Wednesday, January 23, 2019

සීක්‍රට් සැන්ටා හැපනින් විත් ඇවරි හාමිනේ ප්ලස් ජෙරාඩ් මෙන්ඩිස්....!!



සැන්ටා ක්ලෝස් ඇවරිතුමාගේ කිට්ටුම හිතවතෙක් තමා. නිල වශයෙන් ඔපීසියේ නත්තල ආරම්භ කරන්නෙත් ඇවරිතුමා තමා. ඒ නතතල් ගස නිර්මාණය කිරීමෙන්. නත්තල් ගහ යටදි සීක්‍රට් සැන්ටා ඩ්‍රෝ එක නිල වශයෙන් පැවැත්වෙනවා. ගිය පාරට කලින් පාර ඇවරිතුමාට තෑගි දෙන්න වුනේ කෙවින් බොස්ට. ගැජට් වලට ගොඩාක් කැමති ගැජට් බුවෙක් වුන එතුමාට වී.ආර් බොක්ස් එකක් තෑගි දුන්නා මතකයි. පහුගිය නත්තලේ ඇවරිට තෑගි දෙන්න ලැබුණෙ කියාරා මැතිනියට. ඈට ගත්ත අත්බෑගය වෙනුවෙන් රන්මැණිකාටත් අත් බෑගයක් මිලට ගැනීමට සිදුවීමෙන් වියදම් ඩබල් ඩබල් වුනා. 2017 ඇවරිගේ සීක්‍රට් සැන්ටා වුනේ සහායක ඩැනී ඉරේෂාවෝ. එතුමිය ඇවරිතුමා වෙනුවෙන් ලස්සන ලී අලියෙක්, නත්තල් සුබපැතුම්පතක් සහ මිනියන්ස් කෝප්පයක් තෑගි කර තිබුණා. මගේ බොස් වුනත් කියන්න ඕන, ඔයා තේ බොන කෝප්පෙ නම් අන්තිම අපිරිසිදුයි..!! කාරං බැඳිලා තේ කහට එහෙම් පිටින් ම කෝප්පේ. ඔන්න ඕක අයින් කරලා මේ කෝප්පෙ බොන්න. ලිඩ් එකකුත් තියෙනවා... ආදී වශයෙන් මහා ගෝරනාඩුවක් කාරිය කොරලා පිධානයක් සහිත එකී කෝප්ප රාජයා ඒ මැතිනිය තෑගි කළා.

කැලේ මාරු වුනත් බල්ලා හෙළුවෙන් කියන්නා වගේ ඇවරිතුමා අදාළ කෝප්පය ගෙදර ගෙනැල්ලා මේසේ උඩ තිබ්බේ ඇවරිගේ ඇබ්බැහියන් වෙනස් කිරීමට සාධනීය උත්සහායක් ගත් ඕ තොමෝ වෙනුවෙන් කෙරෙන ගරු කිරීමක් හැටියට. ආයෙත් නම් මම කෝප්ප තෑගි දෙන්නෑ.... මැතිනියගේ පුස්ප රංජනය කෙසේ වීද යත් එතනින් පස්සේ ඉරේසාවෝ අදාළ කහට සහිත කෝප්පය හෝදන්න උත්සාහ ගත්තෙත් නෑ. කිව්ව නාහන ගුරු මකබෑවුනාවේ...!

සීක්‍රට් සැන්ටා අතීත හැපනින් වලින් අපි දැන් යන්නේ 2018 සැන්ටා සැලිබ්‍රේෂන් ගැන කියන්නේ. තෑගි දෙන්න ලැබුණෙ අපේ සේරා අප්සරාවන්ට. මාරි මියුසියස් හිඟින්ස් ළමාතැනීගේ පාසලෙන් අධ්‍යාපනය ලත් ඒ කුල කත තිප්පන් වියේ කරුණා නිධාන වූ කාන්තා රත්නයක්. ඇවරි මුළු රාජකාරී කාලය පුරාවට ම සේරාවන්ට කේන්ති ගිහින් තියෙනවා දැකලා ම නෑ. කේන්ති ගියාම හයියෙන් අඬන ගෑනු ළමයි ඉන්නේ... සේරා එහෙම චරිතයක්. මෑතකදී ගමන් බලපත්‍රය අලුත් කරගන්න ගිහින් ආගමන විගමන එකේ ඉකිගහලා අඩලා රෙකෝර්ඩ් එකක් එහෙම තියපු අන්තර්ජාතික බුලට් එකක් ඈ. ඒ ඕපදූපෙ මේමයි. මේ වහන්තරාව ඔරිජිනල් උප්පැන්නේ නැතුව ගියාම නාරාහේන්පිට ලේකම් කාර්යාලයෙන් ඒක අරන් එන්න කියලා. කාසල් එකේ ඉපදුනු අපි බොහෝ දෙනාගේ උප්පැන්න ඒ මහගෙදර තමා ඇත්තේ. ඒකත් අරන් ආවම අයි.ඩී එකේ ෆොටෝ කොපිය පැහැදිලි නෑ කියලා කස්ටිය බර බරේ දැම්මාලු. අනේ මට නම් කියන්න එපා පහළට ගිහින් කොපි එකක් ගහන් එන්න කියලා ප්ලීස්... දැන් ඔයාලා මාව සෑහෙන්න රස්තියාදු කළා.. ආදී වශයෙන් සැරට දෙසා බාන්න ගිය ඇයට ඉකි ගැහෙන්න ඇඩිලා. පස්සෙ ඇවරිතුමා අපේ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ කාරියකරවන කෝරාල හේරත් මහත්තයාට කතා කරලා වැඩේ ගොඩ දාලා දුන්නා.

නලින මල්ලිට පිස්සුනේ මේ නෝනාව කන්තෝරු ගානෙ රස්තියාදු කරන්නේ. අපි පාර්ස්පෝර්ට් එක ගෙදරටම එනවනනේ. ඉතා මිත්‍රශීලී හේරත් මහත්තයා ඇවරිතුමාට ම බැනලා වැඩෙත් කරලා දුන්නා. මෙදා සේරාට තෑගි දීමේ කොන්ත්‍රාත්තුව දුන්නේ ඇවරි හාමිනේට. සාමාන්‍යෙයන් සේරා ලක්ෂරි සන්නාමයක්. ඇගේ නඩත්තු විදයම විතරක් ම මාසෙට බර ගාණක් වෙනවා. ඇයට ඇගේ නම යෙදූ දෙයක් දෙන්න ඕන කියලා ඇවරිතුමා කල්පනා කළා. එහෙම කොස්මැටික් ගිෆ්ට් බොක්ස් කරන තැනක් ඇවරි දන්නවා. බොඩි ලෝෂන්, සබන්, කොලොන්, සියල්ල පෙට්ටියක දාලා ලී පෙට්ටියක නම කොටලා ලස්සනට දෙනවා. ඇවරි හාමිනේ ඒ අදහසට කැමති වුනත් අපිට තිබුණ වෙලාවෙ හැටියට ඕඩර් එකක් ප්ලේස් කරන්න බැරිවුනා. චොකලට් කෝම ද? ගෑනු ළමයි ආසයි නේහ්. ඇවරි හාමිනේ කිව්වෙ එතුමියගේ කැමැත්ත වග ඇවරිතුමාට ගොනාට සේ තේරුණා.දැන් ඒවට පුරුදු වෙලා හැරෙද්දි තේරෙනවා වෙන්න ඕන මේකයි කියලා. සේරි චොකෝ කන්න ආසයි තමා ඒකත් ෆෙරාරෝ. මෙහෙන් අරන් දෙන එක ප්‍රැක්ටිකල් නෑ. ඒ වෙලාවෙ තමා ජෙරාඩ් මෙන්ඩිස් චොකලට් ෆැක්ටරිය සිහියට ආවෙ.

ජෙරාඩ් මෙන්ඩිස්ලගෙන් අපි ඩෙස්ටිනේෂන් වෙඩින් එකකට කපල් එකේ නම් ගහපු චොකලට් වගයක් කළා. සේරාගේ නම ගහන්නත් ඒ අය කැමති වුනා. හැබැයි ඒ එක්ක ම ඇවරිතුමා ඇවරි හාමිනේ වෙනුවෙනුත් ඕඩර් එකක් ප්ලේස් කළා. ඕඩරේ ගත්තෙ මධුරි. Oh, it seems two separate orders? Of course my dear. Then I suppose you have two girlfriends. Congrats you cheater…!! Come on Madhu..  Possibly not, this is the secret Santa gift for Sarah. GF’s order is kind of surprise gift; she would love it though… මධුරි ඇත්තට ම සෑහෙන්න උවමනාවෙන් වැඩේ කරලා දුන්නා. එයාලා රෑ 11 වෙනකම් වැඩනේ. ඇවරිතුමා එහි ගියේ රෑ 10ට විතර. කණිෂ්ක තමා ඉතිරි වැඩ ටික කළේ. ඇවරි හාමිනේට තවත් කේක් එකක් ගත් ඇවරිතුමා ඇගේ තෑග්ග ගෙදරට යවන්න හිතුවෙ වැඩේ ගොඩින් බේරගන්න. ඒ අතින් ඒ අය හෝම් ඩිලිවරීස් කරන නිසා හොඳා...! ගොඩක් වෙලාවට කාන්තාවෝ තමා ගෙනිහින් දෙන්නෙ.. ඒ කෙල්ල ඇවරි හාමිනේට කියාපු ටික තමා හොඳ ම... ඔක්කො ම දීලා බායි කියලා හග් එකකුත් දීලා කිව්වලු it seems to be that he loves you a lot කියලා. ඒක නිසා කවුරු හරි බැලන්ස් කරගන්න තියෙනවා නම් ජෙරාඩ් මෙන්ඩිස් ම තමා. ගෙවන ගානට වඩා වැඩේ කෙරෙන බව ෂුවර්.

කොහොම නමුත් සේරාට තවත් මොනව හරි දෙන්න ඕන වුනා. අනිවා මියුසියස් කෙල්ලෙක් නේ. ඔයා තව මොනවා හරි දෙන්න ඕනෑ ම තමා. ඇවරි හාමිනේ තම ගෝත්‍රික පාසල් ප්‍රේමය ගෙනහැර පෑවා. අනේ සෙද්ද බබා. හරි පොෂ් නේ මෙතන? දැන් අවුරුදු ගාණක් මියුසියැට්ස්ලා එක්ක ඉන්න ඔයාට නරකක් වෙලා ද? ඇත්තට ම බබා හොඳක් වුනොත් මොකක් වේවි ද කියලා මටත් හිතාගන්න බැරුවයි මේ ඉන්නේ. එසැණින් ෆෝන් එක කට් වුනා කියාන්කෝ...!

අත් බෑග් දීමේ කලාවෙන් ඇවරිට ඈත් වෙන්න හිතපු නිසා සපත්තු කුට්ටමක් තෑගි කිරීමේ ආශාවක් තිබුණා. ඒත් සයිස් නොදැන? එහෙම සයිස් නොදැන ඇඳුම් ගනිද්දි තමා නියම ෆන් එක තියෙන්නේ. ළඟදි ඇවරිතුමා සහ සිරිපාල ෂොපින් කරද්දි රන් මැණිකාට කුර්තා ටොප් එකක් ගන්න ඕන වුනා. අපි දෙන්නාට ලිනන් ඇඳුම් බර ගාණක් අරගෙන රන් මැණිකාට මුකුත් නෑ. මුකුත් නොගෙනත් බෑනේ. අපි ඒ සයිස් එකේ කෙල්ලක් බලලා හායි පාරක් දාලා ටොප් එක දීලා would you mind fitting on this? It is for our sister, not pretty sure about her sizes කිව්ව ම ඒ කෙල්ල ඒ ඇඳුමට උඩින් ම දාලා වටයක් කැරකිලා පෙන්නුවා. එහෙම ෂොපින්වල තමා නියම ෆන් එක තියෙන්නෙ. එයාගෙන නම හෂිනි. බලන්න අපි ඔයාව විනාඩි දෙකෙන් ෆිට් මොඩල් කෙනෙකුත් කළා. තැන්ක් යූ හෂි..! දෙන්න ම පනාවක් දාගෙන ඇගේ අම්මාගෙන් ගුටි නොකා ෂේප් වෙලා ආව. ගෙදර ආවම මැතිනිය සයිමා කට් වෙලා. දැන් ඔයාලා මොකට ද අර කොහේවත් ඉන්න කෙල්ලෙක්ට මේක ඇන්දුවේ? මට ලොකු නම් බිල තියෙන්නෙ මාරු කරනවා නේ? ඒ ඇත්තට ම මොකද බන් අපි ඒ කෙල්ලට ටොප් එක දාන්න කිව්වෙ? ලෙට් ද ෆන් බිගින් කිව්වලු...!!

 කොට්න් කලෙක්ෂන් එකෙන් සේරාට සපත්තු කුට්ටමක් බැලූ ඇවරිට කොකෝ ගර්ල් කලෙක්ෂන් එකෙන් මේ සිම්පල් සැඳෑල සපත්තු කුට්ටම හම්බුනා. පළවෙනි කාරණාව සේරා ෆ්ලැට් අඳිනවා. දෙක ඈ සැන්ඩ්ල්ස් අදිනව දැකලා ම නෑ. කෝමින් කෝම හරි ඇගේ නම යෙදූ චොකෝ පීස් එකටයි. සපත්තු දෙකටයි ඈ බොහෝ ආශා කළා. මම අම්මටත් කිව්ව ටුවර් එකට සැන්ඩ්ල්ස් දාන්න දෙකක් ගන්න ඕන කියලා. ඔයා
දස අතේ ‌සොයාලා ගත්තු පාත්තු කුට්ටම... 
මා ගැන දැනගෙනමයි මේ දෙක නම් අරන් තියෙන්නේ. ඒකනේ කියන්නේ සේරෝ...
Observation is key to understanding. කොලර්ස් අප් ඇන්ඩි.. කොලර්ස් අප්..!!


සමහර වෙලාවට ඇවරි හාමිනේත් මහ අංජබජල් පුරස්න අහනවා. ඔයා කෝම ද ඒක දන්නේ? ඒ ගැන මං ඔයාට කිව්ව ද වගේ සාමාන්‍ය පිස්සු කතා..! අදෙයිපැට්රි නීන්ගල් එංගලුක්කු සොල්ලවේ ඉල්ලෙයි අම්මා. කියලා ඉවරයක් නෑ... ඇත්තට ම ගෑනුන්ට මතක නෑ එයාලා කරන කියන දේවල් පිරිමි අපි බලන් ඉන්නව කියලා..!! කෝම නමුත් ලැබුවා වූ නත්තල සාමයෙන් සතුටින් පිරි වාසනාවන්ත නත්තලක් වේවා. ඇවරිතුමාගේ සීක්‍රට් සැන්ටා වුන කෙවින්තුමා එතුමාට දංකොටුව පෝසිලේන් සෙට් එකකුත් තෑගි කළ වග කියන්න ඕනා. ඇවා දංකොටුව ෆෑන් කෙනෙක් බව එතුමා දන්නවා. ඒකත් ලොකු කතාවක් වෙනම ලියන්නම්.... !!!

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....