Saturday, September 14, 2013

පොඩි කුරුලු ගෙයක් සොයාලා.... In search of a Bird Nest :)

මෙන්න මේ දෙන්න තමයි ඕංංංං..........
ඇවරයියාට ලියන මූඩ් එකක් ආපු නිසා ඔය ආබස්සර බඹ ලෝකවල ඉඳන් මේ ලෝක ධාතුව වෙත පාරප්‍රාප්ත වෙලා ආයෙත් ඉතින් වගේ වගක් නැතිව වග පල නොසොයා තමන්ගෙ පාඩුවේ ඉන්න බුවාස් බුවියාස්ලා වගේ ම හැමදාමත් අනුන්ගේ මුට්ටිවලට තමන්ගේ අඟෙන් ඇණලා චොප්ප චෝ වෙන පිරිසුත් එකත්පස්ව ඉන්නව හොඳයි. මොක ද පහාත් තැනීන් යයි ගලාාා ජලේ...කියනවනේ ආයුබෝං.

මේ කතාව ලියැවෙන්නේ හිත මිතුරු සුළඟට අදාලව. හැමදාම යාන්ස් ලියපු නිසා අද පොඩි ඇක්ෂන් කොමඩියක් ලියන්න හිතුවා. මේක අතකට කොමඩියක් කිව්වට ට්‍රැඩඩියක් වුන පාර්ශවයකුත් ඉන්නව. කතාව අන්තිමේ දී බලන්නකෝ.

අර කොච්චි මිරිස් කරලේ සරණ බන්ධන කතාව මතක ඇතිනේ බොලාස්ට. මේක ඒ හා බැඳේ -හොඳේ ඕන්. මිරිස් කරලී මට ළඟදිත් කතා කළා. අහවල් එකකට නෙමෙයි. ආයෙත් පුරුදු ජොබ් එක වුන බ්‍රෝකර් කෙරුවාවට. ගෙවල් සපයා දීමේ කොන්ත්‍රාත්තුකරු කොහොම ද පට්ටම??? හැබැයි ඉතිං ටිංකිරි ටින් එකයි, තව සුඟකුයි ඕනෑ ගාලා නා ගන්න. කොච්චි මිරිස් කරලි පුරුද්දට කතා කළාට මට එදත් මතක් වුනේ ඒ ජෝඩුව ගෙවල් බලන්න ගිහින් කියපු කරපු කතාන්දර. ඇමතුම ඉවර වෙලා මට මතක ටික පිළිවෙලට සකස් කළා. ඊට පසු සටහනයි මේ. ආ මිරිස් කරලීගේ මඟුල් ගෙදර හා අපිට දුන්න ලන්ච් එක ගැන ලියැවුනේ නෑනේ. පුංචි විතානගේ මඟ එන නිසා ඉක්මණට ම ලියලා දාන්න හිතුවා.
ඇත්තට ම මේ භාර ධූර කර්තව්‍යයට ඇවරි ම සම්බන්ධ කරගන්න වි‍ශේෂ හේතුවක් තිබුණා ද කියලා මට නම් හිතාගන්න බෑ. නමුත් කොහොම හරි ඒ ජංජාලෙ මේ චාපාලට සෙට් වුනා. දෙන්න මට කොන්දේසි රාසියක් දැම්මා. අර දික්කසාද වෙන්න ගිහින් ආයෙ ලව් කරන කපල් ළඟදි නීතිඥයො අසරණවන්නේ අන්න ඒ වගේ මාත් ගිරයට අහුවුණු පුවකක් වුනා. මුලින් ම තමන්ට අවශ්‍ය සිහින නිවස ගැන කතා කළේ චිලී.
මට නම් ලොකු කුස්සියක් එපා උයන්නෙ වෙනවනේ. කඩෙන් කන්න අපි එකඟවෙලා ඉවරයි. ලොකු බෙඩ් රෑම් එකක් ඕන. මේ... අපි දෙන්නට. එක කාමරයක් ඇති. හදිසියේවත් අම්මලා ඇවිත් රෑට නැවතුනොත්...? තව නාන කාමරෙත් ටිකක් ලොකුවට ඕන. මං කියන්නෙ දෙන්නට ම නාන්න පුළුවන් තරමේ. තව ටයිල් කරපු ගෙයක්. උඩ තට්ටුවක් වඩා හොඳයි. මාකොළ අවටින් විශේෂයි. එච්චරයි හෑ.....??????


අනේ අයිය නම් වැඩි දෙයක් කිව්වෙ නෑ. ලයිට් බිල් වතුර බිල් නිරවුල් වීමයි. ඒ.ඩී.එස්.එල් ලයින් එකයි එතුමාට වැදගත් වුනා. දුර ප්‍රමාණයන අනුව කැවියටත් සිනෙක් එකටත් අතර තැනක් අපි හෙව්වා. ඔන්න මුලින් ම අපි මාකොළ දන්න කියන පාරක ගියා එතැන පුංචි වැඩියි. ඊළඟට තවත් බ්‍රෝකර් වරයෙක් එක්ක ගෙයකට ගියා. හප්පා ඒක පරණ බංගලාවක් උඩ තට්ටුවක් සියල්ල ගරා වැටිලා ඒත් මාසික කුළිය දහදාහක්.


තව තැනකට ගියා ඒ ගෙදර යට තට්ටුව පොළට මට්ටමින් පහළ තිබුණෙ. බංකර් ටයිප් කිව්වොත් හරි. පඩි බැහැ බැහැ යන්න ඕන. රිජෙක්ට්. තව ලස්සන ගේ පොඩ්ඩක් බැලුවා එක වත්තෙ ගෙවල් කිහිපයක් තියෙන. නමුත් එක් කාමරයක් යතුරු දාල. ඉතිං ගේ පොඩියි. රිජෙක්ට්.
ඊළඟට ගියපු ගේ විසාල වැඩියි. ඒක කාර්යාලයකට කදිමයි. අන්තිමේ දි අපි කඩවතින් තැනක් හොයා ගත්තා. දෙන්නත් එක්ක ඔට්ටු වෙලා එදා මටත් හරි මහන්සියි. අන්තිමේ දී මේ දෙන්නාට සොඳුරු නිවහනක් යන්තම් ලැබුනා.


ඇගෙ වෙඩිම අපිට අමතක නොවන අත්දැකීම් එකතුවක්. මං එදා කුර්තාවක් ඇඳන් ආව මතකයි. මීගමුවේ පුරසඳ උද්‍යාන හෝටලේ පැවති ඇගේ සරණ බන්ධනාභිෂේකයට පැමිණ කලා භූෂණ, මහැඳුරු පැට්රික් රත්නායක ගොයියා පදනම සප්පායම් වෙලා කරපු කතාව අමතක වෙන්නැති තරම්. අන්තිමේ දී පැට්රික් සර්ගෙ රෙකමදාරුව නිසා ම රුචිර අයියා බෙරේ ගහන්න බාර ගත්තා. එදා සවස අපි මීගමුව බ්‍රවුන්ස් බීච් ගියා. අපි ජෝඩුවට තෑගි කළේ පින්තූරයක් පමණයි. මොකද අපිට ගන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරි වුන නිසා. අන්තිමේ දී තෑගි කිහිපයක් ගෙන ඒවාට මතක හිටින්න හොඳවයින් දෙකකුත් ලියල පුංචි පුදුමයක් දුන්නා.


වෙඩිමෙන් පස්සෙ මාස ගාණක් ගියාම (මං දන්න තරමින් අයියා කියලා දීලා උයන්න පුරුදු වුනා ම) චිලී අපිට කෑමකට ආරාධනා කළා. අනේ ඉතිං අයියට පින් සිද්ධ වෙන්න අපි සියලු දෙනා එදා හතරට විතර දෙයියනේ කියලා දවල්ට කෑව මතකයි. දැන්නම් උයන්න ඒවා කන්න පුළුවන් ලු. මේ දෙවියන් මැවූ ජෝඩුව ගැන තව දේවල් පල්ලෙහාට  ලියැවෙන නිසා මං ලිව්ව ඇති නොවැ....!  



3 comments:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....