Tuesday, January 2, 2018

2018ට වැඩ ඇල්ලීම හෙවත් සුපුරුදු හොරණෑ වාදනය


අවුරුද්ද ඉවර වෙන වෙලාවෙ බොහොම කෙටි කඩිනම් සලාදයක් ඇවරිතුමාට ලියන්න ඕන උනා. හැමදාම වසර අග ලියන්න බැරි උනොත් වසර මුල හරි ස්වතන්ත්‍ර හොර්ණෑ වාදනයක් ඇවරිතුමා ඉදිරිපත් කරනවා. මේ දිස් ඉයර් කැරොල් එක.

2017 පට්ට පදිරියන් උනා. අපි බයේ හිටපු කාරණා දෙකක් සිද්ද උනා. ඇවරිතුමා තමුන් වෙනුවෙන් වටිනා වැඩ කීපයක් කරගත් නිසා බොහෝ ස්ථාවර අවුරුද්දක් උනා. වැඩට කැමති මිනිස්සු ලේසියෙන් වයස යන්නෙ නෑ. අපිට තාමත් පොඩි කාලෙ කරපු දේවල් එහෙමම පුලුවන්. ඇවරිතුමා සම්බන්ධව කිව්වොත් එතුමා බොහොම පොඩි කාලෙ කරපු දේවල් තාම මිනිස්සු ඒ ආකාරයට ම බලාපොරොත්තු වෙනවා. ඒක මාර වාජිකරණයක්. ඇවරිතුමා වටේ ඉන්න  හැමෝටම පරණ සර්විස් එක දශමයක් අඩු නැතිව ඕන. මේකට කේටර් කරන එක මීට අවුරුදු 3කට කලින් වාත උනත් දැන් අපි පුරුදු වෙලා. සරල උදාහරණයක් කිව්වොත් ටයිටල්ස් වෙනස් උනත් අපි තාම කඩේ යනවා.

හැබැයි කවුරු හරි ඇවරිගෙ දැන් ලොකු සීන් කියනව නම් සහතික ඇත්ත. අපි පිළිගන්නවා. අපි ගොඩක් නිෂ් මාර්කට් එකකට දැන් වැඩ කරන්නෙ. පට්ට ආත්තමාත්තකාමීයි. ම්ම්ම් එහෙමමත් නෙමෙයි. ඉදලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕනෑ. නැත්නම් දර මිටි බඳින්න ගන්නවා. ඉන් මෝස්ට් කේසස් දේ යූස්ඩ් ටු ටේක් මිකි අවුට් ඔෆ් ඉට්. මේ නිසාම 2017 ඇවරිතුමාගෙ ද ලිස්ට් ඔෆ් පීපල් හූ ෆ්‍රස්ටේටඩ් මී ගොඩාක් දිග උනා. තරහක් නෑ. ස්තුතියි ඒත් එපා..!! @අන්න අන්න කතාව මාරු කරන්නෙපා ලොක්ක ඔයා පලිගත්ත එකයි කලේ. ඔව් ඇත්ත. ඇවරිතුමා පලිගත්තෙ තමුන්ගෙන්. මාස ගනන් බ්ලොග් ලියල නෑ. කොණ්ඩා කපලා නෑ. ෆුල් ශේව් කරපු කාලයක් මතක නෑ. සති ගණන් ෆෝන් ඕෆ්. කන්ටැකස් නෑ. කාගෙ දරුවෙක්ද බන් මේ?? ඔව් එහෙම උනා. ඉස්සරහටත් වෙන්න පුලුවන්. මොකද අපි හරි නරුම විදියට හිතන්නෙ. හූ කෙයාර්ස් බේබි. ඒ ගොනා වික්කා. අත්තාහි අත්තනෝ නාතො කොහි නාතො පරෝසියා.

2017 ඇවරියා වෙන්චර්ස් ඉතා සාර්ථකව ගොඩගිය අවුරුද්දක්. ඇවරිතුමා ළමයි හතර දෙනෙකුට සාමාන්‍ය පෙළ දක්වා වසර දෙකක් වියදම් දැරුවා. පෙරහැරේ අලින්ට අනුග්‍රහයක් දුන්නා. ඒවා පට්ට ආතල් වැඩ චාමර. අපි සෑහෙන්න ප්‍රද්ගලිකව සතුටු වුනා. අපේ පෝර්ට්ෆෝ්ලියෝව ටිකක් දිග වෙන්න අපේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් බලපෑවා. අපිව විශ්වාස කරපු අයට අපි හොඳ ම සේවාවක් දුන්නා. මල්ලි කියලා වැඩක් නෑ. අපිට ඇනිවසරි එකත් ඔයා ම බුක් කරන්න කියලා කියපු අයට පින්. කොහොමින් කොහොම හරි විවේකී සෙනසුරාදාවත් වික්කා. අමාරු ටාර්ගර්ස් දත කාලා ගොඩ දැම්මා. ඇවරිගේ බොක්කේ ම ෆිට් එක්වන තිලිණි ප්‍රේමතිලක මැතිනියට ඒ ස්තුතිවන්ත වෙන්න ඕනා. ඇවරිව විශ්වාස කිරීම සම්බන්ධයෙන්. 2018 අපේ චැරිටි ප්‍රජෙක්ට්ස් එලෙස ම කොන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉරිදා දවස විකුණන එකත් නැතත් පුරුදු පරිදි දුවන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ. 

2017 සෑහෙන්න තක්කඩි වැඩ කළා. අම්බානක බොරු කිව්වා. කොටින් ම කියන්නේ ඇත්ත ද බොරු ද කියලා ඇවරිට ම කල්පනාවක් නැති වෙන තරමේ. 2018 බොරු නොකියන වර්ෂයක් කරන්න අපි තීරණයක් ගත්තා. මොක ද උත්තමාවිය ඇවරිතුමාව සෑහෙන්න හිර කළා. ඔය දැනුත් බොරුවක් පිනෝකියෝ කියමින්. අප්පා ඒක. පස්සේ ඇවරිතුමා තමුන්ගේ පතිව්‍රතාව ලැන සැලකිලිමත් වීම නිසා 2018 ඒ වැරැද්ද හදා ගන්න තීරණය කළා. 

සිග්නේචර් ප්‍රොජෙක්ට්ස් පවා අවුට් සෝස් කරලා බොහොම නිර්ලජ්ජිත විදියට අවසානෙ තමුන්ගෙ නම ගහගෙන කොටුව කපාගත්ත නේද කියල සෘජු ප්‍රශ්නයක් ඇහුවත් උත්තරේ ඔව්. මගේ නොවන චිත්‍ර වල පවා හිරිකිතක් නැතුව  මගේ නමින් අත්සන් කළා. හැබැයි සපෝටර්ස්ලට, සබ් කොන්ත්‍රාත්කරුවන්ට අඩු නැතිව ගෙව්වා. සප්ලයි චේන් එකේ මිනිස්සුගෙ ප්‍රශ්නයක් ආවොත් බැලුව. එහෙම වෙන්න් හේතුව සමහර කාරණා වලදි අපි ඒවට ආදරේ නොකරපු නිසා. වැඩට ආදරේ නැතුව නෙමේ. වැඩ ව උන නිසා. මේ අවුරුද්දේ ඒක හැදෙන්න ඕනා..

2017 ඕපනින් සලාදෙ කියලා ඇති මගේ තැන මාගේ ගානට කියලා. ඒ සැලසුමේ අපි ඉන්නේ අවසාන අදියර කිහිපයේ. ඒ ගැන ලියැවුන සලාද දාන්න ම බැරි වුනා. විශේෂයෙන් ම වඩු බාසුන්නැහේ කෙනෙක් වුන ඇවරිගේ සීයා සම්බන්ධ මතක ඇතුළත් ගෘහාවාස සලාද කතා. 2016ට සාපේක්ෂව 2017 සෑහෙන්න ලෙවල් අප් වුනා. 2018 දී අභියෝග කරන්නේ අපිට ම තමා. ලියන කියවන දේවල් පැත්තෙන් ඇවරි සෑහෙන්න දුර්වලයි. අපෝ ඔව්. අල වෙලා. අල ම වෙලා. ආයෙත් ඒ සංවාදශීලී රචකයාව සොයාගන්න ඕනෑ. වෙනකාටවත් නොතේරෙන වියත් වහරින් ලියන එකා. ඌව හම්බෙන්න සෑහෙන්න අමාරුයි. පොර බිසී නේහ්. අපි බලමු. නමුත් පළමුවෙනි කාර්තුවේදී එ්කාව පණපිටින් මට ඕන..!! මතකනේ පණ පිටින්.

ඉතාම කෙටි 2018 ඕපනින් සලාදය මෙතෙකින් නිමා කරනවා. සදාල කියන නොකියන සියලු දෙනාට ආරෝග්‍ය ලාභය ඇති, සෞභාග්‍යමත්, පැතුම් සඵල වන සුබ නව වසරක් වේවා..!! 




2 comments:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....