අපි සීට් හොයාගෙන හරි බරි ගැහිලා වාඩි වුනා. අපි පස් දෙනාට සීට් හයක් ම තිබුණා. දවසේ සියලු දෙනාගේ සුබ පැතුම් වෙනුවෙන් විස්කෝතුයි කියන්න ඇවරිතුමා කාලය වෙන් කළා. පෙට්ටිය බොහොම සාමකාමීයී ඉතිං. වැඩි සෙනඟක් හිටියෙ නෑ. වෙන්කළ ආසන සහිත එහි කටයුතු කළ ගාඩ් මහත්මා ඇවරිතුමාව කලින් ම අඳුනාගත්තා. ඔහු වසර විස්සකට වඩා රේල්ලුවේ අත්දැකීම් ඇත්තෙක්. ඒ දැන හඳුනාගැනීම නිසා පෙට්ටියේ යකා නැටුවත් අංකල් මුකුත් කිව්වෙ නෑ. අපේ වෙලාවට කවුරුත් කම්ප්ලේන් කළෙත් නෑ සද්දේ වැඩියි කියලා.
සාමාන්‍යයෙන් රාත්‍රී තැපැල් දුම්රියේ යද්දි සද්දෙ වැඩි
නම් ඔබේ නින්දට කවුරු හරි බාධා කරනවා නම් ඊට විරුද්ධ වීමට මගීන්ට අයිතියක් තියෙනවා
වගේ ම පෙට්ටියේ ලාම්පු නිවන්න ඉල්ලීමක් කරන්නත් අයිතියක් තියෙනවා. අපි එහෙම ගොඩක්
වාත වෙන්න ගියේ නෑ. හැබැයි අටට පටන්ගෙන පාන්දර පහ වෙනකම් සින්දු කියන එක
නැවැත්තුවෙත් නෑ. එදා සති අන්තයේ නිවාඩු ගත කරන අය නිසා ලොකු ගැටුමක් වුනේ නෑ. රෑ
අටේ ඉඳන් උගුරු යනකම් එක දිගට සින්දු කිව්වේ ඇවරි සහ ඉෂාන්ට වේයන්ගොඩින් කොලේලො සෙට් එකක් නැඟලා
සැලකිය යුතු සහයෝගයක් දුන්නා. පෙට්ටියේ බහුතරය එයාලා. කාලා බීලා ඉවර වුනා ම ඒ සෙට්
එක අපෙන් දර්බුකා එක ඉල්ලුවා. ඇවරිත් ඒ අයට ම
ගහන්න දීලා ඒ අය එක්ක සින්දු කිව්වා. එයාලා ගාව නෝට්බුක් පරිගණයක ලිරික්ස්
ෆයිල් පිටින් තිබුණා. අපි ඒවා බලාගෙන පැය ගණන් සින්දු කිව්වා. අම්මෝ ඒක.
අපි හැම වයස් සීමාවකට ම ගැළපෙන්න පරණ සින්දු ගොඩක්
කිව්වා. කොටින් ම නිල් අහස් තලේ... මේ ගසේ බොහෝ පවා. පික්ෂු පීකුදු. හැබැයි
තැපෑලෙන් වැදිලා සූර් බැහැලා, කණ සාක්කුවේ දාගෙන රෑ එක දෙක වෙද්දි කට්ටියම දොයි.
එතන ඉඳන් ඇවරි සහ ජනකාන්ත ගායන ශිල්පී ඉෂාන් ශිවන්දන ගේම ඇදගෙන ගියා. පාන්දර පහට
ඇවරිට නොදැනීම නින්ද ගියා. පහයි හතළිස්පහට විතර දියතලාවෙදි ඇහැරුණා. බණ්ඩාරවෙලට
කිට්ටු කරද්දිත් වයිබර් ගෘප් එකේ අනුවෝ කුණු කෙළ සොමියෙන් ගුඩ් මෝර්නින්ග් මෙසක්
දාලා තිබුණ නිසා අංගනාව සයනනෙන් උට්ඨාන වූ බව අපි දැන ගත්තා.
ඩම්බාරවෙලින් කෝච්චියෙන් අපි බහිනවා කිව්වා ම බදුල්ලට ම
ගියපු අපේ අයියලා සෙට් එකට සෑහෙන්න රිදුනා. උන්ගේ චිත්ත දහිරිය බින්දුවට බැස්සේ
හරියට ඉන්දියාවෙන් කාපු අපේ ක්‍රිකට් ටීම් එකේ කොල්ලො දහදෙනාගේ වගේ? ලොල්. දැන්
ඉතිං හෙළක් කන්දක් බලාගෙන සෙල්පියක් ගහගෙන බදුල්ලට යමන් ලසාට ඇහෙන්න එක බුවෙක්
තමුන්ගේ ජාතික ශෝකය ප්‍රකාශ කළේ ඒ ආකාරයට. ඌට ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛො යන්තම්
ගැලවුනා. අපි එපැයි මේ මලහෝත්‍රාව එක්ක ඉතිරි දවස් දෙක ඉන්න. ඔක්කොමත් හරි ලසාගේ
හිනාවට තමා කොල්ලෝ වහ වැටෙන්නේ.
ඇවරිගේ නම් කණේ වංගු කෙළින් වෙන්නේ ඒ කැකිරි පැලිල්ලට
හැබැයි අපරාදෙ කියන්න බෑ රෑ දෙගොඩ හරියෙත් ජිම් යන නිසාද කොහෙද ලසා හරි සීදේවි
කෙල්ල. ඉන්න තැන පාළු නෑ. මළ ගෙවල් වලට වගේ කියාපු... අඬන්න නෙමෙයි වහෙ නිදි වරන්න.!!
කොහොම හරි ඉදිරි පැය හතළිස් අටේ ඇගේ අංගර ඉංගරත් ඉවසන්න හිතාගෙන බණ්ඩාරවෙල ස්ටේෂමේ
පින්කැටේට සල්ලි දාලා. එහි නවතා ඇති පරණ කෝච්චි පෙටිටයේ පඬුරකුත් ගැටගහලා, මේ ළමා
මැහැල්ලගෙන් අපේ ආරක්ෂාව සහලා දෙන හැටියට ඉස්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාගෙන්
යාදිනියක් කොරලා අපි දකුණු කකුල පෙරට තියලා ස්ටේසමෙන් එළියට ආව.
ආහ් බණ්ඩාරවෙල ඇවරිට හරි පුරුදු ඉස්ටේසමක්. එක ඇවරිගේ,
චමිත අයියා බණ්ඩාරවෙල වර්ධන බැංකුවේ ඉද්දි ගිය ගමන් වලදී අර බිංගේ යටින් යන්න එහෙම
ඇවරි පුරුදු වෙලා හිටියා. තව පාරක් බණ්ඩාරවෙලින් කිලෝමීටර් ගාණක් එහා කඳුකර
පෙදෙසක, ඇවරි හාමිනේ එක්ක ඇගේ ශිෂ්‍යයෙක්ගේ ගෙදර ගිහින් රැයක් පහන් කරලා, පහුවදා
බණ්ඩාරවෙලින් නැඟලා කොළඹ ආව මතකයි. ඒ ගමනේ කළ පිස්සු වැඩ නිසා රේල් ගේට්ටුව එක්ක
තියෙන බණ්ඩාරවෙල අමතක වෙන්නේ නෑ. ඉස්ටේසමේ පැත්තකින් නවත්තලා තියෙන අර කලින් කී
කෞතුක කෝච්චි එන්ජිමත් හරියට ම බලා ගත්තේ එදා. කෙටියෙන් කිව්වොත් බණ්ඩාරවෙල
කියන්නේ ඇවරිගේ ගොඩක් මතක රැස්වෙච්චි ඉස්ටේසමක්.
අපි ස්ටේසමෙන් එළියට එන්න කළින් කුණු කෙළ සොමිය අහවර
කරලා මූණ කට ටිකක් හෝදාගෙන පිළිවෙලක් වෙමු ය කිව්වාම ඉෂාන් කොලූ කිව්වෙ අපතට්
කතාවක්... මොන මූණ හේදිල්ලක් ද බං එහේ ගිහින් ම චේන්ජ් එකක් දාමු. හාය කියලා එළියට
ආවත් හරි අනූට ආචාර සමාචාර පවත්වන්න කලින් දත් නොමැද මූණ නොසෝදා ඉන්න වග කියන්නත්
වුනා. අපිව ඇන්න යන්න ඉස්ටේසමට ආවේ මෙත්මල්ගේ බොක්කේ පිට් එක මස්සි හෙවත් බඩියා. ඔහු
තමා දවසේ චරිතය. අම්මෝ බඩී සුපර් හීරෝ ඈ...
අනූ මොනවාද මෙත්මල් බායිගේ මෑණියන්වහන්සේ අපිට සිපාචාර
පවත්වලා තමා පිළිගත්තේ. අන්න අඩෙයි නැන්දම්මලා. එහෙම ලබන්න පින් කරලා තියෙන්න ඕන
මල් හොණ්ඩර පිටින් පූජා කරලා. අපිට කාමර දීලා චේන්ජ් කරගෙන එන්න කිව්වේ උදේ කෑමට. ලසාගේ
බැක් පැක්එක තමා කාගෙත් කතාව. පුඩිම උඹ යන්න නෙමේ ද ආවෙ. මෙච්චර බර බෑග් එකක්
ගෙනාවෙ? ගෙදරින් එළෙව්ව ද? බඩියා, පුඩිම කියන්නේ ලසාට. ඔව් ඔව් ඇන්ටි මාව තියාගන්නවා
කිව්වා. ඒ මොකටෙයි? ගොරවන කොට දොට්ට දාන්නවත් මෙහේ වහින්නේ නෑනේ...?? ලසා රතු වුනේ
බලා ඉන්දැද්දි. ඒකට අපි එහේ එද්දි මේකි පන්සල් ගිහිල්ලා ලු. තව මෙහේ නවතින්න එන්න.
බඩියා නක්කලේට කිව්වෙ ලසාට තව ටිකක් ඇනෙන්න. ලසාත් ඇරියෙ නෑ. මල පැන්න ම ඒකත් කොටි
දෙන වගේ. කෑල්ලක් කඩා ගන්නමයි ට්‍රයි එක.
එදා අපිට කිරිබත් හදලා තිබුනෙ. ආහ් කියන්න අමතක වුනානේ
කාරණේ. මෙත්මල් සේනා මැතිතුමා බැඳලා මාසෙන් කුටුම්භ සංරක්ෂණයේ තරම හොඳාකාරයෙන්
තේරුම් අරන් තිබුණා. මොකා එක්ක හිටියත් අනුවෝ සමඟ වැසීම ලේසි පුතයෙකුට කරන්න
පුළුවන් හරියක් නොවන නිසා ම ඇගේ යාළුවො වන අපිත් එමමයි එසේමයි වෙන්නැ කියලා කම්පනා
කරපු මත්මල් සේනා සෙනසුරාදාවේ බණ්ඩාරවෙලින් බොහෝ බැහැර නුවරඑළියේ රාජකාරී
කටයුත්තක් යොදාගෙන තිබුණා. අපේ හිටන් මාමි, සහෝදර ඩඩ්ලි සොරිසේනයන්ගේ අරලිය ග්‍රීන්
සිටිය විවෘත කළේ ඒ දවසේ නිසා මත්මල් සේනාට එහිත් රාජකාරී යෙදී තිබුණා. ඒ නිසා අපි
ගැන බලාගන්න පවරා තිබුනේ බඩී කොලූට ඒයි..
කෝවියේ ඇහැරීගෙන, හිම කැට මිදෙන සීතලේ ගැහි ගැහි. රැය
පුරා උණුහුමේ මල් පෙති තලාගෙන ආවට උණුවතුරෙන් නෑවම සියලු අමාරුකම් දූරින්භූත වෙලා
ගියා. කුස පුරා පුක්කාබත් ගිල දැමූ අපි මදිපාඩුවට කෙසෙලුත් වැළඳුවා. ඔක්කොමත් හරි,
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියේ ඇන්ටිගේ කිරි කෝපි කෝප්පෙන්. අන්න පුතේ කෝපි.
වෙලාවට අනුවා අත පය දාන්න ආවේ නැත්තේ. ඇගේ හුළඟක් හරි වැදුනා නම් කිරි කෝපි අමුඩ
ලේන්සුවෙන් පෙරලා තමයි අපට බොන්න වෙන්නේ...!!
කාලය සීමිත නිසා අපිට කාපු හැටියේ ම පිටත් වෙන්න සිද්ද
වුනා. අපේ මාතලී, බඩී පුත්තර් කඳු අතරින් උදේ හවා රියසක පදවන මාගේ - සුක්කානම හුරු
දෑතට සෙනෙහස අහිමිද ඈගේ කියාගෙන පාර පුරා ඉන්න කිරිල්ලියන්ට මනලෝල බැලුම් හෙළමින්
වංගු ගද්දී සැපට කාලා හිටි ඇවරි සුවෙන් නිදා ගත්තා. මිස් ස්ට්‍රග්ලින් ස්ට්‍රග්ලින්
මස්ත බාල්දුවක් පෙරලන්න ආවෙ ලිප්ටන් සීට් යද්දි. ඒ කතාව ඊළඟ එකෙන් ලු ඈ...?
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....