Saturday, September 7, 2013

ලංකාවේ අලුත්ම පාරිභෝගික සේවා න්යා ය | Ultimate consumer support theory


සකල සිරින් පිරි සිරි ලංකාවේ දැන් හැම දේම හරි ම සාමාන්‍යකරණය වෙලා. දැක්කනේ අර රංගන ශිල්පී මිහිරට තර්ජනය කරලා හිරු ටී. වී දාපු ගොන් පාර්ට් එක. ඒ කියන්නෙ බිය වැද්දීම් වගේ දේවල් දැන් හරිම සාමාන්‍යකරණය වෙලා.. සාමාන්‍යකරණය කියන්නේ ඒ නයින් බලන කල සංදිග්ධාර්ථ පළ කරන්නා වූ බොහෝ විට භයංකාර හැඟීමක් ගෙන දෙන වචනයක් හැටියට නාගරික ශබ්ද කෝෂය තුළ අර්ථ ගන්වන්න පුළුවන්.


පුද්ගලිකව සාමාන්‍යකරණය කියන්නේ අතිශය භයානක වචනයක් කියලා ඇවරිත් අත්වින්දෙ පහුගිය කාලෙ වෙච්ච සමහර සිදු වීම් නිසා. ඒකෙන් මේකෙන් සලාදය අමතක වීම වෙන්න පුළුවන්. ඇවරි වල් පල් කියවනවා වැඩියි කියන සාමාන්‍යකරණයට ඔබ පැමිණීම භයානක නිසා මං සලාදයට යන්නම්. දැන් පේනවනේ එතන ම යම් අවධානමක් තියෙනවා කියලා....? අන්න ඒක නිසා ජීවිතේ කිසිදෙයක් සාමාන්‍යකරණයක් බවට පත් වෙන්න දෙන්න එපා කියන උපදෙස වැදගත්.
මේ සලාදය ලියන්න නිමිත්ත වුනේ පහුගිය දවසක රැහැන් රහිත දුරකථනයක් මිලදී ගන්න මං ඩයලොග් අවුට්ලට් එකකට යාම. භද්‍ර යවුනියක් ඇවිදින් මනමාල හිනාවක් දාලා කාරණේ කතා කරලා හැඳුනුම්පතත් අර ඈ ම පෝරමයත් පුරවලා සියල්ල සිදු කළා. ඒ අතින් නම් පාරිභෝගික සේවා උපරිමයි. ඩයොලඟන අලුත් දුරකථනයට බැටරියක් දාලා එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා මගෙන් විරාමයක් අරන් ඒ මොහොතේ පැමිණි අලුත් පාරිභෝගිකයෙක් හා සම්බන්ධ වුනා. ඒ මහත්මයා තමන්ගෙ අබග්ගය විස්තර කරගෙන ගියා.
මං ඊයෙ ඩයලොග් ඩිෂ් එකක් ගත්තා. ඔයගොල්ලො ඇවිත් ඉන්ස්ටෝල් කරලා ගියා ම වැඩ කළා. අද බලද්දි කිසි ම රූපයක් පේන්නෑ. හරි සර් කලබල වෙන්නෙපා. කස්මර් කෙයා කතා කරන්න. අයියෝ මිස් එහෙම කතා කළාම එයාල ආන්සර් කරන්නෑනේ. ආ.... ඒක තමා, එතනදී  ඔබ දැනටමත් ඩයලොග් ඩිෂ් පාරිභෝගිකයෙක් නම් එක අංයකුත් නව පාරිභෝගිකයෙන් නම් තව එකකුත් ඔබන්න කියනවනේ. අන්න එතනින් නව පාරිභෝගිකයෙක්ට අදාල අංකය ඔබන්න ඉක්මණට කෙනෙක් කතා කරාවි. හෙණ ගහපිය-ගණන් බලාපිය කිව්වලු!! ඒ කියන්න උන්ට දැනටමත් උන්ගෙ පාරිභෝගිකයො අදාළ ම නෑ. කස්ටමර් කෙයා මොන බම්බුවට ද මට හිතුනා.

සර්ගෙ මොබයිල් එක දෙන්නකෝ මං ට්‍රයි කරන්න. ඈ මන්දහාසයක් පාල කිව්වා. ඇයි යකෝ මුන්ගේ අවුට්ලට් එකට ඇවිල්ලා අපේ බිල කපාගෙන කතා කරන්න ඕනැද??  මං තක්බීර් වෙලා බලා ඉද්දි අර පාරිභෝගික මහතා තමන්ගෙ දුරකථනය දුන්නා. හෙලෝ මං අහවල් නගර ශාඛාවෙ, අහවලා මේ කස්ටමර් ගැන බලන්න. කියලා කාරණේ කියන්න පාරිභෝගිකයාට ම දුන්නා. ආ මොකද සර් කිව්වෙ. ඔය එයාලා එන්නම් කිව්වෙ. ඒකනෙ සර් ගෙදර යන්න. උදේ වරුවෙ නාවොත් මට කෝල් එකක් දෙන්න. හරිනේ....???
ඇය නියම පාරිභෝගික සහායිකාවක්.  සිම්පත් වෙනත් නමට හැරවීම්, ගිණුම් අවලංගු කිරීම් ආදී සියල්ලට ඇය කිව්වෙ වැඩේ වෙන්න ම ඕන නම් අවශ්‍ය වෙන්නේ ඔවුන් සතුව ඇති පිටපත් කළ පාරිභෝගික අත්සන සීයට සීයක් ම සමාන විය යුතු බව පමණයි. ඇගේ මේ පාරිභෝගික උපදෙස් මාලා අහගෙන හිටපු මට අන්තිමේ දී ඩයලොග් පාරිභෝගිකයෙක් වීම ගැන ඇතිවුනේ කළකිරීමක් විතරයි.

හැබැයි මේ වගේ තත්ත්වයක් මං අත්වින්දෙ මෙතැන දී විතරක් නෙමෙයි. පාරිභෝගික අවශ්‍යතාවය හරි හෝ වැරදි ඉටු කරදීම අද වන විට කස්ටර් කෙයාර් කියලා හඳුනා ගැනීමක් තියෙනවා. හෝටල් මේ ට්‍රෙන්ඩ් එක ආගම කරගෙන. ඉන්හවුස් ගෙස්ට් කෙනෙක් එස්කෝර්ට් එකක් ඉල්ලුවොත් අහවල් එස්කෝර්ට් ඒජන්සි එකට කතා කරන්න එයාලා හොඳයි කියලා රිෂෙප්ෂන් එකේ කෙල්ලෙක් ම කියන්නෙ ඒ වෙලේ ඉඳන් සුද්දා දෙන්නෙක්ට වියදම් කරන නිසා. ලංකාව සුද්ද කරපු සුද්දෙක් දවසක් මට කිව්වෙ උඹලාගෙ ලංකාවෙ නීති හදන එවුන් නීති හදද්දි ම රිංගල යන්න ඉඩක් තියනවා කියලයි. දැන් කස්ටමර් කෙයාර් කියන්නෙ අන්න ඒ රිංගල යන තැන අත දික්කරලා පෙන්වා දීමක් නෙමෙයි ද කියලා කියලා මගේ ටිකිරි මොලේට කල්පනා වුනා.

    

2 comments:

  1. ඉස්සර වගේ නෙමේ දැන් ඩයලොග් එකේ අයටත් හරියට ඔන් ද ජොබ් ට්‍රේනින්ග් එකක් දෙන් නැ වගේ එකයි ප්‍රශ්නේ දන්නේ නැති එකක් කස්ටමර් ඇහුව ගමන් කෝල් සෙන්ටර් කතා කරන්න කියන්නේ එකයි

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. මාත් එහෙම හිතනවා. මේ හින්ද ම ලංකාවෙ අංක එකේ පාරිභෝගික සේවාව ඩයලොග් කියන්න අමාරුයි...

      Delete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....