Friday, October 1, 2010

මරණ දෙකකට ඇස දුටු සාක්කිය වීම.

කවුරුන් හෝ හිඟන්නා උදෑසනින් අවදි කර ඇත. කාටත් පුදුමය. මට දුකය. කාරි නැත. දැන් හැල්මේ දිවිය යුතු නොවේ. විනාඩි පහළොවකින් පතරාසය නිම කරගත හැකිය. කවදාවත් නැතිව දකුණුපස දොරක් ළඟ පැළපදියම් වීමි. මා බැසිය යුත්තේ අනෙක් පස දොරිනි. මේ පැත්තේ වේදිකාවක් නොමැත. රාගමදී මාරුවීමට සිතාගත්තෙමි. ඕ....... හුනුපිටිය දුම්රිය නැවතුමේදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදිකරන චීන ඉංජිනේරුවන් දැක ගන්නට අද ඉඩක් නොලැබේ. ඔවුන් වැඩ කොතෙක් නිම කර ඇත් ද? මා මනෝමයෙන් ගණනය කළෙමි. අවම වශයෙන් කණු වල කොන්ක්රීට් මිශ්රුණ නිම කර තිබිය යුතුය. ඔව් එය එසේය.... මිනිසුන් අතරින් බැලුවෙමි. චීනුන් වැඩට හපනුන් වන්නා සේම මේ ව්යායපෘතියේ වැඩ කරන්නන් දිවා රෑ වැඩ කරනවා විය යුතුය. මම සාමාන්යෙන් හතයි දහයට පමණ හුනුපිටිය පසුකරමි. ඔවුන් වැඩ පටන් ගෙන බොහෝ වේලා බව පැහැදිලිය. එහි අණ දෙන්නන් නැති තරමිනි. එකෙක් සිතූ විට විශාල කොබෙල්කෝවක් පණ ගන්වා වළක් කපා නැවතත් යන්ත්රය වෙන ඉසව්වක නතර කර හරි බරි ගැසී ආසනය සකසා නිදිය ගනී. ලාංකිකයකු පදවාගෙන වැඩ බිමට ආ ටිපරයක් නවත්වන චීනෙක් එතැන් සිට රියදුරා වී ලාංකිකයා සහයක කරගනී. මේ සියල්ල වන අතර හුනුපිටිය ස්ටේසමේ ප්රකට සපත්තු පාලම අන්තයේ සිට තවත් චීනෙක් හඩ දෙමින් ඇදෙන දුම්රිය දෙස නිසොල්මනේ බලා හිඳී. මා ඔහුගේ දෙනෙත් ගත් වහා දැහැනින් මිදී සිනාසෙමින් අතවැනීය. අද මට නොපෙනෙන්නේ එම මිතුරන් ය.
හුනුපිටිය පසුකර යන විට ඇතින් පළමු රේල් පීල්ලේ දුම්රියක් එනු දුටිමි. අප යන්නේ තෙවන පීල්ලේය. දෙවන පීල්ල තවමත් අප පසුනොකළ නගරාන්තර සීඝ්රපගාමී ගණන්කාරයා වෙනුවෙනි. සියල්ල හොඳින් සිදුවුවහොත් හොරපේ දුම්රිය ස්ථානයේ දී චණ්ඩියා අප අබිබවනු ඇත. ඔව් ඔහුගේ හූ හඩ ඇසේ... හදිසියේ ම තරුණයෙක් හා තරුණියක් දෙවන රේල් පීල්ලෙන් මතු විය. ඉන්ටර්සිටිය ඔවුන් දැක්කා විය යුතුය. තරුණයා සිටියේ බරපතල දුර ඇමතුමකය. පෙම්වතිය ළඟ සිටිය දී මෙපමණ කතාවක්?? ඇරත් රේල්පීලි මත??? පිස්සෙක් මා මට ම මුමුණා ගතිමි. ඔවුහු දෙවන පීල්ලෙන් පළමු පීල්ලට පැන්නාහ. දැන් වංගුවක් බැවින් මා පසුපස බැලුවේ ඉන්ටර්සිටිය ළංව දැකීමටය. කිසිවක් ඉහළින් වීසි වී ගොස් මට එහා පෙට්ටිය ආසන්නයේ පතිත විය. ඔව් ඒ රේල්මගේ ගමන් කළ තරුණියයි. ඇගේ සොයුරා මට නොපෙනුනි. එම් හතර කන්කසන්තුරේ එන්ජිම මා හැඳින ගතිමි. එය හෙමින් නතර වනු පෙනුනි. ආහ්...... අර කෙල්ල ඉවරයි.....!!! එහා දොරේ සිටි සිද්දිය දුටු මහත්මා කීය. සැනින් පැමිණි නුවර රේල්ලුව ලේ වැකි ඈ සිරුර මගෙන් වසන් කළේය. නමුත් මද දුරක් යද්දි මස් ගොඩක් වූ ඔහුගේ සිරුර යකඩ යකා විසින් අමතක කර දමා ගොස් තිබුණි. අප රියදුරා ද ගමන බාල කළේ ය. දැන් ඉදිරි සියලු දුම්රිය නවතින බව පැහැදිලිය. සංඥා ලද හෙයින් අපට නතර කළ නොහැක. එක් මඟක් හෝ නිදහස් විය යුතු නිසාවෙනි. හෙමි හෙමින් එඩේරමුල්ලට යන විට එහි දුම්රියක් නතර කර තිබුණි. එහි සිට රාගම දක්වා මාර්ගයේ දුම්රිය හතක් උන් හිටි තැන් වල ම නතර කර තිබුණි. නිවාඩු දවසක් වීද කොපමණ දුම්රිය ප්රමාණයක් එක ම මාර්ගය බෙදා ගන්නේ දැයි මට හොඳ හැටි පැහැදිලි විය.
සිද්ධිය අමතක කර ළමුන්ට උගැන්වීමි. නමුත් ඩෙනිමක් ඇඳ සිටි ඔහුගේ සිරුර මට දැනුදු මෙනෙහි කළ හැකිය. රාත්රී ප්රනවෘත්තියක් ලෙස නැවත මා සිරුර දුටු නමුත් එය සියැසින් දුටු වග වරිග සභාවේදී නොකීවෙමි. කියුවා නම් ප්තිඵල භයානක වනු ඇත. දුම්රිය යනු ලංකාවේ අන්තරායකර ම ප්රවාහන සේවයයි. අනාරක්ෂිත ගේට්ටු මගින් හා රියදුරන්ගේ නොසැලකිල්ලෙන් සිදුවන අනතුරු නිමක් නැත. යාන්ගල්මෝදර සිද්ධිය ඔබට මතක ඇත. එසේ තිබියදී දුම්රිය මාර්ගයේ දුරකථනය කනේ රුවාගෙන සිහියතක් නැතිව ගමන් කිරීම අනතුරට අතවැනීමකි. ඔහු හා ඇය ඊට වන්දි ගෙවා ඇත. මා තවත් නිහඩ සාක්කිකරුවකු පමණකි.

රේල් පීලි උඩ

තවත් කලබලකාර ඉරිමාවක මම නැඟී සිටියෙමි. මගේ අටම්පහුරු දින චරියාව අනුව සතියේ කලබල ම දිනය රිවි දින බැව් ඔබ දැනටමත් දන්නවා ඇත. සාපේක්ෂව ශනිදාවේ ඇති රාජකාරි වඩාත් බුද්ධිමය වන බවත් කය නොව සිත වෙහෙසා වැඩ කළ යුතු දිනය එය බවත් සැබැවි. නුමුත් ඉරිදාවේ මා ඇවිදිය යුතු දුර හා නිරාහාරව සිටිය යුතු කාලය බොහෝ වැඩිය. ශරීර පුෂ්ටිය අතින් මා වියළි පරඩලක් තරම් හෝ නොවන්නේ කන්නට නැති කමින් නොව කන පමණ නිසිවේලාවට නොකන බැවිනි. ඉදින් පෙර සඳහන් කරන ලද පරිදි පුංචම්මා ඇගේ නිවසට ගොඩවන කවර මොහොතකදී වුවද මා පැමිණි විට පිඟානක් අතින්ගන්නීය. හරියට ම කිවහොත් මගේ කායවර්ධන චිකිත්සාව මෙහෙයවන්නේ ඇය විසිනි.
ඇත්තට මා එතරම් හීන්දෑරි සිරුරකට උරුමකම් කියන්නේ ඇයි....?? මේ වන තුරා එය මට ගැටලුවක් වී නැත. වරක් සංචාරණය පිළිබඳ එක් දෙසුමකදී ආචාර්ය ප්රශාන්ත පෙරේරා ගුවන් සේවිකාවන් ගැන සඳහන් කරමින් අපූරු කතාවක් කීය. “ළමයි මෙතනින් කී දෙනෙක්ට ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් ද???” කිසිදු ස්තිරියාවක් වචනයකුදු නොකීහ. “ම්..... මෙන්න මෙයාට නම් පුළුවන් වෙයි.” යැයි කියමින් තරමක පෙනුමැති නර්මදා පෙන්වා සිටි ඔහු මෙසේ ද කීය. “ඇයි එයාට විතරක් පුළුවන් අපි ලස්සන නැද්ද....?? නේද ළමයි? නෑ හැම කෙනෙක්ට ම ආවේණික ලස්සනක් තියෙනවා... කවුද එහෙම කිව්වේ??? ” අයියෝ ළමයි මොකා හේම කිව්ව ම අපිට මොකෑ?? අපි වගේ කෑපී පේන ලස්සනක් නැති උදවිය එහෙම පණ්ඩිත වාක්යසයක්වත් දාලා ෂේප් වෙන්න එපෑයැ???...” කතාව එතනින් අවසන් විය. නමුත් ඇත්ත වශයෙන් ගුවන් සේවිකාවන් එතරම් ලස්සන වන්නේත් ගුවන් යානා අභ්ය?න්තරය එතම් අපූරුවට නිමවා ඇත්තේ සහ ඔබට එහිදී අගනා කෑම පිළිගන්වන්නේත් පිළිගත හැකි මානසික අවශ්ය තාවයක් මතය. ඒ සියල්ල ඒ වන විට ඔබ අඩි දහස් ගණනක් ඉහළ අහසේ සැරිසරන බව අමතක කරවීමට යොදන ප්රයෝගයන්ය. යම් හෙයකින් ගුවනේදී නිකමට හෝ ඔබට යම් අවිනිශ්චිතතාවක් ඇතිවී නිවස, බිරිඳ දරුවන්, හරි හම්බ කරගත් දේ මතක් වුව හොත්....... බිය නොවන්න!! ගුවන්ගතවන ඔබට යානයේ සංග්රහ සත්කාර භුක්ති විඳින තුරාවට සැප නින්දක් මිස මේ මනස්ගාත කිසිත් කරදන නොකරුනු ඇත. කිසිම හේතුවක් නිසා ගුවන් මගීන් කේන්ති නොගැන්වීමට වග බලා ගැනීම ගුවන් සේවිකාවගේ පළමු වගකීම වන්නේ එලෙසිනි.
නැවතත් සටහන තබමි. මා කැලණිය දුම්රියපොලට යන විට වේලාව හත පමණ ඇත. සාමාන්ය්යෙන් නිවාඩු ඉරිදාවේ කිරිබත්ගොඩ සිට පට්ටිය හන්දියට යාමට පැය කාලක් ප්රමාණවත්ය. දුර බසයකින් නම් කාලය විනාඩි දහයකි. කොහොමින් කොහොම හෝ මගේ කෝච්චිය 7.03 ට යෙදී තිබුණද කවුරුත් නම් කර ඇති පරිදි හිඟන්නා පැමිණෙන්නේ 7.20ට පමණය. ඊට කලින් යන නුවර නගරාන්තර දුම්රියට මාර්ගය සැලසීම ඊට හේතුවයි. හිටිගමන් හිඟන්නා නියම වෙලාවට පැමිණේ. නමුත් මම ඊට අකමැති වෙමි. ඒ තවත් විනාඩියක් හෝ නිදි සුව විඳිය හැකි නිසා නොව මා ප්රිපය කරන ගායකයාට කෝච්චිය මඟහැරෙන බැවිනි. සෑම දිනකම ඔහුගේ පෙට්ටියට නැඟ ජෝතිපාලගේ සාජ්ජයක් අසමින් රාගම දක්වා ගමන් කිරීමේ පුරුද්දක් මා සතුය. මුලින් මා ඔහුට මුදලක් දුන්න ද දැන් හැමදා ම ඉරිදාට මා යන නිසා එය නොදෙමි. ඔහු කිසිවිටක කිසිවෙකුගෙන් මුදල් නොඉල්ලයි. පුංචි සහයෝගයක් දෙන ලෙස මතක් කිරීමක් පමණි. බිම තබා ඇති වට්ටියට කාසි නෝට්ටු යහමින් වැටේ. අප දෙදෙනා උනුන් හා නිහඩව ඇති කරගත් සම්මුතියක් පරිද්දෙන් හැමදා සිනාසෙමු. මට පෙනෙන හැටියට ඒ ගායනාවෙන් කිසිදු පළක් නැත. මා මෙන් ම මේ දුම්රියේ යන්නෝ දිනපතා එහි ගමන් කරන්නෝ වෙති. ඔවුහු මේ ගායකයා හොඳින් හඳුනති. ඇතමෙක් මුදල් ද දෙති. නමුත් එක ම පුද්ගලයාට දිනපතා මුදල් දීම මට නම් නීරස කටයුත්තකි. ඒත් ඔහුට හෝ මගීනට එපා වන බවක් පේන්නට නැත. අඥාත ගායකයාගේ ගතයුත්තක් වේ නම් ඒ ගීත ඇල්බමය සතියෙන් සතියට මාරු කිරීම ය. ඇසෙන්නේ ජෝති උපහාරයකි. නමුත් ගී නැවුම්ය. ගිය සතියේ සිටි ගායකයා මේ සතියේ එහි නැත. රහස එය විය යුතුය.

සැලොනඟනගේ ත්රෙඩින් කෙරුවාව


අංගනාව බැංකුව ළඟ දී හමුවීමට යොදා ගත්ත ද ඇය හමුවූයේ නැත. ඇගේ යෙහෙළියට මා පසුව හමුවන බව කියා සැලොනය වෙත ගියෙමු. තෙත බරිත ඇඳුම් වලින් නැඟෙන මුඩු ගඳ නැහැ පුඩු අඹරවන සුළුය. සැලොනයකට යාමට තරම් මා ශිෂ්ටාචාර සම්පන්න නොවන කොතෙක් කීව ද චිලී එය කණකට නොගත්තාය. ඒ ඇගේ හැටිය. කිව්වොත් කිව්වා මය. එළදෙන ඒ වැසි දිනයේ ද පැළඳ සිටියේ විසිතුරු රිදීයෙන් වැඩ කළ මිරිවැඩි සඟළකි. ළා දුඹුරු පැහැ ගත් එය වැස්සට කළු පැහැ වී තිබුණි. ළඟ බාටා හෝ ඩී. එස්. අයි කඩයක් විණි නම් රබර් සෙරෙප්පු යුවලක් ගෙන ඒ මා හැඟි වහන් සඟළ බෑගයේ දාගන්නවා සිකුරුය. නමුත් මාගේ (අ)වාසනාවට ළඟ පාතක එවැන්නක් නොතිබීමේ කරුමයට වන්දි ගෙවීමට සිදුවූයේ මඟ දිගට ඇගේ හීල්ලුම මුසු ඇඩියාවට සවන් දීමෙනි. “අනේ මගේ සපත්තු දෙක..ඃ” ඕ කන් කෙඳිරි ගෑවාය.


කතාවෙන් කතාවෙන් අපි සැලොනයට පැමිණීමු. “අක්කා නම් ළඟට ගියා - කෝල් කරලා නෙමේ ද ආවේ???” පිළිගැනීමේ නිලධාරියා විමසා සිටියේය. කාන්තාවට පමණයි සැලොනයක පිළිගැනීමේ නිලධාරියෙක්??? මට දාහක් පුරස්න ඇති වූ නමුත් චිලීට එහි වගේ වගක් නැත. “ආ අපි වාඩි වෙලා ඉන්නම්....” කී ඇය පාවහන් ගලවන මෙන් මට සන් කළාය. අප පැමිණියේ පන්සලකට හෝ පල්ලියකට නොවන වග දනිතත් අයහපත් කාලගුණය ගැන සලකා පාවහන් ගැලවීමි. මා ඇද ගෙන ගොස් විසල් සෝපාවකට බර වූ ඈ ගෙදර මෙන් පුවත්පතක් දිග හැර ගත්තා ය. මිනිත්තු ගණනකින් සැලොනඟන පැමිණුනි. ඇගේ අතවැසි කත පසෙකින් විය. මගේ තේරීමේ හැටියට නම් දෙවැන්නිය සැලොනඟනට වඩා හැඩකාරියකි. හරි මං එනකම් මේක කියවන්න. ඈ මා අතට දුන්නේ ‘ඇට්ටේරියා මල් සුවඳ’ නම් කෙටිකතා පොතකි. සැණින් චිලී සැත්කම් කාමරයේ විය. මම දිගට ම කියවීමේ නිග්මන් වීමි. එය කසිකබල් මල් කතා පිරි කෙටිකතා පොතකි. සැලකිය යුතු ළමා කතා නම් කීපයක් තිබුණා මතකය. ත්රෙඩින් යනු එපමණ කාලයක් වැය නොවන්නක් බව ඇස්දැකීමෙන් දනිමි. එහෙයින් සම්පූර්ණ පොත කියවීමට යාම ඵල රහිතය.
ත්රෙඩ් එක අතින් ගත් සැලොනඟන වරක් එළියට පැමිණ මට වතුර ඕනෑ දැයි ඇසුවාය. මා නැතැයි කී කල ඈ හිස සලා ඇතුළට ගියාය. කාලය ගෙවී යනු නොදැනුනි. චිලී හඩමින් පැමිණ මා ඉදිරියේ විය. කීප වරක් පොඩි කළ දෑස් රතු වී තිබුණි. සාමානයෙන් චිලී ටැප් එක අරින්නට පසුබට වන්නේ නැත. කොටින් කීවොත් ඇහින් නැතත් නාහින් අඩාගත්ගමන් ය. කඳුළු අතරින් සිනාසෙනු දුටු මට ඉබේ ම සිනා පහළ විය. ගළවා ඉවත් කරන ලද බැමි කෙස් නළලත විසිර තිබුණි. ඈ සිටියේ මහත් වේදනාවෙනි. ඉඳින් සිනාව ආයාසයෙන් නතර කර ගතිමි. මා මුලින් සැලොනයෙන් පිටට පැමිණිය ද සහයක සැලොනඟන මා දෙස බලා සිටියා මතකය. හෙට අනිද්දා නැවත ඈ බැලීමට යා යුතු බව සටහන් කරගනිමි‍න් චිලී බසයක නංවා මා යළි යුනියට ආවේ අගනාවගේ වේටිමක් ඇති හෙයිනි.

අයං අබාගං කාලෝ......



ම් මේ දිනවල විභාග සමය(o) බැවින් වැඩි වශයෙන් යුනිය තුළ සිසුන් ගැවසෙනු දක්නා නොලැබේ. ඒ ඒ නිශ්චිත ස්ථානයන්හි පමණක් දුම්මල ගසා හෝ එළවිය නොහෙන පෙම්වතුන් පමණක් දැක්ක හැක්ක. හුදෙක් ඔවුන් ප(නැති) දේ ලෙස සැලකීම වරදකි. කලින් ගිවිසගත් පරිදි හෝ කිසිවෙකු විසින් කිසියම් නිශ්චිත හේතුවක් වෙනුවෙන් රඳවා ඇති සෙයක් පෙනෙන මේ තරුණ ශිෂ්යග යුවලක් පුංචි හෝ තැන් මාරුවක් කළ හොත් ඒ ඒ තැන්හි ගැවසෙන සෙස්සන්ගේ වුව ද හිතට හරි නැත. ඒ තරම් අදෘශ්යපමාන සම්මුතියකින් ඔවුහු නිශ්චිත ස්ථාන කරා බැදී ඇත්තෝය. මේ අසවලා.. අර එයාගේ එයා..... අර ඔව් ඒ දෙන්නා.... ඇදී වශයෙන් එකිනෙකා අතර මනා අවබෝධයක් සිසුන් සියල්ල අතර වේ. යුවලක කොල්ලා දකින ඔබ කෙල්ල ද ඒ ඉසව්වේ ඇති බව විශ්වාස කරන්නේ ඒ නිසාය. වැරදීමකින් හෝ නව යුවලක් දුටු විට එය තම අභ්ය්න්තර මතකයේ තැන්පත් කර ගැනීමට කාලයක් ගන්නා මිතුරන් මා දැක ඇත. හොඳයි ඔබත් එසේ නොකරන්නේ යැයි කිවහැකි ද?
දැන් නම් බොහෝ දෙනාට විභාග කාලය අවසාන වී තිබේ. එහෙත් සමහරු තවම විභාග මානසිකත්වය හිස දරා සිටිති. සියල්ලන් ම විමසා සිටින්නේ නව සෙමෙස්තරය ඇරඹෙන්නේ කවදාද යන්නයි. ඒ අතර යුතුකම් ඉටු කරන්නෝ, වගකීම් දරන්නෝ ගොඩබාන අලුත් නැව ගැන කතිකා කරති. ඔවුන්ට වැඩ මහ හුඟකි. ඒ අතරට විභාගය යනු ප්ර ශ්න මාලාවකි. කොල්ලන්ට නම් සෙමෙස්තරය නොවැම්බරයේ ඇරඹීම හොඳය. ඒත් වයස යාම ගැන ළතැවෙන්නෝ ඊට විරුද්ධ වෙති.
යුනිසික් විභාගය නිම වීමත් සමඟ බහුලව පැතිර යන රෝගයකි. ළඟපාත සිටින උදවිය විභාගය නිමවූ දා පටන් ම ජොලියට කැම්පස් එති. වැඩකට නොවේ. නිකම් එති. පැමිණ ගෙනෙන දෙයක් කා ඕපාදූප කෙළ යති. ඉතිරිය හෙට පැමිණ කොන්ටිනිව් කරති. ජිම් කැන්ටිමේ හෝ වේවා, හිල්ටන් එකේ හෝ වේවා මෙලෙස විභාගය නිම වූවෝ මහ හඩින් සාද කතා පවත්වනු දැකිය හැකිය. ඊට පසෙකින් විසි තිස් දෙනා හෙට පැවැත්වෙන විභාගයට අවසන් කුප්පිය දැමීම ඔවුන්ට විශය නොවේ. අපි දු ඒ වරද කළෙමු. නමුත් මාගේ අබාගය තවමත් නිමවී නොමැති නිසා සමාවක් ලැබෙනු ඇත.
තරමක වැසිබර කාලගුණයක් වූ බැවින් අපි සියලු දෙනා ජිම් කැන්ටිමේ සාද කතාවෙන් කල් යැවීමු. අංගනාවක් බලාපොරොත්තුවෙන් මා එහි තත්පර වූ අතර ක්ලොසා, තුනයි තිහට ඇති ප්රශ්න පත්තරයට සූදානම් වන යානි විසින් ස්ථාවර නියෝග මත එහි රඳවා ගන්නා ලදී. දෙතුන් වරක් මා ඈ ඇමතුව ද අංගනාව නොආවාය. වැස්ස පායා ඇති හෙයින් චීලී ද සැලොනයට යාමට ඇවටිලි කළාය. ඇගේ ඇහි බැම ප්ලග් කරගන්නට ඈ කැටුව යන බවට මා පොරොන්දු වූවා මතකය. නමුත් අංගනාව සිටින්නේ බරපතල අඩියකයයි සිතීමි. උදේ මා ඇමතූ විට ඇයට මා හමු වීමට ම අවශ්යට බව කීවේ ඒ නිසා විය යුතුය. අවසනදී චිලී සමඟ මගට බටුයෙමි.
කඟවේණා ඉගිලී යන්නේ ඒ නිමේශයෙනි. අප කවුරුත් දන්නා ආලෝක (ලයිටා) නිවසේ තිබූ පල්සරය කොළඹ ගෙන ඒම නිසා දැන් මෑන්ස් යන්නේ උඩිනි. අප නිකවැරටියේ ඔහුගේ නිවසේ ගිය විට අලුතා අගලකට පෙරළා ගත්තේ ඒ බයිසිකලයයි. මට බර්සරිය සයින් කරන ලෙස කී ඔහු අසුරු සැණින් නොපෙනී ගියේ ය. සියල්ලට කළින් මා කළේ ඉතිපිසෝ ගාථාව කියා කුරුසය සටහන් කිරීමයි. මීළඟ ප්රාශ්න පත්තර දෙක ද ලයිටා විසින් ලියනු දැකීම මගේ අරමුණ වූයෙන් මා අවංකව ම සමිඳානන්ගෙන් ඌට අනතුරක් නොවේවායි පැතුවෙමි. බිය ගන්නට කාරණා නැත. දැනටමත් හැට හැත්තෑවක් රක්ෂණය කර ඇති ලයිටා තමන්ට ජීවිතාවරණක් නොදා සිටීවියයි සිතීම උගහටය. නමුත් වඩුවාගේ ගෙදර නැත්තේ ද පුටුව ම බව මා අසා ඇත්තෙමි.

මම ගුරුවරයෙක්මි.

වේලාව උදෑසන හත වූවා පමණි. උදේ රැයින් නැඟිට මගේ සිසු දරුවන්ගේ සිනා සපිරි මුහුණු බලනු රිසියෙන් ප්රිබෝධමත් සිතින් කැලණිය දුම්රිය ස්ථානයට පැමිණියෙමි. මා වෘත්තිය ගුරුවරයකු නොවේ. එය මෙහිලා සඳහන් කරනු වටී. නමුත් සිතැඟි විසින් මෙහෙයවනු ලැබූ මා මිත්ර සමාගමයක කැඳවීමෙන් කොළඹින් නුදුරු ගමක ළමා නිවාසයක සිටින දරු දැරියන්ට එළඹෙන සාමාන්යය පෙළ විභාගය වෙනුවෙන් ඉතිහාසය විෂය ඉගැන්වීමට පටන් ගතිමි. මුලදී මිතුරන් හට බැහැයි කීමට නොහැකි වූ නිසා ම වගකීම කරට ගත්ත ද කල් යත් ම ඉගැන්වීම මට පත්තියන් විය. ඒ නැතත් මව්පියන්ගේ රැකවරණය ආදර සත්කාර නොලැබ පාලක පාලිකාවන් යටතේ සීමාසහිත නිදහසක් භුක්ති විඳින ළමා නිවෙස්නයේ දරුවන් හා දෙපැයක් වැනි කෙටි කාලයක් ගත කිරීම දැන් මගේ සතියේ ප්රිවයත ම අංගය වී ඇති බව කිවයුතුය.
මව්පියන්ගේ අගය වැටහෙන්නේ ඔවුන් මිය ගිය දාට යැයි අසා ඇත්තෙමි. දෙමාපියන් හා නොහොඳ නෝක්කාඩු ඇතිකරගත් සෑම අතීත තත්පරකට ම මා ද්වේශ කරන්නේ දෙමව්පියන් අහිමි ඔවුන්ගේ කතාවලින් ලත් දැනුමෙනි. දරුවන් ලෙස අපට ඔවුන්ගේ වෙසෙස් අගයක් නොදැනෙතත් එහි වටිනාකම ඔවුහු මට මනාව පසක් කළහ. ඉඳින් මා ඔවුන්ගේ ගුරු වූවා නොව ඔවුන් මට ගුරු වූ සෙයකි. අනෙක් අතට කාලයක් මතක හිටින පින්කමක් ලෙස මා කරන්නේ ද මේ සත්ක්රිුයාව පමණි. කොයි හැටි වෙතත් නිවාඩු දිනයේ ද උදේ පාන්දර නැඟී සිටීම කිසි ලෙසක කළ නොහැක්කකි. මා කුමක් හෝ අවැඩක් සිදු කිරීමට තතනන විට “කොහේ යන්න ද? හා හරි හෙට උදේ නැඟිට්ටුවෙ නැති උනා ම ඉවරයිනේ” යනුවෙන් කීම අම්මාගේ සිරිතයි. දැනුදු උදෑසන මා අවදි කරන්නී ඇයයි. කට දොවා තේ බී නැවතත් ඇඳට වැටෙන විට තම තේ කෝප්පය රැගෙන මගේ ලියන මේසය මත වාඩි ගෙන ඈ කරනුයේ කලින් දින මා කුරුටු ගෑ සියල්ල සීරුවට කියවීමයි. ඇය ආහාර පිසීමට කුස්සියට යන්නේ ඉන් පසුවය. ලියූ දෑ වල ගුණ දොස් මා ඇඳ පැළඳ ගන්නා අතර ඇසීමට පුළුවන.
ඉරිදා නිවාඩුවේ මා නොවැරදී ම යන මේ (කු)අප්රොකට සංචාරය අම්මා සැක මුසු බැල්මෙන් විපරම් කළ ද කිසිවක් නොවිමසා සිටියාය. එහෙත් හිට්ලර් මහතාගේ උකුසු ඇස ඒ කෙරේ යොමු වූයේ සති කිහිපයක් ඉරිදා උදේ කෑමට මා ගෙදර නොසිටි නිසාවෙනි. ඉරිදා උදේ කෑම සහ කැඳ පිළියෙළ කරන්නේ අප්පච්චි හිට්ලර් විසිනි. බොහෝ විට එය අමුතු ආහාරයක් වන්නේ ඔහු රොටි පුච්චන්නේ නම් අනුමානයකින් තොරව එය පළහන බැවිනි. කොළ කැඳ ද ගොටුකොළ, හාතවාරිය හෝ දෙහි කොළ වැනි කටේ තියන්නට බැරි දෙයකින් සෑදීම අප්පච්චිගේ හැටියයි. නංගීට නම් මේ හැම අරහංය. ඔහුගේ නිත්යක පාරිභෝගිකයා වන්නේ ද එක හුස්මට කැඳ සියල්ල ඇද දමා ස්තුතියක් පිරිනමන්නේ ද මා විසිනි. (හැම ඉරිදා ම දෙවරක් දත් මදින්නට සිදු වීම පුංචි හිරිහැරයකි)
මා නැවතත් දවල් කෑමට ගෙදර එන්නේ ද නැති. නිවාඩු ඉරිදාවේ අපේ ගෙදර කුකරි යුද්ධයකි. ඒ අම්මා සහ පුංචම්මා අතරය. අම්මා ගෙදර සිටින නිසා ඇය වෙනදාට වඩා විශේෂයක් කරන බව පැහැදිලිය. නමුත් පුංචී ද ඊට දෙවැනි නොවේ. ඈට දරුවන් නැති හෙයින් අපේ දෙවන මව් ඇයයි. මට කෙසේ වෙතත් මල්ලීට හා නංගීට නම් ඈ අම්මා ය. බසයෙන් පැමිණ එහි ගොඩවුනහොත් නොකා එන්නට නොහැක. මා අන්ත බත් බඩගිනිකාරයෙක් නිසා හවස් ජාමයේ ගොඩ වුව ද “ලොක්කො අද නම් මෙහේ ...” කියමින් දවසේ මෙනුපත මා වෙත ඉදිරිපත් කිරීම ඇගේ සිරිතය. මල්ලී සහ නංගී කිසිදිනක දිවාපත නිවසින් නොගනිති. ඉඳින් ඉරිදාට දෙවරක් කෑමට මට සිදුවේ.
ටික දිනකින් ප්රසශ්නයට පිළිතුරු දෙන්නට සිදු විය. ඒ දිනවල දහම් පාසල් තරඟ ද යෙදී තිබූ බැවින් එහි ද සිසුන් පුහුණු කිරීමට මට නියම විය. පොඩි හාමුදුරුවන් මා අවදි වන වෙලාව දන්නා නිසා නවයට පමණ මා අමතන විට නිවැසියෝ නිරුත්තර වන්නේ ආගිය තැනක් නොදන්නා නිසාය. “යන තැනක කියලා පලයං. නැත්නම් ඔය දඩවහල්ල ඔන් කරලා තියපන්. රටේ ම මිනිස්සුන්ට පොරොන්දු දීලා නිවාඩු දවසේත් රෝන්දෙ යන්න තියාගත්තේ... දැන් ඔය උදේටවත් කාල ද? කැඳවත් බීලා නෙවෙයිනේ ගියේ??” තාත්තා පළමු වෙඩි මුරය පත්තු කළේ ය. ඔහුගේ ගැටලුව මා උදේ කැඳ නොබී ම බව පැහැදිලිය. “ඒ මදිවට රටේ ම ඔඩ්ඩියො කෝල් කරනවා... මොකක්ද ඔය හැමදාම යන හොර ගමන??” අම්මා අගුල්පත් තැබුවාය. ඇයට ගැටලුව වූයේ උපහාරයට ලැබෙන මිස්ඩ් කෝල්ස් වැල විය යුතුය. ඩයලොගය අක්රිය නම් එය සාමාන්ය තත්ත්වයකි. මේ සියලු චෝදනා මේ කණින් අසා අනෙක් කණින් පිට කිරීමට සිදු වන්නේ දහම් පාසලේ සිසුන් මා එනතුරු බලා සිටින බැවිනි. දැන් මා සිටිය යුත්තේ එහිය. මා වඩාත් අවශ්යා වන්නේ ද ඔවුන්ට ය. සියලු අවලාද ඉවසමින් මා එහි ගොස් එම කටයුතු අහවර කළෙමි.
යළි කෑම මේසයේ දී නංගී මා විත්තිකරු කළාය. අවසන සියල්ල හෙළි කළෙමි. අම්මා ළමුන්ට බෙදා දීමට පොත් දෙන බව කී අතර නංගී පෑන් පරිත්යාුගයට ද තාත්තා එක් ආහාර වේලක බර පැන ද දැරීමට එකඟ වූහ. මගේ අවසාන පන්තිය පවත්වන දින කුඩා සාදයක් පවත්වන්නට කටයුතු නිර්මාණය වුයේ එලෙසිනි. දැන් උදෑසන මා යායුතු එකම කෝච්චිය වෙනුවෙන් අම්මා නොවරදවා මා අවදි කරවයි. තාත්තා කැඳ සෑඳීමට වෙනදාටත් කළින් නැඟිටින්නේ අනිවාර්ය පාරිභෝගිකයාට දෙන ප්රකර්ශයක් (special intensive) වශයෙනි. සියල්ල හොඳින් විසඳිනි. මා තවත් එය සැඟවී නම් සැකයක් මිස අවබෝධයක් ඇති නොවනු ඇත.

Monday, September 13, 2010

මතක වස්තුව....

කර මුලට ම වැඩ නිසා ම මට මෙදවස්වල ලියන්න පුළුවන් වුනේ නෑ. හැබැයි ඔය අහු මුලුවල මං ලියලා දාපු සටහන් අට්ටි පිටින් ඇති. මේ බ්ලොග් එක ටිකක් අපිළිවෙලයි.... හැමෝ ම කියනවා. කාරණාව ඇත්ත ලියන මිනිහා ඉස්සෙල්ලා පිළිවෙලක් වෙන්න එපැයි. හ්ම්... නමුත් මුලින් ලියන්න හිතුවත් හැමදා ම අමතකවුන දෙයක් ලියන්න හිතුවා.
බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් ලියන එක මං කාලෙක ඉදන් දන්න රස්සාවක්. අපේ විචාරක අරවින්ද මහතා තමයි මචං ලියපං කිව්වෙ මං දන්නා ප්රකාශන රීතය ටිකක් විතර අවුල් වෙන්න පුළුවන්. නමුත් අපි මෙහෙම ලියන්නෙ ඒක කාටවත් අතුරු අන්තරාවක් ඇති නොකරන නිසා අපි මෙහෙම දැම්ම ම අපි මළත් තියෙන නිසා. අනික අපි කරන පිස්සු වැඩ කවදා හරි අපිට ම කියවන්න අවශ්‍ය වුනොත්......

අන්න ඒ නිසා අපි ගැන ලියවෙන සලාදයක් කරන්න හිතුවා. ඒ නිසාමයි හැම පෝස්ට් එකක ම කැම්පස් ගැන එහි සිදුවීම් ගැන ලියවෙන්නේ. මෙතනත් සිද්ධි ගැලපීම හරි සංකීරණයි. මූ ඇයි මේව ම ලියන්නේ??? සිද්ධි අධ්ය යනය මෙච්චර පට්ටයි කියලා මං දන්නේ නෑ... නිකම් හිතන්න සතියේ ඔබ ඇසුරු කරපු අය එදා එහෙම කළේ ඇයි. එහෙම කිව්වේ ඇයි කියලා නිවිහැනහිල්ලේ හිතුවොත් ලස්සන චිත්රනපටියක් බලන්න පුළුවං. ඔබට තරහා ගියා නම් අයියෝ මං හරි මෝඩ විදියට නේ හැසිරුණේ කියලා හිනා යන්නත් ඉඩ තියෙනවා. හැමදේම වෙන්නේ අපි සිද්ධි හා අවස්ථා බාර ගන්න හැටියට....

දැන් නම් මිනිස්සු මගෙන් කැම්පස් විත්ති වලට වඩා දෙයක් ඉල්ලන බව පේන්න තියෙන නිසා, සටහන් තැබීම් වෙනස් කරන්නට කාලය හරි. මං මෙහෙම ලියන්නේ දිනපොතේ ලියන්න කම්මැලිකමට මගේ දිනපොතේ චරිත සියල්ලට ම කැමති තැනකින් කැමති වෙලාවට තමන් ගැන කියවන්න පුළුවන්. හිතන්න අපි විද්‍යාඥයින්ගේ, උගතුන්ගේ ආදි බොහෝ දෙනාගේ ජීවිත ගැන හෙව්වට කෙනෙක්ට දැනගන්න අපි ගැන ලියපු තැනක් නෑ නේද.... මතක වලට පණ දෙන එක වටිනව කියල හිතෙන්නේ මතක් කරන්න තරම් වටින ඉතිහාසයක් තියෙන අයට. එහෙම නැතුව ජාතියක් ජම්මයක් නැති කල්ලතෝණින්ට නෙවි. අපේ ජීවිත වලට යන එන අය ගැන ලියන්න මට පුංචි කැක්කුමක් තිබුණා. හෙට මං නැතත් හැම චරිතයකට ම තමන් කළ කී දේ ගැන කියවන්න බලන්න මතක් කරන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රජවරු සිටුවරු මැති යස රාජ බිසෝවරු හැමෝ ම ගැන හැකි පමණින් ලියන්න මං උත්සහ ගන්නවා. ඒ කියවීම අද කියවන්න නෙවි. අදට ඒ කතන්දර හුදෙක් ඔපා දූප පමණයි. නමුත් වයින් කල් පිරෙන්න රස වෙනවා වගේ මතකයන් දුර යන්න හිත් පිරිමදිනව. ඉතිං අර කියනවා වගේ බල්ලෝ හදට බිරුවට කමක් නෑ. ඔබ හද එළිය විදගන්න....

මෙයට
විශ්වාසී,
ඇවරියා

Tuesday, September 7, 2010

යුනියේ නයිට් ලයිෆ් එක

දැන් අධ්‍යයන නිවාඩු නිසා කැම්පස් එකේ සේවා අංශය ටිකක් වැඩියෙන් වැඩ කරනවා. කොටින් ම කිව්වොත් වෙනදා හතරට හෝ හයට වහන පුස්තකාලය දැන් රාත්තිරි අට වෙනකම් ඇරලා. අපේ කාණ්ඩෙ ඉතිං අධ්‍යයනය කරන්න කියලා ඒකට ගිහින් එහෙන් මෙහෙන් අමුණගන්න සටහන් කියවන එක වෙන ම දුක්ඛාන්තයක්. නමුත් ඊටත් හරියන්න අපේ අයි.ටී ලැබ් එකත් ඇරලා තියෙනවා. නමුත් අලුතින් ම විවෘත කරු එක නම් හතරට වහනවා.
ඒත් රාත්‍රිය නම් හරි අපූරුයි. සටහනක් අතින් නොගත් කිසිවෙක් ඒ වෙලාවෙ පවා සොයාගන්න අමාරුයි. අනිත් කාරණේ ධර්මාලෝක ශාලාව අවටින් ගමන් ගත්තොත් තාමත් පුහුණු වීම් කරන නාට්‍ය කිහිපයක ම නොමිලේ දර්ශන බලන්නත් පුළුවන්. ඒ මදිවට විභාග භීතිකාව අස්සේ අපේ බාස්කට්බෝල් වගේ ම නෙට්බෝල් පුහුණුවීම් රෑට පැවැත්වෙනවා. ඒ නිසා පූර්ව විභාග සංක්‍රාන්ති නොනගතය තුළ දවල් වගේ ම රෑත් අධ්‍යයනකාමීන් දෑස් දල්වා බලා සිටින බව කිව යුතුයි.

ශ්රේතෂ්ඨ ප්රේ‍ම කතා රහසක්ව තබාගත යුතුයි!!!

ඇත්තට ම ශ්රේෑෂ්ඨ ප්රේ ම කතා රහසක් වශයෙන් තබා ගත යුතුයි තමයි. කරුණු කාරණා ගැඹුරින් හොයා බලන්න ඉස්සෙල්ලා හිතට තට්ටු කරලා අහන්න ඔබටත් ශ්රේලෂ්ඨ ප්රේබම කතාවක් තියෙනවාද කියලා. උත්තරේ ඔව් කියන්න කළින් ටිකක් හිතලා බලන්න ම වෙනවා. මොක ද ඊට සාපේක්ෂව තමන් ශ්රේකෂ්ඨ හෙවත් පරමාදර්ශී පෙම්වතෙක් හෝ පෙම්වතියක් ද කියන සාධකයත් තීරණය වන නිසා. ඉතිං අවංක උත්තරයක් දෙන්න කාලෙ ගත්තට කමක් නෑ....
දැන් අපි අර ඒ කාලේ කිව්ව කතාවක් ඇදලා ගනිමු. “ප්රේතමය නම් රාගයෙන් තොර - සඳ එළිය සේ අචින්ත්යරයි... පාරිශුද්ධයි, සුරම්යවයි කියලා කියපු කාලෙට යමු.” නමුත් මේක හරියට අර නෙල්ලි ගෙඩියේ රසය වෙන් වෙන් වශයෙන් කියන්න කිව්ව වගේ විකාරයක්. මොකද ප්රේ මය තුළ මේ සියල්ල අන්තර්ගත නිසා. නැවත ආත්ම කථනයට. ඉතිං ඔබ ශ්රේ ෂ්ඨ පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් මේ ප්රේසම පුරාණය රහසක් කරගන්න කියන්නේ ඇයි?? පිස්සු... ඇයි යකෝ කරන්න හොඳ නම් කිව්වම මක් වෙනවද ?
ඒ කතාවත් හරි. නමුත් අති මහත් බහුතර පෙම්වතුන් ඇයි එහෙනම් හැංගි හැංගි වෙස් බඳින්නේ??? ම්..... අනේ මන්දා?? ලෝකෙට ම හොරා එකිනෙකා මුණගැස්සෙන්නේ? මගෙන් අහන්නේ? ඒ වැඩේ ආතල් නිසා වෙන්නැති. හැබැයි ඔබ උන් එක්ක ඉරිසියාවට මෙහෙමත් කියන්න පුළුවන්. “ඔය කවුරු කවුරුත් හැංගි හැංගි වෙස් බැන්දට, නටන්න වෙන්නේ එළිපිට නේ?” කියලා. ඊට උත්තරයක් හැටියට ඒ අය කියාවි “හරි අපි ඉතිං හැංගි හැංගි වෙස් බඳින්නේ එළිපිට නටන්න තමා” කියලා. දැන් ඉතිං ඇඩ්රාස් නැති වෙනවා. මේ නිසා යන්න තියෙන පෙරහැරවල් ගැන පේන බලන්න පුරුදු වෙන්න එපා. අනික කප් හිටවනවා කියන්නේ පෙරහැර යනවා කියන එක නෙමේනේ....!!!
කොහොම නමුත් ශ්රේනෂ්ඨ ප්රේ මය රහසක්ව තබා ගන්න කියලා තියෙන්නේ ශ්රීන නේරු. අර නේරුතුමාගෙයි එවකට ඉන්දියාවේ සිටි බ්රි.තාන්ය අණ දෙන නිලධාරියා වූ ලුවිස් මවුන්ටබැටින් සාමිගේ බිරිඳ එඩ්විනා මවුන්ටබැටින් රහස් ප්රේ්මය ගැන හැමෝම දන්නවා ඇතිනේ? මවුන්ටබැටින් පවුල කොච්චර අකමැති වුනත් ඒ සම්බන්ධය දිගට ම තිබුණා. දැන් ඒක සම්මතය අතික්රනමණය කිරීමක් වුනාට ශ්රේනෂ්ඨ ප්රේචම කතාවක්. ලස්සන සාහිත්යයමය ආඛ්යා නයක්. ලංකාවේ දස්කොන් ප්රවමිලා වගේ??? ලෝකයේ හැමදාම ගෑනු මිනිස්සු අතරේ මේ වගේ සම්බන්ධකම් තිබිලා තියෙනවා. දැනටත් බොහෝ දෙනා අතර තියෙනවා.
නමුත් ශ්රේිෂ්ඨ ප්රේයම කතාවක් වෙන් කරගන්නේ කොහොම ද කියලා දැන් ගැටලුවක් ඇති. මගේ පුද්ගලික නිගමනය අනුව නමක් දිය නොහැකි, සම්මත සමාජ සබඳතා ඉක්මවන මානුෂීය බැඳීමක් කියලා කියන්න පුළුවන්. මිත්රැකම, කුළුපග බව ඇඟෑලුම්කම, හිතවත්කම කියන තත්ත්වයන් යම් තැනක දී ඉක්මවලා අපිට මතුපිටින් පෙනෙන ලයින් එක ක්රොමස් කළා ම බැඳීම ශ්රේබෂ්ඨ වෙනවා. අර මං කිව්ව සීමාව පැනීම ගැන දෙපාර්ශවයට ම ගාණක් නෑ. වන්නාට යහපත කියනවනේ?
දැන් ඉතිං හැම අනියම් සම්බන්ධයක් ම ශ්රේ ෂ්ටයි කියලා හිතන්න එපා. කොහොම නමුත් ශ්රේවෂ්ඨ සම්බන්ධකම් රහසක් විදියට තියාගන්න කියන්නේ නම් හේතු ගොඩක් ඇතිව. පළමු කාරණය අදාල පාර්ශවකරුවන්ට ඒක ශ්රේ්ෂ්ඨ විය හැකි නමුත් සමාජයට සහ එහි සංස්ථාවන්ට එය අසම්මතය වන නිසා. ඒ හරහා සමාජය නිර්මාණය කරන ගෝත්රිාක චින්තන රාමුව ඇතුලේ තියෙන කල්චරල් ටැබූස් වලින් ඔබ නැත්තට ම නැති වෙන්න පුළුවන් නිසා. අනිත් වැදගත් ම කාරණය ඒක උන් දෙන්නට වැදගත් වුනාට, අපිට කටගැස්මට ඕප දූපයක් හැටියට මිස වෙන වටිනාකමක් නැති නිසා සහ කොච්චර කීවත් බාහිර සමාජයට මේ සම්බන්ධකම හරියට තේරුම් කරන්න බැරි නිසා.
ඉතිං කියන්න. එහෙම සම්බන්ධයක් රහසක් හැටියට තියාගන්නවා මිසක් කිව්වට වැඩක් තියෙනව ද? අහන එකා ඔබ පිස්සෙක් කියයි. අම්මලා දූලට කුමරි බඹසර රකින්න කියන්නේ ඔන්න ඔය නිසා. මොකද අම්මා කාපු පරිප්පුව ඇස් දැකීමෙන් ම දන්නවා. දුවලා දැනගන්න ඕන අම්මා සද්ද දාද්දි එයා එදා තමන්ට වෙච්ච දේ ගැන හිතලයි එහෙම කියන්නේ කියලා. හැබැයි බලන්න. සාමන්ය්යෙන් මිනිබිරී අත්තම්මගේ ළඟ ම යෙහෙළිය වුනා ම අත්තම්මා එදා නටපු නැටුම් අල්ලපු කස්තිරම් සියල්ල මිනිබිරීට ලුණු ඇඹුල් ඇතිව කියනවා. සමහර විට ඒ සීයා එක්ක කියපු කරපුවා නොවෙන්න පුළුවං. ඒ කාලේ වෙද්දි ඒ කතා වලට තියෙන්නෙ මතකමාත්රී ය වටිනාකමක් පමණයි. හැබැයි ඔබ අහලා තියෙනවාද තරුණ අම්මෙක් දුවෙකුට “උඹලා තව හොඳා.... අනේ අම්මපා අපි කෙල්ලො කාලෙ තිබුණ විසයක්” වගේ කියනවා. කවදාවත් ම නෑ..... මොක ද මේ සමාජෙ හැටියට අම්ම දුවට ඒ වගේ කිව්වොත් දුව අම්මගේ රෙකෝඩ් එක අලුත් කරන්න, අම්මගේ අතීත ම ආයුධයක් කර ගන්නවා. ඒක දැන් හැදෙන දුවලගේ හැටිනේ??? අම්මට වඩා හැමදේ ම එයාලා දන්නවනේ  
කොහොම නමුත් මං කියපු හැටියේ ශ්රේනෂ්ඨ ප්රේාමකතා ඔබට තව හුඟක් හොයන්න පුළුවන්. නමුත් ඔබ රහසිගත ශ්රේනෂ්ඨ පෙම්වතියක් නම් ටිකක් පරිස්සම් වෙන්න. මොකද පිරිමි කටමැත දොඩද්දි ලොකු කමට ඔබ ගැනත් කියන්න බැරි නෑ. ඒක පිරිමියාට වීරකමක් වුනාට ගෑනු ඔබේ ලැජ්ජනැති කම කියාලා අනිත් අය කියාවි!!! 

අද දවල් කෑම අපෙන්

පහුගිය දවස්වල සලාදයක් දාන්න බැරි වුනේ කර මුලට ම හිර වෙන්න වැඩ තිබුණ නිසා ආයුබෝවන්. මං සාමාන්යදයෙන් busy වෙන්න කැමති මිනිහෙක් නමුත් මේ academic වැඩ වලින් busy වුනා ම කෙළින් ඉන්න ටිකක් අමාරුයි. ගිය සති කිහිපය තුළ මා කැමති ම uni functions වලින් එකක් වුනේ Rotary Club එකේ Food Court එක. හැමදා ම bookmarks විකුණලා, ටිකට් ගහලා, කොටු කපලා සල්ලි හොයනවා වෙනුවට හැමදාමත් හාමතේ ඉන්න අපේ කස්ටියගේ කුස පුරවලා ගතමන්ට් එකක් හොයා ගන්න එක පිනක් කියලයි එහි ප්රාකාශිකාවක් කිව්වේ. ඒක නම් එහෙම තමා. මේ කටයුත්තට කොච්චර ප්රනතිචාර ලැබුණ ද කියනවා නම් දවල්ට කාලා මං හිමකිරමක් කන්න යද්දි “තව ටිකකින් එන්න” කිව්වා. අනේ ඒ වෙද්දිත් කෑම ඉවර වෙලාලු.
උණු බල්ලන්, පොරි වගේ කෑම නැඟලා ගියා. තව කොළොස්ට්රෝතල් වැඩි කරන්න සුකුරුත්තන් කෑම ගොඩක් තිබුණා. එතන සංගීතෙත් කෑම වගේ ම රසවත්. තවත් කාරණයක් වුනේ අසල තිබූ අඹ ගහ ආධාරයෙන් ඔවුන් ඉදිරිපත් කළ Mango Challenge එක. අඹ ගහේ අත්තක එල්ලන ලද පුවරුවකට ඉල්ලක්කයට විදීමට සූදානම් කරලා තිබුණා. සුළඟට මේ dart board එක පැද්දෙන නිසා අභියෝගය ටිකක් බැරෑරැම්. නමුත් අපේ දක්ෂයින් ඊට සාර්ථකව මුහුණ දුන්නා. තව උස අත්තකට වළලු දැමීමත් ‍අභියෝගයක්. එක බුවෙක් වළලු දාන්න කෙල්ලක්ව පෙළඹුවේ හරි අපූරු විදියට. ඇගේ පෙම්වතා ඉලක්කයට විදලා ජය ගත්තා. “ආ.... දැන් අයියා විද්දා, අක්කා වළල්ල දාන්න....”

උයන් කෙළිය

මෙම ගිම්හාන ග්රී ස්මවූ කාලේ නිසා මටත් චුට්ටක් උයන් කෙළියට යන්න හිතුනා. උයනක් කියලා මේ කොන්කිරිට් වනේ තියෙන්නේ විහාර මහා දේවී උද්යාෙනය විතරයිනේ..... අපේ පන්සලේ නම් ඔන්න අක්කර කිහිපයක උයනක් තියෙනවා. කොහොමින් කොහොම හරි මං විහාර මහා දේවී උද්යා්නයට යන්නේ සෙනසුරාදාවක. සාමාන්යෙයෙන් කොළඹ ඇති නැති කවුරුත් එන තැනක් හැටියට මේ උයන හඳුන්වන්න පුළුවන්. කොයි පන්තියට අයත් කවුරු කවුරුත් එහි ඉන්නවා. අනික් අතට එළිමහන් උත්සව කටයුතු වලට බී.එම්.අයි.සී.එච් එක තරම් ම ප්ර.සිද්ධියක් මේ උද්යා්නය උසුළනවා. හැමදා ම නොවැරදීම එහි මල් ප්ර දර්ශන දකින්න පුළුවං.
මං ඉස්ඉස්සෙල්ලා ම අතිනත පටලන් විහාර මහා දේවි උද්යාචනයට ගියේ............ නෑ ඔබ වැරදියි අපේ අප්පච්චි එක්ක. ඔහු වෘත්තියෙන් පුස්තකාලයාධිපතිවරයෙක්. පුස්තකාලය කියන්නේ පාර්ක් එකට අල්ලපු වැටනේ. ඉතිං පාසල නිම වෙලා නගර ශාලාව ළඟින් බහින අපි මේ පාර්ක් එක හරහා සෝර්ට් කට් එකකින් පුස්තකාලයට යනවා. තාමත් මං යන්නේ මේ පාරේ. ඒ පාර හරිම අපූරුයි. වගේ ම භයානකයි. අන්තරාකාරීයි. කොටින් ම පිරිත් නූලක් නැති ව යනවා නම් ආන්ත්රාවවයි තමා.
සාමාන්යලයෙන් අක්කර පණස් ගණනක් පුරා විසිරුණු සමස්ත උද්යා‍නය ප්ර.ධාන කොටස් තුනකින් යුක්තයි. නමුත් මේ කොටස් එක ම භූමියක පිහිටා තිබුණාට ක්රිරයාත්මක වන්නේ වෙන වෙන ම. ඒ තමා ළමා උද්යායනය, විහාර මහා දේවී උද්යාටනය සහ සතුටු උයන. මින් සතුටු උයන වෙන ම වට කරලයි තියෙන්නේ. ළමා උයන කියන අපිට 138 බසයේ යද්දි පේන කොටසත් විහාර මහා දේවී උද්යාවනයේ ම තවත් අන්තයක පිවිසීමක් වුනත් ඒ කෙළවරේ විහාර මහා දේවියගේ ප්රයතිමාවට ළඟ ඇති පුංචි එළිමහන් වේදිකාවෙන් එපිට කොටස නිල නොවන වශයෙන් තහනම් අඩවිය ලෙස නම් කෙරෙනවා. දන්න කියන උදවිය ළමයි අරං කෙසේ වෙතත් තනියම නම් එහි යන්නේ නෑ..... ඒ කලාපය ඒතරම් ම‍ ශුද්ධ සිද්ධස්ථානයක්.
නමුත් මං කියන පෙත් මඟ වැටී ඇත්තේ එතනින්. ඒ ආසන්නයෙන් උද්භිත උද්යාථන අංශය පසුකර ගියා ම මල් යහනාවට ඔබ්බෙන් පුස්තකාල මායිම හමුවනවා. දැන් නම් පුස්තකාලයට එතනින් පිවිසිය නොහැකි ලෙස වැටක් ගසා ඇති නිසා ඔබට සතුටු උයන සීමාවට පැන නැවත පුස්තකාල ශ්රආවණාගාරය කෙළවර කපොල්ලෙන් ඇතුල් වී පුස්තකාල පරිශ්ර යට පිවිසෙන්න පුළුවනි. මේ මංකඩට මං හරි ම ආසයි. නමුත් අර වෙලිලා ඉන්න පෙම්වතුන් අතරින් හැකි ඉක්මණින් යන්න මං වගබලා ගන්නවා. ඒ අයට නම් ළඟින් යන්නේ කවු ද කියලා වගක් නෑ. නමුත් මගේ ගමන් වේගය ගැන දන්න පිරිසටයි කියන්නේ.... මං යන්නේ පෙම්වතෙක් එක්ක ඉන්න තමන්ගේ නැඟණිය අල්ල ගන්න කියලා හිතලා බොහෝ දෙනා මං දිහා බලාන ඉඳලා තියෙනවා. අතර මං නොවී හසර දැන ඉතා වේගයෙන් මේ කළාපය පසු කිරීම අනතුරුදායක නිසා සාමාන්ය. වේගයෙන් යන්න මං වග බලා ගන්නවා.
මුලින් ම මගේ වනචරකමේ ‘තරම’ හෙළිකරන්නේත් මේ පාර්ක් එක ම තමා. එදා නම් මල්ලිත් හිටියා. කපල්ස් ගණන් කරන එක අපේ විනෝදාංශය අපි තුනේ හතරේ විතර ඇති. එකසිය හැටයි. හැට එකයි. හැට... කියද්දි ම හොඳ කම්මුල් පාරක් වැදුනා. අපේ අම්මා අපි ගණන් කරන්නේ මොනවද කියලා හොයලා. පොඩි එකාටත් චාරයක් නෑනේ. අංශක තුන්සිය හැටට ම හැරිලා සද්දෙන් ගණින්නේ...???? එදායින් පස්සේ අම්මා නම් අපිව ඒ පාරෙන් එක්කන් ආවේ නෑ.... අප්පච්චි නම් දිගට ම එක්ක ගියා. මකක හැටියට අම්මා ඒ කතාව කිව්වේ නෑ.... අපිත් ඊට පස්සේ නම් ගැන්නත් නෑ.
අද නම් පාර්ක් එක හුඟක් වෙනස් වෙලා. ඉස්සර අපි අගෝස්තුවේ බාලදක්ෂ කැම්පෝරියටත් මේ පාර්ක් එකට ආවා. ගෙදර වගේ තමා. නමුත් අද කැම්පරියෙත් එච්චර ලකයක් නෑ. උණ ගස් හිඟ නිසා ගැජට් අඩුවෙලා. එන්ට්රන්ස් ඔක්කොට ම ඩිජිටල් ප්රිලන්ට් හයි කරලා. පහුගිය අගෝස්තුවේ නිකමට කැම්පෝරි ගියා ම කළකිරුණා. මට වෙලා තිබුණ නිසා ටිකක් ඇවිදලා කරලා බැලුවා. මං එළිමහන් රංග පීඨය පැත්තේ ගහක් යට වාඩි වුනා. ඒ ළඟ වතුර මල ගාව ගෑනු ටිකක් කතාව. මේ හරියේ ගස් හේම අඩුයි. නියම පිට්ටනියක්. එහි තාත්තලා, පුතාලා ක්රිුකට් ගහනවා. අම්මලා වෙන ම කතාවක්. මටත් හැබැයි කතාව ඇහුණා. ඒ කතාකරපු අක්කගේ මහත්තයා තමයි ටීම් ලීඩර්. “බලන්න අනේ, ගෙදර ඉන්න දවසේ ‍පාර්ක් ආව මත් මේ බෝලයි බැටුයි උස්සන් මෙයාලා සෙල්ලම. පුංචි එකාට තාම බැට් එක උස්සන්නවත් බෑ.” අනේ ද කියන්නේ දැන් මේ අය පුංචි උන් වෙලා. තවත් එකියක් උත්තර දුන්නා. බලන් ගියා ම පුංචි උන් විතරක් නෙමේ අලි බබාලත් සෙල්ලමේනේ.....?
අස්ස කරත්ත වල වටයක් යන්න ළමයින්ගේ ලොකු උනන්දුවක් තිබුණා. හැබැයි මං දන්න තරමින් එහි එල්ලෙන පාලම හා මින් මැදුර සුපුරුදු පරිදි හැමදාම වගේ වහලා තිබුණා. ආ මේන් මෙයාව මට හම්බුනේ ප්රසධාන පිවිසුමේ දී. බලන්න වයසේ තරමට ද ලොකු පැදුරක් කාරිය අරං පාර්ක් යන ඇය අද හවස් වෙලා තමා එළියට එන්නේ.