Tuesday, May 26, 2015

නත්ථි ජාතස්ස අමරණං දෙකහමාර හෙවත් පිටිසර යතිවර

මේ වර්තමාන සිද්ධීන් මට දෛනික වැඩ රාජකාරි අතරේ අමතක වී යාවි යැයි ඇති බය නිසා ම මේ සලාද ඉක්මණට ලියන්න අදහස් කළා. මේ ලියන පිළිවෙල මට ටිකක් වෙනස් කරන්
න තදින් ඕනකමක් තිබුණත් ඒක කරන්න බැරි බව ආයෙත් ආයෙත් ඔප්පුවන නිසා ඒ අදහස සිතින් අතහැර දාන්න මං තීරණය කළා. ඔව් දැන් ඒ අදහසිනුත් නිදහස්.

පහුගිය සති කිහිපය තුළ සිතේ දුකකට ඉතිරි වුනේ කළින් සදාලවල සඳහන් කළ අපේ මුත්තණ්ඩිගේ හත්දොහේ පින්කමට මට සහභාගී වීමට පුළුවන්කමක් නොවීම. ගමේ හැටියට හත්දොහේ දානෙදි හීල් දානයක් පමණක් දීම නිසා රාත්‍රී කොළඹින් පිටවීමෙන් ද කිසිදු සෙතක් අත් නොවීමෙන් ඒ කටයුත්ත මගේ අතින් මඟහැරුණා. ඒ ගැන සෑහෙන්න දුකක් තමා තියෙන්නේ. නමුත් එහි සිටි දවස් කිහිපය තුළ මට සතුටු විය හැකි මට්ටමක දායකත්වයක් ලබා දුන්නනේ. කොහොම නමුත් මට එහේ දි අපූරු ස්වාමීන්වහන්සේ නමක් මුණ ගැසුනා. අපි පාංශකූලයට ස්වාමීන් වහන්සේලා වඩමවා ගන්නට යන ගමනේදී ගිය එක් පන්සලක නායක හිමි නමක් ආගිය විස්තර කතා කරන ගමන් තමුන්ගේ ශාසනික සේවාව ගැන අපූරු විස්තර ටිකක් කළා.

කතාව පටන් ගත්තෙ ආවාස ගෙයි තිබුණ සුදු රෙදි තොගයක් ගැන ඇවරි කළ ප්‍රශ්න කිරීමකින්. අපේ මතු අපාගතවන මහින්ද රාජපක්ස ලොක්කා (ටයිටල් එක හරි පුතා, මොකද දැන් එයා අතිගරු විධායක ජනපති යැයි? අනිවා මතු බුදු නෙමෙයි අපාගත තමා) ඡන්ද ජයග්‍රහණය වෙනුවෙන් සුදු ඇඳුම් දන් දුන්න එක ප්‍රසිද්ධ රහසක් නේ. අපේ ගමේ පන්සලේ ඒ ඇඳුම් බෙදීම භාර වුනේ ප්‍රධාන දායක මගේ චූටි මාමාට. පොර එදා ඉඳන් අලි පාර්ටියේ බල කණුවක්. නමුත් ප්‍රධාන දායක තැන නිසා සිල්රෙදි බෙදීමේ කොන්ත්‍රාත්තුව භාර වුනේ මාමා තුමාට. අන්තිමේදී ගමේ මිනිස්සුත් තරහ කරගන්න බැරි නිසාත්, මහින්ද පරදින වාතාවරණයක් තිබුණ නිසාත් සිල් රෙදි නොබෙදන්න දායක සභාව ඒකමතික තීරණයක් ගත්තලු. තාමත් ඒ රෙදි ටික ගමේ පන්සලේ පෙට්ගමක තියෙනවා. ඔන්න වගේ ඇම්බැට්ටකම් නිසා තමා මහින්ද ලොක්කා පරාද වුනේ ආයුබෝං. දැන් ඒ ගැන කතා කොරලා ඵල නැතුවා ඉතිං.

ආ.. මේ මහින්ද මහත්තයා දුන්නු රෙදි වෙන්නැ අපේ හාමුදුරුවනේ...?? ඇවරි කට කොණකින් හිනාවක් දාලා කිව්වා. අනේ නෑ මහත්තයො ඔය මට පාන්සකූලෙට හම්බෙන රෙදි නේ? ළමයින්ට පාසල් නිල ඇඳුම්. මෙහේ යුනිෆෝම් රෙදි පාංසකූලෙට දෙනවද හාමුදුරුවනේ...? අපේ පැත්තෙ නම් කපු රෙදි තමා දෙන්නේ. ආහ් ඒක මෙහේ දායකයන්ට මං උපදෙස් දීලා කරවන වැඩක් නොවැ මහත්තයෝ... මේ රෙදි කට්ටි කරලා අපි දහම් පාසලේ හැම දරුවෙකුට ම දෙනවා. චීවරේ ඉන්න අපිට ඔය හැටි සුදුරෙදි මොකටැයි ඉතිං... ඒක වටිනා පින්කමක් නේ හාමුදුරුවනේ. දහම් පාසලේ ළමයි හුඟක් ඉන්නවද හාමුදුරුවනේ...? හාරසිය හැටහතරක් ඉන්නවා. තව ගුරුවර ගුරුවරියන්ට, නිල ඇඳුමට අමතරව උණුවතුර බෝතලයක් ලබා දීලා තියනවා. ඒ හැරුණා ම හැම ළමයෙක්ට ම පාඩම් කරන්න බල්බ් එකක් පන්සලෙන් ලබා දෙනවා. ෂාහ් කූල්නේ... ඒ ගැන තවත් විස්තර අහගත්තු ඇවරි මේ යතිවර චරිතය ගැන සෑහෙන්න පැහැදුනා.

තරුණපහේ හාමුදුරු නමක් වෙච්චි උන්වහන්සේගේ දැක්ම හරි අපූරුයි. එතුමා පන්සල දකින්නේ, ආගමික මධ්‍යස්ථානයකට වඩා සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයක් හැටියට. ඉතිං ඔය වැඩේ දිගටම කරන්න පුළුවන් ද හාමුදුරුවනේ? මොකද බැරි මහත්තයෝ දැන් මහත්තයලා වුනත් මං බණට වැඩිය ම බල්බ් පූජ කරන්න. වෙන මුකුත් පිරිකරට වුවමනා නෑ. අපි වත්කම් රැස් කරන්නේ සියලු දෙනාගේ පාවිච්චියට. දැන් බලන්න මේ කිහිළිකරු, රෝද පුටු කාටහරි කරදරයක් වුණ වෙලාවට යවන්න සූදානම් පිට තියාගෙන ඉන්නේ. බණ කියලා විතරක් ම මිනිස්සුන්ගේ ජීවිත ගොඩගන්න පුළුවන් හැටියක් නෑ. සමහරවිට මහත්තයා මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්. නමුත් අපි ලෝකෝත්තර ජීවිතය වගේ ම ලෞකික ජීවිතවල දියුණුවටත් අනුශාසනා කරන්න එපෑය. ඒකනේ බුද්ධ පුත්‍රයන්ගේ කාර්යභාරය වෙන්නේ.

ඒ කතා වලින් ඇවරි තුමා උන්වහන්සේගේ කුළුපග දායකයෙක් වුනා පේරාදෙණියෙන් උපාධිය  ලබාගත් අපේ කතානායකතුමා ජෙනුයින් බුද්ධ පුත්‍රයෙක්. පුළුවන් වුනොත් ඉරිදා අපේ දහම් පාසල පැත්තේ මහත්තයා ඇවිත් යන්න. මහත්තයලා වගේ බුද්ධිමත් කොල්ලො කෙල්ලො තමා දැන් රටට ඕන කරන්නේ.. අපි කතාව හමාර කරන කොට ම ජොනතන් ජයා මගේ බාප්පා ඇවිත් තිබුණා. අපේ බාප්පාගේ පොත්කඩේ ගැන විස්තර අහපු හාමුදුරුවෝ ආධාරයක් ඉල්ලා සිටියා ම ජයාතුමා කැමැත්තෙන් ම භාර ගත්තා.  


එදා මං ආපහු එන ගමන් කල්පනා කළේ අර තරුණ හාමුදුනම ප්ලෑන් කරලා තිබුණ දුර ගැන. අනිවා ආයෙත් ඇවරි ඒ පන්සල බලන්න යාවි. හැබැයි ඒ හිස් අතින් නොවන බවත් සහතිකයි...     

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....