු දෙයක් කෑවා. විශ්‍රාමික ජීවිතේ හොඳින් ගෙව්වා. අපිට නැත්තේ මේ රිදම් එක පුතා. අපි තරුවක්වත් හම්බවෙයි කියලා අහස අල්ලන්න දුවන පරම්පරාවක්. මං දන්නෑ මං නම් අවංකව හේමයි. මේ සිස්ටම් එක ඇතුළෙ මට මාව නැතිවෙනවා. මං මගේ නෙවෙයි වෙනවා. මං දියවෙනවා. කරුමේ මට තේරෙන්නැති එකයි. ඒක නිසා දැන් නම් දුවන්න කලින් මං ටිකක් හිතනවා. තරුණ අපි අම්මලා තාත්තලා එක්ක ජීවත් වෙන්නේ ටික කාලයයි ආයිබෝං. ලොකු කාලයක් අපිට ඒ අය නැතුව තනියම ජීවත් වෙන්න වෙනවා. අපි අත පය හයිය හදාගෙන දුවන්න ගනිද්දි ඒ අය එක්තැන් වෙනවා. එතකොට අපිත් නවතින්න ඕනෑ. අපි අපේ වැඩේට දිව්වොත් ඒ අය බොහොම ඉක්මණින් රේස් එක අත්හරිනවා. අනික පොඩිකාලෙ අපි වෙනුවෙන් ඒ මිනිස්සු නැවතුනා නම්, අපි ඇවිදිනකම් ඒ අයගෙ ගමන බාල කළා නම්, අද අපිට ඔවුන් වෙනුවෙන් අපේ ගමන බාල කරන්න බැරි කමක් නෑනේ??? 


අවසාන වශයෙන් සිරිවර්ධන මහත්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ ගයියා තමන්ගේ ගමන හුඟක් බාල කළා. අද ඔහුට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. අනිවා ගයියගෙන් මං ලොකු පාඩමක් ඉගෙන ගත්තා. මට පින් දෙන්න තවත් මිය ගිය ඤාතියෙක් එකතු වුනා.

ඒ අතුරු කතාව මෙහෙමයි. සාමාන්‍යෙයන් මං සතියේ දවස් පහ වැඩට යන්න කලින් බුදු පහන තියනවා. ගාථා කියලා ඉදං මේ ඤාතී කියද්දි මගේ ආච්චිලා සහ සීයලා දෙන්නාගේ පටන් මිය ගිය ඤාතීන් හැකිපමණ මතක් කරනවා. මං දන්නෑ මට එවෙලෙට සෑහෙන මතක් වෙනවා. ඒ වගේ ම හිතට මාර සැනසිල්ලකුත් දැනෙනවා. හරියට ඒ අය වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා වගේ හැඟීමක් එනවා වගේ ම කවදාවත් ඒ අය මැරුණා කියලා මට හිතෙන්නේ ම නෑ. කොහොම නමුත් මං ඒ හැඟීමට ආසයි. ඔබත් ට්‍රය එකක් දෙන්න. සැහැල්ලුවක් දැනෙයි...          

මට ඔයා වගේ අප්පෙක් වෙන්නෝනේ....!!!!

සුපුරුදු පරිදි මෙවරත් වෙසක් දානය වැඩි අවුලක් නැතිව කෙරුණා. හැබැයි කවදාවත් නැති තරමින් පැමිණිලි ලද වෙසක් දානයක් වුනා. ගෝරි ගොඩයි  ඇවරි පුතා. අවංකව ඔයා වැඩේ හරියට කළේ නෑ. එකඟයි සහෝ මං ඒ දවස්වල අවුට්. ඊට පස්සේ පොසොන් පෙරහැර ආයෙත් ෆේල්. පිළිගන්න ඔයා පිට පිට අසාර්ථකයි. ඇත්ත මං එදා යාළුවොත් එක්ක පිස්සුවක් කෙළියනේ. ආපහු එද්දි පෙරහැර ගිහින්. ඊලඟට භක්ති ගීත, අවුලක් ම නෑ. ඔයා පාස් හැබැයි ෆස්ට් ටයිම් නාන්න වැස්සනේ??? හ්ම්... වැඩේ දියවුනා.

ඊළඟට ෂෝ එක. ආ පට්ට සාර්ථකයි. ඔයාල හොඳට ම කළා. හැබැයි පාර්ට් එකක් අඩුවෙන් තමා ප්ලේ කළේ. යූූ ටියුබ් වීඩියෝව බැලුවොත් තේරෙයි. නමුත් අපි ගොඩක් සතුටු වුන කාලයක් ඒක. නැවතත් හිච්චි මහත්තයා, ද ඩෙකෝ ආර්ටිස්ට් වසරේ ලස්සනම ඔයිල් ලෑම්ප් එක කළා. බැක්ස්ටේජ් කෘ එක නියමයි.  අපේ ආධුනික නිවේදිකාව කථීකාචාර්ය දීප්ස් නියමෙට වැඩේ කළා. මයික් බැලන්සින් තමා අවුල වුනේ නේ?? ඇයි කපූස්... අර ඉසිඹුවක් ලබා ගන්න ගිය හාදයා. එතකොට ප්‍රමිද ඇන්ද පෝ කසින්ස් පර්කෂන් ෂා වාහ්... රෙද්ද තමා චී.... එතකොට හොඳ ම කොස්ටියුම් ඩිසයනර් අපේ අසිනියා මල නියමයි හා. ඇගේ පුංචි ඉඳිකටුවෙන් හැම අංගයක ම හැම හැට්ටයක ම බීඩ්ස් අල්ලලා, ගොඩක් මහන්සියෙන් ඇගේ වැඩේ කළා. මාර ඉවසීමක් ඇයට තිබුණේ. ඇය මගේ නැඟණිය විම ගැන ඇවරි ආඩම්බරයි.

එතකොට ආදම් ඒව ඇතුළු නර්තන ශිල්පි ශිල්පිණියන්ගේ හරි අපූරුයි. මෙදා අපේ කතරගම චාරිකාව වෙනදාටත් වඩා අපූරුයි. අයියෝ අර හෙයියන්තුඩුව ඉස්කෝලෙ බූට් කාපු කෙල්ලො ටික.. ඔයා නිසා අඩලා... පිස්සුවක් අයියෝ. ජීවිතේ ඒ දවස් ටික මාර මහන්සියක් වුනත් මට මගේ සීට් එකේ නින්ද ගියත් අපි මහන්සි වුන තරමට ෂෝ එක ලස්සනට තිබුණා. අපි තාමත් හයිය තියෙන ටීම් එකක්. තාමත් අපි එකතු වුනොත් රොක් යූ තමා. ඒක මාර ලල් හැඟීමක්.

ඊළඟ මාස දෙකම ඒ කිව්වේ ජුනි ජූලි හොඳට ම අවුල් කාලයක්. අපපචිගේ අසනීපය නරක අතට හැරිලා එතුමා රෝහල්ගත කරන්න වුනා නෙව. මහ රාත්තිරියේ ඇවිදින් පැය තුන හතරක් නිදාගෙන පාන්දර නැඟිටලා එතුමාව බලන්න ඉස්පිරිතාලෙ ගිහිල්ලා ඒ හුස්මට වැඩටත් ගිහින් පහුවදා ආයෙත් මෝර්නින් හොස්පිටල් ෂෝ එක කළා. සෑහෙන්න කරදර කාලයක් හැබැයි අප්පච්චිත් එක්ක හුඟක් ළඟින් ඉන්න ලැබුණා. එයා කැමති විදියට කෑම බීම කැව්වා. කැමති විදියට ඇන්දුවා. වැලිසර රෝහල පුරා ම ජීවිතේ ගැන කතා කරකර විසාල ගස් යටින් ඇවිද්දා. අයෙත් මං අප්පච්චිගේ ම පුතා වුනා. ඇත්ත ම කතාව සෑහෙන්න කාර්යබහුල ජීවිතයක් ගෙවපු මට තාත්තාව ආයෙත් ළඟට ගන්න පුළුවන් වුනා. දැන් මං දන්නවා අප්පච්චිගේ කෙස් පැහුණේ අකලට නෙමේ කියලා. අම්මෝ ඒ කතා කෝච්චිය ගැන කල්පනා කරද්දි මට හිනාත් යනවා. එච්චර රහක් තියෙන පොරක් මගේ තාත්තා වීම ගැන මට සතුටුයි. තවද හරි එතුමා වගේ අප්පෙක් වෙන්න ඕන කියලා හිතුවා. මං හේම කිව්ව ම අයියෝ ලොකූ මං එචචර සාර්ථක මිනිහෙක් නෙමෙයි. බලන්න අතන වැරදියි. මගේ මෙතන හරි නෑ. මං ගත්තු ඒ තීරණේ නිසා අම්මා ගොඩක් දුක් වුනා වගේ කතා රාශියයි. හැබැයි බෙන්තර ගඟෙන් එහා ඉඳලා කොළඹට ඇවිදින් මේ ඉඩකඩන් අරං අපි කොළඹ ඉස්කෝලෙ යවලා, උගන්වලා කැම්පස් යවලා ලබපු දේවල් ගැන කිව්වම චීෆ් ලාවට හිනාවුනා. ඔව් ඒව කළෙත් අපි තමා. ඉතිං මදි ද? හ්ම්....

ඒ කාලෙ තමා මට පවුලක වටිනාකම තදින් දැනුනේ. අපිට අපේ අත් දහය කොච්චර වටිනව ද ඒ අත් දහයෙන් අඩු පාඩුවක් නැතුව අපිව ආරක්ෂා කරගන්න පුළුවන් නේද කියලා මං තේරුම් ගත්තා. හැමෝ ම තමන්ගේ පාර්ට් එක හරියට කරනව නම් මොන තරම් අමාරු අවස්ථාවක් වුනත් ගොඩ දාන එක ගේමක් නෙමෙයි. කෙයාරින් ගැන අපුරු පාඩමක් ඒ දවස් ටිකේ මං ඉගෙන ගත්තා. අප්පච්චි බලන්න ආපු මගේ යුනි ෆ්‍රෙන්තන්ට ස්තුතයි. එතකොට වැලිසර දී ඔහු ගැන සොයා බලපු මහේෂ් නිර්මාල් (මයිනාට)ත් ස්තුතියි කිව්වා.

ඔය අතරේ අපේ චිලී සහ අයියා ලෙඩ වුනානෙව. ඒ දවස්වල මං උදේ රාගම ගිහින් දවල් වත්තල හේමාස් ගිහින් හුනුපිටියෙන් කෝච්චියට නැඟලා රස්සාවට ගියා. අපි අපේ මිනිස්සුන්ව බැලුවෙ නැත්නම් කවුරු බලන්න ද අයියෝ?? ලෙඩ්ඩු බලන්න යාම ඇවරිගේ හැබිට් එකක්. ඇවරි ඒකට වටේ ඉන්න පරිවාර කස්ටියත් හවුල් කරගන්නවා. ඇවරිගේ පුංචිට එක කෝල් එකක් දුන්න ම ඈ රස ම සුප් එකක් හදලා ලෙඩ්ඩුන්ට යවන්න එව්වා. ආ දැන් අපිට අලුත් සප්ලයර් කෙනෙකුත් ඉන්න නිසා ඒ වැඩ හරි පහසුයි. පුංචි ඇමතුමකින් ලොකු පෙරලියක් කරන්න ඒ කාන්තා චරිත වලට පුළුවන්. ඒකයි තමයි පුතා තනි තනි චරිත තමා හැම ජීවිතයක ම පාට තවරන්නේ. ඒක අප්පච්චිගෙ දාර්ශනික ලයින් එකක්.


කල්පනා කරලා බැලුව ම මං කරලා තියෙන්නේ කන්සෙප්ට් එක දෙන එකයි ,ප්‍රතිපාදන සැපයීමයි විතරයි. ඒක පොලිෂ් කරන්නේ බැකප් ආර්ටිස්ලා. වැඩේ වගකීම දරන්නේ සම්බන්ධීකරණ ලේකම්, මට තියෙන්නේ මල් වට්ටියට අත ගහන්න. මං මොක කිව්වත් හ්ම් නොකිය වැඩේ බාර ගන්න මගේ සහයක ඩැනීලාට පින්. උන් නිසා තමා ඇවරි දුවන්නේ. හැබැයි ඇවරි හින්දා තමා උන්ට හුස්ම වැටෙන බව තේරෙන්නේ. හැම කතාවට ම හැපී එන්ඩින්ග් එකක් දෙන්න මේ අයියලා අක්කලාට පුලුවන් කියලා මං දන්නවා. ඉතිං මොන කළුගලේ ඔළුව ගහ ගන්න ද මං දෙපාරක් හිතන්න ඕන හා....???? ඒ අතින් මං හැපීයෙක් ම තමා.

ගම් මැද්දේ අවුරුද්දේ....

ඇවරිට මඟහැරැණු පෝස්ට් ගාණක් තිබුණ නිසා නිවාඩු පාඩුවේ ටිකක් කොටන්න හිතුවා. මේ දවස්වල පුද්ගලික ජීවන අන්දර ලියන්න ටිකක් මගහැරුණා. ගිය කාලෙ ආයෙත් නොඑන නිසා සලාද කරන්න වටින මතක සටහන් ටික ගඩොල් බාන්න වගේ ලියලා දැමීම තමා මගේ අදහස.

මුලින් සටහන් තියන්නේ අවුරුදු උත්සවය ගැන. 2014 අප්රේල් 14 වැනිදා ජීවිතේ පළමු වතාවට ඇවරිට රාජකාරී දවසක් වුනා. මට මතකයි පාරෙ කවුරුත් නැති එදා දවසේ සියල්ලන්ට අවුරුදු අරන් නුවර කොළඹ ඒ සී බස් එකකින් වැඩට ගියා. සුද්දන්ට අවුරුදු නැති නිසා එහෙම පරිප්පුවක් කෑවත් අවුරුදු දා වැඩට යාමෙ අමුතු ම ලල් එකක් තිබුණා.
අපිට  කඩවත සිම්පෝනියා වත්ත අවුරුදු උත්සවේට ආරාධනා කළේ ක්ලෝසා. ඇවරිට, ගයියාට වගේ ම චිලී සහ රුචිර අයියාට ඊට ඇරයුම් ලැබුණා. එදා අපි පොල් ගෑම තරගය විනිශ්චය කරන්න ගිහින් තව පොඩ්ඩෙන් බවලත්තුන්ගෙන් හිරමණ පාර කනවා සිකුරුයි. පොල් ගාන්න කලින් ක්ලෝස්ගෙ තාත්තා තරග නීති රීති කිව්වට මොකද ගාලා අහවර වුනා ම ස්වාධීන විනිශ්චය මණ්ඩලයට තීරණයක් දෙන්න කිව්වා. අපි නම් ආයුබෝං වැරදිලාවත් පොලක් ගාන කස්ටිය නෙමේ. ඔය අම්මගේ බල කිරිල්ලට පොල් ටිකක් ගාලා දුන්නොත් ඇරෙන්න හිරමණ සවාරිය මහ පණ යන වැඩක්. හැබැයි ඇවරි සිස්ය මානවකයෙක් වෙලා හිටි ඒ ගුඩ් ඕල්ඩ් ඩේස් වල නම් ගෙදර දක්ෂතම හිරමණවායා ඇවරි තමා. අපි ඉතිං රැලි නැති, උලුප්පලා නැති, තුනියට ඉස්සෙල්ලා ම ගාපු කස්ටිය තෝරා තෑගි දුන්නා. පොල් අතු වියන තරගය තෝරන්න ගිහින් වුන සන්තෑසිය ඊට එහා.

ඇවරිට තරමක් හොඳින් ඒ වැඩේ පුළුවන්. නමුත් හිල් නැති, නීට් රටාවැති, අවසානය දක්වා වියනලද පොල් අතු තෝරන්න හරි අමාරු වුනා. ඒ විනිශ්චය අපි දෙන්න ඕන මිනිස්සු ඉදිරියේ දී. වැඩේ වැරදුනොත් ඔන් ද ස්පොට් බැණුම් තමා. තව කාන්තා කඹ අදින්න ගිහින් අමු වංචාවක් වුනා. අපිත් එක්ක කඹේ සකසපු තලතුනා පොරක් අවිවාහක කාන්තා පැත්තට ඇදලා දුන්නා ලු. මගේ කරුමෙට මාත් ඒක දැක්කේ නෑ. ඉතිං තරග ප්‍රතිඵල පිළිගන්න බෑ කියලා විවාහක කාන්තා පිළ කිව්වා. ඇත්තට ම එදා ඒ පැත්තේ හිටි තබ්බදෝරු ගෑනු පරාණ ටික ඇද්ද නම් තරුණ ගැටිස්සියෝ ටික රොත්ත පිටින් ඇදලා ගන්න තිබුණා. අම්මලා පළමු වටේ ගේමට ම ඇද්දලා. එහෙම කරලත් පැරදුනා ම කස්ටියට අවුල. ඒ තරගය නැවත පැවැත්වුනා.


විකට ඇඳුම් තේරිල්ලත් අමාරු වුනා. කොහොමින් කොහොම  හරි වැඩේ අහවර වෙනකොට අපිට සෑහෙන්න මහන්සි වුනත් හොඳ විනෝදයක් ලැබුනා. එදා රාත්තිරියට පූරි කෑවෙ චිලීලගේ ගෙදරන්. හැමදාම වගේ අපි දෙයියනේ කියලා හයේ ඉඳන් පූරි හදලා රෑ නවයට විතර කෑවා. සාමාන්‍යෙයන් චිලීගෙන් ලන්ච් ගන්නවා නම් බ්‍රෙක්ෆස්ට් ඉවර වෙන වෙලාවට එහෙට යන්න ඕන. එතකොට අඩුම හතර පහ වෙද්දි දවල්ට කන්න පුළුවන්. ඩිනර් යනවා නම් පාන්දර එක දෙක වෙනකම් බඩගින්නේ ඉන්න බලාගෙන යන්න ඕන. මොකද චෙෆ් චිලී ඒ තරම් නිපුණතාවක් ඇති කලිනරි ආර්ටිස්ට් කෙනෙක්. දැන් අපිට නම් මේක හරි සාමාන්‍ය කාරණයක් වෙලා අයියෝ.