Saturday, September 28, 2013

ඈ හා ගී ගැයු පාරාදීසේ හී.....


මේ පෝස්ටුව ලියැවෙන්නේ ඇවරි අවසාන වශයෙන් ඈ හා ගී ගැයු පාරාදීසය වෙත යාම පිළිබඳ ආවර්ජනයක් හැටියට. දැන් කවුරුත් දන්න කතාන්ද්රස් එකේ හැටියට විස්ස විජ්ජාලෙට යන්නේ ඩිගරි කඩදහිය ගන්න නම් අපි ඒකත් කොළා ඕං හේනං.. හරිය. ඉතිං අරුමැක්කේ කැලණි කන්ද ගාටන්න ආයෙ අපිට ඕන වෙන එකක් නෑ. අද සලාදය කාලෙකට පස්සෙ ඇවරි සෙඩියුලයක් නැතිව ලක ලැහැත්ති වෙලා කැම්පස් යාම ගැන ලියන්න වෙන් කළාට මොකද වල් පල් හේමත් බර සාරෙට.



Photo: ◄ SHARE If you LOVE to spend time here. ►
← Like our page https://www.facebook.com/patuok →
උදේ හත වෙද්දි නැගිටපු ඇවරි මුලින් ම කළේ අචාන්දර් පද්මාස්ගේ කාරයෙන් සොරාගන්නා ලද එම්.පී.ත්‍රී තැටිය ඇසීම. ඒක හරි අපූරු අත්දැකීමක් වුනේ, ඇවරි මෑණියන් තුමෝ ඇවරිව නළවන්න ගායනා කරනා කරන ලද හොඳම ගීත මේ තැටියේ අන්තර්ගත වූ නිසා. උදේ පාන්දරින් සියල් සතුන් නින්දෙන් නැගිටවීම පිළිබඳව නම් සුළු පක්ෂ එච්චර මනාප වුනේ නෑ. හැබැයි ඒ උන්දැලත් ඒ සින්දු වලට නැළවිලා තියෙන නිසා හැමෝ ම සාමූහික ගායනයේ යෙදිලා අන්තිමට වැඩේ ජෝගියක් වුන බව කියන්න ඕන.

මීළඟ අංකය වුනේ මනුරජ කුල පරම්පරා ප්‍රකාරව එදා වෙසමුණි රජ තෙමේ පබවත සිත් ගනු පිණිස දැරුවා වූ උපාය මාර්ගික පරිශ්‍රමයට ඇබැන්දකුදු නොවෙනස්ව ක්‍රියාවේ යොදවමින්, නිසඟයෙන් ම ලත් කෘතහස්ත හැන්ඩි ලීලාවෙන් අර අහිංසක දැරිවිය හබකට අසු කරගත් ඇවරිගේ එක කුස පිළිසිඳි සහෝදර පිට් එකට කපල් සිමයක් ගැනීමේ අවස්ථාව. ඒ සඳහා ඇවරි සිම්මල්ලාව කොටු කරගත්තේ මේන් මේ නම්බරයෙන්.  ඇවරි මෑන්ස්ගේ ප්‍රෙයෝරිටි කස්ටෙක් වෙලා දැන් ටිකක් කල්. මේ ඇවරි මිලදී ගන්න තුන්වන කපල් සිම් පැකේජය. 3000 ටයිම්ස් 3

අයි අයි අයියා... හේම කිව්වහම මගේ හෘද නාලිකා සිදුරු විසිදුරු කරගෙන ඇවිත් තියෙන රොමාන්තික ප්රේමාලිංගනයේ නොහොත් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය, එහෙමමත් නෙමෙයි කොටින් ම, නිකැළැල් ප්රේමයේ සීමා මායිම් මොනවට පැහැදිලි වෙනව නෙව ආයුබෝං. ඉතිං කාරි නෑ.

ඊළඟ රූප රාමුවේ දැක්වුනේ ඇවරි උපාධි ඡායාරූප ලබා ගැනීමේ පෝලිම නිරීක්ෂණය කරන අවස්ථාව. අප්පා බොහොම දිගයි නොවැ පෝලිම. සන්තෝසයි සියලු දෙනා පැමිණීම ගැන. දුකයි පැය ගාණක් තැපීමට සිදුවන වග පෙනී යාම මට...!!!!       
     
බාහිර පාර්ශවකරුවෙක් ඒ අවස්ථාව දිහා බලාන හිටිය නම් ඇවරිලා පෝලිම පැන්නාය කියාවි. ඔව් ඒ සාපේක්ෂ ඇත්ත. නමුත් නිරපේක්ෂ යථාර්ථය වුනේ ක්ලෝසත් මමත් අනුරාධපුර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ශීඝ්‍රගාමී කතා කෝච්චියෙන් බැසගත නොහී එතනැම ලග් ගැහීම. කෝච්චි කතා හමාර වෙනකොට අපේ පීල්ල නිකාන්ම පෝලිමට වැටිලා. දැන් ඉතිං වෙන කුමක් කරන්න ද? කියලා අපිත් ස්ලාන්ට් එකේ ඉදිරි පාදයෙන් ක්‍රීඩා කළා. හැබැයි මේ පෝලිමේ ගියාට මොක ද පින්තූර ගන්න ඕන කරන ලදු පත වත් ඇවරි ගෙනහැල්ලා නැහැ. මං ඉතිං එච්චරට හික්මුණු මිනිහනේ ඕං. යන්තම් එතන හිටි කෙලීට ලයින් පාරක් දාල පින්තූර ටික හොයාල ගත්තා. අන්න ඒ වෙලේට තමා රූපං නජීරතී කියන කතාවෙ ඇත්ත සන්න වෙන්නේ.
පින්තූර ලබාගැනීම වෙන ම ම ක්‍රියාන්විතයක් වගේ පෙනුනට ඇතුලේ උන්නු ළලනාවන් දෙදෙනා බොහෝ සීරුවට වැඩේ කළා ආයුබෝං. අපි උපාධි සහතිකය ගන්න පෝලිටත් පැන්නා ය කිව්වොත් සාධාරණයි. හැබැයි අපි එනකම් පෝලිමේ සාටරේ කාපු යානිට කළ උදව්වක් වශයෙන් අපි දෙදෙනා පෝලිමට එක් වීමු කියලා ලියැවුනොත් කවුරුත් තරහ වෙන්නැති වෙයි මයෙ හිතේ.

හත්වලාමයි ජරමර අස්සේ බර කරත්ත කියන්නා වගේ විදුලිය සිඳී කරන්ට් නැතිවී තිබුණෙ මේ වෙලාවෙ. උක්ත පළමු අංකය සඳහා අවශ්‍ය ඡායා පිටපත් ලබා ගැනීමේ දුස්කරතාවයෙන් ඇවරි සිටියදී කැම්පස් එක තුළ විදුලි ජනක මගින් විදුලිය ලබා දී ඇති බැවින් එහි යාම මැනවයි කියා ගණ දෙවි නුවණ පිහිටියා. අවුරුදු හතරක් කාගෙන බීගෙන හිටි තැනින් එහෙම දෙයක්වත් කරගන්න බැරි නම් මොන නව නිංගිරාවක් ද කියලා ඇවරි ඩිපාමන්ට් පැත්තට පය බුරුලෙන් තබා ගියා.
පළමුවෙන් ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය නිසා පළමු ඇමතුම චතූට. අර බල්ලන්ට සැලකූ කෙල්ල. නෑ නෑ මං කියන්නේ අර බල්ලන්ට කෑම දුන් කුමාරිකාව. ආර්ථික විද්‍යා පළමු පන්ති සාමාර්ථ්‍යක් ගත් ඇය දැන් ආධුනික කථිකාචාර්යවරියක්. නමුත් කරුමෙක මහත ඇය ගෙදර ගොසින්.

මීළඟ නැවතුම ඇවරිගේ දෙපාර්තමේන්තුව. වසා ඇත. කමෙන්ට්ස් නැත හරිය. තව අපේ අමන්දා මැතිනියගේ රාජ්ජයව පැවති, (පැවති හොඳේ ඔන්න) අයිමැටය. වසා ඇත. හ්ම්... හේනම් සුන්දර ලලනාවන් සපිරි නූතන භාෂා. එම සෙතේමය වසා ඇත. හේනම් පැණියාගේ ආලකමන්දාව හෙවත් ක්‍රීඩා හා විශාන්ති? විවෘතව පවතී එහෙත්, පැණියා කිරිබත්ගොඩ ය. අවසාන තුරුම්පුව සන්නිවේදන අධ්‍යයන අංශය. කිසිදා නොවසන බැවින් වසා නැත. නමුත් දන්නා කියනා ඩයලයක් ද නැත. ඒකටත් කම් නැත. ඇතුළට යා යුතුව ඇත.

මේ දිනවල අන්තර් ජාතික සම්මේලනයක් උදෙසා කැවියේ තින්න ගාන නිසා කස්ටියට වැඩ. ඇවරි මංඤං දන්න කියන ආචාර්යභවතුන්ගේ නම් ලිස්ට් එකක් ම කිව්වා ම ආ ධම්මික සර් නම් ඉන්නවා යැයි කියූ ඇය දොර හැරියාය. කාරණාව කියු සැණින් කරුණා පෙරදැරිව මිත්රත්වයේ හස්තය දිගු කළ ආචාර්ය ධම්මික මහතා ඇවරිට එම කටයුත්ත ඉතා කඩිනමින් කර දුනි.

දිවා ආහාරයට නවීකරණය කළ හිල්ටමේ මාළු කෑමය. පණහට අගේ ය. තිදෙනා ළඟ ම එක ම බත් පත බැවින් තනි තනිව ලිහාගෙන කාගෙන ගියෙමු. මට මතක හැටියට අප වෙන්ව කෑ එක ම කෑම වේල එය විය යුතු ය. පෙර හැම විට ම අනෙකාගේ අත මාගේ පතේ ය. පසුව ආ ලයිටාට ද එය සෑහීම අපගේ සැනසීමට හේතුවිය. වල් පල් නම් එතරම් හොඳ නැත. පෙතියාගොඩ ගිනි ගන්නට නොහැක. කැලණි නදිය අත ළඟ ය. හේ නා..??? කාරණාව බරපතල මුත් සැබෑය. මේ ඉර හඳ පායන ලෝකේ ය. වල ඉහ ගැනීමට හොඳ කල ය. මට හොඳ නම් තොටත් හොඳ විය යුතුම ය.

ඉරිදා (28) උදේ තරගය. මගේ දැරිවියන් මා වෙනුවෙන් පෙරමග ය. පස්ස කඩා ගත් කඩියා කෙලින් ම පන්සලට- කාලකින් ඇගෙන් ලද ගැරහුම් ය. කොන්ත්‍රාත්තුවක් භාර විය. නිම වන විට රාත්තිරි අට ය. දවසත් නිම වූ සේම නැවත ගී ගයන්නට පාරාදීසයක් ද නොවනු ඇත. ඊට හේතුව ද තතු දන්නෝ ම දනු ඇත.    


2 comments:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....