Tuesday, August 30, 2016

පශ්චාත් අවුරුදු ඇවරියාලංකාරයේ සංක්ෂිප්ත ප්රුකාශනය හෙවත් දින ගෙවෙනා සැටි ඔබ දැන සිටියා....



ජීවිතය යනු ඔබට මඟහැරුණු ප්‍රමාණය නොව ඔබ විසින් අල්ලාගන්නා ලද ප්‍රමාණය යැයි කව්දෝ කෙනෙක් කොහේ හරි කියලා තියෙනවා ඇවරිතුමාට මතකයි. ඒ නිසා ම මඟ හැරුණු දේවල් ගැන හිතලා ඉහිරුණු කිරට අඩන්නේ නැතිව තියෙන හකුර රැකගන්න කියලා හිතාන බ්ලොගයක් ලියන්න. කම්පනා කළා. 
 
ඇත්තට ම පහුගිය කාලෙ බ්ලොග් නොලියෙවෙන්න හේතු ගොඩක් තිබුණා. ඇවරිතුමා තමුන්ගේ දිනපොත වගේ ම වත් පොතත් අප්ඩේට් කරන්නෙ නැත්තෙ විශාල දුර්භික්ෂ අහේනි කාලයක් හෝ ඩෝන්ඩ් කෙයාර් කියලා හිතාගත්තු කාලෙකට විතරයි. ඔය කාරණා දෙකට ම එකපාර මුහුණ දෙන්න සිද්ධ වුන නිසා බ්ලොග් ලියවීම ගොඩක් පමා වුනා. අවංකව කිව්වොත් ඇවරිතුමා අන්තිමට සතුටින් හිටියෙ මැයි මාසෙ විතර. පහුගිය මාස තුන ම බොහොම උපේක්ෂාවෙන් අතීරණයෙන් හිටි මාස තුනක් වුනා. ඒවා වචනින් කියන්න බැරි තරම් දිග දවස් ඇති කාලයන් වුනා. අතීරණය අවසානයේ දී ලැබුණු තීන්දුව එච්චර සුබදායක වුනේ නෑ. අපිට වැරදුනා ම කියන්නත් බෑ. මොක ද හැම කළු වළාවක ම රිදී ඉරක් තියෙනවා වගේ පහුගිය කාලෙ ලැබුණු අලුත් ප්‍රමෝෂන් එක නිසා සතුටක් නැත්තෙමත් නෑ. 

මිනිස්සු උනා ම තමුන් සතුටුවෙන දෙයක් කරන්න ඕන කියලා කතාවක් තියෙනවානේ. ඉතිං මාත් සතුටු වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඇවරිතුමා තමුන්ගේ බුද්ධිමය ශ්‍රමය දන් දීමෙන් ගොඩක් තෘප්තියට පත්වන චරිතයක් නමුත් මූල්‍යමය අතින් ගත්තොත් ඒක කිසිම වටිනාකමක් නැති දෙයක්. වෘත්තිය ජීවිතයේදී නම් අපි අනුන්ගේ මුදල් ඔවුන් වෙනුවෙන් පරිහණය කරමින් ඔවුන්ගේ සිහින හැබෑ කරන්නට වෙහෙසෙන පිරිසක්. සරලව කිව්වොත් හීන වෙළෙන්දන් වන අපිට අනුන්ගේ හනිමුන් එකක් අපිට සෑහෙන්න වැදගත් දෙයක්. අනුන්ගේ නිවාඩුවක් අපිට ගොඩක් වැදගත්. හැබැයි ඇත්තට ම අපි නිවාඩු කවදද කියලා ඇහුවොත් ඒකට උත්තරයක් නෑ. 2016  අවුරුද්දට මේ දක්වා ඇවරිතුමා රාජකාරී නිවාඩු අරන් තියෙන්නේ දෙකයි. එකක් අප්‍රේල් දා හතර. දෙක ගිය සිකුරාදා මගේ දරුවන් වෙනුවෙන් තිබුණ වර්ක් ෂොප් එකක් සහ සවස සී.එස් ගේ වෙඩිමට යන්න ගත්තු නිවාඩුව. පහුගිය අවුරුදු තුනට ම ඇවරිතුමා ඇනුවල් දාලා ම නෑ. 

ගොඩක් අපේ අය අහන්නේ ඔයා කවද්ද නිවාඩු යන්නේ කියලා. අපි ට්‍රැවල් නොකර අනිත් මිනිස්සුන්ව ට්‍රැවල් කරවන එක අපේ වෘත්තිය වෙලා. අපි නොබැඳ අනුන්ගේ වෙඩින් ප්ලෑන් කරනවා. අනුන්ගේ හනිමුන් ඇරෙන්ජ්මන්ට්ස් කරවනවා හරි ම විනෝදජනකයි. හැබැයි අදටත් හනිමූනර්ස්ලා අපිට ම කතා කරන්න හේතු ගොඩක් තියෙනවා. මුල් ම කාරණය අපි අවංකව, ජෙනුයින් සර්විස් එකක් දෙනවා. ඔයා රෑ තුනට හතරට කීයට කතා කළත්, අපි කතා කරනවා. දෙක සම්පූර්ණ කස්ටමයිස්ඩ්, ටේලර්ඩ් සර්විස් එකක් බජට් එකේ හැටියට කරලා දෙන නිසාත් අපේ කලින් වැඩ හොද නිසාත් ඒ අය කතා කරනවා. අපි  තෝරාගත් බොහෝ ම සීමිත පිරිසකට ගුණාත්මක සේවාවක් දෙනවා. ඒ ගැන අවංකව ම ඇවරිතුමාට සතුටුයි. 

ගොඩක් දෙනා පැකේජ් හොලිඩේස් හෝල්සේල් කටෝෆ් ප්‍රයිස් ඇඩ් කරලා කොන්දේසි සහිතයි කියන කාලෙ අපි ඇත්ත කියලා වැඩේ කරලා දෙනවා. විශේෂයෙන් ම මාලදිවයිනේ බුකින්ස් වැඩියි. අනික දැන් ඉන්න තරුණ ප්‍රජාව රුපියලට වඩා ඩොලරයට සන්වේදීයි. පුතා දවසට ඩොලර් කීයක විතර හෝටලයක් ද බලන්නේ? අගෝඩා එකේ මේ ගානට තියෙන එකක්....??? හරි පහසුයි. දැන් ගුවන් ටිකට්පත් වුනත් එහෙමයි. කොහොම නමුත් විශ්වසනීය සේවාවක් කියන එකේ තේරුම මං දැන් දන්නවා. ඇත්තට ම ඔයා කලින් කියපු එක හොඳයි. නැත්නම් අපිත් දන්නේ නෑනේ. අපි මොනාට ම එන්ටයිටල්ඩ් කියලා. කොටින් ම ලංකාවෙ ඉන්නේ හනිමුන් කර්ටසීස් ටිකවත් හරියට අරන් දෙන්න බැරි ටුවර් කන්සල්ටන්ට්ලා. ඒකට අපි. කන්ට්‍රැක්ට් එකේ තියෙනවා නම් වයින් බොට්ල් එකයි, බෙඩ් ඩෙකෝ එකයි, කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකයි, හාෆ් අ මිනිට් කපල් ස්පා එකයි අඩු නැතුව අපි ඉල්ලනවා. වෙලාවකට ඊ මේල් හරහා ගහ මරා ගන්න ඒවත් නැතිව නෙවෙයි. මොනාට ද මේ ඉතිං? අනුන්ගේ හනිමුන් එකක් වෙනුවෙන්....!!!  

ඇත්තට ම දේවල් හරියට ම කරන්න අපි සෑහෙන්න මහන්සිවෙනවා. නමුත් අවසානයේ දී අපේ සේවාදායකයො ම මචං සේරම හොඳට කෙරුණා. තෑන්ක්ස් කියලා අහවර වෙලා පළමු විවාහ සංවත්සරයටත් අපිට ම කතා කරද්දි දැනෙනවා අපි ඒ මිනිස්සු ගෙවපු මුදලට සාධාරණයක් කළා කියලා. අන්න ඒ පන්ච් එක තම අපිට ඊළඟ බුකින් එක කරලා දෙන්න ඕන කියන සිතුවිල්ල ඇති කරන්නේ. නැත්නම් මේක අපේ රස්සාව ම නෙමෙයි නේ. දවස ම ඉන්වොයිස්, එකවුන්ට්ස්, එක්ස්චේන්ජ් රේට්ස්, ටී ටී ට්‍රාන්ස්ෆර්ස් එක්ක හිරවෙලා ඉන්න ෆයිනෑන්ස් මැනේජර් කෙනෙකුට හනිමුන් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙනවා කියන එක හරි අමාරු වැඩක්. නමුත් අපේ සතුට තියෙන්නේ එතන. රාජකාරි අතින් නම් ඇවරිතුමාට තියෙන වැඩ මේ කපේට අහවර කරන්න බෑ. 

හැම සේල් එකකට ම ඉන්වොයිස් එකක් තියෙන්න ඕන. බෑන්ක් රෙකන්සිලේෂන්, කම්පනි ක්‍රෙඩිට් කාර්ඩ්, යුටිලිටි පේමන්ට්ස්, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්, එක්ස්ඡේන්ඩ් රේට්ස්, වැට් පෝස්ටින්, සප්ලයර් පේමන්ට්ස්, කස්ටමර් රෙසිප්ට්ස් ඉවරයක් නෑ. මොක ද මේවා හැමදාම පැටව් ගහන වැඩ. ගිය මාසෙ ටික රිකන්සයිල් කරලා ඉවර වෙද්දි තව මාසෙක ස්ටේට්මන්ට්ස් ඇවිල්ලා. ඇයි තව ඉවෙන්ට්ස් සෙට් වුනා ම. තව එතකොට කම්පනි සී.එස්.ආර් ප්‍රොජෙක්ට්ස්. කාල ඉන්න බැරි පර්චසින්. ඇල්පෙනින්තෙ ඉඳන් ටොයිලට් පේපර් එක දක්වා පර්චසින් කරද්දි එපා වෙනවා. නමුත් ඒක ආතල් වැඩේ. අපේ සැපයුම්කරුවන් බොහෝ දේ උගන්වනවා. මෙහෙම සලකා බැලුවා ම ඉතිං සදාකල් වැඩ. නමුත් ඇවරිතුමා කවදාවත් ටෙන්ෂන් ගන්නෙ නෑ. හරියට වෙලාවට කඩේ වහනවා. කූල් එකේ ඉන්නවා.

 ඔච්චර වැඩ වැඩිනම් උඹට ඇසිස්ටන්ට් කෙනෙක් දෙන්නම්. ඇවරිතුමාගෙ බොස්තුමා හැමදාම කියන්නේ ඔය කතාව. ඉතිං ඉන්ටව් කරනවා. ඔන්න ඉතිං අංගනාවක් ගත්තාය කියමුකෝ. දැන් ට්‍රේනින්. මාස දෙකක් ඇතුළත ඇවරිතුමා ඇසිස්ටන්ට්ව හදලා තමුන්ගේ පොටෝකොපියක් ගානටම ගන්නවා. බොස්තුමා ලංකාවට ආවම තමා අපූරු කතාව. එතකොට ඇවරිතුමා ලොකු වැඩ වලට යන නිසා පොඩි වැඩ ඔක්කොම ඇසිස්ටන්ට් තමා කරන්නේ. ආහ් මේ කෙල්ලව හොඳට හදලා තියෙනවනේ, මෙයාව අපි සේල්ස් ටීම් එකට දාමු. තව කෙල්ලක් හොයා ගන්න බැරුව යැ...?? විශ්වාස කරන්න ආයුබෝන් ඇවරිතුමාට ලැබුණු මානව සම්පත් දෙකක් ම අපේ බොස්තුමා කොල්ලකාල තියෙනවා. ඒක නිසා මං කියලා තියෙන්නේ මට තව කෙල්ලොත් එපා. මම නම් මලාට උන්ව ට්‍රේන් කරන්නෙත් නෑ කියලා. හැබැයි අවංකව කිව්වොත් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්න එකේ හොඳකම කියන්නෙ ඇවරිතුමා එතකොට ටිකක් පිළිවෙලට වැඩ කරනවා. මොක ද හදිසියේවත් ඇසියට මං කරපු දෙයක් හොයා ගන්න පුළුවන් වෙන්න එපැයි. ඉතිං රැකෝර්ඩ් පිළිවෙලට තියලා තියන්න ඕන.  

සාමාන්‍යෙයන් වෙඩිමකට ගියොත් සලාදයක් ලිවිම දැන් පුරුද්දක් වෙලා. මේකත් එහෙම සලාදයක කවර් එකක්. ඒක හෙට අනිවා ලියනනම්. අපි කුණාටුවකින් එළියට ආව විතරයි. දැන් ඉතිං හුළඟ ගෙනියන පැත්තකට යාත්‍රා කරන්නයි තියෙන්නේ. ඒ කොයි පැත්තට වුනත් අදාළ නෑනේ..  

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....