අද පෝය දවසෙ පොඩි ධම්ම චින්තාවක් ගැටගහන්න ඇවරිතුමාට කල්පනා වුනා. මේක නම් අතීත යාන්ස් එකක්. දූවිලි පිහලා කරලා ගත්තා ඕන්...!!
ඇවරිතුමාට පහුගිය කාලෙ බොහෝ සලාද මඟහැරුණෙ දිරාගිය තැන් ගැට ඇති තැන් පිළිසකර කරගන්න ගොඩාක් කාලයක් යොදවන්න සිද්ද වුන නිසා. පෘතග්ජනයො හැටියට කැඩෙන දේවල්, බිඳෙන දේවල් එක්ක ගනුදෙනු කරන අපි නිතරම වැනසෙන දේවල් යළිත් ප්‍රතිසංස්කරණය කරන්න, යථා තත්ත්වයට පත් කරගන්න, එළලන්න, නැත්නම් අණ්ඩ දාගන්න පුරුදු වෙන්න ඕන. ඒ වැඩවලට කම්මැලි වුනොත් බොහෝ පාඩු සිද්ද වෙන්න පුළුවන්. හැබැයි බ්ලොගේ අණ්ඩ දාන්න සදාලයක් එලලගන්න මතක් වෙන්නේ කුළුපග දායකකාරකාදීන් අම්මා මුත්තා මතක් කරලා ඇමතුමක් දුන්නොත් ම තමා.
ඇවරිතුමාට පහුගිය කාලෙ බොහෝ සලාද මඟහැරුණෙ දිරාගිය තැන් ගැට ඇති තැන් පිළිසකර කරගන්න ගොඩාක් කාලයක් යොදවන්න සිද්ද වුන නිසා. පෘතග්ජනයො හැටියට කැඩෙන දේවල්, බිඳෙන දේවල් එක්ක ගනුදෙනු කරන අපි නිතරම වැනසෙන දේවල් යළිත් ප්‍රතිසංස්කරණය කරන්න, යථා තත්ත්වයට පත් කරගන්න, එළලන්න, නැත්නම් අණ්ඩ දාගන්න පුරුදු වෙන්න ඕන. ඒ වැඩවලට කම්මැලි වුනොත් බොහෝ පාඩු සිද්ද වෙන්න පුළුවන්. හැබැයි බ්ලොගේ අණ්ඩ දාන්න සදාලයක් එලලගන්න මතක් වෙන්නේ කුළුපග දායකකාරකාදීන් අම්මා මුත්තා මතක් කරලා ඇමතුමක් දුන්නොත් ම තමා.
මේ මෑතක දී විරේකයකට සලාදය කියවපු බබලත් ඇතින්නක්
එකිනෙකට සම්බන්ධ ඇති එහෙත් අවසානයක් නැති සලාද කිහිපයක ලින්කු ඇවරිගේ චැට්
පෙට්ටියට එවලා ඒ කතාවේ පූර්වාපර සන්ධි ගළපා සමෝධානය ඉස්ට සිද්ද කොරන හැටියට
ලෙංගතුව ඉල්ලා හිටියට මොක ද ආයුබෝන් එසමයෙහි අන්ඩපාල වැඩ කරන ලද මන්ද බුද්ධී
ගෝත-ගොබිලා මෙසමයෙහි ඇවරියාණෝ වන මම් ම වෙම්දැයි වදාරන්න තියෙන නිසා ඒ හැටි රසයක්
ඒකෙ නැතැයි අදාළ උත්තමාවියට ඇවරි වැට් පෙට්ටියේ ම කොටලා දැම්මා.
මෙහෙමයි ටෙරාලා එක්ක නටන්න දහම් පාසල් තරග තිබුණා.
ඉතිහාසෙ වැඩිම පරතරයකින් අපි ධර්ම විද්‍යාල මාණ්ඩලික තරඟ ජයග්‍රහණය කරලා කලාපයේ
හොඳ ම දහම් පාසල වුනා. තව ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම උත්කර්ෂයෙන්
පැවැත්වුනා. හෙට අනිද්දා පෙරහැර තියෙනවා. ආදී වශයෙන් ඇනුවල් ෆීචර්ඩ්
ඉවෙන්ට්ස් රැසක් එක ම බෙල්ට් එකට ලයින් වුන නිසා බොකු බඩවැල් එළියට ඇවිත් තිබුණෙ. හැබැයි
ඇවරි ඒ හැම රැපිඩ් එකක් ම කූල් එකේ ගොඩ දාලා "නැවී අහා පරීස්සමෙන් එය
පදවන්නා" කියාගෙන බණක් බාවනාවක් කරගෙන හිටියා.
තරග ඇවරිට ගොඩක් දේ ඉගැන්නුවා. ආහ් ඇවරිගේ මියුසියස්
ගෝලයා ගීත්ස් බයෝ මෙඩිටෙක් ඉංජිනීරින්වලට චීනෙ ගියෙත් ඒ කාලෙ. ගීති ඇවරිතුමා
හම්බවෙන්න දවසක් දහම් පාසල් ඇවිත් තිබුණ. එදා ඇවරි පැය දෙකේ ප්‍රධාන දේශනය අහවර
කරලා කලින් ගෙදර ආවෙ ඇවරි නඟා රන්මැණිකාගේ ස්ලිම් එසයිමන්ට් එකක් අහවර කරලා දෙන්න.
පහුවදා සඳුදා ගීත් කිරිබත්ගොඩදී හම්බුනා. ඉස්කෝලෙට යන ගමන්.
"හොඳ වෙලාවට සර් හම්බුනේ...ඉතිං..." ගෑස්පහට ළං වෙනකම් අපි ගොඩක් දේවල් කතා කළා. ඒ
හොල්මනත් එක්ක සෙනඟ පිරුණු බෝගහ යට පදික වෙළඳසැල් අස්සේ යමින්, පිස්සු වෙලාවක්
කාබාසිනියා කළා. ඇය ඇවරිගේ හොඳ ම ආයෝජනයක්. කෙල්ල සමාජ කාරණා ගැන ගොඩක් සංවේදීයි.
ආහ් ඇවරිගේ අනෙක් එක, ලක්ෂානි. දැන් දැන් ඇය බුකියෙ සටහන් ලිවීම ඇවරිට ඉතා
තෘප්තිමත් කාරණයක්. අපි අපිව පහුකරන්න පුළුවන් එකෙක්ව හදලා උන්ගේ හැකියාවන් ගැන
බලලා සතුටු වෙන එක ඉරොබොටික්ස් ම තමා. ඒ හැඟීම මාර ම ගටක්. එක ම වෙනස මුන් අතිශය ස්වභාවිකව ප්‍රතිචාර
දක්වනවා. හැඟීම් දනවනවා. අපි උන්ව පුරවනවා වගේ ම කාලයක් ගතවුනා ම උන් අපිවත්
ලෝකයත් පුරවන්න ගන්නවා. එතකොට දැනෙන සතුට අපිව හැම මොහොතක ම අලුතින් දෙයක් කරන්න
පොළඹවන උත්තේජනයක් වෙනවා.
මෙදා සැරේ තරඟවල ඇවරිගේ වීරයො දෙන්නෙක් ඉන්නවා. ඒ කථික
පුහුණු කළ මහේෂ නිර්මාල් සහ ගායනා පුහුණු කළ කණිෂ්ක. ඒ අය උපරිම සාධාරණයක් ඉෂ්ට
කරමින් බොහෝ ජයග්‍රහණ ධර්ම විද්‍යාලයට අත් කරලා දුන්නා. මේ අයගේ පුද්ගලික කැරලි ඉතා
ආකර්ෂණීයයි. ඇවරි දැන් දැන් ජීවිතේ බොහෝ සතුටු වෙන්නේ ඒ වගේ පුද්ගලික කැරලි ජාත්‍යන්තර
මට්ටමට ගේන්න අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමට දායක වීමෙන්. විශ්වාස කරන්න එහෙම
කළාම මගේ හැම කේශනාලිකාවක ම පණ තියෙනවා වගේ දැනෙනවා. රියෙලී...?
එක සැරයක් මගේ සහෝදර ගුරුවරයෙකුට ඕන කළා ළමයි ලව්වා එයා
ගියපු ගීයක් ගායනා කරවන්න. ඒකට මෙලඩි දාලා රිහසල් කරලා, අතට මල් දීලා අදාළ කටයුත්ත
අහවර කරනකම් ඇවරි උදව් කළා. ඒවා අපිට ඉතා සුළු දේවල්. නමුත් අපි වචනයකින් හරි දෙන
හයිය ඒ තනි තනි මිනිස්සුන්ගේ හීන හැබෑවෙන්න ලොකු තල්ලුවක්. අපි ආයෝජනය කරන්න ඕන
මිනිස්සු මත. පෙරළා ඔවුන් ලබා දෙන ප්‍රතිලාභ වචනයෙන් විස්තර කළ නොහැකියි.
ඇවරිත් එහෙම හුදකලා සටන්කරුවෙක්. දැන් නම් සටන් අතහැරලා
තියෙන්නේ වැඩ අධික නිසා. අනිත් කාරණාව නවකයන් තැන දෙමින් අපි දැන් විශ්‍රාම
යායුතුයි. කොච්චර හයිය තිබුණත් සමහර දේවල් ඇවරි ඕනකමින් මඟහරින්නේ තරුණයන්ට
අවස්ථාවක් දෙන්න වගේ ම අපි වපුරපු අස්වැන්නේ තරම අපිට ම බලාගන්න.
නිල ලාංඡන පැළැන්දවීම ඇවරි රැල්ලේ යැව්වෙ එහෙම. ඒ ගැන
වෙන ම ලියන්න හිතලා පෝස්ටුව නවත්තවා. බොහෝම සතුටු දායක සැප්තැම්බරයේ ලොකු ම දුක
තිබූ වැඩත් එක්ක, බුක් ෆෙයාර් යන්න නොහැකි වීම. නමුත් ලොකු ම සතුට පොත් විසි දෙකක්
අලුතින් අරං තෑගි කිරීමට හැකි වීම. තව වෙන මොනවද?
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....