Monday, August 8, 2011

පිං පෙත් සටහන


උත්තර වුනේ මේවා. ඔව් භාජන අපි දෙනවා. අවසර ගැනීම - ඇවරිගේ ජිල්මාර්ට්, වතුර - අපි උඩට අද්දමු, ඉන්ෂුවරන්ස් - වැඩි වැඩ නොකරන් අඹරෝ.... උත්තර හරි සරල උනාට ඇවරිගෙ ටීම් එක ඒ හීනය ඇත්තක් කරන්න හුඟක් මහන්සි වුනා. අපි මුදල ගැන සෑහෙන්න හිතුවා. අපිට ඕනවුනේ අඩු ම මුදලට හොඳ ම අත්දැකීමක් දෙන්න. හරියට ම කිව්වොත් 99 PC ව්‍යාපෘතිය වගේ. අන්තිමේ දී රුපියල් දෙසීයක් ඇති කියලා තීරණය වුනා. මුලින් ම ලැබුණු මුදල් අපි ඔවුන්ට දෙන්නට යෝජනා වුන සමරුව වෙනුවෙන් වියදම් කළා. මොකද දවස අවසානයේ ආපු මිනිස්සුන්ට දින්නත් නැතත් සිහිවටනයක් ගෙදර ගෙනියන්න දෙන්න ඕන නිසා. ඒ ලාංජනයේ ආර්ට් වර්ක් එක අරවින්ද චන්ද්‍රපද්ම කළා. නමුත් එහි ලාංජනය කළේ තාරක ධනුෂ්ක නමින් අපි අලුතින් ම හඳුනාගත් නිර්මාණශිල්පියෙක්.

මුලින් ම ආර්ට් වර්ක් කරලා ඇඩ් එකක් දැම්මා. ඒකට හොඳ ප්‍රතිචාර තිබුණා. සල්ලි දුන්න ම රිසිට් එකක් වෙනුවට අපි ටිකට් එකක් දුන්න. ඒක ඩිසයින් කළේ ප්‍රසාද් අලුත්වත්ත. තව අවසානයට දුන්න සිනමා ප්‍රවේශපත්‍රයෙත් නිර්මාණශිල්පියා ඔහුයි. ඇත්තට ම කිව්වොත් ඔහු Threaten Endemics හි නිල සැලසුම්කරු. ඒ අනුව ඉවෙන්ට් එ‍‍කේ ඩිසයිනර්ස්ලා තුන් දෙනයි.

ඊතල ලකුණු කරන්න දින ගණනාවක් පිළිකුත්තු බඩ ගාන්න අපිට සිද්ධ වුනා. ඒ සියල්ල රගාගේ මූලිකත්වයෙන් තමා සිද්ධ වුනේ. විනිශ්චය මණ්ඩලය අපි පිටින් ගෙන්නුවා. .පී ධම්මික බාලසූරිය, එම්.කේ නදීක ගයාන්, විදුරංග ගයාන් යන තුන්කට්ටුව සාධාරණ විනිශ්චයක් ලබා දුන්නා. එම්.කේ ක්‍රිෂාන්ත චාමර, රෝහන පුෂ්පකුමාර, බී.ජී පැතුම් මධුසංක, එස්. ප්‍රසාද් කුමාර හා ඒ.ලක්ෂිත මනෝජ් යන අය අපි නිරීක්ෂකයන් ලෙසත් යොදා ගත්තා.

පිළිකුත්තුව අභියෝගය 2011 නිල වීඩියෝකරණය විහායාස් ප්‍රඩක්ෂන්ස් වෙතින්. අවසාන වශයෙන් ස්ථානය ලබා දුන් රේවත හිමියන්ට හා සෙවනගල කරුණාරත්න හිමිවරුන්ටත්, පුරා විද්‍යා ස්ථාන භාර නිලධාරිනිය හා කුරුප්පු මහතාටත් සංවිධායක මණ්ඩලය ස්තුතිවන්ත වෙනවා. ජයග්‍රාහිකයන්ට ලිබර්ටි සිනමා ශාලාවෙ ට්‍රාන්ස්ෆෝමර්ස් 3 බලන්න යන්න ප්‍රවේශපත්‍ර හයක් දුන්නා. සුපිරි උකුස්සන් එය ඩැහැගත්තා. කාරි නෑ දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති විය යුතු කියනවනේ...!! පුරෝතුමා ළමයින්ට රෑ වෙලා ගෙදර යන්න විදියක් නෑ, තව කට්ටිය එක ම වෙලාවක ගෙන්වා ගන්න ඕන කියලා දැඩි ව කී නිසා ගමනාගමන පහසුකම් සපයන්න වුනා. අනික ඒ රාත්‍රියෙ අපේ කස්ටියව කෝමත් පාරෙ බස් එකේ එවන්න අපිට හිතුනෙ නෑ!

උදේ නම් ටිකක් වැස්සා. අපි උපායශීලී විදියට අයිතමයන් එහෙ මෙහෙ කරලා වැඩේ ගොඩදා ගත්තා. නමුත් ඔයාල සරුංගලුත් ඇරිය නිසා අපිට සතුටුයි. මේ හැම එකකට ම මාත් එක්ක හිටපු ක්ලෝසටත්, ගයියටත්, රගාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒක අපි හතර දෙනා කළාට උඩ කියපු අරා, අලුතා වගේ ම හැමදාමත් අපිට ම වද දිදී ඉන්න යානි සහ චිලී ඇතුළු Threaten Endemics පවුලේ වැඩක්. ඒ වගේ ම මේ වැඩ වලට දුවලා අන්තිමට ම හොයල බලනකම් ම වචනයක්වත් නොකිය හිටියත් ඇයටත් බොහෝ ම පිං.

මං හිතන්නෙ අපි හරි මිනිස්සුන්ව හරි තැන් වලට ආදේශ කිරීමෙන් සහ නිවැරදි මිනිසුන්ට නිවැරදි වැඩ පැවරීමෙන් සාර්ථකත්වයක් අත්කර ගත්තා. මේ වගේ එකක් තව කවුරුත් කැම්පස් එකේ කරන්නෙ නෑ. ඇවරි ඒක සීයට දෙසීයක් ගැරන්ට් කරනවා. මොකද අපිට තරම් වෙන කාටවත් පිස්සුවක් නැති නිසා. අපි කීයටවත් ඔබ දුන්න රුපියල් 200ට වැඩේ කරල අතපිහිද ගත්තෙ නැති නිසා අපි ඇත්තට ම සතුටු වෙනවා. සතයක් එකතු නොකර මේ ඉවෙන්ට් එක කරන්න, කරවන්න තිබුණා. අපි පවුලේ කට්ටිය විතරක් කළා නම් ඔය ප්‍රවේශ ගාස්තුවක් කොහොමත් ගන්නෙ නෑ. නමුත් ඔබට ඒ අත්දැකීම වටින බව දන්න නිසයි අපි මෙච්චර කැපවීමෙන් මේක කළේ. ලබන අවුරුද්දක් ගැන හිතන්න ඉස්‍සෙල්ලා මේ පාර වැඩ ඉවර කරන්න එපැයැ.

3 comments:

  1. මෙන්න යන්නත් ලෑස්ති කරගෙන. නියමයි නේ. එහෙනම් කට්ටියට සුබ ගමන් කියලා කිව්වා !!!!
    පරිස්සමින් ගිහින් එන්න යාලුවනේ !!!

    ReplyDelete
  2. මේ හැම එකකට ම මාත් එක්ක හිටපු ක්ලෝසටත්, ගයියටත්, රගාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒක අපි හතර දෙනා කළාට උඩ කියපු අරා, අලුතා වගේ ම හැමදාමත් අපිට ම වද දිදී ඉන්න යානි සහ චිලී ඇතුළු Threaten Endemics පවුලේ වැඩක්.


    I LOVE THIS PART machan............

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....