Monday, June 20, 2011

ගරු ජනාධිපතිතුමනි, කැවියේ සරා - “සරා සිහින” කැන්සල් කළ වගයි.

හෙළයේ මහා ගායක භාතිය කොල්ලයි, දුස්සන් කොල්ලයි, දෙපල කැලණිය විශ්ව විද්‍යාලය වෙත කැඳවාගෙන පැමිණීමේ නොනිත් ආශාව ඉටු කරමින් ව්‍යාපාර හා කළමනාකරණ පීඨය විසින් සංවිධානය කරන ලද සරා සිහින ප්‍රසංගය වහාම ක්රියාත්මක වන පරිදි තා දමන මෙන් කැවියේ උපකුලපතිතුමන් විසින් එහි සංවිධායක මණ්ඩලය වෙත අද දින (15) දන්වා සිටින ලදී.

උපකුලපතිතුමා උපුටා දක්වමින් කැලණි විශ්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර සිටියේ ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය පැවැත්වෙන නිසාවෙන් මෙවැනි තීරණයක් ගත් බවයි. නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ශිෂ්‍යයන්‍ට ද තම යුතුකම් ඉටු කිරීමට හා ගුරු ගෞරවය දක්වමින් ඔවුන්ගේ හොඳ හිත දිනාගැනීමට මෙය අවස්ථාවක් බවයි. ඒ අනුව සිසුන් පිරිසක් ඊට පක්ෂව ද තවත් සමහක් විපක්ෂව ද අදහස් දක්වා ඇති අතර අත්තිකාරම් වශයෙන් ගෙවන ලද ලක්ෂයක මුදල නැවත ලබා ගැනීමේ සටනක සංවිධායක මණ්ඩලය නිරත වන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙය අවලංගු කරන මොහොත දක්වා ම සංවිධායක මණ්ඩලය ඉතා වගකීමෙන් මෙම කටයුතු සංවිධානය කළ බව කිව හැකිය. සාමාන්‍යයෙන් ධර්මාලෝක උපාධි ශාලාවේ පෙන්වන ප්‍රසංගයක උපරිම ප්‍රවේශපත්‍ර මිල රුපියල් සියයකි. පසුගිය නාට්‍ය උළෙල ද ‍තිරගත කරන ලද්දේ එම මිලට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙනි. එහෙත් යට කී ප්‍රසංගයේ ආරම්භක ප්‍රවේශ පත්‍රයක මිල රු. පන්සියයක් ලෙස නිවේදනය කර තිබුණි. එය සාමාන්‍ය අගය මෙන් පස්ගුණයකි. හෙළයේ මහා ගායක දෙපළගේ හා අශාන්ති, රන්දීර්, උමාරියාගේ ද අය කිරීම් මත එම ප්‍රවේශ ගාස්තුවේ ගැටලුවක් නැත. කෙසේ වෙතත් ජුනි මස හයවැනිදා පැවැත්වීමට තිබූ ප්‍රසංගය 23 දක්වා කල්යාමට ද හේතුවූයේ පැවති වාතාවරණයයි. දැන් එය නිල වශයෙන් අවලංගු කර ඇත. සංගීත ආශ්වාදය විඳිනු කැමැත්තෝ මේරියන්ස් අන්ප්ලග් ප්‍රසංගය එම මිලට ම නරඹත්වා යන්න අප පැතුමයි......

ගරු ජනාධිපතිතුමනි, නියම කතාව ඇරඹෙන්නේ දැන් ය. ඔබතුමා තරම් සංවේදී කළාකරුවෙක් මේ ලංකා ද්වීපයෙහි නොවන්නේය. ඔබතුමා තරම් සැණකෙළි කැමැත්තෙක්, ඔබතුමා තරම් විනෝදකාමී ජවසම්පන්න නායකයෙක් තවත් නොමැත. අප මෙතෙක් සිතා සිටි‍යේ උපකුලපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය නවතා දමා ඇත්තේ අධ්‍යයන කටයුතු පමණක් බවයි. දැන් දැන් ඔවුන් ශිෂ්‍යයන්ගේ විනෝදාස්වාදන මාධ්‍යන් ද අහුරමින් සිටීන බව ඔබට පසක් වනු ඇත. අති ගරු ජනපතිතුමනි, සරලව ම කිවහොත් උපකුලපති හෙවත් ආණ්ඩු පක්ෂ ඔබ නියෝජිතයා වර්ජකයන් හා එක්ව ආණ්ඩු විරෝධීව කටයුතු කිරීම අරඹා ඇත. මේ නම් ඔබේ සැණකෙළි න්‍යාය උල්ලංඝනය කිරීමකි. සම්බුද්ධත්ව ජයන්තිය පෙන්වා වෙසක් මස ද දැන් පොසොන් පෙන්වා ජුනිය හා දෙසැම්බරයේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත කර සැණකෙළි කරවා ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීමට උත්සුක වන ඔබ ආදර්ශයට නොගෙන මෙවන් සැණකෙළි අවස්ථා මඟහැරීම නුවණට හුරු දැයි විමසනු මැනවි. මේ යන ආකාරයට ඔබතුමා විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුව ඇත. මේ කළාක් මෙන් අත්ථනෝමතිකව (බොහෝ විට 26 වැනිදායින් පසු) සමත්ත විශ්ව විද්‍යාලය ම දින නියමයකින් තොරව වැසීමට ද ඔබ නියෝජිතතුමා ක්‍රියා කළහොත්......??????? ඔබතුමාට යන කලදවස ගැන සිතා බලනු මැනවි. හෙට ආචාර්ය වර්ජනය හේතුවෙන් සියලු ම ආපනශාලා වසා දමන ලෙස මේ ඇමැත්තා නිර්දේශ කරනු ඇත.

ඒ අනුව දැන් දැන් ලැබෙන සාධක මත උපකුලපතිතුමා ද හතුරන්ට එක්ව ඇත. එක අතකට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් උපකුලපති තනතුරේ තැබී නම් හෝල්ට් කියද්දී සියල්ල හෝල්ට් වනු ඇත. ඉඳින් ජනපතිතුමනි, මෙම ප්‍රසංගය නියමිත දිනට පැවැත්වීමේ සියලු වගකීම තාරුණ්‍යට හෙටක් ආයතනය වෙත පවරා ඔබ පුත් කුමරාට ද එයට සහභාගී වන ලෙස දැන්වී නම් සියලු දෝෂ නිවාරණය වන්නේ නොවේ ද??? කලා හිතැති, කලා හදැති ඔබතුමා මේ අසාධාරණය දැක කුමක් හෝ කරතැයි සිතමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිස යි.

(මෙච්චර කියවපු එකේ ඉතිරියත් කියවන්න...)

දැන් දෙවන කියැවීම

ඇත්තට ම ඇවරි කැලණියේ උපකුලපතිතුමාට හරි ම කැමතියි. අනේ නෑ බොරුවට බටර් ගානව නෙමෙයි. දැනට ඉන්න ලංකාවෙ කුලපතිවරුන් අතරින් යම් තරම‍ක හෝ ස්වාධීනත්වයක් අත් කරගත් කුලපතිවරු අතළොස්ස අතරින් සරත් අමුණුගම කියන්නෙ අංක එක. කොහොමත් ජ’පුරේ උතුමාණන්ට වඩා දාහකින් හොඳා කියලා දන්නවා ඇතිනේ......?????? තමන්ගෙ දේශපාලන න්‍යාය පත්තරය ටිකක් දුරින් තියාගෙන රජවරුන් තරහ නොකරගෙන වැඩේ කරගන්න එතුමා හරියට ම දන්නවා. ජනාධිපතිතුමාගේ නිල රැස්වීම් කිහිපයක් ම වර්ජනය කරලා කා‍ලයක් බ්ලැක් ලිස්ට් වෙලා හිටිය කියලත් ඇවරි පුද්ගලිකව දන්නවා. ඒ දන්න විදිය අහන්න එපා... “කෝ ඔයාලගෙ වීසී අද රැස්වීමට ආවෙ නෑනෙ.... ප්‍රසිඩන්ට් බැන්නත් එක්ක.... කියලා ඇවරිට කීවෙ තවත් වීසී උතුමෙක්. පස්සෙ එතුමා ම මගෙන් අහනවා “එයා ටිකක් එක විදිහක කෙනෙක් නේද?” කියලා. මට හිනා ගියා.

6 comments:

  1. අපරාදේ. ඒ උනාට ඒක හොද වැඩක්. සර්ලා තරහා කරගෙන අවුට් වෙන එක බොද කරගන්නේ මොකටද ? අපිත් එකපාරක් භාතිය සන්තුශ් ලව ගෙන්නුවා.අම්මෝ ඒකට ආපු සෙනග. අන්තිමේ ජිම් එකේ කණුවක් බදාගෙන තමයි බලන්න උනේ. හිටන් ඉදලා කකුලුත් රිදෙනවා.

    ReplyDelete
  2. අකුරු ලොකු කරන්න.ඇස්වලට මාරම අමාරුයි කියවද්දි.

    ReplyDelete
  3. Avery..

    real decent pleasure is always with mariens. not with the miming babies..

    ReplyDelete
  4. මෙහිදී වීසී යනු ඉත්තෙක් පමණි..අරකතාවල ඉන්නව වාගෙ සියලු දේට නොසැලී හිටියොත් ඉතින් අනිත් දවසෙ උන්දැ ගෙදර තමයි නවතින්නෙ...

    ReplyDelete
  5. ඇත්තට ම පිටස්තර පුද්ගලයන පැමිණීමත් එක හේතුවක්, නමුත් පළවූ වාර්තා අනුව විද්‍යා පීඨයට රාත්‍රී ප්‍රසංගයක් කිරීමට අවසර නොදීම මත ඔවුන්‍ගේ විරෝධය එල්ල වූ බවත් කියැවේ...

    ReplyDelete
  6. Superb sarcasm Nalin!!!! :) Krrp it upppp ! :) Wish you luck !!!

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....