මෙම ගිම්හාන ග්රී ස්මවූ කාලේ නිසා මටත් චුට්ටක් උයන් කෙළියට යන්න හිතුනා. උයනක් කියලා මේ කොන්කිරිට් වනේ තියෙන්නේ විහාර මහා දේවී උද්යාෙනය විතරයිනේ..... අපේ පන්සලේ නම් ඔන්න අක්කර කිහිපයක උයනක් තියෙනවා. කොහොමින් කොහොම හරි මං විහාර මහා දේවී උද්යා්නයට යන්නේ සෙනසුරාදාවක. සාමාන්යෙයෙන් කොළඹ ඇති නැති කවුරුත් එන තැනක් හැටියට මේ උයන හඳුන්වන්න පුළුවන්. කොයි පන්තියට අයත් කවුරු කවුරුත් එහි ඉන්නවා. අනික් අතට එළිමහන් උත්සව කටයුතු වලට බී.එම්.අයි.සී.එච් එක තරම් ම ප්ර.සිද්ධියක් මේ උද්යා්නය උසුළනවා. හැමදා ම නොවැරදීම එහි මල් ප්ර දර්ශන දකින්න පුළුවං.
මං ඉස්ඉස්සෙල්ලා ම අතිනත පටලන් විහාර මහා දේවි උද්යාචනයට ගියේ............ නෑ ඔබ වැරදියි අපේ අප්පච්චි එක්ක. ඔහු වෘත්තියෙන් පුස්තකාලයාධිපතිවරයෙක්. පුස්තකාලය කියන්නේ පාර්ක් එකට අල්ලපු වැටනේ. ඉතිං පාසල නිම වෙලා නගර ශාලාව ළඟින් බහින අපි මේ පාර්ක් එක හරහා සෝර්ට් කට් එකකින් පුස්තකාලයට යනවා. තාමත් මං යන්නේ මේ පාරේ. ඒ පාර හරිම අපූරුයි. වගේ ම භයානකයි. අන්තරාකාරීයි. කොටින් ම පිරිත් නූලක් නැති ව යනවා නම් ආන්ත්රාවවයි තමා.
සාමාන්යලයෙන් අක්කර පණස් ගණනක් පුරා විසිරුණු සමස්ත උද්යානය ප්ර.ධාන කොටස් තුනකින් යුක්තයි. නමුත් මේ කොටස් එක ම භූමියක පිහිටා තිබුණාට ක්රිරයාත්මක වන්නේ වෙන වෙන ම. ඒ තමා ළමා උද්යායනය, විහාර මහා දේවී උද්යාටනය සහ සතුටු උයන. මින් සතුටු උයන වෙන ම වට කරලයි තියෙන්නේ. ළමා උයන කියන අපිට 138 බසයේ යද්දි පේන කොටසත් විහාර මහා දේවී උද්යාවනයේ ම තවත් අන්තයක පිවිසීමක් වුනත් ඒ කෙළවරේ විහාර මහා දේවියගේ ප්රයතිමාවට ළඟ ඇති පුංචි එළිමහන් වේදිකාවෙන් එපිට කොටස නිල නොවන වශයෙන් තහනම් අඩවිය ලෙස නම් කෙරෙනවා. දන්න කියන උදවිය ළමයි අරං කෙසේ වෙතත් තනියම නම් එහි යන්නේ නෑ..... ඒ කලාපය ඒතරම් ම ශුද්ධ සිද්ධස්ථානයක්.
නමුත් මං කියන පෙත් මඟ වැටී ඇත්තේ එතනින්. ඒ ආසන්නයෙන් උද්භිත උද්යාථන අංශය පසුකර ගියා ම මල් යහනාවට ඔබ්බෙන් පුස්තකාල මායිම හමුවනවා. දැන් නම් පුස්තකාලයට එතනින් පිවිසිය නොහැකි ලෙස වැටක් ගසා ඇති නිසා ඔබට සතුටු උයන සීමාවට පැන නැවත පුස්තකාල ශ්රආවණාගාරය කෙළවර කපොල්ලෙන් ඇතුල් වී පුස්තකාල පරිශ්ර යට පිවිසෙන්න පුළුවනි. මේ මංකඩට මං හරි ම ආසයි. නමුත් අර වෙලිලා ඉන්න පෙම්වතුන් අතරින් හැකි ඉක්මණින් යන්න මං වගබලා ගන්නවා. ඒ අයට නම් ළඟින් යන්නේ කවු ද කියලා වගක් නෑ. නමුත් මගේ ගමන් වේගය ගැන දන්න පිරිසටයි කියන්නේ.... මං යන්නේ පෙම්වතෙක් එක්ක ඉන්න තමන්ගේ නැඟණිය අල්ල ගන්න කියලා හිතලා බොහෝ දෙනා මං දිහා බලාන ඉඳලා තියෙනවා. අතර මං නොවී හසර දැන ඉතා වේගයෙන් මේ කළාපය පසු කිරීම අනතුරුදායක නිසා සාමාන්ය. වේගයෙන් යන්න මං වග බලා ගන්නවා.
මුලින් ම මගේ වනචරකමේ ‘තරම’ හෙළිකරන්නේත් මේ පාර්ක් එක ම තමා. එදා නම් මල්ලිත් හිටියා. කපල්ස් ගණන් කරන එක අපේ විනෝදාංශය අපි තුනේ හතරේ විතර ඇති. එකසිය හැටයි. හැට එකයි. හැට... කියද්දි ම හොඳ කම්මුල් පාරක් වැදුනා. අපේ අම්මා අපි ගණන් කරන්නේ මොනවද කියලා හොයලා. පොඩි එකාටත් චාරයක් නෑනේ. අංශක තුන්සිය හැටට ම හැරිලා සද්දෙන් ගණින්නේ...???? එදායින් පස්සේ අම්මා නම් අපිව ඒ පාරෙන් එක්කන් ආවේ නෑ.... අප්පච්චි නම් දිගට ම එක්ක ගියා. මකක හැටියට අම්මා ඒ කතාව කිව්වේ නෑ.... අපිත් ඊට පස්සේ නම් ගැන්නත් නෑ.
අද නම් පාර්ක් එක හුඟක් වෙනස් වෙලා. ඉස්සර අපි අගෝස්තුවේ බාලදක්ෂ කැම්පෝරියටත් මේ පාර්ක් එකට ආවා. ගෙදර වගේ තමා. නමුත් අද කැම්පරියෙත් එච්චර ලකයක් නෑ. උණ ගස් හිඟ නිසා ගැජට් අඩුවෙලා. එන්ට්රන්ස් ඔක්කොට ම ඩිජිටල් ප්රිලන්ට් හයි කරලා. පහුගිය අගෝස්තුවේ නිකමට කැම්පෝරි ගියා ම කළකිරුණා. මට වෙලා තිබුණ නිසා ටිකක් ඇවිදලා කරලා බැලුවා. මං එළිමහන් රංග පීඨය පැත්තේ ගහක් යට වාඩි වුනා. ඒ ළඟ වතුර මල ගාව ගෑනු ටිකක් කතාව. මේ හරියේ ගස් හේම අඩුයි. නියම පිට්ටනියක්. එහි තාත්තලා, පුතාලා ක්රිුකට් ගහනවා. අම්මලා වෙන ම කතාවක්. මටත් හැබැයි කතාව ඇහුණා. ඒ කතාකරපු අක්කගේ මහත්තයා තමයි ටීම් ලීඩර්. “බලන්න අනේ, ගෙදර ඉන්න දවසේ පාර්ක් ආව මත් මේ බෝලයි බැටුයි උස්සන් මෙයාලා සෙල්ලම. පුංචි එකාට තාම බැට් එක උස්සන්නවත් බෑ.” අනේ ද කියන්නේ දැන් මේ අය පුංචි උන් වෙලා. තවත් එකියක් උත්තර දුන්නා. බලන් ගියා ම පුංචි උන් විතරක් නෙමේ අලි බබාලත් සෙල්ලමේනේ.....?
අස්ස කරත්ත වල වටයක් යන්න ළමයින්ගේ ලොකු උනන්දුවක් තිබුණා. හැබැයි මං දන්න තරමින් එහි එල්ලෙන පාලම හා මින් මැදුර සුපුරුදු පරිදි හැමදාම වගේ වහලා තිබුණා. ආ මේන් මෙයාව මට හම්බුනේ ප්රසධාන පිවිසුමේ දී. බලන්න වයසේ තරමට ද ලොකු පැදුරක් කාරිය අරං පාර්ක් යන ඇය අද හවස් වෙලා තමා එළියට එන්නේ.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....