ඇවරිතුමා සාමාන්යයෙන් වැඩ අල්ලනවට
වඩා වැඩ කම්මුතු
කරන්න කැමති
කෙනෙක්. හැමදේම
රේස් දුවන
කාලෙ ඉරට යටින්,
හදට යටින්
කාලය පියඹනවා
කියන්නේ නිකමට
නෙමෙයි. මේ ධනවාදී
ආර්ථිකේ ඇතුළෙ
අද මහ මඟ
යන දුගියා
හෙට ලෝ අග
රජ වෙන එක
ෂුවර් නැතත්
කළ කර්මය
පළ දීම හා
පුංචි පැළේ
ගස වීම අනිවාර්යෙන්
වෙන දෙයක්.
පොඩ්ඩො ඉක්මණට
ලොකු වෙනවා.
ඊට සාපේක්ෂව
අපි ඉක්මණින්
වයසට යනවා.
සරලව කිව්වොත්
ධම්ම නියාමයට
සියල්ල යටයි.
දැන් තියෙන
සිස්ටම් එකේ හැටියට
අපි අර ඉස්සර
කිව්ව වගේ මං
ලොකු වුනා
ම මේම කෙනෙක්
වෙනවා, ආදී වශයෙන්
මවාපු හීන මාළිගා,
හිතට කාවැදුනු
ඉලක්ක, පරමාදර්ශී
මනෝරාජිකයන් එච්චර
ඈත නෑ. වලංගුත්
නෑ. හෙට ඔබ
විය යුතු
කෙනා වෙනුවෙන්
මේ මොහොතේ පටන්
වැඩ කරන්න
පුළුවන්.
කෝමත් ඇවරිලාගේ
පරම්පරාව දැන්
අවුට් ඩේටඩ්.
අපි ලිහන්න
තියන මලු ඔබලා
බැලුවා විතරයි.
දැන් ඉන්න
අයියලා ඒවා ලිහලා
ප්රයෝජන
අරගෙන ලිහුවේ
නෑ වගේ තියන්න
උපන් හපන්නු.
හරියට දන්නේ
නෑ වගේ බැටර්
කටගාන අය වගේ.
වෘත්තියවේදය යනු ඔබ
කරනා දෙය නොව
ඔබ එය කරනා
ආකාරයයි කියනවනේ.
ඉතිං ඇවරි
හිතන්නේ දැන්
ළමයින්ට ගොඩක්
දේවල් අඩු වයසින්
අත්හදා බලන්න
පුළුවන්. නරක දේ
වගේ ම හොඳ
දේත්. එළිපිට
ඇත අවකෙළි
කිසිවකු මැසිවිලි
නොකියන්නේ කියමින්
පද්ධතියට ඇඟිල්ල
දික් කරන වෙලාවේ
ඒ ලූප්
හෝල්ස් වලින්
වාසි ලබා ගන්න
අපි වැඩ කරන්න
ඕන. අර ජීවන
කුසලතා සංවර්ධනය
වගේ නියාමන
ව්යාපෘති.
කෝම නමුත්
දැන් ඉන්න
ළමයින්ට බණින්න
අපි වැය කරන
කාලය උන්ගේ
ප්රබලතා
හඳුනාගන්න වෙන්
කරනවා නම් අපි
ගොඩක් සාර්ථකයි.
දැන් ඒ ලෙවල් විෂයධාරාවන් ම උදාහරණයට අරන් බලන්නකෝ...?
ඇවරිතුමාට පහුගිය
දා වැඩ බැරි
ලොක්කෙක් විදියට
උසස්වීමක් ලැබුණනේ.
වැඩ බැරි
ලොක්කෙක් වෙන්නෙ
කෝම ද කියලා
ඔබතමුන්නාන්සේලා කල්පනා
කරනවා වෙනන්
පුළුවන්. මොක ද
ලොක්කො කියන්නේ
වැඩ්ඩො කියලා
නේ හිතන්නේ.
වැඩ බැරි
ලොක්කෙක් වෙන්නේ
කෝම ද කියලා
ඇවරිගේ මිතුරියක
වන ඩීප්ස්
හෙවත් තමා ඒ
ගැන කාලෙකට
කලින් ලියලා
තිබුණේ. ඩීප්ස්ගේලෝකයේ ඒ පෝස්ටුවමේ තියෙන්නේ. හැබැයි වැඩ බැරි
ලොක්කෙක් නොවුනත්
පොඩි එවුන්
ඉගෙන ගන්න
ඕන නිසා
දුහුනන් දැනුම්
සඳහා ඇවරි
බොහෝ වෙලාවට
වැඩ පෙන්නන්න
යන්නේ නෑ. මොක
ද අපි ම
කරලා හරියන්නේ
නෑනේ.
සාමාන්යයෙන්
දැන් ඉන්න
තරුණ ළමයි
එක්ක වැඩ කරන
එක ඇඟේ ලේ
වතුර වන වැඩක්
කියලා කියන
සීනියර් ඔස්තාර්ලා
එමට. අපි ඉහල අගයක වැඩිහිටි ප්රජාවක් ඉන්න රටක්.
ඒ වයසට
උන් කියන
දේ අපිට
නොතේරෙන නිසාත්
අපි කියන
දේ උන්ට
නොතේරෙන නිසාත්
මේ ප්රශ්න ඇති වන
බවයි ඇවරිතුමා
පුද්ගලිකව හිතන්නේ.
අනික් අතට ඒ
ළමයි ටිකක්
තැනකට එන්න
කල් යනවා.
එක රැයෙන්
රෝමෙ හැදුවේ
නෑනේ ආයිබෝන්.
අපිට ඒ ඉවසීම
තියෙන්න ඕන කියලා
ඇවරිතුමා නම් තදින්
විශ්වාස කරනවා.
නමුත් දැන්
ජෙනරේෂන් එකේ ලොකු
ම ප්‍රශ්නය ඒ අයගෙ
එන්ඩියුරන්ස් ගොඩක්
පහළ මට්ටමක
පැවතීම. පොඩි දෙයක්
ඇති දමලා
ගහලා යන්න.
ටිකක් අව්වේ
ගියොත් සල ලල
ලා වෙනවා.
උන් හොඳයි
ෂෝ කේස්වල
දාලා ඩිස්ප්ලේ
කරන්න. ඇවරිගේ
සීනියර් කියන්නේ
එහෙම.
අවුරුදු දෙකට
අවම වශයෙන්
රැකියා ස්ථාන
හතරකවත් වැඩ කරලා
තියෙන ඇන්නා
පැන්නා ටයිප්
සී. වී තමා
බහුතරයක් ලැබෙන්නේ.
ඉතිං ඒ අය
බොහොම ශ්රද්ධාවෙන් වැඩ ඉගෙන
ගෙන කරයි
කියලා හිතන්න
අමාරුයි. උන්ට
දෙයක් කියලා
දුන්නා ම ඇස්
කටේ තියන්
බලන් ඉන්න
හැටියට අපිටත්
වැඩ එපා වෙනවා.
කොටින් ම කිව්වොත්
මේ ළමයි
තමුන්ගේ ඇඳුම්
මාරු කරනවා
වගේ කොල්ලො
මාරු කරන අතරේ
කොල්ලෝ කෙල්ලෝ
මාරු කරනවා
හා සමානව
ම රස්සාවලුත්
මාරු කරනවා.
නතින්ග් පර්මනන්ට්
බේබි, බී කූල්
අනේ..! අනික්
අප්‍රසන්න
ම දේ විවේචනේ
අප්පා. ඇවරිට
අමාරු ම පාර්ට්
එක තමා ජූනියර්ස්ලාගේ
පරණ සේවා
ස්ථාන ගැන වාදනය
වන අඩෝවැඩියා
වාදන අසාගෙන
සිටීමේ රාජකාරිය.
ඒ බොස්
මේමයි. එතන බෑ
අනේ. මට නිදහස
නෑ. අපෝ එතන
අය මාර පොෂ්
ආදී නොයෙක්
නොයෙක් ඕපාදූප
කතා ඒ අතර
බෝමයි.
අතවැසියන් සම්බන්ධ
අනෙක් කාරණය
තමා ඒ අයගේ
නිසි ෆෝකස්
එකක් නැතිකම.
අවධානය අන්තිම
අඩුයි. ඇයි ඉතිං
ෆෝන් එකෙන්
කෙටිල්ලටයි, තිරවලට
හිනාවෙන එකයි
ඇරෙන්න වෙන වැඩක්
නෑනේ. පුද්ගලික
ප්රශ්නත්
රස්සාවට අරං ඇවිත්
ඒවත් අපි ලවා
විසඳගන්න ඒ අයට
තියෙන්නෙ මාර ටැලන්ට්
එකක් අනේ. අපි
ඒ ප්‍රශ්නවලට ඇහුම්කන්දීලා
ඊට අනුකූලව
ෆ්ලෙක්සිබල් වෙලා
අවශ්‍ය
සියලු පහසුකම්
සපයාවි කියලත්
ඒ අය බලාපොරොත්තු
වෙනවා. එහෙම
එක්ස්ට්රීම්
නරි නාවනවා
කියන්නේ අනිත්
වැඩේ. ඒවත්
ඔක්කොම කළා කියමුකෝ
ඒත් උන් සතුටු
වෙනවා කියලයෑ.
තවත් ඕන. ඇවරිතුමාට
නම් දැන්
ඒවා අහලා
අහලා ඇති වෙලා.
අපි වයසට
යන නිසා
නිව් බ්ලඩ්
පම්ප් කරන්න
ඕන. ඇත්ත
කතාව. නමුත්
නිව් බ්ලඩ්
නිසා අපේ බ්ලඩ්
පෙෂර් වැඩි
වෙන එකයි
වෙන්නේ. හෙමින්
හෙමින් ඒ කස්ටිය
යම් යම් දේවල්
ඉගෙන ගන්නකම්
බලාන ඉන්න
සෑහෙන්න ඉවසීමකුත්
ඕනෑ වෙනවා
ඉතිං. අලුත්
අලුත් දෑ නොතනන
ජාතිය ලොව නොනඟී
වගේ අලුතින්
හිතන මිනිස්සු
නිසා ලෝකය
තවත් ලස්සන
වෙනව. අනික
හැමෝ ම අපේ
රාමුව ඇතුළෙ
ඉඳන් වැඩ කළ
යුතුයි කියලා
හෝ අපේ තියරිය
විතරම යි කියනතැන
ඇවරිතුමා නැති
නිසාත් ආධුනිකයන්
එක්ක වුනත්
හොට පටලානොගෙන
රාජකාරී කිරීමේ හසුරු කුසලතාවයක් ලැබී ඇති බව නිහතමානීව කියන්න කැමතියි.
බොස් කෙනෙක් හැටියට ඇවරි ඉතාමත් ලිහිල්. හැබැයි වැඩවල දී කොච්චර අමාරු දෙයක් වුනත් කරගහලා බාරගෙන ෂේප් එකේ කර අරින අඳාඋල්පත තියරිය වැඩ බැරි ලොක්කෙක් වශයෙන් ඇවරි හොඳට ම පාස් කරලා තියෙනවා. ආයෙ අසූචි වලක් වුනත් හාරන්න අපි ඉස්සර වෙනවා. පස්සේ ඕවර්ක්ලෝක් ගලවලා, නාලා, සෙන්ට් පව්ඩර් දාගෙන ඇවිත් සුපර්වයිස් කරන එක වෙන කතාවක්. දැන් ඉන්න තරුණ ප්රජාව බොහොම දක්ෂයි. උන්ට අඩි පහක් පැනපන් කිව්වොත් උන් අඩි හතක් පැනලා අහනවා ඇති ද කියලා. ඒ වගේ ම තමා අනිත් පැත්ත. එච්චරට අච්චර නම් එච්චරට මෙච්චර ද වගේ හැමදේම කම්පෙයාර් ඇන්ඩ් කන්ට්රාස්ට් කරන්න ඒ අය උත්සහා කරනවා. ඒ ලක්ෂණය මේ පරම්පරාවේ කැත ම එකක්. ඇයි මම කරන්නේ? ඇයි මට එහෙම? වයි ෂුඩ් අයි? හැබැයි සමහර දේවල් සම්බන්ධයෙන් ගත්තා ම ඒ තර්කයත් සාධාරණයි.
ඇවරිතුමාට ආධුනිකයන්ට කතා කරන්නේ රොබෝවරු කියලයි. මොක ද උන් ඒ තරම්ම ස්ටීරියෝ ටයිප්. කොමන් සෙන්ස් සුපර් මාර්කට් එකේ තිබුණනම් මම කිලෝ ගණන් ගෙනත් මුන්ට පොවනවා ඒයි. එක කොමාවක්, තිතක් අඩු වුනොත් උන් වැඩේ නවත්වනවා. බුද්ධියෙන් හිතලා ක්රියාත්මක වෙන්න ඒ අය පුරුදු වෙලා ම නෑ. ස්පූන් ෆීඩ් මී තමා. දෙන දේ වමාරවා ඇරෙන්න ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ලබා උපන් හැටියටනේ බඹා වැනෙන්නේ කියලා අපිත් ලොක්කො හැටියට හිත හදා ගන්න ඕන.
ලොක්කෙක් හැටියට ඇවරි මේ පරම්පරාව ගැන කලකිරෙන තවත් කාරණා ගොඩක් තියෙනවා. ලොකු ම දේ තමා හීනයක් නැතිකම. තමුන් කරන දේට ආදරය නොකිරීම. හැම වැඩේම යන්තන් සන්තන් පදං තමා. පර්ෆෙක්ට් වෙන්න අදහසක් නෑ. අපි උන්ගැන උපන් කරුණාවෙන් දෙයක් කියලා දුන්නත් මිස්ටර් පර්ෆෙක්ෂනිස්ට් කියලා කාර්ඩ් එකක් ගහලා ඇති. ලෝන්ග් ටර්ම් විෂන් එකක් නැතුව උන් එක්ක වැඩ කරන එක සියදිවි නසා ගැනීමක්. මොකද උනුත් නොදන්නිය උන් යන මානය.. උන් හිටි තැන් මතකය අඩමානය කිසා.
අලුතින් දෙයක් ඉගෙනගන් කිව්වොත් හාපෝ... කියන අලුත් පරපුරේ කස්ටිය ගැන ඇවරි සතුටු වෙන එක දෙයක් තියෙනවා. ඒ උන්ට හැම දේක ම වෙළඳපොල වටිනාකම ගැන නිශ්චිත අදහසක් තිබීම. උදාහරණයට අපි ඇහුවොත් අයි ෆෝන් එක්ස් එකක් කීය ද කියලා තප්පර ගාණකින් කියයි. හැබැයි ඊට සාපේක්ෂව මේ අය කිසිම දේක වටිනාකමක් දන්නේ නෑ. ඒ අතින් නම් උන් අම්මා මෝ නැති උන්. සස්ටේනබිලිටි සීරෝ. පුද්ගලික ප්රශ්න සමාජ ප්රශ්න කිරීමත්, අනුන්ගේ නිදන කාමරවලට එබී බැලීමත් නිසා වැඩට ෆෝකස් එකක් තියා ගන්න එක සෑහෙන්න දුෂ්කර ක්රියාවක් වෙලා.
ඉතිං මේ තරම් ප්රශ්නකාරී ගොන් බානකගේ බොස් වෙනවා කිව්වා ම පුද්ගලිකව මං කොච්චර පාප කර්මයක් කරලා තියේ ද කියලා මේ කියවන ඔබ තමුන්නාන්සේලා වටහා ගන්න ඕනෑ. මේ සීරියස් සලාදය ලිව්වේ තරුණ පිරිසට ටිකක් හිතන්න. හොඳ ගුත්තිලයන් මූසිලයන්ට ආදරය කරනවා විනා අතරමග දී ප්රසිද්ධියේ තත් කඩලා උන්ව මුලා කරන්නේ නෑ. සකාගේ උදව් අරං අංගනාවන් බස්සලා ලොකු සීන් දාන්නෙ නෑ. දැන් නම් අනුන් කෝම මොනවා කළත් ඇවරිතුමා කෙයාර් කරන්නෙ නෑ. හැබැයි අපි අපේ ක්ලාස් එක තියාගෙන වැඩ කරනවා මිසක් අපේ තත්වෙ හැල්ලු කරගන්නෙත් නෑ. බඩගිනි තිබුණට ඉඳුල් නොකව් - තණකොළ නුබුදිති සිංහ පැටව් කියනවනේ. ඒක දැන් ස්ටයිල් එකක් වෙලා. අපි එහෙම සැලකුවා ම පොඩි උන් තක්බීර් වෙලා බලනවා බොසා වැරදි පැත්තෙන් ද අද නැඟිට්ටෙ කියලා.
උන් අනාගත්ත බව දැක දැකත් කූල් එකේ වැඩ කිරීම තමා අලුත් ම කලාව. ඒක පට්ට ත්රිල් මොක ද හැමදාම ජූනියර්ස්ලා දන්නවා උන් ෆේල් වෙන්න පුළුවන් කියලා. එතකොට උන් බයෙන් වැඩ කළත් මීටරෙන් ඉන්නවා. අපි නිකන් තග දාලා, අඩි හප්පන්න ඕන නෑ. ෆේල් වෙද්දි උන්ගෙ රැස් නිකම්ම බහිනවා. අපි උන්ව තවත් දිරිමත් කළා ම උන් තවත් මහන්සිවෙලා ගේම ගොඩ දානවා. දවසක් එනවා ඔන්න දැන් මට ඒක පුළුවන් කියලා එයාලා ම කියන. එතකොට අපි ප්රොමෝට් කරනවා. එතකම් කූල් එකේ විස්කි බිබී රශ්මි කඳන් වගේ
පොඩ්ඩන්ව මඩවන්න තියෙන්නේ.
හැබැයි ලොක්ක හැටියට පසුපෙළ මොන කුප්ප වැඩේ කළත් ගොඩ දැමීමේ විධික්රමය ඔබ දැනගෙන සිටිය යුතුයි. වස්ර්ස්ට් කේස් සෙනාරියෝ නම් තොපි මකබෑවියව් - අඩු කුලේ පර හැත්ත කියලා තනියම වැඩේ කරන්න තරම් ආත්ම විශ්වාසයක් ලොක්ක වුනා ම තියෙන්න ඕන. ඇවරිතුමා නම් තමුන්ගේ ටීම් එකට එහෙමත් රැග දීලා තියෙනවා. එහෙම පච කළා ම පහුවදා ඉඳන් උන් හරියට ගේම ගහද්දි ලොක්කා හැටියට මට ෂපාන් එකේ ගෝල්ෆ් ගහන්න පුළුවන්. කෙහොම වුනත් කොච්චර ටයිටල්ස් ඉහළ ගියත් පොඩි උන් අපිට හැමදාම දෙයක් අලුතින් උගන්නවා. අන්න ඒ ටික ඉගෙන ගන්න තමා ඇවරිතුමා ආසාවෙන් වැඩට යන්නේ. හැම දවසක් ම අභියෝගයක් තමා. නමුත් දරුණු ම සටන හොද ම සොල්දාදුවාට බවත් අපි අමතක නොකළ යුතුයි.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....