Sunday, May 17, 2015

නත්ථි ජාතස්ස අමරණං දෙක හෙවත් අවමංගල අධ්යංක්ෂකගේ කතාව

ගංගා මළගෙදර අන්තිම වෙනකම් හිටියා. ආනන්ද බාප්පා බාලයානේ. ඒ නිසා ගංගාගේ කතාව තිබුණෙ අන්තිමට. කලින් අපි අවස්ථාව දෙන්න හැදුවත් ආනන්ද බාලය නිසා මං අන්තිමට කතා කරන්නම් කිව්වා. ආචාර්ය තුමා විනාඩිඅටක පස්ට පට පට කතාවක් කළා. මුකුත් වැඩියෙ කිව්වෙ නෑ. කිව්වෙ අපේ ඉතිහාසය අවුරුදු 94ක් ජීවත් වන මිනිහෙක් ලංකාවෙ ඉතිහාසයේ කොච්චර දේවල් දකින්නැතිද? ඉංග්‍රීසි ආණ්ඩුව, හතළිස් පහේ ලෝක යුද්ධය, හතළිස් අටේ නිදහස, පණස් හයේ පෙරළිය, හඳට යාම, කලු ජූලිය, කැරැල්ල, භීෂණය, යුද්ධය හා සාමය, ආදී වශයෙන් අපට අහිමි වුන යුග පුරුෂයාගේ ඓතිහාසික වටිනාකම ගැන ගංගා මාර කතාවක් කළා. ගංගා අවසාන වශයෙන් කිව්වෙ මැරෙන්න කලින් මේ තාත්තා එක්ක වචනයක් කතා කරන්න, ආශ්‍රය කරන්න තමන්ට අවස්ථාවක් නොලැබීම ගැන දුක් වෙනවා කියලා. ඇත්තට ම අන්තිම කතාවෙන් ගංගා එතන හිටි හැමෝගෙම කඳුළු පිහිදැම්මා වගේ ම මිනිස්සු තක්කු මුක්කු වෙලා හිතන්න පටන් ගන්න තැකට ගෙනාව. ඒක අර ඇවැත්නි ශෝක නොකරන්න...... වගේ කතාවක්. ගංගා ඡන්දෙන් පස්සේ ප්‍රංස තානාපති වෙලා යාම ලොකු පාඩුවක්.


මළගෙදර ආපු හැමෝට ම ඉව්වේ ඉංජිනේරු කුකාලා. දැන් ඉංජිනේරුවෝ කාර්මික නිලධාරීන් උයනවා දැකලා නැති නිසා මං අපේ කුස්සියටත් විසිට් එකක් දැම්මා. ඉතිං උන්නැහේ කොහොම ද මේවට පුරුදු වුනේ. ඔයාලා කුක්ලා නෙමෙයි නේ.. ආ ඕක මොකක් ද මහත්තයා? අපි කැලේ නේ ඉන්නේ. ඉතිං අපිමයි උයාගන්නේ. කැලේ කිව්වේ??? මං අග මුල අමුණගන්න ඇහැව්වා. ඇයි මහත්තයෝ ටවර් තියෙන්නේ කැලේ නේ. අපි වැඩට ගියත් මෙහෙම තමා. ෂෝර්ට දාගෙන ඉන්නේ. මේව ඒ හැටි අමුත්තක් නෑ. ආහ් එහෙම ද? කැලේ ජීවිතේ අමාරු නැද්ද ඉතිං... ඔය රස්සාව එහෙම කරදර ද? මොන පිස්සුද මහත්තයා. අපි තමා හොඳම ජොබ් එක කරන්නේ. සතියක් කැලේ. සතියක් ගෙදර. අපි ගෙදරට වෙලා වගාවක් කරගෙන ඉන්නවා. මොකෝ ඇඳුම් පැළඳුම් වලට වියදම් යනවයි කියලය? කන්න බොන්න ටිකත් ටවර් එකෙන් ම තමා. පඩිය බැංකුවට යනවා. වැඩේ ඉවරයි. මහත්තය ආවෙ බයිට්වලට මුකුත් හොයගෙනද? මඤ්ඤොක්කා දෙන්න පුළුවන්. ඒ ආතල් කුකාලා දෙන්නත් අපූරුයි.


ආදාහන චිතකය පියදාස සීයා නිම කරලා තිබුණා. ඉංජිනේරු අංශය එක රැයකින් වැඩේ කරන්න එතුමාට උදව් පදව් දීලා හේම තිබුණා. මං පියදාස සීයත් එක්ක කතා කළා. අවුරුදු හැත්තෑ හතරක වයස මේ හාදයා මගේ බුදු පිට් එකක්. 1996 අපේ අම්මුණ්ඩිගේ ආදාහන චිතකය වගේ ම 2013 මුත්තණ්ඩිගේ චිතකයත් 2015 මේ චිතකයත් ඇතුළු මේ ගම්තුලානේ චිතක දාහකට එහා පැත්තෙන් සීයා කරලා තියෙනවා. අපි මේ සෑයක් හදන හැටි, ගින්දර වදින්න පුච්චන හැටි, මිනී අලු එකතු කරන හැටි වගේ දේවල් ගැන බොහෝ දේ කතා කළා. පුවක් කඳන් හයේ සැකිල්ල හදලා දර තට්ටු තුනකින් අහුරනවා. තට්ටුවෙන් තට්ටුව පිච්චිලා බිමට වැටෙන විදියට. යටම තට්ටුවයි, උඩම තට්ටුවයි තමා ඇවිලෙන්නෙ. මැද අන්තිමට. උඩ මාල තට්ටු රාත්තිරියට කඩලා පුච්චලා දානවා. අන්තිමේදී පිරිත් වතුර ඉස්සම මගේ වැඩ කම්මුතුයි. පහුවදා වතුර පනිට්ටු දෙකක් ඉස්ස ම මිනී අලු එකතු කරගන්න පුළුවන්. මිනී අලු සුදුයි. බර නිසා හුළඟට ගහගෙන යන්නෑ. අපි තවත් බොහෝ දේ කතා කළා.


රාත්තිරියේ බොහෝ දෙනා ගියත් අපේ බලකායෙ මලයණ්ඩිලා කීප දෙනෙක් එහි හිටියා. ඇවරි පියා මිස්ට පතී ආධුනික කැරම් පන්තියක් හේම දාලා තිබුණා. අප්පච්චි තමා ප්‍රින්සිපල්, ලොකු අක්කාගේ පුතා මිනිඳු, සහංගි අක්කාගේ පුතා සාහෙන්, වගේ ම ලොකුම පුතා නෙතිඳු මලයා කැරම් ගැහුවා. අපෝ එතන ගාලගෝට්ටිය... ඔක්කොට ම වඩා ලොකු ම පොඩිඑකා අප්පච්චිගේ සද්දේ....


මං නම් දෙයියනේ කියලා දොළහ වෙද්දි සාලෙන් එළා ගත්තා. ඒ කාලෙකින් ගමේ ගිහින් මැද සාලෙ අපි ඔක්කොම බිම එලාගෙන නිදාගත්ත දවසක්. මං පුංචි කාලෙ වගේ ම මෑතක් වෙනකම් ගමේ ආව ම සාලෙ පුටු අස් කරලා රෙදි එළලා අපි හැමෝම කතන්දර කියමින් ඉඳලා එකට වැටිලා නිදා ගන්නවා. දැන් නම් ගමේ වැඩවලදි මං එන්නේ දෙකට තුනට නිසා බොහෝ චාලිත්තර මිස් වෙනවා. පහුවදා මං ඇහැරෙද්දි එළිවෙනකම් නිදිවරපු අපේ මලයා ෂීනන් එම මැතිනියගේ නිවසට ගිහිල්ලා. මං විතරයි කොළඹ ප්‍රජාවගෙන් ඉතිරි වෙලා හිටියේ. උදේ ම බැනර් ටික ගළවලා, නවලා, නේම් ටැග් දාලා අහවර කළා. බැනර් අසූ ගාණක් තිබුණා. අපේ අම්මුණ්ඩිගේ මරණෙට බැනර් තුන්සීකට එහා. ඔක්කොම රෙදි බැනර් අපි හෝදලා වේලුවේ. ඊළඟට මං සේරම කොටි ටික හේදුවා. පුටු කවර හේදුවා. කර්ටන්ස්, ඩ්‍රේපින්‍, පාවාඩ සාරි, ආදී සියල්ල හෝදලා අහවර වෙද්දි දෙකයි. නාලා, කාල කොට්ටාවෙ මාමලත් එක්ක කොළඹ ආව.  



ගම කියන්නේ අපූරු තැනක්. නිල්ල නිලන ගහකොළ. කුරුන්දෙ ඇවිදින්න, පීල්ලෙන් නාන්න, ඉත්තෑවො හොයන්න, ගුලන කන්ද නගින්න, කැට ගහන්න, මාළු අල්ලන්න ආයෙත් ගමේ යන්න ඇත්නම් කියලා හිතෙනවා. ගම ලස්සන වෙන්නෙ හිත පුරා ආදරේ කරන්න පුළුවන් මේ මුත්තන්ඩි වගේ සුදු මහත්තයෝ කියලා කතා කරන මිනිස්සු හින්දා. ආයෙත් අපේ නෑයො එකතු වුනා. අම්මෝ.... නෑයො කියන්නේ පුදුමාකාර සත්තු ජාතියක්.. ඊටත් අපේ උන් එකතු වුනා ම කියලා වැඩක් නෑ. ඕන ගේමක් නතින්ග්. වැඩ ටික තිතට ගියා. අගත අනගත හැමෝට ම ස්තූතියි. අපේ මුත්තණ්ඩි ඉන්න කාලෙ කාටවත් නපුරක් කරලා නෑ. ඒ උත්තමයට නිවන් සැප ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා...!! නත්ථි ජාතස්ස අමරණං            

1 comment:

  1. කොට කොටා... අපෙත් ඔය ඉන්ජිනේරු කුකාලා ඉන්නවා බං.. මරුවට උයන

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....