Wednesday, March 25, 2015

අැවා කළ මියුසික් තෙරපිය හෙවත් රිද්මෙට __ක් වීම.....

පහුගිය ඉරිදා ඇවරිතුමාට පස්ට බිසී දවසක් වුනේ සුලෝහිත සංග්‍රාමයට යාමට තිබුණ නිසා. නමුත් රාහුලයන්ගේ මුහුණු ටික නොබලා යන්න බැරි වුන නිසා ඇවරි වරුවක් හරි දහම් පාසලට යන්න තීරණය කළා. එදා පාඩමත් කවි පාඩමක්. මං ඉතිං කවියෙක් නොවුනට ආයිබෝං කවි කියවන්න පුංචි දක්සතාවයක් තියෙයි. ආරාධිත ගායන ශිල්පියක් පන්තියට කැඳවපු ඇවරි එදා ළමයින්ට කවි පාඩම පටන් ගත්තා.
ටිකට් එක තමයි හැම එකට ම මුල....

හිංගල අපි පුංචි කාලෙ අම්මගේ තුරුළෙ නැළවුනේ දොයි දොයි දොයිය බබා අහගෙන. ඇවරිට නම් හුඟක් කවි උගන්නලා තියෙන්නේ අම්මා. පුංචි කාලෙ කවි, ගාථා අම්මත් එක්ක තාලෙට මහ හඩින් ගායනා කළාලු. ලක් වැසියන් කෙරෙහි නැමී, සඳපානේ වැලි තලා... අපේ අම්මගේ හොඳ ම නැළවිලි ගීත. අර හෙසන්යා දෝණිගේ සලාදයේ ලියැවුනා වගේ සඳපානේ වැලි තලා තාලෙට කිව්වොත් නම් ඕන පොඩි එකෙක් නිදාගන්නවා. මගේ ගොන්කම නැවතත් පරීක්ෂා කරන්න මං පන්තියේ නයිදෙලාට පුංචි කාලෙ අම්මා උගන්නපු නැළවිලි කවි දෙකක් ලියන්න කියලා කිව්වා. කිව්ව ම මොකෝ අයියෝ මුන්ට දොයි දොයි දොයි දොයිය බබාවත් සම්පූර්ණයෙන් ලියා ගන්න බැහැ නොවැ. මට තේරෙන්නෑ ළමයි.. එක්කෝ උඹලාව අම්මලා නළවලා ම නෑ... නැත්නම් තාමත්  නළවනවා. ඩෙස්පරේට් ඇවරි ආරාධිත ගායිකාවට පන්තිය භාර කළා.

ඇය මුලින් ම ගායනා කළේ ජයමංගල ගාථා. අපේ පන්සලේ ජය මංගල්‍යන් රූප වලින් අඹලා තියෙන නිසා උන්ට පාලි තේරුම සිංහලට කියලා දෙන්න ලේසි වුනා. අපරාදෙ කියන්න බෑ, කස්ටිය සනීපෙට අහගෙන හිටියා. නරසීහ ගාථා, සුභාෂිතයෙන් කවි කිහිපයක්, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව, ගුත්තිලය ආදී කවි පොත් සෑහෙන්න ප්‍රමාණයක උපුටනයන් ඇය පන්තියේ ළමයින්ට ගායනා කළා. ඇවරි නම් පුද්ගලිකව හුඟක් ම කැමති වුනේ ඇය වෙස්සන්තරේ ගායනා කළ විලාසයට...

පෙම්මා සුරතල් කියමින් - දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැලි ඉස ඉස -  ඇවිදින්දැයි අම්මා
අම්මා අප නොදැක ඉතිං - කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වන දා නිවන් දකින් අම්මා... ඒ කයියත් එක්ක අර බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්.. සිරාවට ම ඈ කිව්වා.

බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත් - තපසට නොගනිති වම්මා
දෙකනේ පුස්කොළ තෝඩු දැමූවත් - තපසට නොගනිති වම්මා

මං පොඩි උන්ව අඬවන්න ඕන නිසා ම වංකගිරියට නික්ම යාම කළින් ම උගන්නලා තිබුණේ. කවි ටික කියද්දි මං පැත්තෙන් පන්තිය දිහා බැලුවා ම කස්ටිය හීනියට කඳුලු පිහිදානවා. ඒකත් එක්ක ම අපි මගෙ බිසව්නේ අසාපන් තැටි වාදනයකුත් කළා.

දස්කොන් ප්‍රමිලාට කියපු සක්මන් කරන මළුවේ දී බැඳි හාද.... සහ යසෝදරාවතේ කවි කිහිපයක් අපි තෝරා ගත්තා. ඒ අයට සමුද්‍රඝෝෂය උගන්වන්න සැළලිහිණියේ කවි කිහිපයකුත් නාට්‍ය ගීත අතරට මනමේත් සහිත සම්පූර්ණ කවි කොත්තුවක් අපි දැම්මා. අවසානයේ දී ආරාධිත ගායිකාව ඇගේ කවි පැදුර අහවර කළාට පස්සේ ඇවරිතුමා සම්භාව්‍ය සාහිත්‍ය රැප් කිරීමේ පන්තිය පටන් ගත්තා. ඒ ගුත්තිලයෙන්. ඕකේ ළමයි රිද්මෙට රොක් වෙලා කියන්න. 

ඇවරි පංජාබි මික්ස් එකක් ප්ලේ කළා... හේ බලේ බලේ.... ( මේ කවි ටික අර ගර්ල් යූ මයි ඒන්ජල් සින්දුවේ රැප් එක විදියට කියාගෙන යන්න තිබුණේ...)

චක චක - චක චක - චක චක - චක චක - චහ්...// ඕයේ..හ්
පියසන් නොව බිඟුදැල් රැඳි කොපුලී
අවසන් නොව වෙන නදට ම කුහුලී
මද සන්සුන් පියොවින් සිටි නොසැලී
ගජ සෙන් සිතියම් ගජසිරි කියෙලී

ක න් කලු වෙණනද ඇසුමෙහි ලොබි නේ
ර න් රසු දැල් කොලහලවන බියෙ නේ
ස න් සල නොව එහි පිළිරූ ලෙසි නේ
න න් හයසෙන් සිටියේ සිටිමති නේ

නි ති නිරිඳුගේ රැකවලෙහි නියු ත් ‍තෝ
රු ති ලෙස රුපුනොද බිඳ ජයග ත්‍ තෝ
පැ ති රෙන වෙණනද බැඳුණු සිතැ ත් ‍තෝ
අ ති නවි ගිලිහෙන බව නොමද ත් තෝ

ම න ම ත් කරවන දන මුළු දෙර ණා
ර ස ව ත් වන වෙණ නද නද කර ණා
සව‍නොත් සඳ පුරඟන ලොබ දිටු ණා
නො දනිත් දරුවන් ඇකයෙන් වැටු ණා

ම න ම ත් කරවන දන මුළු දෙර ණා
ර ස ව ත් වන වෙණ නද නද කර ණා
සව‍නොත් සඳ පුරඟන ලොබ දිටු ණා
නො දනිත් දරුවන් ඇකයෙන් වැටු ණා

 ව ර වෙණ නද අසමින් සිත ‍සතොසි නි
ස ර හැර සියොතුන් පියපත් විදමි නි
පු ර ඹර වසමින් සිටි රඟ කුම් වැ නි
සු ර සෙනඟට සුරසුන් පැනවු වැ නි
සු දා සවන් වෙණ නද රස සුල බව
න දා එකඟ සිත් වත නොම සකො බව
 ස දා කුලය නොහැරම එන අසු බව
එ දා ගියේ රිළවුන් සන්සල බව

අ ස න රිසින් නයි කැල ඔස ළෝ යා
ඔ වු න වෙතම සිටිනා ගුරු ළෝ යා
ව යි න එ වෙණනද ලොබම ක ළෝ යා
එ දි න වයිර සිත සිහි නොක ළෝ යා

බැ ඳි දන මන වැයුමෙහි ඇ දු රෝ යා
වි ඳි සත්සර වෙණනද ම දු රෝ යා
රැ ඳි සතොසින් සැනහුණු ඉ දු රෝ යා
වැ ඳි දන සිරි ගත්තුය කි ඳු රෝ යා

ස තො ස් කරණා වීණා නද ඇසුම ට
නොහොස් සිටින පිල්බර ගණ ගොදුර ට
වෙ සෙ ස් රුවින් තම මැව්වත් බඹහ ට
ස ඳැ ස් සවන් නොකළැයි වූ නොසතු ට

රු ති වනපෙතිනැවිදින් ස මු වෝ යා
නි ත් මියුරුති වෙණ නද ළ මු වෝයා
සි ති විලි නැති රූ මිලස මු ‍වෝ යා
නැති නොගනිති මිනිසුන් හ මු වෝ යා

නොගොසින් සිට සිටිවන නිබ ‍ඳේ යා
වෙ සෙ සි න් සුර නර සෙන් නොම ‍ඳේ යා
ස තො සි න් විඳ විඳ ලොබ නොසි ‍ඳේ යා
මෙ ලෙ සි න් වෙණනද අසන ස ‍ඳේ යා

ප ට න් සුරිඳු දුන් උපදෙස් සිහි කො ට
ඉ ට න් බෙලෙන් දැමුවෙන් ගුළි අහස ට
තු ටන් වඩන සුර අඟනෝ බැස සි ට
ප ට න් ගත්තු නව සියයක් නැටුම ට

ළ ඟ ළ ඟ වා උනුනට කර වා ද ය
නොවර ද වා වීණා පද වා ද ය
ර ඟ අ ඟ වා සුරඟන රඟ බේ ද ය
සෙ ද කර වා රජ සබය පබෝ ද ය

ය ට සි න් ලන බැල්මෙන් සුර විල සී
වෙසෙසින් දනමන මත්කර එක සී
අ හ ස න් බැස රඟ ගත් රඟ කෙලෙ සී
දි සි මෙන් විය විදුලිය සියදහ සී

දි මු තු යසස් වන් කුසුම සරා ගේ
නුමු තු සුවඳ මල් පැලඳ සරා ගේ
ද කි තු රඟන සුරඟන රඟ ලා ‍ගේ
උ ම තු නොවෙද කෙලෙසක සිත කා ගේ

රූ රැ සේ අඳි - නා ලෙසේ අත් - ලෙළදිදී ‍විදු - ලිය ප බා...
රන්රසේ එක් - වන ලෙසේ වෙණ - නාදනූ පා - තබ ත බා.... බේබි
කම්පසේ සැර - දෙන ලෙසේ දෙස -  බලබලා නෙතගින් ස බා.. අයියෝ
මම් කෙසේ පව- සම් එසේ වර - සුරලඳුන් දුන් රඟ සු බා... හති

පිපි සමන් කු සු - ම න් ප ටි න් තන - රන්හසුන් මන් - මෙන් බැඳේ...
ලඹ සවන් දි ඟු - ර න් ප සි න් දන - නෙත් මුවන් බඳි - මින් තදේ
මද පවන් වැද - ලෙළ ප හ න් සිළු - මෙන් රැඟුම් දෙන රන් බ ‍ඳේ....
දිලි ඔවුන් රූ - සි රි  නු ව න් වන් - බඹ උවත්  දැහැ - නින් මි‍ ‍ඳේ....

පුන් මදාරා - මල් දමින් යුතු - දිගු සුනිල් වර - ලස ගොතා .... යෙහ්
මන් මදා කිතු - ලිය ලෙසින් - උර තුර සලා දිලි - මුතු ලතා...
මන් මදා වන - මිණි මෙවුල් නද - වෙණ නදින් එක් - කොට ඉතා
මන් කෙසේ පව - සම් එසේ වර - සුර ළඳුන් දුන් - රඟ සොබා

පෑ උ දු ල් සිති - යම් ලෙසින් සිටි - නේ සුරන් සහ -සක් නු බේ...
 රූ නි මල් සුර - ලිය ‍තොසින් බැස - රඟ කෙරෙත් නර - රජ ස බේ...
මීරි ක ල් තත් - සුන් වෙණින් බෝ - සත් ඔවුන් කර - වයි ලො බේ....
මේ සියල් ‍විසි - තුරු උතුම් එක - තැන දැකුම් කික - ලෙක ලැ බේ.....?????

මුල් හරියෙ එක තැන ඉදන් පොඩි පොඩි මූමන්ට්ස් දාපු කස්ටිය අන්තිම වෙද්දි හිටලා නටනවා. මං දක්ෂ නර්තන ශිල්පි ශිල්පිනියන් රාශියකුත් හොයාගත්තා. පාඩම ඉවර වෙද්දි පොඩි උන්ට හරි පුදුමයි. ඇත්තටම සර් වෙන නැද්ද ඔහොම තාල වෙනස් කරලා කියන ඒවා..??

අපෝ තියෙනවා ළමයි දැන් බලන්න ඔය සමුද්‍රඝෝෂෙ තියෙන ඕනෑ ම කවියක් වාද බායිලා තාලෙට කියන්න පුළුවන්... අර අපි අහලා තියෙන තාලෙ මේ වගේ...

ටනර ටනා නාන නාන.... ටනනරනා නාන නාන
ටනර ටනා නාන නාන ..... ටනනරනා නා... එතකොට

පැහැසරණිය මිණි - පැමිණිය කොත් අගට... මචං
බඳ කිකිණිය දද -  ගිහිණිය විමන් වට... අම්මපා
නොව පැරණිය වන - රමණිය විටින් විට.... හැබෑට
සැළලිහිණිය වදු - කැලණිය පුරවරට.... එල එල 

ඒ විදියට සැළලිහිණියේ කවි 108න් සෑහෙන්න ප්‍රමාණයක් බයිලා මික්ස් එකේ කියන්න පුළුවන්. අඩේ ගෙදර ගිහින් ට්‍රයි කරලා බලන්න ඕනෑ...

ඒ ෂෙසන් එකේ දි ළමයි වගේ ම මමත් සෑහෙන්න විනෝද වුනා. සිංහල සුභාවිත කවිය කියන්නේ සෑහෙන්න වටින සාහිත්‍යාංගයක්. හැබැයි අන්තිමේදී කවි රැප් කිරීම උගන්වන්න හේතුවත් ඇවරි පැහැදිලි කළා. දැන් බලන්න අපිට තියෙනවා. කාව්‍යශේකරය උගන්වන්න. දන්න අය දන්නවා ඒක වාක්‍යමය උපමා සහිත උපදේශ කාව්‍යක් කියලා. අර මා වැනි බිළින්දා එහෙම තියෙන්නේ ඒ පොතේ... රාහුල හාමුදුරුවෝ උලකුඩය දේවියට බණ අහන්න ආසයි කිව්ව ම සත්තුභත්ත ජාතකය අළලා තමයි කවි පොත ලියුවේ. නමුත් මා වැනි බිළින්දා අශාන්ති රී මේක් කරලා කියලා තියෙනවා.

මා වැනි බිළින්දා... බිළින්දා.. බිළින්දා
වර වර ළඟට කැන්දා...
දුක් සැප කුමන්දා... කුමන්දා කුමන්ද
අසන නිරිඳෝ වෙන කොයින්දා......

ඒ තාලෙ අපේ අයියලාට සෑහෙන්න සමීපයි. කන්ටෙම්පරරි මියුසික් නිසා. අපි දැන් අශන්තිගෙ හයි බීට් එකට කාව්‍යශේකරය මික්ස් කරලා කියවනවා. අනේ දෙයියන්ගේ නාමෙට සතියෙන් උන්ට කවිටික කටපාඩම්.. ලෝවැඩ සඟරාවෙ අත්වැඩ පරවැඩ සමව සිතන්නේ... වගේ කවි පාඩම් කරවන්නේත් රැප් එක හැටියට. නියම ගායන විරිත ළමයින්ට කියා දෙනවා. නමුත් උන් ජීවිතේට ඒ විරිතට කටපාඩම් කරන්නෑ.. මේ විදිය එක්ප්‍රස් ලර්නනිග්. ඇවරිගේ ඉගැනුම් ක්‍රමය ගැන යම් විවේචන තියෙන්න පුළුවන්. නමුත් මළපොතේ අකුරක් නොදැන කවි කියන්නේ මොනවාද කියලා නොදැන හිටි අපේ කාලයේ තරුණ ප්‍රජාව ගෙදර ගිහින් කවි පොත් හොයාගෙන කියවන්න, ගූගල් කරලා තාල අල්ලන්න, තේරුම් හොයන්න මේ ප්‍රසන්ටේෂන් එක නිසා පෙළඹුනා. ඒක සාධනීය තත්ත්වයක්. අපි උන් ඉල්ලන දේ දීලා අපිට ඕන දේ ගන්න ඕන. නැතුව හා දැන් පාඩම් කරපන් කිව්වට කවුරුත් කරන්නෑ.....


මාත් කාලෙකට පස්සේ පොඩ්ඩො එක්ක නටලා කරලා සෑහෙන්න සතුටක් ගත්තා. හොඳම සොමිය ලැබුණෙ එදා සවස බිග්මැච් ගියා ම. මං යද්දි නාලන්දීයන් පළමු ඉනිමට එකසිය හතළිස් නවයක් ගහලා තිබුණා. මුලින් බ්‍රදර්ස් ටෙන්ට් එක එච්චර ලල් එකක් තිබුණෙ නෑ... පස්සෙ පස්සෙ එකා දෙන්න ආව. යුනියේ යජිෂ්, ජනි බී වගේ මගේ බැචාල වගේ ම අයියලා හුඟක් එහි ආනන්ද පාරවල් දාන්න සෙට් වුනා. අපි නට නට ඉද්දි එතනට කොහේද ඉඳන් පපර ටීම් එකක් ආව. ඒ වෙලේ ඩී.ජේ එක ටිකකට නවත්තපු අපේ අයියලා ඇරපිය... ඇරපිය ලුසියා දොර.... කියන්න පටන් ගත්තා. කිව්වාම මොකද යාළු ඇවරි පාසල් යන කාලයේ අංක එකේ හිටිවන කුණුහරුප වාද බයිලාකාරයෙක්. නිකම් බීට් එක තියන්න විතරයි ඕන. පැයක් හරි තරගෙට කියයි. නමුත් කාලෙත් එක්ක දැන් නම් අවංකව ස්ලෑන්ග් මුකුත් මතක නෑ. එදා නම් අපි බ්‍රදර්ස් ටෙන්ට් එක හෙල්ලෙන්න ඒ කාලෙ ඕල් ටයිම් හිට්ස් වුන කුණුහරුප ගී බොහෝමයක් කිව්වා. ටෙන්ට් එක ඇතුළෙ තරමක කාන්තා නියෝජනයක් තිබුණත් ඒ අයත් ඒක එච්චර කෙයාර් කළේ නෑ...



පපරේ පැත්තට හැරිලා අපේ කස්ටිය දෙන්න අයියා.... තොපේ එකයි - අපේ එකයි කියාගෙන සල්ලි දීලා ගවුම මැහුවෙ තාලෙට බේබි බේබි කියන්න ගත්තා..... කවියයි - පපරයයි, කවියයි -පපරයයි, කුණුහරුප වරුසාවයි.

බේ....බි එන්න යන්න xxx කපන්න
බේ.....බි රෙද්ද ටිකක් උස්සලා දෙන්න
බේ......බි රතු xxගිය පහත් කරන්න
බේ.....බි මේක තියලා තද කරගන්න - දැන් වෙලා නැහැනේ ංංංංන්න
බේ.....බි වැටෙන බින්දු ගණන් කරන්න
බේ.....බි පස්ස ටිකක් උස්සලා දෙන්න
බේ.....බි අම්ම එනවා පැනලා දුවන්න
බේ.....බි අම්ම හොඳයි ඔයාට වැඩිය
මහවැලි ගඟ අයිනේ......

විසාකාව පැත්තේ.... ගැමුණු වළගම්බා.... විජිතපුර සටනට.... රේල් පාරේ මං එනකොට වගේ ඕල් ටයිම් හිට්ස් බර ගාණක් අපි කිව්වා. මාගේ පාසල් කාලයට ආයෙත් ගියා වගේ හැඟීමක් දැනුනා. එදා සෑහෙන්න වෙහෙසකර දවසක් වුනාට මොකද යාළු මාර්තු පහළොව කියන්නේ ඇවරි තුමාගේ මෑණියන්ගේ උපන්දිනය. ඒ වෙනුවෙන් මොනවා ගන්නද කියලා කම්පනා කරද්දි ඔප්ෂන්ස් දුන්නේ සදිසි උපකාරකය. ලාස්ට් මිනිට් ෂොපින් පාරක් දාන්න ගියා ම වටිනා කියන සපත්තු යුවළක් දැකලා මෑණියන් දෑ වෙනුවෙන් මං ඒක ගත්තා. ඇගේ සාරිය වර්චුවල් ෂොපින් හරහා තේරුවේ ගංගා දිසානායක මැතිනිය. චන්ඩි ගංගාවෝ සාරි තෝරන්න නම් කියාපු.


අපි නම් සාමකාමීව අානන්ද පාරක් දාල මැච් එක අහවර කළා..
ආ එදා අපි ඇවරි මාතාව වෙනුවෙන් විශේෂ රෑ කෑමක් පැවැත්වුවා. නමුත් බිග් මැච් නිසා මට පූජාවට සහභාගී වෙන්න නම් පුළුවන්කමක් ලැබුණෙ නෑ. තවත් හැපනින් සති අන්තයක් ඇවරි අහවර කළේ ඒ විදියට. එක දවසකට මේ තරම් වැඩ කන්දක් බැලන්ස් කළේ සෑහෙන්න කාලෙකින්...     

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....