Monday, August 8, 2011

උපකාරනුස්මෘතිය



කලකට පස්සේ වෙලකට බහින්න ඇවරිට හිතුනා..... බ්ලොග් එකට වඩා ආදරේ කරන්න දේවල් ලැබුණ නිසා මගේ අතිජාත බ්ලොග් එකේ මකුළු දැල් පවා බැඳිලා. මේ තකහනියේ පුංචි පහේ සුද්ද බුද්දයක් දාලා පෝස්ට් එකක් දාන්න හිතුවෙ ඊයෙ පෙ‍රේදා ඇවරිලගේ තර්ජිත වඳවූවන් Threaten Endemics කස්ටියගේ දහ අට පාලියට පේවිලා බෙරගහපු, දුම්මල අල්ලපු, කවි කියපු, ආවේස වුණ හත්මුතු පරම්පරවෙ ම නෑ හෑදෑයින්ට ස්තුති කොරන්න හිතාගෙන.

අපිට පුංචි ත්‍රාසජනක අභියෝගයක් කරන්න හිතුනා. මේක පස්සෙ වෙන වෙන ආලවට්ටම් දාල, කැටම් දාල කියන්න වුනාට මොක ද මේ ඉවෙන්ට් එකේ ආරම්භය හරි අපූරු කතාවක්. දැන් සිල්ගත්තු සතර පේරුවේ මහ උපාසකයා වගේ හිටියට මොකෝ ඇවරි කියන්නෙ අන්ත:පුරයක් ම පිරිවරා යෙහෙන් විරාජමාන වුන පොරක් ය කියලා අහලා ඇති නෙව. ඔන්න මේ ළඟක දි තුන් හිතකවත් නොතිබුණාය කිව්වට පාන්දර ජාමෙ ඇවරිට හීනයක් පේනන ගන්නවා. තුන් හිතකවත් නෑය කිව්වෙ මේක සී.අයි.ඒයත් කියවන නිසා. ඕන ම නම් ඒ කෑල්ල යටින් ඉරක් ඇඳ ගන්නකෝ.

හීනෙන් දැක්කෙ ඇවරිට රාජ කුමාරිකාවො ටිකක් වට කරගෙන දිව බොජුන් වලින් සංග්‍රහ කොරනවා. අඩ්ඩ ඩඩේ.... ඒක දැකල ඔන්න ඇවරිටත් දොළ දුකක් ඉපදුනා කුමාරිකාවන්ට කියලා උයවලා කන්න. මොන හෙයියන් මාරුවක් හරි කොරලා වැඩේ කොරගන්න ප්ලෑන් කරද්දි තමයි ඇවරිගේ හිතට මේ කෑම්ප් එකක් කරමු කියලා අදහස ආවෙ. ඒත් ඉතිං ඔය වගේ අඤ්ඤකොරොස් ප්ලෑන් වලට ලේසි පාසු පුතයෙක් කර නොගහන නිසා මො‍කෑ කොළේ ඇවරිතුමා පහුවදා ම අග්ග පුරෝහිත ළඟපාතතුමාව ගෙන්නලා හීනය පැහැදිලි කොළා. ‘අනේ මේ බොට වළලු දාන අතකින් උයවගෙන කන්න ම ඕන්නම් අග බිසවට කියලා උයවගෙන කාපිය'. අතීසාර පුරෝතුමාත් හේම කීව ම ඇවරිට ටිකක් මල පැන්නා. ඒකට ඉතිං මෙච්චර ප්ලෑනක් ගහන්න ඕනයැ. ඇවරි කියලා දැම්ම. ඒකනෙ ඉතිං කාල මැරිය. හේම නෙමේ හා කියහං මේ වැඩේ පුංචි හරි මෙව්වෙකක් නැද්ද?? ඇවරි ටිකක් කූල් වෙලා චාටු ටෝකක් දැම්මා.

මාගේ ප්‍රාණසම පුරෝතුමනි, යුනි ප්‍රාන්තයේ වසනා අපගේ සියලු සහචර සේනාව එක ම බිමකට කැඳවා බත් පිස, රස මසවුලෙන් සන්තර්පණය කරවා ගෙට් ටුගෙදරයක් දමනු කැමැත්තෙමි. කලකින් එකතු පහදු නොවුයෙන් මෙය කදිම අදහසකැයි හඟිමි...... ඇවරි මුට්ටිය දාල බැලුව. හිකිස් වචනෙ මාරු කළා විතරයි පුරෝතුමාත් පීල්ල මාරු කළා. හරි කරමු. ඕකට නියම තැන පිළිකුත්තුව කැලෙත් තියෙනවා. හයික් එකක් කාරියත් කොරහැකි. ඒ වැඩ ටික මං බලාගන්නම්. මහ ඇමති ගයියත් අනුමැතිය දුන්න. හයික් එක මං කරන්නම්. ළඟ හිටපු කවුන්සිලේ අලි මන්ත්‍රී රගා ඒ වැඩේ භාර ගත්තා. අපි නොදැන හිටියට මන්ත්‍රීතුමා ජනාධිපති බාලදස්සයෙක්.

දැන් මූලික වැ‍ඩ ටික හරි. ඒත් ඔය අතරෙදි ඇවරිට කතරගම ‍පෙරහරට යන්න සිද්ද වුනා. දවස් 18ක් කතරගම තපින්න වුනා ම ඇවරි මහඇමතිටයි, පු‍රෝටයි තමන් නැතත් වැඩේ ලෑස්ති කොරන්න ය කිව්වා. ‘ඇයි බොල වහන්සෙ හීනෙ දැක්කෙ තෝ නොවැ?? දැන් දොළ පිළිගන්න ඕන අපි ද???’ පුරෝතුමා අස්පට් තර්කයක් දැම්මා. අන්තිමේ දී කටයුත්ත අගෝස්තු 05ට වැටුණා. කතාව කටින් කට ගියා ම ගොඩක් දෙනා කැමැත්තෙන් එන්න ඇහුවා. අන්තිමේ දී මේක විවෘත ඉසව්වක් කරන්න කොමිටියට සිද්ද වුනා.

වැඩේ හරි ගියාට මොකෝ අනිත් කටයුතු අතිශය අභී‍යෝගාත්මක වුනා. අපි හතරකට මේක කරන්න පුළුවන් ද? උයනවා නම් භාජන අපි දෙනව ද? ඒ කන්ද මුදුනෙ වතුර තියෙනවා ද? ඔක්කොමත් හරි අවසර ගන්නෙ කැම්පස් එකේ වැඩක් කියල ද? එහෙම නම් ලියුමක් දෙන්නෙ මොන අධ්‍යයන අංශයෙන් ද? ඒවත් හරි කියමුකො! එන උන් ෆුල් ඉන්ෂුවරන්ස් කරලද? නැත්නම් ඔන් ද ස්පොට් උනොත් අම්මල තාත්තලට වග කියන්නෙ කවුද? ආදී වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න රැසක් අනාරාධිතව ම එළියට ආව.

1 comment:

  1. පිලිකුත්තු කැලේ නම් පට්ටය.
    මාත් කිහිපවතාවක්ම ගිහින් තියෙනවා. දවසක් උනත් ගිහින් එන්න පුලුවන්. ගියපු වෙලාවක ඔය පන්සලේ ෆොටෝ ටිකක් එහෙම දාන්න පුලුවන් නම් ගති.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....