Friday, June 30, 2017

ක්ලබින් යාමෙන් - බ්ලොගින් අමතක වීම හෙවත් මැක්කා ටයිප් සලාදය

අවුරුද්දෙන් බාගයක් ඉවරයි කියහංකෝ...??
බ්ලොග් ලැදි ඇවරිගේ පාඨක ජනයා වෙත සලාදයක් පෝස්ට කොරන්ඩ හිටන් ඇවරිට සෑහෙන්න කාලයක් ගතවුනේ පහුගිය දොහේ ඇවරිතුමා නොසෑහෙන්න ඕෆ් රෝඩ් ධාවනය වෙච්චි නිසා. පැය හතළිස් අට, හැත්තෑ දෙක නොනවත්වා ධාවනය කරන තැනට ඇවරිතුමා අනිවාර්ය රාජකාරීවල යෙදීම නිසා ඒ ආකාරයට තෝඩි බිසීහූ මේ කියලා බොහෝ දෙනාට කීවාට කලකින් සසිරි බර මෙසිරි ලංකාවට සැපත් මිස් බොරු බිසී නම් අලි කලබල සහ ඇවරියාණෝ ගැන රෙදි ගැළවෙන්ට ම දෙසා වැදෑරුවා. ස්ටොප් නැගින් යාර්... කීප් කාම් ඇන්ඩ් ෆිනිෂ් වට් යූව් ස්ටාර්ටඩ්. කීප් මූවීන්, ඩෝන්ට් ගිවප් ද ෆයිට් යනාදී වසයෙන් සුද්දෙන් ම ඒ ඇත්ති වැදෑරුවාට ඇවරිට නම් ඒක දිරවන්න අමාරු කාලයක් වුනා. හැබැයි හැමදාමත් වගේ ජීවිතේ ගොඩාක් සමරන කාලයන්හීදී ක්ලබින් කරද්දි  ඇවරිට බ්ලොගින් අමතක වෙනවා.  

ආයෙත් ඒ සලාද ලියැවෙන්නේ මේ අද වගේ නෙප්ලන්තයේ ඇවරිගේ බීන් බෑගය මත කැහැටු සරීර කූඩුව අතුරුවා ස්ලිම් කීබෝර්ඩයට අනිමින් හිතේ හැටියට අකුරු අමුණන වෙලාවක තමා. කොතනින් පටාන් ගන්න ද කියලා නිච්චියක් නැතත් ඇවරිතුමා වටා පහුගිය දෙදහස් දහහත වසරේ මුල් මාස කිහිපයේ වුන අලකලංචි ටිකේ හයිලයිට්ස් වත් ලියලා තියන්න ඕනෑවට කියන කාරණේ නිසා තමා මේම හරි වැඩේ පටාන් ගත්තේ. මාර්තුවේ පටන් ඇවරි පැය විසිහතරම වැඩ කරන්න පටාන් ගත්තා. කෝමත් ඇවරිට නොනිදන මිනිසා යන විරුදය කැම්පස් යන කාලෙදිත් බොහෝ දෙනා විසින් ලබා දීලා තිබුණා. ඒ මුහුණු පොත හේම ජනප්‍රිය වුන මුල් කාලෙ. ඇවරි නිශාචරව රෑට ලියන්න පුරුදුවුනේ ඒ කාලෙ. පස්සේ නිශාචරකම ඇබ්බැහියක් වුනා. කළුවරට ආදරේ කරන්න කරන්න ඒකට ඇඩික්ට් වෙනවා. අන්තිමට රෑට නින්ද යන්නේ නෑ අනේ කියන්න තමා වෙන්නේ...! එතකොට කරන්න තියෙන්නේ අර මීමැස්මොරකාරයට යකඩ කෑල්ලක් දෙනවා වගේ පත්තරෙන් ආපු කෙනෙක්ව පෙන්නලා මුන්දැගේ පොටෝ කෑල්ලක් අල්ලගන්න කීවන එකයි...!! අපිට කොයින් ද බූල් බල්ලො කියාපි...

මාර්තු අප්‍රේල් මාසවල දී ඇවරිට ලියන්න බැරිවුනේ තරුණ සිඳගනන් වහ කඳුරු වීමේ දෙවන සලාදය. ඒක ඉක්මණින් ලියැවෙයි. තවත් අප්‍රේල් මාසයේ ඇවරිට ලැබුණු නිවාඩු දවස් එක්ක ටිකක් සංවේදී කාරණා වුනේ අපේ සමන් රාජපක්ෂ කථිකාචාර්යතුමාගේ සහ මහේෂ නිර්මාල් ඇවරිගේ පන්ති සගයාගේ පියවරුන්ගේ මරණයන් දෙක. සමන් අයියා ඇවරි සම්බන්ධයෙන් බොහෝ කියැවීමක් ඇත්තෙක්. මේ තරමට හරි ලියන්න ඇවරිව උනන්දු කරවපු මිනිස්සුන්ගෙන් එක් අයෙක් ඔහු. කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු වන සමන් අයියාගේ අපදා කළමනාකරණ සන්නිවේදනය යන විශ්ව විද්‍යාල විශේෂවේදී ිඋපාධි නිබන්ධිකාව තමා ඇවරි සිංහල අකුරු අමුණපු පළමු අවස්ථාව. එතකොට ඇවරි සාමාන්‍ය පෙළ පන්තියේ.

එදා ඉඳන් අද වෙනකම් අපි කොච්චර සිංහල ටයිප් සෙටින් කරලා ඇද්ද කිව්වොත් දැන් සමහරු කෝල් කරලා මචන් සීට් එකේ නම් මේක ටින් ගාලා ටයිප් කරපාන් කියාගෙන කියවගෙන යන වෙලාවල් අනන්තයි. ඇවරිගේ ගුරා ඇවරිගේ මස්සිනා සංජු අයියා. ඒ කාලෙ කී මෑන් ගැන ඇවරිලා දැනගෙන හිටියේ නෑ. අපි ඒ ඒ අකුරේ ඕල්ට් කී එකත් එක්ක යන නියුමරික් කෝඩ් එකෙන් තමා අකුරු අමුණන්න ගත්තේ. හැබැයි ඇවරිගේ හොඳ ම ගෝලයා පන්සලේ පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේට සිංහල ටයිපින් ඉගැන්වීම තමා ඇවරි ලබපු ලොකුම සාර්ථකත්වය. මොකද ඉන්පස්සේ හැමදේම ලස්සනට ප්‍රින්ට් වෙලා ආවා. කොටින්ම ප්‍රශ්නපත්තර පවා ඉන්හවුස් ටයිප් කරලා ඉස්කෝලෙ හාමුදුරුවන්ගේ පරණ රෝනියෝ මැෂින්වල දාලා අපිම ප්‍රින්ට් කරලා බෙදලා දුන්නා. ඒ අතින් අපිට ම දහම් පාසලේ දැන් පොඩි පහේ ප්‍රෙස් එකක් තියෙනවා. ඒක ඇවරි කාලෙක ඉඳන් දැකපු හීනයක්. දැන් හැබෑවෙලා තියෙනෝ ඉතිං.  

දැන් නම් ඇවරි හිතන හැටියට කිසි දෙයක් අමාරු නෑ. අමාරු ම දේ පටන් ගන්න එකයි. ස්කයි ඉස් ද ලිමිට් පුතා ජස්ට් ඩූ ඉට් තමා. ඒක මාර ෆීලින්ග් එකක්. ඒ කියන්නේ අපේ වයසත් එක්ක කවුරුත් මුකුත් ම කරන්න එපා කියන්නේ නෑ. බොට ඕන නම් කරලා බලපන්. චොර වුනොත් අපි ගොඩදාමු. එහෙම බැලුවම අපි දැනට වැඩක් පටන්ගන්න කලින් සලකාබලන්නේ අවදානම මඟ හැරීම සහ හානි පූර්ණය ගැන විතරයි. හැබැයි අපේ අයට ඒ අවදානම අපි දරාගන්නා බවට තියෙන විශ්වාසය ගැන ඇවරි නිහතමානීව ආඩම්බර වෙනවා.

ආහ් වෙළඳ දැන්වීම් නවත්වලා ප්‍රධාන කතාවට ගියොත් සමන් අයියා තමා එකදාස් නවසීය අනූ ගණන් වල නාරම්මලට නුදුරු බෝගමුල්ල කියන ගමේ මුලින් ම කැම්පස් ගිය කොල්ලා. ඒ ගම ඉතා ලස්සන ගමක් කියලා ඇවරි අහලා තිබුණා. මොක ද එයාලගේ අවසන් වසරේ ටෙලි නාට්‍ය නිෂ්පාදනයක් ඒ ගමේ රූපගත කෙරුණ නිසා. ඇවරිගේ අක්කා කරපු වන්නම් නම් රූප කාව්‍ය ප්‍රඩක්ෂන් එක, ඇලෙක්ස් අයියාගේ හයවැනි උන්ඩය ෆිල්ම් එක වගේ ගොඩක් වැඩවලදි කෘ එකේ අපි හිටියා. ඒ අතින් දැන් අපි කරන්නේ මහ සීනි බෝල වැඩ ආයිබෝන්. වෙලාවකට අපිට ම මඩු වලිගෙන් තලාගන්න හිතෙනවා හිටන්.

සමන් අයියා කැම්පස් ආපු දවසේ එහෙන් බස් එකක් ඇවිදින් තියෙනවා. ඒ පළාතේ බොහෝ දෙනා  අහිංසක ගොයියෝ. ඇවරිට කෝමත් වෙල්වල බඩගාන අහිංසක ආසාවක් තියෙනවා. අන්තිමට ම ඇවරිගේ වෙලේ ගමන් දෙක වුනේ තිළිණිලගේ කුරුණෑගල වෙලේ වෙන කිසිම බාහිර සද්දයකින් තොරව ඇවිදීම සහ අවුරුද්දට අලුත්ගම ගිය වෙලාවේ ඇවරි නඟා රන්මැණිකා එක්ක එහේ වෙලට යාම. සාමාන්‍යෙයන් කෝමත් සතියට දෙවරක්වත් ඇවරි මාතාව ගෙවල් පහල වෙලේ බඳින චක්කා පැටියාට කොස්වහළු සංග්‍රහය දෙද්දි කොස් කටු වට්ටිය උස්සාගෙන යන්න වෙන නිසා ඇවරි වෙලේ පනිනවා.

සමන් අයියාගේ පියතුමා මිය ගියේ තෙල්ගාන අවුරුද්දේ හෘදයාබාධයකින්. ඒ කණාගාටුදායක ආරංචිය එද්දි ඇවරියාණෝ ගාලු පුරේ යමින් ගමන්. ඇවරි එදා රන්මැණිකා එක්ක අලුත්ගම යන්න දාගෙන තිබුණා. මැඩමොසෙලා එක්ක ගමන් යද්දි හරි ම සෝචනීය වෙන්නේ ඇගේ ගැළවීම් නිසා පර්ස් එකට තට්ටු වෙන කුජීත අවස්ථාවන් හමුවේ. එදා ඇවරි පිතාට දෑස රිදෙනවා පාර බලා ඉඳලා සින්දුව ම හැට හැත්තෑ පාරක් කියලා අපේ උගුරේ රිබන් එකත් ගියා. ඇවරිපිතා, රන්මැණිකා සහ ඇවරිතුමා තවත් කොකුන් ගෙනා බබෙකු බලන්නට බේරුවල අක්කර පහේ අක්බාර් මාවතට ගිය සුපිරි ම ආතල් චාරිකාව ගැන වෙන ම සලාදයක් ලියන්න වටිනවා. එක්කෝ එහෙම බේරුම් කරන්න යාම විහින් අමාරුවේ වැටීමක් නිසා සියලු සලාද එකට ලියන්නයි ඇවරි කම්පනා කරන්නේ, හා ද? නැත්නම් ඇවරිට වයසට ගියා ම කියවන්න දෙයක් නැති වෙයි කියලා පැහැදිලි බයක් තියෙනවා.

3 comments:

  1. නං ටික තමයි මරු

    ReplyDelete
  2. කමෙන්ට් දාන විදිහ වෙනස් කරහං

    ReplyDelete
    Replies
    1. උත්සහ කරන්නම්.. ඇවරිට ඔය වැඩ තමා බැරි ඉතිං..!!

      Delete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....