Friday, April 20, 2018

කිරි කෑ මුත්තාට අමුඩ ගැසීම හෙවත් නඩේ ගුරාට එරෙහි දෝෂාභියෝගය ~ 2017 ගුරු චාරිකා 2


ඇවරි පතිරගේ විපක්ෂයි...!!!!

උදේ කෑම අවරවෙලා  තේ එහෙමත් සප්පායම් වෙලා කට්ටිය හොඳ එනර්ජි එකෙන් වැඩේට සෙට් වෙලා ඉන්න වෙලාවෙ ඇවරිතුමා නාට් ගීත ගායනා වටයක් පවත්වන්න යෝජනා කළා. සිංහබාහු නාටකයේ ගල් ලෙන බිඳලා ගීතයට කෝමත් වැඩි මනාපයක් අපේ කස්ටියගෙන් තියෙන්නේ ඒක ලෙසට ගායනා වෙන නිසා, තව කුමට සොබනියෙ, ප්රේමයෙන් මන රංජිත වේ, සෝබාවදේ වගේ ගීත එක පේළියට ගායනා වුනාවද. ඔය අතරේ අපේ ඉන්ද්රානි චීවර්ගේ මහත්තයාගේ වාන් පතුල් ජෝඩුව වඳින්න ගිය දේවාලේ... නෙමෙයි බලන්න ගිය රුවන් කෞතුකාගාරයේ දොරකඩ කෞතුක වස්තුවක් හැටියට තැම්පත් කරලා ඇවිත් තිබුන නිසා ආපහු ඩීටුවරටක් දාලා ඒක ගන්න යන්නත් වුනා කියාංකෝ. මේකත් එකදාස් නවසිය බර ගණන්වල ගත්ත එකක් පුතා. තියලා ගියා නම් අයට එක්සිබිට් කරන්න තිබුණා. ටීචර්ගෙනුත් බැණුම් අහන් ආයෙත් බස් එකට ගොඩවුන එතුමා අපිට කිව්වා.

රත්ගඟ යන අතරෙ ටවුන්ඒස් එකක් බොයිල් කරලා මහ මඟ කොට උඩ ගිය පාර, අපේ බස් එකේ බාසුන්නැහේලා බැහැලා තල්ලු කරන්න සප් එකක් දුන්නා. ඔක්කොම වාහන ඇවිත් හිරවෙන නිසා දෙපැත්තෙන් වාහන නවත්වන්න රුසිරුවත් උත්පලවත් පාරෙ ප්රතිවිරුද්ධ දිසාවන්ට ඉදිරියට යැව්වා. ඩබල හරියට අර දොස්තර හොඳහිතගේ නැවේ හිටපු බල්ලෝ දෙන්නා දිය රකුස් මෙහෙන්... නෑ නෑ මෙහන් කිය කිය අන්දොස් කරන්නා වගේ දෙපැත්තෙ ඉඳගෙන වාහන එනෝ.. මෙහෙනුත් එනෝ කියන්න වුනේ නැතැයි. එන ඒවා තමයි නවත්තන්න කිව්වේ. රතුපාට කොඩියක් වනන්න තිබුණා නම් හරි නේද අයියේ..? කෝමද ටිකිරි මොලේ.. මේ අව්කාස්ටෙ තව රතුපාට කොඩිත් හොයපල්ලාකෝ.

දශකයන් ගෙවෙන හැටි.....
අපි කොච්චර දතකෑවත් වාහනේ ගොඩ දාගන්න බැරි වුනා. පස්සේ පවුලේ තාත්තාට අපිත් එක්ක ඊළඟ ටවුමට ඇරලවන්න කතා කරගෙන අපි පිටත්වුනා. දවල් දොළහ වෙද්දි රත්ගඟටත් නොදැනීම ආව. පුංචි දඹදිව ඇවරි කලින් කීප වතාවක් ඇවිත් තිබුණා. දැන් නම් බුද්ධගයාවත් එහි හදලා. අපේ ඇක්සන් ටීම් එකට දැන් නාන්න ඕන වෙලා. කස්ටිය දැන්ම වතුරට දැම්මොත් කෑම සුම්මා නිසා ඇවරි යෝජනාව අනුමත කළේ නෑ. එහි බුදු මැදුරේ අසූ මහා ශ්රාවයන් වෙනුවෙන් බුද්ධ පූජාව වෙන් වෙන්ව පිළිගන්වා තිබීම අපේ නඩයේ විශේෂ අවධානයට ලක්වුනා. බිංකාට එහි අඹා තිබූ බොහෝ ජාතක කතා විස්තර කරන්නත් තිබුණා. හැමෝ නැවතිලා කතා කළේ දශක දහය ගැන. චෛත් ඇතුළේ දශක දහයත් පාරමිතා දහයටත් අදාළ ජාතක කතා අඹලා තිබුණා. ජාතක කතා අනුමාන කිරීම හරියට තරගයක් වගේ. ඒක හරි විනෝදයි. දැන් අපිනම් ඉන්නේ ප්රඥා දශකයේ. තව මොනවද පුතේ දැන් විසඤ්ඤ කොයි වෙලේ නෑ. ආහ් අපි තාම තරුණයි බල දසකයේ. වුනාට කරන්නේ මන්ද දසකයේ අයගේ වැඩ. ඒකනේ ප්රශ්නේ.. ලාමක ටින් ටින් තමා. හැම වයසක වගේ අය එහි වූ නිසා කතාබහ ඉතා රසවත් වුනා. තරුණ අපි වඩාත් වැඩිහිටි අපේ ආච්චිලා තරමේ ගුරුවරුන්ගෙන් වයස්වලදි ජීවිතේ ගැන අයට හිතුන හැටි, අය පහුකරපු කාල වකවානු ගැන මතකයන් ගොඩාක් විවෘතව අහලා දැනගත්තා. අයත් කාලවල රසවත් කතා අපිට කිව්වා.

කාටවත් එහෙම යනවා කියලා හදිසියක් නෑ. ඔක්කොම යාන්ස් කියවමින් ගෙවා දැමූ කාලය යළිත් මතක් කරමින් හිටියා. සමහරු උඩට ගිහින් පිළිම වහන්සේලා දැක බලාගෙන, වැඳ පුදාගෙන ආව. ඇවරිතුමා සියල්ල සෝර්ටඩ් කියලා හිත හදාගත්තට වැඩේ කදම්ගයා කියලා තේරුණේ අර වන්දනා නඩවල සෙනඟ මැද්දේ අපේ කොල්ලො කුරුට්ටො ටික මහ හඩින් ඇවරිට විරුද්ධව උපවාසයක් පටන් ගත්තාට පස්සේ. නෑම සඳහා වූ ජනතා අරගලය නමින් පටන් ගත් ඇවරි විරෝධි ජන බලය පොඩි හාමුදුරුවන් දක්වා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. උන්ගේ කිරි කෑ මුත්තට අමුඩ ගහගන්න, රෙද්දේ සටන් පාඨ වලින් තමා කෙළියේ හිටන්.

දියව් දියව්... නාන්න දියව්..
නෑම නැතුව - කෑම එපා..
ඇඟට නෑම - බඩට කෑම...
නාල තමයි - අපි කන්නේ...
නෑවෙ නැතොත් - උඹ කන්නේ  
නඩේ ගුරා හරිම හොරා
නාන්න නම් හරිම හොරා

අම්මාපල්ල මේ නොමේරූ කොලු කෙරිට්ටන්ගේ ඇටබෝල ගැසීමේ උද්ඝෝෂණ ව්යාපාරයට ඇවරිතුමාගේ ක්රෝධාග්නිය දැල්විලා කනේ මයිල් ස්මයිල් වුනා. මේ දුක කෝම ඉවසම් හඬලා කඳුලු සලා කියන්නේ, අපිට මේම වෙලා මදි චාමර. කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් වගේනේ ආයිබෝං. ඇවරිතුමාට ගණදෙවි නුවණ පහළවෙලා සමන් දෙයියන්ගේ අඩවියේ අපේ ඒරියල් මැනේජර් ලක්ෂිත චූලංග පෙරේරා, එල් සී පෙර්රා නැත්නම් ලක්ෂි අයියාගෙන් නාන තැනක් අහගමු දැයි චමරි අක්කාට යෝජනාවක් දැම්මා.

ඇත්තට ඇවරිට යෝදයා අමතක වුනා. ලක්ෂි අයියා අමිල අයියාගේ පන්ති සගයෙක්. ඇවරිව චූ කොල්ලා කාලෙ ඉඳන් ලක්ෂි අයියා දන්නවා. මුතුහර ආපු නිසා. එතුමාගේ මලයා නදීෂ මීලක පෙරේරා ඇවරිගේ තව පිට් එකක්. ඩී.එස් කොල්ලෙක් වෙච්චි ලක්ෂි අයියා බැන්දෙ රත්නපුරේට. අන්තිමට අපි හම්බුනේ කපුගේ අයියාලාගේ තාත්තාගේ මරණෙදි. අපේ උත්පලත් ලක්ෂි අයියාව හොඳින් දැනගෙන හිටියා. අපේ අක්කලා කාලෙ ඉඳන් ලොකු මල්ලි කියපු නිසා ලක්ෂි අයියාත් ඇවරිට කියන්නේ ලොකු මල්ලි කියලා. උඹලා යකෝ මහලොකු ටුවරිස් ඒජන්ට්ලා. මේ වන්ඩේ ට්රිප් එකක් බැලන්ස් කරගන්න බෑ. මෙහේ වරෙන් දවල් කෑමට. ටිකක් කලින් කියන්න එපා. සුද්ධ සිංහල හෝඩියේ අකුරු තිස් දෙක මදි වෙලා මිශ් සිංහල හෝඩියේ බැලන්ස් එකත් ලැයින් කරෝලා විනාඩි පහක විතර අමු හෙලුවෙන් එතුමා ඇවරිට දෙසා වදාළා.

සවස තේවලට පැමිණීමට මිස දවල් දානයට ඔබ පැමිණ පරාල ඇණයක් වීමේ අදහසක් මා මනසේ නොවූ බව ගරුතර සමිඳානන්ට ශපථ කොට කිව හැක ආදී වශයෙන් දන්නා හොඳ ඇපලොජිකේ වාග් මාලාවක් සෙට් කළත් චූලා අයියාව නවත්තන්න බැරි වුනා. හරි තෝ වරකෝ කියලා එතුමා ඇමතුම විසන්ධි කළේ රත්නපුර ටවුමේ දී හමුවන පොරොන්දුව පිට. රත්ගඟින් පිටත් වූ වෙලේ ඉඳන් අපි ස්ලෝ සින්දු කිව්වා. ඔක්කොම එක තාලෙ. කෙසේ කියන්න , මා නිසා ඔබ, දුරකථනයකින්, මලට බඹරෙකු සේ, එදා රෑ ආදී වශයෙන් එක තාලයේ මැෂප් එකක් කියන්න තරම් අපේ ගැන්සියේ මොරාල් අප් වෙලා තිබුනේ. ඒක නැඟලා ගියා. මොක ගොඩක් ජනප්රිය ගීත තමා වැල් ගීතයේ ගායනා වුනේ.

අපි බස් එක රත්නපුරේ පොලීසිය ඉස්සරහ නතර කරගෙන ලක්ෂි අයියා එනකම් බලාගෙන හිටියා. වෙලාවෙ තමා කොන්ටෙම්පරරි මියුසික් එළියට ආවේ. අසන්නන්ගේ ඉල්ලීම් මත බූට් සින්දු, කතන්දර ගී, රොමෑන්ස් වගේ ශානරයන් වෙලේ ප්ලේ වුනා. සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ.... බුදාරා ලස්සනට ගායනා කළා. උත්පලත් එහෙම බී.එන්එස්  සෝලෝ කීපයක් කළා. කට්ටිය ෆුට් බෝර්ඩ් එකෙත් බිම වාඩිවෙලා බොහොම හැඟීමෙන් සින්දු විඳිමින් ගායනා කළ නිසා වැඩිහිටි ගුරුවරුන්ගෙන් නවත්වන් ඉන්නේ ඇයි? වගේ කමෙන්ට්ස් ආවෙ නෑ. හැබැයි රිද්මෙට රොක් වෙච්චි හැටියට මීට කලින් ඉතා ගුණාත්මක ගීත ගායනා කළ අපේ සෙට් එකට හොටු පෙරාගෙන අඬන මට බෑ දෙයියෝ... මට බෑ... අර අපේ ඉසාන්ගේ ඇවිල්ලා යන්න... ඔබ ඇවිල්ලා යන්න වගේ ගීතත් කියන්න පුළුවන් නේ කියලා බොහෝ දෙනා තේරුම් ගත්තා.

සුදා ගින්දරේ හිටි සෝපාකලා ටික බේරගන්න දියසේන කුමාරයා වගේ ලක්ෂි අයියා ඇවිත් එතුමාගේ වාහනේන් අපේ පොඩි හාමුදුරුවන් වැඩමවාගෙන ගියා. බස් එක පාරෙ නවත්තලා අපි පාද යාත්රාවෙන් එතුමාගේ නිවෙස්නයට සම්ප්රාප්ප වුනේ බස් එකට පාර පටු නිසා. අපි අපේ තැනක් වගේ වගේ අවශ් කටයුතු සම්පාදනය කර ගත්තා. ලක්ෂි අයියා ඇවරිට බණින එක මොහොතකට නතර කළේ කෑම බෙදා දීමේ වගකීම පවරන්න. කොහොම හරි අපේ සෙට් එක අච්චර පුටු තියෙද්දි බිම වාඩි වෙලා දන් වළදන්න තීරණය කරලා තිබුණා. ඇවරිතුමා හැමෝටම සවානක කන්න කුස්සියෙන් ලොකු සාස්පාන් පියනක් ගෙනාවා. සියලු බත් දිගහැරුණෙ සවානෙ. කනවා කනවා ආයෙත් කනවා ඉවරයක් නෑ. වැඩිහිටි ගුරුවරු රුසිරු, බුදාරා, ඉෂාරා සහ උත්පල සමඟින් ඇවරිතුමා වටවෙලා කනවා දැකලා උපන් කරුණා පෙරදැරිව තමන්ගේ බත්පත් පරිත්යාග කරලා ගියා. ඒවත් කාලා දිරවන්න ඉතිං ආමාංශයක් සෙපරේට් ප්ලග් කරගන්න වෙනවා. කෑම එක හොඳට ගියා.

ඊළඟට බෝපත් ඇල්ලෙන් දියකෙළි වන්නමට සෙට් වෙන ඇත්තො ඇඳුම් මාරු කරගන්න හේම ගිහින් තිබුණා. අර ඩෙනිම් ඇඳන් නාන්න ගියපු නංගිලා දෙන්නා මුකුත් ලියන්නෙ නෑ. අම්මපා මෝඩ ජෝඩුවට අතරමග සර්විස් ස්ටේෂන් එකකින් හයිප්රෙෂර් ගන් එකක් ඇල්ලුව නම් හොඳට නාවලා ගන්න තිබුණා. ඩෙනිම් ඇඳන් නාන්න මාර සදාචාරවාදීන් නෙව චාමර . පස්සෙ එක් අංගනාවකට අපි විහිලු කරපුවාට කේන්ති ගිහින් බෝපත් ඇල්ලෙන් බැහැපු ගමන් බ්රෑන්ඩඩ් ටූ පීස් බිකිනියක් අරන් වතුරට බැහැපු එක දවසේ කතාව වුනා. ආහ් බෝපත් ඇල්ලේ යද්දිත් වාහන එහෙට මෙහෙට කරන්න අපේ ඉන්ද්රාණි ටීචර්ගේ මහත්තයා බැහැලා උදව් දුන්නා. නරක ඒයි ඔයාට පාර්ට් ටයිම් ට්රැෆික් කොන්ට්රෝල් කරන්න බාර ගත්තොත්...?? සෙනිකෙට පදයකුත් හදලා කියන්ඩකෝ.

බෝපත් ඇල්ලට ආව ඇවරිතුමා දියකාවාස්ලාට දියකෙළියට බුලත් දුන්නත් නෑමට හිටියේ අපි පස්දෙනාත් අමිල අයියා සහ බිංකාත් පමණයි. දියකෙළියට දෑතින් දමා උඩදමන පන්දුවකුත් ඕනෑවය කියපු නිසා අපි ඇවරිතුමා බෝලයකුත් අරං දුන්නා. ඒකත් අරන් කරවටක් වතුරේ ගිලෙමින් ජනයා ජල ක්රීඩා කරන්න පැය දෙකක් විතර ගත්තා. මැඩවීමේ තරගය තමා මරු. ඇවරිතුමා තමා බොහෝ වෙලාවක් මැඩවුනේ. එක පාරක් බෝලයක් උදුරන්න ගිහිල්ලා රුසිරු ලේ එන්න හූරලා, මෙච්චර ගොම්මන් වෙනකම් නාන්න හිටි එකේ පළිය ගත්තා. තරගයේ උද්යෝගය නිසා කෙසේ හෝ බෝලය ගනිමියි තිර අදිටනින් දෙන්නම් ජම්බු කියාගෙන දත කාගෙන බෝලය හඹා ගියපු ඉෂාරා නැවතුනේ ළඟ නාපු අංගනාවකගේ දිය රෙද්දත් කඩාගෙන. අංගනාව ෂේප් නිසා ජාමෙ බේරුණා. එහෙමත් විසයක් දෙයියනේ. නානව නම් නාන්න නෝනා. අනුන්ගේ දිය රෙදි කඩන්නේ නැතිව. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...

අනික් ජෝගිය දුන්නේ එල් බෝර්ඩ් ගහගෙන පීනන්න ගියපු කුලකත. එතුමියට ගොඩ සිට පීනීම පිළිබඳ උපාධි ගණනාවකුත් තිබුණා. තව යූ ටියුබ් එකේ ස්විමින් ටියුටෝරියල්ස් ගණනාවක් බලලා කොන්ෆිඩනස් හදාගෙන කිඳුරංගනාව ඇවිත් තිබුණෙ අද නම් පීනන්න බැරි වුනත් නොගිලී ගොඩ පාවෙන්නවත් ඉගෙන ගන්නවා කියලා  හිතාගෙන. ඒකට කකුල් ගහන්න කිව්ව ගිලෙනෝ... ගිලෙනෝ කියාපි. මේ පය පොවන මට්ටමේ මොන ගිලෙනවාද අනේ.. අන්තිමේ නාහෙන් කටෙන් දිය පෙරාගෙන කැහි බෙල්ලෙක් වගේ කැහැලා කැහැලා තමා ස්විම්න් සෙෂන් එක ඉවර වුනේ. තව කොච්චර නෑවත් කොණ්ඩෙ නොතෙමෙන කිඳුරඟනකුත් හිටියා. ගිය ආත්ම ෂැම්පුත් කරලා කන්ඩිෂනර් කිරීමේ ආනිසංසයෙන් මොනර පිල වගේ කොණ්ඩය තියෙන බවත් වතුරෙන් හේදුවාට නොතෙමෙන බවත් පුරාජේරුවට කියමින් නෑවා. නෑවා කිව්වට ඇඟ නෑවා. හීතලට බයේ එකපාරක්වත් ගිළෙන්න එපාය කොණ්ඩෙ තෙමෙන්න. අපි නොදන්න මොනර පිල චාමර.. පුහ්..


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....