Monday, September 13, 2010

මතක වස්තුව....

කර මුලට ම වැඩ නිසා ම මට මෙදවස්වල ලියන්න පුළුවන් වුනේ නෑ. හැබැයි ඔය අහු මුලුවල මං ලියලා දාපු සටහන් අට්ටි පිටින් ඇති. මේ බ්ලොග් එක ටිකක් අපිළිවෙලයි.... හැමෝ ම කියනවා. කාරණාව ඇත්ත ලියන මිනිහා ඉස්සෙල්ලා පිළිවෙලක් වෙන්න එපැයි. හ්ම්... නමුත් මුලින් ලියන්න හිතුවත් හැමදා ම අමතකවුන දෙයක් ලියන්න හිතුවා.
බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් ලියන එක මං කාලෙක ඉදන් දන්න රස්සාවක්. අපේ විචාරක අරවින්ද මහතා තමයි මචං ලියපං කිව්වෙ මං දන්නා ප්රකාශන රීතය ටිකක් විතර අවුල් වෙන්න පුළුවන්. නමුත් අපි මෙහෙම ලියන්නෙ ඒක කාටවත් අතුරු අන්තරාවක් ඇති නොකරන නිසා අපි මෙහෙම දැම්ම ම අපි මළත් තියෙන නිසා. අනික අපි කරන පිස්සු වැඩ කවදා හරි අපිට ම කියවන්න අවශ්‍ය වුනොත්......

අන්න ඒ නිසා අපි ගැන ලියවෙන සලාදයක් කරන්න හිතුවා. ඒ නිසාමයි හැම පෝස්ට් එකක ම කැම්පස් ගැන එහි සිදුවීම් ගැන ලියවෙන්නේ. මෙතනත් සිද්ධි ගැලපීම හරි සංකීරණයි. මූ ඇයි මේව ම ලියන්නේ??? සිද්ධි අධ්ය යනය මෙච්චර පට්ටයි කියලා මං දන්නේ නෑ... නිකම් හිතන්න සතියේ ඔබ ඇසුරු කරපු අය එදා එහෙම කළේ ඇයි. එහෙම කිව්වේ ඇයි කියලා නිවිහැනහිල්ලේ හිතුවොත් ලස්සන චිත්රනපටියක් බලන්න පුළුවං. ඔබට තරහා ගියා නම් අයියෝ මං හරි මෝඩ විදියට නේ හැසිරුණේ කියලා හිනා යන්නත් ඉඩ තියෙනවා. හැමදේම වෙන්නේ අපි සිද්ධි හා අවස්ථා බාර ගන්න හැටියට....

දැන් නම් මිනිස්සු මගෙන් කැම්පස් විත්ති වලට වඩා දෙයක් ඉල්ලන බව පේන්න තියෙන නිසා, සටහන් තැබීම් වෙනස් කරන්නට කාලය හරි. මං මෙහෙම ලියන්නේ දිනපොතේ ලියන්න කම්මැලිකමට මගේ දිනපොතේ චරිත සියල්ලට ම කැමති තැනකින් කැමති වෙලාවට තමන් ගැන කියවන්න පුළුවන්. හිතන්න අපි විද්‍යාඥයින්ගේ, උගතුන්ගේ ආදි බොහෝ දෙනාගේ ජීවිත ගැන හෙව්වට කෙනෙක්ට දැනගන්න අපි ගැන ලියපු තැනක් නෑ නේද.... මතක වලට පණ දෙන එක වටිනව කියල හිතෙන්නේ මතක් කරන්න තරම් වටින ඉතිහාසයක් තියෙන අයට. එහෙම නැතුව ජාතියක් ජම්මයක් නැති කල්ලතෝණින්ට නෙවි. අපේ ජීවිත වලට යන එන අය ගැන ලියන්න මට පුංචි කැක්කුමක් තිබුණා. හෙට මං නැතත් හැම චරිතයකට ම තමන් කළ කී දේ ගැන කියවන්න බලන්න මතක් කරන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රජවරු සිටුවරු මැති යස රාජ බිසෝවරු හැමෝ ම ගැන හැකි පමණින් ලියන්න මං උත්සහ ගන්නවා. ඒ කියවීම අද කියවන්න නෙවි. අදට ඒ කතන්දර හුදෙක් ඔපා දූප පමණයි. නමුත් වයින් කල් පිරෙන්න රස වෙනවා වගේ මතකයන් දුර යන්න හිත් පිරිමදිනව. ඉතිං අර කියනවා වගේ බල්ලෝ හදට බිරුවට කමක් නෑ. ඔබ හද එළිය විදගන්න....

මෙයට
විශ්වාසී,
ඇවරියා

3 comments:

  1. අන්තිමට උනේ මාතෘකාව පාවිච්චි උන එකයි.මමත් එකගයි ඔබේ කතාවට.

    ReplyDelete
  2. HERO කියන පුද්ගලයා බ්ලොග් අවකාශයට අළුත් කෙනෙක් නෙමෙයි. මෙය ඔබට පමනක් සිදු වූ දෙයක්ද නොවෙයි. කමෙන්ට් මොඩරේට් කරන්න. දැන් මාස කීපයක සිට මෙය සිදුවනවා.

    ReplyDelete
  3. @Anonymous
    September 13, 2010 5:13 AM

    ඇත්තටම,කමෙන්ට් මොඩරෙට් කිරිම ඒච්චර සුදුසු නෑකියලයි මට හිතෙන්නෙ.අපි ලියන ලිපිවලට සෘජුව අදහසක් සැපයිමට පාඨකයාට අයිතියක් තිබිය යුතුයි.ඒ අදහස් Admin ගේ අනුමැතිය යටතේ පමනක් පලවෙනවනම්,අදහස් දැක්විමේ තේරැමක් නැතිවෙනවා..මෙහිදි පාඨකයාට උනත් සාධාරන සැකයක් ඇතිවෙන්න පුලුවන් තමාගේ අදහස් මෙහි පල වෙද නොවෙද යන්න පිලිබදව...
    පුද්ගලිකව මමත් කාලයක් මොඩරේට් කරපු Blog වල කමෙට් දැමිමෙන් වැලකිසිටියා...

    අවසනාවට මේවගේ කාලකන්නි කිපදෙනෙක් නිසා අපි හැමොටම කමෙන්ට් මොඩරේට් කරගන්න වෙලා..මු මගේ Blog එකෙත් කාලයක් තිස්සෙ ඉදන් කුණුහර්ප ලියනවා.මු හැමදාම කියන්නේ Blog ලියන්න දන්නැත්තන් නොලිය හිටපන් කියලා.මම මුලින් හිතුවෙ
    මගේ Post වල අවුලක් වෙන්න ඇති කියලා.පස්සෙ තමා දැනගත්තෙ මුට මොලේ කචල් එකක් තියන බව..

    කොහොම උනත් මේවගේ උන්ව වැඩිය ජනප්‍රය නොකර අපි පාඩුවෙ හිටියනම් ටික දවසකින් උටම ඒපාවෙලා යයි කියලයි මට හිතෙන්නේ.
    ඇවරි අයියා දිගටම ලියන්න.කොමෙන්ට් නොදැම්මට අපි හැමදාම Post කියවනවානේ...

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....