Tuesday, February 13, 2018

කෙටිම කෙටි මංගල කතාන්දර හෙවත් නයෝ සහ සලා සහ සලලා වත...


මේ කෙටිම කෙටි සලාදය වෙන් කෙරෙන්නේ ජනේරුවේ ඇවරිට සුබපැතුම් එක්කකරන්න බැරි වුන මංගල කාරණා කිහිපයක් එකට සමරන්න කාරණා කටයුතු යෙදුණ නිසා.

පළමුවැන්න ජනේරුවේ ඉපැදුණු අලුත් කුමාරිකාවක් වෙනුවෙන්. කුමාරදාස සපුතන්ත්‍රී ලියපු පහත පද ඇවරිතුමා නිතර මුමුණන පද බවට පත්වෙලා. හීතලේ ගැහි ගැහි හිමේ නඟිද්දිත් ඇවරි අහගෙන ගියේ මේ ගීතය. අද  මේ ගීතය අපේ සතීගේ බිළිඳු කුමාරිය වෙනුවෙන් වෙන්කරනව.  තවත් දැකුම් කදක් ළඟ ම එනවා නොවැ ආයිබෝං

අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න ....//

උපන් බිළිඳු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී
සිරිමා බෝපත් සෙලවී මෙත් සිහිලෙන් සුවය දෙතී
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී //

සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී

සිරිදළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී //

පහුගිය දවසක ඇවරිගේ ළමා කාලයේ පටන් බොහෝ කුළුපග දායිකා දෙපළක් විවාහප්‍රාප්ත වුනා. අනේ ඒ මැතිනියන් දෙදෙනා වෙනුවෙන් සුබ පැතුම් එක්කරන්නට ඇවරිට නොහැකි වීම නිසා මේ හැටියටවත් දෙයක් කරන්න හිතුවා. 

මෙයාට තමා මදුසලා කතුර්ති කියන්නේ. පුංචි කාලෙ මෙයා පඩිපෙළින් වැටිලා නළල පළාගෙන බැන්ඩේජ් දාගෙන හිටි නිසා එතුමිය ලොල්ල මාර්ටින් කුමාරි වුනා. නර්තනය දක්ෂකම් ඇති මේ කුල කාන්තාව සහ එම මැතිඳානන්ට ඇවරිගේ සලාදයෙන් සුබ මංගල්‍යක් පතනවා...!  






මේ ඉන්නේ සදාදර නයෝ. එමැතිනිය අපේ ලොකු අක්කාගේ ජ්‍යෙෂ්ඨත ම ගෝලබාලියක්. මේ කෙටි ම කෙටි යාන්ස් එක මේ චරිත දෙක ගැන ඇවරිතුමාට ගොඩාක් කල් මතක හිටින්න කියලා ලියා පළ කළ වගයි..!!



No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....