Thursday, March 1, 2018

ඩී.ජේගේ විද්‍යා පාඩම හෙවත් ඔයාගෙ ටොප් එක වෙන කාටවත් හරියන්නෑනේ මැඩම්……




මුන් දෙන්නාට කිව්වොත් උවමක් පැරණී....
රන් රස එකට එක් වූ තැන නැත දෙවැනී....

සිරාවට ආයිබෝන් මේ සලාදෙ ලියැවුනේ මේ යුවලගේ වෙඩිම අහවර වුන ගමන්. ඒත් ඇවරිතුමාට සැලොන් චලෝ සලාදෙන් පස්සේ මේක මිස් වෙලා. කෝමද කියලා අදාළ නෑනේ. පහුගිය ජනවාරි 29 වැනිදා යෙදුන අරවින්ද චන්ද්‍රපද්ම සහ ගංගා දිසානායක මැතිනියන්ගේ දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් මේ පරණ සලාදය පෝස්ට් කරන්න හිතුවා. කාලය මැව් වෙනසක අරුමේ ඉතිං නේද?

අක්කේ මේ අයියාගේ නේද ඔයාලා මූණ අයිසින් කළේ...? ඇවරි පෙන්නලා දෙවැනි මනමාලිය ඇහුවේ ගංගාගෙන්. දැක්කා නේද ගෑනු ළමයි හැමෝ ම ඔයා ගැන දන්නවා. ගංගා උත්තර දුන්නම ඇවරි තුමා හැංගෙන්න තැනක් හොයමින් වට පිට ඇහැලෑවා. අනිච්චේ.. දුක්ඛේ. මං ඒ දැරිවි දැක්කෙත් එදාමයි. ඕකනේ කියන්නේඅපි පොල් ගහකට නැංගත් දෙබලක්....!!

ඔය අතරේ අලුතා ට්‍රේලර් එක අහවර කරලා තිබුණා. දැන් ප්‍රොජෙක්ටරය දාගන්න ඕන. “තිරේ පිටුපස ටීටර් දැක්ම නමින් ඉදිරිපත් කළ ඒ ජෝක්ස් එක බලමින් අමුත්තන් හොඳින් දිවා භෝජනේ භුක්ති වින්දා. ඉදිරිපත් කළේ සුකුමා සහ තොටමුණ ආදිපාද, අධ්‍යක්ෂණය පබසරා රණසිංහ මැතිනිය. කොහොම හරි මේ තුන් කට්ටුව පැයක් විතර තිරයත් එකට අඩව් නටලා, දන්න කස්තිරම් ඔක්කොම දාලා එක්කො බිත්තියට ම ප්‍රොජෙක්ට් කරමු බං කියාපි. හුටා වාහේ කොයි තොප්පි වගේ තමා.. නෑ නෑ හදිසි නෑ.. තව පැයකින් විතර කිව්ව නම් පංකාදු පහයි..



ටීටර් පෙන්නන්නයි යන්නේ... 
ඩී.ජේ බුවා ඊට එහා සැපක් දීපී. දැන් මේකනේ මචං වැඩේ. මුළු හෝල් එකේ ම තියෙන්නේ ඇම්පියර් දහතුනේ ප්ලග්. අපි ගාව තියෙන්නේ පහළොවේ ඒවා. පවර් ගැනීම තමා ප්‍රශ්නේ.. එතෙන්ට ගිය අලුතා වැඩේ සෙන්ටිමෙන්ටල් කළේ විනාඩියෙන්. මූ කරන්ට් එක ගන්න විදියක් නෑ කිව්වනම් ඉවරයි නේ බං. ඇම්පියර් ගැන කියව කියව තවුසන්ඩ් ටෝක්ස් දෙන්න මෙතන විද්‍යා පාඩමක් ද? හිටපන් මං කාරෙකෙන් කෝඩ් එක ගේන්න. යමන් මාත් එන්නම්. ඇවරිත් වාහන අංගනය වෙතගියා. අපි යන ගමන් විහායාස් ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ ගැන කතා කළා. ඒ ආවත් හරි වැඩේට ප්ලග් ටොප් එකක් ඕන. ආ.. අපි හොයාගමු. ඇවරි කිව්වෙ සැහැල්ලුවෙන්.

පුතා කොහේ ද මැනේජර් ඉන්නේ? ඇයි සර් මොකක්ද ප්‍රශ්නේ? සර් එහා පැත්තේ ඔෆිස් එකේ ඇති. වේටර් කොලුවෙක් උත්තර දුන්නා. එහි ගිය ඇවරි පිළිගත්තේ සුකුමාල නාග කන්‍යාවන් දෙදෙනෙක්. සර් නම් දැන් එළියට ගියා මොකක්ද වෙන්න ඕන. අනේ නෑ ඩියර්, අපිට මේ ප්ලග් ටොප් එකක් ඕන වෙලා අර ෆන්ෂන් එකට. බැරි ද ඔයාලගේ ටොප් එකක් ගලවලා දෙන්න? ඇවරි ඇඟට පතට නොදැනි කියලා දැම්මම කෙල්ලො දෙන්නට හිනා ගියා. හැබැයි හැරෙන තැපෑලෙන් ඈ සහයෝගය දුන්නා. මෙන්න ගන්න. අනේ මට ම ගෙනත් දෙන්න හැබැයි. මේ මොන කතා ද? කොහොමත් ඔයාගෙ ටොප් එක වෙන කාටවත් හරියන්නෑනේ මැඩම්. ඇහැක් ගහලා ඇවරි කිව්වම ඩබල ආයෙත් හිනා වුනා. ෆන්ෂන් එකේ කෑමෙන් පස්සේ ටික ඇවරි හිටියේ ඒ ඔෆිස් රූම් එකේ. වෙන මොකකටවත් නෙමෙයි. ලියුම් කවර හොයන්න ගිහිල්ලා හරිය.....!

එඩිසන් අසාර්ථක ප්‍රයත්නයන් ගණනාවකට පස්සේ බල්බ් එක හොයා ගත්තා වගේ අපිත් ටෙස්ට් රන් ගණනාවකින් පස්සේ වීඩියෝව ප්ලේකරවා ගත්තා. සියලු කටයුතු අහවර වුනාට පස්සේ තමා, ඇවරිත් සී.එස් සහ අලුතා කෑමට ගියේ. අපි කන්න යද්දිත් ෆ්ලෝර් එක පටන් ගෙන තිබුණා. නමුත් දඟලලා නටන්න වෙලාවක් තිබුණෙ නෑ. කෑම කාලා අතුරුපස බෙදාගද්දි තමා ඇවරිගේ ජාතික මිත්තරෙක් වන තේජිත එදිරිසිංහ තරුණ කටයුතු තානාපතිතුමා මඟුලට ආවෙ. “යකෝ බුෆේ එකත් ඉවරයි. මොන මඟුලක් කළා ද මේ මඟුලට එන්නැතිව?කියලා වැඩක් නෑ නලියා.. මට හෙට යූ. එස් යන්න වෙලා. යූ.එන් යූත් කවුන්සිල් එකට. දැන් පොඩ්ඩකට කලින් වීසා වැදුනේ බං. දවසම එම්බසි එකේ. ආයෙත් යන්න ඕන. යමන් එමෙනම් බෙදාගෙන එමු. ඇවරි තේජිත් එක්ක ආයෙත් කෑම බෙදාගන්න ගියා.

තේජි රාජිත දිසානායක නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ දවස්වල පෙන්නපු රාජිතගේ නාට්‍ය උළෙල ගැන අපි කතා කළා. අරවින්දත් එක්ක ආනන්දේ උසස් පෙළ නාට්‍ය හා රංග කලාව කළ මිතුරන් දෙදෙනාගෙන් එකෙක් තේජි. අනිකා නිවේදක නිපුණ දොඩම්ගොඩ. දොඩමා ඉන්නේ ඔසී නිසා මඟුලට ආවෙ නෑ. නාට්‍ය, තරුණ කටයුතු අමාත්‍යංශය, උසස් රසවින්දනය වගේ බරසාර කතාවන් පවත්වමින් අපි සප්පායම් වුනා. කොහොමත් ඒ කාලෙ ඉඳන් ම ආනන්දෙ ආර්ට් එකේ අපේ සෙට් එකට කලාව ගැන උණක් තිබුණා. දැන් ඔය අරවින්ද කියන්නේත් කැමරාවක් කරපින්න ගත්තාට හොඳ නළුවෙක්. ජනේලෙන් පනින්නද නාට්‍යයේ හමුදාකාරයා ඔහු. තව කිව්වොත් අරා නාට්‍ය පසුබිම් සංගීත සැපයූ වාද්‍ය වෘන්දයේ නිල ගිටාර් වාදකයෙක්. ලහිරු මාදිවෙල තමා එතකොට මියුසික් ඩරෙක්ටර්. ඒකට ඌ දැන්...!!  මනමාල මහත්මයා...ඉරකි තිතකි තමා.

ක්ලෝසා අවසාන භාගයේ නරේන්ද්‍ර මෝදිගෙන් ලොකු ඉස්කෝලෙ මහත්තයා චරිතයට රූපාන්තරනය වෙලා තිබුණා. ක්ලෝසාගෙ ‘චිත්‍ර ගුරා මං පින්තූරය සලාදයේ පළ කරන්න ඇවරි කල්පනා කළේ මේකා ආර්ථික විද්‍යාව නැතුව ඉස්කෝලෙ චිත්‍ර කර්මය ඉගැන්නුවොත් කොහොමට හිටීද කියලා හිතමින්. ඔය අතරේ අන්තිමට ආපු ගයියා අපේ මේසේ තිබුණෙ සියලු ම වෙඩින් කේක් එකතු කරලා තකහනියේ මල්ලකට දාගත්තේ සියල්ලන් පුදුම කරවමින්. වෙනදාට මගේ කේක් එකත් උඹ ම ගෙනියපන් කියන ගයියාගේ මේ වෙස් පෙරළිය ගැන අහද්දි ඔහු දුන්නේ අපූරු උත්තරයක්. “මචං අද හැමෝට ම වෙඩින්.. මං ආවෙත් පැයකට එනවා කියලා. දැන් යද්දි උන්ට කේක් කෑල්ලක්වත් ගෙනියන්න ඕන. නැත්නම් විසුමක් වෙන්නෑ. හරි හරි හේනම් අපේ ඒවත් අරං පලයන්. මදිනම් අර නංගිගෙන් ඉල්ල ගනින්..
බොහෝ දෙනා කතා වුන  ක්ලෝසාතුමාගේ චිත්‍රගුරා මං පින්තූරය...
ප.ලි වෙලාවට මේකා අධ්‍යාපන පරිපාලනේට සෙට් වුනේ.. ලොල්


ගයියාත් එක්ක ම එදා ඇවරිතුමාත් පිටත් වුන නිසා මංගල්‍ය අවසාන වෙනකම් ම එහි රැදෙන්න බැරි වුනා. හැබැයි දෙවැනි මනමාලයාට ඇඳපු සුගී ෂීනන් නම් එ් වගකීම කරපින්නාගෙන අවසානය දක්වා ම එහි රැඳුන බවත් මතක් කරන්න ඕන. 

අවසාන වශයෙන් වසරේ විවාහ මංගල්‍ය වූ අරා-ගංගාවෝ මගුල්තුලා කතාව මෙතෙකින් අහවර කරනවා. ආහ් මෙහි හෝම් කමින් සලාදයකුත් ලියවෙලා තිබුණා. අර ගංගාගේ යාළුවා සහ ඇගේ පෙම්වතා දවසේ චරිතය වූ එක. ඒක හොයා ගන්න ගරුතර මැතිසබේ අවසර පතමින්, දෙන්නා දෙමාල්ලන්ගේ යුග දිවිය සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි පතමින් මේ සලාදය හමාර කරනවා. 

හෝව් හෝව් පහතින් දක්වා ඇත්තේ ඇත්තට ම චිත්‍ර ගුරුතුමී මාෂියෝනා මැතිනිය එදා ඇඳපු චිත්‍රය. සම්පූර්ණ කිරීමේ වගකීම පැවරෙන්නේ ඒ දෙපළට ම තමා ඕන්... 




2 comments:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....