රාගම තේවත්ත පල්ලියේ මංගල්ය ය අද පටන් ගත්තා. බොහෝ දෙනා මේ වෙනුවෙන් පැමිණි නිසා රාගම නගරය ජනාකීරණ වූ බවක් දකින්න තිබුණා. ඇවරිටත් ඉතිං නිවාඩු දවසේ ගෙදර ඉන්න බැරිකටම පොඩි වල් ටුවර් එකක් රාගම පැත්තට සෙට් වෙච්චි නිසා රෝන්දයක් දාන්නත් එක්ක යන්න වුනා. ඇවරි හත් අවුරුද්දකට හිරේ යන්න ගිහින් ජනාධිපති සමාව ලබලා නිදහස් වෙලා පැය ගාණක් නෑ. කොහොමින් කොහොම හරි මහරජාගේ නඩු තීන්දුව ගැන මව්පිය පරම්පරාවේ වරිග සභාව එතරම් කැමැත්තක් දැක්කුවේ නැති වුනත් දෙපක්ෂය ම සාධාරණ කාරණා මත ඊට එකඟත්වය ප්රවකාශ කළා. කෝළහලයකින් වැඩේ ඉවර නොවුන එක ගැන ඇවරිටත් සතුටුයි. නැත්නම් ඥාති මිත්රළකම් වුනත් පළුදු වෙන්න තිබුණා.... හොයි!!! අන්තිමේ දී “හා එහෙනම් තව ටිකක් ඔහොම හිටපුවාවේ” කිව්ව ම සතුට වැඩිකමට උම්බෑ........ කියවුනා. හැබැයි ඉතිං දැන් ම උත්තරයක් හොයා නොගත්තොත් හැළිය උණු වෙන නිසා දිය කෙළිය හමාර කරන්න වෙන බවත් ඇවරි දන්නවා.
ඇවරිගේ අක්කාව බලන්න තමයි යන්න වුනේ. මේ දවස්වල බඩකුත් උස්සන් දෙන්නෙකුට හරියන්න කමින්, බොමින් ඇවරිලා වගේ අන්තේවාසිකයන්ව කඩේ යවන ඕ තොමෝ තවත් කුජීත වැඩක් වෙනුවෙන් මේ කතා කර ඇති බව ඇවරි දන්නවා. නමුත් ඉතිං ලැබෙන්න ඉන්න එකා හෝ එකී ගැන හිතලා මාත් ගේමට දණ නමලා එන්ටර් වුනා. මගේ ප්ලෑන වුනේ කොච්චියේ යන්න. අන්තිමේ දී ඇවරි යකඩයකා තොටුපලට යද්දි යකඩ යක්තුමා කළින් ම ගිහින්. තැපලා තැපලා හලාවත යන කිතුණු කෝච්චියේ පාපුවරු ටිකට් එකක් ගන්න පුළුවන් වුනා. වෙනදට බල්ලෙක් වත් නැතුව යන මේ කෝච්චියේ අද මෙච්චර සෙනඟ මොකෑ....? ඇවරි ටිකක් හොයලා බැලුවා. හොඳින් හැඳ පැළඳ ගත් නෝනා මහත්තුරු ළමා ළපටින් හැමෝ ම අතේ පැදුරක් තියෙනවා දැකලා මුලින් මාත් ටිකක් කර්පට් වුනා. ඇයි යකෝ යන දේවාලෙක පැදුරක් අරං යන්නේ මොන ඇන්නෑවකට ද? සැමන් සාඩින් ගානට පැක් කරපු කෝචිචි පෙස්ටියකට වෙලා මාත් කල්පනා කළා...
රාගම දුම්රියපොළේ දී සියල්ලන් ම බැහැලා ගියා. දන්නවනේ මේ අහවල් කෝච්චිය දැනු ට්රැක් එක මාරු කරනවා කියලා. ඇවරි ටිකට් ගත්තේ වල්පොලට. මේ දුර බස් එකේ යන්න හිතාගෙන රාගමින් එළියට ආවා. හුරු පුරුදු සංගීතයක් ඇසුණු නිසා වටපිට බැලුවේ මං වැරදිලාවත් මං කොටුවේ පදික වේදිකාවට ඇවිද්ද කියලා. ඉස්ටේසමින් බහින තැන ම මිනිස්සු පොරකනවා. ඇවරි හිතුවේ කවුරු හරි ජිල්මාට් කාරයෙක් වැඩක් දානවා කියලයි. “එන්ඩ එන්ඩ මෙහෙන් එන්ඩ..... ඔය යන අය බීම හේම බීලා යන්ඩ.... ආ ගන්ඩ ගන්ඩ....” මේක දන්සැලක් ද බලෙන් බීම පොවන තැනක් ද කියලා හිතාගන්න මට විනාඩි ගාණක් ගියා. උදේ පාන්දරින් බොන්නත් බෑ. කාරි නෑ. හිස්බඩනේ කියලා ඇදලා දැම්මා.
හිස් කෝප්පේ දීලා කවුදෝ මන්දා ගන්නාවා මතකයි. දැන් මමත් පාර දිගේ යනවා. “ඔය පාරෙන් අයින් වෙන්ඩ අයින් වෙන්ඩ” හරි අයියා අයිනෙන් තමා යනවා. අඩි දෙකක් ගිය තැන ලංගම නැව
ක් මා ඉ
ස්සරහ නතර කළා. “නඟින්න සර්..... පල්ලි යන්න නඟින්න නඟින්න ඉඩ තියෙනවා.. ඔය මිස් බබත් එක්ක ඉඩ ඉල්ලන් වාඩි වෙන්න.... නඟින්න සර්... නඟින්න” තනියම ආපු මාව මේ කෙහුරට ඩබල් වෙලා පේන්නේ කෝම ද? පස්සෙන් බර බරේ ෆලෝ එකක් දෙනව ද දන්නෑ කියලා මාත් හැරිලා බලපි. නෑ ඒ වෙන ජෝඩුවක්. මට මේ පල්ලි යන්න ඕනකමක් නැතත් මාවත් නග්ගගන්න ඒ කස්ටිය දතකෑවා. අන්තිමේ දී මගම නවත්තපු ලංගම පෝලිමක් පහුකරලා ගිහින් බස්එකේ නැංගා. අනේ තව පැයකටවත් යන්න නම් බෑ. මිනිස්සු වාහන බස් පා
ර පුරා. පයින් යන එක සැපයි කියලා හිතුනා. ගාට ගාට කුරුස හන්දියට කිට්ටු කරද්දී තවත් දන්සැලකින් බීම එකක්. ආගමික පොතක්, සීඩී පටයක් ආදී බොහෝ දේ ලැබුණා.
මංග්යකය හරි අපූරු එකක් වෙන්න ඇති.
ගිහින් ම බලන්න ආස වුනත් වෙලාවක් නැති නිසා මං ළඟින් බලාන ගියා. කොහොම නමුත් රාගම ඉඳන් තේවත්ත දක්වා පාර පුරා අපි විඳපු සංග්රනහ සත්කාර අමතක කරන්න බෑ. අනික වන්දනාකරුවන්ට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දැක්කා. ඒක නම් අපූරු එකමුතුකමක්. මේ පැත්තේ මිනිස්සු පට්ට අමුතුයි. පෝයටත් ඒ අය දන්සැල් දෙනවා. නත්තලටත් දෙනවා. පුදුම මනුස්සකමක්........!!!!!
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....